Thursday, May 2, 2013

අලි මාලය - ගජබින්නාලංකාරයේ තෙවන කතා වස්තුව


කොයි ගමක වුනත් ඉන්නවානේ බොරු පැළ කරන්න පුළුවන් උදවිය. ඒ අයගෙන් ගමේ ගොඩේ ඕනෙම අවස්ථාවකදි (ඒ කියන්නෙ, මළ ගෙදරක, ශ්‍රමදානෙක වගේ) මහන්සිය, පාළුව මැකුණ එක සමාජමය වශයෙන් ඉටු වුණ මාර සේවයක්. මම පොඩි කාලෙ අහපු කතා, යාළුවන්ගෙන් අහගත්ත කතා එහෙම ඇතුළත් කරලා ගොනු කරන  ගජබින්නාලංකාරයෙන් මම බලාපොරොත්තු වෙනවා ඒ ජන සාහිත්‍යය එක් තැන් කරන්න. ගජබින්නාලංකාරයේ පළවෙනි කතාවත්, දෙවැනි කතාවත් මේ ලින්ක් වලින් බලාගන්න පුළුවන් වෙයි. තුන්වෙනි කතා වස්තුව විදිහට අද කියන්න යන්නෙ බොහොම චුට්ටං කතාවක්.

අපේ සීයගෙ තාත්තා වුණ සුවාතා කොලු ගැටය කාලේ ගම්පහ සුදු ඒජන්ත මහත්තය අපේ ගම්මුලාදෑනියට පණිවිඩයක් එව්වලු අලියෙක් අල්ලල දෙන්න කියලා. ගම්මුලාදෑණියත් ඉතින් ගමේම හිටපු සූරයා වුණු සුවාතට ඒ වැඩේ බාර දුන්නලු. සුවාතා කළේ අවශ්‍ය කළමනා ටික එකතු කරන් ගමේ ඉස්මත්තෙ තිබ්බ කැළේට ගිය එකයි. තනියම තමයි එයා ගියෙ. මොකෝ අපේ පරම්පරාවෙ කවුරුවත් දන්නෙ නෑ ඔය සාමාන්‍ය උදවිය හැම තිස්සෙම කියන ‘බය‘ කියන වචනෙ තේරුම. (මාත් තවම හොයනවා.)

අලි අල්ලන්න ඕනෙ කරන කළමනා තමයි:

1. හකුරු හොන්ඩරයක්,
2. හයිය තියෙන කඹ හතක්,
3. හකුරු දිය කරගන්න ලොකු භාජනයක්.

ඉතින් සුවාතා, කඹ හතම ගහක ගැටගහලා එකට අඹරගත්තලු එක කඹයක් වෙන්න. ඊට පස්සෙ ඒක ලිහලා අරං, හකුරු ටික ඔක්කොම දියකරලා, කඹේ සම්පූර්ණෙන්ම ඒ හකුරු දියරෙ පෙඟෙව්වලු. ඊට පස්සෙ හොඳ හයිය තියෙන ගහක (මිරිස් ගහක නෙවේ) කඹේ එක කොණක් ගැටගහලා, ගෙදර ගියාලු.

අලි හරිම ආසයි පැණිරසට. ඉතින් සුවාතගේ බලාපොරොත්තුව උනේ අලියෙක් ඇවිත් අර කඹේ ගිළගෙන ගිළගෙන ගිහින් ගහ මුලින් නතර වෙයි කියලා. ඒත් පහුවදා උදේ යන්න බැරි වෙලා ළග ගෙදරක මළ ගෙයක් වෙලා. ඉතින් දවස් හතේම රෑ නයිට් ගහලා, හත්දවසෙ දානෙන් පස්සෙ .ගිහින් බලනකොට, ගහ මුල අලි පෝළිමක් ලු එකා පස්සෙ එකා.

වෙලා තියෙන්නෙ, එක අලියෙක් ගිළපු ලණුව උගේ බෙටිත් එක්ක හරි මාර්ගයෙන් එළියට ආවට පස්සෙ තව එකෙක් ගිළලා. ඊට පස්සෙ තව එකෙක්, ඊට පස්සෙ තව එකෙක් වශයෙන් ඒ විදිහට අලි දහ දෙනෙක් ලණුවට අමුණලා, සුවාතයි ගම්මුලාදෑණියයි සුදු ඒජන්ත මහත්තෙයට තෑගි කළාලු අලි මාළයක්.


ගජබින්නාලංකාරයේ මී ළඟ කතාවෙන් හමුවෙන තුරු ආයුබෝවන්.

මේවගේ ගල්පැලෙන පට්ටපල් ඇත්ත කතා තියෙනවනම් එවන්න මගෙ ඊ ලිපිනය ට : drackey@gmail.com නැත්නම් කමෙන්ට් එකක් විදිහට දාන්න.

පින්තූර ඉස්සුවෙ :
http://creatureartteacher.com/static/513a1e95e4b0d066f2382c86/513a4d1fe4b0b7c3a752d056/513a4d22e4b0b7c3a752d15a/1362775330470/1000w
http://iamanartstudentwhatamidoing.blogspot.com/2009/03/elephant-tattoo.html

ප/ලි මිසිස් ඩ්‍රැකී අහනවා ඇයි අනේ ඔයා කම්කරු දිනේ ගැන මොනවත් ලියන් නැතුව ලණු ගිලින එක ගැන ලියන්නේ කියලා. මට ඒකට දෙන්න උත්තරයක් නම් තාම හිතට ආවෙ නෑ.

46 comments:

  1. hondai machan galapena kthawa...!
    digatama liyanna api ennawa balanna..:)

    ReplyDelete
  2. ඉෂ්ටූටියි ඉෂ්ටූටියි !!!

    ReplyDelete
  3. අවුලක් නෑ ඒකෙත් ලණු ගිලින එක නේ කළේ. මම සින්ඩියෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්නම්. පෝස්ට් එකට පින්තූරෙකුත් එල්ලන්න. කතාවට අදාල ටිකක් ඇහැ යන එකක්. කොපි පේස්ට් කරන්න එපා. බොග ලියන් තැන තියෙන ඇඩ් පික්චර් අයිකන් එකෙන් දාන්න. මොකෝ සින්ඩිවල, බ්ලොග්වල පින්තූරෙත් එක්ක පේන කොට බලන අය වැඩියි.

    ReplyDelete
    Replies
    1. උපදෙස් වලටත්, මග පෙන්වීමටත්, අතදීමටත් ගොඩක් ස්තූතියි.
      ඕං කියපු දේවල් ටික කළා. සාර්ථක නෑ කියල හිතෙනවනම් වෙනස් කරන්න ඕනෙ තැන් ටික කියන්න.

      Delete
    2. ඔය තියෙන්නේ මල් හතයි, බුලත් හතයි, කැවිලි හතයි, පළතුරු හතට... ජයවේවා....!!!

      Delete
  4. මරු කතාව! මිසිස් ඩ්‍රැකීට කියන්න මැයි පළවෙනි දා කියන්නෙත් හොඳ ලණුවක් තමයි කියලා. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ ඒකම තමයි නෑනො...

      Delete
  5. මට එක පාරටම මතක් වුනේ මාටින් වික්‍රමසිංහයන්ගේ බේගල්. මේකත් ඒ ස්ටයිල් එකේ කතාවක්. මාතලන්ගේ පාර කීමට ආවේ.

    ReplyDelete
  6. වෙද මාමව මගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා. බේගල් කියන්නෙ ඉතින් අපේ ජන සමාජයෙන් මැකිලා යන තවත් අංගයක්නෙ. මගෙ මේ වෑයම ඒවා එකතු කරන එකයි.

    ReplyDelete
  7. සැලෝන් දොරෙන් ගිහිල්ල පලතුරු වට්ටි පිටින් අලි ගිලින,ඇත්ත කතාව අදනෙ දැනගත්තෙ.
    අනිත් කතා ටිකත් පස්සෙ බලනව.
    මාතලන් කිව්ව ලෙසට පාර සොයා ආවා.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි සං සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  8. අඩේ ඕකට ගත්තේ දිවුලයක් නෙවේද?මම අහලා තිබ්බේ දිවුල් ගෙඩියක් ලණුවක ගැට ගහලා තිබබා කියලා. මොනවා උනත් පට්ට. හෙමීට ඇවිත් සේරම ටික කියවන්න ඕන. අපිත් ආවේ මාතලන් පස්සේ ඕන්.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්... දිවුලෙ වර්ෂන් එකත් මම අහල තියෙනවා. ඒවුනාට මේක අපේ බාප්පා ඔරිජිනල් කිව්ව ක්‍රමේ.

      Delete
  9. මාතලන්ගෙ බොගෙන් දැකල තමයි ආවෙ...කතාව කියවනකොට මට මතක්වුණා මම කියවපු තව පොතක් රොමයියගෙ කයිය කියල ඒකෙත් මේ වගේම කතා තියෙනව

    ReplyDelete
    Replies
    1. හැලපයියටත් වෙල්කම් කිව්වා. අර රොමයියගෙ කයිය හොයාගන්න ක්‍රමෙයක් නැද්ද හැබෑට? ඒ වගේ දේවල් එකතු කරල තියන්න ඕනෙ අපේ අනාගත පරම්පරාවට දැනගන්න.

      Delete
  10. හක්ක හක හක...

    කොහොමද කෑම????
    අතිවිශිෂ්ඨයි සෑර්... අලිටික කිව්වලු ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙනං අපිටත් රාජ්‍ය ගෞරව ඈ ? රජාවත් සාදරයෙන් පිළිගන්නවා

      Delete

  11. මාතලන්ගේන් පාර හොයා ගත්තේ....
    නියමයි බන්,උබේ පොස්ට් ටික ඔක්කොම බැලුවා.
    සුපිරියි බන්,එකෙන්ම.....

    ReplyDelete
    Replies
    1. ටැංකූ ටැංකූ. වෙල්කම් වේවා!

      Delete
  12. ඩ්‍රැකිය නම් වෘත්තීමය නයිට් ගහන්නෙක් ද කොහෙද :D :D :D

    ReplyDelete
    Replies
    1. හෙහෙ හෙහෙ හෙහෙක්.... ඒ කාලේ රෑ නයිට් ගහල අපි ගත්ත ආතල් දැන් ඉන්න පරම්පරාව දන්නෙත් නෑ මෙයා.

      Delete
  13. එල කතා ටික.. :D

    ReplyDelete
    Replies
    1. ඉෂ්ටූටියි ඉෂ්ටූටියි...

      Delete
  14. අදමයි බං ආවේ අර හැලප කඩේ හරහා. මේකත් බං අර මැංචෝසන් චාරිකා වගේනේ. පට්ට කතාව. දැන් නිදි මතයි. ඉතුරු කතා ටික හෙට බලනවා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් හෙන්රි අයියා... දිරිගැන්වීමට ස්තූතියි.
      දැන් වෙලාව හරි නැගිටින්න... තව කතා තියෙනවා බලන්න.

      Delete
  15. මේක නියමයි බන්.

    ReplyDelete
    Replies
    1. ඉෂ්ටූටියි ඉෂ්ටූටියි...

      Delete
  16. ලියවිල්ල සුපිරියි
    චන්ද්‍රඅනගිරත්න මහතාගේ නුතන ගජබින්නලකාරය පොත මතක් වෙනවා.
    බේගල් රැකියයුතු අපේ දෙයක් තමා
    මාතලන් තමයි පාර කිව්වේ මේ පැත්තට එන්න

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි.
      සාදරයෙන් පිළිගන්නවා. ‘නිකම්‘ ඉන්න වෙලාවක් තිබුණොත් ගොඩ වෙලා යන්න ආයිබෝං.

      Delete
  17. ජය වේවා.. සුපිරි ලිවීමක්..

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි...

      Delete
  18. මාතලන් පාර කී නිසා ඔළුව දාලා බැලුවා..පරන ලිපි ටිකත් කියවලම කමෙන්ට් එකක් දාන හිටි නිසා පරක්කු උනා..නියමයි ! ඔහොම ලියන් යමු !

    ReplyDelete
    Replies
    1. ටැංකූ වෙනිවැල් අයියා.

      Delete
  19. ඇයි බන් පොඩි අලි ඔය ලනුව වටේට කැරකෙනවා. ලොකු අලි උස හින්දා පොඩි එවුන්ගේ කකුල් පොළොවේ වදින්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. මරු කතාව ඒක.... ටැංකූ ටැංකූ....

      Delete
  20. ලණු ගිලින අලි !! මුං ගිලින්නෙම ලණුනෙ,..

    ReplyDelete
    Replies
    1. අලි ලණු ගිලිනව ව්තරක් නෙවෙයි, උන් ගෙන් කැමති කැමති විදිහට මාල හදන්න වුනත් පුළුවන්නෙ.

      Delete
    2. ලංකයියට ලේසි වෙන්නේ නැහැ වගේ මේකත් එක්ක...

      Delete
    3. ලංකයියත් නොම්මර එකේ ගජබින්න කාරයෙක් තමා.

      Delete
  21. මෙව්වනේ කතා කිව්වලු :P

    ReplyDelete
    Replies
    1. මෙව්ව තමා, මෙව්ව තමා....

      Delete
  22. This comment has been removed by a blog administrator.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි