මේං ලිංක් එක කලින් කතා වලට
ඩ්‍රැකියගෙ බාප්පා කන්තලේ හිටිය කාලේ, එක සැරයක් කානිවල් එකක් ආවනෙ කන්තලේ ටවුමට. කානිවල් එකක් ය කියන්නේ, ඒකෙ තිබ්බා අරුම පුදුම දේවල් පෙන්නන ප්‍රදර්ශනයක්, සර්කස් එකක් එහෙමත්. ඉතිං කන්තලේ වැසියන්ට බාප්පගෙ හේනෙ තිබ්බ බෝග ජාති එහෙම දැකලා පුදුමයක් නොවුනට, කානිවල් එකට ආව සෙනගට පුදුමයක් වෙන්න පුළුවන් ය කියලා, බාප්පත් මිරිස්, වට්ටක්කා, පතෝල වගේ එයාගෙ හේනෙ තිබ්බ බෝග වර්ග අර ප්‍රදර්ශනේට ඉදිරිපත් කළා. ඒකෙන් පළමුවෙනි තැනට ආවෙ බාප්පගෙ හේනෙ තිබ්බ දියලබු ගෙඩියක් තමා ඕං.
http://jangun.files.wordpress.com/2012/04/labukendit.jpg මේ පින්තූරෙ නොකියා ඉස්සුවට විචාරක තුමාට අපගේ බලවත් වෙරි සොරිය |
කානිවල් එකේ අන්තිම දවසෙ තිබ්බා සංගීත ප්‍රසංගයක්. ඒකාලෙ හිටිය නැගල ගිය හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, වල්පොළ යුවළ වගේ ගායක ගායිකාවො ඔක්කොම ආව ඒ සංගීතෙට. ඒත් කරුමෙ කියන්නෙ, එදා උදේ ඉඳං මුරුගසං වරුසාව වගේ වැස්සක් ඇද හැළෙන්න ගත්තනෙ.
ඉතිං සංවිධායක කණ්ඩායම දහ අතේ කල්පනා කරද්දි තමයි, බාප්පා අර පළවෙනි තෑග්ග හම්බ වුණ ලබුගෙඩිය අරං යන්න ලෑස්ති වෙන හැටි දැක්කෙ. ඒ ලබ්බ කොච්චර ලොකුද කියනවනං, ඔතෙන්ට ගෙනාවෙත් අලි හතර දෙනෙක් බැඳපු කරත්තෙක. කරත්ත කාරයත් බර ගාණක් ඉල්ලනවලු ආපහු ලබු ගෙඩිය ගෙදර අරං යන්න.
ඒ අතරෙ සංවිධායක කට්ටිය බාප්පගෙන් බර ගාණකට අර ලබුගෙඩිය ඉල්ලුවලු. බාප්පත් ඔය කිසිම ලෝබ කමක්, කපටිකමක් නැති හරිම යහපත් මනුස්සයා හින්දා, ඒ කාලෙ වටිනාකම හැටියට රුපියල් දාහකට අර ලබු ගෙඩිය දීලා දැම්මලු. (මං කියන්නෙ එක්දාස් නමසිය හැටේදි විතර)
අන්තිමේ අර සංගීතෙ තියන ස්ටේජ් එක ගැහුවෙ ලබු ගෙඩිය ඇතුලෙ. සංගීතෙ බලන්න ආව දාහක් විතර සෙනගටත් ඒ ලබ්බ ඇතුලෙ අත පය දිග ඇරලා නටන්න ඉඩ තිබ්බා. කොච්චර තදින් වැස්සත් කිසි කරදරයක් නැතුව සංගීතෙ නැගලා ගියා.
අර වරුසාවත් අතෝරක් නැතුව වැහැලා වැහැලා අන්තිමේ කන්තලේ ටවුමට ගං වතුර දැම්මා. ලබු ගෙඩිය ගං වතුරේ පාවෙලා පාවෙලා ගිහිං, ගඟට වැටුණා. ගඟේ පාවෙලා යද්දි, ගං ඉවුරෙ ඉඳං ගොදුරු හොයන තඩි කොකෙක් ඕක දැකලා, එක පාරටම, ඒක තඩි හොටෙන් අල්ලගෙන ගුඩුස් ගාලා ගිල්ලා.
ඒ කොකා අර ලබ්බ දිරවගන්න බැරුව, (හරියට මහින්ද උන්නැහැට පළවෙනි ජනාධිපතිවරණෙදි ඡන්දෙ දීපු ඡන්ද දායකයෙක් වගේ) ගං ඉවුරෙ ලැගල ඉද්දි, දඩයමේ ගියපු සුවාතට හම්බ වුණා. සුවාතගෙ වෙඩි පාරෙන් අර කොකා මැරිලා ගඟට වැටුනා. සුවාතට ඌව අල්ල ගන්න බැරි වුනා.
අර කොකා පාවෙලා පාවෙලා ගිහිං මුහුදට වැටුණා. මුහුදෙ හිටිය පතරංග සයිස් මාළුවෙක් අර කොකාව ගිල්ලා. ඒ මාළුවා කොකා දිරවගන්න බැරුව උඩ පාවෙවී ඉද්දි මුහුදු ගිය අන්දිරිස් ආතගෙ දැලට අහුවුණා. අන්දිරිස් ආතත් අර තඩි මාලුවව ගෙදර අරං ගිහිං ආච්චිට දුන්නා ඌව කපලා අහළ පහල හැම ගෙදරකටම බෙදන්න කියලා.
ආච්චිත් බණ්ඩි කියත අරං අන්දිරිස් ආතත් එක්ක එකතු වෙලා මාලුවගෙ බඩ පැලුවා. එතකොට අර පත සයිස් කොකා මතුවුණා. ඒපාර අර දෙන්නා කොකාගෙ බඩ පැලුවා. එතකොට බාප්පගෙ ලබු ගෙඩිය එළියට පෙරලිලා ආවා. ආච්චිටයි ආතටයි මාර හැපි. මොකද දැන් බතට හරියන්න මාළුයි, මසුයි, එළවළුයි තුනම හරි. ඊළඟට දෙන්නා කළේ, අර ලබු ගෙඩිය පළපු එකයි. ඒ පළනකොටත් සංගීත ප්‍රසංගය ජයටම යනවා ලබු ගෙඩිය ඇතුලේ.
ප/ලි
මේ
හෙක්.. ලබ්බේ කානිවල් එක වගෙයි.. !
ReplyDeleteඈ...? මොකක් කිව්වා...?
ReplyDeleteආතල් කතාව..
ReplyDeleteමටත් ඔය ටයිප් එකේ කතාවක් මතක් වුනා. හිතුනොත් පස්සෙ දවසක කොටඤ්ඤං..
චන්දන මීට කලිනුත් ඔය වගේ දඩයම් කතාවක් කියලා තිබ්බා...
Deleteඅර කියපු කතාවත් කොටන්න.
කට්ටිය ලබ්බ අස්සට ගියෙ කොහොමද කියල නෑ නේ! :D
ReplyDeleteඒක කොහොමද කියලා කුමාරොදය පොතක තියෙනවා... :-)
Deleteයකෝ ඔය ලබ්බ මගේ නෙවෙයි. මම ජාලයෙන් හොයාගත්ත එකක්. අයිතිකාරයාට අහුවුනොත් අපි දෙන්නම ඉවරයි. කොක්කු වෙඩිතියලා බලනකොට කොක්කු තුන් දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් අතරේ සමව බෙදන්නේ කොහොමද?
ReplyDeleteඅනෙ අම්මෝ විචාරක!
Deleteඅර ප්‍රශ්නෙට උත්තරේ තුන් විදිහකට දෙන්න පුළුවන්. එක්කෙනෙකුට එන පංගුව,
1. කොකයි පලුවයි
2. එකයි පලුවයි
3. කොකයි කොක් පලුවයි
මං හරිද?
ලබ්බ උගේ, උගේ මගේ නේද?
Deleteඋත්තර තුනම හරි. කොයි පලුවද ඕනේ කියලත් ඇහුවලු.
Deleteඒ කෑල්ල මං මීට කලින් අහල තිබුනෙ නෑ.
Delete++++++++++++++++
Deleteහි හි ලබ්බ ඇතුලේ කානිවල් ,,අදනේ හරියටම කතාව ඇහුවේ,,
ReplyDeleteඒකනෙ කියන්නෙ. මං ගජබින්නාලංකාරයෙ ලියන්නෙ සිද්ධිය හරියටම වෙච්ච ඇත්තම විදිහ තමා...
Deleteහහ් හා..................ආතල් ස්ටෝරිය.................
ReplyDeleteහහ් හා..................ආතල් ස්ටෝරිය.................
ReplyDeleteවෙල්කම් ඉතිහාස ගවේශක, අපිත් ඔය පැත්තෙ එන්නං...
Deleteලබ්බ ගිය දුරක්....
ReplyDeleteලබ්බක් සමඟ දවසක් ඈ...
Deleteආච්චිත්, ආතත්, සිංදු බල බලා බත් කන්ට ඇතිනේ...:D
ReplyDelete:-)) ඔව් නේ... දැන් තියෙන සංගීත ප්‍රසංගනෙ බලලා බල්ලොවත් බත් කන් නැත්තෙ. නේද?
Deleteකොක්කු වෙඩි තියනවනං මාසෙකට විතර සැරයක් බටේ සුද්ද කරන්නත් ඕන නේ ඩ්‍රැකියෝ. අද හැමතැනම ලබ්බේ කානිවල් තමා බං.
ReplyDeleteඇයි මාසෙකට සැරයක්? මයෙ හිතේ කෙංජි දන්නව ඇති මොකද කියලා. (උන්දැට විහිළුත් තේරෙනවනෙ...)
Deleteලොකුම ලබ්බෙ කානිවල් එක තමා ගිය අවුරුද්දෙ තිබ්බෙ චොගම් කියලා. මේ පාරත් තියෙනවා තව එකක් ජිනීවා වල.
හොඳා හොඳා කලකට පස්සේ ලබ්බකුත් අරන් ඇවිත් තියෙන්නේ
ReplyDeleteමොන ලබ්බක්ද රාළෙ මේ කියවන්නෙ?
Deleteජනවහරේ ලබ්බ කියන්නෙ වෙනම එකකටනෙ. ඔය ලබ්බ ඔච්චර ලොකු නං ඩ්‍රැකියගෙ බාප්ප කොච්චර උස මහත මිනිහෙක් වෙන්න ඇත්ද ඔය ලබ්බ උස්සන් යන්න !! එතකොට ඩ්‍රැකියගෙ ... එක්කො ඕනෙ නෑ. අර යසට හිටි විචාරකත් නරක් වෙලා මාත් මොකටෙයි නරක් වෙන්නෙ. මං හොඳ මිනිහා.
ReplyDeleteහොඳ සරත්... නරක ජයියා!
Deleteඋපුල් ශාන්ත සන්නස්ගල උන්නැහැ කියල තිබ්බා, ලබ්බ කියන්නෙ ලඹ කියන එකයි, ඒ කියන්නෙ ලම්බකව එල්ලෙන එකයි, කියල. ගහේ එල්ලෙන එක ගස් ලබ්බ, වැලේ එල්ලෙන එක වැල් ලබ්බ. එතකොට මිනිහගෙ එල්ලෙන එක....
අඩේ මෙන්න මෙයා ආයේ ඇවිල්ලා.
ReplyDeleteකතාව නම් හෙන ආතල් ඕයි.
දුලාගේ අඩවිය ලියන දුලා
ආ, දුලා මොකෝ නම වෙනස්...?
Deleteකාලෙකින් ලබ්බක් උස්සන් ඇවිත් තියෙන්නේ.. මොනා වුනත් සිරා කතාව..
ReplyDeleteටැංකිව් දිනේශ්...
Deleteඕක පුංචි කාලේ ඇහුවා, "ලබු ගෙඩියේ යාගය" මේක ඊට වඩා රසට ලියල තියනවා :D
ReplyDeleteඅපි පුංචි කාලෙ අහපු කතා ඩෙනැගිල තියෙන්නෙ කතන්දර හදන්න දක්ෂ අපේ පරණ මිනිස්සුන්ගෙ ජනශ්‍රැතියෙන් නේද? මගෙ වෑයම ඒ ජනශ්‍රැතියෙ අක අංගයක් සංරක්ෂනය කරන්නයි.
Deleteස්තූතියි මානවී...
ඔයා කොකා කිව්වෙ පාලම් කොකෙක්ද ?
ReplyDeleteනෑ... පම්පඤ්ඤවීදියෙ කොකෙක්... :)
Deleteබලාපං මේ ජන කතාකාරයෝ නිවැරදි මූලාශ්‍ර හංගලා උඹලගේ පවුලට ලැබියයුතු කීර්තිය හොරාගෙන තියෙන කැත. දාපං නඩු.
ReplyDeleteකැතයි කියන්නෙ ඩූඩ්, ''හරි කැතයි'' :-)
Deleteලබ්බ අස්සට ගිහින් වහගත්තේ කොහොමද දන්නේ නැහැ.
ReplyDeleteකෝරළේ වළව්වෙ නැතැයි කුමාරොදය? ඒකෙ තියෙනවා විස්තරේ...
Deleteවලව්වේ කොහෙද ඩ්‍රැකීයෝ ඔයවගේ වටිනා පොත් පත් ඔන්න Play බෝයි වගේ එව්වනම් තියෙනවා හැක් හැක් හැක්
Deleteඑච්චර අධ්‍යාපනික එව්ව තියෙනවද? අපිත් එන්නං ඔය පැත්තෙ එහෙනං...
Deleteඅපරධේ ඒ කාලේ බැසිල්ගේ දිවි නැගුම තිබුනේ නැත්තේනේ.එහෙනම් ඩ්‍රැකියගෙ බාප්පාට තිබුනා ශූර ගොයියා සම්මානේ ජනධිපති තුමා අතින් ගන්නට...:D
ReplyDeleteඒ කාලෙ මයෙ හිතේ ඩඩ්ලිගෙ වගා සංග්‍රාම තිබ්බ කාලෙ. අපේ බාප්පා ඇත්තටම ගොවි රජා වෙලා නං තියෙනවා. (ඒක ගජබින්නයක් නෙවෙයි)
Deleteඒ පැත්තෙ පං ගොයියො, පා ගොයියො, පලු ගොයියො, පරොක් ගොයියො, පානි ගොයියො එහෙම නං හිටියයි කියල බාප්ප කියනව...
ඔන්න බලපන් ඉතින් අපි නොමග ගිහින් හිටපු තරම.උබට ටැන්කිවු ඇත්ත සිද්ධිය කිවුවට.
ReplyDeleteවෙරි සොරි දමිත් උත්තර දෙන්න පරක්කු උනා...
Deleteටැංකුවි අත නොහැර දිගටම මේ පැත්තෙ එනවට
ආනන්ද සබ්බේ ලබං කිව්වලු! දැං අර ලබ්බ ගිලපු කොකාගෙ පන කොයිද?
ReplyDeleteකොකා පන අදිනවලු අරෙහෙ
Deleteniyamai.
Deletepost eka, comments, replies,
supiri comic rasayak thiyanne.
:D:D
This comment has been removed by the author.
Deleteටැංකිව් ටැංකිව්... :-)
Deleteමේකත් හරි පුදුම ලබ්බේ කංකාරියක් නෙව !
ReplyDeleteඅපි ඔය කතාව අහල තියෙන්නෙ "ලබ්බෙ කංකාරිය" කියල, හැබැයි ඉතිං ලබු ගෙඩිය අර 88 ගම් උදාව තිව්ව එක තරම් ලොකු නෑ මං හිතන්නෙ 🤣
ReplyDeleteඔය ලබ්බෙ කංකාරිය කියන්නෙ කතාව හරිහැටි නොදන්න පොඩි ළමයි අතින් දාල කියන කතාවක්. මේක තමයි ඇත්ත එක. 88 ගම් උදාවට අපේ බාප්පගෙ කිසිම සම්බන්ධයක් නෑ නෑ මයි.
Deleteඔහෙහ් කියන ලබ්බෙ කතා. අර ආච්චිගෙ බණ්ඩි කියත.... තාම තියේද ඩ්‍රැකී
ReplyDeleteඅඩෝ බණ්ඩි කියත කිව්වම මතක් උණා තව කතාවක්. ලියල දාන්නං...
Delete