Thursday, January 21, 2016

ගජබින්නාලංකාරය 15 වන කොටස...

මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම...

1. බාප්පගෙ මිරිස් වගාව
2. ඉඩෝරෙට වෙලේ ළිඳක්
3. අලිමාලය
4. සුවාරිස් මුත්තගෙ දඩයම්
5. ඉර හඳ පල්ලා බොරු නෙමේ
6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම
7. වට්ටක්කා සහ පතෝල
8. ලබ්බෙ කානිවල් එක
9. කන්තලේ මහ වන මැද
10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා
11 බාප්පයි පුතයි
12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්
13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්
14. බාප්පගෙ හේනෙ විත්ති

කාලෙකට පස්සෙ ලියන්න යන්නෙ, යාත්‍රාමුල්ලේ අන්දිරිස් කියන අපේ කිත්තට සිදු වෙච්ච සිද්ධියක්. මගේ වැල ගිය මුල ගිය තැං ගැන කලිම්ම සඳහන් කළත්, ඒ හත්මුතු (මගෙ දැනීමෙ සීමාවෙ හැටියට පස්මුතු) පරම්පරාව මං දන්න විදිහට ආපහු සඳහන් කිරීම කියවන්නගෙ පහසුවට හොඳයි කියා හිතේ. මේ විදිහයි මගෙ පරම්පරාව...

මම - යාත්‍රාමුල්ලගේ ප්‍රභාත් විජේවර්ධන (හෙවත් කවුරුත් දන්න විදිහට ඩ්‍රැකී)
තාත්තා - යාත්‍රාමුල්ලගේ සේපාල
ආතා - යාත්‍රාමුල්ලගේ විලියොං සිඤ්ඤො
මුත්තා - යාත්‍රාමුල්ලගේ සුවාරිස් අප්පු හෙවත් සුවාතා හෙවත් සුවාරිස් වඩුරාළ
කිත්තා - යාත්‍රාමුල්ලේ අන්දිරිස් අප්පු හෙවත් අනද වඩුරාළ

මේ කියන අනද වඩුරාළ අපේ ගමට ඇවිත් තියෙන්නෙ දකුණෙ යාත්‍රාමුල්ල කියන ගමෙං. එහෙමයි අපේ වාසගම හැදිල තියෙන්නෙ.

ඕං ඉතිං අපේ ගමට ඇවිත් පැළපදියං වෙච්ච අපේ අන්දිරිස් කිත්තා, පදිංචි උනේ ගොරකගහවත්ත කියන ඉඩමෙ. ඒ ගැන විස්තර පස්සෙ දවසක කියන්න බලාපොරොත්තු වෙනවා. (තවම ඒක ගොතා ගන්න බැරි වුනා) මේ ඉඩමෙ පහළ මායිම ඒ කාලෙ මහ විසාල ගඟකි.

ඕං අන්දිරිස් කිත්තා දවසක්දා බිලී බාන්න ගියා ඔය ගඟට.

https://s-media-cache-ak0.pinimg.com/236x/
46/e0/25/46e0256a10af45814144fba79aab9040.jpg

උන්දැ බිලී පිත්තට ගත්තෙ සාමාන්‍ය කිතුල් පිත්තක්. හැබැයි යොතට ගත්තෙ අලි කෙඳි වලිං අඹරපු ඔරිජිනල් යොතක්. මොකද, පහළ ග‍‍ඟේ උන්න මාලුවන්ගෙ සයිස් එකත් අලින්ටම දෙවෙනි නොවුන හංදා. (අපේ කිත්ත මාළුබාන්න පාවිච්චි කරපු නූල ම වැඩිදියුණු කරල තමා කිත්තං නූල් හදල තියෙන්නෙ. නමෙන්ම තේරෙනවනෙ කොපිරයිට් යන්න ඕනෙ කාටද කියල?) ටික වෙලාවකිම්ම, ඔන්න මාළුවෙක් ඇවිත් ගැහුව ඇමට. අන්දිරිස් කිත්තත් ටිකක් දුර මාලුවට ඇම ඇදං යන්න දීලා, ආපිට අදින්න ගත්තා.

කිත්තා දිනවා අදිනවා අදිනවා... කොහෙ? මාලුව එන්නෙම නෑ. ඌ තව තවත් ගැඹුරට ඇදගෙන යනව යොත.

බැරිම තැන අන්දිරිස් කිත්ත ඉඳගෙන උන්න තැනිං නැගිට්ට. කකුල් දෙකට බරදීල හිටගෙන, දෑතිම්ම බිලීපිත්ත අල්ලගෙන, මෙන්න මෙහෙම (යකඩො, ඇදපු හැටි පෙන්නන්න ගිහිං තව ඩිංගෙං කීබෝඩ් එක කැලේ...) ගස්සල ඇද්ද. ඇදපු පාර මාලුව යොතත් එක්කම කිත්තගෙ ඔළුවට උඩිං විසික් වෙලා ගියා. අන්දිරිස් කිත්ත හැරිල බලනකොට, ගං ඉවුරෙ සරුවට වැවිල තිබ්බ කොස් ගහේ මුදුන් අත්තෙ පළගත්ත කොස් ගෙඩියෙ යොත දහඅට පොටක් පැටළිලා, ඒකෙ අගිස්සෙ ගැස්සි ගැස්සි ඉන්නව තඩී.... ලූලෙක්... හරියටම විල්බැරෝවකිං එකයි ලූලා. (ඒ කියන්නෙ කොස්ගෙඩියෙං බාගෙයක් විතර)

https://s3.amazonaws.com/lowres.cartoonstock.com/
hobbies-leisure-hell-the_afterlife-devil-hades-lie-
jkn0364_low.jpg
ඉතිං මොකදැයි කරන්නෙ? ඒ ගමන අන්දිරිස් කිත්ත තේරුංගත්ත ඒ තරං සැරේට අදින්න හොඳ නැති බව. උන්දැ බිලීපිත්තත් අරං හිමීට ගහ යටට ගිහිං හිමිං සැරේ අදින්න ගත්ත යොත. කප විටක් ගස්ස ගස්ස අදිද්දි, කොස් ගෙඩිය මාලුවත් එක්කම පතබෑවුනා ගහ මුලට. ඉතිං කිත්ත "හොඳා අද කෑහැකි කොසුයි ලූල් මාලුයි" කියල හිතාගෙන ගහ යටට යද්දි, මෙන්න බොලේ අර තඩි කොස් ගෙඩිය පැනල දුවනව කැලේ කඩාගෙන.

මොකද ‍වෙලා තියෙන්නෙ?  කොස් ගහ යට නිදාගෙන හිටිය තඩි ඉත්තෑවෙක්ගෙ පිටට තමා කොස් ගෙඩිය වැටිල තියෙන්නෙ. උගෙ පිටේ කූරු වලට ඇමිණිච්ච කොස්ගෙඩියයි, ඒකෙ පැටළිච්ච ලූලයි අරං පැයට හැතැම්ම සීයක විතර වේගෙං දුවල ගිහිං ඉත්තෑව...

අන්දිරිස් කිත්ත එතනම ඉඳං එයාගෙ බාල පුතා වෙච්ච, ඒ කාලෙ යන්තම් කරදඬු උස්වෙච්ච වයසෙ හිටිය, අපේ සුවාතට අඬගැහුවා. උන්දැ පොඩිකාලෙ ඉඳම්ම ‍සූර දඩයක්කාරයා. සුවාත ඇසිල්ලකිං හොයාගත්ත ඉත්තෑවගෙ අඩිපාර. "කඩියො යමං"කියල උන්දැගෙ විස්වාසවන්ත බල්ලවත් ඉස්සර කරගත්ත සුවාත, ටී පනස් හයත් අරං වෙඩි කොටන තුවක්කුවත් අරං සීරුවෙං ගියා ඉත්තෑව ගිය පාරෙ.

