Monday, October 10, 2022

කයිකතන්දර - 2 කොටස - වස් / සෙත් කවි

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයි කතන්දර පොතෙන් තවත් කවි ටිකක් අරගෙන ආවා. මගෙ කලින් ලිපියෙන්, දෙමළ මවුබස කරගත් මරක්කල සහ දෙමළ උදවියගෙ සැහැල්ලු කවි ටිකක් පළ කළා. ඒවා ගැන හිනාවුණාට, සිංහල මවුබස කරගත්ත උදවියගෙ කවි ඇහුවහම ඊට හතයි. මේ පහළින් තියෙන්නෙ ඒ වගේ කවි කීපයක්.


අන්දිරිසා තරුණ වෙළෙන්දෙක්. උන්නැහැ මනමාලියක් කැන්දං ආවට පස්සෙ මාස කීපයක් වෙළෙඳාමට යන්නෙ නැතුව ගෙදර හිටියා. එයාගෙ අම්මට ඒ ගැන හරි කේන්තියි. අලුත් ලේලි ආවට පස්සෙ තමංගෙ පුතා ඇඹලයා වගේ ගෙට ම වෙලා ඉන්න එක ගැන.

ඉතිං අම්මගෙ වදේටයි, මාස කීපයක් වැඩක් නැතුව සිටීමෙන් අහේනියට පත් වුණු නිසායි, අන්දිරිසා ගියා උඩරට උඩිස්පත්තුව කියන පළාතට, වෙළෙඳාමට. ඒ අතරෙ අලුත් ලේලි ට අලුත් විකල්පයක් හම්බවුණා. එයා ආවෙ හරංකහපිටියෙ ඉඳලා. තමංගෙ පුතා ඇඹලයා කරගත්ත එක ගැන හිතේ කහට තියාගෙන හිටිය අම්මත්, මේ සම්බන්ධෙට පොඩි තල්ලුවක් දුන්නා.

ඉතින් අන්තිමේ මාස දෙක තුනකින් අන්දිරිසා ගෙදර එනකොට, භාර්යාව නෑ. අසල්වැසියන්ගෙනුත් සමහර තොරතුරු මේ ගැන එයාට දැනගන්න ලැබුණා. හොඳට ම කේන්ති ගිය අන්දිරිසා, කොළයක් අරගෙන මේ කවිය ලියලා ඇඳේ වියනෙ එල්ලුවා...

උඩිස්පත්තුවේ මම වෙළෙඳාමෙ ගියා

ගෙදර ඇවිත් බැලු කොට මගෙ ගෑණි නැහෑ

අපෙ අම්මත් මේකට උපකාර කළා

හරංකහපිටිය දුටුවොත් මරඤ්ඤා

*    *    *

අබංචියා කියා තරුණයෙක් හිටියා. හොඳ ට ඇහැට කණට පේන, කඩවසම් කොල්ලෙක්. (නම ලස්සන නැති උනාට). ගමේ ගෑණු ළමයි සෑහෙන්න මෙයා ගැන හිතේ තියාගෙන උන්නා. ඒ අතරින් අබංචියාගේ හිත ගත්තේ, දොච්චො හාමි ගෙ දුව ඉසබෙලා. එයා අනික් ගෑණු ළමයිට වඩා ලස්සනයි. ඉතින් අබංචියත් ඒ ගෙදර නිතර යන එනව.

ඔය සම්බන්දෙ ගමේ අනික් උන්ගෙ ඊර්ෂ්‍යාවට හේතුවක් උනා. කඩපිලේ, නාන ළඳේ, බණ මඩුවෙ... ඔය වගේ පොදු තැන් වල මේ ගැන කට කතා පැතිරුණා.

ලැජ්ජ බය හැදුණු නමියා අබංචියා මේවට කැමති නෑ. ඌ කාටත් නොකියා ගමෙන් පිටවෙලා යන්න ගියා.

ඒකෙන් හොඳට ම දුක් වුණේ ඉසබෙලා. එයා පුළුවන් තරම් ආරංචි හොයලා බැලුවා, අබංචියා ගැන. අංජනං බැලුවා, වෙලාවල් බැලුවා, ඒ කිසිම දෙයක් හරි ගියෙ නෑ.

අන්තිමේ තමන් දන්න විදිහට සෙත් කවියක් ලියලා, දවස් හතක් ගොම්මං වෙලාවට පාන පත්තු කරලා, සෙත් කවිය කිව්වා.

මෙන්න මෙහෙමයි ඒ සෙත් කවිය...

උඹයි මායි මෙහෙම ඉන්න කොට

වටින් පිටින් ඉන්න සෙනඟට

අනුංගේ කීමකට

අබංචියෝ හඳ පානේ වර ගමට

කවි කියන්න පටන් ගෙන අට වෙනි දවසෙ අබංචියා ගමට ආවා.

*    *    *

මිහිරිපැන්නේ ධම්මරතන හාමුදුරුවෝ ප්‍රසිද්ධ කවිකාර උන්නාන්සෙ කෙනෙක්. එතුමාගෙ පන්සලට නිතර ආ ගිය කෙනෙක් තමා, දුම්බර විදානෙ කියන විහිළු නමින් හැඳින්වුණු මෝඩ පහේ තරුණයා. එයා ගෙන් හාමුදුරුවන්ට බේරුමක් තිබුණෙ නෑ, සෙත් කවියක් හදල දෙන්න කියලා. නිතරම වද කළා. 

දවසක් හාමුදුරුවො තල් පතක් අරගෙන මේ කවිය ලියලා දුන්නා උන්දැට... 

බැකිසි බකුසාණේ

කරවැල් මහ කොකාණේ

දිය ගැරඬියාණේ

රකිව් දුම්බර මහ විදානේ

*    *    *

ලීයක් කපන්ඩ හරි, අලෙයක් හාරන්ඩ හරි, ඔය මොකක් හරි වැඩකට කැලේට ගිය මනුස්සයෙකුට බෝ පැලයක් දකින්න ලැබුණා. සැබෑ බෞද්ධයෙක් විදිහට ප්‍රීතියෙන් පිනා ගහිං උන්දැ, එතන එළි පෙහෙලි කරලා, වටේ වැටක් එහෙම ගහලා ගෙදර ගියා. පස්සෙ පස්සෙ දවස් කීපයකට සැරයක් එතනට ඇවිත්, බෝ පැලේ ට වතුර දාන්නයි පෝර දාන්නයි ගත්තා. කාලයක් යද්දි බෝ පැලේ සරුවට වැවුණා. පස්සෙ පස්සෙ අර මනුස්සයා දවස ගානෙ උදේ හවස ඒකට මල් පහන් පූජා කරන්නත් පටං ගත්තා. තමංගෙ ජීවිතේටත් වඩා එයා බෝ පැලේට ආදරේ කළා.

දවසක් පාන්දර ගිහින් බලනකොට, අලියෙක් කලින්දා රෑ ඇවිත් බෝ ගහේ අතු කඩලා, කොළ කාලා, පොත්තත් හූරගෙන කාලා, බෙටිත් දාලා ගිහිං තිබුණා.

එවෙලේ අර මනුස්සයට අලිය අහුවුණානං නැට්ට පිටිං ගිලින්න තරම් කේන්තියක් ආවා. එහෙමම ආපහු හැරිලා ගෙදර ආපු උන්දැ, මෙන්න මේ කවිය ලියා ගෙන ගිහිං බෝ පැලේ දණ්ඩෙ එල්ලුවා.

