කයිකතන්දර ගැන මගේ පහුගිය ලිපිවලින් හතර දෙනෙක් එකතු වෙලා කියන කවි, භරණ ගණිතයාගේ කවි, සිංහල මවුබස නොවුණු අයගේ සිංහල කවි සහ වස් / සෙත් කවි ගැන කතා කළා. මේ වතාවේ අපි කතා කරන්නේ තොවිල් සම්බන්ධ කවි කතන්දර වගයක්.
දකුණේ ප්‍රසිද්ධ යකැදුරෙක් හිටියා. එයා නටන්නත් බොහොම සමර්ථයි, ඊටත් වඩා හොරකමට සමර්ථයි.
වතාවක කරපු හොරකමකට මේ යකැදුරාට නඩුවක් වැටුණා. උන්දැ නඩුවට ගියේ නෑ. ඉතින් වරෙන්තු නිකුත් කළා. ඒ ගමන යකැදුරා ගමෙන් පැනලා ගිහිං, උන්දැ අඳුරන "පැටියා" කියන බෙර වාදකයගෙ ගෙදර නතර වුණා.
අවුරුද්දක් විතර ගියා. ඔය අතරෙ ළඟ ගමක මහ තොවිලයක් කරන්න මේ යකැදුරාට කතා කළා. දැන් ඉතින් නඩුව ගැන වැඩි කළබලේකුත් නැති නිසා බය ඇරුණු යකැදුරා ගියා මේ තොවිලෙට.
ඔය බව දැනගත්ත, යකැදුරාගෙ ගමේ ගම්මුලාදෑනියත් ආව තොවිලෙ තියෙන ගමට. ආව නමුත්, පිට ගමක්... පිට ගමක තොවිලෙට බාධා කරන්න ගියොත් හොඳට ම කන්න ලැබෙන නිසා, ගම්මුලාදෑනියා කල්පනා කළා, හැංගිලා ඉඳලා, තොවිලෙ ඉවර වෙච්ච ගමං යකැදුරා අල්ල ගන්න.
තොවිලෙත් ගජ රාමෙට කෙරෙමින් ගියා. මැද්දෙ හරියෙදි යකැදුරා දුම්මල ගහමින් මිදුල වටේ නටන්න ගත්තා. එක දුම්මල පාරකට එළිය වැටිලා, කෙහෙල් පඳුරක් අස්සෙ හැංගිලා උන්න ගම්මුලාදෑනියවත් පැහැදිලිව පෙනුනා.
ඒ ගමන යකැදුරා කියාගෙන ආව කවිය ඉවර කරලා, මෙහෙම දෙ පදයක් කිව්වා.
එන රඟ එන රඟ නරකයි හැටියේ
ඒකට ගුරුකම කොහොම ද පැටියේ
බෙර ගහ ගහ හිටපු පැටියට මේ කවිය හොඳට ම තේරුණා. මොකද, එයත් දැක්කා කෙහෙල් පඳුර මුල හැංගිලා හිටපු අමුත්ත.
ඒ ගමන පැටියා උත්තර දෙ පදය කිව්වා:
පිදේනි අරගෙන උන් හිටි හැටියේ
යන්න ම පල යකූ ඒ ගිය හැටියේ
යකැදුරත් නැටුම ඉවර කරලා, පිදේනි තටුවත් අරං කැලේ පැත්තට ගිහිල්ලා, එහෙම්ම ම පැනලා යන්න ගියා.
* * *
බලි තොවිල් කරන යකැදුරෙක් දවසක් තමන්‌ගෙ ගෝළයත් එක්කරගෙන බලි යාගයකට ගියා. ඒ යන අතර මග නයාවෙල කියන තැන දි මූණ ට මූණ හම්බුනා මරක්කල වෙළෙන්දෙක්.
යකැදුරා වෙළෙන්දගෙන් ණයට ගත්තු පොඩි ගනුදෙනුවක් තිබුණා. මරක්කල වෙළෙන්දා ඒක මතක් කළා. යකැදුරා ගාව සල්ලි තිබුණෙ නෑ.
"හෙට දෙන්නං මුදලාලි" යකැදුරා කිව්වා.
"යේක අරියන්නේ ගුරුන්නාන්සෙ. ඇමදාම එට එට කිය කියා මගාරිනවා." කියපු වෙළෙන්දා යකැදුරාගෙ තට්ට ඔලු ගෙඩියට ඇන්නා පොල් ටොක්කක්. යකැදුරාට "බුදු අම්මෝ" කියවුණා.
මරක්කල මනුස්සයා යන්ඩ ගියාට පස්සෙ යකැදුරා ඔලුවත් අත ගගා, ගෝලයට කිව්වා,
"උඹ මේ ගැන කාටවත් එහෙම කියන්ඩෙපා ඈ..." කියලා.
ගෝලයත් එකඟ වුණා.
"හැබැයි ගුරුන්නාන්සෙ, තොවිලෙට ගිහිං දිග කවි කියන්ඩෙපා ඈ. මට දිග කවි එකක්වත් මතක නෑ." ගෝලයගෙ කොන්දේසිය.
යකැදුරත් එකඟ වුණා.
ඔන්න ඉතිං අදාළ ගෙදරට ගිහිං, බලි අඹලා, තොවිලෙ පටන් ගත්තා.
යකැදුරා කවි කිය කියා නට නටා ගිහිං, දන්න සේර ම කොට කවි කියලා ඉවර වුණා. ඒ ගැම්මට ම යකැදුරා පටන් ගත්තා දිග කවියක් කියන්න.
සාව කුළේ ඉපිද අපේ - බෝසත් සසොබන - ඇඟ මස් දුන්නේ
තොවිල්වලදි, ගුරා කියන පදේ අනික් පදේ ගෝලය කියන්ඩෝනෙ. ඉතිං, තමන්ට වෙච්ච පොරොන්දුව මතක කරපු ගුරුන්නාන්සෙ ගැන මල පැනපු ගෝලය අනික් පදේ කිව්වා;
னයා වෙලේ මරක්කලේ - ඇන්න කලේ ටොකූ - මරහඬ දුන්නේ
කියල.
* * *
යකැදුරෝ කීප දෙනෙක් ගියා එක තොවිලෙකට. තොවිලෙ කරන්න කලින් ඒ උදවියට ජයට ම කෑ ලෑස්ති කරල තිබුණා; තම්පලා හොද්ද, හා මස් එක්ක බත්.
යකැදුරෝ ටික බඩ දිගෑරෙන්ඩ කාලා, යාගෙ පටන් ගත්තා. රෑ දොගොඩහරි ජාමෙ විතර වෙද්දි, ගෙදර උදවිය එකා එකා වැටුණු වැටුණු තැන්වල නිදි.
ඒක දැකපු එක තක්කඩියෙක් කට්ටඬියෙක්ට මතක් වුණා ගෙදර වත්තෙ සරුවට වැවුණු අල කොටුවක්. උන්දැ කිව්ව සලයා කියන යකැදුරාට ඇහෙන්ඩ යාග කවියක්:
සලයෝ සලයෝ මුන් නිදි සලයෝ
පලයෝ පලයෝ අල හාරා පලයෝ
පලයෝ පලයෝ බබයත් එක්ක ම පලයෝ
අල හාරන දොස බලියට පලයෝ
ඒක ඇහුණු බඩ ජාරි යකැදුරෙක් කුස්සිය පැත්තට යන ගමං තව කවියක් කිව්වා:
දණ්ඩේ දණ්ඩේ තම්පල දණ්ඩේ
කන්ඩේ කන්ඩේ ඉඳගෙන හා මාලු කන්ඩේ
යන්ඩේ යන්ඩේ අරගෙන ගමට දුවන්ඩේ
හා මාලු කෑ දොස මේ බලියට යන්ඩේ
කතා එකතු කර ගන්ඩ කියාලා - ගියාට පස්සෙන් යක් ඇදුරෝ
ReplyDeleteපරෙස්සමෙන් ඩ්රැකියෝ උන් - ඔක්කොම මදාවියෝ; ඔව් වස නපුරෝ
ඩෙන්න ඩෙනා ඩෙන ඩෙන්න ඩෙනා ඩෙන තාල වයාලා ඔය ඇදුරෝ
වවා තියෙන අල කොටුවම ගලවන් යාවි, බලාගෙන මා මිතුරෝ!
රවට්ටගන්නට හැකි අය ඉන්නා තුරු කට්ටඬියෝ සමත් වෙතී
Deleteයකුන්ව කැඳවා ගන්නට මතුරති හැබෑ යකුන් නම් එන්නෙ නැතී
මෙදා පාර පිටිපස්සේ ඇත්තට අර්තාපල් හිටවලා ඇතී
හිටෝපු උන්ම ම ඇවිදින් හෙමිහිට ගළවා විකුණා බොන්ඩ වෙතී
අල හාරන්න ගිය තක්කඩියනං අනිව බොලා වෙන්න ඕන ඉඳගෙන.
ReplyDeleteඔව් ඔව්... මං තමා... එතකොට னයා වෙලේ ටොකු පාර කාපු තක්කඩියා කවුද දන්නෑ?
Deleteපලවෙනි කතාව හරිම හුරු පුරුදුයිනෙ. නටන්න, හොරකමට අමතරව තමගෙ වැඩේ කිරීම කෙසේ වෙතත් අනුන්ට බක පණ්ඩිත උපදෙස් දෙන්නත් හොදට දන්න යකැදුරෙක් නේද.
ReplyDeleteතුන්වෙනි කතාවත් පුරුදුයි. 'තොවිල්' කරන්න ඇවිල්ලා, ගෙදර තියෙන ඒවත් කාලා, තවත් කෑමම හොයන බඩ ජාරි යකැදුරන්. මේ දැනුත් වෙන සිදුවීම් දිවැසින් දැකලා පරන පොත්වල ලියලා වගේ.
උපදෙස් නං දුන්නෙ බෙර වයන්නා නෙ. ඔය ඔක්කොම එකයි මල්ලි ( / නංගි). කොතනත් වෙන්නෙ සංකල්පයේ මුඛ්‍ය තේමාව උඩින් තියෙද්දි, වෙන වෙන යටින් ගේම් දෙන එක.
Delete+_+_+++++++++++++++++
ReplyDeleteඅද වැට පනින්න කඩොලු දෙකකුත් තියල හිටං.
Deleteප්‍රා,
Deleteඑන්ඩ එන්ඩ ම වැට අලුත් වෙනව...
නයියා,
බොට වැඩක් තියෙනවයැ ඒකෙන්? වැටේ ලී අස්සෙං බඩගාගෙන යනව මිසක්ක.
වැටක් උනත් ලක්ෂනට ගහන එකට තමා... හොඳ
Deleteවැට ගහන එක උනත් එක දිගට ම කරන කොට, විවිධත්වය සහ නිර්මාණශීලීත්වය දියුණු වෙනවා.
Deleteමේනක ආපහු ලියලා
ReplyDeleteඌ පට්ට බන් මම උගේ පරන කතා ටික කියවනවා
Deleteඌ පට්ට ලියන්නෙක් තමයි. ගමේ තියෙන කුහකකම් මූ වචනෙන් දෙකෙන් එළිපිට හරවලා පෙන්නන අපූරුව...
Deleteයකූ මේක දැන් නෙව දකින්නෙ.
ReplyDeleteඒකට මොකද, කමෙන්ට් එකට උත්තර දාන්නෙත් දැන්නෙ...
Deleteඑක යකදුරෙක් ගෝලයා එක්ක රෑපානේ ගිය වැඩේ අහවර කරලා එනවා. අම්මටහුඩු එලෝපු යකාද කොහොද.. පාරේ ඉඳන් වැනි වැනි ඉන්නවා.
ReplyDeleteඅපි දෙන්න යන මග රැකන් ඉන්නවා වෙන්නත් පුලුහං... කියල හිතපු ඩබල උදෑහනක් වෙනකම් කවුරුත් නොයන පාරෙ බෙර ගහල, කවි කියල යකාව එතැනිනුත් එලවන්ටයි ලැහැත්තිය. ඇයි ඉතිං තට්ට තනියෙම බයේනෙ. පාන්දට එලිය වැටෙද්දි තමා දෙන්න දැක්කෙ හෙලවි හෙළවී තිබිල තිවනෙ කෙහෙල් ගහක කොළ කියල. එතකොට තමා දෙන්නගෙ ඇඟට ලේ ඩිංගක් උනල තියෙන්නෙ
හ්ම්...
Deleteතව දවසක් මුං දෙන්නා මහ රෑක පාර අයිනෙ අලියෙක් ඉන්නව දැකලා. අලියව ඒලවන්ඩ උදේ පාන්දර වෙනකං බෙර ගැහුවලු. පස්සෙ පාන්දර යන්තං එළිය වැටෙද්දි තමයි දැකල තියෙන්නෙ, ඒ අලියෙක් නෙමෙයි ගලක් කියල.
හෙට එන්නම්
ReplyDeleteT20 නේහ්?
Deleteබෝතල් ටික අරගෙන එන පොටෝ එක දැම්මට පස්සේ තමයි ගෙදර ශේප්....බිව්වට කමක් නැහැ ..කෙල්ලෝ එක්ක නටන්න බැහැ ....සදුගේ තියරිය ...(මම නටුවේ නැහැ බං කෙල්ලෝ මාව කරේ තියන් නටුවේ
Deleteනටුව වත් ඉතුරු උනා ද බං? උඹේ කෙල්ලො නිසා තමයි කවද හරි උඹ ගොඩ යන්නෙ...
Deleteදැන් එච්චරට බලි තොවිල් එහෙම නැත්තෙ මොකද හැබෑට🤔
ReplyDeleteදැන් සමාජය එදාට වඩා වෙනස් නේ? දැන් තොවිල් කරන්නෙ සංස්කෘතිකාංගයක් විදිහට ප්‍රදර්ශන අවශ්‍යතාවට...
Deleteමේපාර මිස් ටිෆානි වෙන්නේ කවුද? මම හිතන්නේ බෙන්zස් තිප්සුදා.
ReplyDeleteකවුද අප්පා දන්නෙ? එහෙම එකක් තියෙනව කියලා මම දන්නෙත් දැනුයි. ජගත් මාර දැනුම් කෝෂයක් නේ.
Deleteපුලුවන් විදියට ටක ටක කියවමි..... 🙏🙏🙏
ReplyDeleteහැබෑට ඇයි මේනක මල්ලි අපේ දයියා මෙච්චර කූර?
Deleteවිවිධ වර් ගවල කවි එක්කරන මේ රසවත් සටහන එක හුස්මට කියවන්න පුළුවන් . දිගටම ලියන්න .
ReplyDeleteආ... ස්තූතියි ස්තූතියි...
Delete"දකුණේ ප්‍රසිද්ධ යකැදුරෙක් හිටියා. එයා නටන්නත් බොහොම සමර්ථයි, ඊටත් වඩා හොරකමට සමර්ථයි."
ReplyDeleteමේක කිව්ව ගමන් තඩි මහත එකෙක් මතක් වෙනවා. හැබැයි පොරට යක්කු නෙවෙයි හරක් තමයි පුරුදු 😂
මං ඒ ගැන ෙමාකවත් නොකියා ඉන්නං මලයා... උබ දැක්ක එක සතුටක්!
Delete++++++++++++++++
ReplyDelete