ඉත්තෑව අල්ලගෙන සුවාත කැළෙං එළියට එන්න කාලාන්තරයක් ගතවුනා කියලයි ගමේ උදවියගෙ ජනප්‍රවාදයෙ තියෙන්නෙ. ඉත්තෑව කොච්චර බයවෙලාද කියනවනං, බස්නාහිර පළාතෙනුත් එළියට දුවල. අන්තිමේ සුවාත ඌව අල්ලගෙන තියෙන්නෙ මන්නාරමටත් කිට්ටටු හරියකදි. ඒ වෙනකොට ඉත්තෑවගෙ පිටේ තිබ්බ කොසේ ඉදිල, ඒකෙ පැටළිච්ච ලූල කරෝල වෙලා.

ඉත්තෑ මසුයි, වරකයි, ලූල් කරෝලයි ඔක්කොම කද බැඳගෙන සුවාත ගෙදර එද්දි, උන්දැගෙ දැළි රැවුලත් වැවිල, පෙළවාසියකුත් කරගෙනලු....

වෙච්ච සංගෙදිය හිංදා අනද වඩුරාළ කරපු වැඩේ, ගොරකගහවත්තෙ නානළිං දෙකක් කපලා, ඒ පස් ටික ගඟට දාල, ගඟ ගොඩ කරලා, කුඹුරු යායක් කළා. අදටත් අපේ ගම වෙන, කටුවාලමුල්ලෙ ඉඳං කොස්සින්න හරහා පැතිරිලා ගිය (දැන්නං පුරං වෙලා තියෙන්නෙ) කුඹුරු යාය තමා ඒ...

ඔය කුඹුරු යාය ගැනත් මං මගේ මුල් කියන පෝස්ටුවෙ පොඩි සඳහනක් කළා. අපේ අම්මගෙ තාත්තා, අපේ තාත්තගෙ ගෙවල් දොරවල් බලන්න ආපු වෙලාවෙ, අපේ බාප්පා උන්දැට ඔය කුඹුරු යාය පෙන්නලා,

"අර ලියදි - එකක් නෑ සේපාලගෙ" කිව්වලු.
(ඊට පස්සෙ වෙලෙං එගොඩ වෙලා හොරපොළකටත් ගිහිං හොඳට බොන්නත් අරං දුන්නලු...)

අපේ විලියොං අාතගෙ බීමට පිංසිද්ධ වෙන්න, අපට එක කුඹුරු ලියද්දක්වත් අයිති නෑ. ඉතිං බාප්ප කියල තියෙන්නෙ ඇත්ත.ඒක අපේ සීය හරියටම තේරුං ගත්තයි කියලත්, සීය ආපහු ගෙදර ගිහිං අපේ අම්මට කියල තියෙනව...

හමුවෙමු තවත් හරවත් ගජබින්නයක් සමඟින්. එතෙක්...

ගජබින්නාලංකාරය සමඟින් ඩ්‍රැකියා ඔබ සමඟයි සැමදා...

162 comments:

  1. Woww man 1 Kiyewwa.marai appa.phone eke Sinhala kotanna be.gedara gihin dennam were.

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් නංගාාා... එතකොට කමෙන්ට් දෙකයි...

      Delete
    2. මගේ ෆෝන් එකේනම් අපූරුවට සිංහල කොටාගන්ඩ ඇහැකි..
      නගාට ඕනයැ හැක්..

      Delete
    3. මහේෂ්, ඔය ෆෝන් එක දීපං සුජී ට... :-)

      Delete
    4. මැලේ,
      උඹ නං මැලේසියාවටම තමා හරියන්නෙ... හෙහ් හෙහ්...

      Delete
    5. දැන් එතකොට ඔයාලගේ තාත්තාගේ නම් සේපාල ද ???
      මම දන්නා සේපාල කියලා මාමා කෙනෙක් හිටියා එකනායක කියන වාසගමින් ?
      මම දන්නවා කිව්වට එයා ගැන මට කිව්වේ මේ අපේ ඇන්ටන් ජෝ මාමා...
      දවසක් මේ සේපාල මාමා සෙල්ලමට වගේ ඉතාලියේ තිබ්බ ප්ලේන් එකක් එලවගෙනම ලංකාවට ආවලුනේ
      ඇවිල්ලා බැලින්නම් ප්ලේන් එක ඇතුලේ හෙන සෙනගක් ඉඳලා....
      උන් ටිකව ලංකාවට ගෙනාව සතුටට උන් මේ සේපාල මාමාට ලස්ස හැටකුයි, අබුවකුයි , දරුවකුයි දීලනේ....
      ඊටපස්සේ අපේ රජයේ අනුග්‍රහයෙන් මේ පවුල මුලින්ම වැලිකඩයි පස්සේ බෝගම්බරයි ජිවත් උනාලු

      මගේ පොයින්ට් එක තමයි........

      දැන් ඔය ඩ්‍රැකීයා කියන එකා වැඩිපුර ඉන්නෙත් ඉතාලි පිචර් වලනේ

      ඒ කියන්නේ මේ ප්‍රභාත් විජේවර්ධනගේ තාත්තා තමයි
      සේපාල නොහොත් සෙල්ලමට ප්ලේන් පැද්ද සේපාල ඒකනායක

      ඔය මුල්ලක තිබිච්ච යාත්‍රාවක් අරන් ආපු නිසා තමයි පස්සේ කාලෙක යාත්රාමුල්ලගේ කියන කෑල්ල මුලට දාගෙන තියෙන්නේ......

      ඔන්න ඇත්ත පැටිකිරිය

      Delete
    6. ළමයෙකුට දුන්නොත් නාකෙයි.
      සුජීගේ ෆෝන් එකේ හෙල සිංහල බස තියෙනවලු

      Delete
    7. මැලේ රාළේ...,
      උඹ හොඳයි බං අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජොබ් එකට. බැයිද පාට් ටයිම් වගේවත් කොරන්න? මං ඕන්නං අපේ හාමුදුරුවො ලව්වා උඹට ආරාධනාවක් එවඤ්ඤං...

      මහේෂ්,
      හෙළ සිංහල බස කියන්නෙ, මොකක් හරි හෙලවෙන බාසාවක්ද?

      Delete
    8. උබට ඕන එකක් හිතාගනින් ඩ්‍රැකීයෝ..හැක්

      Delete
    9. මැළේ රාල, පට්ට ක්‍රියේටිව් බන්.....අවස්ථා සම්බන්ධයන් හරි අපූරුවට ගලපලා තියනවා...

      Delete
  2. හෑ...??? "උන්දැ ඇමට ගත්තෙ සාමාන්‍ය කිතුල් පිත්තක්" කිතුල් පිත්ත ගත්තෙ ඇමටද බිලි පිත්තටද ...... ඇමට කිතුල් ගහල අල්ලන්න වෙන්නෙ අලි තමයි.. ඔයි තයිස් ලූලෙක් අල්ලන්න නං ටොම්බ තයිස් බට්ටෙක් හරි පෙතියෙක් හරි ගන්න වෙනව ඇමට.

    ReplyDelete
    Replies
    1. ඕං බලහල්ලකො ඉතිං... මං මේක ප්‍රවීව් දාලත් බලල එඩිට් කරල තමා අන්තිමේ පබිලිස් කොළේ. ඒත් වැරදියි.

      ඇමට ගත්තෙ නං පාංකෑල්ලක් කියල තමා බාප්ප මට කිව්වෙ. ලූල් පැටව් පාං කන්න ආසයි ලු.

      Delete
    2. අම්මඩ හුඩු ඒ කාලෙත්පාං තිබිල හැක්

      Delete
    3. ඒකනෙ කියන්නෙ. අපේ ගමේ බේකරියෙ පාංදරිංම්ම හදන හිංද තමා ඔව්වට පාං කියන්නෙ...

      Delete
  3. අර බල්ල කඩිය ඉත්තෑව අල්ලගත්ත වෙලාවේ ඌට හදි කරන්න හිහින් කුට්ටම ඉරාගෙන ආපු කෑල්ල අමතක වෙලා.
    නියම බින්න ටික

    ReplyDelete
    Replies
    1. අම්මප, කුට්ටම නැති බල්ලෙක් "සතපහක්" වටින්නෑ...

      Delete
  4. මම් හිතුවා ඇද්ද පාරට කොස්ගහම ගැළවෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක නිසා තමයි අනදාතා හෙමිහිට ඇද්දෙ...

      කොස් ගහ ගැළවුනානං, ගඟ හරහට ඒ දණ්ඩක් දාන්න තිබුණ...

      Delete
  5. ලුල් මාළු ටිකක් කන්න තියෙන චෑන්ස් එක මිස් උනා මේ ගෙරි ඉත්තාවෙක් නිසා. චඃ...

    ReplyDelete
    Replies
    1. ඉතිං වඩා හොඳයිනෙ ඉත්තෑ මසුයි ලූල් කරෝළයි... නැද්ද?

      Delete
  6. Replies
    1. තෑන්ක්ස්... අප්‍රිසියේට් දැට් අ ලොට්... :-)

      Delete
  7. Replies
    1. ඒක නිකං උඹේ අස්සන වගේ වෙලා, රංගන සහෝදරයා...

      Delete
  8. කිත්තා ඔහොම නම් කිත්තගෙ මී මුණුබුරා කොහොම ඇද්ද...

    ReplyDelete
    Replies
    1. කිත්තගෙ මී මුනුපුරා.... ඌ ඇවිල්ල පට්ට $ත්තා...හිකිස්..ස්..ස්..

      Delete
    2. කසියක්සියන්ත,
      මී මුණුබුරා තමයි ඩෝ ලොවෙත් පොර...!

      අපනයනකරු,
      අමු + $ත්තා = අමුත්තා

      Delete
  9. යකෝ කොස්සින්න කියන්නේ අපිට අල්ලපු ගම නේ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. එක සැරයක් මයෙ නමට මෙහෙට එවපු මනි ඕඩරයක්, ඔහෙ කොස්සින්නට ගිහිං අලි ජරමරයක් උනා.

      Delete
    2. ඉතිං ඒක ගෙන්නගත්තේ කොහොමද?

      Delete
    3. මෙහෙ තැපැල් කන්තෝරුවෙං ඔහෙ තැපැල් කන්තෝරුවට කෝල් කරල තැපෑලෙම්ම ගෙන්නල දුන්‍න. මොකද, ඒක තැපැල් දෙපාර්තමේන්තුවෙං කරපු මිස්ටේක් එකක් නිසා. දවස් තුනක් විතර ගියා සල්ලි ගන්න.

      Delete
  10. ඉත්තෑව නිදාගෙන ඉන්න කොස් ගහ මුල බෙනයක තඩි නයෙකුත් ඉඳලා තියෙනවා ගෙදරින් තරහ වෙලා ඇවිත්. ඉත්තෑවගෙ ඇඟට කොස් ගෙඩිය වැටුන වෙලේ නයා ගොඩක් බයවෙලා ඇයි නයාටත් වැඩිය ලොකු ලුලෙකුත් පැටලිලා නෙව. නයා හිතලා තියෙන්නේ අතඇරල දාලා ගිය නැයිනි ( හැපින්න ) තමා මේ එන්නෙ කියලා. නයා පණ එපෝ කියලා ඇදිලා ඇදිලා ගිහින්. ඉත්තෑව හිතලා තියෙන්නේ ලූලා ඉස්සරින් යනවා කියලා. ලූලා අල්ලන්න ඉත්තෑවා දිව්වා ඒ පස්සෙ අනිත් කට්ටිය. නයා ගොඩක් දුර ගිහින් හැරිලා බලන කොට බල්ලො. ඉත්තෑවො. ලුලා. මිනිහෙකුත් එනවලු. දවස් ගණන් සති ගණන් මෙහෙම නයා ඇදිලා ඇදිලා ඇදිලා ඔය කියලා තියෙන විදිහට බස්නාහිර පලාතෙනුත් ගිහින් මන්නාරමට ටිකක් කිට්ටු වෙද්දි නයාගෙ පුරුක් ඔක්කොම ගෙවිලා ඔලුව විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. අමාරුවෙන් නැවතිලා ඉත්තෑවගෙ පිට උඩට නැග්ගම ඒකෙ කොස් ගෙඩියක්. අවුලක් නෑ කොසේ නැට්ට උඩට ගියාම කොස් කොලයක් වගේ පේන්න ගත්තා. ලුල් කරවල අස්සෙ නයි කරවලත් තිබුණා කියලයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. මළා. මං අදම නවත්තනව ගජබින්නාලංකාරෙ ලියන එක. ඒකෙ කොපිරයිට් එක එහෙම්පිටිම්ම පවරනව සුජියට...

      තාත්තෙ, බාප්පෙ, විළියොං ආතෙ, සුවාමුත්තෙ, අනද වඩු කිත්තෙ... පරම්පරාවෙ නම්බුව රකින්න බැරි උනාට බොලා හැමෝම මට සමාවෙයල්ල. මං ලියාපු කතා පහළොවම පරාදයි මේ පැඟිරි කෙල්ලගෙ එක කමෙන්ට් එකට.

      Delete
  11. මේක බොරු කථාවක් නේද?
    ඹයිකාලේ විල්බැරෝ තිබුනැයි??
    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බොරු? ඒ මොනවද? මං ඒ වචනෙ තේරුම දන්නෑනෙ...

      මුලිම්ම විල්බැරෝ හැදුවේ අපේ අනද කිත්තනෙ. බැරල් එකක් කපල අරං ඒකට වීල් එකක් හයි කළා.

      Delete
    2. විකි පේඩියාවෙ තිබ්බෙ අනද කිත්ත විල්බැරෝව ඩිසයින් කරපු හැටි රෝද දෙකක් හයි කරන්න මුල් සැලැස්මේ තියෙන්නේ, එත් රෝද දෙකක්ම හොයාගන්න බැරිවුනු හින්ද එකක් විතරක් ණයකට අරගෙන ඒකනේ ඕකට වීල් බරෝ කියන්නේ.

      Delete
    3. වීල් බරෝ කියන්නෙ, තිබ්බ වීල් එක හයි කළා. අනිත් වීල් එක ණයට හයි කරන්න හිතාගෙන. ඒත් කවදාවත් ඒක හයි කරන්න බැරි වුනා...

      Delete
  12. ඇයි යකෝ අපේ ආතා එක වෙඩිල්ලකින් ඌරෝ දෙන්නෙක් මැරුවනේ.ආතා තුවක්කු බටේ පොඩි කරලා කානු දෙකක් හැදුවා.වෙඩ් උන්ඩේ දෙකට කැපිලා ගිහින් ඌරෝ දෙන්නටම වැදුනා.

    ReplyDelete
    Replies
    1. තොපේ ආතාත් ආතෙක්ද බොල? රැජිනි කාන්ත් එක්ක බැලුවම...........
      අතේ පිස්ගෝල දෙකයි. දෙකේම අවසාන උණ්ඩ දෙක. නාලෙයි බලකානුම් අන්ඩවා....බුහහාහාහා.............අඩි 15 ක් උස තාප්පෙ. එහා පැත්තෙ සතුරා...............
      රැජින වීසිකරනවා පළවෙනි පිස්තෝලෙ උඩට. තියනවා දෙවනි පිස්තෝලෙන් පළවෙනි පිස්තෝලෙ කෙකාට...........දෙවනි පිස්තෝලෙ උණ්ඩෙ වැදිලා හතුරා මැරෙනවා. අයිසැක් අයියයි ඇල්බට් අයියයි එකම අත්තට දාපු එකම කඹේ දෙපැත්තෙ බෙල්ලෙ වැල දාගෙන මැරෙනවා, මේවා අදහාගන්න බැරුව, උන් දන්න පිසික්ස් එක්ක..............

      Delete
    2. අනේ පල මල් වන්දිරයො යන්න. ඕක ඔහොම නෙවෙයි. තුවක්කුව ගල් බෙනේ පැත්තට දෙබලක ගැට ගහලා ඉස්සරහින් කැත්ත හිටවලා තුවක්කුව පත්තු කොරලා ගියාලු. ඉතින් බටෙන් එලියට එන උණ්ඩෙ කැත්තෙන් දෙකට කැපිලා දෙපැත්තට ගින් ගල් බිත්තියෙ වැදිලා ආපහු තුවක්කුවට එනවලු. ඒ එන වේගෙට ආපහු ඔටෝ පත්තු වෙනවලු. ආයෙ උණ්ඩෙ කෑලි දෙක යනවලු. ඔය විදිහට එලි වෙනකොට ඌරො හත් බානකුයි එකෙකුයි (ඒ කියන්නෙ 15ක්) මැරිලලු උදේ බලන්න එනකොට. අන්තිමට තුවක්කුව ගලවන්න උණ්ඩෙ නතර කලේ ඉස්සරහින් අමුඩ ලේන්සුව අල්ලලාලු. තෝ දන්න ඉටි ගෙඩිය...

      Delete
    3. මු දෙන්නටත් ඩ්‍රැකිය කාපු ගුලිය කැවිලද කොහෙද.
      කැමෝ, කොහොමද බං දෙවෙනි පාරට උණ්ඩ දෙකක් එකපාර තුවක්කුවට ආවම පත්තු වෙන්නෙ.

      Delete
    4. අනික උණ්ඩෙ නතර කලේ අමුඩෙ අල්ලල නෙමෙයි පස්ස පැත්ත අල්ලලයි කියල තමයි කියන්නෙ. හැක්.

      Delete
    5. මනෝ, මදාවියො, කසියක්සන්ත,
      අපේ සුවාත දවසක් රවුමට ලැගල හිටිය කොක්කු තිස් දෙකක් වෙඩි තිබ්බ එක උණ්ඩෙං. ඒක කළේ තුවක්කු බටේ ගහක දෙබලකට තියල අර්ධ කවාකාරව නවල අරගෙන. උන්දැ මොනරු අල්ලලන්නෙ දඩයමට පුරුදු කරපු උනහපුළුවගෙන්. වැඩිදුර විස්තර මේං

      ප්‍රසෝ,
      ඒක තමා කසියක්සන්තයගෙ පස්සට බලපාල තියෙන්නෙ...

      Delete
    6. ඩ්‍රැකියො, ඕං උඹේ ඔය මේං එක මෙව්වා වෙලා.

      Delete
    7. මදාවියා, බොලා අද වැඩ නැද්ද බොල.

      Delete
    8. මළා...

      එහෙනං මේං

      මං මුළු පෝස්ට් එකේම ලිංක් ටික ආපහු චෙක් කළා...

      Delete
    9. ප්‍රසෝ,
      මූ සෙනසුරාදා නිවාඩුව අද අරං...

      Delete
    10. කරදර ඉවර නෑ වගේ බං තාම. පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා.

      Delete
    11. මොකෝ උනේ? උබට තුවාලද?

      Delete
    12. නෑ බං මගේ වැරැද්ද. (පෝන් එක දිහා බලපු පොඩ්ඩට ඇණුනා ඉස්සරහා ගිය වෑන් එකේ). තුවාල නෑ. ඒ වුණාට ඉන්ෂුවරන්ස් අනං මනං වලට දුවන්න එපායැ.

      Delete
    13. ඕක තමයි කියන්නෙ පෝන් බලන්න වෙලාවක් තියාගන්න ඕන කියල. හැක්..

      Delete
    14. අර මාෂලය මේක දන්නෙ නැද්ද. දන්නවනං උඹේ ඉතුරු ඇට දෙකටත් විදින්න එයි.

      Delete
    15. මදාවියො,
      ප්‍රසා ආයි වෙන කාටවත් උත්තර ලියන්න ඉතුරු කරල නෑ. මට තියෙන්නෙ ඉතිං, ලොකු මහත් වෙච්ච දූල තුංදෙනෙකුත් ඉන්න තාත්තෙක් ෆෝන් එකේ පෝන් දාගෙන ඉන්න එක ගැන කින්ඩියට හිනා වෙන්න විතරයි.

      ප්‍රසෝ,
      මදාවිය හැංගිල ඉන්නෙ මාෂලය උගෙ ඇට කන්ඩ එයි කියල. වැඩේ තියෙන්නෙ ඌ හැංගිල ඉන්නෙ අර ඇට කන බල්ල ඉන්න කම්මලේ. (දන් නැත්තං කතාව, හම්බුන වෙලාවක කියන්නං)

      Delete
  13. අයියෝ වීල්බැරෝවද සයිස්! මදිනෙ :( :P :D

    ReplyDelete
    Replies
    1. ඒ බොල ග‍ඟේ ඉවුරට කිට්ටුව හටපු ලූල් පැටියෙක්. ගඟ මැද තමා ඔරිජිනල් ඇඩල්ට් සයිස් ලූල්ලු හිටියෙ...

      හා උඹ කියහං බලන්න, ග‍ඟේ මැද තියෙන්නෙ මොකද්ද?

      Delete
    2. මං හිතුව හුලංබුවපකියල හැක

      Delete
    3. ප්‍රසෝ,
      එහෙනං මේක කියහං.

      නංගිට තියෙනව
      අක්කට නෑ
      නන්දසේනට දෙපැත්ත‍ෙම්ම තියෙනව
      ප්‍රසන්නෙයට තියෙන්නෙ දෙමළ එකක්
      මොකද්ද ඒ?

      මහේෂ්,
      හුළං මොක?

      Delete
    4. අම්මප මහේෂ් මොකක්ද ඒ වචනෙ.

      Delete
    5. ඔය කාගෙත් අතන මෙතන තියෙන්නෙ තියෙන්නෙ "න" යන්න.

      Delete
    6. සුජිය මාව පච කරල හිටං ආපහු ආවද මෙතන? දුප් කිව්වෙ...! :-)

      (අතනයි මෙතනයි දෙකක් තියෙනව)

      Delete
    7. "ලේ බොයියා" ඊලඟ බින්නෙදිත් දෙන්නම් වැඩේ. :D

      Delete
    8. ඒක මරු කාඩ්ඩෙක... :-)

      මං ගජබින්න ලිවිල්ල අත්ඇරියා. සුජී ලියල මට මේල් කරන්න, මං මේකෙ දාන්නං කොපිරයිට් එක්කම...

      Delete
    9. හා. කොපි රයිට් එපා. (කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම....:D)

      Delete
    10. කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම....:D ©

      Delete
  14. කිත්තාගේ කතාවනම් මරු හොදේ ගජබින්නාලංකාරය මෙච්චර හොදයි කියලා හිතෙවේ නෑනේ බොලන්. නිවාඩු වෙලාවක මුල් කොටස් ටිකත් කියවන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෑ...! මේක එච්චර පට්ට කතාවක් නෙවෙයි. කියවහං ලබ්බෙ කානිවල් එක, සුවාතගෙ දඩයං, කන්තලේ මහ කැළේ මැද ගහක් කපපු හැටි... අන්න ඒවනෙ ගජබින්න. මේක මොකද්ද?

      Delete
  15. හුහ්... මූ ඇවිල්ලා එසේ මෙසේ පරම්පාරාව්කින් නෙමේ වගේ පැවතෙන්නේ....එතකොට අර කෙබර චන්දනයට බොලාගෙ තියන නෑ කම මොකක්ද ??

