Sunday, June 2, 2013
ඉර හඳ පල්ලා බොරු නෙවේ... ගජබින්නාලංකාරයේ පස් වන අදියර
මේ ගජබින්නය එකතු කළේ සරුබීජ ලියන අපේ පර්යේෂක මහත්තයා. පන්සලක ඉන්න ඇබිත්තයෙක් තමා මේ ගජබින්නයෙ නිර්මාතෘ. මොඩිෆයි කළ ස්ටෝරියේ අයිතිය පරම සත්‍යවාදී ඩ්‍රැකියා සතුයි.
ඉර හඳ හැදුනෙ කොහොමද කියන එක විවිධ ආගම් වල සහ ජනශ්‍රැතියේ විවිධාකාරයේ කතා මඟින් පැහැදිළි කරනවා. ඒ වුනාට ඇත්තම ඇත්ත සිද්ධිය තමයි මේක.
ඕං අපේ සුවාතා දවසක් දඩයමේ ගිහිං නොසෑහෙන්න රෑ බෝ වෙලා, හිස් අතින්ම ගෙදර ආවා. එනකොටම, ටෝච් එකකුත් පත්තු කරං මග බලාන හිටිය සුවාච්චි උන්දැගෙ ඇඟට ගොඩ වුණා.
‘කොහෙද මිනිහො රෑ බෝවෙනකල් ඇවිදින්නෙ?...‘ යනාදී වශයෙන් උන්දෑ කෑගහන්න පටන් ගත්තා.
සුවාතා ඒකාලෙ හොඳ ගිණි විසික් වෙන පෙනුමක් ඇති ගජ ඉළන්දාරියා නෙව, කවුරු හරි සුවාච්චිට කේළමක් කියලා තියෙනවා සුවාතට වෙන වෙන ස්පෙයා වීල් තියෙනවා කියලා. ඒකයි මේ ගෝරියට හේතුව.
ආච්චිගෙ බැණිල්ලට හොඳටම මල පැන්න සුවාතත් උන්දැගෙ මී මුණුපුරා වන ඩ්‍රැකියා වගේ ම, බොරුවට කෑගහ ගහ ඉන් නැතුව කෙළින්ම ඇක්ෂන් එකක් ගත්තා. අංගම්, කරාටේ ආදී අඩි දැනං හිටිය ආතා, උඩ පැනලා ගැහුවා වම් පයින් සුවාච්චිගෙ මූණ ළඟින් යන්න බටර්ෆ්ලයි කික් එකක්. (කොච්චර කළත් සුවාච්චිට ආදරෙයි නෙව. වදින්න ගැහුවෙ නෑ. බයකරන්නයි ගැහුවෙ)
ආච්චි බයවෙච්චි පාර, අත උස්සලා කවර් කරන්න හැදුවා. ඒ පාර, සුවාතගෙ කික් එක වැදුනෙ ආච්චිගෙ අතේ තිබ්බ ටෝච් එකට. කික් එකේ සැර කොච්චර ද කියනවනං, ටෝච් එක කැරකි කැරකි උඩ ගිහිං පොළොවෙ ගුරුත්වයෙනුත් එහාට ගියා. ඒ ටෝච් එක තමයි ඕං අපි ඉර කියලා හඳුන්වන්නෙ.
ආච්චිට මළ පැන්න පාර ගෙට පැන්නා. අතට අහුවුනේ සුවාතට කෑමට හදල තිබ්බ රොටිය. ඒකෙන්ම දමල ගැහුවා සුවාතට. සුවාත ඒ රොටි පාර කවර් කරන්න ආයෙත් පයිං කික් එකක් දුන්නා. හිතුවට වඩා ඒ පාරත් සැර වුනා. මොකද බඩගින්නෙ හිටිය මනුස්සයනෙ. රොටියත් කැරකි කැරකි උඩ ගියා.
උඩ ගිය රොටිය කැරකෙන කොට ටෝච් එකේ (ඉරේ) එළිය වැදිලා, පොළොවට රොටිය පේනවා. ඒකට තමයි අපේ උදවිය හඳ කියලා කියන්නෙ. රොටිය කැරකෙද්දි, රොටියයි ටෝච් එකයි අතරින් පොළොව පිහිටන විදිහට ආවහම මිනිස්සු කියනවා චන්ද්‍රග්‍රහණයක් කියලා. රොටියට ටෝච් එක මුවා වෙනකොට කියනවා සූර්යග්‍රහණයක් කියලා.
හමුවෙමු ගජබින්නාලංකාරයේ තවත් ආදර්ශවත් කතාවක් සමඟින් පොසොන් පෝයට කළින් (ඊට කලින් යමක් කොටාගන්න පුළුවන් උනොත්. මොකද ගජබින්නයක් ලියන්න ගන්නකොටම හෙණ ගහ ගහ වහින්න ගන්නවනෙ. ඩ්‍රැකියත් ඉතින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරියට නියම දිනේට බිල් ගෙවනවා. උන්දැල අහනවනෙ ඊළඟ කුණාටුවට සුවාතගෙ නම දාන්නද කියලා. ඩ්‍රැකියා තාම උත්තරයක් දුන්නෙ නෑ)
ගජබින්නාලංකාරයේ මීට කලින් කොටස් වලට ලිංක්:
1. කොටස - මිරිස් වගාව
2. කොටස - ළිඳක කතාව
3. කොටස - අලි මාලය
4. කොටස - සුවාතගේ දඩයම් ශිල්පය
ප/ලි
මේ එළිදරව් කිරීම කලින් කරන්න හැටියක් තිබ්බෙ නෑ. මොකද හඳට ගියාය කියන නීල් ආම්ස්ට්‍රෝං උන්නැහැ ලැජ්ජාවට පත්වෙයි කියලා. ගිය අවුරුද්දෙ උන්නැහැ කළුරිය කළා. ඩ්‍රැකියත් ගියා කිරිල්ලවල ආම්ස්ට්‍රොං කොන්ක්‍රීට් වැඩපොළේ තිබුණ උන්නැහැගෙ මළගෙදර.
ඒකාලේ ගම්පහ හිටියා චක් කියලා නොතාරිස් කෙනෙක්. එයත් සුවාතගෙන් තමයි මාෂල් ආට්ස් ඉගෙනගත්තෙ. පස්සෙ එයාගෙ පුතෙක් ඇමරිකාවෙ ජනාවාස ඉදි කරන්න ගියා. එයාගෙන් පැවත එන නොතාරිස් පරම්පරාවෙ කෙනෙක් තමා ඔය චක් නොරිස් කියලා රැවුළෙක් ඉන්නෙ. කාලයක් යනකොට පරම්පරා නම පොඩ්ඩක් කොට වෙලා තියෙනවා.
පින්තූර ඉස්සුවෙ:
1. http://fc09.deviantart.net/fs37/f/2008/254/f/5/Earth_sun_and_moon_by_DeCORinASON.jpg
2. http://fc05.deviantart.net/fs70/i/2011/342/2/7/ac___butterfly_kick_by_leahhimura24-d4ijatc.jpg
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
එතකොට මේකයි මේ ඉර හඳ.. හරි හරි.
ReplyDeleteඉර හඳ පල්ලා මේක තමයි ඇත්ත. ඉර හඳ පත්තරේට නම දැම්මෙත් අපේ පවුලෙ අවසර ඇතුව.
Deleteඒ කියන්නේ ඉරයි හඳයි ගිහින් තියෙන්නේ ලංකාවෙන් ...?
ReplyDeleteඉර මේඩ් ඉන් ඉංග්ලන්ඩ්. හඳ මේඩ් ඉන් ශ්‍රී ලංකා. දෙකම සෙන්ට් ෆ්‍රොම් ශ්‍රී ලංකා, බයි සුවාතා.
Deleteඋඹට කියන්න අමතක වෙලා ඕක බැස්ටි කෑලී පහේ ටෝච් එකක්. එ මදිවට රෑට ඔටෝ ඕෆ් වෙන සිස්ටම් එකකුත් තීලා තියෙනවා ඒ කාළේ වෙලත්.. අපේ උන් හාවා කිය කියා සින්දු ලියන්නේ ආච්චිට, වලිය නිසා කරවෙච්ච රෝටියේ පැච් වලට..
ReplyDeleteඊට පස්සේ ආච්චි ආවලු ලිපේ තිබුන දර කෑල්ලකුත් අරගෙන ඒකට ගහපු පාරට ඒකේන් විසි වෙච්චර ඉනි අඟුරු කෑලී තමයි ඔය තරු කියලා තියෙන්නේ..
වැස්ස වෙලාවට අර ටෝච් එකේ බැට්‍රි වලට වතුර ගිහිං ෂෝට් වෙන කොට තමයි අර අකුණු ගහන්නේ....
විසි වෙච්ච අගුරු කෑලි ටිකත් එකතු කලා නම් පට්ට.
Deleteකොහොමත් ගජබින්නෙ රසයි.
@ මා තලං
Deleteඅයියත් දන්න දේවල් ඈ... සුවාත කොහෙං හරි නෑයො වෙනවද ?
@ ජපානෙ කෙන්ජි සං
ඔහයො ගොසයිමස්
අෆ්ෆා.. පොල් රොටිය තාම හොඳට තියෙනවද දන්නෙ නෑ
ReplyDeleteඅභ්‍යවකාශයේ අධි ශීතලට අහුවෙලා සංරක්ෂණය වෙලා තියෙන්නෙ.
Deleteගජබින්නෙ හොදම එක....
ReplyDeleteඉස්තූතියි ඉස්තූතියි, නැද්ද විදේශීය ගජබින්න එහෙමෙ හම්බවුනේ?
Deleteමාර යි, ඈ :D සුවතා හෙන වැඩකාරයෙක්නේ. ඒ කාලේ ගහපු පාරට තාමත් කැරකෙනවනේ.
ReplyDeleteඒකනේ කියන්නේ. හිතන්නකො මී මුණුපුරා කොහොම වැඩ්ඩෙක්ද කියලා ඉතිං.
Deleteහලේ ඉතින් අපි දන්නේ මොනවද ඈ? මෙච්චර කල් මිත්‍යාවිස්වාස වල එල්බගෙනනේ ඉඳලා තියෙන්නේ. මෙව්වා තමයි ඩ්‍රැකිලීක්ස්.
ReplyDeleteහලේ ඉතිං, තව තියෙනවා. මිථ්‍යාව දුරලන්න, ගජබින්න වපුරන්න. කොහෙද මේ අයිටීඑන් එකයි රාවණා සංවිධානයි එක්ක මගෙ වැඩ පිළිවෙල අවුල් වෙනවනේ.
Deleteනාසා එකට යවන්න වටින සොයා ගැනීමක් නොවැ....
ReplyDeleteනාසා එකෙන් මගෙ පස්සෙං පන්නනව, ඊයෙ ඉඳං. තාම ඇඳ යටින් එළියට ආවෙ නෑ නෑනො.
Deleteමිස්ට ගජබින්න,නරකද ඊලග ඉලෙක්ෂන් එකට ඉල්ලුවොත් එහෙම....
ReplyDeleteමට ඇපත් නෑ බං දැන් ඉන්න මැති ඇමති වරු එක්ක
Deleteඒ කාලේ අපිට ස්කොලේ උගන්වලා තියන කෙප්ප. දැනන් හිටියා නම් මම ස්කොලේ යන්නෙත් නැ
ReplyDeleteඋඹ හැබෑටම ගියාද මලේ එහෙ? මොන විදිහෙ එකක්ද ඔය ඉස්කෝලෙ කියන්නෙ?
Deleteදැන් ඕක පොල් රොටියක්ද, යීස්ට් රොටියක්ද? හොඳ වෙලාවට එළවලු රොටියක් හරි කොත්තු රොටියක් හරි නොවුනේ. එතකොට රොටිය කන්න හදපු ලුණුමිරිසට මොකද වුනේ?
ReplyDeleteමාර අදහස!
Deleteගහපු පාරට ලුණු මිරිස රොටිය පුරා විසිරුණා. ඒකට තමා උඹලා දැං හඳේ හාවයි කියන්නෙ.
එතකොට මාතලන් කියලා තියෙන්නේ බොරු ද? "අපේ උන් හාවා කිය කියා සින්දු ලියන්නේ ආච්චිට, වලිය නිසා කරවෙච්ච රෝටියේ පැච් වලට" අනේ, ඩ්‍රැකියෝ, හදේ හාව රතු පාට ද? නැත්තං ලුණු මිරිස් කළු පාට ද?
