ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

කාලෙකින් ගජබින්නාලංකාරයේ තවත් දිගහැරුමක්

පහුගිය දවස් වල ඌවේ පැවතුණු, ලෝකෙ ලොකුම පළාත් සභා මැතිවරණය කියන්නෙ ඉතිං අපේ ගජබින්න කැළේ යන සෘතු විපරියාසයකි. ඒ නිසා ඩ්‍රැකියා ලියන එක තාවකාලිකව අඩු විය. පශ්චාත් මැතිවරණ බේගලුත් ඉවර වීගෙන යන අවස්ථාවේ, අපේ බාප්පාගේ පුතා සම්බන්ධ මහා ගජබින්නයක් ඇද බාන්නට හිතුවෙමි ය.

http://www.tumblr.com/photo/1280/fyeahhowtotrainyourdragon
/1577019891/1/tumblr_lbwjp09LBy1qbbz9i


බාප්පා හරි හරි වැඩ කරන සූර මිනිහෙක් බව රට පුරා ප්‍රසිද්ධ කාරණයකි. ඒක ආරංචි වුණ මරඳගහමුල යකඩයා කියන ඒ වගේම සූර වැඩ කරන මනුස්සයෙක්, ඒ කතාවල ඇත්ත නැත්ත බලාගන්න කියලා, දවසක් අපේ තාත්තලාගේ මහගෙදර හොයාගෙන ආවා. යකඩයා ආවෙ තනියම නෙමෙයි. තොටළඟ කුසුමපාල කියලා මහ චණ්ඩි මිනිහෙකුත් එක්කයි. එ් අය එනකොට බාප්පා ගෙදර හිටියේ නෑ. ඒ වෙනකොට බාප්පා පොළට ගිහිං. වත්තෙ වගා කරපු බුලක් බුලත් කඩාගෙන, කරත්ත දෙකක් පුරවලා, ඒ කරත්ත දෙක පුවක් කඳක දෙපැත්තෙ එල්ලලා ඒ කරත්ත කද කර තියාගෙන තමා බාප්පා පොළට යන්නෙ.

ඉතිං මරඳගහමුල යකඩයා එද්දි ගෙදර හිටියෙ අපේ මලයා විතරයි.

යකඩයයි, කුසුමපාලයි මලයගෙන්, "කෝ ගුණරත්න ?" කියලා ඇහුවා. (ගුණරත්න තමා බාප්පගෙ නම)

මලය කිව්වා ගත් කටටම, "තාත්තා ගිහිං පොල් මුරේ කඩවන්න" කියලා.

"කොහෙද, වත්ත පහළද?" යකඩයා ඇහුවා.

"නෑ. අපේ අනිත් ඉඩමෙ." මල්ලි කිව්වා "අම්මට දෑවැද්දට හම්බුන ඉඩමෙ"

"ගොඩක් දුරද?"

"ඒ ඉඩම තියෙන්නෙ අහසෙ..."

යකඩයගෙ ඇස් උඩ ගියා. "ඈ...? අහසෙ?"

"ඔව්..." මල්ලි වගේ වගක් නැතුව කියනවා. "තාත්තා මිදුලට බැහැලා හූවක් කියලා ඒ හූවෙ නැගලා ගියා උදෙම්ම. ආයි හවස මං මිදුලට බැහැලා හූවක් කිව්වහම, තාත්තා ඒකෙ පොල් ටිකත් පටවගෙන ආපහු එනවා..."

ඒ කතාවට බය වුණ යකඩයා වට පිට බලද්දි, තොටළඟ කුසුමපාල පණ බයේ සෑහෙන දුරක් දුවලත් ඉවරයි. යකඩයත් ඒ පස්සෙන් ඔරේ රන් එකක් දුන්නා...

බාප්පා දවල් වෙද්දි හිස් කරත්ත කදත් අරං ගෙදර ආවා, බුලත් ටික ඔක්කොම විකුණගෙන. ඇවිත් තේ කහට එකක් එහෙම බීලා ඉස්තෝප්පුවෙ වැල් ඇ‍ඳේ වාඩි වුනා විතරයි, පොඩි එකා උදේ වෙච්ච සිද්ධිය අකුරක් නෑර උන්දැට කිව්වා. ඒ කතාව අහපුවාම බාප්පා හරියට කළකිරුණා තමන්ගෙ පුතා ගැන.

"යකෝ, උඹ මගෙ පුතා වෙච්චි, තොට බැරි උනාද බොල ඔයිට වඩා හොඳ ලොකු බොරුවක් කියන්න?"

කියලා බාප්පා මල්ලිවත් අතකින් අල්ලගෙන ඇ‍දගෙන ගියා ගෙදර වතුර බොන ළිඳ ගාවට. "නෑ, මේක ගැඹුර මදි..." කියපු බාප්පා ළි‍ඳේ ලණුවත් අරගෙන, ඉඩෝරෙට වෙලේ කපපු ළිඳටම අරූව ඇදගෙන ගියා.

ළිඳ ගාවට ගිහිං, ලණුවෙ කොණක් මල්‍ලිගෙ ඉණේ ගැටගහලා, ටිකෙන් ටික ළිඳට බැස්සුවා. සෑහෙන දුරක් යටට ගියාට පස්සෙ මල්ලි කෑගහනවා, "තාත්තෙ තාත්තෙ මහ ලූලෙක්! මහ ලූලෙක්...!!" කියලා.

"ඕකව අල්ලගනිය හයියෙන්...!" කියපු බාප්පා ලණුව ආපහු උඩට අදින්න ගත්තා.

උඩට අරං බලනකොට ඇති ලූලෙක් නෑ...

"කෝ බොල ලූලා ?" බාප්පා සැරෙන් ඇහුවා.

"මට මාර බඩගින්නක් තිබ්බෙ..." මල්ලි කිව්වා. "...ඉතිං ඒ ගින්නෙන් පුච්චගෙන ලූලව ළි‍ඳේදිම කෑවා."

ඒ අතරෙ අර යකඩයයි, කුසුමපාලයි එළෝ මෙළෝ නැතුව දුවද්දි, වෙලක් හම්බුනා. ඒ වෙලේ මැද්දෙ මී හරක් බාන් දාසයක් ගැටගහගෙන සිරිපැරකුමා වගේ ගොවියෙක් තනියම සී සානවා. අර යෝදයො දෙන්නා දුවන වේගෙට ගොවියට කරගන්න දෙයක් නෑ. පොර අර හරක් බාන් දාසයම ඉණේ තිබ්බ මඩිස්සලේ ඔබාගෙන මහ නියරට ගොඩ වුණා.

අර චන්ඩි දෙන්නා වෙලෙන් එහාට ගියාට පස්සෙ අර ගොයියා මඩිස්සලේ අරල බලද්දි, හරක් නැට්ටක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ, හිටියෙ එකම එක තඩි කිනිතුල්ලෙක් විතරයි මඩිස්සලේ ඇතුලෙ. ඒ කිනිතුල්ලා අර හරක් තිස් දෙන්නම කාලා ඒ ටිකට.

Comments

  1. මාත් බලන්න ඕනෙ හූවක නැගල උඩ යන්න :D එල කතාව ඩ්‍රැකී.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව්... චන්දනට අදහසක් එනව කියල ඇහුනමත්, ඇ‍ඟේ රෝම කූප කෙළින් වෙනවා...

      Delete
    2. ඔවු ඉතිං චන්දන කෙබරයක් කෙලිනව කියන්නෙ බාප්පගෙ පුතාට එහා ගිය එකක් තමයි.

      Delete
    3. ඒකනෙ කියන්නෙ...

      Delete
    4. අහ්.. මං කිව්වෙ කතාවක් ලියන්න අදහසක් ආව කියල නම් නෙවෙයි. නිකං, නිකං මේ හූවක් කියල බලන්න ඕනෙ කියල. :)

      Delete
    5. චන්දන ලියන කෙබර හරි රසවත්. ඒ වගේම නිර්මාණශීලීයි. ඒ නිසා අත්අරින්න එපා...

      Delete
  2. ගොයියාගේ මඩිස්සලේ සිටි කිනිතුල්ලා වනාහි මේ භවයේ ඩ්‍රැකියාය යනුවෙන් පවසා බේගල් දේශනාව අවසාන කළ සේක.

    ReplyDelete
    Replies
    1. සාදු සාදු සා.........!!!!

      Delete
    2. මං සාදු කියන්න ගුගල් දෙයියගෙන් අවසර ගන්න ගිය වෙලාවෙ ඩ්‍රැකී සාදු කියලනෙ. :D

      සාධූ සාධූ සා............ධූ !!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. කෙබරාධිපති වන චන්දනයි මායි අතරෙ තරඟයක් නෑනෙ නේද...?

      Delete
    4. නැත, නැත, නැත, කිසිසේත් ම තරඟ නැත. :)

      Delete
  3. මචං මේවා ඇත්ත කතා නේද?? කාලෙකින් මගේ ඔක්කෝම සරීර කොටස් කාලෙකින් හොදටම බර උනා බං.. තැන්කුයි..

    ReplyDelete
    Replies
    1. අපේ ආදර බර දේශකයට බර උනාය කිව්වෙ......?

      මෙව්වා අමූලික ඇත්ත බං...!!!

      Delete
  4. ඇලඩින් ගේ පුදුම පහන
    දැන් තියෙන්නෙ මගේ ගාව...
    එපා නිවන්න මිතුරෝ 
    එපා නිවන්න...

    අලි බබා ගෙ හොරු හතලිහ
    දැන් ඉන්නේ මගේ ගාව...
    කතා එපා මිතුරෝ වැඩි 
    කතා එපා මිතුරෝ...

    මළකඩ කෑ කඩු කොපුවේ
    නූලෙනි බොහො තැන් කැපුවේ...
    හිත ඇතුලෙන් ලිත ඇතුලෙන්
    දෙවිදියක් ය ලොව හිතුවේ...
    වරම් දෙන්න රැකවරණේ
    හරෝ හරා පිළිසරණේ...

    මොකටද මිතුරෝ......


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : වික්ටර් දළුගම
    යුග ගායනය : ෆ්‍රෙඩී සිල්වා සහ නිහාල් නෙල්සන්

    ReplyDelete
    Replies
    1. මේක මං අහල නෑනෙ ඇනෝ... ටැංකිව් මේ වගේ දුර්ලභ සින්දු ගැන සටහන් කරනවට...

      Delete
  5. තවත් හූවක් කියන්නං ඒකෙ නැගලා උඩට යන්න කියලා බැලුවේ

    ReplyDelete
    Replies
    1. ඕකනෙ හූවක දුර කියලා කියන්නෙ...

      Delete
  6. මල්ලිට ලූලා නැතුව පාළු හිතෙන්න ඇති


    .......

    රස කථාව ඩැකී..

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. මල්ලිට ලූලා, බාප්පට හුංගා :-)

      Delete
  7. බාප්ප කෙසේ වෙතත් උඔ නම් චෙතිය රඡ්ඡුරැවන්ගේ මල්ලි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් මෙන්ඩා...

      Delete
  8. ඈ බන් ඔහොමත් ගජ බින්න ඇද බානවද....

    ReplyDelete
    Replies
    1. ඔය ඇදබාන්නෙ ලෙසටම...

      “සිහින සිත්තම්“ මාර ලස්සන නමක් බොස්...!

      Delete
  9. හු කියලා උඩ යන්න පුළුවන් කම තියෙද්දීනේ අර රොකට් රෝහිතයා මේ නිකං මහන්සි ගන්නේ ගාගනගාමියෙක්ද මොකෙක්ද වෙන්න.මැදමුලන පොල් මුරෙන් එන සල්ලි නිසා හොඳා නැතිනම් ඉතින්..

    ReplyDelete
    Replies
    1. හූවකින් යන්න පුළුවන් හූවක දුර විතරයි මනෝජ්.

      ඔය කොයි කොයි කබ්බන්ගෙත් කෙරුවාවල් ආඩම්බොරුකාර තාත්තගෙ දෑත ශක්තිමත් වෙලා තියෙනකං විතරයි. එතකල් ඉවසපං පපුව...

      Delete
    2. //මැදමුලන පොල් මුරෙන් එන සල්ලි නිසා හොඳා නැතිනම් ඉතින්..// හෙහ්.. මරු ටෝක ඒක!!

      Delete
  10. බාප්පව මතක් කොලා කියහන්

    ReplyDelete
  11. කැ@ කිනිතුල්ලෝ නේද බං?

    බලාගෙන ඒ හරක් කන කිනිතුල්ලෝ ඒම එල්ලුනොත් උන් උබවත් කයි..

    ReplyDelete
  12. බොගෙ බාප්පා මල්ලිට තාත්තා වුනේ කොහොමයි ? ඌ ඒකත් කියන්නෙ බොරුවටද ? නැත්නම් අර හාප් බ්‍රදර්ස්ලද ?

    එහෙව් බාප්පෙක්ගෙ පුතෙක් වෙච්ච බොලා කියන කිසි දෙයක් විස්වාසෙට ගන්න බෑ මටනම් දැන්..

    ReplyDelete
    Replies
    1. නෑ බොල...! ඌ බාප්පගෙම එක කුස උපං පුතා. මං ඌට කතා කරන්නෙ මල්ලි කියලා...!

      මං කියන හැම වචනයක්ම විශ්වාසබල් සෙන්නා...

      Delete
  13. හූ රැකපියෝ.... කිව්වොත් හඳට යන්න පුළුවන්ද ඩ්‍රැකී???

    ReplyDelete
    Replies
    1. හඳට යන්න නං බැරිවෙයි. හූ රැක රැක ඉන්න පුළුවන් වෙයි.

      Delete
  14. අම්මපා අර ජාතියේ කිනිතුල්ලෝ තුන් හතර දෙනෙක් හොයලා ගිහින් දාමුද දියවන්නා පිස්සන්කොටුවට.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අහිංසක කින්තුල්ලො ටිකට හොයාගන්න බැරි ලෙඩක් හැදිල තමයි මැරෙන්නෙ :)

      Delete
    2. පව් කිනිතුල්ලො ටික. එහෙම දෙයක් හිතන්නවත් එපා...

      Delete
  15. ඔිව කියද්දිත් බයේබෑ! අපේ පූසෙක්ගෙත් කිනිතුල්ලෙක් හිටිය!

    ReplyDelete
    Replies
    1. දැම්ම බලහං පූස ඉන්නවද කියලා...???

      Delete
  16. වයිෆාගෙන් ඇහැව්වා මේ කතාව පොඩි මෙන්ඩාට කියලා දෙන්නද කියලා ගැනි දෙකට නැමි නැමි හිනා වෙවි කියනවා
    අනේ මේ ඔයා පොඩි එකාවත් බොරැකාරයෙක් නොකර ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩව දැම්ම ඉඳං දේශපාලනේට හුරු කරවන්න එපා බං...

      Delete
  17. උඹලෑ ගෙදරම හිටපු පූසෝ දෙන්නෙක් නේද අර බඩගිණි වෙලා එකිනෙකාව කාගෙන උඹලා ගෙදර එනකොට වල්ග දෙක විතරක් ඉතුරු වෙලා තිබ්බා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩූඩ්... කවුද කිව්වෙ?

      Delete
    2. උන් දෙන්නගෙන් එකෙක්ම තමා කිව්වේ.

      Delete
    3. කාටද අෆ්ෆා මෙව්වා කියන්නෙ ඉතිං...?

      Delete
  18. මේක බ්ලොග් එකක්ද කියලත් සැකයි බන්.කෙහෙල් කොලයක් එහෙම නෙවෙයි නේද ?

    ReplyDelete
    Replies
    1. ඒක හරියට අර පරණ සිංදුව වගේ...

      “පාර්වතී උඹෙයි මගෙයි පෙම් කතන්දරේ - මං ලියා තියන්නම් කෙහෙල් කොළේ...“

      Delete
  19. නිතරම ලියහංකො මොනවා මොනවා හරි....හරි ආතල් බොලං මේ වගේ ගජබින්නයක් කියවද්දි....තොටළග කුසුම්පාල හිටිවන බයිලාවකුත් කියන ගමන් වෙන්න ඇති දුවන්න ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. තොටළඟ කුසුමපාල ගෙ කපිරිඤ්ඤා - සිරා විතරයි ඒක දැක්කෙ...

      දැන් ඉතිං දිගටම ලියන්න තමා අදහස... මාර දේවල් ටිකක් මඟ ඇරුණා බ්ලොග් වල.

      Delete
  20. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  21. කාලෙකින් ගොඩවෙලා යන්න ආව ඕන්

    ReplyDelete
  22. අනේ මන්දා ඉතිං ඔය වගේම ගිරහයෙක් මට හම්බවුනා ඇත්තටම කිතුල්ගල දී. මිනිහ මට කිව්ව කතා එක්ක බැලුවම මේවා මොනවාද බං.. ඌ බින්න බෑවේ වැස්සේ හිටගෙන... තෙමි තෙමි.. මිනිහ කියපු විදියට ඔය කිතුල්ගල ක්වායි ගඟේ පාලම ෆිල්ම් එක කරද්දී ඒ කෝච්චියේ එන්ජිමේ එල්ලිලා ගිහින් තියෙන්නේ පොරගේ අත්තා.. එන්ජිම ගඟට වැටුනම අත්තත් එක්ක, අත්තා කෝච්චියේ ස්ටියරින් එක ගලවන වතුර යටින් පීනං ආවලු. ඒ ආපු පාර තමා තාම එන්ජිම ගොඩ ගන්න බැරිවෙලා තියෙන්නේ. මොකෝ කෝච්චිය වතුර යට හරවගන්න විදියක් නෑ ලූ නේ.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව. ඔය වගේ එකෙක් හිටියම ඇති ගමකට...

      Delete
  23. maru.
    lulatada kiyala ahanna epaa.
    :-) :D

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ගොඩක්ම කියවපු ලිපි

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඒක්තරා අැත්ත කතාවක්...

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

කාලිදාස ගෙ කතාවක්

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part