ඩ්‍රැකියා ගජබින්නාලංකාරය පටන්ගත්තේ උගේ බාප්පා ගෙන්. එහෙත් ලිවීම දිගින් දිගට යද්දී හිට් වුනේ ඩ්‍රැකියාගේ තාත්තාගේ ත්, තාත්තාගේ ත්, තාත්තා වූ සුවාරිස් අප්පු හෙවත් සුවාත යි. මේ හත්මුතු පරම්පරාව ගැන ඩ්‍රැකියා තමන්ගේ මුල්ම පෝස්ටුව වූ මුල් කියන ලිපියෙන් විස්තරාත්මකව ලියා තියෙනවා. ගජබින්නාලංකාරයේ හයවැනි කොටසින් ඩ්‍රැකියා සුවාතාගේ ත් තාත්තා වූ අන්දිරිස් ආතගෙ වික්‍රමයක් මුල් වරට එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.
අන්දිරිස් අප්පු ආතා දකුණේ ගොයියෙක්. උන්දෑ කොල්ලා කාලේ, තව කොලු රෑනක් එක්ක ඉංග්‍රීසි දේශ ගවේෂණ කණ්ඩායමකට බැඳිලා මුහුදු ගියා. උන්දැලා ගියපු තැන්, වෙච්ච සංගෙදි ආදී කරුණු ගැන විස්තර තිබුණාවෙකො. ඒ කාලේ දේශ ගවේෂණයත් හරියට මුහුදු කොල්ල කාරයන්ගෙ කතා වගේම හරි ත්‍රාසජනකයි. (ඩ්‍රැකියත් මොන වැඩේ කරන්න ගියත් ඒක ත්‍රාසජනක අත්දැකීමක් බවට පත් කරගන්නෙ, මේ හත් මුතු පරම්පරාවෙ ආභාසය නිසාය කියලා විචාරකයෝ පවසති.)
අන්දිරිස් ආත ගියපු නැව අනිත් නැව් කණ්ඩායමෙන් වෙන් වුනේ ඕස්ට්‍රේලියාව හරියෙදි අහු වුණු තද කුණාටුවක් නිසයි. කුණාටුවට අහුවෙච්ච නැව අබලන් වුණා විතරක් නෙවෙයි, හැරුණු අතේ ගහගෙන ගිහිං අන්තිමේ දිහාව හොයාගන්න බැරි තරම් ඈතට පාවෙලා ගියා. නැවේ කප්පිත්තට අහස බැලුවහම පෙනුනෙ තමන් දැකල පුරුදු තාරකා රටා නෙවෙයි. නැව පාවෙලා යන අතකට යනවා මිසක, රුවල් වලින් වත් සුක්කානමෙන් වත් මෙහෙයවන්න පුළුවන්කමක් තිබිලා නෑ, කුණාටුවෙන් ඒක ඒ තරමට අබලන් වෙලා තිබ්බෙ. ඉතින් නැව පාවෙලා යන අතකට යන්න දීලා බලං ඉන්න එක තමයි උනේ.
ඔහොම පාවෙලා පාවෙලා ගිය නැව දකුණටම ගිහිං ඇන්ටාර්ටිකාවටම ගියා. තවත් පාවෙන්න බැරි විදිහට අයිස් කුට්ටි වලට මැදි වෙලා නැව නතර වුනා විතරයි, මහා හිම කුණාටුවකුත් එක්කම ඇන්ටාර්ටිකාවෙ ශීත සෘතුව පටන් ගත්තා. නැවේ හිටිය ඔක්කොම කට්ටිය මහතට පේන්න ගත්තයි කියනව, මොකද සීතලෙන් බේරෙන්න ඇඳුම් විස්සක් විතර එක පිට එක ඇඳලා.
අන්දිරිස් ආතත් ඇඳුම් බර තොගයක් ඇඳගෙන කැබින් එකෙන් එළියට එද්දි, කැප්ටන් හම්බ වුනාලු. අන්දිරිස් ආතත් කැප්ටන් එක්ක කිව්වලු,
‘මාර සීතලක් නේද?‘ කියලා.
ඒත් ආතගෙ කට හෙල්ලෙනව මිසක් හඬක් පිටවුනේ නැහැලු. අඩු ගානෙ ආතට වත් ඇහුන් නෑ උන්දැ කියපු දේ. ඒ ගමන උගුර එහෙම හොඳට පාදලා ආත ආයෙම ඇහුවලු
‘මාර සීතලක් නේද කැප්ටන් ?‘ කියලා.
කොහෙද? කිසි සද්දයක් නෑලු.
ආතත් මොකද්ද වෙන්නෙ කියලා කල්පනා කර කර කැප්ටන් එක්කම ගියාලු නැවේ ඩොක් එකට. ඩොක් එකේ කොණක කට්ටියක් ගිණිගොඩක් ගහගෙන ගිණි තපිනවලු. ඒ අය කතා කරන දේවල් යාන්තමට ඇහෙනවලු, බොහොම හිමින්. කැප්ටනුයි, ආතයි ත් ඒ පැත්තට යද්දි හිමින් හිමින් කැප්ටන් මොනවාදෝ ආතට කියනව ‘අන්දිරිස්, අන්දිරිස්..‘ කිය කියා. ගිණි ගොඩට ළං වෙනකොට ටික ටික පැහැදිලි වෙනවලු. ආතට එතකොට තමයි වෙච්ච දේ පැහැදිළි වෙලා තියෙන්නෙ. එළියෙ සීතල කොච්චර ද කියනවනං, කටින් පිටවෙන වචන සීතලට ගල් වෙලා. ගිණි ගොඩක් ළඟදි විතරයි යන්තතම් හරි කතා කරන්න පුළුවං.
ඔය විදිහට කතා නැතුව නැවත් අයිස් අතරෙ හිරවෙලා, මාස තුනක් විතර කට්ටිය දුක් වින්දලු. සීතලට ගල් වෙච්ච ගල් මාළු කකා, තිබහට අයිස් කැට හප හපා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ගිණි තපින්න දර හොයාගන්න එකයි. මුලින්ම කැඩිච්ච බිඳිච්ච පුටු මේස, ඊට පස්සෙ කුඹ ගස්, ඊටත් පස්සෙ ඩොක් එකේ වටේ ලෑලි, ආදී වශයෙන් අතට අහුවෙන හැම දෙයක්ම දාලා ගිණිගොඩවල් පත්තු කරගන්න සිද්ධ වුනාලු. (ලංකාවෙ ආර්ථික ක්‍රමය මේකට සමාන කිරීම දේශද්‍රෝහියෙකුට මිසක් වෙන කෙනෙකුට කරන්න බැරි දෙයක්)
මාස තුනක් විතර ගත වුනාට පස්සෙ දවසක් ගල් මාලු කාල කාලම ඇති වෙලා හිටිය අන්දිරිස් ආතා, තුවක්කුවකුත් අරං නැවෙන් එළියට ආවලු දඩයමේ. අයිස් කැට උඩින් පැන පැන ටිකක් ඉස්සරහට එද්දි, හිම වළහෙක් අමාරුවෙන් කෙඳිරිගාන සද්දයක් ආතට ඇහුනලු. ඒ අතට ටික දුරක් යද්දි, අන්දිරිස් ආතට හමුබවුනේ හිම වළහෙක්ගෙ හැඩේ තියෙන තියෙන මොකද්දෝ එකක්. ටිකෙන් ටික ළං වෙලා බලද්දි, මාසෙකට විතර කලින් මැරිච්ච හිම වළහෙක් අයිස් වලින් වැහිලා ගිහිං පොඩි ගොඩැල්ලකුත් හැදිල. ඒත් තාම හිම වළහා කෙඳිරි ගාන සද්දෙ එතනිං එනවලු. ආතට තේරුනාලු මොකද මේ වෙලා තියෙන්නෙ කියලා. හිම වළහා සීතලට අහු වෙලා කෙඳිරි ගෑවට, ඒ සද්ද ඔක්කොම එවෙලෙම සිතලට ගල් ගැහිලා. දැන් ටිකෙන් ටික සීතල අඩුවෙලා යද්දි අර සද්ද ඔක්කොම ටිකෙන් ටික අයිස් ගතිය අඩු වෙලා ගිහිං ඇහෙන්න ගන්නවා.
අන්දිරිස් ආතා එවෙලෙම නැවට ගියාලු. එතකොට නැව සද්ද වලින් පිරිලලු. නැවේ හිටපු ඔක්කොම කට්ටිය එක සැරේ අමු තිත්ත කුණුහරපෙන් කැප්ටන්ට බණිනවලු. ඒත් එකෙක්ගෙවත් කට හෙල්ලෙන් නෑලු. ඔක්කොම ඉන්නවලු නිකං දෙහි කෑව වගේ මූණ හදාගෙන. කැප්ටන් කණේ ඇඟිලි ගහගෙන ඉන්නවලු, බැණුං අහන්න බැරුව. සීත සෘතුවෙ සීතලේට ඇහෙන්නැති බව දැනගත්ත කෂ්ඨිය හිතේ හැටියට කැප්ටන්ගෙ පතුරු යන්න, අම්මා විතරක් නෙවෙයි ආච්චි අම්මවත් මතක් කරමින් බැණලා තිබ්බ බැණිලි, සීතල අඩුවෙලා යද්දි එකපාරටම ඇහෙන්න අරගෙන.
ප/ලි
(ඔන්න ඔය වගේ තමයි අපේ දේශපාලනයත්, කෝච්චි වල, බස්වල, හම්බවෙන හැම තැනකම ආණ්ඩුවට බණින මිනිස්සු එමට. ඒත් ඇන්ටාර්ටිකාවෙ සිත කාලෙ වගේ ඒ බැණිලි වල කිසිම ප්‍රතිඵලයක් නැති බව තමා දැනට පේන්නෙ. ලංකාව වෙළාගත්ත මේ දේශපාලනික සීත කාලය ඉක්මණින් දුරු වේවා කියා ඩ්‍රැකියා ඉති සිතින් ප්‍රාර්ථනා කරන්නෙමුය.)
පින්තූරය ඉස්සුවේ : http://blogs.rmg.co.uk/collections/assets_c/2008/08/Bhc4239-thumb-1133x768.jpg
Thursday, June 6, 2013
අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම - ගජබින්නාලංකාරයේ හය වැනි කොටස
Subscribe to:
Post Comments (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...
මේක නම් නියම කතාව..අදමයි ඇහුවේ...මට වෙන දෙයක් ගැන ප්‍රශ්නයක් ආව නැව් ගැන කතා වෙද්දී..ඇත්තටම් ඉස්සර කාලේ රුවල් නැව් වල නැගල යද්දී කොහොමද පිරිසුදු ජලය හොයා ගත්තේ ...?
ReplyDeleteඅද වගේ පිරිපහදු කරන තාක්ෂණයක් ඒ කාලේ තිබ්බේ නැහැනේ..අනිත් එක දේශගවේෂණ වලට යද්දී ආයේ එන දවසක් ගැන නිච්චියකුත් නැහැනේ..
නැව් ගැන බොහොම ටිකක් දන්න හින්දා, දන්න විදිහට උත්තරයක් දෙන්න අවසර :
Deleteවතුර ඉතින් ගොඩ බිමකින්ම අරගෙන යන්න ඕනා සහන්, වතුර ඉවර වේගන එනකොට ආයෙ ගොඩ බිමකට ගිහින් අරගන්න ඕනා.. ඕක අදටත් ගොඩක් නැව් වලට පොදු තත්ත්වයක්.. අලුතෙන්ම එන නැව් වල තමා ඔය මුහුදු ජලය පිරිසිදු කරගන්න පුලුවන් ප්ලාන්ට් තියෙන්නෙ..
අදමයි ඇහුවෙ කිව්වෙ? එතකොට කලින් කතා අහල තිබුණද?
Deleteරොබින්සන් කෘසෝ පොතේ තිබුණ විදිහට, නැවක් යන මාර්ගයෙ තියෙන මොකක් හරි ගොඩබිමකට ළං වුනහම, බෝට්ටුවක් එවලා ඉස්සරලාම හොයල බලන්නෙ මිරිදිය තියෙනවද කියන එකයි. ඒක වෙන්න ඇති පිරිසිදු ජලය සපයාගන්න ක්‍රමය.
ගුලි ගෙ පොතක තිබුණා අතරමං වෙච්ච අබලන් බෝට්ටුවක කට්ටියක් වැස්සකදි ඉටිකොළයක් බෝට්ටුවෙ එළලා බොක්ක ගහලා, එකෙන් වැහි වතුර එකතු කරගත්තයි කියලත්.
@ සෙන්නා සහ draki
Deleteස්තූතියි මචන්ලා විස්තර වලට...මම මගේ ක්‍රමෙන් හොයාගත්තා සිස්ටොන් එක ..දාන්නෙයි පෝස්ට් එකක් ...?
දාමු දාමු අපිටත් දැනගන්න...
Deleteඇන්ටාක්ටිකාවෙ සීතල ඉවරවෙලා පොලව පැලිලා ගියත්, ඔය කියන අනිත් සීතල ඉවර වෙයිද ??
ReplyDeleteබලන් ගියාම ඩ්‍රැකියත් බොහොම නිර්භීත පරම්පරාවකින් පැවතගෙන එකෙක් නේද ?
ඒ සීත කාලය ඉවර කරන්න අපි කළ යුතු දේ කළයුතුයි.
Deleteඅපි එහෙම තමයි සෙන්නා. හැබැයි අපි ගිරුවාපත්තුවෙ ගොඩයො නෙවෙයි.
>> ගං කබරයො නෙවෙයි << කියල වෙනස් වුනා නම් තමයි හරි.
Deleteකෙන්ජිගෙ වචනෙ මට ඒ වෙලාවෙ අමතක උනා.
Deleteඅඩේ මාරයි නේ. බැරිද අපිටත් ෆ්‍රිජ් එකේ වගේ දාලා ඔය විදියට කඩහඩ ටිකක් ගල් කරගන්න
ReplyDeleteඩීප් ෆ්‍රීසර් එකට ඔළුව දාලා, කියපු ගමන් හයියෙන් දොර වහපං. පස්සෙ ඕන් නං ඔළුව එලියට ගන්න බැරියැ.
Deleteඑල එල දැන්ම කරනවා ඉදහන්කෝ
Deleteලංකාවේ තත්ත්වය වක්‍රාකාරයෙන් කියන්න ඩ්‍රැකි අන්දිරිස් අත්තව භාවිත කළ විදිය නියමයි.
ReplyDeleteමං ලියපු හැම ආතල් කතාවකම පසුබිමේ දේශපාලනික යමක් තියෙනව නලීන්. ඒත් ඒක මාතලං ඇර වෙන කවුරුත් අඳුනගත්තෙ නෑ කියල දැනුනා. ඒකයි මේකෙ ප/ලි කොටස ගෙඩි පිටින්ම ලිව්වෙ.
Deleteඑකනේ බං නුවරඑළියේ ඉඳං හම්බන්තොටට යනකොට පාර දිගට ඇහෙන කුණුහරුප අඩුවේගෙන යන්නේ.
ReplyDeleteඒකනේ. නුවරඑළියෙත් යන්තමට කුණුහරප කියන්න පුළුවන්. ඒත් පිදුරුතලාගල මුදුනෙදි තමා අමාරුම.
Deleteකතාව නියමෙට ගොතල.
ReplyDeleteමුල්ම කාලෙ තද ශීතල කාල වලදී අපි කොල්ලො කියන කතාවක් තමා >>පම්ප් ටයිට් එකක් ආපු නිසා මල්ලියව එලියට ඇදල චු කරන්න ගත්ත බං,මොන @#!$ක්ද මන්ද චු ටික වේවැල වගෙ ගල් වෙලා බිජ්ජ ලග ගල් වුනා,බොහොම අමාරුවෙන් කඩල දාගත්තෙ<< කියල.
වින්ටර් එකේ විදින දුක නම් කියල වැඩක් නැහැ.හැබැයි වින්ටර් එකෙන් පස්සෙ එන සමර් එක තමයි විදවන්නම බැරි.එතකොට හිතෙනව වින්ටර් එක හොදයි කියල.
මම කොහොමත් ආස වින්ටර් එකට.
වේවැලක කතාව වගේ දෙයක් ලියන්න නං මටත් ඔළුවට ආව කෙංජි සං. ඒත් කාලය මදි නිසා කෙටියෙන් ලියන්න වුනා.
Deleteඔය අන්දිරිස් ආතා නැවෙන් යන කාලේ කොළොම්බස් ලොකේ වටේ ගිහින් හිටියේ නැද්ද?
ReplyDeleteකොළොම්බස් ගියෙ ඇමරිකාව ළඟ තිබ්බ දූපත් වගේකටනෙ නෑනො. මැගලන් නං ලෝකෙ වටේ යනකොට සපෝට් එකට අන්දිරිස් ආතවත් හෙව්වලු. ඒත් එතකොට එයා දකුණෙ උපන් ගම උන යාත්‍රාමුල්ල අත්ඇරලා ගම්පහ ඇවිත්.
Deleteමේක නම් ඉස්තරම්. ඒත් සීත සෘතුව ඔය හිතන තරම් ඉක්මනට ඉවර වෙන එකක් නම් නෑ...
ReplyDeleteඉවර වෙනවා මාතලං අයියේ. මේ වගේම තමයි මැතිණිගෙ කාලෙත්, ජේආර් - ප්‍රේමදාස යූඇන්පී පාලන කාලෙත් තිබුණ සීත කාලෙ. ඒක ඉවර වෙලා බොහොම කෙටිකාලීන වසන්තයක් ඇවිත් ආයෙම සීත කාලයක් උදා වෙනවා. හැබැයි මේ තරම් කාළකණ්ණි සීත කාලයක් නං ඉතිහාසයෙ තිබ්බෙ නෑ කියලයි ඩ්‍රැකියට මතක.
Deleteකතාව නං කියල වැඩක් නෑ...ශීත සෘතුව ඉක්මනින් ගෙවේය කියල බලාපොරොත්තුවෙන් හිටියට වැඩක් නෑ...ගෙවෙන පාටක්වත් නෑ නේද
ReplyDeleteදේශපාලනික සීත කාලයෙ තියෙන වාසිය තමා, ගෙවෙනකල් ඉන්නවට වඩා ඉක්මණට ගෙවිල යන තැනට වැඩ කරන්න පුළුවන් එක.
Deleteලස්සන කතාවක් මැද්දෙන් හොඳ පනිවිඩයක් දීල තියෙනව. ඒ සීත කාලෙ ඉක්මනට නිම වේවා කියල ප්‍රාර්තනා කරමු.
ReplyDeleteඒක තමයි. ප්‍රාර්ථනා අශ්වයින් නම් හිඟන්නන් උන්ව පැද යාවි කියලා අහල තියෙනවා. ලංකාවෙ අති බහුතරය හිඟන්නන් බවට පත් කර ඇති විට, අපි අඩුම ගානෙ ප්‍රාර්ථනයක් වත් කරමු.
Deleteහීතල යද්දි වෙන ඒවත් පරක්කු වෙලා එනවා වගේ දැනෙනවනං කොයි තරං අගේද??? හැක්
ReplyDeleteහැක් හැක්.... අනේ බං, මේක තමා මං දැක්ක හොඳම ආත්මාර්ථකාමී කියමන. උඹටයි මටයි දෙන්නටම එසේම වේවා!
Deleteඋඹ අර “ෆලෝ කරන්නෝ“ කියල දාල තියෙන්නෙ අපි බෆලෝ කියල හිතලද??? හැක්..
Deleteඇයි බං උඹ වයිල්ඩ් බෆලෝ නෙවෙයිද? හැකැස්...
Deleteඕං මං ඒක වෙනස් කොලා උඹේ සුභසිද්ධිය තකා.
ඒ කියන්නෙ සුවතා උන්දැගෙ තාත්තත් පට්ට වැඩ කාරයෙක්....ඔය කියන අන්දිරිස් ආතා බැදපු ගොයියෙක් නෙමේද හැබෑටම....අද කථාව නම් මසුරං ගොයියො....
ReplyDeleteඒ කාලෙ විවාහ ක්‍රම ගැන නං මං ඒතරම් ෂුවර් කරන්න නෑ සිරා. කොහොම හරි උන්දැ අපේ සුවාතගෙ ම තාත්ත කියල නං ෂුවර්.
Deleteසංකේතාත්මක අර්ථය අපූරු යි.
ReplyDeleteමං කලින් ලියපු ඒවයෙත් සංකේතාත්මක අර්ථය හොයාගත්තොත් නං දිලිනි හපනි.
Deleteසීතල වෙලා වචන ගල් ගැහෙන හින්දා...රත් උනාම වචන වාශ්ප වෙලා යන්න ඔනේ....ඒක හින්දා ගොලීය උශ්ණතවය ඉහල යෑමේ අතුරු පලයක් ලෙස වචන වාෂ්ප වෙනවා වෙන්න පුලුවන්...සමකය ආසන්න උණුසුම් අපේ රටවල ඉන්න දේශපාලකයන්ගේ දෙන පොරොන්දු ඉක්මනට වාශ්ප වෙලා යන්න මේ වාචන වල තියෙන තාපාංක ද්‍රවාංක හේතුවෙනවා..
ReplyDeleteමයියගෙ කතාව ඇත්ත කියලා පේනවා. ඒක හරිම විද්‍යාත්මකයි.
Deleteමගෙ අඩවියට සාදරයෙන් පිළිගන්නවා මයියව.
ඔය නැවේ හිටපු අයට වතුර තිබහ හැදිලා වතුර ඉල්ලනකොට සිතල නිසාම වතුර කියන එක අයිස් කියලා කියවුනා කියලා තමයි මම අහලා තියෙන්නේ.
ReplyDeleteඔය හේතුව නිසාම කාටවත් වතුර ලැබෙන්නේ නැහැ, වතුර කියනකොටම අයිස් කියලා ඇහෙන නිසා අයිස් තමයි ලැබෙන්නේ, ඒ නිසාම් දෝ සිත කාලය ගොඩාක් කල් පැවතුනා කියලා කතාවක් තියෙනවා.
ඒක හරි තමයි. අන්දිරිස් ආතා නැවේ බාර් එකට ගිහිං බියර් එකක් ඉල්ලද්දි, කූල් බියර් එකක් තමා ඔටෝම ඉල්ලලා තියෙන්නෙ.
Deleteකූල් ඩ්‍රින්ක්, අයිස් කෝපි, අයිස් ටි, අයිස්ක්‍රීම්සෝඩා, අයිස්ගැහිල්ල එහෙම හඳුන්වලා දුන්නෙ මේ කියන ගවේෂණයෙදි තමා.
//ලංකාවෙ ආර්ථික ක්‍රමය මේකට සමාන කිරීම දේශද්‍රෝහියෙකුට මිසක් වෙන කෙනෙකුට කරන්න බැරි දෙයක්//
ReplyDeleteමමත් ඒ කියන්නේ දේශද්‍රෝහියෙක්...
හැබැයි මම ඒ වගේ දේශද්‍රෝහින්ට පුද්ගලිකව කැමතියි...
ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ දේශද්‍රෝහියො තමයි මනෝජ්.
Deleteයකෝ මේකනං ගජබින්නාලංකාරයම තමා ^_^
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාටත් රාජ සම්පත් ලැබේවා! දැන්නං බිසී කාලෙ ඉවරයි වගේ
Deleteඅපි එංගලන්තෙ ඉන්න දවස් වලත් බං, කතා කරන වචන කැට වෙලා බිමට වැටනවා. ඒව දිය වෙද්දි සද්දෙ එන්නෙ. අනික චූ කරනකොට ඒ හැඩේටම ප්‍රක්ෂිප්තයක් වගේ චූ ගල් වෙනවා..
ReplyDeleteමරු ඇහ් !
ඒකනෙ සෑමා කියන්නෙ. එංගලන්තෙ එහෙම නං ඇන්ටාර්ටිකාවෙ කොහොමද කියලා හිතාගන්න පුළුවන්නෙ.
Deleteඅපි උඹට සලකනවා බොහොම මදි.
ReplyDeleteBy the way,අර නිදහස් සිතුවිලි ලියන සම කතෘ උඹලගේ පරම්පරාවේ එකෙක්ද, by any chance?
උඹ කියෙව්වේන් නැතිනම වහාම කියවපං නිදහස් සිතුවිලි එකේ මීදුම් සහිත ගම්මානයේ කතාව, මම කියවට.
මං මේ තකහණියක් නිදහස් සිතුවිලි හොයං ගියා. හප්පේ ඒ කිව්ව කතාව හොයාගන්ඩ තිබ්බ අමාරුව. නිදහස් සිතුවිලි කියලම බ්ලොග් හත අටක් තිබ්බා. පස්සෙ ඩූඩ් ගෙ බ්ලොග් එකේ ලිංක් එකකිං තමා නියම බ්ලොග හොයාගත්තෙ. ඊට පස්සෙ මීදුම හොයං ගියා. ඒ පෝස්ටුවෙ අතරමං උනාම යන එන මං හොයාගන්න බෑ. හොඳ වෙලාවට මං මගෙ බ්ලොග් එකේ නූලක් ගැටගහගෙන ඒකෙ කෙළවර අතේ තියාගෙන තමා ඒ පැත්තෙ ගියෙ. ඉතිං ඒ නූල දිගේම ආපහු ආවා. පට්ට ලියවිල්ලක් ඈ. ඉෂ්ටූටියි ඒ බ්ලොග ගැන කිව්වට.
Deleteරවියගෙං අහන්න වෙනවා අපි නෑයොද කියලා. අපි ඉන්නෙ සියනෑ කෝරළේ නිසා හැමෝම නෑයො වෙන්න පුළුවං.
මට සළකනවා මදි තමා. බොහොම මදි. ඩූඩ් ආයෙ ලංකාවට ආව වෙලාවක ටීචර්ස් හරි ප්‍රින්සිපල්ස් හරි ඔය මොකක් හරි ඇන්න මේ පැත්තෙ ආවනං. (හාස්‍යය තකා මෙහෙම ලිව්වට ඩ්‍රැකියා අමද්‍යප වීරයෙකි. උගෙ යාළුවො අතරෙ නං බේබද්දො එමට ඇත)
This comment has been removed by the author.
ReplyDeleteමං එකතු කරපු කෑල්ල කලින් කෙනෙක් ලියලා තියෙන බව පස්සෙයි දැක්කේ!
Deleteඑහෙම වුනාට මොකෝ කකා? එකම අදහස දෙන්නෙකුට එන්න බැරුවෑ? කොහොම හරි කතන්දර අයියා මේ පැත්තෙ ගොඩඋනා නෙව, ඩ්‍රැකියා ඉහළින් ම පිළිගන්නවා.
Deleteමම පොඩි කලෙ පත්තරෙකින් කියවල තියෙනව අපෙ මහඩන මුත්තගෙ වගෙ වෙන රටක කත ටිකක්.එවයෙ තිබුන ඔය වගෙම හිතලෙ නලවක් පිබල පස්සෙ ගිනිමෑලෙ ලග එල්ලුවම සඩ්ඩ ආව කියල,අර පිහියට වෙඩි තියන එකත් තිබුන.
ReplyDeleteඩ්‍රෑකීයත් මරුවට ලියනව ඈ
දමිත් සාදරයෙන් මේ අඩවියට පිළිගන්නවා. නළාව පිම්බ කතාව මරු ඈ. ටැංකූ එකතු කරපු අදහසට.
Deleteඑහෙන් බණ කියනවා මෙහෙන් පට්ට පල් ගජ බින්න අතාරිනවා. ඩ්‍රැකියාට වෙන්නෙ මලාම දිවියලෝකෙ අපායෙ දෙකට යන දෙමං හන්දියේ කඩයක් දාගෙන ඉන්නයි.. කරපු පවු වලට යමයෝ එහාට අදිනවා පින්වලට දෙවියෝ මෙහාට අදිනවා.
ReplyDeleteමං ඉන්නෙ ඒ හන්දියෙ අවුරුදු උත්සවයක් තියලා කඹ ඇදිල්ලෙ තරඟෙයක් පවත්වන්න.
Deleteනියමයි ඩ්‍රැකී හොදට ලියල තියෙනව ඈ. අද තමයි මේ පැත්තෙ ආවෙ එදිනෙදා ජීවිතය ලියන සයිලන්ට්ශාන්ගෙ පොස්ට් එකක තිබුන පාර දිගේ. මුළු බ්ලොගම කියෙව්ව ඕන්. හැබැයි මේකට විතරයි කමෙන්ටුවක් කෙටුවෙ.
ReplyDeleteලොකු ශානා සාදරයෙන් පිළිගන්නවා. දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි.
Deleteසයිලන්ට් සහන් දුන්න සහයෝගය මාර විදිහට වටිනවා.
මේ .. අද කාලේ වතුර ගැන කතා නොකරනවානම් තමා හොද ... :D මම හරිද මන්දා ...
ReplyDeleteහයියෝ සුළඟ. වතුර නං එපා....
Deleteniyamai.... :D
ReplyDeleteTanQ
ReplyDelete