ගජබින්නාලංකාරයේ පාඨකයන් හට ඩ්‍රැකියාගේ හත්මුතුපරම්පරාවේ වීරක්‍රියා ගැන අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැතැයි සිතෙන්නේය. බාප්පාගේ
මිරිස් වගාව, වට්ටක්කා, පතෝල සහ දියලබු පළදාව, අලිමාලය, සුවාතාගේ දඩයම්, ඉර හඳ ඇතිවුණ හැටි, අන්දිරිස් ආතාගේ මුහුදු වික්‍රම, බාප්පයි තාත්තයි ළිඳක් කැපූ හැටි ආදී ඇත්ත
කතා මීට කලින් පෝස්ටු වලින් කියවා ගත හැකිය. මුල සිට සරළව කියවීම සඳහා ලිංකුව මෙතැනඇත.
අද ඩ්‍රැකියාගේ අඩවියට පිවිසෙන ඔබට කියා
හිටින්නේ, ඩ්‍රැකියාගේ තාත්තයි බාප්පයි දෙන්නා කන්තලේ මහ කැළේ ගස් කපන්නට ගිහින් වෙච්ච
ඇත්තම ඇත්ත සිද්ධියක්.
http://deehymn.homestead.com/files/thetreetop.jpg |
සති ගාණක් තිස්සේ සාමාන්‍ය තරමේ ගස් කපලා කපලා එපා
වෙලා හිටපු තාත්තයි බාප්පයි දෙන්නා, අතේ පයේ හිරි අරින්නත් එක්ක තමන්ගේ තරමට හරියන
ගහක් හොයාගෙන එක දවසක් කැළේ මැදටම යන්න පිටත් වුණා. වාඩියෙ හිටපු අය අතරින්, අපේ
ගමෙන් ගියපු ලප සාන්ති මාමයි, රජා හෙවත් විල්බටුයි, සාන්තිගෙ අයියා වුණ මහත්තයා
මාමයි විතරයි මේ දෙන්නා එක්ක මේ ගමනට එකතු වුණේ. සෑහෙන දුරක් ගියාට පස්සේ, කන්තලේ
ඔය අසබඩ තිබ්බ කන්දක් ගාවට ඒ කට්ටිය ළං වුණා. ළං වුණහම තමයි දැනගත්තේ ඒ කන්දක්
නොවෙයි, සරුවට හැදුණු අවුරුදු දෙතුන් දාහක් වත් පරණ විශාල කුඹුක් ගහක් බව. ඒක නම්
තමන්ගෙ තරමටම ගැලපෙන අභියෝගයක් බව සහෝදරයො දෙන්නට තේරුණා.
මේ ගහ කපන එකේ, ප්‍රයෝජනවත් දෙයකුත් වෙන්න කියලා,
කට්ටිය කල්පනා කළේ, ගහ ගඟ හරහට කපලා දාලා, විශාල ඒදණ්ඩක් විදිහට භාවිතා කරන්නයි.
අඩි දාහක් විතර උස ගහකට කඹයක් දාන්නත් පුළුවන් කමක් තිබ්බෙ නෑ. ඒ නිසා තාත්තා
යෝජනා කළා, ගඟ පැත්තෙ කැපුම් කට්ටය පහතට හිටින විදිහටත්, ගොඩ පැත්තෙ කැපුම් කට්ටය
ඊට වඩා ඉහළින් හිටින්නත් කපලා, ගුරුත්වාකර්ෂණයෙ උදව්වෙන් ගහ තමන්ට ඕනෙ පැත්තට
පෙරළගන්න.
ඔන්න ඉතින් ලෝකෙ දිගම කතාව වගේ, මේ කට්ටිය
මාරුවෙන් මාරුවට ගහ කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා,
කපනවා, කපනවා, කපනවා, කපනවා, කපනවා,...
තාත්තා මුලින්ම පොරොවෙන් කොටන්න ගත්තා. පැයක්
විතර කොටලා, කොටලා, බාප්පට දුන්නා. බාප්පා කොටලා ලප සාන්තිට, එයා රජාට ආදී වශයෙන්
ගහට කෙටිල්ල මාරුවෙන් මාරුවට කෙරීගෙන ගියා. බාප්පගෙ මිරිස් වගාවෙදි කිව්වා වගේ, මේ
කට්ටියම තමන්ගෙ පොරෝ වලට මිටවල් ගහලා තිබ්බෙ ගංජා ගස් වලින්. ඉතින් පටන් ගත්ත වැඩේ
එක දිගටම නවත්තන්නෙ නැතුව කරගෙන යන්න පුළුවන් වුනා.
දවල් කෑමට වුනත් කෂ්ටිය වැඩේ නැවැත්තුවෙ නෑ.
පාන්දරින් ඔතාගෙන ආව බත්මුල් දිග ඇරගෙන කෑවෙත් මාරුවෙන් මාරුවට.එක්කෙනක් ගහට කොටන
අතරෙ, අනිත් අය තමන්ගෙ පොරෝ මුවහත් තියාගත්තා. කොච්චර වාර ගාණක් මුවහත් කළාද
කිව්වොත්, පීරි ටික කන් හැඳි තරමටම ගෙවිලා ගියා.
ගහට කෙටිල්ල කොච්චර සූර වීර විදිහට කෙරුණත්, එදා
රැ වෙනතුරුත් කපන්න පුළුවන් වුනේ ගඟ පැත්තෙ කැපුම් කට්ටෙ විතරයි. රෑ බෝවේගෙන
එද්දි, ගහට කොටද්දි විසි වෙන පතුරු එකතු කරලා මහ ගිණි මැළයක් ගහගෙන, රෑ තිස්සෙත් ගහ
කපන්න තමයි කට්ටිය හිතාගෙන උන්නෙ. ඒත් රෑ දහය විතර වෙද්දි අකුණු ගහගෙන මහා ධාරානිපාතයක්
වහින්න ගත්තා. ගිණිමැලේ චූස් ගාලා නිමිලා ගියා. ඉතින් කට්ටිය බොහොම අකමැත්තෙන්
වුනත් තීරණය කළා වැඩ නවත්තලා, එදා රෑ ගහේ කැපුම් කට්ටෙ ඇතුලෙම ගත කරන්න. ඒ කැපුම්
කට්ටෙ ඇතුලෙ පස් දෙනාට හොඳට අතපය දිග ඇරලා නිදාගන්න වුණත් ඉඩ තිබුණා.
ඒත්, ගිණිමැළයක් ගහගන්න විදිහක් තිබ්බෙ නෑ. ඉතින්
තාත්තා මොකද කළේ, මොකක් හරි අරිෂ්ඨ වාගෙයක් දාගෙන ගිය බෝතලයක් අරගෙන, ඇබේ ගළවලා, එළියෙන්
හිටෙව්වා. අකුණක් ගහන කොටම දුවල ගිහින් බෝතලේ ඇබේ ගැහුවා. අර ගහපු අකුණෙන් කොටහක්
අර බෝතලේ ඇතුලෙ. ඇබේ වහපු නිසා පිට වෙන්න බෑ. වොට් දාහෙ ෆ්ලෑෂ් ලයිට් දහයක විතර එළියක්
ඒ බෝතලෙන් ලැබුණා.
ඒ එළියට තමයි දැක්කෙ, වැස්සට ගඟේ හිටිය අලි
කූඬැල්ලො රංචු පිටින් ගහ වට කරගෙන උඩට ඇදෙන බව. අපි අහල දැකලා තියෙන මීහරක් කූඬැල්ලන්ටත්
වඩා ලොකු, මේ අලි කූඬැල්ලො, එකෙක් අඩි දෙකක් විතර දිගයි. ඉතින් බාප්පා කරපු දේ,
තමන්ගෙ ජටාව බැඳගෙන හිටපු ලේන්සුව ගළවලා, ගහ වටේටම මිරිකුවා. ඩ්‍රැකියට වගේම
බාප්පටත් ගොඩක් දාඩිය දානවා. ඉතින් බාප්පගෙ ජටාවෙ තිබ්බ දාඩිය කොච්චරද කියනවනං, ඒ
ලුණු ගතියට අර කූඬැල්ලන්ට ගහට කිට්ටු වෙන්නවත් බැරි වුනා. ළඟින්ම හිටිය සමහර
කූඬැල්ලො මැරුණා.
ඒ අතරෙ ලප සාන්ති මාමා කෑගහන්න ගත්තා, මොකක්දෝ
දිළිසෙන ඇස් දෙකක් දැකලා, “මේක දෙයියන්නෙ අඩවිය ද දන්නෑ. අපි මේ ගහ කපපු එක නරකයි.
අන්න දෙයියො බිමට වැඩලා...“ කියලා. බාප්පා කරපු දේ, අර මැරිලා හිටිය කූඬැල්ලෙක්
අරගෙන, එක කොණකින් අල්ලලා, අනිත් කොණට පුවක් කෑල්ලක් තියලා ඇදලා අත ඇරියා - පොඩි
ළමයි රබර් පටි වලින් සෙල්ලම් කරනවා වගේ - අර දිළිසෙන ඇස් දෙක මැද්දට. ඒක වැදුණා
විතරයි “බෑඈඈ“ ගාගෙන අර ඇස්දෙක බිම වැටුණා. මොකද්ද ඒ කියලා බලන්න තාත්තා අකුණු බෝතලේ
උස්සලා ඒ පැත්තට ඇල්ලුවා. එතකොටයි දැක්කෙ ඒ තඩි ගෝණෙක් බව. ඌ එකපාරින්ම මැරිලා
වැටිලා, අර පුවක් කෑල්ල වැදිලා.
ඉතින් කොහොමින් කොහොමින් හරි එදා රෑ ගහේ කැපුම්
කට්ටෙ ඇතුළෙ ගත කරලා, පහුවදාට එළි වුණා. එදා උදේට මහත්තයා මාමා බොහොම රසට
පුළුස්සලා දීපු ගෝනමස් කාලා, කට්ටිය ආයෙත් පටන් ගත්තා ගහ කැපිල්ල. හැන්දෑ වෙද්දි
ගහ කපලා බිම දාන්න පුළුවන් වුනා. පළාතම දෙදරවාගෙන දැවැන්ත කුඹුක් ගහ ගඟ හරහට ඇදන්
වැටුනා. කට්ටියම උඩ ගිහින් බිම වැටුනා ඒ ගහ වැටෙද්දි. ඉතින් හැමෝටම හරිම ජොලියි.
ඔක්කොමල්ලා ගහ දිගේ ගඟෙන් එගොඩට දිව්වා. ඒ දුවද්දි ගහේ මැද හරියෙ තිබ්බා බෙණයක්
බාප්පගෙ කකුළක් ඒ බෙණේට වැටුණෙ අහම්බෙන්. බාප්පා කකුල ඇදල ගනිද්දි, කකුලෙ පැටලිලා
මොනවදෝ පොට්ටණියක් එලියට ආවා. ඒක දිග ඇරලා බලද්දි ඒකෙ තිබ්බෙ, එක එක වර්ග වල එළවළු
ඇට සහ අංකුර. වට්ටක්කා, පතෝල, දිය ලබු, මිරිස් වගේ ඇට වර්ගයි, හබරල, කිරිඅල වගේ අංකුරයි.
ගහේ මුදුන, ගඟේ එගොඩටත් වඩා තව හැතැම්මක් විතර
දුර තමයි තිබුනෙ. ඒ තරම් ඒ ගහ උසයි. තාත්තා තමයි ගහේ මුදුනට ඉස්සෙල්ලම ළං වුනේ.
ගහේ මුදුනෙ තිබ්බ දේ දැකලා තාත්තා පුදුම වුනා වගේම, ගස් කැපිල්ල අත් අරින්නත්
තීරණය කළා.
ගහේ මුදුනෙ තිබ්බා තවත් බෙණයක්. ඒ බෙණේ ඇතුලෙ මුවො
තරම් ලොකු හා පැටව් තුන් දෙනෙක් හිටියා ඇස් ඇරලවත් නැති. ලප සාන්තියි, බාප්පයි උන්
තුන් දෙනා මස් කරලා කදක් බැඳගෙන වාඩියට ගෙනාවා. ආපහු වාඩියට එන අතරේ, තාත්තා දිගින්
දිගටම කල්පනා කරද්දි තමයි තේරිලා තියෙන්නෙ, ඒ පැටවු තුන්දෙනා හඳේ හාවගෙ පැටවු
කියලා.
බොගේ කට නිකං බෝක්කු කටක් වගේ.. සහතික ඇත්තමයි පිට වෙන්නේ.. හුග දවසකින් ඇහුවමත් ගතියක් තියෙනවා ඈ. මේ දවස් වල බ්ලොග්ස් ලල් එකේ නේ බං දුවන්නේ. හැම එකාමට 200+ කමෙන්කටු ගන්නයි ඕන.. හැක්...
ReplyDeleteමට නං කමෙන්ටු 100ක්වත් හම්බවෙලා නෑ කවදාවත්. එච්චර ගාණක් ලැබෙනවනං හරි ජොලි තමා ඉතිං. ඒ වුනත් මෙව්ව ලියන්නෙ කමෙන්ට් බලාගෙන නෙමෙයි බං.
Deleteගොඩක් එවුවයෙ කොමෙන්ට් සීය පනින්නෙ බොග දාපු එකාගෙ රිප්ලයි කොම්න්ට් එක්කමයි බං . . . වැඩිමනක් තියා මගෙ බොගෙත් එහෙමමයි
Deleteඇයි ඇනෝ දාන කමෙන්ටුත් කවුන්ට් වෙනවනෙ. නැද්ද...?
Deleteඅන්න හරි ඩ්‍රැකියා...කමෙන්ට් බලාගෙන ලියන්න එපා...කමෙන්ට් වැඩි උනා කියන්නෙ ඒ ලිපිය සුපිරියි කියන්න මිම්මක් නෙමෙයි....යාලු හිත මිත්තරාදීන් වැඩි නම්...කමෙන්ට් වැඩිකර ගැනීම හරිම පහසුවෙන් කරන්න පුලුවන්.
Deleteකට ඇරහං, මසුරමක් දාන්න...
Deleteබ්ලොග් කෙරුවාවෙන් මාර භාව විශෝධනයක් වෙන්නෙ - අපේ හිතේ තෙරපෙන හැඟීම්, දේශපාලනික අදහස්, ලියන්න වෙන කරළියක් නැති අපිට... මොකද, හැම පත්තරයකටම න්‍යාය පත්‍රයක් තියෙනවා. ලේඛකයො කොටුවෙන්න ඕනෙ ඒ රාමුවට.
අනේ අම්මේ මෙහෙමත් බේගකයක් කියෙව්වෙ මීවනපාලගෙ වරිගපූර්ණෙ කියෙව්වට පස්සෙ. මොනා උනත් ලිවීමෙ මාර ගතියක් තියෙනවා. එක හුස්මට කියවගෙන ගියා.
ReplyDeleteඉස්තූතියි මනෝශ්, ඉස්තූතියි...
Deleteචන්දනයා කොහෙද ගියා කිව්වේ මූට වැඩේ බාරදීලා වගේ , උඹත් හොඳයි වගේ පොදු අපේක්ෂකයාට
ReplyDeleteඉස්තූතියි ඉවෝන්, දීහං මට මනාපේ... අපේ ආණ්ඩුව බොරුවටත් බොරු කරලා බොරුවත් රවට්ටන ජාතියෙ එකක්ය කියලා පත්තරේක තිබ්බා. ඉතිං මට ලේසි තරඟයක් නෙමෙයි තියෙන්නෙ.
Deleteචන්දනයි උඹයි දෙන්නෙක්ද. නැත්නම් එකම එකාද?
ReplyDeleteචන්දනයි මායි දහදෙනෙක් විතර... :-)
Delete<< චන්දනයි මායි දහදෙනෙක් විතර... :-) >>
Deleteඔය මුළු කතාවෙවත් නොතිබුනු ලොකුම ලොකු අපූරුම අපූරු ගජ බින්නෙනෙ බන් මේක..
වෙන මොකක් ලියන්නද සෙන්නා. හැම මිනිහෙක් ඇතුලෙම චරිත ගොඩක් තියෙනවා. ඒකයි මම අදහස් කළේ.
Deleteඋඹ මම කියපු එක වැරදියට අරන්ද මන්දා ! මම අදහස් කළේ ඒක හරි අපූරු උත්තරයක් කියන එක...
Deleteනෑ සෙන්නා. මටත් ඒකම තමා හිතුනෙ ඒ කමෙන්ට් එක දාද්දි. පස්සෙ ඒක ගැඹුරු අදහසකින් සාධාරණීකරණය කළා. කාටවත් කියන්න එපා ඈ...
Deleteඩ්‍රැකියාගෙ පවුලෙ වැඩිහිටියෝ ඔක්කොම මැති ඇමතිවරුද ඔච්චර ගස් කපන්නයි සත්තු මරන්නයි ලයිසොම් තිබ්බෙ ?
ReplyDeleteකවුද කිව්වෙ ලයිසොම් තිබ්බ කියලා...?
Deleteඅපේ හන්ටිං සීයගෙ ඇඩ්වෙන්චර්ස් ටිකත් ඔය වගේමයි. සරල උදාහරනයයක් කීවොත් වතාවක් බුවා එක වෙඩි උන්ඩෙකින් මරලතිබ්බ කුරුල්ලො 444ක්
ReplyDeleteඕනෙගෙ හන්ටිං සීයත් ඕනෙ වගේම ඇති නේද?
Deleteඕනෙ කියෙව්වද අපේ සුවාතගෙ දඩයම් ගැන ලියල තිබ්බ පෝස්ටුව? උඩ ලිංක් එක දාලා ඇත්තෙ.
ඔයා මොනව කියනවද් මැන්ටලේ.. අපේ ලොකු මහප්පා රත්තරං කිලෝ එකක මාලයක් කරේ දාං හිටියේ..
Deleteදේශකයගෙ ලොකු මහප්පා නේද? පස්සෙ පස්සෙ අපේ වෙද පප්පලගෙ ගෙවල් පැත්තෙ ආවා බෙල්ලට වාත තෙල් ගාන්න. කිලෝවක් බෙල්ලෙ එල්ලගෙන ඉඳලා දවස තිස්සෙ.
Deleteචන්දනයයි මෙයයි එක නැකතෙද කොහෙද... හි හි
ReplyDeleteහිරු ගොඩ කාලෙකින්...
Deleteඑකෙක් යද්දී අනිකා වැඩ පටන් අරන්,චන්දනයාවත් හොයා ගෙන උඹලා දෙන්නා සමාගමක් දා ගත්තොත් නරකද.?උඹලා දෙන්නාට පුළුවන් රටම අල්ලන්න.
ReplyDeleteසහෝදර සමාගමත් එක්ක අපිට හැරෙන්නවත් බෑ මනෝජ්...
Deleteපොඩිකාලේ කියෝපු ලබ්බේ තොවිලේ මතක් වුණා ඩ්‍රැකියා.
ReplyDeleteනලීන් ගොඩ දවසකින්... කියෙව්වෙ නැද්ද අපේ බාප්පගෙ ලබ්බෙ කානිවල් එක?
Deleteඅඩේ, මම අදනේ බන් ගජබින්නලන්කරේ දැක්කේ. කලින් කතා ටිකත් කියවන්න ඕනේ කොහොම හරි.
ReplyDeleteදරුවා ලොකු වෙනකොට මැන්චෝසන් චාරිකා පොත එක්ක මේකත් දෙන්න ඕනේ. ප්‍රින්ට් කරන්න අදහසක් එහෙම නැතෙයි?
ඉස්තූතියි ගල්පාත අගය කිරීමට. මගෙ වෑයම අපේ ජන සමාජයෙ අපි පුංචි කාලෙ අහපු දැකපු මේ සාහිත්‍යාංගය සංරක්ෂණය කරන්නයි. තව කතා සැට් එකක් එකතු කරලා, චන්දනගෙයි සරත්ගෙයි කතාත් එකතු කරලා, පොතක් වුනත් කරන්න බැරියැ ඉතිං.
Deleteහැබෑට මැන්චෝසන් චාරිකා මං කියවලම නෑ. නැද්ද පීඩීඑෆ් එකක් හොයාගන්න?
මම ඔන්ලයින් බැලුවේ නම් නැහැ මචෝ. හැබැයි පොත නම් විකුනන්න තියෙනවා, මොකද අපේ නංගි ළඟ තියෙනවා.
Deleteබලන්න වටිනවා මචෝ බලලා නැත්නම්
සිරාවටම... හොයාගන්න ඕනෙ.
Deleteහප්පේ කෙප්ප කියන්නෙ කෙප්ප වරුසාවයි...
ReplyDeleteඅර හැම කෙනාම කියනව වගේ චන්දනත් එක්ක එකටම එකම නැකතෙ තමා ගොඩ බැහැල තියෙන්නෙ...
අද පෝස්ටුව මගෙ ඉලව්වෙ අප්ඩේට් වෙලා තිබ්බෙ නෑ නෙවත... ඒකයි පරක්කු
ජයවේවා...
තව ගජබින්න පලන්නට හැකි වේවා
ඉස්තූතියි ඉස්තූතියි මහේෂ්...
Deleteමගෙ සමහර පෝස්ටු අප්ඩේට් වෙන්නෑ තමා. ඒව පස්සෙ පන්නලා මටත් දැන් ඇති වෙලා තියෙන්නෙ. ඒක නිසා මං මූණු පොතේ ශෙයා කරනවා...
උඹේම තාත්තනෙ ඔය... ඒක හින්දා ඔය කියලා තියන ඔක්කොම ඇත්තම වෙන්න ඕනා..
ReplyDeleteතාත්තා අර අකුණු බෝතලේ කතාව කිව්වෙ විදුලි බල මණ්ඩලේ වැඩකරන පණ්ඩිතයෙක්ට ඇනුම් පදයක් විදිහට. කැපුම් කට්ටෙ පස්දෙනෙක් හිටිය කතාව කිව්වෙ බාප්පා, අපි පොඩි කාලෙ. ඉතුරු ටික පරිකල්පනය.
Deleteඅනේ ඔය ගහ දැම්මම බිම වට්ටන්න එපා තව කොටස් හත අටක් යනතුරු ඔහොමම තියාගන්න.
ReplyDeleteගහ බිම දාලා ඉවරයි විචාරක, හමුවෙමු තවත් වෙනස් බේගලයකින්...
Deleteහෑඇඇඇඇඇඇඇඇඇඇඇ අම්මප ඇත්තෙයි
ReplyDeleteදමිත් පල්ලා ඇත්ත...
Deleteමේක නම් ගජබින්නනාකාර කථා සැට් එකේ හොදම එකද මන්දා...හදේ හාවත් එතකොට පැටව් ගැහුවෙ මේ ගහේ...
ReplyDeleteගහ එච්චරට උසයි සිරා...
Deleteඉස්තූතියි අගය කිරීමට
කෙලියයි! මගෙ කාමරේ බිත්තිය පුපුරල!
ReplyDeleteහැබැයි හාවන්ට කරපු එක නං වැරදියි අෑ!
බිත්ති පුපුරන්න අලියා මොකෝ කොළේ...? අර දත් වැටිච්ච පොඩි එවුන්ට කියනවනෙ 'අලියෙක්ගෙ පිටිපස්සෙන් ගිහිං' කියලා. ඒක මතක් උනා.
Deleteඅපේ ජනාධිපති තුමාගෙ Speech Writer නේද බොලේ මේ?
ReplyDeleteඅපේ ජනාධිපති? ඒ කියන්නෙ උන්නැහැට අයිතිකාරයොත් ඉන්නවද?
Deleteහොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
ReplyDeleteමෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/
ඇඩ් එකට ස්තූතියි. පුළුවන් විදිහට ඔය පැත්තෙ එන්නං.
Deleteවිලි ලැජ්ජාවයි.. අද කියෙව්වෙ.. චුපිරියි ඈ.. චුපිරියි..
ReplyDeleteජයවේවා..!!
විලි ලැජ්ජයි - ඉස්තූතියි... :-)
DeleteHama BINNA post ekakma niyamai draky,
ReplyDeleteara kiwwa wage kawada hari dawasaka mewa ekathu karala pothak gahanna watinawa.
hinaawela hinaawela mahansiya giyata passe thamaa anika kiyawanne.
ai aswalath kandhulune. :D:D
ඒ කමෙන්ට් එකටනං මටත් හිනා ගියා. "ඇස්වල කඳුලුනෙ"...
Deleteපොතක් කරන්න පුළුවං නං හොඳයි තමයි. තව චන්දනගෙ කතා කීපයකුයි, මාරයගෙ කතාවකුයි, සුදීකගෙ කතාවකුයි, සරත් ලංකාප්‍රියගෙ කතාවකුයි තියෙනව. චන්දනගෙ කතා නං මට මතක හැටියට තමා එකතු කරන්න වෙන්නෙ. මොකද එයා බ්ලොග් එකත් වහගෙනම අතුරුදහන් වුනා. අපරාදෙ...
This comment has been removed by the author.
ReplyDeleteඅපේ සීයාව මතක් උනා කියන ඇත්ත දැකලා.
ReplyDeleteහෑ...?
Deleteහත්තික්කේ දැන්නෙ තේරුනේ .දැන් හඳේ හා ආවාට පේන්නෑ.එතන තියෙන්නෙ අපේ චිචී මහත්තය යවපු රොකට් එකේ කෑල්ලක්
ReplyDeleteසුජීවා අබේගුණවර්ධන
හාවි කෝ?
ReplyDeletePra Jay