අපේ බාප්පා ගැන යන්තමින් විතර මගේ මුල් කියන පෝස්ටුවෙන් කිව්වා.
බාප්පා කොලුව කාලේ කන්තලේ පැත්තෙ ඉඩම් හම්බවෙලා වගා කොළා නොවැ. එක පාරක් එයා එහෙ ගොවි රජා හැටියට ත් තේරිලා තියෙනව. එක හැටියකට එක තැනක ඉන්න බැරි කමෙන් එයා ආපහු ගමට ඇවිත් මහගෙදර ඉඩම වගා කර ගෙන, අඩියක් පුඩියක් ගහගෙන, කාට හරි කෑගහගෙන, ආතල් එකේ හිටියා. එයා කොච්චර දක්ෂ ගොවියෙක්ද කියන එක මම පොඩි කාලෙ දැකලා තියෙනව. ඒ කාලෙ අපේ මහ ගෙදර අක්කර දෙකක ඉඩම (සහෝදර සහෝදරියො 8 දෙනෙකුට අයිති උනාට) බාප්පා තනියම වගා කරලා, එළවළු, බුලත් එහෙම පොළට ගෙනියලා තමන්ගෙ හැම ඕනෙ එපා කමක් ම පිරිමහගෙන ජීවත් වුනේ.
බාප්පා ඉතාම දක්ෂයි බොරු විදින්න. එයා බොරු විදිනවා විතරක් නෙවෙයි, අල්ලෙ පැළ කරනවා, පැකැට් කරනවා, තව තව ගොඩක් දේවල් කරනවා. මේ එයා දවසක් අපිට කියපු කතාවක්.
බාප්පා කන්තලේ තනියම මිරිස් හේනක් වගා කළා. ඒක කොච්චර සාරවත් ද කියනව නං, මිරිස් කඩන්න ගහට නගින්න වෙන තරම්. ඒක ට පාවිච්චි කරපු උදැල්ල ට ගහල තිබුණෙ ගංජ ගහකින් හැදුව මිටක් කියනවනෙ. ඒ මිටේ පවර් එකට උදේ වැඩ පටන් ගත්තහම එක දිගට ම වැඩ කරන්න පුළුවන් ලු.
දවසක් එයා උදේ ඉඳන් මිරිස් කඩලා කඩලා හරිම මහන්සියි. ඉතින් හිතුවලු ගහෙන් බැහැලා බීඩියක් බොන්න. ඉතින් ගහෙන් බැහැලා, ළඟම තිබුණු ගළකට හේත්තු වෙලා, කණේ ගහං හිටිය බීඩිය පත්තු කරගෙන, ගිණිකූර ඇතිල්ලුව ලු ගළේ. මෙන්න බොලේ එකපාරටම ගළ හෙල්ලෙන්න ගත්තලු. බාප්පත් බයවෙලා භූමි කම්පාවක් ද කියල බලනකොට තමයි, එයා මෙච්චර වෙලා ගළක් කියලා හේත්තුවෙලා ඉඳල තියෙන්නෙ නිදාගෙන හිටිය පතරංග සයිස් ඇතෙකුට බව දැක්කෙ. ඇතා දැක්ක බාප්පා බය බිරන්තට්ටු වෙලා ආත බූත නැතුව කැළේ කඩාගෙන දුවලා. ඇතත් ළඟ ළඟම එළවං එනවලු.
බාප්පා දුවලා දුවලා ගිහිං ඉස්සරහට හම්බ වුණු අඩි සීයක් විතර උස ගහකට නැග්ගලු, ඇතාට ළං වෙන්නවත් බැරි. කොච්චර උසද කියනවනං ඒ ගහ, උඩට නැග්ගහම ඇතා පේන්නෙත් නිකං අර ඒ කාලෙ තිබුණ ගිණිපෙට්ටියෙ ඉන්න ඇතා සයිස් ලු. ගහේ උඩම අත්තකට නැගලා යන්තම් හුස්මක් කටක් අරන් බැලුවලු මේ මොන වගේ ගහක් ද කියලා. එතකොට තමයි දන්නෙ;
ඒක මිරිස් ගහක් බව.
ගජබින්නාලංකාරය මේ අයුරින් ආරම්භ කරමි.
මීට අපේ බාප්පගෙ අයියගෙ පුතා,
ඩ්‍රැකියා
පින්තූර ඉස්සුවෙ -
http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2010/8/23/1282575161155/Chillies-006.jpg
http://www.newsonair.nic.in/feature-image/Elephant-Tusker-running.JPG
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
ඈ බන්, බාප්පා ඕක කියන වෙලාවෙත් අර "උදලු මිට" පත්තු කරගෙනද හිටියෙ?? හික් හික් හික්....
ReplyDelete(මාව හොයාගෙනම ඇවිල්ලා, මග සළකුණු තිබ්බට තැන්කූ ඈ..... follower gadget එක දාන්න. එතකොට follow කරන්න ලේසියි )
word verification එකත් අස්කරන්න. settings > posts & comments >comments > show word verification > No
Deleteබලු පැටවුන්ට පණු ගාය හැදුනම ඒ කාලෙ කළුවර මෝල් ගහ හූරලා කුඩු අරං, කිරි වලට දාලා බොන්න දෙනවා. ඒ වගේ අපේ බාප්පගෙ පුතාට පොඩි කාලෙ උදළු මිට හූරලා බොන්න දෙන්න ඇති කයලා හිතෙනවා, ඌ දැන් කරන වැඩ වල හැටියට. (ලොල්)
Deleteමග පෙන්නුවට, උදව් වලට, උපදෙස් වලට, පිළිගැනීමට, මගෙ බ්ලොග් එකට ආවට, ගොඩක් ස්තූතියි.
අමුතුවෙන් ස්තූති කරන්න දෙයක් නෑ බන්... මමත් ඕව කලින් දන්නෙ නෑ.මටත් ඕව කියල දුන්නෙ, කලින් ලියපු කට්ටිය. මම කරේ අලුත් කෙනෙක්ට පොඩි උදව්වක් කරපු එක. උඹත් ඉස්සරහට අලුත් උන්ට ඒකම කරයි.. (සංස්කෘතිය පවරා දීම :D )
Deleteතැන්කූ තැන්කූ එනි වේ..
Deleteබාප්පා චේතිය රජ්ජුරුවන්ගේ නෑයෙක්ද :P
ReplyDeleteබාප්පා විතරක් නෙවෙයි, අපේ තාත්තත් ... හිකිස්.
Deleteමම හිතුවා අර අලියා පන්නගෙන එනකොට අලියව කන්‍ෆියුස් කරන්න වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වෙත් උඹේ බාප්පයි කියලා. :D
ReplyDeleteනෑ නෑ ඒ අපේ අයියා...
Deleteඅපේ බාසා කැලේනෙ... මෙන්න නියම ගජ බින්න !
ReplyDeleteමොකෝ කැලේ. උත් නියම පොරක් තමා.
Deleteහප්පා ඔය වගේම පොරක් මට අහු උනා දවසක් මල ගෙදරකදී... මෑන් රාජාංගනේ ගිය කතාව දාන්න ඕන වෙලාවක...
ReplyDeleteදාන්න දාන්න. මං මෙව්ව එකතු කරනවා.
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා, අත්‍යලංකාර ගජබින්න අහන්න ලැබෙන වසරක් වේවා!
ReplyDeleteඑසේම වේවා බතී... කොහොමත් පළාත් සභා ඡන්දෙ ළඟ එනවනේ. අත්‍යලංකාර එව්වම අහන්න ලැබෙයි.
Delete:D
ReplyDeleteකරුණාකර පහත කමෙන්ටුව බලන්න. ඔබත් අදම ප්‍රතිශක්තිකරණය කර ගන්න. :)
Delete:D
ReplyDeleteකල් යාමේදී කම්මල සින්ඩ්‍රොම් හෙවත් කමෙන්ට් ඩබොලියාව වැළඳීමට ඉඩ ඇත...
Deleteහම්බෝ
ReplyDeleteඒක නිකං ගෙම්බෝ වගේනෙ... :-)
Deleteඅනෙ එහෙම තව කීප දෙනෙක් අපිට හිටියනම් අලි ඇත්තු ඔක්කොම ඉන්දියාවටවත් පලව හරින්න තිබ්බ නෙ?
ReplyDeleteකරුණාකර, පහත රිප්ලයි එක බලන්න...
Deleteඅනෙ එහෙම තව කීප දෙනෙක් අපිට හිටියනම් අලි ඇත්තු ඔක්කොම ඉන්දියාවටවත් පලව හරින්න තිබ්බ නෙ?
ReplyDeleteවැඩේ තියෙන්නෙ, බාප්පට සිද්ධ වෙනව උන්ට ඉස්සරහිං දුවන්න. එතකොට තමයි අලි ඇත්තු දුවන්නෙ.
Delete