    එකක් නෑ සේපාලගෙ දැක්කම මතක් වුනේ සිකුරු හතේ ‍ෆිල්ම් එකේ කෑල්ල... "වෙන කාගෙද ? "

    ReplyDelete
    Replies
    1. කෙබර චන්දනෙය මං චූටි කාලෙම කතරගමදි අපේ පවුලෙං මගඇරිච්ච, එකකුසේ උපං පුංචිඅම්මගෙ පුතා...

      වෙන කාගෙද බං...?

      Delete
  16. "අර ලියදි - එකක් නෑ සේපාලගෙ"
    = පිට නෑ
    = කැස්ස? හොඳ කැස්ස! කක්කල් කැස්ස, කක්කල් කැස්ස............

    ReplyDelete
    Replies
    1. කක්කල් කැස්ස නෙවෙයි බොල. "කාසෙ... කාසෙ..."

      හනේ ඉතිං උඹත්... :-)

      Delete
  17. ඩ්‍රැකියෝ.... අන්න ව්‍යවස්ථාවද මොකද්ද හදනවා... බොලාට හරියටම ගැලපෙන්නෙ එතන.. යමන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මං යනව. ව්‍යවස්ථා කෙටුම්පත ආපු හැටියෙ ඒ ගැන ලියනව - කොහොමද දන්නවද...? මේ මේ තරං දිග හෑලි... :-)

      Delete
  18. Replies
    1. කෙටිම කමෙන්ටුව උදෙසා නෙලුම්යාය බ්ලොග් සම්මානයට ඔබගේ නමත් යෝජනා කරනු ලැබේ... :-)

      Delete
  19. suwaris muththa iththawage passen basnaahirenuth eliyata duwala kiyaddi man hithuwe Maldives walatawath duwalada kiyala :D piri....

    Draky, pasugiya BINNA lipi tika me post ekata link karapu ekanam godaak watinawa. tanq...

    ReplyDelete
    Replies
    1. :-) මාලදිවයින් දුවපු ඉත්තෑව කිව්වෙ අපේ ඉංගීසි මාස්ටර්ට ද? හෆූ....!!!

      කලිං එව්වත් බලල එන්නකො එහෙනං. ඒ ඒ තැං වල කමෙන්ට් දැම්මත් මං රිප්ලයි කරනව පුළුවං තරං... පරණ එව්ව කියෙව්වහම මේ බින්නෙ මොකද්ද කියල හිතෙයිද දන්නෑ?

      Delete
  20. හොද වෙලාවට නේ මේක කිත්තාගේ කාලේ කතාවක් උනේ.
    නැත්නම් අනික්වා කෙසේ වෙතත් ඉත්තෑ මස් අරන් මන්නාරමේ ඉදන් එනවා බොරු.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල, දිනේශ්.
      ඒකාලෙ, ඕනෙම ගැටයෙකුට, ඉත්තෑ මසුයි, ලූල් කරෝලයි, වරකයි, ගින්දර වගේ කෑල්ලකුයි අරං ඕනෙම වෙලාවක මන්නාරමේ ඉඳං ගම්පහට පයිං එන්න පුළුවංකම තිබ්බ අතේ තුවක්කුවක් තිබ්බනං... :-)

      Delete
  21. එක කෑල්ලක් අඩුයිනේ. කිත්තා මන්නාරම් ගියේ පත නයෙක් ගේ පිටේ නැගලා නේද?

    ReplyDelete
    Replies
    1. හයියෝ... ඔච්චර නෝන්ඩි කරන්ඩ එපා. මොකද්ද මෙයාා...?

      Delete
  22. //පහළ ග‍‍ඟේ උන්න මාලුවන්ගෙ සයිස් එකත් අලින්ටම දෙවෙනි නොවුන හංදා.//
    ඇහුවමයි අලියෙක් විල්බැරෝවක දාගෙන යන්න පුලුවං කිවුව.

    චැහ්... ඉත්තෑව මරාගෙන එන ගමං තලගොයෙකුට දෙන්නෙකුටත් වැඩේ දීගෙනම එන්න තිබ්බනෙ.

    ReplyDelete
    Replies
    1. ආහ්. අයියා මගේ පස්සෙමයි නෙවද??

      Delete
    2. අයියා කොහොමත් පස්සෙන් නැතිව ඉස්සරහින් යන්නද දේශෝ...

      Delete
    3. ආ මල්ලි, බොමුද සෝඩ එක්ක ගල් පාරක්. හැක්..
      මහේෂ්, දැට්ස් දූෂකයාස් තියරි.

      Delete
    4. ප්‍රසෝ,
      අලිය වැහැරුනාම විල්බැරෝවක දාගෙන ගියෑකි.

      දේශකයයි මහේෂයයි,
      කට කට යකෝ...! මේ බ්ලොග් එක ‍පොඩි උන්ටත් අන්ත ගෑල්ලමයි කියෝනව. කට පරිස්සමිං. අනික මගෙ බ්ලොග් එකේ එක හු**කුටවත් කුණුහරප කියන්ඩ මං ඉඩ දෙන්නෙ නෑ උංගෙ අ**ට...!!!

      ප්‍රසෝ,
      සෝඩ නැතුව!!!! (දැට්ස් ගලගොඩඅත්තෙ තියරි!)

      Delete
    5. ප්‍රසෝ,
      මම අමද්‍යප යකෝ..සෝඩා එක මට දීපන් ගල් බෝතලේ උබ බීපන්.

      ඩ්‍රැකෝ,
      ඇතුලාන්තෙන් බලන්න එපා පිටින් බලපන්. උබ නේන්නං මේ පොඩි එකා නරක් කලේ..

      Delete
    6. මං කිව්වෙ පොඩි උං ගැන නෙමේ. උන්ටත් අන්ත ගෑල්ළමයි ගැන... :-)

      Delete
    7. ගෑල්ළමයි ටික සමාජගත කුරුමුද ඩ්‍රැකීයෝ.

      Delete
    8. සමාජමෙ ගෑල්ළමයිගත කළත් වැඩක් වෙන්නෑ මයියො... වෙන වැඩක් බලාගමු :-)

      Delete
  23. අප්පට බොල පුදුම පරම්පරාවක් නෙව.. ඔය යාත්‍රාමුල්ල බෙන්තරින් හැරිල ටික දුරක් යනකොට තියෙන පළාතේ එක වෙන්ටැති එහෙනං.. අලි විල්බැරේවක දාන්න විල්බැරෝවේ සයිස් එකත් කිව්ව නං නරකෙයි.හැක්.. අපි ඔබ සමගයි ඩ්‍රැකියා..

    ReplyDelete
    Replies
    1. //අපි ඔබ සමගයි ඩ්‍රැකියා..//
      ඔන්න උඹ පරිස්සං වෙලා හිටහං.

      Delete
    2. දේශකයො,

      ඇත්තටම මං දන්නෑ යාත්‍රාමුල්ල කොහෙ තියෙනවද කියල. දකුණෙකියල විතරයි දන්නෙ. වෙලාවක හොයං යන්න හිතෙනව අපේ අක්මුල්.

      විල්බැරෝව මේ මේ සයිස් බං... හිතහංකො ඉතිං මාළුවගෙ සයිස් එක!

      උඹ ඉතිං ‍කවදත් අපි සමඟයිනෙ. කාලෙයක් ලියන්නැතුව ඉන්නකොටත් ඇවිත් අවුස්සන්නෙ උඹයි තව දෙතුං දෙනෙකුයි විතරනෙ... ටැංකිව් ඈ...

      ප්‍රසෝ,
      ඔව්වත් පස්සට බලපායිද බං?

      Delete
    3. මම අන්තිමට කොටන්න හිටිය කමෙන්ටුව මෙතන කොටනවා. යකෝ මේකා අපේ ගමේ එකෙක් නේ. යාත්රාමුල්ලට අපේ ගමේ ඉඳලා හරියටම කිලෝමීටර් එකයි. එහෙ ඉන්නවා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආව කාලේ කැන්දන් ආපු වඩු පරම්පරාවක්. අම්මපා එවුන් ගජබින්න ඇදලා දාන්න හරි දක්ෂයි. උඹ ගම තියෙන තැන නොදැන හිටි බව මටත් තේරුණා. දේශා නොකීවනම් මම කියන්න හිටියේ. මම ලොල් කතාවක් ලිව්වා ඔය බාසුන්නහේගෙන් අහ ගත්ත. වෙලාවක් අපි තුන්දෙනා ඩබල් දාලා යමු ගම බලන්න.

      Delete
    4. අම්මෝ සුදික. ඒක නම් අහන්න සතුටුම විදිහෙ ආරංචියක්. මං එකෙම්ම එනව ඔය ගමන යන්න. ඩ්‍රැකිපැට්ට තව ටිකක් ලොකු වෙනකල් ඉන්න වෙන එක තමයි ඉතිං පරක්කුව. මං හිතුවෙ ඔය ගජබින්න හැකියාව අපේ බාප්පට විතරක් තිබ්බ එකක් කියල. පරම්පරාවෙං එන එකක් කියල ඇහුවම තවත් සතුටුයි... :-) අර ලොල් කතාවෙ ලිංක් එකක් දාන්නකො, මේක කියවන අනික් අයගෙ පහසුව තකා...

      Delete
    5. මගේම පොස්ට් එකක් හොයන්නත් යන වෙලාව. අන්තිමට ගූගල් කරලා හොයා ගත්තේ. බලනකොට මේක වෙන පොස්ට් එකක් ඇතුලේ දාලා.

      මෙන්න ලින්ක් එක

      Delete
    6. අම්මෝ සුදික... ගොඩක් ස්තූතියි ඈ...

      Delete
  24. //එකක් නෑ සේපාලගේ// හැහ්...මාමණ්ඩියා ඕක තේරුම් ගත්තැයි හරියට....

    ReplyDelete
    Replies
    1. මොකො නැතුව/ අපෙ සීය තම්මබ්න අපෙ බාප්පගෙ ලුණු ගොරක මදි. (විශේෂෙන්ම මුළු ගොරකගහවත්තෙම ගොරක ගෙනාවත් මදි කියල තමයි කියන්නෙ)

      Delete
  25. වැඩ ටික පැත්තක තියලා ගජබින්නාලංකාර 15 ම කියෙව්වා... හි..හි...

    ReplyDelete
    Replies
    1. හිහික් තමා... දැං බොසා ඇවිත් බනියි නේ?

      "ඔය ඔය... දවසම ඕකට එබීගෙන කැකිරි පළනව. මේ තේ හදන්නෙ නැද්ද? දර පළන්නෙ නැද්ද? අර ඉත්තෑවො දෙන්න නාවලත් නෑ තවම. පලන්න ගත්තු දර කොටේ පැත්තක. තමුං විතරක් නං තව කමකුත් නෑ. කුස්සියො කෝකි අප්පුලත් නරක් කරනව මේ යෝදි..."

      Delete
  26. ඩ්‍රැකී, ඔය යාත්‍රාමුල්ලේ ඉතිහාසය ගැනත් ලියන්නකෝ. බොහොම රසවත් ඓතිහාසික තොරතුරු ඇති.

    ReplyDelete
    Replies
    1. තුංමුල්ලෙ ඉඳලම ලියන්න වෙයි.
      18+ තමයි ඉතිං එතකොට. හැක්..

      Delete
    2. විචාත් රාවණාස් ෆලෝවර් කෙනෙක්ද කොහේද?? හැක්

      Delete
    3. විචාරක,
      මං ලිව්වොත් ඉතිං ගොතල තමයි ලියන්න වෙන්නෙ. දවසක යන්නෝනෙ ඔය ගම හොයාගෙන. එතකොට නං හොඳ ආටිකල් එකක් ලියන්න පුළුවං වෙයි. උඩිං දේශකය කියල තිබ්බ යාත්‍රාමුල්ල තියෙන ඉසව්ව.

      ප්‍රසෝ,
      හනේ ඉතිං උඹෙ කට...! ඇයි බං, අපේ වාසගම යාත්‍රාමුල්ල. ගම කටුවාලමුල්ල. ළඟම ටවුම ගණේමුල්ල. එතකොට එතනම තුංමුල්ලක් හරි...! :-)

      දේශක යා,
      උඹ ප්‍රසන්නගෙ ෆලෝවර් වෙලානෙ...

      Delete
    4. අපේ තාත්තා ලියපු පොතේ තියෙනවා ඒ ගැන විස්තර. මම වෙලාවක දාන්නම්.

      Delete
    5. මොකද්ද සුදික පොතේ නම? කොහොමහරි හොයාගන්න ඕනෙ ඒකනං.

      Delete
  27. අනේ බං උඹේ නම ටයිප් කරන හැටි කියල දීපංකො.

    ReplyDelete
    Replies
    1. මං සදුද උත්තර දෙන්ඩද? ෆෝන් එකෙං හරියට ටයිප් කරන්ඩ බෑ, මං ට්‍රයි කලා

      Delete
    2. v`elS

      ` කියන්නෙ 1 ට ඉස්සරහිං Esc එකට පල්ලෙහයිං තියෙන එක.

      Delete
    3. හැලප අයියෙ,
      ඔය ප්‍රසන්න කියල තියෙන්නෙ යුනිකෝඩ් වලිං ගහන හැටි. සිංග්ලිෂ වලිං ගහනව නං මං කරන්නෙ draekii කියල ටයිප් කරන එකයි. ගූගල් ඉන්පුට් ටූල් වලිං ගහන හැටි නං මං දන්නෑ. ඒක විචාරක ගෙං අහන්න වෙනව.

      යුනිකෝඩ් බාගෙන කම්පියුටරෙං ටයිප් කරන එක හරිම ලේසි වැඩක්. ලේසියෙම්ම භාෂා අතර මාරු වෙන්නත් පුළුවං. ඒ කියන්නෙ සිංහල ටයිප් කරන ගමං ම මැද්දට ඉංග්‍රීසි අකුරු ගහන්න පුළුවං.

      ප්‍රසෝ,
      ටැංකිව් මං වෙනුවෙන් උත්තර දුන්නට...

      Delete
    4. ගූගල් ඉන්පුට් ටූල් වලිං මටත් මේකාගේ නම ගහන්න බැහැ.ඉතින් කොපි පේස්ට් තමයි.කිව්වත් වගේ මම සමහර වචන ගූගල් ඉන්පුට් වලින් ටයිප් කරන්න ඉගෙන ගත්තේ විචාරක කියා දීලා තමයි.

      Delete
  28. මොකද බන් ෆෝන් එකෙන් බැරි..?? උඹ හෙළකුරු නෙමේද දාගෙන ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. නෑ මෙයා හළකුරු දාගන්න ඕනෙ. ඒකෙං පුළුවං වෙයි යමක් කරගන්න.

      Delete
    2. හළකුරු නෑ....
      ඕක දීපිය මට
      මං දාගන්නම් හෙලකුරු
      කොටන්නම් කොමෙන්ට් හිටි කියලා.

      Delete
    3. මං දෙනව බොට මයෙ ෆෝන් එක. වර...!

      Delete
    4. එහෙම කියන්න එපා මෙයා..

      Delete
  29. ගජබින්නාලංකාරයේ එන ලිපි කොටස් වශයෙන් මාගේ මාසික වෙබ් සඟරාව වන ශ්‍රී ලන්කා-විත්ති හි පල කිරිමට ඔබේ අනුමැතිය පතමි.

    ReplyDelete
    Replies
    1. මගෙ බ්ලොග් එකේ සබැදියක් සහිතව පළ කිරීමට යටත්ව අනුමැතිය දෙමි.

      Delete
  30. ගොඩක් කාලෙකින් ඩ්‍රැකී බලන්ට ආවේ. ගිය පාර පොඩ්ඩිගේ නම නිල්පාටින් නැතුව දාලා තිබුණා කියලා රන්ඩුවක් අල්ලමු කියලා හිතුවත් බැරි වුනානේ...:D

    සුබ පැතුම් ඒ පෝස්ට් එකට හොඳේ...

    ගජ බින්නේ ලස්සනයි. මටත් හිතයි ආතලා, මුත්තලා ගැන විස්තර ලියන්ට.:P

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ හබියත් ඩ්‍රැකියෙක් නේද ? ලියන්නකො ඒ ගොල්ලො ගැන....

      Delete
    2. පොඩ්ඩි,
      ඉතිං දැං රණ්ඩුවක් අල්ලමුකො අෆ්ෆා... ඕං පටං ගත්ත ඈ...

      "හුඃ මට ඕන‍ෙ ඕනෙ නං මං මට ඕනෙ ඕනෙ පාටවල් වලිං පාට කරනව. කාටවත් මොකද?"

      හා දැං ඔයා කියන්න මොනව හරි.

      සුභපැතුමට ගොඩක් ස්තූතියි පොඩ්ඩි. ඔයත් ආතල මුත්තල ගැන ලියනව නං අර මං ඇහුව ශ්‍රීමත් අයිවර් පලීපාන ගැනත් ලියන්න හොයල. අඩුගානෙ "අපෙ කවුරුවත් නෙවි" කියල හරි...:-)

      සෙන්නො,
      මුන්දැගෙ හබියගෙ නම බං, බෛරන් ඇඩ්වඩ් රුත්වෙන් සාමිවරයා. උපංගෙයි වැම්පයර්...

      Delete
  31. Draky,
    BINNA 15ma comments replies ekka kiyawala bohoma amaaruwen ewara kalaa.
    monawa kiyannada ethin,
    hinaawelaa hinaawelaa hinaawelaa marilaa, pana awilla aayeth hinaa unaa.
    supiru hathai... :D:D:D:D
    tanq hondhe.....

    ReplyDelete
    Replies
    1. ටැංකිව් ටැංකිව් ඈ... මේ වගේ අගය කිරීම් වලිං තමයි අපිට පැට්‍රල් ටිකක් වදින්නෙ තව තවත් ලියන්න... :-)

      Delete
  32. ඇත්තටම ඩ්‍රැක් මට මතක් වෙන්නෙ චනදනය තොප් දෙන්න එක වල්ලෙ පොල් බොලංල..
    ඌ හිටිය නං ගජබින්නාලංකාරෙ මීට වැඩිය ලියවිල..
    තවත් බින්නයක් එන්න කොච්චර කල් යයිද බං

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඈ... ඌ උන්නනං මාත් මීට වඩා හිතන්න පෙළඹෙනව. තව බින්න දෙකක් විතර ඔළුවෙ බිවලොප් වෙමින් තියෙනව. ටික කාලෙකින් කියවන්න පුළුවන් වෙයි... :-)

      Delete
  33. ඩ්‍රකීගේ ගජබිනාලංකාරේ මම කියෙව්වේ දැනුයි. අද පෝය දවසේ හවස වෙන වැඩකුත් නැති නිසා පටන් අරගෙන කතා 15වම කියෙව්වා එක හුස්මට (කොමෙන්ටු ටිකත් එක්කම )
    ඇත්තටම නියම කථා එකතුවක්. මෙහෙම ලියන්න ලේසි පාසු පුතෙකුට බැහැ.
    තව දෙයක් බලාගෙන යන කොට ඩ්‍රැකිය මගේ අසල් වැසියෙක්නේ. ලඟම නගරය ගණේමුල්ලනම් වෙල්යාය කොස්සිනේ නම් බොහෝම ලඟ අසල්වැසියෙක් කියල තමයි පේන්නේ.
    හොඳයි ගජබින්නාලංකාරයටයි ඒකේ රචක ඩ්‍රැකී ටයි සුභ පැතුම්....

    ReplyDelete
    Replies
    1. සුභපැතීමට ගොඩක් ස්තූතියි. අසල්වැසියෙක්ය කියල අහන්න ලැබීමට ඊටත් වඩා සතුටුයි...

      වෙලාවක හමුවෙන්න කැමතියි, ඔබතුමා කැමතිනම්. මට මේල් එකක් දාන්න පුළුවන්නං, මයෙ නම්බරේ මං එවන්නං. drackey@gmail.com

      Delete
    2. ස්තුතියි හමුවෙන්න ආරාධනා කලාට,
      මම ඉන්නේ බොල්ලතේ කිට්ටුව. දැන් දන්නවානේ ඉන්න ඉසව්ව.
      මම බ්ලොග් වලට ආවාට තවම බ්ලොග් ලෝකේ එකම ප්‍රාණියෙක්වත් ඇස් දෙකින් නම් දැකලා නැහැ. කොටින්ම මාව මීට අවුරුදු 3කට විතර කලින් බ්ලොග් වලට එක්ක ආපු අපේ කතා 32කේ ජෝසප් සහෝදරයාවත් මට කැමති හැටියට ලියන්න අවසර දීලා තියෙන (මම ලියන්නේ නැති එක වෙනම දෙයක් ) කතා 32 අයිතිකාරයා වුනු කණිෂ්කවත් තවම මම කළුද සුදුද කියලවත් දන්නේ නැහැ.
      ඔන්න ඕකයි මගේ බ්ලොග් එක්ක තියෙන යාලු මිත්‍ර කමේ හැටි.
      හැබැයි ලඟ පාත ඉන්න ඩ්‍රැකියව නම් මුන ගැහෙන්න කැමතියි.
      බලමු.

      Delete
  34. බින්න නම් බින්න
    මේවා ඩ්රැකිගේ බින්න
    කවුරුත් මග හිටං බලන
    මසුරන් බින්න

    ReplyDelete
    Replies
    1. රස්තියාදුකාර බයිලා
      මෙව්ව රඟදෙන බයිලා
      අහුල ගනිල්ලා
      මුගේ කියපල්ලා...

      Delete
  35. Replies
    1. ටැංකිව් ය. යුවා වෙල්කම්ය... :-)

      Delete
  36. යාත්‍රා මුල්ල? මටනං ඕක අනික් පැත්ත ගැහිලත් කියවෙනවා. මරු කතාව. තැනිතලා පලාත්වල ඇරෙන්න කඳුකර පලාත්වල මෙව්ව සද්දෙං කියවීමෙන් නාය යාම් ඇති වෙන්න පුලුහං.

    ReplyDelete
    Replies
    1. යාත්‍රාමුල්ල අනික් පැත්ත කියවෙන්න නං යහමිං පොල්පලා තම්බල බීම මැනවි...

      තැනිතලා පොළොවෙත් මෙව්ව කීමෙ වාසි තියෙනව. අපේ බාප්ප සෑහෙන කාලෙයක් තිස්සෙ ගල් වලවල් වල වැඩ කළා. මාර ඉල්ලුමක් තිබ්බෙ උන්දැට ගල් වැඩපොළ වල.

      Delete
  37. කිත්තා ගැන කතා කොහොමද දන්නේ? පරම්පරා පොතේ ලියපුව වත්ද? හැබැයි නියම කටහ්ව. සම්පුර්ණයෙන්ම විශ්වාසයි ඇත්ත කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත්, එක එක උදවිය ගෙං අහගත්තු කතා, මගෙ හිතේ මැවිච්ච කතා එහෙම ඔන්නොය පස් මුතු පරම්පරාවට ආරෝපණය කරල කියනව. ඒකයි ඇත්ත කතාව... :-)

      සම්පූර්ණෙං විශ්වාසයි කියන්නෙ, මේ කතාම ආයෙ ආයෙ කියන්න ගියොත් තව තව විශ්වාස කටයුතු කොටස් මෙව්වට අලුතිං එකතුත් වෙනව.

      Delete
  38. ඒ නියමයි. හෙන පත බොරු

    ReplyDelete
    Replies
    1. බොරු? ඒ වචනෙ තේරුම මං දන්නෑනෙ...

      Delete
  39. ඩ්රක්යුලා උඹට ලේ බොන්ඩ වෙලාවක් නැතුව ඇති, බෝග දානකොට...

    ReplyDelete
    Replies
    1. මොකෝ නැතුව? මාත් නිකං සිංහය වගේ තමා. සිංහය එක දඩයමක් කරගෙන බඩ පුරෝගත්තහම දවස් ගාණක් යනකං බුදියෙන්නෙ. අන්තිමේ බඩ පිටට ඇළුනහම තමා නැගටල ආයෙ දඩයමක් හොයාගෙන යන්නෙ. ඒ වගේ, එකක් ලියල මං සතියක් විතර ආතල් එකේ කමෙන්ට් කියෝ කියෝ ඉන්නව... :-)

      Delete
  40. හම්මේ.. මෙහෙමත් ගජ බින්න.. කියලා වැඩක් නෑ..

    මේක කියවන්න පටන් ගත්තෙ නම් ටිකක් බෙරි වෙලා ඉන්න වෙලාවක. අපරදෙ කියන්න බෑ කියවල ඉවර වෙද්දි මූඩ් ෆික්ස් වුනා.
    ජින්ජර් බිස්කට් කාල ද ඩ්‍රැකි අයියෙ මේක ලිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න තුනේ කතාව
      ---------------

      මූණ බෙරි උනේ මොකෝ? තාත්ත ආයෙම පාට් එකක් දැම්මද?

      ළඟකදි ලිව්වෙ නෑ නේද මොකවත්?

      ඔයා කොහෙද වැඩ? මරදානෙද?

      Delete
    2. නෑ ඩ්‍රැකි අයියා. පාර්ට් දැම්මෙ නෑ කවුරුත්. හුඟක්ම සමීප කෙනෙක් අසනීප වෙලා ඉන්නෙ මේ වෙලේ. ඒත් මට ඒ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි නිසා හිතට හරි නෑ.

      02. ලියන්න වෙලාව හොයාගන්න ටිකක් අමරුයි ඩ්‍රැකි අයියා. අනිත් එක ලියන්න තරම් හිත එකලස් නෑ මේ දවස් වල..

      03. මරදාන විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුව ගැන නෙ අහන්නෙ?
      අම්මෝ ඒකෙ නම් නෙමෙයි වැඩ. මං නුවර දැන් ඉන්නෙ. හැබැයි පෙන්ශන් ඩිපාර්ට්මන්ට් එකට ගිහින් තියෙනව ගොඩක් පාරක්. කොහොමත් ඩිපර්ට්මෙන්ට් එක එක්ක ඩිරෙක්ට් ඩීල් වෙන්ව. අයිය පෙන්ශන් ඩිපාර්ට්මන්ට් එකේ නෙමේ නේ ද? එහෙත් ඉන්නව හැබැයි ප්‍රභාත් කියලා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක්

      Delete
    3. 1. ජීවිතේ අපට ලැබෙන්නෙ අපි බලාපොරොත්තු වෙන දේවල් ම නෙවෙයි නේද? (මං කියන්නෙ හැම තිස්සෙම) ඒ වගේම අපට යම් යම් දේවල් ගැන කරන්න පුළුවන් දේවලුත් හරි අඩුයි. ඒක ඉතිං ස්වභාව ධර්මයෙ හැටි. හැබැයි ඔයා ඉතාම තදින් දෙයක් අපේක්ෂා කරනවනම්, ඒක ලැබෙනවා මයි. ඒක තමයි අර කතෝලික මිනිස්සු හැමදාම යාඥා කරන්නෙ. කොහොම හරි තමන්ට ඕනෙ දේ තමන්ගෙ යටිහිතට කාවද්දගන්න එකයි කරන්න තියෙන්නෙ. නිතර නිතර ඒ ගැනම මෙනෙහි කිරීමෙන්... (අත්දැකීමෙන් කියන්නෙ) ඉතින් ඔයා තදින්ම කල්පනා කරන්න "අර තැනැත්ත ඉක්මණට සුවවෙන්න ඕනෙ" කියන එක.

      විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ගැන නෙමෙයි ඇහුවෙ. ඔයා ඉන්ෂුවරන්ස් කම්පැනි එකක කියල කලිං කිව්වනෙ.

      අර ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් මගෙ නමම තියෙන වෙන කෙනෙක් :-)

      Delete
    4. ඉන්ශුරන්ස් තමයි අයියා. පෙන්ශන් කට්ටියට තියෙන ප්‍රඩක්ට් එකක් නිසා ඩිපාර්ට්මෙන්ට් එක එක්ක කන්ටැක්ස් තියෙනවා. මං වැඩ කරන්නෙ නුවර. දැන් ඉන්නෙ නුවර නෙ. ඒත් ඉක්මනටම මෙතනින් අයින් වෙන්න වේවි.

      ඔව් ඩ්‍රැකි අයියා. එක විශ්වාසයෙන් දෙයක් ප්‍රාර්ථනා කරද්දි ඒ දේ ලැබැනවා කියන දේ මාත් හුඟක් විශ්වාස කලා. ඒත් සමහර වෙළාවට ඒක එහෙමම වෙන්නෙ නෑ. කොහොම වුනත් අයියා කිව්ව දේ හරි. එකම විශ්වාසයෙන් ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

      Delete
  41. අම්මට හුඩු වතුර නැතිනම් ඔය ලේ පයින්ට් එකක් හරි දියන්කෝ මට තොල කටත් වේලිලා ගජබින්නේයි,කමෙන්ට් ටිකයි කියවලා හිටං.අර වගේ ලුලෙක් අල්ලා ගත්තෝත් ධිවර සංස්ථාවම ගොඩ දා ගන්න තිබ්බා නොවැ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියත් දැන් හයිබ්‍රිඩ් වෙලා නේ. මම පස්සේ දැක්කේ.

      Delete
    2. උගුර කට වේලුනාට ලේ පයින්ටුවක් බීල නං හරි යන් නෑ. නරකද නයිස් බිස්කට් අහුරක් කටේ දාගත්තනං...?

      ධීවර සංස්ථාව එහෙනං ඔය ලූලව විකුණනව අවුරුද්දක් විතර ෆ්‍රිජ් එකේ දාගෙන ඉඳල... :-)

      Delete
    3. හයිබ්‍රිඩ් කිව්වෙ, අර අන්තිමේ තියෙන මොබිටෙල් වගේ ලෝගො එකටද?

      Delete
  42. Replies
    1. උඹ මෙහෙම හරි දකින්න ලැබීම ලොකු දෙයක් බං. මං තව දවසක් දෙකක් බලල කෝල් එකක් දාන්න උන්නෙ. උඹට වැඩ ඇති කියල හිතල පරක්කු කළා...

      දැං මොකෝ තත්ත්වෙ බං?

      Delete
  43. ඔයා කටුවාලමුල්ලෙ කොහෙද ඉන්නෙ??🤔🤔

    ReplyDelete
    Replies
    1. ඈ...? සනත් අයියගෙ කඩේ ගාව. ඔයා කොහෙද?

      Delete
    2. මම කෙහෙල්වත්තෙ, පොකුණ හංදියෙන් ඇතුලෙ. අපේ තාත්ත ගොරොක්ගහ හංදියේ.

      Delete
    3. අපේ නෑදෑයො ගොඩක් ඉන්නවා. ඔයාලගෙ පැත්තෙ. 💪💪

      Delete
    4. හූම්ම්... පරක්කුවෙලා දැක්කෙ

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි