ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ
මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක, අපේ ගමේ උන්න
ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය ගැන රස කතා ටිකක් කියන්න පුළුවං උනා.
මේ ලිපියෙන් මං අහල මතක තියෙන ඉස්කෝලෙ මහත්තුරු කතා සහ
වෙනත් කතා ටිකක් කියන්න තමයි හදන්නෙ. ඕං එහෙනං අහගන්ට...
දවසක් ඉස්කෝලෙ මහත්තේක් මගදි හම්බු වෙච්ච අපේ මේ අටම
වගේ කෙනෙක් හොඳට බොන කන පොරක්, ආගිය කතා කතා කරල, ඇහුවලු,
“ඉස්කෝලෙ මහත්තෙය, යංද පොඩි අඩියක්
ගහන්ඩ?” කියල.
ඉස්කෝලෙ මහත්තෙය කාරණා කාරණා සහිතව උන්නැහැට තේරුං කරල
දුන්නලු ඒ ගැන.
“උන්නැහැ, කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑ කියනව...
“එක. මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගත්ත
ළමයි බොහොමයක් දෙනා මේ සමාජයෙ ඉන්නව. මං බිව්වොත් ඒක ඒ අයට කරන අගෞරවයක්. ඒ වගේම මගෙ
කීර්තියට ලොකු හාණියක්. ඒ වගේම සමාජයට වැරදි ආදර්ශයක්.
“දෙක. මම ලොකු මහත්වෙච්ච දරුවො තුන් දෙනෙක්ගෙ
තාත්ත. මං කරන දුරාචාර දේවල් වලින් ඒ අයට සමාජයට මූණ දෙන්ඩ
බැරුව යනව.
“තුන තමයි...
“...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත් ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට
ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”
කන බොන එක ගැන කතා කරද්දි මට වෙන කතාවක් මතක් උනා.
ඔය අටම වගේ හොඳට කන බොන පොරක් ගියාලු දවසක් (ඔය කියන්නෙ ග්‍රාමසේකර
මහත්තුරු එන්ඩ කලිං ආරච්චි, ගම්මුලාදෑණි වරු ගම පාලනය කරන කාලෙ) ආරච්චි මහත්තයෙක්
මුණගැහෙන්ඩ. ගිහිං මිදුලෙ ඉන්නවලු ආරච්චි එළියට එනකං, උගුරු පාද පාද.
සාමාන්‍යයෙං වැදගත් උදවිය ගාවදි සාමාන්‍ය හුදී ජනයා උස්
හඬිං කතා කරන් නෑනෙ. කොහෙ හරි ගිහිං “ගෙදර කවුද?” වගේ දේවල් අහනව
වෙනුවට කරන්නෙ ටිකක් උස් හඬිං උගුර පාදන එකයි. ඔහොම සිද්ධියක්
රොමාගෙ වාසනාව පොතේ තිබුණ මට මතකයි. නෝරා හාමු රොමාව එක්කරගෙන ඇවිත්, දිසානායක වලව්වෙ
මහත්තෙයගෙ කාමරේ දොර ගාව තියල, “ඔය දොරට ගහපිය.” කියල යනව යන්ඩ. දොරට තට්ටු කරන්ඩ
අකමැති කමට රොමා වරක් දෙකක් කහිනව. එතකොට වලව්වෙ මහත්තෙය කියනව “ඇතුළට වරෙං.” කියල.
ඒ වගේ අටම අර මනුස්සය උගුර පාදනව ඇහිච්ච ආරච්චි
මහත්තෙය කවි පදේකුත් කියාගෙන එළියට එන්ඩ ආවලු.
“කන දෑ අඳින දෑ...” කියාගෙන.
අර මනුස්සයත් ගත් කටටම කිව්වලු,
“බොන දෑ විතර හොඳ දෑ...?” කියල.
ඒ ගමන ආරච්චි ඇහුවලු, (තාම එළියට ඇවිත්
නෑ.)
“කවුද ඒ උන්දෑ...?” කියල.
එතකොට අරූ කියනවලු,
“මොකද, හිරයක් දෙන්ටවත් දෑ?” කියල.
ඕං එතකොට තමයි ආරච්චි මහත්තෙය එළියට ආවෙ. ඇවිත් අරූ දිහා
බලල ඇහුවලු කවියෙම්ම,
දෙන්නගෙ කවි සංවාදෙ කෙලිම්ම දානව මගෙ විස්තර නැතුව. ආරච්චි මහත්තෙය
රතු පාටයි, අනික් මනුස්සය නිල් පාටයි. (ඒ පාට සංකල්පය
උපුට ගත්තෙ සුරංගගෙං)
“තා කොයිබ මිනිසා?”
“නායිමන නම් පියසා”
“ආවේ මක් නිසා?”
“ආමි සමිඳුන් දකිනු පිණිසා...”
මේ කතාවෙං මට තව කතාවක් මතක් උනා බරණ ගණිතය ගැන. ගොඩක් අය මේක නං
අහල ඇති.
දවසක් බරණ ගණිතය ගිහිං ඔය වගේ මුලාදෑණියෙක් හම්බ වෙන්ඩ. ඒ යනකොට මුලාදෑණිය
යාළුවො ටිකක් එක්ක මිදුලෙ මේසයක් තියාගෙන, රා කළගෙඩියක් හිස්
කරනව. ඒ අය කිව්වලු, බරණ ගණිතය කවියට ප්‍රසිද්ධ හින්දා, “අපි ගැනත් කයියක්
කියහං” කියල. උන්දැ ගත් කටටම, නැකැත් සාස්තරෙත්
අල්ලල කිව්වලු මේ කවිය.
පෙර රැස නගා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක්වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පහ රැස ලෙසින් සතුටින් බස් දෙති වාසී
මේ කවිය රාශි චක්‍රය යොදාගෙන කියල තියෙන්නෙ. තේරුම කියන්ඩ
පුළුවං හපනෙකුට මං දෙනව මේ රටේ හොයාගන්ඩ නැති දෙයක්.
තව පාරක් ඔය බරණ ගණිතය ගමනක් යද්දි හවස් වෙලා, අම්මන කියන ගමේදි. එදා රෑට නවතින්ඩ
ගියාලු පන්සලට. පන්සලේ හාමුදුරුවො එයාට කාමරයක් දුන්නලු. ඒ කාමරේ තිබ්බෙ
මේසයක් විතරයි. හාමුදුරුවො ගණිතයට තරයේම කිව්වලු වේලාසන දොර ජනෙල් වහගෙන
නිදාගන්ඩ කියල. ඒ කියපු විදිහටම උන්දැත් දොර ජනෙල් වහගෙන මේසෙ උඩට නැගල
නිදාගත්තලු.
වේලාසන නිදාගෙන පුරුදු නැති හින්ද ගණිතයට නින්ද ගිහිං නෑ. ඉතිං ඕනෙ එකක්
කියල, නැගිටල ජනේලෙ ඇරල බැලුවහම හරිම කෞතුක සිදුවීමක්
තමයි දකින්ඩ ලැබිල තියෙන්නෙ.
ඉතිං ඒක මතක තියාගෙන ඉඳලා, පහුවදා යන ගමං
කඩමණ්ඩියෙදි මෙන්න මේ කවිය කියාගෙන ගියාලු.
බක්මස මුදුනේ සයනය කරලා මඳක් නැගිට බැලු කල ඉවතා
නවම් මසක් සුරතින් අරගෙන සකි බිනරක් එනවා දැක දෙනෙතා
වෙසක් මසට සරි එකෙක් ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා
අසන්න මහතුනි අම්මන ගමදී පොසොන් මසක් සිදුවී කියතා
මේ කවිය කලිං එකටත් වඩා ඇඩ්වාන්ස්ඩ්.
කවි ගැන කියනකොට... මට මතකයි කලිං
ඉස්කෝළෙ මහත්තුරු ගැන පෝස්ටුවෙ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ අර ඒ දණ්ඩකිං හතර
දෙනෙක් එගොඩ වෙච්ච කවිය. අපේ තාත්ත තමයි මට ඔය කවිය ඉස්සෙල්ලම කියා දුන්නෙ. මෙහෙමයි ඒ කතාව:
දවසක් යාළුවො හතර දෙනෙක් ගමනක් යනවලු. එයිං එක යාළුවෙක්
කකුලක් කොර ඇන ඇන තමයි යන්නෙ. මගදි ඒ දණ්ඩක් තිබිල. අර හතර දෙනා එකා
පස්සෙ එකා එගොඩ වෙද්දි අර කකුලක ආබාධයක් තිබ්බ හාදෙය ඒ දණ්ඩෙං ගඟට වැටිල. ඒ ගමන අනික් තුං
දෙනා කොහොම හරි මෙයාව ආපහු ගොඩට අරං ආපහු ගමන පටං ගත්තලු.
ඔහොම යන ගමං එකෙක් පටං ගත්තලු කවියක් කියන්ඩ.
“ඒ දණ්ඩෙං කොටා...”
තව එකෙක් කියනවලු,
“යන කලටා...”
තුං වෙනියත් පදෙයක් සම්පූර්ණ කළාලු,
“වැටුණි ගඟටා...”
අර ආබාධිතයට එකපාරටම කියවුනාලු,
“හුටා...” කියල.
අපේ තාත්ත මං පොඩිකාලෙ කියපු තව එකක් අමතක වෙන්ඩ කලිං
මෙතනම දානව.
ඔන්න ගමක හිටියලු පොරක්. එයා හෙණ සංස්කෘත
පාලි පණ්ඩිතය කියල පෙන්නගෙන හිටපු කෙනෙක්ලු ඉතිං. එයාගෙ රංගනය ට ගමේ
හැමෝම යන යන තැන එයාට ප්‍රමුඛත්වය දුන්න.
ඒ වගේ පණ්ඩිතයෙක් තමයි අපේ ගමේ අපි පොඩි කාලෙ හිටිය
සාන්ති මාම. නිකටෙ තිබ්බ තඩි ලපයක් නිසා ගමේ උදවිය පොරට ලප සාන්ති
කියන්නෙ. අපේ බාප්ප පොර ගෙ නමට තේරවිල්ලක් හදල තිබ්බ. “ඉන්දිරා ගාන්ධිගෙ
මැරිච්ච පුතා” (ඒකාලෙ රජීව් ගාන්ධි තමයි ඉන්දියාවෙ අගමැති) තේරවිල්ල විසඳන්නෙ
මෙහෙමයි. ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා - සන්ජේ ගාන්ධි. සාන්ජේ ගාන්ධි - අනිප්පැත්ත ගැහුවම
ගංජ සාන්ති. තාත්ත දවසක් කියනව, සාන්ති මාම පණ්ඩිත
විශාරද පලප්ප සේන කියන ගෞරව නාමය ලබා ගත්ත කෙනෙක් ලු. එහෙම කියල මේ කතාව
කිව්ව.
දවසක් සාන්ති මාමගෙ අම්ම, එයාට කවුරුත්
කිව්වෙ අයියම්ම. (අර ගෝවින්දයි කරිෂ්මයි උන්න ෆිල්ම් එකක තිබ්බ ඔය අයියම්මගෙ නම ඇතුළත් සිංදුවක්. “අයියම්මා අයියම්මා
- ක්‍යා කර්තාහේ” කියල.) අයියම්ම දවසක්
සාන්ති මාමට බණිනව කටකමිසිරියාවක් නැතුව. සාන්ති මාම එයාට ඉංග්‍රීසියෙං දෙකයි
කිව්වෙ, කට වැහුණ.
“ෂටප් !”
“ගෙටවුට්!”
ඔතන හිටිය කෙනෙක් සාන්ති මාමගෙං ඇහුවලු මොකද්ද ඒ කිව්වෙ
කියල. සාන්ති මාම කිව්වලු,
“ෂටප් කියන්නෙ කටවහපං - ගෙටවුට් කියන්නෙ
ගෙට පළෙයං”
ඔන්න ඉතිං අර කලිං පටං ගත්තු සංස්කෘත පණ්ඩිතයගෙ කතාව. පොර හැමදාම හවසට
නාල කරල, තේ එකක් කාරිය බීල, ගමේ එක තැනක තිබුණ
ගහක් යටට ගිහිං එතන තිබ්බ ආසනයක් උඩ වාඩිවෙලා සැඳෑ සුවය විඳිමිං අළස කල්පනාවක ගිළී
ඉන්න පුරුදු වෙලා හිටියලු.
දවසක් එයා එතනට යනකොට, අඳුනන්නැති ටිකක්
උස මහත පොරක් එයාගෙ ආසනේ වාඩිවෙලා බොහොම සැපපහසුවට හරි බරි ගැහිල ඉන්නවලු. පණ්ඩිතයට ටිකක්
බයත් හිතුනලු. ඉතිං පොර කිව්වලු මේ ශ්ලෝකය...
රුක්ඛමූලේ මහා හබ්භා - ඌ කෙරේ මා භය කෙරේ
ඌ මේකට සාධු කිව්වොත් - ඌට නං මං භය නොවේ
(මේක ලිව්වෙ තාත්ත කියපු විදිහ මට මතක තිබ්බ හැටියටයි)
ඕක ඇහිච්ච ගමං අර උසමහත පොර නැගිටල සාධුකාරයක් දුන්නලු. ඒ ගමන අරූ ගිහිං
උගෙ බෙල්ලෙං අල්ලල තල්ලු කරල ආසනේ ඉඳ ගත්තලු.
පරණ සමාජයෙ තිබුණ එක ලක්ෂණයක් තමයි, කතාවකට කවියක්
එකතු කරන එක. ඒක ඔය කුඹුරෙ, කමතෙ, අත්තම් වලදි කෑම
කන වෙලාවෙ විවේක ගන්න හදාගත්ත රසවත් ක්‍රමයක් කියල හිතෙනව. ඔව්වට තමා “කයි කතන්දර” කියල කියන්නෙ. බොරළැස්ගමුවෙ ජී. එච්. පෙරේරා පොතකුත්
ලියල තියෙනව ඔය කයි කතන්දර සෑහෙන ප්‍රමාණයක් එකතු කරල. ඒකෙ නමත්
කයිකතන්දර මයි.
ඒ වගේ කයිකතන්දරයක් මට මතකයි එක පොතක හරි පත්තරේක හරි
තිබිල කියෙව්ව,
ගමක හිටියලු කැවුං බදින්ඩ දක්ෂ ගෑණු කෙනෙක්. එයා හැබැයි ඊට වඩා
දක්ෂයිලු හොරා කන්ඩ. ඉතිං ගෙදර කට්ටිය කරපු දේ, කැවුං බදින්ඩ ගෙනා
පැණි මුට්ටියෙ ඉතුරු ටික ඇඳ යට හැංගුවලු මෙයා කයි කියල. මෙයා කැවුං බැද
බැද ඉද්දි ගෙදර කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකං ඉඳල, මේ ගෑණු කෙනා ඇඳ
යටට අත දාල, මුට්ටියක් හොයාගෙන, ඒකට අත දාල
දෙපාරක්ම අරං කටේ දාගත්තලු. ගෙදර හාමිනේ එනකොට ඉන්නවලු, යකා මූණෙ
දැලිගාගත්ත වගේ කට වටේට කලුපාට ගාගෙන.
වෙලා තියෙන්නෙ, ඇඳ යට තාර මුට්ටියකුත් තිබිල. හෙර ට මුට්ටි දෙක
පැටලිලා, කාල තියෙන්නෙ තාර. ඒකට හදපු කවිය
තමයි,
රට රට වල හොරකම් කර අත නෑර
පටළවමින් දෙවිටක් කාපිය තාර
තිට වැහුණද මහසෝනගෙ අවතාර
මොට කෑවද පර වේසියෙ කලු තාර
කලිං හුටා කවිය වගේ කීප දෙනෙක් එකතු වෙලා හදපු තව කවියක්
තමා අර ආප්ප කන්ඩ ගිය හතර දෙනාගෙ කවිය. කවිය විතරක් මෙතන දැම්මත් ඇති කියල
හිතෙනව. මේ කවියත් එක්කෙනෙක් එක පදේ ගානෙ දාල හදපු කවියක්.
ආප්ප ගොඩක් මේසය මත තියෙන්නා
පැණි ටිකකුත් ඒ අසළම තියෙන්නා
මැස්සො රැළක් ඒ වට කරකැවෙන්නා
ගොං තිදෙනෙක් ඒකට කවි කියන්නා
ඇයි තව දවසක් තල මලක් බලන්ඩ ගියපු යාළුවො දෙන්නෙකුත් කවියක්
හැදුවලු ඔය වගේ, හැමෝම තල මල් ගැන කවි හදන එකේ අපි දෙන්නත් එකක් හදමු
කියල. කොහොම හරි මහන්සි වෙලා පද දෙකක් ගැටගහගත්තලු.
එගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා
මෙගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා
ඊළඟ පද දෙක හදාගන්ඩ දෙන්නත් එක්ක කොච්චර මහන්සි උනත්
බැරි වුනාලු. ඒ ගමන ප්‍රසිද්ධ කවියෙක් හොයාගෙන ගියාලු ඉතුරු පද දෙක
පුරවගන්ඩ.
කවියා ඇහුවලු දෙන්නගෙ නම් දෙක. එකෙක් කල්ලු අජ්ජා, අනික පිල්ලු අජ්ජා. ඒ ගමන කවියා ඉතුරු
පද දෙක ලේසියෙන්ම පිරෙව්වලු:
එක පදයක් කිව්වේ කල්ලු අජ්ජා
අනික් පදේ කිව්වේ පිල්ලු අජ්ජා
කියල.
ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා කියල ඉවර කරන්ඩ බැරි වෙයි වගේ
මේ යන විදිහට. ඉතුරු ටික ඊළඟ කොටසින් දාන්නං...
පළවෙනි එකේ ගුරාට තව ෂොට් එකක් අමාරුවෙන් හරි දාගන්න තිබ්බෙ. අපරාදෙ.
ReplyDeleteසුරාවෙහි අගයත්
Deleteඑහි ඇති මිහිරි රසයත්
බොන සුදනෝ මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්
අටම විතරද කන්නෙ බොන්නෙ. වෙන කවුරුවත්ම උඹට මතකෙට ආවෙ නැද්ද?
ReplyDeleteප්‍රසා ගැන අමතක උනා නෙමෙයි. ලියන්ඩ තිබුණ. ඒත් ප්‍රසා කනවැයි? බොනව විතරනෙ...
Delete//තේරුම කියන්ඩ පුළුවං හපනෙකුට මං දෙනව මේ රටේ හොයාගන්ඩ නැති දෙයක්.//
ReplyDeleteදැං අපි කොහොමද මේ කතාව විස්වාස කරන්නෙ. පුළුවන්නං උඹ දෙන එකේ ෆොටෝ එකක් දාහං.
ඕං දැම්ම ෆොටෝ එකක්...
Deleteඉස්කෝලෙ මහත්තුරු ගැන තියෙන ඉතුරු කතා ටිකත් කියහං
ReplyDeleteළගදීම...
Deleteමගේ යාළුවෙක් තල මල් ගැන කවි හදන්න ගිහිල්ල මළා
ReplyDeleteකවිකම මාරාන්තිකයි.
Deleteපෙර රැස - මේෂ රාශිය - මේසය
ReplyDeleteඅන්තිම රාසී - මීන රාශිය - මාළු
නොම රැස - රාහු - රා
දස එක්වන රාසි - කුම්භ රාශිය - කළය
යුග රැස - වෘෂභ රාශිය - ගොනා
පස රැස - සිංහ රාශිය - සිංහයා
(මාළු පුළුස්සා මේසේ උඩ තබාගෙන කළයක රා පුරවාගෙන, කකා බිබී ගොනුන් වැනි මිනිසුන් පිරිසක් සිංහයන් මෙන් උදාරම්ව කතා කර කර සිටිති)
හැක් හැක්. මින් හරියටම හරි. අනිකෙත් තේරුම දාමු?
Deleteඅනිත් කවියේත් තේරුම ඕනෙද?
ReplyDeleteඑපා. මෙයා ඔය ලොවෙත් නැති තෑගි දෙනවයි කිවුවට අපිටනං විස්වාස නෑ.
Deleteමින් ලියන්ඩ. අර පාට-ලී කිව්ව වගේ, රස්තියාදුකාර විරෝධතා ගණං ගන්ඩ එපා...
Deleteප්‍රසෝ, මං දෙනව කියල මොකද්ද දුන් නැත්තෙ? සෙදෝනගෙ බිබික්කම මතක නැද්ද?
මොකක්ද බං මේකෙ එක එක මළ ඉලවු වලට රීඩිරෙක්ට් වෙන්නෙ.
ReplyDelete-னයා-
මමත් බලෙන් වගේ නතර කරගත්තේ මුව...
Deleteඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. මං නැති ටිකට බහිරවෙයෙක් රිංගගෙන. උදව්වක් කරන්ඩ පුළුවං කෙනෙක් ඉන්නවද?
Deleteමටනම් අර කවි දෙක තෙරුනේම නැහැ...
ReplyDeleteමට එක පාර හිතුනේ අජ්ජල දෙන්නගේ කවියේ කොතැනකට හරි බියන්නක් සෙට් වෙයිද කියල...
බියන්න නේද? හුකෑස්...! අජ්ජ බූ! අජ්ජ බිල්ලා!
Delete“...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත් ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”/////// ha ha h
ReplyDeleteපමණ දැන...
Deleteඇත්තම කීවොත් මේ අඩවියට එන්න හරිම අමාරු වුනා අද. අපිව ගෙනියනවා වෙන කොහෙද තැන්වලට. ඔය කියන ගුරුවරු ඉන්න කවි කියන තැන්වලටද දන්නේ නෑ.
ReplyDeleteඅර කානුවේ වැටිලා හිටිය ගුරුතුමාගේ කතාව තමා ලස්සනම. කවි නම් වැඩිය තේරුනේ නෑ.
ඒකනෙ. මයෙ බ්ලොගට ගෙවලයෙක් රිංගගෙන වගේ. මාත් දැක්කෙ පත්තරෙං.
Deleteතව සෝක් කතා ටිකක් තියෙනව, කොහෙද? මේකෙ දිග වැඩි උනානෙ...
ඔය භරණ ගණිතය කියන්නෙ එයාටම වස් කවියක් කියාගෙන සුයිසයිඩ් කරගත්ත එක්කෙනා නේද?
ReplyDeleteඒ කතාව මං දන් නෑනෙ. පීස්, මෙතන කියහං. එතකොට මේ පෝස්ටුව සම්පූර්ණයි.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදිස් රිප්ලයි ඉස් රිමූව්ඩ් ඕල්සෝ කිව්ව එහෙනං...
Deleteරිප්ලයි ටු අබව් රිප්ලයි ඊස් රිමූව්ඩ් ඕල්සෝ......
Deleteඕල්සෝ රිමූව්ඩ් දිස් වන්...
Delete//
ReplyDeleteබක්මස මුදුනේ සයනය කරලා මඳක් නැගිට බැලු කල ඉවතා
නවම් මසක් සුරතින් අරගෙන සකි බිනරක් එනවා දැක දෙනෙතා
වෙසක් මසට සරි එකෙක් ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා
අසන්න මහතුනි අම්මන ගමදී පොසොන් මසක් සිදුවී කියතා
//
මෙහි ඒ ඒ මාසයට අයිති රාශි යොදාගෙන ඇත
බක් - මේෂ රාශිය - මේසය
නවම් - කුම්භ රාශිය - කළය
බිනර - කන්‍යා රාශිය - තරුණිය
වෙසක් - වෘෂභ රාශිය - ගොනා (මෙම සිදුවීම අනුව දුස්සීල පැවිදේදෙකු හැඳින්වීමට යොදා ඇත)
පොසොන් - මිථුන රාශිය - මෛථුනය
මේසය උඩ නිදාසිට මදකට ඇහැරී පිටත බැලූවිට කළයක් අතින් ගත් තරුණියක් එනවා දුටිමි. එවිට දුස්සීල පැවිදේදෙකු පැමිණ ඇය අල්ලාගෙන/ඇය සමග ගොස් #$%&#@#$%...
(ඉතිරි ටික හිතාගනිල්ලා. හැම දේම බබාලට වගේ කියා දෙන්න ඕනෙයැ....)
අන්න මචං...! නියමයි.
Deleteඋම නං මටම හරියන කලෙක්ටරෙයෙක් වගෙයි.
ඔන්න කාලෙකින් මේ පැත්තේ ආව.. උඹේ බ්ලොග් එක නම් තාමත් පෙර පරිදිම අපිව වටේ යවනවා ඉවරයක් නෑ.. හැබෑටම මොකෝ බන් ඒ ..එක වතාවක් හැදුව නේද..
ReplyDeleteආාා. අම්බලේ, නෑ මේ මොකද්ද හූනියමක් වෙලා තිබුණ ආපහු. ගූගල් ගෙං කෝඩ් එකක් එකතුකළා ටෙම්ප්ලේට් එකට. ඒකෙං හරි ගියා.
Deleteඔන්න පන්සලක උත්සවයක් තිබිනලු. ප්‍රසිද්ධ කවියෝ ඇවිත් කවි කිව්වලු. එක කවියෙකුගේ අවස්ථාව ආවම මිනිහ පටන් ගත්තලු මෙහෙම
ReplyDeleteඅංගම්පොල සුමන අංගම්පොල සුමන
දෙවැනි පදේ කල්පනා කල්ලු ඔලුවට මොකුත් එන්නේම නෑලු. දෙවැනි පදේටත් කිව්වලු
අංගම්පොල සුමන අංගම්පොල සුමන
තුන්වැනි පදේටත් සෑහෙන්න කල්පනා කලාලු එන්නේ නෑලු අයිඩියා එකක්. ඒකටත් කිව්වලු
අංගම්පොල සුමන අංගම්පොල සුමන
පද තුනම එකම විදිහට කිව්ව නිසා නායක හාමුදුරුවන්ට මල පැන්නලු. නායක හාමුදුරුවොත් සිවුරත් උස්සගෙනම නැගිටලා කිව්වලා
අංගම්පොල සුමන තොගේ අම්මට ..කන
හනේ මල් මලේ. මං ඕක අහල තිබ්බෙ “අංගම්මන සුමන“ කියල.
Deleteඒං එහෙනං සමාන කතාවක්,
දවසක් කළුකොඳයාවෙ ලොකුහාමුදුරුවො දවල් දානෙ අහවර වෙලා, කාමරේ පොඩ්ඩ් සැතපිලා ඉද්දි, අල්ලපු කාමරේ උන්න ඇබිත්තයො හතර දෙනෙක් එකතු වෙලා පදේ පදේ දාල කවියක් හදල කිව්වලු.
1 ඇබිත්තයා : “කළුකොඳයගෙ *ක“
2 ඇබිත්තයා : “මැදිං ටිකක් වක“
3 ඇබිත්තයා : “කොල්ලො මරණ *ක“
අල්ලපු කාමරෙන් නැඟුන ගැඹුරු කටහඬිං : “තොගෙ අම්මට *ක“
ෂා ඒක එල කවියක්. මම අහලා තිබුනේ නැති එකක්
Deleteමල් මල්ලිත් දන් නැති එව්ව මං දන්නවනෙ... මට පුදුමයි.
Deleteපෝස්ට් එක කියෙව්වෙ පුදුම අමාරුවකින්. ඊයෙ ඉඳන් කියවන්න ට්‍රයි කළා ඒ උනාට එක එක තැන්වල යනවා. තාමත් පෝස්ට් එක තියෙද්දීම ඇඩ් එකකුත් යනවා.
ReplyDeleteඒක තමා හැලපයියෙ. මාර චාටරෙයක් මාත් කෑවෙ. ඕං දැන්නං හරි වගේ පේනව.
Deleteතාම හරි නෑ බං. මේ හතරවෙනි වතාවට ට්‍රයි කරල කියවගත්තෙ
Deleteමම නම් අර ඉස්කෝලෙ මහත්තයගෙ ප්‍රතිපත්තියට බොහොම මනාපයි. තුන්වෙනි කාරනාවෙන් මුල් කාරනා දෙකම බලරහිත වෙනවනෙ බං.
ReplyDeleteගෙටවුට් කියන්නෙ ගෙට පලයං තමා. එලියට පලයං කියන්නෙ එලියට අවුට්.
අරක හරියට නිව්ටන් අයියගෙ නියම තුන වගෙයි නේද?
Deleteඑලියට අවුට්? ඔව්ව කියාදීල වෙන්ඩැති අර ගුරු දිනේ අච්චර උපහාර ලැබුවෙ. හනේ වාසනාවන් මාලදිවයින... හැක් හැක්
දැන් නම් ලෙඩේ හරිගිහින් වගේ. කවුද බූතයෙක් මේ අඩවියට රිංගලා හිටියා අපිට එන්ඩ බැරිවෙන්ඩ.
ReplyDeleteමේකත් කොළඹ යුගයේ කවියක්. ගමේ නාන ළිඳට නාන්න ගිය හාමිනේ කෙනෙකුගේ යමක් නැතිවෙලා ළිඳ ලඟදි. එක ආපහු බාරදෙන්ඩ කියලා ළිඳ ළඟ පොඩි කවියක් ලියලා තිබුණා මෙහෙම.
හාමිනේගෙ කෑරැල්ලා
කවුද කෙනෙක් ගෙනිහිල්ලා
අතට දෙන්ඩ ලැජ්ජා නම්
කඩුල්ල මුල තියපල්ලා
ලෙඩේ හරි වගේ තමා විචාස්... උදේ පාන්දරිම්ම කෝල් කරල දැන්නුවට ගොඩක් ඉස්තූතියි.
Deleteඅරක මරු කවිය. සමාන කවියක් දාන්ඩ මතක් වෙන් නෑනෙ අෆ්ෆා...
කාරල්ලා - ලාග්ගා ... තව මොන මොනව එළියට එයිද දන්නෑ ඉස්සරහට...
කවි කතා ඔක්කොම පට්ට !
ReplyDeleteමින් ට ස්තූතිය අර දෙකේ තේරුම් දැම්මට .
මාර බ්ලොග් අයිඩී එකනෙ... :-)
Deleteඑල...
ReplyDeleteගොඩක් ස්තූතියි මිථිල...
Deleteතොගෙ මගුල් කියව කියව කෝච්චියෙ ගිහින් තව ටිකෙන් මාව පිස්සන් කොටු යවනවා මුන්. ඩ්‍රැකියො මරු මචෝ...
ReplyDeleteඅප්පට සිරි...! දිලා. දැක්ක කල්...!
Deleteමටනම් මු ලගදිත් සෙට් උනා හිස් අහසේදී
Deleteදවස් ගානක් ට්‍රයි කරලා අදයි පෝස්ට් එක කියෙව්වෙ. අපොයි මේක පුරුෂාධිපත්තිය රජ කොරන ඉසව්වක් වෙලා නෙව. මං යනවා. හැබැයි ඉතිං කතාව මරු.
ReplyDeleteපුරුස මොකක්? එහෙම එව්ව මෙහෙ නෑ නගා... ඕනෙ එකෙක් වෙල්කම්. ගොඩක් ඉස්තූතියි බයි ද වේ... දිගටම අප සමග රැදී සිටීම ලොකු හයියක්.
Deleteගමේ එකෙකුට නයෙක් ගහලා දේවාලෙට ගෙනල්ලා
ReplyDeleteකපුවා - "කොයි පුර කොයි දෙස්?
(කොයි දෙසේද?/ ගමේද )
ගමේ එවුන් - "පහල කරබවෙස්
(පහල කරබවේ )
කපුවා -" කිං කාරනා දෙස්?
(කරනවා මොක්කක්ද?
ගමේ එවුන්- "පුංචි අප්පුට පුස්"
පුංචි අප්පුට නයෙක් ගහලා
සෙන්න ද කොහෙද ඉතුරු ටික ලියල තිබ්බ,
Deleteකපුව: “නයි දැං කෝස්“
ගමේ එවුං: “ඌට හුකෑස්“
කවි ටික නම් පංකාදුයි...කොහෙන්ද බොලා මේ කරුණු කාරණා හොයාගන්නෙ...
ReplyDeleteකියවපුව,
Deleteතාත්ත කියපුව,
මළගෙවල් වලදි අහං හිටපුව,
ආදී වශයෙන්...
ේ අංගම්මන සුමන කියන්නෙ ඇත්තටම කවුද ?
ReplyDeletehttps://www.facebook.com/public/අංගම්මන-සුමන
DeleteThis comment has been removed by the author.
ReplyDeleteBut' why...? Oh why...??
Deleteකෝ යකෝ උත්තර ?
ReplyDeleteඇයි බන් හිටපු ගමන් ලෝර්ඩ් වෙන්නේ නැතුව මේක ලෙඩ දෙන්නේ
අනේ මංද මෙන්ඩො...
Deleteලියපන් කෝ
ReplyDeleteමේ ලියනව...
Deleteඩ්‍රැකී. ඉතුරු කතා ටිකත් ලියමුද?
ReplyDeleteඅනිවා... ළඟදීම...
Deleteඇති යන්තං ...
ReplyDeleteනිවන් යන එක ලේසයි මුගේ බ්ලොග් එකට එනවට වඩා ..
උත්තර කෝ
මේ තියෙන්නෙ...!
Deleteඅඩෝ මේවට උත්තර දීපන් ...
ReplyDeleteඋබට වැඩ වැඩි කියලා අපිට පාන්ද
නෑ. කිඹුල බනිස්...
Deleteතෝ මළා ද????
ReplyDeleteලෙඩේ නං තාම එහෙමමයි.
-னයා-
එලොව ගිහිං මෙලොව ආව
Deleteතොට னයා ගහලද???
ReplyDelete-னයා-
ගැහුවනං උඹට මතක නැතෑ...?
Deleteබඩු හරි වගේ. කවද්ද පෙට්ටියට ඇன ගහන්න එන්න ඕන.
ReplyDeleteලෙඩේනං තාම එහෙමමයි.
-னයා-
මතක් කරන්ඩ එපා. පෙට්ටියි ඇනයි
Deleteඅඩෝ ඩ්‍රැකියෝ..... මොකෝ උඹ බහුදින යාත්‍රාවකටවත් නැග්ගෙයි?
ReplyDeleteජයවේවා..!!
නෑ බං ගස්... මේකට එන්ඩ වෙලාවක් නැතුව උන්නෙ. මටවත් බැරි උනානෙ මේකෙ කමෙන්ට් එකට රිප්ලයි කොටා ගන්නකං මේක එක හැටියකට තියාගන්ඩ
Deleteදැංනං ශුවර් බොට னයා ගහලම තමයි.
ReplyDeleteගැහුව ගැහුව... හනේ ඉතිං මොකටද මයෙ කට?
Deleteඋඹ වතුර කොනට යනකොට දැක්කෙ නැද්ද னයා ඉන්නව ඇලේ.
ReplyDeleteමේක ලියහං மெරුං කන්නැතුව.
නයා ඇලේට හිටියෙ සූර් වෙලා...
Deleteතෝ අලුත් අඩවි හදාගෙන අඩව් අල්ලන්න හැදුවට අපි අහුවෙන් නෑ. මේක ලියපිය.
ReplyDelete-னයා-
මේ ලියනව මේ ලියනව...
Deleteආ, දැටි උලහ මල්ලී.. කෝමෙයි ඉටිං
ReplyDelete-னයා-
මම සැපෙන් සිටිමු. පොසන්න අක්කා සෙපෙන් සිටිමුද? පොසන්නයියාටත් සැප වවා!
Delete- මේවග ඩැකා...
னයා මළා.
ReplyDeleteඇන්නේ සිරිපාල
Deleteතෝ ඉන්නවද???
ReplyDeletehttps://www.youtube.com/watch?v=N0J1I-9dnqA
Delete😄😄
ReplyDeleteස්ස්ස්තූතියි
Delete