ගුවන පිරීලා අරණේ වැඩ ඉන්නේ

අරණ හැම තැනම ගුවනින් පිරීලා

මෙතෙක් කලක් මම සැපසේ ඇති කෙරුවා

ඇයි සිරිමා හාමුදුරුවනේ,

දලුත් නැතුව - කොළත් නැතුව - අතුත් නැතුව - පොතුත් නැතුව - ලෙලිත් නැතුව - මුලුත් නැතුව - අලියත් නොමර - නිකම්ම නියවා ගෙන වැඩ ඉන්නේ

(මේක සවුදම් ශෛලිය වෙන්ඩැති?)

*    *    *

මැයි නෝනා තමන්ගෙ මනුස්සයට ආදරේ ඇති ස්ත්‍රියක්. එයාගෙ මහත්තෙය ජේමිස් සිංඤෝ. ඒ දෙන්නට පුතෙකුත් ඉන්නව. පුතාට අවුරුදු පහක් තරම වෙනකල් දෙන්නා දෙමාල්ලෝ රන් රස සේ එකට හිටියා. ඔය අතරෙ අහල පහල ගෙදරක හොර මායියෙක් ජේමිස් සිංඤොට සෙට් වුණා.

දැන් ඉතින් ජේමිස් සිංඤො ගෙදර එන්නෙ ඉඳ හිටලා. ඒ ආව වෙලාවලත් මැයි නෝනත් එක්ක රණ්ඩුවක් අල්ලනව.

ඉතින් මැයි නෝනා ගොඩක් දේවල් කරමින් උත්සාහ කළා, තමුංගෙ මනුස්සයව යහ මඟට ගන්ඩ. නෑදෑ වැඩිහිටියො ලවා අවවාදත් දුන්නා. ඒවයින් වුණේ ගුටි බැට තව ටිකක් වැඩි වෙන එක.

අන්තිමේ මැයි නෝනා කවියක් හදලා, තමන්ගෙ පුතාට පාඩම් කෙරෙව්වා. හොඳටම පාඩම් වුණාට පස්සෙ, ළමයට කිව්වා තාත්ත ගෙදරට ආවම මේ කවිය කියන්ඩ කියලා.

ඉතින් ඊළඟ දවසෙ ජේමිස් සිංඤො ගෙදර ආව වෙලාවෙ පුතා අර කවිය කිව්වා. එතනිම්ම ජේමිස් සිංඤොගෙ දුශ් චරිතය නතර වුණා. කාට හරි ප්‍රයෝජනයක් වෙතොත් කියලා පහතින් තියෙනව, ඒ කවිය.

ජේමිස් සිංඤෝ මගෙ මිතුරේ අහපන්න

මැයි නෝනව කණවැන්දුම් නොකරන්න

කන්න අඳින්නත් හරි හැටි දීපන්න

ඇයි තාත්තෙ මැයි නෝනව අත් ඇරියේ




48 comments:

  1. හිටහල්ල නයා එන්ට කලියෙන් වැටක් ගහල ඉන්ට... මං
    +++++++++

    ReplyDelete
    Replies
    1. හෑ... බොග්ගලේ ලාවට මයෙ නමත් පෙනේ. කම්නැත කම්නැත 😂

      Delete
    2. ඒ කෑල්ලට තමයි මට නම් හොඳටම හිනා ගිය නමී😂😂😂

      Delete
    3. னයා ඊයෙ එනකොටත් බොලා ඇවිල්ල බොග දාල ගිහිල්ල තිබ්බ.

      Delete
    4. @නවීය
      බොට හිනා... මෙතැන
      @පෂා
      හුම්... ඒමද

      Delete
    5. මේ වවුල් මොටා කෝ........

      Delete
    6. මගේ යාලුවෙක් වවුලෙක් වෙලා මළා.

      Delete
    7. නමියා 1,
      නයි එනවට වැට ගහනව කිව්වම මතක් වුණේ. ඔය වියළී කළාපෙ වැව් ගාව වැටවල් ගහල තියෙනවනෙ, ගං වතුර ඇවිත් වැව පිටාර යන එක වළක්වන්න.