Deleteගජබින්නාලංකාරයේ තියෙන එක පෝස්ට් එකක්වත්, එක කොමෙන්ටුවක් වත් බොරු නෙවෙයි නඟා. ලුණු මිරිස් තියා මොන දෙයක් උනත් රෑට පේන්නෙ අඳුරු පාටටනෙ.
Deleteඑල එල ඔහොම යන්........
ReplyDeleteපුළුවං පුළුවං වෙලාවල මෙහෙ වරෙං පුතේ.
Deleteඅනේ අම්මාපල්ලා ඔන්න ඔය වෙලාවට තමා අපිට ඉස්කෝලෙදි බොරු උගන්නපු උන් එක්ක මලම පනින්නෙ..
ReplyDeleteහැබෑටම ඔය ටෝච් එකේ බැට්රි මාරු කරන්නෙත ආතමද බන්..?
ඒකනෙ, ඉස්කෝලෙ ගිහිං කාටද හරි ගියේ?
Deleteටෝච් එක සෝලර් පවර් බං.
අඩේ ඔන්න බලහල්ලකෝ ඒකෙත් හැටි. ඉදහන්කෝ ඔය සුවතාගේ පිළිමයක් තුන් මං හන්දියේ හදනවා යන එන උන්ට බලා ගනින් කියලා.
ReplyDeleteඒක තමා බං. සුවාතා වගේ උං තමා දැන් ජාතික වීරයො විදිහට සැළකෙන්නෙ.
Deleteඅඩේ එතකොට ටෝච් එකේ බැටරි බහින්නෙ නැතෙයි?? ඒකත් මාරයිනෙ බං..
ReplyDeleteඅන්න දැක්කද ලංකාවෙ මිනිස්සුන්ගෙ හැකියාව.. එහෙම රටක්නෙ මේ දැන් ආශ්චර්‍යට ලං වෙලා ඉන්නෙ.. :(
ටෝච් එකට සෝලර් පැනල් එකක් හයි කරලා තියෙන්නෙ බං. ඒකෙ බැටරි චාජ් වෙන්නෙ ඉර එළියෙන්. ලංකාවෙ උපන්න එක ගැන ආඩම්බර වෙමු.
Deleteහෑ බං, ආශ්චර්යට ළං වෙන්නෙත් ගජබින්න වලින්ද එතකොට?
නැතුව නැතුව මචෝ..
Deletehari..hari..dan teruna..hoda welawata uba kiyala dune.
ReplyDeleteJayawewa.
මටත් ජය වේවා! උඹටත් ජය වේවා!
Deleteතවත් වර්ගපුර්ණිකාවක් හදනවද යකෝ
ReplyDeleteකොහොමද කැමති? අයිටීඑන් නිව්ස් වගේ කතා වලටද, වර්ගපූර්ණිකාවෙ පෝස්ට් වගේ කතා වලටද?
DeleteAMMAPA KIYAPAN......
ReplyDeleteඉරහඳ පල්ලා කිව්වම තව අහනව. උඹ පල්ලා ඇත්ත.
Deleteඑතකොට අර කාලෙකට ඉස්සර හඳෙන් හරි හාල් ගෙනත් දෙනවයි කිවුව අගමැතිනි ආච්චි කිවුවෙ ඇත්තනෙ. හඳ හදන්න ඇත්තෙ හාල්පිටිවලිං..
ReplyDeleteඒකනෙ කියන්නෙ, ඒ ආච්චිගෙ දැනුම කොයි වගේ ද කියලා.
Deleteයකෝ මේක දැක්කේ අදනේ, මටත් හිතෙනවා හඳ රොටියක්ම තමයි කියලා.
ReplyDeleteහඳ රොටියක් තමා. ඉර ටෝච් එකක්.
DeleteEra handha pallaa kiwwama thawa ahanawa, uba pallaa aththa. .. :D
ReplyDeleteඒකනෙ කියන්නෙ... :-)
Deleteඅම්මප මෙහෙමත් ගල් පැලෙන සැටිපිකෙට් ඇත්ත !
ReplyDeleteහැබෑට!
Delete