Monday, April 25, 2022

සුවාතගේ තවත් වික්‍රමයක් - කකුල් තුනේ බීරි මුවා

ඔන්න ළමයි මේ ළඟදි ප්‍රවෘත්ති බල බලා ඉන්නකොට මට මතක් වුණා සුවතා ගේ තවත් වික්‍රමයක්. මේක ගොඩක් කෙටියෙන් ලියවෙන්න පුළුවන්. කමක් නෑ ඉතිං කියවමුකො...

සුවාතගේ අයියා තමයි විජයාතා. එයාගෙ පුතා නෙව අර ප්‍රසිද්ධ කලා භූෂණ කටුවාලමුල්ලේ වයි. ජිනදාස නම් කවියා. ඔන්න දවසක් ඔය කියන විජයාතට ලෝකෙ නැති ලෙඩක් හැදුණා. ඒක වුණේ හඳ සලබයා කියන මහා විසාල සලබයා...

පොඩ්ඩක් නැවතිලා හඳ සලබයා ගැන ඉගෙන ගෙන ඉම්මු. ගොඩක් අය දන්නැති කෘමි සතෙක් තමයි හඳ සලබයා. ඔය සතා ඒ තරම් ලොකු සතෙක් නෙමෙයි. වැඩිම උනොත් අප්‍රිකානු අලියෙක්ගෙ කන් දෙක විතර ඇති උගෙ පියාපත්. වරක් නං එයිට වඩා තුන් ගුණයක් විතර ලොකු හඳ සලබයෙක් ගැන දොස්තර ඩූලිට්ල් වාර්තා කරලා තිබුණා. ඒත් ඒ ගැන කිසිම සාධකයක් ඉදිරිපත් කරලා තිබුණෙ නෑ.

ඔය හඳ සලබයා මහ රෑ දොළහ - පාන්දර දෙක අතර කාලයෙ මහ පොළොවෙ ඉඳං, හඳට පියාඹනව. සලබයො කොහොමත් ආලෝකයට ඇදිලා යනවනෙ. උගෙ සයිස් එකට ඌ ආකර්ෂණය වෙන්නෙ හඳට ම විතරයි. 

ඔය ළමයි දැකල ඇති අපි රෑට පාරෙ බැහැල යනකොට හඳත් අපිත් එක්ක යනව. ඒ විදිහට රෑ හඳ එහෙ මෙහෙ යන නිසා සලබයට එක ඉළක්කයක් තියාගෙන පියාඹන්න අමාරුයි. ඒක නිසා තමයි හඳ සලබයා මිනිස්සු ඔක්කොම නින්දට ගියාට පස්සෙ හඳට පියාඹන්නෙ.

ඔය හඳ සලබයා දවසක් ඔහොම පියාඹද්දි උගෙ පියාපතකින් වැටිච්ච කුඩු ටිකක් අපේ විජයාත‌ගෙ ඇහැකට වැටිලා පොඩ්ඩක් රතු උනා. ඒකට බෙහෙත් විදිහට අපේ පැත්තෙ උන්නා වෙද මහත්තයෙක්, මට නම මතක නෑ. එයා කිව්වා කන් දෙක ම බීරි, කකුල් තුනේ මුවෙක් ගෙ ‌මොළේ අරං එන්න කියලා.

ඉතිං කොහොම ද ඔය විදිහෙ මුවෙක් හොයාගන්නෙ? 

ඔය වැඩේට ඉදිරිපත් වුණේ අපේ සුවාතා. කස්ටිය දැනට ම කියවල තියෙනවනෙ සුවාතගෙ දඩයම් විස්තර...

සුවාත ගෙදර ඇති කළා ඉබ්බෙක්. මූ එසේ මෙසේ ඉබ්බෙක් නෙමෙයි. ඌට සෑහෙන තරං වේගෙන් දුවන්න පුළුවන්. සුවාතා උගෙ පිටට නැගගත්තහම ඌ කොයිතරම් වේගෙන් දුවනවද කියතොත්, ඉබ්බව පේන්නෙ නැති තරම්...

ඉතින් සුවාතා අර ඉබ්බවත් අරගෙන ගියා මුව දඩයමේ. ගිහින් මුවො ඉන්න තැනිතලාවට ගොඩ වුණා විතරයි, සුවාතා දැක්කා හැතැම්ම තුනක් හතරක් ඈත ඉන්න මුවෙක්. උන්දැ මොකද කළේ... ඇහැට කන්ණාඩියත් දාගෙන, හොඳට ඉළක්කෙ අරං, වෙඩි තිබ්බා මුවාගෙ වං කණට. තියපු ගමං පැන්නා ඉබ්බගෙ පිටට. ඉබ්බා දිව්වා මුවා ගාවට. සුවාතා මුවා ගාවට ආපු ගමං, ඉබ්බගෙ පිටෙන් පැනලා, තුත්තිරි ගහක් අරං ගැහුවා මුවාගෙ දකුණු කණේ. මුවා පස්සගාතෙන් කණ කහන්ඩ පටං ගත්තා.

ආං එතකොට තමයි අර වෙඩි තියාපු වෙඩිල්ල ඇවිත්, මුවාගෙ වං කණෙං ඇතුල් වෙලා, දකුණු කණෙං පිට වුණේ, කණ කහ කහ හිටපු දකුණු කකුලත් කඩාගෙන.

මුවා ‌මැරෙද්දි, කන් දෙකම බීරියි, කකුල් තුනයි...


මේක කියවද්දි කාටහරි මොන මොනව හරි මතක් වෙනවනං ඒ ගැන මගේ කිසිම වගකීමක් නැත.


කලින් ලියපු ගජබින්න...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර


66 comments:

  1. ඔය හඳ එක එක්කෙනා පස්සෙන් යනව කියන කතාව ඇත්ත. මම ඉතිං රෑ පානෙ ගමන් යන පක්සියා නෙව? දවසක් දා රෑ කව්ද"ෂ්,ෂ්" ගෑවා. මං හිතුවෙ අපේ නාගය කියලයි. බැලින්නං හඳ. "පොඩ්ඩක් හිටිං, මාත් එනකං" කියලත් කිව්වා. ඒ වංගියෙ අහනවා" දැන් සැපද? ගෝට් චීස් එහෙම තියෙනවද?" කියාල.

    ReplyDelete
    Replies
    1. னாගය ෂ්, ෂ් ගාන්නෑ දැං.

      Delete
    2. ඇයි එච්චර සැරටම වැදුනද ටෝච් පාරක්?😨

      Delete
    3. #ගිව්අවස්ටෝලන්කොමෙන්ට් කියල තමයි දැං කියන්නෙ. හැක්..

      Delete
    4. ළිඳ වටකර ටිකිරි ගොයා හිටිය මිසක් එතන කබරළියා හිටියෙ නෑනෙ.

      னයා@පෝන්

      Delete
    5. හොඳ වෙලාවට සුවාතලෑ පරම්පරාව දේශපාලනේට නොගියෙ. මේ පණ පිහිටුවල, අමූලික ඇත්ත කියන විදිහට, ගියා නං මැදමූලනේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ.

      Delete
    6. බස්ස,
      ඔය සිද්ධිය වුණේ හඳ අපේ මිදුලට එන අතරෙදි. ඉතිං කිව්වෙ නැද්ද සැමන් ෆිලේ එහෙමත් ගණං ගිහිං තියෙන්නෙ කියල?

      னයෝ,
      බොලාට ෂ් ෂ් ගාන්ඩ බැරි, “ෂ්“ එකෙත් ගාස්තු වැඩි කරපු නිසා නේද? ඇත්ත කියහං...

      බස්සො,
      හැම පාරෙම්ම වගේ ටෝච් පාරෙනුත් කොමිස් ඉල්ලුවා னයා.

      னයෝ,
      කමෙන්ට් එක මං ගිල්ලා. ගිලපුවා මං ආපහු දෙන්නෑ. බයවෙන්ඩ එපා. පතෑංං!!

      ප්‍රා,
      සංගමේ මුල්තැන...

      පෝන්னයා,
      ටිකිරි ටිකිරි දියබරියා
      ළිඳ වටකර ටිකිරි ලියා
      කකුල කාපු කබරගොයා
      කළෙත් අරං ගෙදර ගියා

      බස්සා,
      අපේ හත්මුතු පරම්පරාවෙවත් නෑ දේසපාලනේට බහින්ඩ තරං පාතට වැටිච්ච මස්තබාල්දුවො...

      Delete
  2. ශුවර් එකටම ඔය වෙඩිල්ල තියන්න ඇත්තෙ භෞතික විජ්ජා නියම වලට අදාල වෙන්නැති උණ්ඩෙකින් වෙන්න ඇති.
    බොට ශුවර් නේද සුවාත වෙඩිල්ල තිබ්බෙ අහසට නෙමේ කියල.

    ReplyDelete
    Replies
    1. භෞතික විද්‍යා නියම? ඒ මොනවද ඒ?

      වෙඩිල්ල ටිකක් උඩට හරවල තමයි තිබ්බෙ. හැතැම්ම හතරක් පහක් යද්දි පොඩ්ඩක් විතර පාතට හැරෙනවනෙ උණ්ඩෙ බරට...

      Delete
  3. කෝ යකෝ මං මුලින්ම දාපු කොමෙන්ට් එක.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ඒක වවුලෙක් කනවා.

      Delete
    2. ඒ වවුලව னයෙක් කනවත් බොට දකින්න හම්බවෙයි.

      Delete
    3. බොට කිව්වම මොකෑ, දොරකොඩ ඇටඹ ගහේ, ඔලුවෙන් හිටගෙන කෑවෙ. ඇහැව්වම කිව්වා, පලවෙනි කොමෙන්ට් එක කියලත්.

      Delete
    4. னයෝ,
      බොගෙ කමෙන්ට් එකත් ලංකාවට එන ඩොලර් වගේ තමා.

      බකුස්,
      ඔබතුමා වගකීමෙන් ද කියන්නෙ? මං මේ ජනතාවගෙ පැත්තෙන් අහන්නෙ.

      னයෝ,
      අනේ ප්ලෑං යන්ඩ. දැන් අවුරුදු ගාණක් වෙනව, ටෝච් එකක් අරං පස්සෙං එනව ඉවරෙයක් නෑ. පුෂ් ගානව විතරයි...

      බකුස්,
      දොරකඩක් තිබ්බෙත් නෑ. ඇටඹ ගහක් තිබ්බෙත් නෑ. ඒ ගහේ වවුලෙක් උන්නෙත් නෑ. මට එහෙම දෙයක් මතකත් නෑ. නිකං බොරු කියන්ඩෙපා.

      Delete
  4. Replies
    1. වෙල්කම් ඈ. කොහොමද සුවාතගෙ අපේ වැඩ?

      Delete
  5. හඳ සළඹයා කියලා එකෙක් ගැන ඇහුවෙත් අද....අර මුවාට නඩු එහෙම තිබිලා නැද්ද...?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      ඔය නදීස් කියල තියෙන්නෙ. ආං ඌ. මුවාට නං නඩු හත අටක් තිබිල තියෙනව, කෝපි කඩේ රඟපාන්ඩ ගහපු ගිවිසුම කඩකරපු එකත් එකක්.

      නදීස්,
      ආාාන්න හරි. ඌ තමා.

      Delete
  6. එක? හහ් එව්වා කොහෙද, මම තමයි හොඳටම කලේ. ඒත් මේ අර්බුදය ඇති කලේ, ඕං අපි නං නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. හෑ? හොඳටම කළේ අර්බුධයක් නිර්මාණය කරන එකද?

      Delete
  7. තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානං මුවාගේ මොළේ හරහාත් උණ්ඩේ ගිහිං මොළේ කුඩු වෙනවා.. අන්තිමේ නොළේ ගන්ඩ මරපු බීරි සොත්ති මුවාගෙනුත් වැඩක් නැති වෙනවා. මොනවා උනත් සුවාත ඔයිට වැඩිය ටිකක් පරිස්සං වෙන්නෝනි 3න්2 ත් දීල ලොකු වගකීමක් පවරපු වෙලාවටවත්

    ReplyDelete
    Replies
    1. නොළේ කියන්නෙ අහවල් එකක්ද

      Delete
    2. මොළේට පොඩ්ඩක් යටිං තියෙන එක.

      Delete
    3. ඩ්‍රැස්කියාට මොළේ අඩුවෙලා නොලේ වැඩිවෙලා තෙලේ මොරලා

      Delete
    4. කමියා,
      හරියට හරි. මෙතන පොඩි එව්වො ඉන්න හින්දා කෙලිම්ම ‌නොකියා මොළේ කිව්වට. මුවාගෙන් ගන්න ඔ්නෙ වුණේ තුනෙන් දෙක තමා. ඒක ඩිල්ශානෙයට හරියට ම තේරිලා තමයි ඔයට අහල තියෙන්නෙ...

      ඩිල්,
      ඔව්. ඇත්තටම කිව්වොත් අහවල් එක තමා.

      ප්‍රසා,
      පොඩ්ඩක් නෙමෙයි තරමක් දුර පහළින් තියෙන්නෙ.

      ඇනෝ,
      මොලේ අඩුත් නෑ - නොලේ වැඩිත් නෑ...

      Delete
  8. මගේ කමෙන්ට් එකට මොකද වුණේ

    ReplyDelete
    Replies
    1. උඹත් එකතුවෙයං
      #ගිව්අවස්ටෝලන්කොමෙන්ට්බැක්
      අරගලයට.

      සභාපති කො.කා.ස.

      Delete
    2. ඩිල්ශාන්,
      පබිලිස් උණා...

      නයෝ,
      #ගෝහුඹහටසභාපති2022

      Delete
  9. වෙඩිල්ල උඩට තියන්න තිබ්බෙ. එහෙම උනානං ආපහු එනගමං තිරස් අතට ගිහිල්ලා මුවාට වදිනවා ලේසියෙන්ම!

    ReplyDelete
    Replies
    1. ලිට්සීකර් සහ අජිත්,
      ඒක, දෙමළ චිත්‍රපටි බලන මොන්ටිසෝරි ළමයෙක්වත් පිළිගන්නැති මහ බොළඳ කතාවක්නෙ...

      නෑ... එක්කො... මොකුත් නෑ...

      Delete
    2. අපට ඔප්පු කරන්න සාධක තිබෙනවා ලංකාව කියල රටක එහෙම වුනා

      Delete
    3. එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...

      Delete
  10. සුවාතා හම්බුනොත් ඕකේ කොම්ප්ලිට් ඉස්ටෝරියම හාගන්ඩ.
    ඔය කන් දෙක ම බීරි, කකුල් තුනේ මුවාට එහායින් ඉඳල තියෙන්නේ ඇස් දෙකම පේන්නේ නැති මුවෙක් කියලයි අපේ ටෝකන් ඉන්ග්ලිෂ් පංතියේ ස' කිව්වේ.
    අපි ඌට ඉංගිරිසියෙන් කියන්නේ කුමක්ද කියල හැව්වම ස' කිව්වේ නෝ අයිඩිය කියල.
    ඉතින් දැන් ඔය වෙඩිල්ලේ සද්දේ හැව්නම නෝ අයි ඩිය මුවා බයවෙලා දුවගන්ඩත් අමතක වෙලා හිටං එහෙම්මම හිටියලු.
    ඉතිං අපි ස'ට කිව්වා ස' ඒකත් අපිට ඉංගිරිසියෙන් කියල දෙන්ඩ කියල. ඒකට නං ස' කිව්වේ ස්ටිල් නෝ අයිඩිය කියල තමා හිටං.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔය හඳ තියෙනෙන් අපේ සෞර ග්‍රහ මණ්ඩලේ නෙමේ .ප්රෝක්සිමා බී කියන සිස්ටම් එකක් තියනව. අපට ලංගම තියෙන ග්‍රහලෝකේ හඬ. සලබය ඒකට පියඹනවා මගේ ටෙලස්කෝපෙන් දැක්කනේ අම්මප. හරිම ලස්සන දර්සනේ

      Delete
    2. //අපට ලංගම තියෙන//

      මේක නං ප්‍රින්ටින් බිස්ටේක් එකක් වෙන්න බෑ. ලංගමට ලාබ ලබන්න බැරි, ඔය ග්‍රහලෝකේ වලට යන ට්‍රිප් නිසා වෙන්ටෑ.🤔

      Delete
    3. ඔහෙට කියන්නේ සලබය ලංගම බස් එකට නගින හැටිත් දැක්ක

      Delete
    4. හැට්ටර්,
      ඔය නෝ අයිඩියා කියන්නෙ ඉතා දුර්ලභ ගණයේ මුවෙක් මයෙ හිතේ. ඇන්ටිලෝප් වගේ පැන පැන යන එකෙක්. ඒකනෙ අයිඩියක් නැත්තෙ. ඉස්ටිල් නෝ අයිඩිය කියන්නෙ හිටපු ගමං එකතැන ගල් ගැහුණා වගේ ඉඳල ආපහු විදුලිය වගේ පැනල දුවන ජාතියෙ එකෙක් වෙන්ඩැති.

      අජිත්,
      ඔව්. අපේ සුවාතගෙ පයිං පාරට හඳ විසික්ක වෙලා ගියානෙව ප්‍රොක්සිමා බී පැත්තට. ඒක හරිම ඇත්ත. ලංගම ගැන තමා තාම මොකවත් ගොතාගන්ඩ බැරි උනේ. මොකක් හරි හිතට ආපු ගමං මෙතන කොටන්නං.

      බකුස්,
      ඇත්ත. ලංගම ලාබ ලබන්නැත්තෙ ප්‍රොක්සිමා බී පැත්තෙ මහා මහජන රැළිවලට බස්වලින් සෙනග අදින හංදය කියල ආරංචියි.

      අජිත්,
      හපොයි! මං අත් අරිනව ගජබින්න ලියන එක!

      Delete
  11. උබත් අර හොරකොටු පැන්න බේගල් අප්පුගේ මීමුනුපුරෙක් නේද?

    ReplyDelete
    Replies
    1. මං නෙමේ, අර ඔරිජිනලා නං ඒ විදිහයි...

      Delete
  12. මේ ගජබින්න, බේගල් හැම පරද්දන
    කතා කියති පාලකයන් ලෙස අමන
    පරෙස්සමෙන් ඩ්රැකියෝ ඔබ බලාගෙන
    උස්සන් යාවි උපදේශන අරගන්න!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැස්කියා කොහොමත් ස ගේ නිල මිරිකපු බේගල් උපදේසක එකයි උපවාසේට සහයෝගය දෙන්න ආවේ නැත්තේ.

      Delete
    2. හරියට නොදැන එහෙම කියන එක වැරදියි නේද ඇනෝ? දරන නිලයට අනුව, දන්න දේ කියන්න, දේශපාලනයට සහභාගි වෙන්න නිදහස නෑ කියල කීප විටක් කියල තියනවා.

      (දූෂණය, වංචාව, හොරකම , බොරුව නැති) සැබෑ සිස්ටම් එකේ වෙනසක් ඉල්ලනවා නම්, ඒකට පූර්වාදර්ශයක් වෙන්න ඕනා නේද?

      Delete
    3. ඇනෝ,
      මෙතන තියෙනව නිදිගෙ උපවාසයට මං සපෝට් නොකරපු හැටි. නිදි ගෙන් ම අහගන්න...

      ස්තූතියි ටොමී...

      Delete
    4. බල්ලෝත් සාක්කියි ඒනම්. ඈ බොල ටොමියෝ බොටත් ඇමති කට්ටක් දුන්න ස වාගේ ඩ්‍රැස්කියා මස්කටු ගෝනියක් දුන්නාද.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. මස්කටු නං දුන්නෙ නෑ, කුරහන් සාටකය දීලා, බනිසක් එබුවා ආයිබෝං.
      https://lankacnews.com/wp-content/uploads/2022/04/145-1.jpg

      Delete
    7. නිදි,
      උපදෙස් දෙන්ට මට නං ඇහැකිය ගමක
      එනමුත් ඒව ඉටු කරනා ඈයො ගැන
      අනුකම්පා හිතේ එනිසා ඔ්නෙ නැත
      අල හිටවාන මේ විදිහට සිටීම යුත

      අනෝ,
      මට නිකමට හිතුණා මේ නං අර ඔරිජිනල් රියල් හාදය කියල...

      ටොමි,
      අර පින්තූරෙ නං සිරාවටම ගැළපෙනව ඈ...

      Delete
  13. අනේ මේ සුවාතයගෙ ආච්චිගෙ වෙඩිල්ල? මම උපංන් ගෙයි බීරී මුවා නිසා ලඟට එනකම්ම ඇහුනෙ නෑ. ඇවිත් ටෝච් එකකින් ඔලුවට පතබාල ඇදගෙන ගියා

    - කකුල් තුනේ මුවා -

    ReplyDelete
    Replies
    1. සුවාතගෙ ආච්චිගෙ ටෝච් එකට තමයි බොලා ඉර කියන්නෙ... හැක්!

      Delete
  14. සඳ මිදුලට එනවා කියල අපේ ජන කවියෝ සිංදු කීවේ ඒකයි ඒනම්....

    ReplyDelete
    Replies
    1. ජන කවියොද ඕක කිවුවෙ නැත්තං ජොයින්ටෙකක් ඇදපු එකෙක්ද?

      Delete
    2. ජොයින්ටෙකක් ඇදපු එකෙක්??... වෙන්ටත් බැරි නෑ.
      ඕක ඇහිච්ච ආච්චි කෙනෙක් මිනිබිරීව ගෙට දාල දොර වහල... හඳ උනත් සුවර් නැතෙයි කියල හිට

      Delete
    3. ඈ..... අහසගෙ බ්ලෝග හදාදෙන ගමනෙ උගේ එකෙන්ම මගෙ කොමෙන්ටුව ගහල නේද. /උඩහ කොමෙන්ටුව මා විසින් දාන ලද එකක් බව සකලන්න. 😄😄

      Delete
    4. නමියාස් ස්ට්‍රීට්,
      ජන කවියො සිංදු කිව්වද බොලේ? මට මතක හැටියට නං ඔ්ක කිව්වෙ මර්වින් සිල්වා.

      ශිවන්‍යා,
      ජොයින්ට් ගැන ප්‍රසිද්ධ ඒක කියපු කෙනාගෙ පුතා වගේ මතක.

      අහස් නමියා,
      ඔව්. මිදුලට එන එකත් කමක් නෑ කියමුකො. හඳ වතුරේ නළවා සතපා යන එක නෙව ඉවසන්ඩ බැරි.

      වීදියෙ නමියා,
      හරි හරි. අල කන්ඩ පුළුවං මේ දවස්වල. කිලෝව 320/-යි.

      Delete
    5. මංයල්ලෑ... බයවෙන්ඩ එපා... අපෙ හාමුදෘවනේ...

      Delete
  15. මේකනම් එසේ මෙසේ වික්‍රමයක් නෙවේ ඩ්‍රැකී. උපන්තේකට අහපු කතාද මේ

    ReplyDelete
    Replies
    1. මාත් අහල තිබුණෙ නෑ මේ විදිහෙ කතා...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි