ආතගෙ කාලෙ ගජබින්නයකි... :-)

කාලෙකින් මට විවේකයක් ලැබුණා, ආපහු පෙර පරිදි බ්ලොග් එක පැත්තෙ එන්න. ඉතිං ඕං නමෝ විත්තියෙන්ම හොඳ වැඩක් ගැන හොඳ පෝස්ට් එකක් දාන්නං කියලා පටං ගත්තා.

මගේ අඩවිය පැත්තෙ යන එන උදවිය දැන් ඩ්‍රැකියාගේ හත්මුතු පරම්පරාව ගැන හොඳටම දන්න අයයි. අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම, එයාගෙ පුතා වන සුවාතගෙ දඩයම්, එයාගෙ මුණුපුරෝ වන ඩ්‍රැකියාගෙ තාත්තයි බාප්පයි ගැන එහෙම කතා කියවලා තිබුණට, සුවාරිස් ආතගෙ පුතා වෙච්චි, අපේ තාත්තගෙත් තාත්තා වෙච්චි විලියොං ආතා ගැන මොනවත් ලියන්න බැරි උනානෙව. මේ එයාගෙ කාලෙ කතාවක්.

අපේ මහගෙදර කඩං වැටුණෙ මට මතක හැටියට අනූව දශකයෙදි. ඒ මහගෙදර අඩි එකහමාරක් විතර ගණකම වරිච්චි බිත්ති වලින් බැඳපු, වර්ග අඩි දෙදාස් පන්සීයකට වඩා ලොකු (රවිය එහෙම මේක කියෝනවද දන්නෑ, එහෙම උනොත් ඕකා අපේ කඩං වැටිච්ච මහගෙදරටත් බද්දක් ගහන්න පුළුවං) සොල්දර ගෙයක්. ඔය කාලෙ හොරු ගෙවල් වලට පනින්නෙ වහලෙන් වත්, ජනෙල් වලින් වත් නෙවෙයි. වහලෙන් සෑහෙන ඉඩක් හදා ගන්න නං, හොරෙකුට වහලෙ තියෙන සිංහල උළු හයසීයක් විතර අයින් කරන්න වෙනවා. ඒ කාලෙ ජනෙල් හදල තිබුණෙ එකහමාරෙ එකහමාරෙ විතර ලී වලින් ග්‍රිල් ගහලා. ඉතිං හොරෙක් කරන්නෙ, ගල් ඉන්නක් අරං ඇවිත් බිත්තිය සිදුරු කරලා ඒකෙන් ගෙට රිංගන එකයි. (ගල් ඉන්නට කියන සමාන පද - අවලංගුව, යකඩ ඉන්න, මහර ආසනේ නාරාස්සනේ, ඇන්නා-මළා ආදී වශයෙන්...) හොරු බිත්තිය හාරයි කියලා, ඒ කාලෙ ගෙවල් වල අත්තිවාරමේ ඉඳන් අඩි තුනක් විතර උසට බිත්තිය මහත් කරලා බඳිනවා. ඒකට කියන්නෙ කයිවාරුව කයියෝරුව කියලයි.

ඕං ඉතිං දවසක් දා මහ රෑ ඔ‍යවගේ හොරෙක් අපේ මහගෙදර බිත්තිය හාරන්න ගත්තා. දෙවෙනි ලෝක යුද්ධ කාලෙ මහර බන්ධනාගාරය දැන් තියෙන තැන පිහිටුවලා තිබුණා හමුදා කෑම්ප් එකක්. ඒ දවස් වල විලියොං ආතා ඒකේ වැඩකරනවා, සිවිල්. ඉතිං හොරා හිතලා තියෙන්නෙ විලියොං ආතා එදා රෑ කෑම්ප් එකේ කියලා. මොකද, ඉස්තෝප්පුවෙ වැල් ඇ‍‍ඳේ තමා ගෘහ මූසලයා මූලිකයා නිදා ගන්නෙ. එදා ඒ ඇඳ හිස්... (ඒ ඇයි කියලා අහන්න ඕනෙ ඉතිං...)

