අපෙ බාප්පා කන්තලේ වැඩ කරන කාලේ...
මේ වෙන කොට මගේ ආදරබර පාඨක (නයි පාඨක ද ඇතුළත් ව) කැලට අමතකත් වෙලා ඇති අපේ අන්දිරිස් කිත්තා, සුවාතා, විලියොං ආතා සහ බාප්පගේ හපංකම්. ඒ ගැන පටුනක් පල්ලෙහයින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ කතාවත් කියවලා ඉම්මු.
ඔන්න ඉතිං අපේ බාප්පා කන්තලේ ගස් කපන වාඩියේ වැඩ කරන කාලේ, එක වංගියක් සරුවට වැවුණු අක්කර දෙතුන් සීයක බටකොල ගාලක් කපන්න සෙට් වුණා.
ඔහොම වැඩ කරගෙන ඉන්න අතරෙ, බාප්පා බට කොල පඳුරකට ගහපු පොරෝ පාරක් වැදුණා, අලියෙකුගෙ පුංචි කකුලට. බටකොල ගාලෙ සනීපට සිනීඳුවට බටකොල කකා හිටපු අලිය අංදුංකුංදුං වෙලා මේ මෙකද වුණේ කියල බලද්දි දැක්කෙ බාප්පව. "අද දෙන්නං තොගෙ පුංචි කකුල කල්ක චූර්ණ වෙලා යන්ඩ" කියලා හිතාගෙන අලියා බාප්පගෙ පස්සෙං එලෝගෙන ආවා.
බාප්පත් හෙණ දීර වීර එඩිතර මිනිහා. උන්දැ කළේ මොකද, අලියට ආ වේගෙන් ම දුවන්න සැලැස්සුවා. ඒ කොහොම ද, උන්දැ ඉස්සර වෙලා දිව්වා. අලියා උන්දැගෙ පස්සෙන් දිව්වා.
අලියා දැන් හොඬවැලත් උස්සගෙන වලිගෙත් උස්සගෙන දුවගෙන එනව පස්සෙන්. බාප්පා මෙහෙම මෙහෙම දුවනව...
ඔහොම යද්දි බාප්ප වැටෙන්ඩ ම ගියා. අත්දෙක බිම තියලා වාරුවක් ගත්තා. එහෙම වාරු ගන්නකොට, බිම තිබුණු ගල් කෑලි දෙකක් අතට අහුවුණා.
බාප්පා දුවන ගමං ම හැරිලා අලියට ගැහුවා ගලකිං.
හොඬවැල උස්සගෙන හති දාගෙන දුවගෙන එන අලියගෙ කටට තමයි අර ගල වැටුණෙ. අලියා ගුඩුස් ගාල ඒක ගිල්ලා.
බාප්ප ආපහු අනික් ගලෙනුත් ගැහුවා.
ඒකත් වැටුණෙ අලියගෙ කටට. අලියා ඒකත් ගුඩුස් ගාල ගිල්ල විතරයි, අලියගෙ බුරියෙන් ගිණි දල්ලක් මතු වුණා. අලියා දුවන වේගෙට හුළං වැදිලා අර ගිණි දල්ල ටිකෙන් ටික ලොකු වෙලා මහ ගිණි ජාලාවක් වුණා.
ආන්න එතකොටයි අලියා නතර වුණේ.
ඉතිං එදා ගස් කපන වාඩියෙ රෑ කෑමට රෝස්ට් කරපු අලි මස් තිබුණා.
කොහොම ද ගිණි ගත්තෙ ඇහුවා? රවි අයියගෙ මාමණ්ඩි කියනව වගේ ආාාන්න ඒක තමයි මේකෙ තියෙන අවයවය.
අලිය කාල හිටියෙ බඩ පිරෙන්ඩ බටකොළ. ගල් දෙක බඩට වැටුණ ගමං, ඒ ගල් දෙක එකට වැදිලා, ගිණි පුපුරක් හට ගත්තා. ඒ ගිණි පුපුරෙන් බඩේ තිබුණු බට කොළ ටික, බට කැලේ ගිණි ගත්තා වගේ ගිණි ගත්තා.
මෙතෙක් ලියපු ඇත්ත කතාවලට පටුණ...
3. අලිමාලය
6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම
10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා
12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්
13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්
16. ලබ්බෙ මගුල
18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි
19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා
20. විකුම්ගෙ වික්‍රම
21. නුවරඑළියෙ වග
22. අරුම ගමන
23. කළුවර
විශේෂ ස්තූතිය - රොමයියගෙ කයිය පොත මට දුන්න ප්‍රා ජේ ට...
ඒ උනාට මට නං හිතෙන්නෙ මේ කතාව බොරුවක් කියලාමයි....
ReplyDeleteමේ ඒක නෙමේ..... ඔය කියන මුත්තෑ මුනපුරෙක් ඉන්නවා නේද වනජීවී එකේ.. එවුන්දෑ නේද අර ලඟදි දවසක ගහක බැඳපු අලියෙකුට ගිනිබිඳලා තිබුනෙ....
"බොරු" කියන්නෙ මොනවද ඩෑන්? මං දන්නැති වචන කීපයෙන් එකක් ඔය. තව එකක් තමා "බය".
Deleteවනජීවියෙ අර කොටියා හිටපු ගහ කැපුවෙත් ඔය කියන මුණුපුරා ම තමා.
මොනා උනත් උගේම ගින්දරෙං ඌව රෝස් කරගෙන කාපු එක කැත වැඩේ ආ...
ReplyDeleteඒක අලියගෙ ගින්දර නෙමෙයි. ගල් දෙක විසික් කළේ බාප්පනෙ. බාප්පගෙ ගින්දර.
Deleteතවුසෙගෙ පොට්ට බාප්ප ගහපු පොරෝ පාරකිං ඔය පඳුරු අස්සෙ හිටිය னයෙකුත් බේරිලා තිබුනෙ අනුනවයෙං.
ReplyDeleteපොට්ට? පොට්ට විතරක් නෙමෙයි යකො...! ඒ අපේ වඳ බාප්ප. පුතෙකුයි දුවෙකුයිත් ඉන්නව.
Deleteඅනේ ඒ බාබක්‍යු එක.😜
ReplyDeleteවසරේ දැවැන්ත ම බාබක්‍යු එක!
Deleteශිහ් , අලි මස් කාල නැහැනේ. ඔය බප්පව් අහඹ වෙන්න විධිහක් නැත්ද ? මින්නේරිය පැත්තේ අලියෙක් වත් එලා ගන්ට
ReplyDeleteඅලි මස් සොසේජස් වත් කාල නැද්ද? අලි කන් සැන්ඩ්විච් වත්?
Deletehttps://en.m.wikipedia.org/wiki/Pig%27s_ear_(food)
Deletehttps://www.allrecipes.com/recipe/20989/elephant-ears/
කවුද දන්නෙ අලි කන් සැන්ඩ්විච් ගැන කතාව?
Deleteඅනේ කියහංකො බං!?
Deleteඑහෙම එකකුත් තියෙනව ද ?
Deleteමං බලං උන්නෙ කවුරු හරි ආරාදනා කරන ගමං, මේ කතාවත් කියන්ඩ කට කහනව...
Deleteඔන්න ඉන්ටනැෂනල් හෝටලයක් තිබුණලු, (කොළඹ පිටකොටුවෙ කෝවිල හරියෙ) ඒකෙ ඉස්සරහ ම ගහල තියෙනව දැන්වීමක්, "ඔබට අවශ්‍ය ඔ්නෑ ම කෑම ජාතියක් අපි සපයන්නෙමු. ලබා දීමට අපොහොසත් වෙතොත් රුපියල් පන්දහසක් ඔබට අපි ලබා දෙමු" කියල.
ඉතිං ඔය හෝටලේට ගොඩ වුණු අපේ රවි අයියා (ඔව්... අර මෑතක දි අණ්ඩ කම්ප්‍රෙෂර් වෙලා ඉන්නෙ. ආං එයා.) හිතාගත්තලු ඔය දෙනවයි කියන පන්දාහ ගන්ඩ.
ඉතිං හෝටලේ ඇතුලට ගිහිං මේසෙයක් ළඟ වාඩිවෙලා, වේටර් ට කිව්වලු, "ළමයා, මට අලි කන් සැන්ඩ්විච් එකක් ගේන්ඩ" කියලා.
වේටර් ඔලුව කහ කහ කුස්සියට ගියාලු. ටිකකිං කෝකියා එලියට ඇවිත් රවි අයියට රුපියල් පන්දාහක් දික් කළා ලු. "අනේ ෂර්, මාත්තියාගේ ඔ්ඩර් එක අපට දෙන්ඩ තමා ඇටියක් නෑ. ෂොරි වෙන්ඩ" කියලා.
රවි අයියත් පන්දාහ අරං සාක්කුවෙ දාගන්න ගමං කිව්වලු, "ඒ්කනෙ ඔ්යි. කරන්ඩ බැරි දේවල් බෝඩ්වල දාන් නැතුව පාඩුවෙ ඉන්නවා" කියලා.
එතකොට කෝකිලයා කියනවලු, "නේ නේ ෂර්. අප්පි කරන්ඩ බැරි වෙඩ බෝට්ටෙකේ දාලා නේ. අද අර අලි කන් සයිස් ලොකු පාන් ඉවර වෙලා. මං බේකරියටත් තමයි කතා කෙරුවා. ආයෙ හෙට්ටඋදේ තමා පාන් හම්බෙන්නේ... ෂ්ර හෙහෙ උදේ තමා එන්ඩ. මම සැන්ඩ්විච් ඔක්කොම හදලා තියන්නාං" කියලා.
අඩෝ ඒක!
Deleteපිටකොටුව පැත්තෙ ගිය වෙලාවක යන්ඩ මේ හෝටලේට. ලොකේෂන් ඕනෙ ද?
Deleteඔය බාප්පා වාඩිවෙන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තෙද, විරුද්ධ පක්ෂය පැත්තෙද?
ReplyDeleteඔය දෙපැත්ත ම එකයි. ඔක්කො ම යාළුවො මල්ලී...
Deleteඅලියාගේ සෙන්ටරේ තියෙන පස්වෙනි පුංචි කකුලට කොටලා බාප්පා ඔහොම බේරුනා මදැයි...
ReplyDeleteආන්න. අසංග ට තමයි තේරුණේ.
Deleteබොලං අර මැංචෝසන් සාමි කැලේනේ උඹ ලියන ඒවත් එක්ක බැලුවම. ඇර ඇර...
ReplyDeleteඔය කිව්වට එහෙම අරින්ඩත් බෑ බ්‍රදර්... හික්!
Deleteකෙප්ප බින්න පරපුරකින් පැවත එන
ReplyDeleteකටේ නොගෑවී 'ඇත්තම ඇද බාන'
නුවරෙළියට සින්න වෙන පාටක් පෙනෙන
අලකොමා දිනේවා! තව ලියපන්න
නුවරෙලියත් ලංකාවෙම කොටසක් ය
Deleteඒ බව තේරුණෙන් මට මෙහෙ ඇති වීය
පුදුමාකාර ටෙන්ෂනයක දුව යාය
යන්‌නේ කවදාද මේ රට අත හැර ය
යන්ඩෙපා අයියා යන්ඩෙපා මේ රට හැරදා
Deleteඅයියා ගියත් னයියා අමතක වේ ද?
Deleteයන තැනක මාවත් අරං පල.
Delete-කැලි හයේ ටෝච් එක -
කෑලි කීයක් රන් කරනවලු ද, ටෝච් එකෙන්?
Deletehttps://www.livescience.com/62105-smoking-breathing-elephant-explained.html
ReplyDeleteඒ පොල් මුඩු කාලා, ගල් දෙකක් ගිලපු අලියෙක්.
Deletehttps://www.pinterest.com/pin/403142604140733049/
ReplyDeleteගිනි කන්දක් අලියෙක් වෙලා?
Deletehttps://www.dragon-mania-legends.wiki/wiki/Elephant_Dragon
ReplyDeleteඒකගෙ බිත්තරෙත් දල තියෙනව.
Deleteඑල ද බ්‍රා..බප්පායි..අලියයි..
ReplyDeleteඅද පොඩිම මෙන්ඩට කියන්න ඔනේ...
අඩෝ ඩෝ ඩෝ ඩෝ ... ! දැන් පොඩි ම මෙන්ඩත් මට ආදරේ වෙනව...
Deleteපරන කතා ටිකත් බලලා එන්න...
ReplyDeleteඑහෙනං එහෙනං... මතක ඇතුව උඩුකුරුඤ්ඤං කතාවත් පොඩි ම මෙන්ඩට කියා දීහං.
Deleteයකෝ මෙහෙම බොරු ඇදබාන්න ගියාම ෆේස්බුක් එකට විතරක් නෙමේ බ්ලොගර් එකටත් කෙලිනවා මහ අලියා..
ReplyDeleteඅඩෙහ්...! පොර තිත තියයි ද, බ්ලොග් එකටත්?
Deleteආහ්. තවත් කතාවක්.
ReplyDeleteජයවේවා
ජයවේවා! ලියවේවා!
Deleteනිර්මානශීලීත්වය!
ReplyDeleteමැංචෝසන් චරික කියවලා තියෙනවා! ඒ වගේම අපේ පාසැල් පොත් වල තිබුනා අර ගහක රෑ එළිවෙන තුරි ඉන්න කොට තමන් ගාවට හෙමීට ආව පොගහලින් වෑවරයක් බීපු කතාවක්!
බලන කොට පිඹුරු තඩියෙක් ගෝනෙක්ව ගිලලා!
උගේ අං තට්ටුව පිඹුරාගේ හම ඉරාගෙන ඇවිත්.
පොල්ගසකින් වැටුනු පො ගෙඩියක් අං තට්ටුවේ ඇමිනිලා ඒක පැල වෙලා මහ ගහක් වෙලා. දැං පිඹුරා යන යන තැන යනවා - පොල් ගහත්!
සැබෑ නිර්මාණ!
ඔන්න ඔය පිඹුරු කතාව, ඔරිජිනල් ටෙක්ස්ට් එකෙන් ම මම පළ කළා, උඩ තියෙන පටුනෙ 22 වෙනියට තියෙන්නෙ ඒක.
Deleteමේක නං මගෙ නිර්මාණශීලිත්වය නෙමෙයි. කතාව හදපු කෙනාගෙ. මං කරන්නෙ තුන පහ ටිකක් දාලා මෙතන ආපහු පළ කිරීම විතරයි.
යකෝ මේක මරුම මරු අලුත් කතාවක් නෙ..........
ReplyDeleteදාලා තියෙන අනිත් ඒවයෙනුත් ගොඩක් ඒවා කියවලා නෑ වගේ....
ඒ ටිකත් කියවලම එන්නං.........
ආාාන්න ඒකට තමයි පහළින් පටුනක් දැම්මෙ...
Deletehttps://www.youtube.com/watch?v=8RuQZtqz0lo
බාප්පා ඉතා දක්ස ලෙස අලියා මෙල්ල කර... අනුබව කර තිබෙනව. ජයින් ජයම වාවා !
ReplyDeleteඇත්ත කියහං. උබ නේද රොමා, කරෝලිස් අයියට දුන්න ලියුම ලියල දුන්නෙ?
Deleteමෞන අඩව්වකටද ඩැකී... තා මේ මාව අල්ලන්න හදන්නෙ හිටං
Deleteඋබ කියෝල ම නැද්ද, රොමාගෙ වාසනාව පොත?
Deleteනෑ ඩ්‍රැක්ස්!
Deleteකරෝලිස් අයියෙ
Deleteසැප සනීප කහමද?
මා නග් සපෙන් සිටිමු
අයියාටත් සැප වවා!
නෑ නෑ... මෙහෙම...
Deleteකරලිස අයා වෙත ලයමි,
තරාලිස් අයේ, සෙප සනීප කහමද? මම සැපෙන් සිටිමි. අයාත් සෙපෙන් සිටිනෙමු ද? මැගිලින් අක්කාටත් සැප වවා!
මේ වග - රමා.
වංගියක් මම බ්ලොග් එකේ රොමාගෙ වාසනාවෙ, රොමයි කරෝලිස් අයියයි රොටි කාපු හැටි මතකයෙන් ලිව්වා. ඒ පෝස්ට් එක තමයි වැඩියම බලල තියෙන පෝස්ට් එක. මං ගැන දුක හිතිලා, පාඨකයෙක් මට පොත තෑගි කලා.🙏🫠
Deleteමේ තියෙන්නෙ...
Deletehttps://frozenlazyowl.blogspot.com/2014/02/blog-post_26.html
මේ අර ජර්මනියෙදි යකා වැහිච්ච අලියද. හපොයි!
ReplyDeleteහපොයියා තමා...
Deleteඅඩේ අර "රොමයියගෙ කයිය" ස්කෑන් කරල අපටත් රසවිඳින්න දෙන්න බැයිද?
ReplyDelete-පොත් ගාණ නොව, ෂිපින් ගාණ දැක්කාම "හික්" ගෑවෙන අවාසනාවන්ත බස්සෙක්-
හරි...! දෙඤ්ඤං! පිටු ගාණත් අඩුයි.
Deleteඋඹට ඒ පිනම ඇති නිවන් දකින්න.🙏👌
Deleteදැම්ම නිවන් දකින්ඩ බෑ. දෙව් මිනිස් සැප කෙළවර...
Deleteමූව නිවං යවන්න බෑ අලිය වගේම පත්තුකරල තමයි යවන්නෝන.
Deleteඉඳගෙන.
පත්තු කරගෙන යන්නෙ ටෝච් එක...
Deleteඅපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!
ReplyDeleteඅඩ්ඩ්ඩෙහ්...! වේලෙන්ඩ කලිං පත්තරේ දාල නෙ...
Delete