Showing posts with label ඇන්ටික්. Show all posts
Showing posts with label ඇන්ටික්. Show all posts

Monday, February 2, 2026

අඹන්පොළ රාළගෙ අපූරු සාක්කිය - උපුටාගැනීමකි

පින්තූරය ඇන්දෙ - ChatGPT

අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ  රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ  කවි පංතියක් මේ. 

මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ  භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට  පුලුවන්. එහි  වැඩිපුර සිට  ඇත්තේ  කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව! 

කාන්තාවන්ගේ නම්:

කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය.  දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය  මේ කවියේ එළිසමය  ගැලපීමට  යෙදූ  නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක්  ගැමියෝ විශ්වාස නොකරත්.).

පිරිමි නම්:

රණ්ඩුවට  සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි.  දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.

නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට  එක් වී තිබේ.  බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.

කළුත් සපුත් සවුන්දරිත් 
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්  
ඇවිත් කළ රොසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පසුත් පෙරත් දෙයත් වරත් 
රකිත්  සිටිත්  අනිත්  බනිත් 
ගසත්  ඉසිත්  ගලුත් වැලුත් 
මමත් දුටු ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඇඹුල්දෙනියෙ කිරාගෙ අඹු
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන 
ඇඹුල් දෙසි ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියගු දිවගෙන ගොස් 
දිඹුල් දියට කඩන් පැනපි 
කිඹුල් මොටෙකු සේ 
ඔහොයියා 

අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නල්ලුරුවේ සෙල්ලගෙ අඹු
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා 
ගසන කල සිටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඉල්ල කකා ආඬින් වෙත 
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් 
වල්ල කැලයටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ටොක්ක නොහැර ඉන්නා බඩ
බක්ක කියන හකු‍රගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද 
අන්නක්ක නෙලුමටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

කෙක්ක අගින් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට 
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ  තිබුණු කිතුල්
- පිත්ත ‍ගනිමිනා

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පැත්ත පිටට දුන් කල සම්
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය 
චිත්ත බියගෙනා 

(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)

අන්නක්කා = අන්නාසි

Channa Withana

2025.01.14



Saturday, November 15, 2025

ශනිදා 10ට - විනතා සහ කද්‍රැ ගේ කතාව - னாගයන් සහ ගුරුළා 01

මීට කලින් වේතාල කතාවේ කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා විනතා සහ කද්‍රැගේ ඔට්ටුව ගැන ලියන්න යෝජනා කළා. ඒ කතාව මහාභාරතයේ තිබුණු තැනින් (මේක තියෙන්නෙ අස්ථික පර්ව කියන කොටසෙ) හොයාගෙන, මගෙ ක්‍රමයට පරිවර්තනය කරලා පහතින් පළ කරනු ලැබේ. විශේෂ ස්තූතිය බුරතීනෝ ට...

ස්වර්ණමය යුගයේ දී දක්ෂ ප්‍රජාපතීන් හට දියණියන් දෙ‌ දෙනෙක් වූහ. මේ සොහොයුරියන් ‌දෙ දෙනා විස්මය දනවන සුන්දරත්වයෙන් යුක්ත වූවෝ ය. විනතා සහ කද්‍රැ නම් වූ ඔවුන් දෙ දෙනා ම කාශ්‍යප සෘෂි විසින් විවාහ කර ගන්නා ලදහ. තම භාර්යාවන් නිසා ඉමහත් සතුටට පත් වූ කාශ්‍යපයෝ, ඔවුන් එකිනෙකාට වරයක් බැගින් ප්‍රදානය කළෝ ය. එය  ඇසූ කාන්තාවෝ දෙ දෙනා ද මහත් සතුටට පත් වූහ. කද්‍රැ ප්‍රාර්ථනා කළේ පුතුන් ලෙස, සමාන ශ්‍රේෂ්ඨත්වයෙන් යුත් දහසක් සර්පයන් ලැබීමට ය. විනතා, ශක්තියෙන්, බලයෙන්, ශරීර ප්‍රමාණයෙන් සහ පරාක්‍රමයෙන් ඔවුන් දහස ඉක්මවා යන, පුතුන් දෙ දෙනෙකු ලැබීමට පැතුවා ය. කද්‍රැ වෙත ඔවුන්ගේ ස්වාමියා බහු පුත්‍ර වරය ප්‍රදානය කළ අතර, විනතාවට ද, "පැතුම ඉටු වේවා!"යි කීවේ ය. "බීජයන් (දරුවන්) ප්‍රවේසමෙන් දැරිය යුතු ය"යි කාශ්‍යප වරයන් ලැබීමෙන් ප්‍රීතියට පත් සිය භාර්යාවන්ට කියා, වන ගත විය.

කාලය ගත වී යද්දී, කද්‍රැ බිජු දහසක් බිහි කළ අතර, විනතා බිජු දෙකක් බිහි කළා ය. ඔවුන්ගේ පරිවාර ස්ත්‍රීන් එම බිජුවටයන් වෙන වෙන ම උණුසුම් කුටීර තුළ තැන්පත් කර තැබූ හ. අවුරුදු පන්සියයක් ගත වූ ගිය පසු කද්‍රැ බිහි කළ බිත්තර පුපුරා දරුවන් පිටතට ආහ. එහෙත් විනතා ගේ නිඹුලුන් බිහි වූයේ නැත. ඊර්ෂ්‍යා සහගත වූ විනතා එක් බිජුවටයක් බිඳ බැලුවා ය. එතුළ වූ දරුවා ගේ උඩුකය වර්ධනය වී තිබුණ ද, යට කොටස වැඩී තිබුණේ නැත. මෙයින්, බිජුව තුළ සිටි දරුවා කෝපයට පත් වී, සිය මවට ශාප කළේ ය. "නුඹ මෙම බිජුවටය නිසි කලට පෙර බිඳි හෙයින්, නුඹ වහලියක් වේවා! තවත් අවුරුදු පන්සියයක් යනතුරු, සම්පූර්ණයෙන් වැඩී නොමැති අනෙක් බිජුව විනාශ කිරීමට හෝ නොඉවසිල්ලෙන් බිඳීමට තැත් නොකළහොත්, එහි වැඩෙන කීර්තිමත් දරුවා නුඹ වහල්බවින් මුදවනවා ඇත! ඒ දරුවා ශක්තිමත් වීමට නම්, මේ සියලු කාලය තුළ නුඹ එම බිජුව ඉතා සැළකිල්ලෙන් රැක බලා ගත යුතු ය." මෙසේ ශාප කළ දරුවා අහසට නැංගේ ය. ඔහු සූර්යයාගේ රථාචාර්ය බවට පත් වූ අතර, උදෑසණ අහසේ දැක ගත හැකි අරුණ නම් වූයේ ඔහු ය.

අවුරුදු පන්සියයක් ගිය තැන අනෙක් බිජුව ද පුපුරා විවර වී නාගයන් බුදින්නා වූ ගුරුළා පිටතට ආයේ ය. ඔහු ආලෝකය දුටු මොහොතේ ම, සිය මව හැර ගියේ ය. සියලු පක්ෂීන්ට නායකයා වන හෙතෙම, සාගිනි දැනී, තමන්ට නියම කර ඇති ආහාරය සොයා පියාසර කළේ ය.

මේ කාලයේ එක් දිනක, සොහොයුරියන් දෙ දෙනා මනස්කාන්ත, දෙවියන් විසින් ද වන්දනය කෙරුණු, අශ්වයින් අතර අග්‍ර මාණික්‍යය වූ, අමෘතය පිණිස කලඹන ලද සමුද්‍රයෙන් මතු වූ උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා දුටහ.

මහා සුන්දරත්වයෙන් සහ බල පරාක්‍රමයෙන් හෙබි උච්ඡායිඃශ්‍රවා ගැන කද්‍රැ, විනතාවගෙන් මෙසේ ඇසුවා ය: "කියන්න ප්‍රිය සොයුරිය, උච්ඡායිඃශ්‍රවා කුමන පැහැයකින් යුක්ත ද?" ඊට විනතා පිළිතුරු දුන්නී: "ඒ අශ්වයින්ගේ අග්‍ර කුමාර තෙමේ නිසැකව ම ශ්වේත වර්ණ වෙයි. නුඹ කුමක් සිතයි ද? උහු කුමන වර්ණ ද? ඒ ගැන පරදුවක් තබමු."  කද්‍රැ පිළිතුරු දෙමින්: "ප්‍රසන්න සිනාවෙන් යුක්ත තැනැත්තිය, මට සිතෙන්නේ මේ අසුගේ වලගය කළු පැහැ බවයි. සුන්දරිය, මා සමග ඔට්ටු තබන්න, පරදින්නී අනෙකාගේ වහලිය වේ වා!.

මෙසේ තම තමන් අතර, වහලියක මෙන් දාසකම් කිරීමට පරදු තබා සොහොයුරියෝ නිවස වෙත ගියේ, ඊ ළඟ දිනයේ දී අශ්වයා පරීක්ෂා කර බලා නිගමනයකට එළඹීමට තීරණය කර ගෙන ය. කද්‍රැ වඤ්චාවක් කිරීමට අදිටන් කර ගත්තී, ඇගේ පුත්‍රයින් දහසට, කාල වර්ණ කෙස් ගස් බවට පරිවර්තනය වී අශ්වයාගේ වලිගය වසා ගන්නට නියෝග කළා ය. එහෙත් ඇගේ පුත්‍රයින් වූ සර්පයන් ඇගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂෙප කළෙන්, ඈ ඔවුනට ශාප කළා ය. ඒ, "පාණ්ඩව පරපුරේ ප්‍රඥාවන්ත ජනමෙජය රජුගේ සර්ප යාගයේ දී තොප සියලු දෙන අග්නි ට බිලි වේවා!"යි යනුවෙනි. මෙම අතිශය ක්‍රෑර සහ ඉරණම විසින් පොළඹවන ලද ශාපය මහාත්මයන් හෙවත් බ්‍රහ්ම  වෙත ශ්‍රවණය විය. සර්පයන් ශීඝ්‍ර ලෙස බෝවී ඇති බව දුටු බ්‍රහ්මයෝ, තම මැවිල්ල ගැන කරුණාවෙන් යුක්ත ව, සියලු දෙවියන් සමඟ මෙකී ශාපය ගැන සාකච්ඡා කළෝ ය. ඇත්තෙන් ම, සර්පයෝ උග්‍ර විෂ සහිත ද, මහා පරාක්‍රමවත් ද, අතිශය ශක්තිමත් ද වූවෝ සේ ම, අනෙක් සත්ත්වයන් දෂ්ඨණය කිරීමෙහි ද යෙදුනෝ වෙති. සියලු සත්ත්වයන්ගේ වධකයෝ වූ උන්ගේ, මවු ඔවුන් කෙරෙහි පැවතුණු විධිය සියලු සත්ත්වයන්ගේ යහපතට හේතු වන්නේ ය. අනෙක් සතුන්ගේ මරණය අපේක්ෂා කරන්නවුන්ට, දෛවය හැම කල්හි ම මරණ දඬුවම පනවයි. එසේ තම මතය එකිනෙකා අතර හුවමාරු කරගත් දෙවියෝ කද්‍රැගේ ක්‍රියාව අනුමත කර නික්මුණෝ ය. එකල බ්‍රහ්ම තෙමේ කාශ්‍යපයන් තමන් වෙත කැඳවා මෙසේ කීවේ ය: "සියළු සතුරන් පිටුදැක සිටි ශුද්ධවූ තැනැත්ත, මේ උග්‍ර විෂ සහ විශාල සිරුරු ඇති, අනෙක් සතුන් දෂ්ඨ කිරීමෙහි අරමුණු ඇති, දැන් සිය මවු විසින් ශාප කරන ලද්දා වූ මේ සර්පයෝ තොප විසින් උපදවන ලද්දහු ය. පුත්‍රය, මේ ගැන ස්වල්පයකුදු කණගාටු නො වෙව. බිලි යාගයේ දී සර්පයෙන් වැනසීම දීර්ඝ කාලයකට පෙර ම නියම වූවකි." මෙසේ කියා විශ්වයේ නිර්මාතෘ වූ දිව්‍යමය ආත්මයෝ, කාශ්‍යපයන් සැනසූ අතර, විෂහරණය (සර්පයන් වැනසීම) පිළිබඳ දැනුම ඒ සිරිමතුන් සමග බෙදාගත්තෝ ය. 


ඉන්පසු, රාත්‍රිය පහව ගොස් උදෑසන හිරු නැග ආ විට, පරදු තැබූ දෙ සොහොයුරියෝ, විනතා සහ කද්‍රැ, උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා ආසන්නයට ගොස් පිරික්සීමට නො ඉවසිල්ලෙන් ගියෝ ය. ඔවුන් යන මාර්ගයේ, සාගර නම් ජල නිධාන වූ, පුළුල් හා ගැඹුරැති, බොහෝ සේ රෞද්‍ර හඬ නගන, තල්මසෙකු වුවත් ගිලීමට තරම් විශාල මසුන් ගෙන් පිරුණු, මකරුන් සහ  තවත් බොහෝ ස්වරූප ඇති සත්ත්වයන් දහස් ගණනින් වෙසෙන, තවත් භයංකර රාක්ෂසයන් වැනි දරුණු ජලජ සතුන් හේතුවෙන් තරණය කිරිම උගහට, ඉදිබුවන් සහ කිඹුලන්ගෙන් සැදි, සෑම ආකාරයක ම රත්නයට ආකර වූ, වරුණ හෙවත් සමුද්‍ර දේවයාට නිවාස වූ, නාගයන්ගේ විශිෂ්ඨ හා දැකුම්කලු නිවහන වූ, සියලු ගංගාවන්ගේ හිමියා වූ, අන්තර්භෞම අග්නියේ විමාන වූ, අසුරයන්ගේ අභයස්ථාන වූ, සියලු සත්ත්වයන්ට බිය උපදවන, කිසිදා වෙනස් නො වන, මහා ජලස්කන්ධය වූයේ ය. එය ශුද්ධ ද, දෙවියන්ට කාම දායී ද, අමෘතයේ උත්පත්ති ස්ථානය ද, අසීමිත ද, අචින්ත්‍ය ද, පූජ්‍ය ද, අතිශය විස්මයාවහ ද වූයේ ය. එය අන්ධකාර ද, සමුද්‍ර ජීවීන්ගේ කෝලහාලයෙන් භයංකර ද, අතිශයින් ම රෞද්‍ර ශබ්දයෙන් පිරුණේ ද, ගැඹුරු දිය සුලියෙන් ගහන ද, විය. එය සියලු සතුන්ට ත්‍රාසය උපදවන්නකි. වෙරළ සිට හමන සුළඟින් මෙහෙයවී, රළ උස්ව නැඟුනු, වික්ෂෝභයට පත් වූ, කැළඹුණු, එහි දියවැල් නමැති අත් ඉහළට ඔසවමින් නටන්නාක් මෙන් විය. චන්ද්‍රයාගේ පුර පස හා අව පස හැරීම් මඟින් ඇති කළ, රළ පංති නැඟීමෙන් පිරුණු එය, වාසුදේවයන්ගේ පංචජන්‍ය නම් වූ මහා ශංඛය බිහි කළාහු ද, සියලු රත්නයන්ට නිධිය ද, වූයේ, මිනිය නොහැකි පරික්‍රමයෙන් යුත් ගෝවින්ද වල් ඌරු ස්වරූප ගෙන පෘථිවිය සමුදුරු පතුලෙන් ඉහළට ඔසවාලන විට මුලින් ම කැළඹුණේ විය...

(ඔය විදිහට පත හෑල්ලක් තියෙනව මේ ඡේදයෙ සහ ඊළඟ ඡේදයෙ..)

 නාගයෝ සමූහ සාකච්ඡාවකින් පසු අවසන් තීරණයකට එළඹුණෝ, සිය මාතාවගේ නියෝගය ඉටු කළ යුතු බවත්, එසේ නො කළ හොත්, ඇය තම මාතෘ ප්‍රේමය ඉවත ලා සියලු දෙනා ම දවනු ඇති බවත් සිතූ හ. අනෙක් අතට, ඇය කාරුණික වුවහොත් ඈ ඔවුන් ශාපයෙන් මුදවනු ඇත. ඔවුහු "අපි නිසැකව ම අශ්වයාගේ වලිගය කළු පැහැ ගන්වමු" යි කියා, එහි ගොස් අශ්වයාගේ වලිගයේ කෙඳි බවට හැරුණා හ.

දක්ෂගේ දියණියන් වූ විනතා සහ කද්‍රැ නම් සොහොයුරියන් දෙ දෙනා ආකාශය දිගේ අතිශය සොම්නසින් යුතුව සාගරයේ එහා කෙළවරට යන සේ ගමන් ගත්හ. එසේ යන අතර ඔවුහු සාගරය දුටහ. (එතන ඉඳං ආපහු අර උඩ වගේ පත හෑල්ලක් තියෙනව, සාගරය ගැන...)

විනතා සමඟ සමුද්‍රය තරණය කළ, ශීඝ්‍ර වේග ඇති කද්‍රැ, නොබෝ වේලාවකින් ම අශ්වයා සමීපයෙන් අහසින් බටහ. ඔවුහු දෙදෙනා ම, මහා වේග ඇති අශ්වයන් අතරින් ශ්‍රේෂ්ඨතමයා චන්ද්‍ර රශ්මිය සේ සුදුපැහැ ශරීරයක් ඇත්තේතෙක් වුව ද, (වලගයේ) කළු පැහැ රෝම ඇත්තෙක් වූ බව දුටුවෝය. වලගයේ බොහෝ කළු පැහැ ලෝම දුටු කද්‍රැ, දුර්මුඛ වූ විනතාව වහල් භාවයට පත් කළා ය. පරදුව පැරදුණු විනතාව ද, වහල් බවට පැමිණියේ, මහත් සේ ශෝක වූවා ය. මේ අතරවාරයේ සිය කාලය එළඹි විට, විශ්වයේ බලය පිළිබඳ වූ සියලු ම අංශවලින් හෙබි, සිතූ විට කැමති ස්වරූප ගත හැකි පක්ෂියා වූ, සිතූ ඇසිල්ලෙකින් කැමති ස්ථානයකට යා හැකි වූ,  අවැසි විට තම සහායට සෑම ආකාරයක ම ශක්තීන් කැඳවා ගත හැකි වූ, තෙදින් පිරුණු ගුරුළා සිය මව (ගේ උපකාර) නොමැතිව බිජුව පුපුරා බිහි වූයේ ය. ගිණි කඳක් මෙන් උද්දීප්ත ව ඔහු භයංකර ලෙස දිළිසුණේ ය. යුගාන්ත අග්නිය ට සම දීප්තියකින් හෙබි ඔහුගේ දෑස් අකුණු මෙන් දිප්තිමත් විය. ඉපදී නොබෝ වේලාවකින් ම ඒ පක්ෂියා වැඩී වර්ධනය වී, අහසට පැන නැංගේ ය. බිහිසුණු ද, ප්‍රචණ්ඩ ලෙස ගුගුරමින් ද, ඔහු දෙ වන සමුද්‍රාග්නියක් තරම් භයංකර ලෙස පෙනුණේ ය. ඔහු දුටු සෑම දෙවිවරයෙක් ම, විභවාසු (අග්නි) ගේ රැකවරණය පැතුවෝ ය. ඔවුහු ඒ බහුවිධ ස්වරූප ඇතිව සිය ආසනයේ වැඩ හුන් දේවයා වෙත නමස්කාර කරමින් මෙසේ කීහ. "අහෝ අග්නි, ඔබේ ශරීරය අප වෙත දිගු නොකරනු මැනව. ඔබ අප ගිල ගන්නට සැරසෙන්නෙහි ද? බලන්න, ඔබේ මේ දැවැන්ත ගිනි දලු පුළුල්ව පැතිරී යමින් ඇත." අග්නි පිළිතුරු දුන්නේ ය. "අසුර නාශකයනි, එය නුඹ සිතාගත් දෙය නොවේ. මේ මහා ශක්තිමත් වූ ද, විභූතියෙන් මා හට  සම වූ ද, මහා බලයක් පැවරුණාවූ ද, විනතාවගේ ප්‍රීතිය වර්ධනය කරන්නට උපන්නා වූ ද, ගරුඩයා වෙයි. ඔහුගේ කාන්ති ප්‍රවාහය දැකීමෙන් පමණක් ම නුඹ තුල මේ මුළාව ඇති විය. ඔහු කාශ්‍යපගේ බලැති පුත්‍රයා ය, නාගයන් වනසන්නා ය, දෙවියන්ගේ සුභ සිද්ධියට කැප වූයේ ය, දෛත්‍යයන්ගේ හා රාක්ෂසයන්ගේ සතුරා ය. දැං බුරා කියයි ද දන්නෑ දිති හා අදිති ගේ පළහිලව්වත් ලියන්ඩ කියලා... උහු ගැන අල්පයකට ද තෙපි බිය නොවවු. මා සමග අවුත් බලනු." මෙසේ ඈත සිටි දෙවියන් වෙත කීවේ ය.

------------------------------------------------

සමුද්‍රාග්නියක් = a bioluminescent glow produced by phosphorescent marine organisms. (https://www.collinsdictionary.com/dictionary/english/sea-fire#:~:text=a%20bioluminescent%20glow%20produced%20by%20phosphorescent%20marine%20organisms)

------------------------------------------------

දෙවියෝ මෙසේ කීහ. "ඔබ සෘෂිවරයෙකි. යාගවල දී විශාලම කොටස ඔබට පුදනු ලැබේ, ඔබ සදා උජ්වලිත වූයේ ය." සෘෂිවරයා සමග ගරුඩයා වෙත ගිය ඔවුහු, සජීවී සහ අජීවී විශ්වයෙහි මුල්තැන ගත් ඒ පක්ෂියාට පූජා කළහ. "තොප සියල්ල විනාශ කරන්නා ද වන්නාහු ය, සියල්ලේ මැවුම්කාරයා ද වන්නෙහි ය; තොප හිරණ්‍යගර්භයෝ ම වන්නාහු ය; තොප දක්ෂ සහ අනෙක් ප්‍රජාපතීන්ගේ වේශයෙන් පැමිණි ආදීතමයන්ගෙන් කෙනෙකි; තොප ඉන්ද්‍ර ය; තොප විෂ්ණුහුගේ පුනරාවතාරයට ගෙළ දුන් හයග්‍රිව නම් උතුම් අශ්වයාහු ය; තොප ඊශර ය. (ත්‍රිපුර ගිනි තැබීමේ දී මහදෙවියන් අත ඊ තළ බවට පත් වූ විෂ්ණු තෙමේ ම ය.) තොප විශ්වයේ හිමියාහු ය; තොප විෂ්ණු ගේ මුඛය ය; තොප මුහුණු සතරකින් යුත් පද්මජ ය; තොප බ්‍රාහ්මණයෙකි; තොප අග්නි ය, පවන ය; (මෙසේ විශ්වයේ ඇති සියලු ම වස්තූන්ට අධිපති දේවාත්මයන්ගේ නම් කියමින් පුද කරති.) තොප ශාස්ත්‍රය ය. තොප අප සියලු දෙනා ම මෝහණය කරන මායාව ය; සෑම තැන ම පැතිරි ආත්මය තොප ය; 

// මෙහෙ ම ගරුඩාව මුරුංග අත්තෙ තියලා කතා කරන දෙවියෝ සහ සෘෂිවරු, ඒ අතරෙ ම ගරුඩාගෙ තේජස සහ කාන්තිය නිසා උන්දැලට වෙලා තියෙන පීඩාව අඩු කරලා දෙන්ඩ කියලා ඉල්ලනවා. - ඒ හෑල්ල ලස්සන නිසා පහළින් දාලා තියෙනවා. කම්මැලි අය ඒක මගෑරලා යන්න...//

තොප දෙවියන්ගේ අධිපති ය; තොප මහා සත්‍යය ද වන්නාහු ය; තොප අභීත ය; තොප සදා නො වෙනස් ය; තොප උපලක්ෂණයන්ගෙන් තොර බ්‍රහ්ම ය; තොප සූර්යයා ගේ ශක්තිය ය; තොප බුද්ධිමත් කර්ත්‍රව්‍යයන් ය; තොප අපගේ මහා ආරක්ෂකයාහු ය; තොප ශුද්ධාත්මයේ සාගරය ය; තොප පවිත්‍ර ය; තොප අන්ධකාරයේ ලක්ෂණයන් තුරන් කරන්නෙහි ය; තොප සය මහා ලක්ෂණයන්ගෙන් හෙබියාහු ය; තොප හා තරග කර සම විය හැක්කෙක් නැත; සියල්ල උපන්නේ තොපගෙනි; තොප විශිෂ්ට කාර්යයන්ගෙන් යුක්ත ය; පැවති හා නොපැවති සියල්ල තොප ය; තොප පිරිසිදු දැනුම ය; තොප අපට දර්ශනය වන්නේ සජීවී හා අජීවී විශ්වය පුරා පැතිරි සූර්යයාගේ රශ්මිය සේ ය; සෑම මොහොතක ම තොප සූර්යයාගේ කාන්තිය අඳුරු කරවන්නෙහි ය; තොප සියල්ල විනාශ කරන්නා ය; තොප විනාශ වන හා විනාශ නො වන සියල්ල ය; අහෝ තොප අග්නි මෙන් කාන්තිමත් ය; සූර්යයා කුපිතව සියලු මැවීම දවන්නා මෙන් තොප ද දවන්නෙහි ය; භයංකරයාණනි, තොප ලෝකාවසානයෙහි සියල්ල වනසා දමන ගින්න මෙන් විරෝධය පාන්නෙහි ය; ආකාශචාරී ගරුඩය, අපි තොපගේ ආරක්ෂාව පතමු. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ ශක්තිය අසාමාන්‍ය ය; තොපගේ කාන්තිය ගින්නට සමානය; තොපගේ දීප්තිය කිසි අන්ධකාරයකට ළං විය නොහැකි විදුලිය බඳු ය; තොප වළාකුළු කරා ළඟා වන්නාහු ය; එසේ ම හේතුව ද ඵලය ද තොප ම වන්නෙහි ය; ප්‍රසාද දායකයා ද, පරාක්‍රමයෙන් අපරාජිත ද වන්නෙහි ය; ස්වාමීනි, තොපගේ කාන්තියෙන් මුළු විශ්වය ම උණු වී ද, උණු කළ රනෙහි දිස්නය මෙන් ප්‍රභාමත් වී ද, ඇත්තේ ය. තොප විසින් අතික්‍රමණය කරන ලද්දා වූ ද, බියපත් කරන ලද්දාවූ ද, තම දිව්‍යමය වාහනයන්හි නැගී ඒ මේ අත දිවෙන, මේ මහාත්ම ඇති දෙවියන් ආරක්ෂා කළ මැනව. උත්තම පක්ෂියාණනි, සියල්ලේ ම අධිපතියාණනි, තොප කාශ්‍යප නම් මෛත්‍රි සහගත, මහෝත්තම සෘෂිවරයාගේ පුත්‍රයා ය. එහෙයින් කුපිත නොව, සක්වල කෙරෙහි සානුකම්ප්‍ය වෙ ව. තොප උත්තරීතර ය. අහෝ, තොපගේ කෝපය සංසිඳුවා, අප රැකගනු ව. හෙණ ගුගුරන්නාක් මෙන් මහ හඬ ඇති තොපගේ නාදය දශ දිගෙහි, අහසෙහි, ස්වර්ගයෙහි, පොළොවෙහි සහ අපගේ හදවත්හි පැතිරෙයි. පක්ෂියාණනි, තොප අතොරක් නො මැති ව කම්පිත ය. අහෝ, අග්නිය සම වූ තොපගේ ශරීරය හීන කර ගනු මැනව. කුපිත වූ යම ට සම වූ තොපගේ කාන්තියෙන් අපගේ හදවත් තුලින් ශාන්තබව සහ කම්පිත බව දුරු ව ගියේ ය. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ අනුකම්පාව අයැද සිටින අප කෙරෙහි කාරුණික වෙ ව. අප වෙත වාසනාව සහ ප්‍රීතිය උදා කර දෙනු මැනව."

මෙසේ දෙවියන් සහ විවිධාකාර වූ සෘෂිවරුන් විසින් පුදනු ලැබූ පැහැපත් පියාපතින් සැදි පක්ෂියා තම බලය සහ කාන්තිය මඳක් අඩු කර ගත්තේ ය. තම ශරීරය ගැන ඇසීමෙන් සහ දැකීමෙන්, සුන්දර පියාපතින් හෙබි පක්ෂියා තම ශරීරය ද කුඩා කර ගත්තේ ය.

ඉන්පසු ගුරුළා මෙසේ කීය, "කිසිදු සත්ත්වයෙක් භය පත් නො වේවා! තොප මාගේ භයංකර ස්වරූප දැකීමෙන් භීත වූ හෙයින් මම මාගේ ශක්තිය හීන කර ගන්නෙමි." 

සිතූ සිතූ තැනට ඇසිල්ලකින් යාමට හැකි, තම උපකාරයට ඕනෑම ආකාරයක බලවේගයන් කැඳවීමෙහි සමත්, පක්ෂි තෙම, අරුණ සිය පිටෙහි හිඳුවාගෙන සිය පියාගේ නිවෙසින් පිටත් ව, මහා සාගරයෙන් ඔබ්බෙහි පිහිටි, තම මවගේ පාර්ශ්වයට ගියේ ය. සූර්යයා සිය සැඩ රැසින් ලෝකය දවන්නට තීරණය කළ වේලාවේ ම, ඔහු මහා කාන්තියෙන් යුත් අරුණ, නැඟෙනහිර පෙදෙසේ තැබී ය. 

ක්ෂීර සාගරය කළඹා ලබාගත් අමෘතය, දෙවියන් අතරට වී හිඳ රාහු විසින් පානය කරන ලද විට, සූර්ය සහ සෝම දෙවිවරුන් විසින් ඒ බව පෙන්වා දෙන ලදි. ඒ අවස්ථාවේ සිට ඔහු එම දෙවිවරුන් සමඟ ක්‍රොධය ඇති කර ගත්තේ ය. මෙයින්, රාහු තම හිංසකයා (සූර්ය) ගිළ දැමීමට ඉටා ගත්තෙන්, කුපිත වූ සූර්ය, "මා කෙරහි මේ රාහු ක්‍රොධ උපදවා ගත්තේ දෙවියන්ට යහපත කිරීමට මා තුළ වූ ආශාව හේතුවෙනි. මේ ඝෝර ප්‍රතිවිපාකය මා හුදෙකලාව දැරිය යුතු ය. ඒකාන්තයෙන් ම, මේ ගැන මා හට උපකාර නොලැබේ. සුරලොව වැසියන්ගේ දෑස් ඉදිරිපට ම මා ගිළ දැමෙන අතර, ඔවුහු නිහඬව ම එයට ඉඩ හරිති. එහෙයින් ලෝක විනාශයට මා කටයුතු කළ යුතු යැ" යි සිතී ය. මේ තීරණයත් සමග ඔහු අපර දිග පර්වතයට ගියේ ය. 

එම තැනෙහි සිට ඔහු ලෝකය විනාශ කරනු වස්, තම තාප තරංගයන් විහිදුවන්නට විය. මහා සෘෂිවරු සුරයන් කරා එළඹ, ඔවුනට කතා කරන්නට වූහ, "බලන්න, රෑ මැද සියලු හදවත් බියපත් කරමින් තුන් ‌ලෝකය ම වනසා දමමින් මහා තාපයක් හට ගෙන ඇත." සෘෂින් ද කැටිව සුරයෝ සිය පූර්වතමයා (බ්‍රහ්ම) වෙත ගොස් මෙසේ කීහ. "මේ සා කළබලයක් ඇති කළ මහත් තාපය කුමක් ද? සූර්ය තෙමේ තවමත් උදා වී නැත. එහෙත් (ලෝක) විනාශය නියත ය. ස්වාමීනි, හිරු උදා වූ විට කුමක් නම් සිදු වේ ද?" පූර්වතමයා පිළිතුර දුන්නේ ය: "ඇත්තෙන් ම සූර්යයා අද ලෝකය විනාශ කරමින් උදාවන්නට සූදානම් ය. ඔහු දෘෂ්‍යමාන වූ විගස ඔහු සියල්ල අළු කන්දක් වන සේ දවාලන්නේ ය. එහෙත් මා විසින් කල් තබා ප්‍රතිකර්මය සළසා ඇත්තේ ය. කාශ්‍යපයන්ගේ නුවණැති පුත්‍රයා සියල්ලන් විසින් අරුණ නමින් දන්නා ලද්දේ ය. ඔහු ශරීරයෙන් අති මහත් ද, මහා කාන්තියෙන් යුක්ත ද වේ. ඔහු සූර්යයා ට ඉදිරියෙන් සිටිමින් රථාචාර්ය රාජකාරිය ඉටු කරමින් හිරුගේ ශක්තිය වළකාලනු ඇත. මෙය ලෝකයන්ගේ ද, සෘෂිවරුන්ගේ ද, සුර ලොව වැසියන්ගේ ද, යහපත තහවුරු කරනු ඇත.

අරුණ පූර්වතමයාගේ ආඥාව අනුව ඔහුට අණ කරන ලද දේ මුළුමනින් ම ඉටු කෙළේ ය. සූර්යයා අරුණගෙන් මුවා ව, උදා වන්නට විය.

ඉක්බිති ඒ මහා බල සම්පන්න, සිතූ ක්ෂණයකින් සෑම තැනකට ම යා හැකි පක්ෂියා, මහා සමුද්‍රයේ අනෙක් කෙළවරේ දී සිය මව හා එක් විය. එහි විනතා විසූයේ, පරදුවෙන් පරාජයට පත් කොට, වහල් භාවයට පත් කිරීමෙන් පීඩිත ව ය. වරක් කද්‍රැ, තමන් ඉදිරියේ දුර්වලව බිම බෑවී හුන් විනතාව, ඇගේ පුත්‍රයා ඉදිරිපිට ම අමතා මෙසේ කීවා ය: "සියුමැලි විනතාව, සමුද්‍රය මධ්‍යයේ ඈත දුර කොණක, නාගයන් වාසය කරන, අහ්ලාදජනක සහ සුන්දර ප්‍රදේශයක් වෙයි. මා එහි උසුලාගෙන යනු." මෙයින්, ඒ පැහැපත් පියාපත් ඇති පක්ෂියාගේ මව, (සිය උරහිසින්) සර්පයන්ගේ මව උසුලාගත්තා ය. ගරුඬයා ද ඔහුගේ මවගේ මෙහෙයවීමෙන්, සර්පයන් සිය පිටෙහි තබාගෙන රැගෙන ගියේ ය. විනතා පුත්‍ර ආකාශ පාලක තෙමේ සූර්යයා දෙසට නැඟුනේ ය. ඔහු පිට හුන් සර්පයෝ සූර්ය රශ්මියෙන් තැවුුුණෝ, ක්ලාන්තවූ හ. සිය පුතුන් හට වූ ගැහැට දුටු කද්‍රැ තොමෝ ඉන්ද්‍ර වෙත යාඥා කළා; "සියලු සුරයන්ට අධිපතිය, තොපට නමස්කාර කරමි! වෘත්‍ර නාශකය, තොපට නමස්කාර කරමි, නමුචි නාශක වූ තොපට නමස්කාර කරමි, සහසැසිය, සචියගේ සහකරුව, තොපගේ වර්ෂාව වගුරා, සූර්ය තාපයට හසු වූ සර්පයන්ගේ ආරක්ෂකයා වුව මැනව. සියලු දිව්‍යාත්මයන් අතරින් යහපත් ම තැනැත්තවු වූ පුරන්දරය, ජලස්කන්ධයන් සේ වර්ෂණයට තොප සමත් ය. වායුව ද, වළාව ද, අග්නිය ද, ආකාශයේ විදුලිය ද, තොපය. වළාවන් බමවන්නෙන්, යුගන්ධර මහා වළාව නම් ලද්දේ තොප ය. බිහිසුණු, අසම සම අකුණ ද, මේඝ ගිගුරුම ද තොප ය. ලෝකය නිමැවූවේ ද, එය විනාශ කරන්නේ ද තොපය. තොප යටත් කළ නොහැක්කේ ය. සියලු සතුන්ගේ ද, ආදිත්‍යගේ ද, විභවාසුගේ ද, අපූර්ව මූලද්‍රව්‍යයන්ගේ ද, ආලෝකය තොප ය. සියලු සුරයන්ගේ පාලකයා තොප ය. තොප විෂ්ණු ය. තොපට දහසක් නෙත් ඇත. සුරයෙකු වූ තොප පරම අපේක්ෂාව ය. තොප අහෝ දෙවියනි, සකල අමෘතය ද, උතුම් සෝමය ද වන්නහු ය. තොප තත්පරය ද, චන්ද්‍ර දිනය ද, බලය (මිනිත්තුව) ද, ක්ෂණය (මිනිත්තු 4) ද, වන්නෙහි ය. තොප පුර පක්ෂය ද, අව පක්ෂය ද වන්නෙහි ය. තොප කලාව ද, කෂ්තය ද, (විෂ්ණු පුරාණය අනුව: ඇසිපිය 16 (10) = කෂ්ත 1, කෂ්ත 30 (35) = කලා 1, කලා 30 (20) = මුහුර්ත 1) තෘතිය ද, වර්ෂය ද, සෘතුව ද, මාසය ද, රැය ද, දහවල ද වන්නෙහි. තොප සෞම්‍ය පෘථිවිය ය - එහි ඇති කඳුවැටි හා වනාන්තර ද සමඟ, තොප අන්තරීක්ෂය ය - සූර්යයාගෙන් උජ්වලිත, තොප නඟින බසින මහ රැළි ඇති, තල්මසුන්ගෙන්, තල්මසුන් බුදින්නන්ගෙන්, මකරුන් හා අනේක විඳ මත්ස්‍ය ගණයෙන් පිරුණු මහ සාගරය ය. තොප, ධ්‍යානයෙන් නිග්මිත සිත් ඇති සෘෂිවරුන්ගේ සහ ප්‍රඥාවන්තයන්ගේ වන්දනයට පත් මහා කීර්තිය ය. තොප සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා පූජා කරන ලද සෝම පානය ද, ශුද්ධවූ යාතිකාවන් සමඟ පුදන පිරිසිදු වෙඬරු ද, බුදින්නෙහි ය. ඵලය අපේක්ෂාවෙන් බ්‍රාහ්මණයෝ තොප පූජා කරමින් වන්දනා කෙරෙති. තොප අසම සම බලයෙන් යුක්තය හ, තොප වේදයෙහි සහ වේදාන්තයෙහි ගැයුම ය. ශික්ෂිත බ්‍රාහ්මණයන් ප්‍රවේසමින් වේදය උගනිමින්, තොප වෙත පූජා කරමින් නමස්කාර කරන්නේ එහෙයිනි. 

------------------------------

මේ පරිවර්තනය මේ තරමක් හරි කරගන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියා ඔබට හිතා ගන්න හැකි වෙනු ඇත. දිගට ම මේ විදිහට ගියොත්, තව කොටස් දෙකකින් විතර කතාව කියා ඉවර කරන්ඩ පුළුවං වනු ඇති. නමුත් එහෙම නැතුව මේකේ සාරාංශය දානවට කවු ද කැමති? ඔබේ අදහස කියන්න...

Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

Saturday, August 2, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 04 - ගෝල්ඩන් චයිම්ස්

මේ මම උපුටාගන්නා අමිරු ජයමහ මහතාගේ හතර වන ලිපිය...


ක්ලැරන්ස් විජේවර්ධන සහ ගෝල්ඩන් චයිම්ස්


ළඟදී දවසක රෑ තිස්සේ ඇහැරගෙන campus එකේ assignment එකක් කරන අතරේ මගේ phone එකට notification එකක් එනවා google photos වලින් save your photos කියලා. මොකක්ද මේ කියලා බැලුවම තමයි දැක්කේ ක්ලැරන්ස් ගැන මං lakehouse Archives වලින් හොයාගත්ත articles වල පින්තූර ගැන මේ කියන්නේ කියලා. ඉතින් ඒ පින්තූර බලන අතරේ මතක් වුණා මගේ article series එකේ Golden chimes ලා ගැන ලියන්න තියෙනවා කියලා. ඉතින් මං මේ ලියන්නේ ඒ ගැන. 70 මුල් කාලයේදී විද්‍යුත් සංගීත භාණ්ඩ සමග අමරණීය ගීත රැසක් ගායනා කළ සංගීත කණ්ඩායමක් ගැන. මේක කීප දෙනෙක් ගීත ගායනා කරන එක ගැන විතරක් කතා කරන ලිපියකුත් නෙවෙයි; ඒක මිත්‍රත්වය, අලුත් අත්දැකීම් සහ සංගීතය නිර්මාණය කිරීමේ දක්ෂ, ලස්සන පුද්ගලයෙක් ගැනත් කතා කරන්නක්. ඉතින්, පුටුවක් අරන් ඉඳගන්න, තේ/කෝපි කෝප්පයක් (නැත්නම් පොඩි අඩියක්) ගන්න, අපි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ දෙවන සංගිත කණ්ඩායම ගැන කතා කරමු. ආදරණීය මිනිස්සු, ආදරණීය තනු...

හරි, මේක හිතින් මවාගන්න: තරුණ ක්ලැරන්ස් විජේවර්ධන සහ ඔහුගේ මිත්‍රයා/සගයා ඇනස්ලි මාලේවන. ඔවුන්ට "Moonstones" කියලා සංගීත කණ්ඩායමක් හිටියා (මේ Moonstones මුල් කාලේ). ඔවුන් හොