පහුගියදාක බකුස් තෙමේ ටිං ටිං ගැන සහ ටිං කටර් ගැන යමක් ලියමින්, මගේ චිත්‍රකතා ලෝලීත්වය ආපහු පුබුදුවන්නට සමත් වුණේ ය. එතනදී මට මතක් වුණේ සත්සිරි පත්තරේට සුසිල් ප්‍රේමරත්න ඇන්ද විකී ගේ වික්‍රම චිත්‍රකතාවයි. ටිං ටිං ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා පුංචි කාලේ දී පත්තරෙන් ලයිව් කියවන්නට යෙදුණු මේ කතාව මට මාර විදිහට හිතට අල්ලලා තිබුණු අතර, පස්සෙන් පහු චිත්‍රකතා පත්තර එකතු කරපු මිත්‍රයන් කීප දෙනෙක් ගාවම හෙව්වත් හොයාගන්නට බැරි වී තිබුණේ ය.
දෙදාස් පහළොවේ දී විතර එක පාරටම වෙබ් සයිට් එකක තිබී මේ විකී ගේ වික්‍රම කතාව පීඩීඑෆ් ගොනුවක් හැටියට බාගත කරගනන්ට හැකි වුණේ ය. ඒ කාලේ මං වැඩ කළේ ආණ්ඩුවේ මුද්‍රණාලයේ වුණු බැවින් (සහ ඒ කාලේ කඩදාසි යනු පඤ්ඤං වූ කාලයක් වූ බැවින්) මම ඒ කතාව සහ විලම්බීත ලන්තය කතාව ප්‍රින්ටවුට් අරගෙන පොත් හදාගෙන තිබූ බව මතක තිබුණේ ය.
මං උඩිම්පල්ලෙන් පොත් අල්මාරිය ඇවිස්සූ නමුත් ඒ පොත ආසාවට හොයාගන්නට බැරි විය. කොම්පියුටරේ යම් කිසි හාඩ් පාටිෂන් එකක මේ පොත හැංගී තිබෙන නමුත් දවස් දෙක තුනක් මහන්සි වුණත් හොයාගන්නට බැරි විය.
බකුස් තෙමේ ජනෙල් එකොළෙහේ අලුත් අප්ඩේට් එකේ සෙවුම් යන්ත්‍රය දියුණු කර තිබෙන බව මේං මෙතන කියා තිබුණෙන් ආපහු මේ කතාව හොයාගන්නට තිබුණු ආසාව අලුත් විය. ඒත් කියන්නට සතුටුදායක කාරණය වන්නේ විද්‍යුත් මාධ්‍යයෙන් හොයාගන්නට බැරි වුණු එක හරියාකාර සොයා බැලීමක් පොත් අල්මාරියේ කර බැලීමෙන් පසුව භෞතික මාධ්‍යයෙන් හොයාගන්නට හැකි වීමය.
ඔන්න ඉතිං විකී ගේ වික්‍රම කඩදාසි මාධ්‍යයෙන් තිබූ පොත ආපහු පාරක් අද හවස ස්කෑන් හෙවත් පරිලෝකනය කර, යන්තං පීඩීඑෆ් ගොනුවක් කරගන්නට හැකි වුණේ ය.
විකී ගේ වික්‍රම තනිකරම ටිං ටිං ශෛලියෙන් ලියපු සහ ඇඳපු කතාවකි. සරළ හාස්‍ය මෙන් ම ඇඩ්වෙන්චරයද කුතුහලය ද පිරුණු කතාවකි. කතාවේ නමින් ම පෙනෙන හැටියට විකී ගේ වික්‍රම නමින් කතා මාලාවක් හදන්නට සුසිල් මාමා හිතාගෙන උන්නාට සැක නැති නමුත්, මා දන්නා විදිහට මේ කතාවෙන් පසු විකී ගේ වෙනත් කිසිම කතාවක් උන්නැහැ ඇඳ නැත.
අසූ ගණංවල හැටියට මේ කතාව ටිං ටිං ගේ ලංකා අනුවාදයක් විදිහට බොහොම සාර්ථක එකකි. ඔන්න ඉතිං රසවිඳින්න යැයි ආරාධනා කරමින් මගේ වචන සුවල්පය මෙයින් අවසන් කරනවා ය. කියවන්නට පැමිණි තමුන්නැහැලාට ඉස්තූතියි ය.
තැන්කු.
ReplyDeleteවෙල්කං
Deleteමේක නං සමාජ සත්කාරයක් ඩ්‍රැකියො. අනෙක් අතට නැතිවෙලා යන කලා නිධාන සංරක්ෂණයක්. 🙏👌😊
ReplyDeleteසංරක්ෂණයක් නං තමා. අනික, මම කිසි දෙයක් අතාරින්නැතුව දෙන්න දෙන්ඩ පුළුවන් දානයක්. ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයේ තියෙන විශේෂත්වය ඒකයි.
Deleteඒ කියන්නෙ ලාංකීය ටිං ටිං.....නෙ
ReplyDeleteඒ වගේ එකක්.
Deleteඅපේ තට්ට මහත්තයා කිව්වා, "ටෝනිගේ වික්‍රම" කියල කතාවක් ගැනත්. මට යාන්තමට මතකයි, කතාවෙ "සුදූ" කියලා බල්ලෙක් හිටියා. ඌත් නියම ගේම් දෙන සතා. මේ කතාවෙ බල්ලෙක් නැති නිසා, මට මතක අනිත් කතාවද මන්දා?
ReplyDeleteකොහොම වුනත්, නිකං උන්න අපට අහල ගියත් මඳෑ?🙏👌🤣
ඔව්. තට්ටයිය තමා කිව්වෙ. නිදිටත් එහෙම එකක් මතකයි කිව්ව හැට ගණංවල.
Deleteමේ කතාවෙ ඉන්නෙ ගිරවෙක්. ඒ වගෙ ම අසූ ගණංවල ඉතා නූතන අදහසක් වුණු ප්ලාස්ටික් සර්ජරිත් තියෙනව. ඒ වගෙම විකීගෙ වයිෆ් ත් ඉන්නව. ටිං ටිං නං තනිකඩයනෙ.
ටිං ටිං ලයිට් :D
ReplyDeleteතැන්කූ ඩ්රැක්!
වෙල්කම් මලී ස්.
Deleteඒ කාලෙම ටිං ටිං එක පරිවර්තනය වෙලා. මාරයි. මම අවුරුදු දෙක තුනකට කලින් පරිවර්තන රයිට්ස් ඉල්ලුව ලැබුනේ නැහැ.
ReplyDeleteනෑ ලොකු අයියෙ මේක නං පරිවර්තනයක් නෙමෙයි. අනුවර්තනයෙන් හදාපු කතාවක්.
Deleteකිසිම ලෝබකමකින් තණ්හා නැතිව
ReplyDeleteතමන්ගේ නිධන් රැක ගන්නේ නැතිව
මෙලෙස දීම ගැන තුති පුද දී තුටුව
පතමි පිරෙන්නට පොත් තියෙනා අටුව!
තමන් ගෙ දේ අත්හරින්න
Deleteවෙන්නෙ නැතුව බෙදාගන්න
හැකි විදිහක් තිබෙයි මෙතන
ඉස්තූතියි එ'පැතුම ගැන
මං මේ ලෙස බෙදාගත්ත
එක එතරම් කජ්ජක් යෑ
ඔබ මට දුන් පොත් කන්දට
පිං දී ඉවරක් වෙයි යෑ
මමත් ඒ දවස් වල ලංකාදීප එකේ ගිය චිත්‍රකතා එකතු කරල හදපු පොත් දෙකක් තියං හිටිය. නමුත් යම් යම් අවුල් සහගත කාලයන් එනවනේ. ඒ වගේ කාලෙක අස්ථානගත වෙලා මිසිං වෙලා. අදටත් ඒ සෙට් එකේ තිිබ්බකතාවක් මතකයි. ඇලන් ක්වාටමේන් එකේ අනුවාදයක් ඒක. නයෝමි කියල
ReplyDeleteමුලින්ම ඇලන් ක්වාටමේන් ගැන දැනගන්නත් කලිං කියව්ව ඇලන් ක්වාටමේන් පොතක චිත්රකතාවක් 😃😃😃
ස්තූතියි ඩ්රැක් 🙂🙂🙂 මේක බාගන්නං ❤️
මට නං වාසනාවට ඇලන් ක්වාටමේන් සිංහල පොත් කියවන්න ලැබුනා. ඇලන්ගෙ නඩයෙ ඉන්න "ගුඩ්" ලව්සික් ගහලා රෑ ජාමෙ සිංදු කියන්න ගන්නවා. ඇලන් ගොයියා, එල්ලෙ බලල අරිනවා සපත්තුවක් සද්දෙ එන පැත්තට. ඒ සිදුවීම ලස්සනට ලියල තිබ්බා කියල මතකයි.
Deleteලව්පූස්ගෙ බුකියෙ ප්‍රේම විලාපයත් ඒවගේ තමයි. එල්ලෙ බලල සපත්තු බස්නෙ දුන්න නං.....
මහේෂ්,
Deleteහ්ම්. මං දන්න කාලෙක නං ලංකාදීපෙ ගියෙ "දයිගල මහත්තයා" වගේ කතා. ඇලන් ක්වාටමේන් ගෙ කතා හැටියට මං කියවල තියෙන්නෙ රත්නාගාරය විතරයි. ඒක කියවපු කාලෙ හිතුණා, මේ මොන මළ සමයමක්ද කියලා. පස්සෙ තමයි ඒකෙ තියෙන ෆැන්ටසි රස දැනුණෙ.
බකස්, ලව්පූස් කිව්වෙ ඉවාන් ලව්පූස ද?
ඇලන් ක්වාර්ටමන් චරිතයක් විතරයි. (නිවැරදි කරුණු ලියා තියන එක වැදගත් නිසයි කියන්නේ.)
Deleteරයිඩර් හැගාර්ඩ් තමයි ඒ පොත්වල කතුවරයා. එයාගේ ෂී, ෂී රිටර්න්ස්, පොත් දෙක කියවලා බලන්නම වටිනවා. මම නම් කියෙව්වේ අරිවර්තනයන්. අයේෂා හෙවත් නොනැසෙන රැජිණිය, අයේෂා ආපසු එයි. තව පොත් ගොඩක් තියෙනවා.
//ලව්පූස් කිව්වෙ ඉවාන් ලව්පූස ද?//
Deleteආයෙ වෙන කව්ද? වන් ඇන්ඩ් ඔන්ලි, යුවර්ස් ටෲලි තමයි.
රයිඩර් හැගාර්ඩ්ගෙ පොත් වලට කැමති අයට:
Congo 1995
මං එක කොංගෝ එකක් කියවල තියෙනව, මයිකල් ක්‍රික්ටන් ගෙ. මේකත් කියවන්නං. ඉස්තූතියි.
Deleteනිදි,
Deleteඔව් ඔව් ලොකුස්. මං අර උඩ කිව්වෙ, අර, "ෂර්ලොක් හෝම්ස් කතා" වගේ කියමනක්.
ආර්ට් වර්ක් සහ රූපවල ලයින්ස් Tintin සහ Joe,Zette & Jocko චිත්‍රකතා වගේමයි. කතාවත් ඒ ආභාෂයෙන්. Herge ගෙ ස්ටයිල් එක පැහැදිලි රේඛා ( clear line, මං හිතන්නෙ ප්‍රංශ වචනයක් තියනවා ඒකට. ඒකෙ පුරෝගාමියා Herge). පොඩි වෙනසකට තියෙන්නෙ Hergeට වඩා පොඩ්ඩක් ශේඩින් තියනව. මේවා කලර්වලින් කලානම් කොහොමට වෙයිද කියල මට හිතුනා. Herge නම් shading, fading, darkening නැතුව එකම කලර් ශේඩ් එක තැනට එන විදිහට කලේ.
ReplyDeletehttps://en.m.wikipedia.org/wiki/Ligne_claire තමයි ස්ටයිල් එක
DeleteThank you very much Count Dracky.
Deleteඅහා! Ligne_claire- ලීන්ය ක්ලෙය
Deleteමම මේ ඉට්ටැයිල් එකට පට්ට ආසයි. shading, fading, darkening නැති ඒත් සරල රේඛා චිත්රවලින්, හැඟීම් නියමෙට මතුකරන ක්‍රමයක්. පස්සෙ ආපු ටිංටිං චිත්රපටියෙ අවුල දැන් තේරෙනවා. සිබිල් වෙත්තසිංහ නෝනගෙ තිබ්බෙත් ඒ වගේ පැතලි රටාවල් නේද? තව ඩ්‍රැකියා දාපු පරණ ඉස්කෝල පොතක කවරෙ තිබ්බා, ඔහොම රේඛා චිත්‍ර රටාවක්. හැබැයි ඒක හතරැස්, පෙට්ටි ආකාරයේ ක්‍රමයක්.
දීපු ලින්ක් දිගේ ගිහින්, සෑහෙන දෙයක් දැණගත්තා. ස්තූතියි.
ඔව් බස්තුමනි. ටිංටිං චිත්‍ර ස්ටයිල් එකේ තියනව calm attraction එකක්. විශේෂයින් උද්‍යාන, මන්දිරවල වත්ත, මන්දිර ඇතුලත, ගොවිබිම්, countryside, village centres, ගස්වැල් සහිත පාරවල් වගේ සීන්ස්වලදි.
Deleteසිබිල් වෙත්තසිංහ චිත්රවලත් clear & thick lines සහ ශේඩින් නැතිඑක ඒ වගේ තියනව. ඒත් ඇයගේ සිග්නේචර් ස්ටයිල් එක flowing & rounded (not angular ) රූප.
මගෙ පොඩි කාලෙ (ඒක ඉවර වෙන එකකුත් නෙමෙයි වගේ ඇත්තටම ) මතක හිටින විදිහට ආස චිත්‍ර ස්ටයිල් දෙකක් තිබුන. ඔය පැහැදිලි ලයින්ස් සහ පාට එක ටිංටිං.
ශේඩින් ස්ටයිල් එකේ ස්පිට්ල්/ඒ.පී.ගුණරත්න මැකී ගිය දඩමං හා වන සරණ , විලාඩ් ප්රයිස්ගෙ ඇඩ්වෙන්චර් සීරීස් එක සහ හුගාක් ආටිස්ටික් රෝස්මරී සට්ක්ලිෆ්ගෙ වයිකින් හා බ්‍රිටිශ් කතාවල චිත්‍ර.
ඒ ආර්ටිස්ට්ස්ලගෙ නම් හොයල බලන්න ඕනෙ.
(ඔබතුමා හොද සර්ච් එන්ජින් එකක් ගැන ලිව්ව නේද? කොහෙද ඒවායේ ටැක්නිකල්බව මගෙ හිසට උඩින් යන කපුටාස්ටත් උඩින්නෙ)
බස්තුමා, කවුන්ට් හෝ වෙනත් අය ඉන්ටරෙස්ටඩ්ද දන්නෙ නෑ ඒත් මං ඉන්ටරෙස්ටෙඩ්නෙ. හොයාගත්ත.
Deleteමැකීගිය දඩමං - Gordon Davey
Willard Price Adventures - Pat Marriott
මං ඉස්සර ඒ පොත්වල පොඩි රූප බලාගෙන ලොකු චිත්‍ර (line drawing විතරයි පුලුවන්) අදිනව.
වයිකිං සහ ඒ වගේ අයිතිහාසික පොත්වල චිත්‍ර - Victor Ambrus & Charles Keeping.
Keepingගෙ චිත්‍ර මතක හිටින හුගක් artistic සමහරවිට disturbing ඒවා. බස්තුමා ආසනම් ඉමේජ් සර්ච්කරල බැලුවෑකි.
ආසද කියලත් අහනවා? මේ යනවා ඉතුරු ටික හොයන්න.👌🙏😊
Deleteඉස්සර, කෙහෙල් කොටුවෙ පොඩි මහත්තයාගෙ සිත්තර වලත් ඔය ශෛලිය තිබුනා.
සර්ච් එන්ජින් නම් ඉතිං ගූගල්ට වඩා විකල්පයක් නෑ. ඒත් සර්ච් කරන ආකාරය තමයි අනුව තමයි, සැබෑ වෙනසක් දෙන්නෙ.
https://www.ocs.help/blog/tips-for-effective-google-searching
මේ මොකක්ද මේ හැමෝම කියන කපුටාස් කතාව? බැරිද ලින්ක් එකක් දෙන්න?🤔
අපොයි බෑ. ලින්ක් හිටිං කැනේඩියන් එයාර්ලයින්ස් ඔන් හිටං ඉන්න පොල්ගසස්.
Deleteහරි කී වර්ඩ් එක පාවුච්චි කලාම හම්බවුනා.
Deleteහෙන ගහපං, ගණන් බලාපං. කපුටාස් විදේශ ආයෝජකයොන්ට කොටලා නේද?
පුටිං ගාබේජ් කියලත් කිව්වා. හොඳ වෙලාවට, මැලියං තුමාට ඇහිල නෑ.🤣
මැලියංතුමාට තදවුනොting වැඩස් ගෝ රෝන්ග් හුගක්ස්. එස්කේප් අන්පොසිබල්. ගැලමැජික් ඉස් බෙස්ට් උපක්රමයබල්
Deleteමැලියංතුමාට මෙහෙම ගින්දර වගේ Ligne_claire එකක් පෙන්නුවොත් ලිස්ස්ල ගියෑකි.
Deletehttps://i.pinimg.com/originals/b6/4a/4f/b64a4f1309ba285dd697adb370e97891.jpg
හෑ, අර වරත්තුවා, අපේ සනුහරේ ගාන්නෙ දැලි නේද?
Deleteබස්තුමා, ටිංටිං ක්ලියර් ලයින් හොදම එක.
Deleteඔය මං කිව්ව අනිත් නම් ඒකෙ විරුද්ධ පැත්තෙ (ශේඩින්) මම දැකපු බෙස්ට්.
මිස්ටර් තෝමස්, සනුහරේ මෙම්බර්ශිප් කාටද තියෙන්නෙ?
මිස්ටර් තෝමසා ඔය කියන්නෙ, ස්නෝවි ගිහින් යටින් බලන එක ගැන වෙන්ටෑ.
Deleteප්‍රා,
Deleteමං නැති ටිකට මෙතන රජ වෙලා තියෙන්නෙ. බොහොම සන්තෝසයි ඔය විදිහෙ කතිකාවකට මේක ගෙන ගිය එක ගැන. ඇත්තටම මං චිත්‍ර ශෛලිය ගැන හිතුවෙ ම නෑ. ඔය කිව්වම තමයි ඒ ශෛලිවල වෙනස්කම් දැක්කෙ.
වෙල්කම්...
බකුස්, අර සරළ රේඛාමය පෙට්ටිමය ශෛලිය තිබුණා අපේ කාලේ ඉස්කෝල පොත්වල. දයා රාජපක්ෂගෙ ශෛලියත් ටිකාක් දුරට ඒ වගේ.
ප්‍රා,
මැකී ගිය දඩමං පොතේ වගේම, සුදු වැද්දා පොතෙත් ඉතාම උසස් රේඛා චිත්‍ර තිබුණා. දවසක් මං ෆේස්බුක් එකේ දැම්මා සුදු ගෝණා පොතේ චිත්‍රයක්. ඒක දිහා හරියට බලං හිටියහම ඇත්තටම එතන ගල් පර්වතය උඩ ඉඳං පහළ බලනකොට දැනෙන ඔලුව කරකැවෙන හැඟීම ඇතිවෙනව. මේ තියෙන්නෙ ඒක. https://www.facebook.com/prabath.wijewardana.311/posts/248264726742600
ටොමියො,
මං හිතන්නෙ ඌ දැලි වගේ යමක් දැකල පුදුම වෙලා ඉන්නව කියල...
මං ඔය වගේ සෙක්සි කොමඩි සීන් තියෙන ෆිල්ම් එකක් දැක්කා හෙණ කාලෙකට කලිං ටීඑන්එල් එකේ. ඒකෙ ලස්සන ගෑල්ලමයෙක් ඉන්නව, මහළු නිවාසෙක වැඩ කරන. දවසක් ඔය වගේම බල්ලෙක් එයාගෙ ගවුමෙං අදිනව ගැළවිල යන්ඩ. වයසක සීයල විසිල් ගහ ගහ බලං ඉන්නෙ...
අඩේ ඩ්‍රැකියො අර සුදු වැද්දා පොතේ පිංතූරෙ මාරයි නෙව? ඇත්ත තමයි, බලාගෙන ඉන්නකොට ඔලුව කරකැවෙනවා. කැමරා කෝණය හා පරිමාණය ඉතාමත් නිවැරදිව කල විරළ නිර්මාණයක්.
Deleteහරියට හරි බකුස්. ආාාන්න ඒකයි මං ඒ පින්තූරෙට ඔය තරං ආසා.
Deleteවිජය පත්තර කන්තෝරුව මැදිහත්වෙලා මල්මාමා PDF පොතක් හදනවා නම් ලොකු සේවයක්.
ReplyDelete+++++++++
Deleteඔය කන්තෝරු වලට තියා, ඒව්වා ඇඳපු අයගෙ අයටවත් එහෙම සේවයක් කරන්න ඕනෙ කමක් තියනවා කියල හිතන්න අමාරුයි. මේ ඩ්‍රැකියා වගේ, පාඨකයො එකතුවෙලා යමක් කලොත් එව්වා රැකෙයි. නැත්නම් වඳවෙලා යාවි.🤔😒
Deleteලස්ස හයාමාරක් දායකයො ඉන්න මීකිරි දෙයියගෙ දේවාලෙ නැහ්ද මේ වගේ චිත්‍රකතා? ආං එහෙම එකක්වත් දීලා සේවයක් කරනවකො, බැටන් එකත් අරං බ්ලොග් ලියන අප්පුල පස්සෙ පන්නන්නෙ නැතුව.
Deleteමිහිර පත්තරේ ලේන් පැට්ටා කියලා කතාවකුත් ගිහින් තියෙනවා.
Deleteපඞිතුමා, බූ ගැන දන්නවා වුනාට, ලේන් පැට්ටා ගැන දන්නෙ නෑ.🤔
Deleteඒකේ කතාව තේරුන හැටියට මෙහෙමයි.
Deleteගෑණු ළමයෙක් එයාගේ අම්මත් එක්ක ඉන්නවා.
එයාට මායා පින්සලක් ලැබෙනවා. ඒකෙන් අඳින දේ ඇත්ත වස්තූන් විදියට මැවෙනවා.
ඒක නිසා එයාලට වෙන දේවල් ගැනයි කතාව යන්නේ
https://www.ebay.com/itm/Soviet-Russian-Children-propaganda-book-Pencil-Skrewbolt-Adventures-in-English-/184562570199
Deleteමං ආස ඒ ජාතියෙ පොතක්
හ්ම්...ඒක නං අගේ ඇති ප්ලොට් එකක් වගේ.
Deleteජගත්,
Deleteමට මතකයි මකාගෙ යළක් කතාව මුළ ඉඳං ම. ඒක බොරු එක පිට එක ගොතලා කොයිතරං කාලයක් නං රසවත්ව ඇදගෙන ගියාද කිව්වොත්, පියල් මාමට සිද්ද වුණා, මැද හරියෙදි මල්මාම ලවා ම ඒකෙ මුල හරිය ආපහු මතක් කරවලා දෙන්න, පස්සෙ කාලෙකදි බලන්න පටං ගත්ත ළමයි වෙනුවෙන්. පියල් මාම නං දැන් ඩිජිටල් විදිහටත් අඳිනව. ෆේස්බුක් පිටුවකුත් තියෙනව. හැබැයි එයා ගාවවත් නැතුව ඇති එයා ඇඳපු කතා හැම එකක්ම.
බකුස්,
මං ගාව ඇති වේයො කාලා ඉතුරු වෙච්ච විජය පත්තර පිටු කිපයක්. හොයල බලන්න ඔ්නෙ. සමහරවිට කැලේ කතාව කැලි එහෙම තියෙන්ඩ පුළුවං.
ජගත්,
මට මතකයි කපුටුලන්ද, යෝධයා, පඬිතුමා, සිඟිති, පුංචිත්තා, අර දඩයක්කාරයයි හේනක් කරපු ළමයි දෙන්නයි එහෙම. ලේන්පැට්ටා මයෙ හිතේ පසුකාලයක ගිය කතාවක් වෙන්ඩැති. එස් ඒ දිසානායක තමයි ඒ කාලෙ මිහිර පත්තරේ රජ කරගෙන හිටියෙ.
ප්‍රා,
ඔය වගේ තමයි, කුකුලා හා පාට, පොල්ලෙ බලේ, නොගැළපෙන රෝද, වැඩබැරිදාස... ඔය හැම එකකින්ම ළමා මනස වර්ධනය කරවන දේවල් තමා කළේ.
ඩ්රැකී, පුරවිජය ෆොන්සේකා මහත්තයා ගැන මතක් කරන්නම වෙනවා චිත්‍රකතා පිළිබඳව කතා කරද්දී,ඒ දවස්වා දිනපතා ලංකාදීපය අපේ ආච්චී නොවරදවාම ගෙන්නා ගත්තා, එහි තිබුණු තනි තීරුවේ චිත්‍රකතාව නිසා. මායාකාරී, සඳ කුමරිය, මැණික් කුමාරි එහෙම පළවුණු කතා තුනක්.
ReplyDeleteඇත්ත. ඒ කාලේ තිබුණා ෆැන්ටසි ලෝකයක්. එදා ඔයා මට දුන්න පහන්තරුව ආන්න ඒ වගේ. පස්සෙ පස්සෙ ඔය සුමති ජෝති ලා වෙනම පැත්තකට ගෙන ගියා.
Deleteමෙහෙම කතන්දර හොයාගන්න ක්‍රමයකුත් තියෙනවා. වියදම් වැඩි.
ReplyDeletePra Jay මහතා සමඟ රාජ්‍ය ලේඛනාගාරයට ගිය නිසා දැන ගත්තේ. එහි තියෙනවා 1978 ට පෙර පත්තර සඟරා පොත් සේරම, කැටගරි කරලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා පිටපත් කර ගැනීමයි.
මට නිකමට හිතෙනවා ආයතනික මට්ටමින් ඉල්ලීමක් කරලා සහනදායී මිලකට ඒවායේ පිටපත් ගන්න ක්‍රමයක්- අවසරයක් ලැබ ගන්න බැරිද කියලා. කාලය හා ඉඩකඩ තියෙන ශාස්ත්රාභිලාශී කෙනෙකුගේ ඇස ගැටේවා කියලයි මේ විත්තිය ලිව්වේ.
ශාස්ත්රාභිලාශී කෙනෙක් හම්බවුනත්, ලේඛනාගාරෙ උන්දැගෙ පොකට් එක හිඳියි නේද? , කෙරෙන්න ඕනෙ, ඔය තියෙන ටික, මීයොයි, වේයොයි කන්න ඉස්සෙල්ලා ඩිජිටයිස් කරන්න ඕන එකයි.🤔
Deleteඇත්ත නිදි සහ බස්...
Deleteමං ලේඛනාරක්ෂක දෙපා, ගියොත් ඩිජිටයිස් කරවලා සංරක්ෂණය කරනව.
මේකට මොකක් හරි කියන්න මං ආයෙ එඤ්ඤං. මේ හොඳ වෙලාව නෙමෙයි.
ReplyDeleteමොකක් ද අර්බුදය ප්‍රසා?
Deleteමට නම් දයා රාජපක්ශගෙ චිත්‍රකතා වලට ඔක්කොම පරාදයි.. සාම්ප්‍රදායික විදිහට ඔහේ ගිය චිත්‍ර කතා ශෛලිය හිටි හැටියෙම මහපොලොවට ගෙනාවෙ ඔහු.
ReplyDeleteසරත් ලංකාප්‍රිය
හ්ම්. ඔව් දයා රාජපක්ෂගෙ තිබුණෙ වෙනම ම දැක්මක්. මට මතකයි විජය පත්තරේ ගියපු ළමා චිත්‍රකතා. ඒ හැම එකක ම අමුතු යථාර්ථවාදයක් තිබුණා.
Deleteඔය කතාවට වඩා පැරනි විකීගෙ වික්‍රම නමින් වෙනත් චිත්‍ර කතාවක් ඉස්සර කියවා මතකයි. ඒකෙ නම තිබුන කොටුවෙ පියාබන පීරිසියකුත් ඇදලා තිබුන. චිත්‍ර නියම Hergeගෙ clear line විදියට ඇදලා තිබ්බෙ, shading නැතිව.
ReplyDeleteඅතීත ආවර්ජන යන අතරේ වෙනත් සීන් එකකුත් අහන්න හිතුනා.....ඉස්සර ගුවන් විදුලි සංස්ථාව විකාශනය කල රේඩියෝ නාට්‍ය - කාලි දූපත , ලංදේසි දූපත , සල් මල් පාය, මකරාගෙ තානායම, අභිරහස් කතා රගමඩල වැනි ඒවායේ recording කාගේ ගාව හෝ තිබේද?
ReplyDeleteකාලි දූපත intro music එක කාලෙක ඉදන් හොයනවා...