Wednesday, May 8, 2013
සුවාතාගේ දඩයම් - ගජබින්නාලංකාරයේ සිව් වන දිගහැරුම
අලිමාලයෙන් ජනප්‍රය වෙච්ච අපේ සුවාතා ගේ දඩයම් හැකියාව ඔප් නංවපු කතා කීපයක්ම මේ කොටසින් කියන්න බලාපොරොත්තු වෙනවා. ගජබින්නාලංකාරයේ මුල් කොටස් කියවපු නැති අයට ඒවා කියලවා ම එන්න පුළුවන් පහළ තියෙන ලිංක් වලින්.
ගජබින්නාලංකාරයේ පළමු කතා වස්තුව හෙවත් බාප්පාගේ මිරිස් වගාව
ගජබින්නාලංකාරයේ දෙවන කතා වස්තුව හෙවත් ළිඳක කතාව
ගජබින්නාලංකාරයේ තෙවන කතා වස්තුව හෙවත් අලිමාලය
මේ කතාව මතක් කෙරුවේ අපේ පර්යේෂක මහත්තයා. උන්නැහැ සරු බීජ කියලා බ්ලොගක් පටන් ගත්තා මේ මෑතක.
ඕං දවසක් අපේ සුවාතා දඩයමේ යනවා, උන්නැහැ ගාව තිබ්බ පතරොම් තුවක්කුවයි දඩයමට හුරුකරගත්ත උණහපුළුවයි අරං. (උණහපුළුවෙක්? ඒ මොකටද? කියලා අහන්න එපා. ඒ ගැන පස්සෙ සඳහන් වෙනවා) එහෙම යනකොට උන්දැට හම්බවුණා එකම තැනිතලාවක දෙපොළෙ තණකොල කකා ඉන්න මුවෙකුයි ගෝණෙකුයි. සුවාතා කල්පනා කළා කොහොමද දෙන්නම මරා ගන්නෙ කියලා. තුවක්කුවෙන් එකෙකුට වෙඩි තිබ්බොත් අනික පැනල දුවනවනෙ. සුවාතත් මාර මීටරයක් තමයි. උන්දැ කරපු වැඩේ හිමීට ගහකට මුවා වුණා. ඒ ගහේ තිබ්බා අඩි තුනක් විතර උඩින් පොළොවට සමාන්තරව නැමුණු අත්තක්. හිමීට උන්දැ උණහපුළුවව අත්ත උඩින් තියලා, ඉණේ තිබ්බ උල් පිහිය අරන් අත්තෙ ගැහුවා, පිහි තලේ මුවහත් පැත්ත තමන්ගෙ දිහාවට හිටින්න. ඊටපස්සෙ තුවක්කුව අරන්, ටිකක් පිටිපස්සට වෙලා. පිහි තලේට වෙඩි තිබ්බා. පතරොම පිහිතලේ වැදිලා දෙකට කැපිලා, දෙපැත්තට ගිහිං එකම වෙලාවට මුවාටයි ගෝණටයි දෙන්නටම වැදුණා. එදා සුවාතා ගෙදර ආවෙ, ඒ සත්තු දෙන්න දෙපැත්තට හිටින්න ගැට ගහපු කදකුත් කරේ තියාගෙනයි.