හොරා බිත්තිය හාරන සද්දෙට විලියොං ආතට ඇහැරුණා. ඇහැරලා, හීං සැරේ ඇඳ ඉහපත තියාගෙන හිටිය කඩුව ඇදලා අරං සද්දෙ ඇහෙන තැනට සේන්දු උනා. හොරා පැයක් විතර හෙමින් හෙමින් හාරලා, හාරලා, රිංගගන්න සිදුරක් හදා ගත්තා. ඊටපස්සෙ, පොල්ලක අමුණලා මුට්ටියක් ගේ ඇතුළට ඇතුල් කළා. ඒක ආදි කාලෙ හොරකං කරන කලාව. (මයෙ හිතේ අනාදිමත් කාලෙක ඉඳං එන සූසැට කලාවෙත් තියෙනවා.) ගෙදර අය අවදි වෙලාද කියලා හොරා දැනගන්නෙ ඔය මුට්ටියෙන් තමා. ගෙදර අය අවදියෙන් නං, හොරා කියලා අර මුට්ටියට රැවටිලා, ඒකට පොලු පාරක් දෙනවා. එතකොට හොරාට දුවාගන්න හොඳටම වෙලාව ඇති.

http://katwasabi.com/wp-content/uploads
/2014/12/cartoon-thief-running-vector-
illustration-32465599.jpg

විලියොං ආතත් මේ සාස්තරේ දන්න නිසා, (මොකෝ... නොපුරුදු දෙයක්කැ) මුට්ටියට තඩිබාන්නෙ නැතුව, බොහොම ඉවසිල්ලෙන් බලං හිටියා. මුට්ටිය හිමින් හිමින් ගේ ඇතුළට ඇදිලා ඇවිත්, ටිකක් වෙලා එහෙට මෙහෙට වැනිලා, ආයෙම ආපු විදිහට රිවස් කළා. ඊට පස්සෙ මේ එන්නෙ හොරා ගෙ ඔළුව බිත්ති සිදුරෙන් ගේ ඇතුළට. විලියොං ආතා හොඳට එල්ල බලලා, හොරාගෙ බෙල්ලට කඩුවෙන් කෙටුවා.

බලාපොරොත්තු ‍නොවෙච්ච විදිහට වැදුණ පාරෙන් බයවෙච්ච හොරා, කැලේ කඩාගෙන දුවන්න ගත්තා. දුවලා දුවලා දුවලා දුවලා දුවලා... කරත්ත පාරට ආවා. ඇවිල්ලා, ඒකෙ අයිනෙ තිබ්බ බෝක්කුවක් උඩ හොරා ඉඳගත්තා. ඌට දැන් බල්ලට වගේ හති... හති ඇරලා හති ඇරලා, මොකද්ද බොලේ මේ උනේ කියලා කල්පනා කරන ගමන්, ඉණේ තිබ්බ බුලත් මඩිස්සලේ ඇදලා අරං, පුවක් කෑල්ලක් ක‍ටට විසි කරගත්තා. ඒ වුනාට පුවක් කෑල්ල කටට වැටුනෙ නෑ. බෝකුකුව පිටිපස්සෙ තිබුණ කාණුවෙන් ජබුක් ගාලා සද්දෙයක් නං ආවා. හොරා ආපහු හැරිලා බලනකොට, පුවක් කෑල්ල කාණුවට වැටිලා. ඒ ගමන තව පුවක් කෑල්ලක් අරගෙන, විසි කරන්න ගියොත් නෙ ඇලට වැටෙන්නෙ කියලා පුවක් කෑල්ල කටෙන් තියාගන්න අත ඉස්සුවා. අත උස්සලා කට හොයනවා හොයනවා, හොයාගන්න බෑ. මොකද උනේ කියලා බලන කොට, විලියොං ආතා ගහපු කඩු පාරෙන් හොරාගෙ ‍බෙල්ල කැපිලා. ඔළුව අපේ මහගෙදර, හොරා දුවලා තියෙන්නෙ ඔළුව නැතුව.


හොරාට දැන් මළ විලිලැජ්ජාවයි. හෙට උදේට ගමේ ඔක්කොම දැනගන්නවනෙ ඉතිං හොරා කවුද කියලා. ලැජ්ජාව වැඩි කමට හොරා දිව ඇදගෙන කාලා මළා බෝක්කුව උඩම.

65 comments:

  1. හැක් හැක්.. ඌට තිබුනේ මුට්ටිය වත් හයි කරගන්න.. එළ ද බ්‍රා ඩ්‍රැකියෝ.. කාලෙකින් මේ වගේ ඇත්ත කතාවක් ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. යකෝ දේශා.................... උඹ අැයි බ්‍රා කියන්නේ... උඹත් මෙන්ඩත් ඒක්ක සෙට්වුණාද??? පරිස්සමෙන් කොල්ලෝ..........

      Delete
    2. @ දේශකයා
      ඒක හොඳ අදහස බං. එතකොට කාටවත් ඌ අඳුනගන්න බැරි වෙනවනෙ. ඕන්නං වෙළක හිටගෙන ඉන්න පුළුවන් පඹයෙක් වගේ.

      @ කුරුටු
      ඇයි හාල්මැස්සා වගේ හිටියට මෙන්ඩත් රජ වැඩකාරයෙක්ද?

      Delete
    3. ඔි සේ දේශා ගත්තා අපේ ෆිටෝන් නංගිට බ්‍රා එකේ හුක් එක දාන්න උදව්වට..

      අඩොා් ඩ්‍රැකි මගේ සිකස් පැක් එක දැකලා ඇඩ් එකකටත් කතා කරා (බිඩි කෙම්පැනියකින්)

      Delete
    4. දේශකයට නං ගැළපෙන රස්සාව. ඌ ඔය රස්සාවට දාන්න කියලා මෙන්ඩට තර්ජනය කළා කියන්නෙ ඇත්තද?

      ඉතිං උඹ ඇඩ් එකට යන්න එපැයි බං, එතකොට උඹට ඇඩ්ඩිං කියලා කාඩ් එකක් ගහන්න තිබුණා.

      Delete
  2. අර කිව්වත් වගේ, මුට්ටිය ඔබාගන්න තිබ්බේ..

    ReplyDelete
  3. එල කතාව..

    අර උඩ තියන පත පොටෝව පුන්චි කරන්ඩ. සයිට් එකර එනකොරම පේන්නෙ එක විතරය්

    ReplyDelete
    Replies
    1. කරගෙන යනවා. ඉස්කෝතුයි අදහසට... :-)

      Delete
  4. ඒ හොරට විලිලැජ්ජාව හරි තිබ්බා.ඔලුව නැති තව හොරෙක් ලැජ්ජාවක් නැතුව ආයෙමත් හොරකමේ යන්න මේ දවස් වල හොර ගල් අහුලනවා.


    ReplyDelete
    Replies
    1. ඒ ඒකාලෙ හොරු. දැං ඉන්න හොරු අපිට කෙටුවොත් අපිටයි විලි ලැජ්ජාව...

      Delete
  5. විලියොං ආතා සෑහෙන වැඩ කාරයෙක් වගේ...කලුවරේ හරියටම වන්ෂොට් බෙල්ලට වනලා තියෙනවා...එතකොට හොරා මඩිස්සලෙන් පුවක් කෑල්ල හොයාගත්තෙ අත හුරුවටද බොලං...

    ReplyDelete
    Replies
    1. අැයි බං සිරෝ, ගජබින්නාලංකාරෙ කියවද්දි තාර්කික ප්‍රශ්න අහන්නෙ?

      Delete
    2. මට ඩිංගිත්තක් අමතක උනා...

      Delete
    3. ඒකනෙ, දැන් ඉතිං සිරාගෙත් හොඳ කාලෙනෙ..., ඉතිං ඔයවගෙ සුළු සුළු දේවල් මිස් වෙනවා...

      Delete
  6. මේ කතාව මුලින්ම ඇහුවේ මගේ සිංහල ගුරුවරයකුගෙන්.

    අවලංගුව - අම්මපා මට ඒ ජාතියේ එකක් ඕනේ එකෙක් දෙන්නෙක්ව අවලංගු කරන්න. මම ගැටවර කාලේ අපේ තාත්තා ඈත පලාතක වැඩ ගරද්දී ඔයවගේ පරණ ගෙයක් කුලියට අරන් තිබුනා සෑම දොරකටම සහ ජනේලයකටම පිටතට ඇරෙන වීදුරු පියන් සහ ඇතුලට ඇරෙන ලී පියන් තිබුනා. අපි ඒ ගේ ඇතුලේ ලොකු පුෂ් බයිසිකල් පැද්දා මතකයි. එච්චර ඉඩ තියනවා.

    මතක ඇතුව අර පරණ බිත්ති හාරනකොට හෑරීම පහසුවෙන්න විනාකිරි දාන්න ඕනේ හොඳද? (මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ පොතක තිබුනේ)

    ReplyDelete
    Replies
    1. විනාකිරි කතාවනං මාරයි විචාරක මහත්තයා... :-)

      අපේ මහගෙදරත් ඇත්තටම ඒ තරම ‍ලොකුයි. ලොකු හෝල් එකක් තිබුණා සාලෙ විදිහට පාවිච්චි කරපු. ඊළඟට ඒ තරම්ම දිග කාමරයක්, ඊට පස්සෙ පැත්තට හදපු කෑම කාමරේ සහ කුස්සිය. අනිත් පැත්තට ඉස්තෝප්පු කාමරෙයි තව දිග කාමරේකුයි තිබ්බා. ජනෙල් නං හැබැයි අර කියපු තරම් කොලිටි නෑ. තිබුණෙ පැනල් පයන් ඇතුළට ඇරෙන.

      සමහර විට අවලංගුවෙන් ඇන්නහම මිනිහෙක්ව අවලංගු කරන්න පුළුවන් හින්දා ඒ නම දාන්න ඇති නේ...?

      Delete
    2. //සෑම දොරකටම සහ ජනේලයකටම පිටතට ඇරෙන වීදුරු පියන් සහ ඇතුලට ඇරෙන ලී පියන් තිබුනා//


      විචා මාමෙ මෙක අනිත් පැත්ත වෙන්න ඔන නේද?

      Delete
    3. ඔව් දමිත් ඔයා හරි. මට ටැපලිලා. :D

      Delete
  7. සෑහෙන්න කාලෙකින් පට්ට කතාවක්..

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් දිනේශ්...

      Delete
  8. ඇයි ඉතින් එදා රෑ ආතගෙ ඇද හිස් වෙලා තිබ්බෙ ???? ආත අල හිටවන්න ගිහිංවත්ද ???

    ReplyDelete
    Replies
    1. අල කියන්නෙ ඕනේ..., බර බර ගාලා බහින්නෙ අල ඒ වෙලාවෙට...

      Delete
  9. අර වගෙ ගේක හිටි ආතගෙ අවයවත් ඒ වගේම ලොකු වෙන්න ඇති./ පව් ආච්චි

    ReplyDelete
    Replies
    1. ආතගෙ අයවැය... ? ආච්චි ...? :-0 අනෙ අම්මෝ මේ සරත් අයියා හිතන දුර... !!!!

      Delete
  10. ගජබින්න නං ඩ්‍රැකියා ඩ්‍රැකියා නං ගජබින්න
    චන්දන අය්යත් නැති එකේ මාසෙකට සැරයක් වත් ලිය එකක් මචෝ...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොටත් ජය වේවා... මටත් ජය වේවා...!!!
      දැන්නං දිගටම ලියන්නයි බලාපොරොත්තුව...

      Delete
  11. හී හී...මැද හරියෙදි නම් මොකක්දෝ කලින් කියවපු කතාවක් මතක් වුනා. ඒත් ලස්සනම අන්තිම හරිය...හී හී බෙල්ල නැති හොරා දිව ඇදගෙන කාලා මැරෙනවා...අනේ මට තාම හිනා අප්පා...

    ReplyDelete
    Replies
    1. හි හී... මාත් පුංචි කාලෙ අහපු පරණ කතාවක් තමා. අපේ තාත්තා කිව්වෙ.

      Delete
  12. බොක්කෙන්ම හිනාවෙන්න පුලුවන් ගජබින්නයක්

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ජෝන්... ටැංකිව්.

      Delete
  13. ජයවේවා ඩ්‍රැකීයෝ !!!
    ඔයවගේ කතා අහන්න ගමේ මල ගෙදරක නයිටක් ගහන්න ඕනා ....දැන් ඉතින් උඹ ඉන්නවානේ ..

    අයියල සහ අක්කලා නංගි මල්ලි එක්වෙලා
    කියන්න මේ පොඩි කතාව එන්නකො මෙහි රොක්වෙලා
    එන්නකො මෙහි රොක්වෙලා
    අම්මලා පුංචම්මලා මාමලා සහ නැන්දලා
    අප්ප කුඩප්පලා ඔක්කොම අහගන්නකො ළංවෙලා
    අහගන්නකො ළංවෙලා.......

    ReplyDelete
    Replies
    1. ජයවේවා සිංදු ඇනෝ!

      මාත් නයිට් බරගාණක් ගහලා එකතු කරගත්ත කතා තියෙනවා.

      සිංදුවෙ ඉතුරු ටික කෝ?

      Delete
    2. අයියල සහ අක්කලා
      නංගි මල්ලි එක්වෙලා
      කියන්න මේ පොඩි කතාව
      එන්නකො මෙහි රොක් වෙලා
      එන්නකො මෙහි රොක් වෙලා

      අම්මල පුංචම්මලා
      මාමල සහ නැන්දලා
      අප්ප කුඩප්පල ඔක්කොම
      අහගන්නකො ලං වෙලා
      අහගන්නකො ලං වෙලා

      ගතිගුණ රැකියාරිය
      සුමනා හැඩකාරිය
      තිසා තරුණයා සිතුවා
      කර ගන්නට බාරිය
      කර ගන්නට බාරිය


      යුතුකම ගරු කරනවා
      හයි හත්තිය තියනවා
      දඩයම් කර සතුන් මරා
      තිසා කාලෙ ගෙවනවා
      තිසා කාලෙ ගෙවනවා

      දඩයමටයි කෑදරේ
      කැලේට හිත යා කෙරේ
      සුමනා අවවාද දිදී
      පෙන්වයි තම ආදරේ
      පෙන්වයි තම ආදරේ

      පවටම ඇයි හිත ගටා
      හේනක් කුඹුරක් කොටා
      ඉන්නකො යැයි ඇය කී වග
      පවසමි රවුමක් නටා
      පවසමි රවුමක් නටා

      මගෙ පොඩි සුමනෝ දයා
      දුක්වන්නේ ඇයි ඔයා
      හොඳ මිනිහෙක් වෙන්නම් මම
      කසාද බැදගෙන ඔයා
      කසාද බැඳගෙන ඔයා

      කේන්දරෙත් පෑහුණා
      පොරොන්දම්ද සී වුණා
      ලණුවයි කණුවයි වාගේ
      තරිකිත තම්දානෙනා
      තරිකිත තම්දානෙනා

      ගඟකට දැම්මත් මරා
      මා ජීවත් වෙන තුරා
      නංගි ඌට නෑ දෙන්නේ
      කීවලු ඇගෙ සොහොයුරා
      කීවලු ඇගෙ සොහොයුරා

      කවුරුත් එකමුතු වෙලා
      මේ ගැන කතිකා කළා
      කේන්දරය නොගැලපෙතැයි
      තිසාව කෙරුවලු මුලා
      තිසාව කෙරුවලු මුලා

      දුන් ඒ පිළිතුර අසා
      කෝපෙන් වියරුව තිසා
      දැන ගත්තලු ගුරා හොයා
      උන් පැවසුව බස මුසා
      උන් පැවසුව බස මුසා

      ආවා සුමනව සොයා
      අයියත් එතැනට ගියා
      තක්කිත තරිකිත තක දොම්
      අලි ගුටි කෙළියක් ගියා
      අලි ගුටි කෙළියක් ගියා

      ඇගේ අයිය ගිනි සැරේ
      තිසාට පහරක් වැරේ
      දුන්නලු රුන්දක් තරිකිත
      දෙන්න එකට ගුටි පොරේ
      දෙන්න එකට ගුටි පොරේ

      සුමනට සිහි නෑ බොලේ
      අප්පච්චිත් ලේ විලේ
      වෙඩි උණ්ඩය වැදී අතට
      අයියගෙ බිඳුණා බලේ
      අයියගෙ බිඳුණා බලේ

      එළි වෙන්නට පෙර හොරේ
      සිහි නැති සුමනා කරේ
      තියාගත්ත තිසා දුවපි
      මහ වනයට එක සැරේ
      මහ වනයට එක සැරේ

      අබුද්දස්සෙ යෙදෙනවා
      ලබුත් තිත්ත කෙරෙනවා
      මේව අහල සුරල් වයල
      මට නටන්න හිතෙනවා
      මට නටන්න හිතෙනවා

      ගායනය - නාරද දිසාසේකර
      පද රචනය - බිංගිරියේ සෙනරත් විජේකුමාර
      විරිඳු නාද රටා - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

      Delete
    3. ටැංකිව් ටැංකිව් සිංදු ඇනෝ... උඹ නං කරන්නෙ ජාතික මෙහෙවරක්.

      Delete
  14. ඌට දැං බල්ලට වගේ හති. හති ඇරියෙ අහවල් එකෙං වෙන්ටැ.
    ඔය දිව කියල කිව්වට වෙන එකක් වෙන්න ඇති හපාගෙන මැරෙන්න ඇත්තෙ ඉඳගෙන. :D

    ReplyDelete
    Replies
    1. ‍ගොඩකාලෙකින් ප්‍රසා...,

      ඔය සියුම් විස්තර නං මං දන් නෑ. ඒටික ඉතිං හිතාගන්න තමා වෙන්නෙ කියවන අයටම.

      Delete
  15. හරිම ආදුරුසුමත් කතාව

    ReplyDelete
    Replies
    1. ටැංකිව් දමිත්... ටැංකිව්.

      Delete
  16. .ම්ම්ම්ම්ම්....එලස්....කතාව.....
    ජනෙල් නම් ඉතිං .....
    තන්ගල්ලම තමයි......
    හිටං ......

    ReplyDelete
    Replies
    1. තංගල්ලෙ ජනෙල් හරි හයියයි නේද කෙංජි? තඩි ගොබිලෙකුට එල්ලිලා "හිටං" ඉන්න තරං...

      Delete
  17. හතර විලි ලැජ්ජාවයි නේ හොර ගෙඩියට.....

    ReplyDelete
  18. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව උඔට ලැබෙන්න තියන පිලිගැනිමත් නැති කරනවා ශ්‍රි.
      බිලොග් ලෝකෙ පැලපදියම් වෙන්න බිලොග් එකක් අටවගන්න අවශ්‍යම නෑ..

      Delete
    2. ශ්‍රීනාත් ඔන්න මාත් ආවා ඒ පැත්තෙ. දිගටම එන්නං. මෙන්ඩා කියන කතාව ගැන නං ඉතිං පහල ඕනෙ දාලා තියෙන කමෙන්ට් එක ම තමා මගෙත් අදහස :-)

      Delete
  19. //පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්.//

    ගජබින්නාලංකාරයටම ගැලපෙන කොමෙන්ට් එක . . . හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. යකෝ ඇත්ත කිව්වත් හිතන්නෙ බොරු කියනවා කියලා. ආපහු යනවා යන්න. ආපු ගමන් ඔහොම නෝන්ඩි දාන එක හොදයිද මන් අහන්නෙ.... :D :D :D

      Delete
    2. ෆල ෆල ඩෝ යන්ඩ...! :-)

      Delete
    3. 😝 පෝස්ට් එකෙන් තුවාල උන හිත කමෙන්ට් එකෙන් පෑරුනා. හුකෑස්මයි

      Delete
    4. ඒක මාර කතාව දේශ්... :-))

      Delete
  20. ඔළුව කෑල්ලත් ලජ්ජාවට #කේ ඇගිල්ල ගහගෙන මැරෙන්න ඇති.
    මරු කතා සෙට් එක ඩ්‍රැකියො.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං මට අන්තිමට ලියන්න තිබුනෙ... :-))

      ටැංකිව් කම්මල...

      Delete
  21. එල ද බ්‍රා
    උඔගේ කතා කියවලා දෙකට නැමි නැමි හිනා වුනා
    එල ද බ්‍රා උඔගේ හැකියාව අයියන්ඩි.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් මෙන්ඩා. හැබැයි මට එච්චර සැටිස් වුනේ නෑ මුලදි. පරණ කතාවක් මේක. මට එච්චර සාර්ථක විදිහට ඒකට දෙයක් එකතු කරන්න බැරි වුනා.

      Delete
  22. ඔලුවට මොකද දන්නෑ උනේ නේද?

    ReplyDelete
    Replies
    1. කම්මල උඩ කියලා තියෙන දේ තමා වෙන්න ඇත්තෙ... :-)

      Delete
  23. මං හිතුවෙ ඩ්‍රැකියා දැන් බොග දාන්නෙ නෑ කියලා. අහම්බෙන් දැක්කේ. එල එකක් ඈ

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න දේශ්... දැන් ඩ්‍රැකියා ෆුලි ලෝඩඩ්...!

      Delete
  24. උඹේ පරණ කතා කියවන ගමන්... හෙහ් හෙහ්, මරු...
    අපේ ගමෙත් හිටියා බං මේ වගේ බේගල් කියන ආතා කෙනෙක්, කතා ටිකක් මතක් උනොත් ලියන්න බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ලියහං ලියහං ලොකුස්... මේවා අභාවයට යන්න දෙන්න හොඳ නෑ. ජන කලාවක් බේගල් කියන්නෙ.

      Delete
  25. supiriyatama liyala thiyanawa Draky.
    hinaawela badath cora unaa.

    :D:D

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් ඈ... :-)

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි