Monday, December 11, 2017

හේ ඩිඩ්ල් ඩිඩ්ල් - ළමා කවියක අඳුරු ඉතිහාසය...

https://i.pinimg.com/236x/db/c1/4a/dbc14adc5b05
e54a8a8fb13c2229e47f--baby-poems-children-poems.jpg

Hey diddle diddle,
The Cat and the fiddle,
The Cow jumped over the moon,
The little Dog laughed to see such sport,
And the Dish ran away with the Spoon

මේ කවිය මුලිම්ම මං ඇහුවෙ ජිම් හෙන්සන් මාමගෙ පාත්ත අම්මගෙ කතා (Mother goose stories) කියල ඒ කාලෙ රූපවාහිනියෙ ගියානෙව මපට් වැඩසටහනක්... ඒකෙන්. (ඔය මපට් වැඩසටහන සීරීස් තුනක් තියෙනව. කවුරු හරි ටොරන්ට් එකක් හොයල දැම්මොත් පිං...)

මේ කවිය මේ ළඟදි මට ආයෙම අහන්න ලැබුණ. (අපේ පොඩ්ඩට බලන්න මං ඔය කවි තියෙන 3D කාටුන් එකක් පෙන් එකකට දාල ටීවී එකට ගහල තියෙනව. ඒකෙන් ආයෙම මේ කවිය අහන්න ලැබුණහම මට කල්පනා උනා මොකකද්ද මේ කවියෙ තේරුම කියල.)

බළලයි වයලින් එකයි 
එළදෙන හඳට උඩිං පැන්නා
පුංචි බල්ල ඒ දැකලා හිනාවුනා
දීසිය හැන්ද එක්ක පැනල දිව්වා

ගොඩක් නර්සරි රයිම් කවි වල පසුබිම් කතාවක් තියෙනව. මට ඒක කියවන්න ලැබුණෙ පරණ මිහිර පත්තර වල ගිය ලිපි මාලාවකිං. ඒ වගේ මේ කවියෙත් පසුබිම හොයාගන්ඩ කුතුහලයක් ඇති වුනා. හොයද්දි හම්බුණ කතාව තමයි මේ.

සුප්‍රකට අටවන හෙන්රි (මොනවද දන්නෑ අටවන්නෙ... හරියට හයිකරන්නැතුව) රජතුමා (1491 - 1547) ගෙ බිසවක් වුනා ඈන් බොලීන් (1501 - 1536) (Anne Boleyn). එයාගෙ සොහොයුරිය වුනු මේරි බොලීන් (1499/1500 - 1543) ඒ වගේම, හෙන්රි රජුගේ පෙම්වතියක් ද වුනා. එයාගෙ මිණිපිරිය වුනු ලෙටිස් නොලිස් (Lettice Knollys) (1543 - 1634) සහ හෙන්රි රජුගෙ දියණිය වුණු පළමුවෙනි එළිසබෙත් රැජින (1533 - 1603) මේ කතාවට සම්බන්ධයි.

රැජිණ බවට පත් වෙන්න කලින් එළිසබෙත් කුමරිය වංශවත් තරුණයෙක් වුනු රොබට් ඩඩ්ලි ට ආදරය කළා. නමුත් රොබට් ඩඩ්ලි ගෙ පියා මෙන්ම මුත්තත් එළිසබෙත් කුමරිය අයත් වුණු ටියුඩර් රජ පරම්පරාව මඟින් රාජද්‍රෝහී චෝදනාවට හිස ගැසුම් කෑ අය.

එළිසබෙත් කුමරිය රැජිණ බවට පත්වුණාට පස්සෙ, රොබට් ඩඩ්ලි රජවාසල ගෘහ පාලක (Master of the House) තනතුරට පත් කළා. ලෙටිස් කුමරිය තමංගෙ පෞද්ගලික  සහකාරිනිය (Lady of the Chamber) බවට පත් කළා.

රොබට් විවාහ වුනේ එමි රොබ්සාර්ට් සමඟ. නමුත් ඔහු රැජිණ සමඟ තිබුණු ප්‍රේමය නතර කළේ නෑ. දවසක් දා ඒමි ආර්යාව පඩිපෙළ පහළ බෙල්ල කැඩිලා වැටිලා ඉද්දි හමුවුණා. මේ මරණය ගැන සමාජයේ සැක මුසු කතා බහ පැතිරෙන්නට ගත්තා. ඒ නිසා රැජිනටත්, රොබට් ටත්, වෙන් වෙන්න සිද්ධ වුනා. රැජිණ ගෙ උපදේශක විදිහට හිටියෙ විලියම් සිසිල්. එයා දිගින් දිගටම රැජිණට බලපෑම් කළා  මේ සම්බන්ධය නතර කරන්න කියල.

පෙම්වතුන් දෙදෙනාට එකතු වෙන්නට කවදාවත් ඉඩක් නැති බව දැන දැනත්, එළිසබෙත් රැජිණගෙ හිතේ තිබුනු ආදරය නැති වුණේ නෑ. කල් යද්දි රොබට් ඩඩ්ලි තේරුම් ගත්තා දෙදෙනාට කදාවත් විවාහ වෙන්න අවස්ථාවක් ලැබෙන් නැති බව. 

අවසානයේ රොබට් ලෙටීස් එක්ක ප්‍රේමයෙන් බැඳුනා. ලෙටීස් ලස්සනයි, රැජිණට වඩා තරුණයි, ඒ වගේම විවාහ වෙන්න ලොකු කැමැත්තකින් හිටියෙ. ඒ වෙනකොට රොබට් ඩඩ්ලි, ලෙස්ටර් ප්‍රාන්තයෙ අර්ල් වරයා. රොබට් සාමි සහ ලෙටීස් කුමරිය රහසේ විවාහ වුණා. ඒක රහසේ කරන්න වුනේ, දෙදෙනාම රැජිණගේ කෝපයට බය වුණු නිසා.

නමුත් එංගලන්තයේ ප්‍රංශ තානාපති වරයාගෙන් මේ විවාහය ගැන දැනගත් එළිසබෙත් රැජිණ, රොබට් ඩඩ්ලි සාමි වරයා රටින් පිටුවහල් කළා. වෘක ධේනුවක් විදිහට හඳුන්වපු ලෙටීස් ආර්යාව සමඟ මියයන තුරුම රැජිණ කතා කළේ නෑ.

එතකොට මොනවද මේ කවිය එක්ක තියෙන සම්බන්ධය?

දීසිය කිව්වෙ රොබට් සාමිට
එතකොට හැන්ද ලෙටීස් ආර්යාව
පුංචි බල්ලා වුනේ විලියම් සිසිල් (රැජිණගෙ උපදේශක)
හිනාවට කාරණය තමයි - රොබට් ගෙ ආර්යාව මරලා දාලා, රොබට් එක්ක විවාහ වෙන්න පුළුවන් කියල රැජිණ හිතපු එක.
හඳ තමයි තහනම් ආදරය
එතකොට එළදෙන?

මූලාශ්‍ර 
-----------------------------------------------
http://francesca-artofmoderndesign.blogspot.com/2012/03/scandal-behind-hey-diddle-diddle.html
https://en.wikipedia.org/wiki/Henry_VIII_of_England
https://en.wikipedia.org/wiki/Mary_Boleyn
https://en.wikipedia.org/wiki/Anne_Boleyn
https://en.wikipedia.org/wiki/Lettice_Knollys
https://en.wikipedia.org/wiki/Elizabeth_I_of_England
https://en.wikipedia.org/wiki/Amy_Robsart
https://en.wikipedia.org/wiki/Lady_of_the_Bedchamber
https://en.wikipedia.org/wiki/William_Cecil,_1st_Baron_Burghley

40 comments:

  1. එතකොට බළලයි වයලින් එකයි කීවෙ කාටද?

    ReplyDelete
    Replies
    1. පේන විදිහට එළදෙන නම් රැජින නේ

      Delete
    2. බළලයි වයලින් එකයි ඒ කියන්නෙ කැට් ඇන්ඩ් ද ෆිඩ්ල් කියන්නෙ ඒ කාලෙ එංගලන්තෙ තානායම් වලට කියල විකියෙ කියනව. මේ ඉතිහාස කතාවට තානායමකුත් සම්බන්ධ ද දන්නෑ. වෙන විස්තරයක් හොයාගන්ඩ බැරි උනා ඒ ගැන.

      එළදෙන එළිසබෙත් රැජිණ තමා. නම් දෙකේම මුල් අකුරු සමානයි නෙ. හැක්!

      Delete
    3. http://messybeast.com/nursery.htm

      Delete
    4. ගොඩක් ස්තූතියි ප්‍රා ලින්ක් එකට. ඒක කියවල ඔලුව කැරකෙන්ඩ ගත්ත. පේන විදිහට මේ හැම විස්තරයක්ම අනුමාන විතරයි නේද?

      Delete
  2. මේ ඕයි ටොම්පචයක් අරිනවකො

    ReplyDelete
    Replies
    1. අටම්පහුරා සුරාවෙන් නුරාවෙන් තොර සුනීත විනීත පුග්ගලයෙකි...

      Delete
  3. රැජිනට මල පනින්න ඇත්තේ ප්‍රංශකාරයෝ සීන් එක දැනගත්ත හින්ද වෙන්නැති.
    උනුත් කොයිවෙලාවේද අරින්න පුලුවන් කියලා බලාගෙන හිටියේ ඔය කාලේ.
    නර්සරි රයිම්වල පසුබිම හොයන්න වටින වැඩක්
    අතුරු මිතුරු දඹදිවතුරු මතක් වෙනවා

    ReplyDelete
    Replies
    1. අතුරු මිතුරු දඹදිවතුරු - Zoroastrian/Persian (through India.)

      Delete
    2. සිරි, ප්‍රංශ කාරයො කියන්නෙ ප්‍රංශෙ වෙරලාසන්නව හිටිය නෝමන් වරු නේද? එහෙම නං ත්ත්වෙ තවත් ටිකක් වෙනස්. ඒ වගේම එළිසබෙත් රැජිණ ගෙන් පස්සෙ මයෙ හිතේ ටියුඩර් පෙළපත ඉවර වෙලා ප්‍රංශ ස්ටුවර්ට් පෙළපත බලයට ආව. මොකද, එළිසබත් රැජිණ බැන්දෙ නෑනෙ. උරුමක්කාරයෙක් නම් කළෙත් නෑ.

      අතුරු මිතුරු එකේ මුල මොකද්ද දන්නවද සිරි?

      Delete
    3. ඩ්‍රැකී ඔතන ප්‍රංශ කාරයො කියන්නෙ නෝර්මන්ස්ලා නෙමෙයි. ඇත්ත ප්‍රංශ ( ෆ්‍රෑන්ක් සහ සමාන ගෝත්‍රවලින් පැවතෙන )කාරයො. 8 වෙනි හෙන් රි ( එලිසබත්ගේ තාත්තා )ගේ කාලෙ ඉන්ගලන්තෙ බන්කොලොත්වෙන ගානට ප්‍රංශෙ එක්ක යුද්ද කලා. එලිසබත් ගේ කාලෙ කතෝලික ප්‍රංශෙන් ප්‍රොතෙස්තන්ත ඉන්ගලන්තෙට විරුද්ද කුමණ්ත්‍රන තිබුනා

      ඉන්ගලන්ත ප්‍රංශ යුද්ද තිබුනෙ ප්‍රංශෙ නෝමන්ඩි + Anjou ප්‍රාන්ත හා විවාහ වලින් ප්‍රංද රජ පවුලට වූ හිමිකම් නිසානිසා. නෝර්මන් ආක්‍රමණයෙන් (1066) පස්සෙ නෝර්මන් විලියම් ඉන්ගලන්තෙ රජු වුනා, ඊට පස්සෙ ටික කාලයක් ඉන්ගලන්ත රජවරු ප්‍රංශෙ ඔටුන්නටත් හිමි කම් කියලා යුද්ද කලා. (remember Joan of Arc?) ක්‍රමයෙන් ඉන්ගලන්ත රජුන් යටතෙ තිබුන ප්‍රංශෙ කෑලි ප්‍රංශ රජවරුන් අල්ල ගත්තා.
      ස්ටුවර්ට් වරු ස්කොට්ලන්තෙන් ආවෙ. එලිසබත්ගේ වන ස්කොටිශ් ජේම්ස් (the sixth of Scotland& the first of England) ඉන්ගලන්තෙ රජුවුනාම

      Delete
    4. ඔය කාලේ බං එංගලන්තය ආපහු කතෝලික කරන්න ප්‍රංසකාරයෝ බුදු ගේම් ගහපු වෙලාවක්.ප්‍රා ඔය කියලා තියෙන්නේ ලෙසටම.
      අතුරු මිතුරු මචෝ අර සීතාවක පිනුම් ගැහැව්ව අරිට්ඨකී වෙන්ඩු පෙරුමාල්ට නක්කලේ දමන්න පොඩි එවුන් ලව්වා කියවපු කවියක්.
      උඩ ප්‍රා කියලා තීන Zoroastrian කතාවනං පැහැදිලි මදි.
      ආඬි කියන්නේ ඒ පැත්තෙන් ලංකාවට ආව පොරවල්ද දන්නේ නෑ.
      ප්‍රා, ආඬි කියන්නේ පාර්සි නෙමෙයි නේද?

      Delete
    5. මං කොහෙද කියෙව්වා ( මං හිතන්නෙ හියු නෙවිල් ) අතුරු මිතුරු කෑල්ල ආවෙ පාර්සි යාඥාවක කෑල්ලකින් කියලා. Ahura Mazda /Angra Mainyu or Ahura and Mithras. සමහර විට OMG/අල්ලා/O' Lord කියනවා වගේ පාර්සි අය නිතරම අහුරා මස්ඩා/මින්යූ/මිත්‍රා කිව්වද දන්නෙනෑ

      ආඬි නෙමෙයි හෙට්ටි ගැන නේද කවියෙ තියෙන්නෙ? චෙට්ටි කියන්නෙ පාර්සි නොවුනට දෙගොල්ලොම දඹදිව හරහා ආපු වෙලෙන්දො

      Delete
    6. S. බිරිස් මහතා බ්ලොග් ලියනවද ? මං කැමතියි කියවන්න ඉතිහාසය etc ගැන ලියනවනම්

      Delete
    7. //ආඬි නෙමෙයි හෙට්ටි ගැන නේද කවියෙ තියෙන්නෙ?
      Zoroastrian කතාව දැනගෙන හිටියේ නෑ ප්‍රා,
      මෑන්ගේ නම මුලට ආඬිගුරු කියලා විශේෂණ පදයක් දාලා තියන නිසා හිතුවේ අන්ද්‍රා වලින් මෙහාට ආපු යොදයෙක් කියලා.
      පොඩ්ඩක් හෙව්වා.ඒකත් මෑන්ගේ පෙර ක්‍රියාවන් නිසා නක්කලේට එල්ලපු කෑල්ලක්.
      ලියනවට වඩා ලේසියි බෝ පෝර දාන එක :-)

      Delete
    8. //ආඬි නෙමෙයි හෙට්ටි ගැන
      Zoroastrian කතාව දැනගෙන හිටියේ නෑ ප්‍රා
      පොරගේ නමට ඉස්සරහින් ආඬිගුරු කියල තීන නිසා හිතුවේ මෑන්ස් අන්ද්‍රා වලින් මෙහාට බැහැපු එකෙක් කියලා
      පොඩ්ඩක් බලනකොට ඒකත් පොරගේ පෙර ක්‍රියා නිසා නක්කලේට එල්ලපු කෑල්ලක්.
      ලියනවට වඩා පෝර දාන එක ලේසියි :-)
      (ඉස්සෙල්ලා දාපු කොමෙන්ටුව බහිරවයා ගිලලද කොහේදෝ)

      Delete
    9. ප්‍රංශ සහ එංගලන්ත ඉතිහාසය ගැන මම වැඩි දෙයක් දන්නෑ කියල ආපහු මට මතක් කර දුන්නට ස්තූතියි. කියවන්න පටංගන්න ඕනෙ ආපහු.

      ඉන්දු ඉරානීය ඉතිහාසය මගෙත් ආසම පැත්තක්. අපේ හතර වරම් දෙවිවරුත් ඔය ඉන්දු ඉරානිය මුල්කාලින දෙවි වරුම වෙන්න ඇති කයල මට හිතෙනව. ඉන්ද්‍ර, වරුණ, මිත්‍ර කියන දෙවි වරු මෙසපොටේමියාවෙ මුල් කාලින දෙවි වරු. ඒ අයම ඉන්දු ශිෂ්ඨාචාරයෙත් දකින්න ලැබෙනව. අපෙත් මුල්ම හතර වරම් දෙවිවරු වෙන්නෙ ඉන්ද්‍ර, අග්නි, වරුණ සහ යම. පසු කාලීනව තමයි ඔය වෛශ්‍රවණ, ධෘතරාෂ්ඨ ආදී කට්ටිය රිප්ලේස් කරන්නෙ, මයෙ හිතේ පසු කාලින හින්දු බලපෑම් නිසා...

      මට මතකයි ඇල්. ඩී. මැන්දිස්ගෙ “පනංගල අයියා“ පොතේ තිබ්බා, අතුරු මිතුරු කියන හැටි අපි අහල තියෙන විදිහට වෙනස් විදිහකට. සමහර විට සිරි කියන්නෙ ඒකද දන්නෑ...

      “ඉතුරු මිතුරු - දෙමිතුරුතුරු
      පාඬි කතුරු සෙට්ටියෝ
      තොපෙ අයියයි - අපෙ අයියයි
      ගාලු ගොහිං
      තල් වල්ලයි - පොල් වල්ලයි
      ගෙනා දාට
      ඇහි වෙළඳං - කරපු දාට
      අත හංගං - පය හංගං
      කොකෝ“

      ගම්පහ පැත්තෙ ව්‍යවහාරය වෙනස් -
      “අතුරු මිතුරු - දඹදිවතුරු
      රාජකපුරු - සෙට්ටියෝ
      අලුත ගෙනා මනමාලිට
      හාල්පතක් ගරාලා
      ඉහළ ගෙටත් බෙදාලා
      පහළ ගෙටත් බෙදාලා
      කුකුල කපල වැට මුල්ලේ
      කිකිලි කපල ගෙයි මුල්ලේ
      අතක් ගනිං සෙට්ටියෝ“

      දෙකේම “සෙට්ටි“ කතාව නං තියෙනව. ඔය කියන්නෙ ආඬිගුරුවරු ගැනනං, ඒකෙං පේනව ඒ කාලෙ අරිට්ඨ කී වෙණ්ඩු කොච්චර රඟල තියෙනවද කියල. දැනටත් ඔය පරම්පරාවෙං පැවතෙන එකෙක් ඉන්නව මේ පැත්තෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඌත් එහෙමයි...

      සීතාවක රාජසිංහ රජු අරිට්ඨ කී වෙණ්ඩුට දීපු කුල වනම තමයි “මානප්පෙරුම රාජගුරු ප්‍රසාදි මොහොට්ටාල“

      අරිට්ඨ කී වෙණ්ඩු ගෙ සෙට් එක හාස්‍යයට ලක්කරන්ඩලු නේද වඩිග පටුණ නැටුම හදල තියෙන්නෙ?

      ප්‍රා - සිරි ට බිලොග් ලියන්න ආරාධනා කිරිම හරියට අර pot calling kettle black කිව්ව වගේ කියල මට හිතුණ. මොකද, ප්‍රා ලිව්වොත් බ්ලොග් එකක් කොච්චර කියවන්නන්ව පෝෂණය කරන්න පුළුන්ද? සිරි ලිව්වත් එහෙම තමයි. ඒ උනාට දෙන්නම ලියන්නෑනෙ. මෙහෙම අස්සක මුල්ලක දි අහුවුනොත් තමයි ඉතිං...

      Delete
  4. Replies
    1. එහෙම බේරෙන්ඩ බෑ. මොනව හරි ලියහං මෙතන...

      Delete
  5. මමනං ඔය කවිය මුලින්ම දැක්කෙ මොට්ටසෝරි යන කාලෙ හම්බවෙච්ච කවි පොතකින්.
    මොනව උනත් මෙහෙම කතාවක් ඒ පස්සෙ තියෙනවයි කියල අදයි දැනගත්තෙ.

    ඈ බං ඕකෙ කොතනකවත් னයෙක් හිටියෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසා,
      බැස්ටි තුනේ ටෝච් එකක්
      මහා දවාලේ පත්තු කරන්
      බාර් එකට ගොඩකවලින්
      බඩ ගෑවලු දෙමල නයෙක්
      කියලනං එකක් තිබ්බා කීලා ලා මතකයක් තියේ

      Delete
    2. ඩ්‍රැකිය ගහපු ටෝච්එක වෙන්නැති අරං යන්න ඇත්තෙ.

      Delete
    3. හ්ම් හ්ම්, ගිය එකා තමයි ආයිබෝන් ඕවා දන්නේ

      Delete
    4. ප්‍රසෝ, දීසියයි හැන්දයි දුවන්නෙ නයා කයි කියල වෙන්ඩැති.

      සිරි, බාර් එකට නෙමෙයි, බාර් එකෙන් ආපහු යද්දි තමා ප්‍රසා බඩගාගෙන යන්නෙ.

      ප්‍රසෝ, අර ටෝච් එක ආපහු මට දීල මේ ගනුදෙනුව බේරගන්ඩ කැමති නැද්ද?

      සිරී, උඹ එහෙම ඔව්වට සාක්කි කියන්ඩ යනව නෙවෙයි ඈ...

      Delete
    5. ඒක ආපහු දෙන්න බෑ. පුලුවන්නං ඒකට බැට්ටි කෑලි දෙකක් දාල දියං.

      Delete
    6. බැටරි දාන එක පාඩුයි. දාගං සෝලර් පැනල් එකක්.

      Delete
  6. ගොඩක් ඉංග්‍රීසි ළමා කවිවල පසුබිම් කතාව හරිම අඳුරුයි ඩ්‍රැකී. දරු නැළවිලි ගීත විදිහටත් පාවිච්චි කරන මේ ගීතවල මේ පසුබිම් කතා කියෙව්ව දවසේ මං හරිම පුදුම වුණා. මෙන්න බලන්න: Dark and Disturbing Origins of Popular Nursary Rhymes

    මේක කියෙව්ව දවසේ මං බටහිර සුරංගනා කතා ගැනත් හිතලා බැලුවා. වැඩි වෙනසක් නෑ. හැන්සල් ඇන්ඩ් ග්‍රීටල්, රපුන්සල්, ස්ලීපිං බියුටි, සින්ඩරෙල්ලා. :/

    ReplyDelete
    Replies
    1. http://mentalfloss.com/article/55035/dark-origins-11-classic-nursery-rhymes

      Delete
    2. සිතූ සහ ප්‍රා,
      ගොඩක් ස්තූතියි ලින්ක් වලට. මං ඒව කියෙව්වෙ නෑ මේක ලියද්දි... හැබැයි ආපහු තව ලිපි කීපයක් ලියන්න අදහසක් ඇති වුනා මේ ගැනම.

      සිතූ,
      ඇත්ත. අපේ ජන සාහිත්‍යයත් එහෙම තමයි. හැබැයි අධ්‍යයනය කරන කෙනෙකුට මූලාශ්‍ර හරි අඩුයි. මොකද හෙයාගන්න දේවල් එක්කො ප්‍රකාශයට පත් කරන්නෑ (පෙරේත හොරු) නැත්තං ඒ ගැන අධ්‍යයනය කරන්නෑ...

      මයෙ අදහසක් තියෙනව ඒ ගැන මොනව හරි හොයල ලියන්න. මං මුලිම්ම ගජබින්න පටං ගත්තෙත් සංරක්ෂණයක් විදිහට.

      Delete
  7. මේ විස්තරය දැක්කෙ දැන්! අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගුණසිංහ මහත්තය...

      Delete
  8. ලගදී ගරාන පාරකට සෙට් උනේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඒකෙන් අදහස් කළේ?

      Delete
  9. අනා...ගජබින්න ඉවරෙයි.

    ReplyDelete
    Replies
    1. මග එනවා... මග එනවා...

      කොහෙද අස්සක හැංගිල ඉඳල, හාව හඳ දකින්නැහැ ඇවිදිං මෙතන, අහන අපූරුව විතරක් ! මොකටද මෙහෙම යාලුවො? අද හෙටම ඩිවෝස් කරනව යාළුකමිං !!

      Delete
  10. ++++++++++++++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි

      Delete
  11. චීස් වගේ පරණ වෙන්න වෙන්න රස වෙන පෝස්ටු. රසයි, සරුයි!

    ReplyDelete
    Replies
    1. ඕඕඕ... නිදි මෙහෙටත් ඇවිත්...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...