බාප්ප යි තාත්තයි කරපු සමාජ සේවයක් ගැන බාප්ප කියපු කතාවක් මේ. බාප්පා ගැන පළවෙනි කතාව මෙතනින් කියවන්න ඇහැකි.
අපි පොඩි කාලේ වෙල අයිනේ නාන ළිං වලින් තමයි නෑවෙ, රෙදි හේදුවෙ එහෙම. මේ වගේ ළිඳක් ගැන සුනිල් පෙරේරා සූරීන් තමන්ගෙ ‘ළිඳ ළඟ සංගමය‘ කියන සිංදුවෙනුත් කියනවනෙ.
හොඳටම පායන කාලෙට ගමේ ළිං වල වතුර අඩු වෙනවනේ. එතකොට මිනිස්සු ගෙදර ළිඳේ වතුර බොන්න තියාගෙන, වෙළ මැද්දෙ ළිඳක් කපනවා. ඒ වගේ හොඳටම පායන කාලෙක බාප්පයි තාත්තයි ගමේ අනික් කාණ්ඩෙත් එක්ක වෙළේ අපේ වත්තට අයිනෙන් ළිඳක් හාරන්න පටන් ගත්තා.
කට්ටියත් ඉන්න එකේ ලේසියෙන් දවසකින් විතර ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන හෑරුවට, මේ ළිඳ කපනවා කපනවා ඉවර වුනේ නෑ. ඔන්න එක්කෙනෙක් බැහැලා හාරනවා. ඊට පස්සෙ එයා කූඩෙට පස් පුරවනවා. අනික් කට්ටිය කරන්නෙ ඒ වෙනකල් වටේට ඉඳගෙන කයිවාරු ගහ ගහ ඉන්න එක. පුරවලා ඉවර උනහම අනික් අය කූඩෙ උඩට ඇදලා ගන්නවා දබරෙන්.
බාප්පගෙ හොඳම යාළුවෙක් හිටියා ලපයා හෙවත් සාන්ති කියලා. එයාගෙ නම ට තේරවිල්ලකුත් හදලා තිබුණා ‘ඉන්දිරා ගෙ ලොකු පුතා‘ කියලා. ඉන්දිරා ගාන්ධි ගෙ ලොකු පුතාගෙ නම ‘සන්ජේ ගාන්ධි‘ ඒක අනිත් පිට පෙරළුවහම ‘ගංජ සාන්ති‘ වෙනව, කටේ හුරුවට. තව හිටියා විල්බට් කියලා උස මහත හරිම අහිංසක මිනිහෙක්. එයාට කිව්වෙ ‘රජා‘ කියලා. ගැමියන්ගෙ තිබුණ උත්ප්‍රාස රසයට ඒක උදාහරණයක් කියලා මට තේරුණේ ගොඩක් පස්සෙ.
හාරගෙන හාරගෙන දවස් ගාණක් ගියාට පස්සෙ, ළිඳේ අඩියෙ ගළක් මතු වුනාලු. (මෙතන ඉඳන් මම ‘ලු‘ ප්‍රත්‍යය එකතු කරනවා.) මේ ගළ තිබුණාවෙකො. ඒකෙන් අමුතු සද්ද ඇහෙන්නත් ගත්ත ලු. යට හිටිය ‘රජා‘ හොඳටම බය වෙලා උඩට නැග්ගලු.
යකාටවත් බයනැති අපේ බාප්පයි තාත්තයි බැස්සලු ළිඳට මොකද්ද වෙන්නෙ කියල බලන්න. ගැට උණගහ දිගේ ටික ටික අඩියට ළං වෙනකොට ඇහෙනවලු ‘මරපිය, කොටපිය, ඉරපිය,...‘ වගේ සද්ද. බොහොම භයානක කටහඬවල් වලින්. මොනව වුනත් බයට වඩා කුතුහලය තිබුණු තාත්තයි බාප්පයි කුළු ගෙඩියක් අරං ගළ කඩන්න පටන් ගත්තලු. ටිකෙන් ටික ගළ කැඩෙනකොට තමයිලු දැක්කෙ:
ගලට යටින් මතු වුනේ අපාය ලු.
හමුවෙමු නැවතත් ගජබින්නාලංකාරයේ තවත් හරවත් කථාවක් සමඟින්.
පින්තූරෙ ඉස්සුවෙ - http://marionmedical.org/images/MalawiFall07d_018.jpg
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
හික් හික්... ඇති ඔයින් ගියා.
ReplyDelete:-ඩී
ReplyDeleteකිව්ව ගජබින්නෙට තව පොඩ්ඩෙන් දෙන්නාව පොළොව පලාගෙන අපායට යනවා :P
ReplyDeleteතව තියෙනවා, දැන්ම අපායෙ ගිහින් බෑ.
ReplyDeleteසුනිල් පෙරේරා සූරීන් කියනවා, මම දන්න සුනිල් පෙරේරට ඇහුනොත් නම් ඒකා බෙල්ලේ වැල දාගන්නවා.
ReplyDeleteඉතින් එහෙමම ගල කැඩිල්ල නැවැත්තුවද නැතිනම් කොන්ක්‍රීට් දාලා ලිඳ වැහුවද දන්නේ නෑ.
මගේ බ්ලොගේ, මම කැමති අයට ගෞරවය දෙනවා.
Deleteමම හිතන්නෙ ඒ ළිඳ තවම තියෙනවා. දැන් නම් ටිකක් ගොඩ වෙලා.
ඒ වෙලවෙ බාප්ප දැක්කලු ඩ්‍රැකියා ලෝදිය හැලිය ඇතුලෙ නානව. දුක හිතිම්ල අයියට කිවුවලු ආං උඹේ කොල්ල වෙන්ඩ ඉන්න එකා ලෝදිය හැලියෙ නානවා කියලා. ඌ මොකටද ලෝදිය හැලියෙ වැටුණෙ ? ඇයි බං අයියෙ ඌ ඉස්සරහට ලියන ගජ බින්න වල පවටයි උගෙ කටේ ලෝ දිය දාන්නෙ..
ReplyDeleteඑතකොට සරත් ලංකාප්‍රිය ඒක දැකල තියෙන්නෙ කටු ඉඹුලෙ උඩට ලිෆ්ට් එකෙන් යද්දි...
Delete:D
ReplyDelete:-)
Delete:D
ReplyDelete:0)
Delete