අපේ සුවාතා බැඳපු තුවක්කුවෙනුත් දඩයම් කොළා නෙව. උන්දෑ ගෙ හේන ගාව එක ළඟ තිබ්බ ගල් දෙකක් අතරෙ තමයි තුවක්කුව බඳින්නෙ. සුවාත වඩ්ඩෙක් නෙ. ඉතින් තුවක්කුවට දාන පතරොම, ඇමරිගලෙන් තව ටිකක් මුවහත් කරල තමයි දාන්නෙ. හේනෙ බෝග විනාස කරන්න ආව සත්තු යන්න ඕනෙ ඒ දෙබොක්කාව මැදින්. පළවෙනියටම සතෙක් ඇවිත් උට මරුවැල පෑගුනාම, තුවක්කුව පත්තු වෙලා උණ්ඩෙ ඌව පසා කරගෙන ගිහිං එහා පැත්තෙ ගලේ වැදෙනව. ඒක ඒ ගලෙන් පරාවර්තනය වෙලා ඇවිත් අනික් ගලේ වදිනව. ඔහොම ගල් දෙක අතරෙ ටං ටං ගගා වැදි වැදී තියෙනව සුවාත ආපහු උදේ එනකම්. ඔය විදිහට එකම උන්ඩෙන් හේන පාළු කරන්න ආව ඔක්කොම සත්තු ටික මැරෙනව. සුවාත ඇවිත් හරියට ඉළක්කෙ බලලා, තුවක්කුව අර ගල් දෙකෙන් එක ගළක ට හේත්තු කරලා මාණලා තිබ්බහම අර උණ්ඩෙ ඇවිත් තුවක්කුවෙ කටට වැටිලා නවතිනවා.
සුවාතා හාවො අල්ලන්න අටවපු උගුල ගැන කිව්වෙ අපේ බාප්පා. ඒක හරිම සරළ ස්වයංක්‍රීය උගුළක්. ඕනෙ කරන්නෙ:
මඤ්ඤොක්ක කොළ ටිකකුයි,
තරමක කලුගලකුයි,
නහයට උරන දුංකුඩු ටිකකුයි විතරයි.
හා උගුළ සකස් කරන ආකාරය:
කලු ගළ බිම තියලා, මඤ්ඤොක්කා කොළ ටික ඒක වටේට තියනවා. ඒ උඩින් දුංකුඩු ඉහිනවා. එච්චරයි.
හාවෙක් ඇවිත් මඤ්ඤොක්කා කොළ කන්න ඔළුව පාත් කරන කොට, දුංකුඩු නහයට යනවා. ඌ ට කිවිසුම් යන එක නවත්තගන්න බැරි වෙනවා. කිවිසුම් යනකොට ඔලුව ගලේ වදිනවා. ගලේ වැදිලා හාවා එතනම ඔන්ද ස්පොට් වෙනවා. ඔය විදිහට එක රෑකට හාවො දුසිම් ගාණක් අල්ලගන්න පුළුවන්. (බාප්පා කියන විදිහට ඒ කාලෙ හිටිය හාවො කොච්චර ලොකුද කියනව නම්, දුසිමකට අල්ලන්නෙත් හාවො දෙන්නෙක් තුන්දෙනෙක් විතර.)
මොනරු අල්ලන්න තමයි සුවාතා පුරුදු කරගෙන හිටිය උණහපුළුවා ගොඩක් ම වැදගත් වුනේ. මොනරා කියන්නෙ ගස් උඩ ඉන්න, හරිම පරීක්ෂාකාරී, වේගෙන් ඉගිල්ලෙන කුරුල්ලෙක්නේ. ඒ වුනත් අපේ සුවාතා හරිම ලේසියෙන් මොනරුන්ව පණපිටින් අල්ලන්න දක්ෂයෙක්. ඒක කරන්නෙ මෙහෙමයි. හිමිදිරි පාන්දරම, බටර් ටිකකුයි උණහපුළුවයි අරන් යනවා කැළේට. ගිහිං මොනරෙක් ලැගලා ඉන්න ගහක් හොයාගෙන, උණහපුළුවා අතේ බටර් ටික තියලා ඌව ගහට යවනවා. උනහපුළුවා මොනරට නොදැනෙන්න ගස් නගින්න හරිම දක්ෂයි කියනවනෙ. ඌ නගිද්දි ගහේ පොත්තක් ගැළවුනත්, ඒක අතට අරං ආපහු බිමට බැහැලා, පොත්ත බිමින් තියලා ආයෙත් නගිනවලු. ඒ විදිහට උණහපුළුවා බොහොම පරිස්සමින් නැගලා, මොනරගෙ ඔළුව ගාවටම යනවා, අත්ත දිගේ. ගිහිං අර බටර් ටික මොනරගෙ ඇස් පිහාටු උඩින් තියනවා. තියලා, ආපහු සීරුවට බිමට බහිනවා.
ඉර ටිකෙන් ටික පායාගෙන එද්දි, අර බටර් ටික දියවෙලා, මොනරගෙ ඇස් වැහෙනවා. එතකොට මොනරට අත්තෙන් බිමට පනින්න පේන්නෙ නෑනෙ. ඉතින් ඌ වැටෙනවා. එතකොටම සුවාතා දුවගෙන ගිහින් ඌව අල්ලගන්නවා.
සුවාතගෙයි බාප්පගෙයි හපන්කම් නම් කෙළවරක් නෑ. ඒ වුනාට ඒ හැම එකක් ම මේ පෝස්ට් එකට දාන්න බෑ. මේ වෙලාවෙ වැස්සකුත් පටන් ගත්තා. අකුණුත් ගහයි වගේ. ඒ නිසා දැනට මෙතනින් නවත්තමු.
හමුවෙමු ගජබින්නාලංකාරයේ තවත් හරවත් කොටසක් සමඟින්. එතෙක් ඔබගෙන් සමුගන්නා මම, සත්‍යවාදී ඩ්‍රැකියා.
පොටෝ එක ඉස්සුවෙ - http://www.probertencyclopaedia.com/photolib/people/Big%20Game%20Hunter%20-%20Ceylon%20c1936.jpg
ප/ලි
මේ විදිහෙම ඇත්ත කතා ටිකක් මට දකින්න ලැබුණා චන්දනගේ සටහන් බ්ලොගෙන්
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
ඒකටත් එක්ක අද ඉන්න හාවෝ. අඩු තරමේ 20 ක් වත් ඕන දුසිමකට.
ReplyDeleteඒකනේ කියන්නෙ මලයා.
Deleteමල් හතයි නෙව.. මම කලින් එක කියෙව්වට මුකුත් කෙටුවේ නෑ මගේ හිතේ... ජය වේවා... හැදෙන ගහ බ්ලොගෙන් පෙනේ....
ReplyDeleteඉස්තූතියි ඉස්තූතියි. අපේ යාලුවෙක් නම් කිව්වෙ හැදෙන ගහ දෙපැත්තට වැනේ කියලයි.
Deleteසුවාතාගේ පිහිය නම් මාර මුවහත් නේද?
ReplyDeleteඒකත් අර බුලට් එක වගේම ඇමරිගලෙන් මුවහත් කරනවනේ.
Deleteසුවාතා නියම බඩුවක් නේ.
ReplyDeleteඇයි උන්දැගෙ මී මුණුබුරා, ඌ ඊටත් හපන්
Deleteසුවාතගෙ උනහපුලුවා වගෙ මහින්ද මහත්තයත් අපේ ඇස්වල බටර් ගාලා තියෙන්නේ. ඒකනේ මෙළෝ දෙයක් පේන්නේ නැත්තෙ..
ReplyDeleteමාතලන් අයියට පෙනුන වගේම මගේ ආතල් කතා දේශපාලනිකයි. තාප්පෙ කතාවෙ ඉන්න මුදලාලි වගෙයි අපේ රටේ ගොඩක් උදවිය.
ReplyDeleteමල් හතයි ඈ. මට නම් මාටින් වික්‍රමසිංහයන්ගේ සෙවනැල්ලක් පේනවා. හරිම රසවත්. මෙහෙම ලියන එක නම් බොහොම දුෂ්කර වැඩක්. කතාවේ ගලා යාම ඉතාම ලස්සනයි. ඔබේ දක්ෂකම කියන්න මම අසමත්.
ReplyDeleteස්තූතියි වෙද මාමේ, ගොඩක් ස්තූතියි.
Deleteසුවතා අපේ ඩ්‍රැකීගෙන් ද මන්දා ඔච්චර දස්කම් පෙන්නන්න ඉගෙන ගත්තේ. මේ මම ඇත්තට ම යි අහන්නේ, මොකක් හරි ලේ නෑකමක් එහෙම තියෙනව ද? :P
ReplyDeleteසුවාතා කියන්නේ, අපේ තාත්තගෙ සීයා. කියවන්නකො මගෙ මුල් කියන පෝස්ට් එක.
Deleteආ! හරි. ඒක නෙමෙයි, මොකද්ද අප්පේ මේ ඩ්‍රැකීගේ බ්ලොගේ අලුත් කරගෙන? හදිස්සියේ ම වෙනස් වෙන්න හිතුනේ මොකද හැබෑට?
Deleteපාඨක ප්‍රතිචාර නෙව.
Deleteලියවිල්ල ලෙසටම රසවත්.
ReplyDeleteසුවතා දකුනෙ පොරක්ද? :).
ඇයි කෙන්ජි මහත්තයො, මගෙ මුල් කියන පෝස්ට් එක කියෙව්වෙ නැතැයි?
Deleteකියවන්න ආසයි කතාවත් ලස්සනයි ඩ්‍රැකී,ඒ වුණාට කියවන්න නම් අමාරුයි...කලු පසුබිමේ සුදු අකුරු ඇස් රිදෙනවා...තරහවෙන්න එපා මටනම් කියවන්න එන්න බෑ
ReplyDeleteස්තූතියි හැලපයියෙ, මම දැන්ම ටෙම්ප්ලේට් එක වෙනස් කරනවා. මට එච්චර හිතුන් නෑ ඇස් වලට අමාරු බව.
Deleteමේ මොකක්ද බන් මේ කරලා තියෙන්නේ. මමත් මුලදි ඔය වගේ ජිල්මාට් දැම්මා. ඊට පස්සෙ බොහෝ අයගේ ඉල්ලීම්වලටමයි සරළ බැක්ග්‍රව්න්ඩ් එකක් දැම්මේ. පෙනුම සරළ උනාට රසේ අඩු වෙන්නෙ නෑනේ. මේක තිබුන එකටත් වඩා අමාරුයි...
Deleteතවම වෙනස් කිරීම ඉවර නෑ මාතලං අයියෙ. එක එක කරලා බලනවා. මම ඔයාගෙ බොගත් බැලුවා ආදර්ශයක් ගන්න.
Deleteකතා ගොඩක් නේද...?එළ මචන් දිගටම ලියන්න...එනවා බලන්න....
ReplyDeleteදිගටම එන්න නිශ්ශබ්ද විලියම් (වැරදුනා) සහන් අයියෙ.
Deleteඔයාගෙ උපදෙස් පිළිපැද්දා. හැබැයි ටිකක් පරක්කු වෙලයි කළේ. ගොඩක් ස්තූතියි.
ඩ්‍රැකියුලා කිව්වම බයත් හිතෙනවා.. :D
ReplyDeleteලස්සන කතා ටික... ඔහොම ලියාගෙන යමු.
අර සතුන්ට වෙඩි තියන කතාවේ මීට පොඩ්ඩක් වෙනස් එකක් මාත් ලිව්වා කාලෙකට කලින්.
ඉස්තූතියි ඉස්තූතියි... මම එන්නම් ඔය පැත්තෙ ඔයාගෙ කතාව කියවන්න.
Deleteඩ්‍රකි,මේ මන් ගාව ඉස්සර තිබුනා "ගජබින්නාලංකාරය" නිව් වර්ශන් එක."මහින්ද චින්තන ඉදිරි දැක්ම" කියලා එකක්......
ReplyDeleteමාත් අහල තියෙනව ඕක ගැන. දැනට වෙළුම් දෙකයි. අලුත් වෙළුමක් එන්නෙ අවුරුදු හයකට පාරක්. වැඩේ කියන්නෙ කාටවත් ඕකෙ කවර මිසක් ඇතුලෙ තියෙන දේවල් මතක හිටින් නැති එකයි.
Deleteඅකුණු නොගහ තියෙයිනැ බං මේ කියන කතාවලට. උඹලට චේතිය රජ්ජුරුවංගෙ මොකුත් සම්බන්ධයක් තියෙනවද?
ReplyDeleteමැංචෝසනුත් එක පාරක් අඩ කවයකට හිටපු කොක්කු වැලකට වෙඩිතියන්න තුවක්කු බටේ ගස් දෙබලකට දාලා වක ගැහෙන්න නැව්වා.
මැංචෝසන් චාරිකා මම තවම කියවලා නෑනෙ. හොයාගන්න ඕනෙ. චේතිය රජ්ජුරුවො ලංකාවෙ ගොඩක් දෙනාගෙ නෑයෙක් නේ.
Deleteමෙන්න මෙයාගෙන් තමයි දකුණු ඉන්දියාවෙ ෆිල්ම්වල වීරයගෙ පාට් එකට උපදෙස් අරං තියෙන්නෙ..
ReplyDeleteදකුණු ඉන්දියාවෙ විතරක් නෙවෙයි. රන්ජන් රාමනායකත් මගෙන් තමයි උපදෙස් ගන්නෙ.
Deleteඔන්න ඩ්‍රැකී මමත් මේ පැත්තට ආවා...සුවාතගෙන් ගුරුහරුකම් අරන්ද කොහෙද අර රජිණි කාන්ත් ගොයියත් උණ්ඩෙ පිහියෙන් කැපෙන්න වෙඩි තියන්නෙ...ගජබින්න උනත් පට්ට සිරා...
ReplyDeleteසිරාව සාදරයෙන් බොහොම ආදරයෙන් පිළිගන්නවා. අපි ඉතින් එක පැත්තෙ උදවිය නෙව.
ReplyDeleteසුවතගෙ කතා අල්ලලා ෆිල්ම් එකක් කරොත් ප්‍රධාන චරිතෙට බය නැතුව රැජිනිකාන්ත්ව ගන්න පුලුවන්..... :D
ReplyDeleteඇයි අප්පා අර අහිංසකයවම අල්ලගන්නෙ. මම නං කැමතියි රන්ජන් රාමනායකව ගන්නවනං. දේශීය දේනෙ.
Deleteමචන් මාරු කතා ටික... පොතක් ගහන්න පුළුවන් මේ ටික එකතු කලා නම්.ලියහන් බලන්න තව ටිකක්..
ReplyDeleteමගෙත් අදහස කලෙක්ෂන් එකක් හදන්න. තව දන්න ඒවා තියෙනවනම් කමෙන්ට් විදිහට දාන්න.
Deleteඅද කාලෙට තමා වැඩියෙන් සුවතලා ඕන කරන්නේ :D
ReplyDeleteඇයි හසිත අයිටීඑන් බලන් නැතැයි? ඒකෙ ඉන්නෙ ඔය ඕන තරම් සුවාතා වගේ වීරයො....
Deletehaawo kochchara lokuda kiyanawanam dhusimata allanneth dennek thundenek withara... :D:D
ReplyDeleteඔහොම ගියොත් දුසිං දෙකකට අල්ලන්නෙ හතරක් හයක් විතර කියල කියවෙන්න ඉඩ තියෙනව...
Deletehaawo kochchara lokuda kiyanawanam dhusimata allanneth dennek thundenek withara... :D:D
ReplyDeleteමං උඩ කිව්වෙ පහත කමෙන්ට් එකත් අදාළකරගෙන... :-)
Delete