තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.
Monday, April 22, 2019
රුහිරෙන් පුදමි - 2 කොටස
තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.
Friday, April 19, 2019
අවසානයක් නොවේ - තුන්වෙනි කොටස
දෙවෙනි කොටස
1672 අවුුරුද්ද...
ලුවී රජු යටතේ ප්‍රංශය ආණ්ඩු කළ අගමැති කෝල්බෙයා ගේ අදහස පරිදි ඉන්දීය සාගරයේ කුළුබඩු
වෙළෙඳාම අල්ලාගැනීමේ සැළැස්මේ කොටසක් ලෙස 1670 දී ෂැකොබ් බ්ලැකේ ද ලා හේ අද්මිරාල්
වරයා යටතේ නැව් කණ්ඩායමක් ප්‍රංශයේ රොශ්ෆෝ වරායෙන් දියත් වුණි. ඔවුන්ගේ ඉළක්කය වූයේ
ත්රිකණාමලයේ පිහිටි ඉතා වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයට පහර දී අල්ලා ගැනීම යි. සෙබළුන්
2250 කින් සහ කාලතුවක්කු 251 කින් සන්නද්ධ වූ ප්‍රංශ යාත්‍රා 9 ක් 1672 මාර්තු මස ත්‍රිකුණාමලයට
ළඟා වූ හ. ඔවුන් එල්ල කළ ඉමහත් යුධ ප්රහාරයන්ට මුහුණ දිය නොහැකි වූ ලන්දේසි හමුදා
ඛණ්ඩය කොට්ටියාරමේ පිහිටි තම බළකොටුව ගිණි තබා, පළා ගියේ කාල තුවක්කු 21 ක් ද අත හැර
දමමිනි.
ත්‍රිකුණාමලයේ
කෝටියාරම් බොක්කේ පිහිටි ස්වභාවික වරායේ සුන්දරත්වයෙන් මත් වූ ප්‍රංශ නාවුකයෝ තම ඉන්දීය
සාගරයේ අනාගත මධ්‍යස්ථානය එහි පිහිටුවා ගැනීමට අදහස් කළහ. කොට්ටියාරම බළකොටුව පිළිසකර
කරගත් ඔවුහු එහි ලැගුම් ගනිමින්, කන්ද උඩරට රජු සමඟ ගිවිසුමකට එළඹීම සඳහා සිය තානාපති
වරුන් පිටත් කර හැරිය හ.
ටිරෙල් සෙසු සියල්ල අමතක කර දමා ඇසිල්ලකින් කුරුල්ලා ඉගිළුනු දිශාවට දිව ගියේය. මොහොතින් ඔහු වන ලැහැබ විසින් ගිළ ගැණුනි.
"අද්මිරාල්ගෙ දුරදක්නය..." නැවෙහි පළමු නිලධාරී රොල්ෆ් කෑගැසීය. ඒ කෑගැසීම අනුව වෙරළ දෙස බැලූ ද ලාහේ දුටුවේ ඇන්ඩර්සන් සිය ස්කැන්ඩිනේවියානු සහචරයන් තිදෙනෙකු ද සමඟ වන රොද දෙසට දිව යන අන්දම ය. වෙරළේ ඇණතබාගෙන විට හපමින් සිටි ස්වදේශික රාජපුරුෂයෝ ඉතා අලස ලෙස ඒ දෙස බලා සිටියහ.
"නාඳුනන රටක හිතුවක්කාරකම් කරන නාවිකයන්ට සමාවක් නැහැ. ඔවුන් ආපසු ආවිට දොරටුව විවෘත කළ හැකියි. එතෙක් අගුලු ලනු!" ද ලාහේ ගේ නියෝගය, දෙවන නිලධාරියා ප්රතිරාවය කළේය.
ඇන්ඩර්සන් සිය සහචරයන් ද සමඟ එක හුස්මට දිවූ දිවිල්ල නතර වූයේ යාර පන්සීයක් පමණ වන ලැහැබ තුළට ආ පසුවය. "දැන් ටිකක් වෙහෙස නිවාගන්න අතරෙ... නැවතිල්ලේ යමු ඉස්සරහට..." අද්මිරාල් කීය.
"අපි යන දිසාව..." දෙකකුලින් එල්ලාගෙන සිටි වලිකුකුළා බිම තැබූ ටිරෙල්, සිය කබායේ ඇතුල් පැත්තේ රහස් සාක්කුවෙන් තුනීවට රෝල් කරන ලද පාච්මන්ට් කැබැල්ලක් එළියට ඇද්දේ ය. එය ප්‍රවේසමෙන් දිගහැරිය විට, යම් යම් මඟ සළකුණු ද සහිත රළු සිතියමක් වැනි සටහනක් බව දැකිය හැකි විය. ටිරෙල් එය අසළ වූ ගල් තලාව මත ඇතිරීය. ඇන්ඩර්සන් සිය කබා සාක්කුවෙන් ගත්තේ සම් බැම්මෙන් බඳින ලද සටහන් පොතකි. එය දිගහැර, එහි සටහන් ද සිතියමේ සළකුණු ද සසඳමින් මඳ වේලාවක් ගත කළ ඔහු සිතියම නැවත අකුළා ටිරෙල් වෙත දික් කළේ ය. පොත නැවත සාක්කුවට රුවාගෙන, කළිසමේ සාක්කුවෙන් ගත් මාලිමාවක් ද රිදී කැටයම් සහිත ෆ්ලින්ට්ලොක් පිස්තෝලයද දෑතට ගෙන ඉස්සර වුණේ ය.
"මයිල එකසිය හැත්තෑවක් විතර දකුණු - නිරිත දිසාවට යන්න තියෙන්නෙ... පුළුවන් තරම් ජනාවාස මඟ හරින්න වෙනව. ඒ වගේම මේ කැළෑවල වනචාරී මිනිස්සුත් ඉන්නව. කිසිම විදිහකින් අපි ගැන කිසිම ඔත්තුවක්, කිසිම පැත්තකට යන්න දෙන්න එපා. කාව හරි දැක්කොත් මරන්න වෙනවා." ඇන්ඩර්සන් කිසිම හැඟීමකින් තොරව සහචරයන්ට කීවේය. ඉදිරියෙන් ගිය ටිරෙල් ද, කුඩා ලී පීප්ප තුනක් කර තබාගෙන පසු පසින් ගිය අනික් තුන් දෙනාද නිහඬවම අද්මිරාල්ගේ නියෝගය භාර ගත්හ.
යුරෝපීයයෝ පස් දෙනා වැඩි කළබලයක් හෝ ශබ්දයක් නොමැතිව වැටුණු ගස් කඳන්, ගල්ගෙඩි, දියපාරවල් පසුකරමින් ගමන් ගත්හ. තබන පියවරක් පියවරක් පාසා දැඩි අවධානයෙන් හාත්පස නිරීක්ෂණය කරමින් වුවද ඔවුහු ප්‍රමාණවත් වේගයක් පවත්වාගත්හ.
තරමක දියපහරක හඬ ඇසෙන මානයේ දැවැන්ත ගසක් මුල, නාවුකයෝ පස්දෙනා මේ නාඳුනන දූපතේ වියළි කළාපීය වනාන්තරය තුළ ගත කරන සිය පළමු රැය ගත කරන්නට වාඩි ලා ගත්හ. කුසගින්න නිවාගන්නට තිබුණේ ගිනිමැළයෙන් පළහාගත් වලිකුකුළා ද රත්පැහැ රම් ද පමණකි. අද්මිරාල් සිය පිරිසට රාත්‍රී මුරය බෙදා දුන්නේය. ඒ අනුව සිවුදෙනෙක් නිදන අතර එකෙක් පැය දෙකක් නිදිවරාගෙන වාඩිය ආරක්ෂා කළ යුතුව තිබුණි. අවසාන ජාමය වන අළුයම අද්මිරාල් තමන් වෙත පවරා ගත්තේ ය.
ඉඳහිට ඈතින් ඇසෙන්නට වූ හූ හඬ, දියපහරේ හඬ යටපත් කරන්නට තරම් වූ රෑහි හඬ අතරින්, ජීවිතය උදෙසා විළාප දෙන මුවෙකු හෝ ගෝණෙකුගේ හඬ වරක් හෝ දෙකක් නැඟී ආවේ ය. දියපාර වෙත යන විවිධ සතුන්ගේ විවිධ අඩි ශබ්දවල නිරන්තර සර සරය... ළඟින්ම වගේ එක්වරක් ඇසී යළිත් කෙතරම් සියුම්ව කන්දීගෙන සිටියත් නෑසෙන සියුම් අඩි ශබ්ද...
http://www.unclesamgear.com/wp-content/uploads/2017/10/ Hands-tree-spooky-e1508254437225.jpg |
--------------------------------------------
අද්මිරාල් අවදි වූයේ එකවරම ය. කණ ළඟින්ම වාගේ යමෙකුගේ සිහින් කෙඳිරියක් ඇසෙනු ඔහුට සිහිනයකින් වාගේ මතක තිබුණි. අවට පඳුරු වල පින්නෙන් පෙඟුණු මල් මත ද, තණපත් මත ද හිරු එළිය යන්තමින් තැවරෙමින් පැවතුණි.
"රෝ...ල්...ෆ්...!" ඇන්ඩර්සන් ගේ බැරෑඬි කටහඬින් එතෙක් හාත්පසින් ඇසෙමින් තිබූ රෑහි හඬ මොහොතකට නිහඬ විය. නිදාසිටි තුන් දෙනා තිගැස්සී අවදි වූහ.
"කොහෙද මේ බල්ලා ගියේ? හොයපල්ලා..." තමන් ළඟම සිටි තරබාරු රොස්කෝ ගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලු කරමින් ඇන්ඩර්සන් කෑ ගැසීය. "මම කිව්ව ඌට පාන්දර මාව ඇහැරවන්න කියලා..."
"මම රොල්ෆ් ඇහැරවලා, මුරය බාර දීලා නිදාගනිද්දි," නීල්සන් සිය නායකයාට අත දිගු කර පෙන්වමින් කීය. "රෝල්ෆ් මස්කිට් තුවක්කුවත් ඔඩොක්කුවෙ තියාගෙන අර ගල උඩ වාඩි වුනා..."
සිව් දෙනාම නීල්සන් පෙන්වූ ගල හා ඒ අවට සියුම්ව පරීක්ෂා කළද, කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ලැබුණේ නැත. රොල්ෆ් පුරුදු වී සිටි පරිදි සපා ඉවත දමන ලද දුම්කොළ හප කීපයක්, ඒ අවට වූ අතර ඔහු ගේ පයට පෑගුණු තණපත් හා පඳුරු පොඩි වී තිබිණ.
විලෝපිකයෙකු විසින් ඇදගෙන ගිය පාරක් හෝ, ලේ සළකුණක් හෝ, අඩුම ගානේ ගලෙහි සිට රොල්ෆ් නැගිට ගිය අඩි සළකුණක් හෝ දක්නට නොවීය.
සෑහෙන කාලයකට කලින් පුරුදුව සිටි නමුත් මේ වන විට අවඥාවෙන් අත්හැර දමා සිටින පුරුද්දක් වූ කුරුසිය සළකුණු කිරීමට රොස්කෝ ගේ දකුණත යොමු වූයේ නිතැතිනි. "ඉන් නොමෙනි පාට්රි එ' ෆිලි ස්පිරිටුස් සෑන්ක්ටි..." කොඳුරමින් ඔහුගේ දෑස් ඉහළට එසවුණේ ළමා වියේදී පුරුදු වී තිබූ ආකාරයට ය. එසැණින් ඔහුගේ සිරුර එක් මොහොතකට ගල් ගැසුණි.
"අද්මිරාල්..." කොඳුරමින් රොස්කෝ සිය වෙවුලන සුරත, පිරිසට පිටුපසින් වූ දැවැන්ත ගසේ ඉහළ අතු පරතට දික් කර පෙන්වීය. ඔහු අනුව ඉහළ බැලූ නාවුකයන් හට දැකගත හැකිවූයේ ලොමු දැහැගැන්වෙන දසුනකි.
අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක් සටහන් කර තිබුණි.
මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි... එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.
හතරවන කොටසට...
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...
-
අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්... බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උය...
-
මෙදා පොටේ මගේ පුස්තකාලෙන් එළිදක්වන්නේ, සිසිර කුමාර මාණික්ක ආරච්චිගේ "සිරි ලංකා ඉල්ලං - කා" පොතයි. ඒකෙ මගෙ හිතට තදින්ම අල්ලලා ගිය, ...