      නමියා 2,
      අබංචියා කියල කාඩ් එකක් ගහමු?

      නවීන්,
      තව ටිකක් පරණ වෙලා, මට කරට අත දාගන්න සයිස් ළෙංගතු උනහම නවීන්ටත් කාඩ් එකක් ගහන්නං.

      ප්‍රෂා,
      සැක් විතරක් ඒ වචනෙ තියෙන අපුසන්නකම...

      නමියා,
      මොටා කියනඩෙපා යකො. වවුල් තුමා කියහං, පොඩ්ඩක් ගරු සරු ඇතුව.

      ප්‍රසන්න,
      ඔය මැරෙන විදිහට බොට යාළුවො ඉතුරු වෙලා ඉන්නවද තව?

      Delete
    8. ඩ්‍රැකී, වැව් ලඟ වැටවල් ගැහුවම කොහොමද වැව පිටාර යන එක වලකින්නෙ🤔

      // තව ටිකක් පරණ වෙලා, මට කරට අත දාගන්න සයිස් ළෙංගතු උනහම නවීන්ටත් කාඩ් එකක් ගහන්නං.//

      ඒක හොඳයි🤗🤗😊 තව ගොඩ කාලයක් යන එකක් නැ නෙහ්😒

      Delete
  2. ඉස්සර මිනිස්සු තම ආවේගය පිට කරගන්න, සතුට විඳ ගන්න භාවිත කල මාධ්‍යයක් විදිහට එදා කවිය හඳුන ගන්න පුළුවන්. ඒබව මේ කවි ටිකෙන් මනාවට පේනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒක තමයි ජන කවිය. ඊට ඉතා ම සම්බන්ධව මෙව්වා, කයි කතන්දර. හැන්දෑවට ගමේ ගෙදරක ඉස්තෝප්පුවේ දී, ශ්‍රමදානෙක තේ වෙලාවේ දී, මගුල් ගෙවල් මළ ගෙවල්වල උදව් කරන අතරේ දී අහන්න ලැබෙන එව්වා.

      Delete

  3. සෙත් කවියක් ගැයේවා
    නපුරු බහක් නොවේවා
    මී මොර මල් සුවද ඉදෙන පාන්දරින්
    මගෙ දෙයියෝ වඩිත්වා.

    රාන් කුරුලු හඩ ඉහිරෙන හැන්දෑවේ
    මාත් මගේ දරු පැටියත් තනි වූවේ
    කාත් කවුරුවත් නැතුවා යාය ඉමේ
    නුඹත් එක්කලා එන්නද පැල් රැකුමේ.

    පහන් පැලට දෙවියන් නොවැඩිය අරුම
    හාන් කවිසියක් දන්නෑ පුතු තවම
    හීනෙන් හිනා වෙනකොට සුරතල් කුසුම
    අප්පච්චියේ නොබලා ඉන්නේ කොහොම.

    ගේය පද - සුනිල් ආර්. ගමගේ
    සංගීතය - ආචාර්ය නන්දා මාලිනී
    ගායනය - ආචාර්ය නන්දා මාලිනී

    (සින්දු ඇනෝ

    ReplyDelete
    Replies
    1. දෙයියො දැක්ක වගේ සිංදු, බොගෙ කමෙන්ට් එක දැක්කම. ආපහු වෙල්කම් බ්ලොග් අතරට...

      Delete
    2. බ්ලොග් එකට යන්න දන්නේ නැ බන් දැන් ,,,,,කොමෙන්ට්වත් කරමු නෙහ්

      Delete
    3. සිරාවට ඈ... උබ ආයෙ බ්ලොග් එනව කියන්නෙ මසුරං වටිනව. බ්ලොග් එකට යන්ඩ ඔ්නෙ කරන්නෙ ඊමේල් එකයි බ්ලොග් පාස්වර්ඩ් එකයි නෙ. දාල බලන්ඩ.

      Delete
    4. උබ ආය ආපු එක එල ද බ්‍රා

      Delete
  4. Pankaduyi! Harima rasawath.Pinthura tikath niyameta match wenawa.

    ReplyDelete
    Replies
    1. අර අලියගෙ පොටෝ එක එහෙම නේ...?

      Delete
  5. රොඩුබොඩු ගොම වැරටි දිගටම මතු වෙනවා
    බර වැඩි මැණික් කැට යට තැන්පත් වෙනවා
    නුවණැති ඇත්තො ඒවා මතු කරවනවා
    එව්වා දිස්නෙ දෙන හැටි දැක තුටු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඇගයීමෙන් උඩට ගොහිං හොඳටෝම
      කක්ෂගත වෙලා උන්නෙමි දිගටෝම
      බැහැගත්තේ අපහසුවෙනි හොඳටෝම
      පමා උනේ ඒකයි පිළිතුරු දීම

      Delete
  6. හොඳයි කියවන්න. හැබැයි කවි වල එලි සමයක් කියල එකක් නැහැ නේද

    ReplyDelete
    Replies
    1. මම දන්නා ටිකේ තරමට නං අජිත් මහත්තයෝ 'එළි සමය කවියක අග පදයේ අග අකුරට විතරක් සීමා වෙන්නේ නෑ. ඉස්සර කවියෝ මුල් පද හතරේ මුල් වචන හතරටත් එළිවැට පිහිටුවල කවි ලිව්වා.
      අන්දරේ කීවා යැයි සැලකෙන මේ කවිය බලන්නකෝ.

      පින් කළ අය යන එන තැන ගරු නම්බු
      පවු කළ අය යන එන තැන අවනම්බු
      පින් කළ අය ගෙ ඉස කෙටුවේ මහා බඹු
      පව් කළ අය ගෙ ඉස කෙටුවේ බඹුගෙ අඹු

      මීට අමතරව කවියක් ගායනා කරන විට පද හතරේ අග ස්වරය එකම විදිහට ගැයෙන ස්වර එළි වැටක් ගැනත් කවියන් කියනවා.

      Delete
    2. විරිත් කීපයක් තියෙනව නේද? ඔය විදිහට අගටයි මුළටයි එළිසමය දැමීම කවියාගේ හැකියාව සහ පරිචය පෙන්නුම් කරන ලක්ෂණයක්.

      රංචගොඩ ළමය ගෙ කවි නං එළිසමය ඇත්තෙ ම නෑ. එයා කිව්වලු නේ, "දුකට කියන කවියට මොන අක්සර ද?" කියල

      Delete
    3. දැනට නොලියවෙන blog අඩවියක කියන විදිහට නම් විරිත් 59කට වඩා තියෙනවා වෙන්නොනි. ඒ ගැන posts 9 ක් ලිව්වට පස්සෙයි ඒ blog එකේ posts නැවතිලා තියෙන්නේ.
      http://shanalisha.blogspot.com/2015/07/

      Delete
    4. හප්පට! ගොඩක් ස්තූතියි ඒ එකතු කිරීමට.

      Delete

  7. බබා සිං‍‍ඤො මා කී බස් හිතට ගෙ න
    නොබා වී නොයව තෝ නම් දෙලෝ ගැ න
    පබා වති ලෙසින් රුව ඇති මුත් සොබ න
    තබා නොගෙන හරු ඔය සිත සහමුලි න

    මන්දා මෙසේ මා කීවේ අසා පිය
    නින්දා නිසාමය ඒ ගැන සිතා පිය
    කැන්දා එන්න කෙල්ලක් තව සොයා පිය
    නැන්දා වැදූ මව් තරමට සිතා පිය

    ReplyDelete
    Replies
    1. ඒක මම අදමයි ඇහුවෙ. ඔය කවිවල නිධෘන කතාවත් දැම්මනං තව දාහක් වටිනවනෙ.

      Delete
  8. අබංචියනං ලැජ් බයට හැදෙන්න ඇති ඒත් හත්තිලවුවෙ නමිය.....

    ReplyDelete
    Replies
    1. ඇයි පෂෝ... මට මක්ක වෙලාද. මාත් හොඳ ලජ්ජ බයට්ට හදිච්ච් එකා😂
      බොරුනම් අපේ නිදි ලොක්කගෙන් අහල බලන එකයි ඇත්තෙ...

      Delete
    2. ප්‍රසෝ,
      ඉතිං ඒකනෙ උගෙ නම ගහල, එක ඉරකිං කපල දැම්මෙ.

      නමියා,
      හපොයි! ඒ ගැන නං මොනවට කියනවද? බය නිසා ජනේලෙන් චූ කරන හාදයනෙ. ලැජ්ජ නං බින්තෑරුමේ.

      Delete
  9. තරුනයෝ හතර දෙනෙක් ඉන්න තැනකින් ලස්සන ස්ත්‍රියාවක් ගියාලු. තරුනයෝ හිතුවලු ඈ ගැන කවියක් කියන්න ඕනෑ කියලා.

    තරුනයා 1 - ඇස් නිලන්කාරය
    තරුනයා 2 - වරලස අලන්කාරය
    තරුනයා 3 - ගමන මනහාරය

    අනේ හත්රවෙනි තරුනයාට පදයක් ගොතා ගන්නම බෑලු. එහෙම කියලා සෙකන්ඩ් වෙන්න පුලුවනෑ. මිනිහ හිතලා හිතලා මේ පදේ කිවුවලු.

    තරුනයා 4 - කියම් බුදු ගුන අලන්කාරය

    ReplyDelete
    Replies
    1. අඩේ චමී, ඒක අහලත් නෑ. ඒකත් හරියට...
      "සැරදෙ ගිරිගෝරිස්
      ඩීලින් හොරෙන් ගෙන ආ
      ඒ සුභ මඟුල සඳහා
      කරනෙමි සිදත් සඟරා"
      කිව්ව වගේ තමා.

      ඔය වගේ ම සකුන්තලා ගැන කවි පේළියක් ම ලියල තිබුණා මාතලංගෙ පෝස්ට් එකකට උත්තර විදිහට.

      උපුටා ගැනීම //.. " විකුම් විලා" නම් වූ නිවසක වාසය කරන නාඹර හැඩකාර විසේකාර තරුණියක් වූ අතර ඇය නමින් සකුන්තලා වූවාය. දිනක් ඈ නාගෙන තෙත චීත්තය පිටින් සඳලු තලයේ සිටිනු දැක උදම් වූ කටවාචාල කොල්ලන් පිරිසක් වටා ගෙතුණු සංවාදයකි මේ:


      1 කොල්ලා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"
      2 කොල්ලා: "සකුන්තලා දැක මගෙ සිත උදම් වෙලා"
      3 කොල්ලා: "උදම් වෙලා සිටියත් මා නිකම් බලා"
      4 කොල්ලා: "නිකම් බලා සිටි මගෙ *ක කෙලින් වෙලා"


      සකුන්තලා මෙසේ කියයි:


      විකුම් විලාවේ සිටියත් වහන් වෙලා
      ඇඳුම් උනා ආවේ මම ටියුන් වෙලා
      කොහෙන් ගෙනාවද මේ ගොන් වහන්සේලා
      නිකන් බලා ඉන්නේ ඇයි *කන්නලා

      මේක අහපු කොල්ලෝ සෙට් එකට මල පැන්නලු. උන් මෙහෙම කිව්වලු,


      වින්දොත් සතුට අප හා ඔබ එකතු වෙලා
      සිවුදරු උපත වෙයි උඹ හට සකුන්තලා
      ළමයට දමමු අපි නම "ෆෝ මෙන්" කියලා
      ඇරපන් ජනේලය අපි එන්නම් පැනලා

      දැන් මේක අහපු සකුන්තලාට බය හිතුණා හදිස්සියේ වත් මුන් ඇරලා ගියොත් හෙම කියල. ඒ නිසා මුන්ව ශේප් කරගන්න මෙන මෙහෙම කිව්වලු.


      ගැහුවට කයිය ඔය අයියල උදම් වෙලා
      කියනව විතරමයි එන්නේ නැහැ නෙ බොලා
      අදනම් වැඩක් නැත ආවත් කෙලින් වෙලා
      සකුන්තලා හට අද ඇත ඔසප් වෙලා

      කරුමෙට සකුන්තලාගේ අයිය මෙතනින් ගියාලු. ඌත් බජාර් එකේ සිරා කකුලක්. වැඩ කරන්නේ ලියවන පට්ටලෙක. ඌත් කෙස් එක විහිළුවෙන්ම ශේප් කරන්න හිතාගෙන මෙහෙම කිව්වලු.

      මොත්තේ දෙතත් තොපි සේරම හවුල් වෙලා
      සකුන්තලාගේ අයියා මං dracula
      නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා
      කපනව කොන් හතර අඬුවෙන් ක්ලිප් කරලා

      දැන් මේ සීන් එක අහන ඉන්නවා ලු සකුන්තලාගේ ලඟදි ගෙට වෙච්චි නංගි. අක්කට වඩා විසේ නංගිට. ඒකි කියනවලු මේන් මෙහෙම.

      කවුද අනේ මේ සුන්දර අයියාලා
      කොහෙද හිටියේ නැතුවද මේ මා දැකලා
      අක්ක එපානම් මට සෙට් වෙනු පැනලා
      ලඟදි ලොකු වුනේ මගේ නම නිසංසලා

      දැන් මේක කවි මඩුවක් වෙලා. ඔන්න එතකොටම කුස්සියේ ඉඳන් මුන්ගේ අම්මණ්ඩි ආවලු පැනගෙන පොල්කටු හැන්දත් අතින් අරන්..

      කොල්ලනි දනිවු මම අම්මා නිරංජලා
      පලයවූ මෙහෙන් ඉක්මනටම තුරල් වෙලා
      නැතිනම් කවියෙන්ම අරිනව දැනගල්ලා
      කෙල්ලනි දුවපියවූ ඇතුලට වහන් වෙලා

      ඔන්න වෙලාවටම මුන්ගේ අප්පුච්චත් බඹර පදමට දෙකක් දාගෙන වැනි වැනී සෙට් වුනාලු සීන් එකට:

      මමයි තාත්තා අන්කල් කැටපෝලා
      මේ කවි අහල මගෙ මවිලුත් කෙලින් වෙලා
      කොල්ලනි මට උදවුවක් ඇත කර පල්ලා
      දූලව තියල අම්මව උස්සා පල්ලා

      මේ සේරම අහගෙන හිටපු අල්ලපු ගෙදර මුස්ලිම් බුවාටත් ෆෝම් වෙලා. ඌ කියනවලු මෙහෙම්.

      යේක මොකඩ කවි කීනව මේ ගොල්ලා
      යෙපිලත් ඔන්දයි කොන කෙපුවට තොන්ගලා
      කෂාඩ අතක් අපිටො'ට්ටුයි ඕ අල්ලා
      ඔක්කොම එන්ඩ මම රෙඩි මම අබ්දුල්ලා//

      Delete
    2. අම්මෝ ..ඉල නැහැ ..එල මචෝ එල

      Delete
  10. Replies
    1. ඒක අලිවැටක් තරං දිගයි. කරන්ට් සප්ලයි එකත් දෙන්ඩ පුළුවන්.

      Delete
  11. එංගලන්තේ නැව් දුවනව
    ජරමනියට වෙඩි තියනවා
    ජපන එක්ක රණ්ඩු වෙනවා
    ඉංග්‍රීසි නැව් දිනල යනවා
    - අපේ කොළඹ ආච්චිගේ කයියක්

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම දෙවෙනි ලෝක යුද්ධ කාලෙ හදපු කවියක්. ඔය වගේ එකක් අපේ අම්ම කියනව, ඉස්කෝලෙ යන එක ගැන... හිටින්ඩ මතක් කරල බලන්ඩ...

      අම්මෙ පෙම්බරා
      සහතොස දෙන්න සිතපුරා
      සතර සැලකරා
      යන්නට අපට අවසරා
      ජෝර්ජ් මහ රජා
      ගුණ කඳ කරමු සිහි සොඳා

      Delete
    2. ඒක මටත් මතකයි

      Delete
    3. අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
      ජෝර්ජ් මහරජා ගුණකඳ කරමු සිහි සොඳා

      මාස්ටර්ගෙ ගායනාව හුස්ම පිඹී සර්පිනාව
      රාග තාල වර්ණනාව අනුව වැයේ බටනලාව
      සරිගමපධනී... හරි හරි සනිධපමගරී ආ...

      නළල් වටින් එන දහදිය පිසදාගෙන විරාමයක
      වීණාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
      සායට මනරම් අත් දිග හැට්ටය තොල් අග හිනාව
      මතු කොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව

      රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
      බලා හිඳී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
      හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කල
      යලි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික

      ගායනය: සුනිල් එදිරිසිංහ
      පද රචනය : සුනිල් සරත් පෙරේරා
      සංගීතය : රෝහණ වීරසිංහ

      (සිංදු ඇනෝ ගේ පුනරාගමනය වෙනුවෙනි)

      Delete
    4. "ජෝර්ජ් අපගේ මහරජා - බිසවද සමඟින් සැරදේවා"

      Delete
    5. ඒ මොකද්ද? තවත් ඒ වගේ කවියක් ද?

      Delete
  12. හොද සටහනක්. ලංකාවේ හැමෝම උපන් ගෙයි කවියො කියනවනෙ. නොදන්නා බොහෝ දේ දැනගත්තා. මේ සටහන් පෙල දිගට ගෙනියන්න පුළුවන් නම් හොද මෙහෙවරක්. මේ ලිපි මුහුණු පොතෙත් බෙදා ගත්තා නම් හොදයි. කලින් කලට මතුවන විදිහට මුහුණු පොතට ඔටෝ ඔබන ක්‍රමයක් නැද්ද ?.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනුරුද්ධ. දවසක් ඇනෝෆිලස් කිව්වා තට්ටයා මහත්තයට, බ්ලොග් එකේ නමින් ෆේස්බුක් පිටුවක් හදාගෙන, බ්ලොග් එකේ යන ඒවා ඔක්කොම ෆේස්බුක් පිටුවෙත් දාන්න කියලා. මට පේනව ගොඩක් අය මේ වන විට ඒ දේ කරනව. නමුත් එතකොට ෆේස්බුක් එකෙන් කියවන උදවිය බ්ලොග්වලට එන් නැති වෙයි කියල හිතෙනව.

      අපි ඉතිං හණමිටි කාරයොනෙ. පොඩ්ඩක් අමාරුයි හුරු වුණු මාර්ගෙන් පිට පනින්න.

      Delete
    2. මෙකේ තියෙන එක මූනු පොතේ දැම්මට එච්චර හරි යන්නෙ නෑ වගේ තමයි මට නම් දැනිලා තියෙන්නෙ.

      මුනු පොතේ සීන් එක වෙනයි බ්ලොගේ සීන් එක වෙනයි කියලා, මොක්කද අදහස ඩ්‍රැකී🤔

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි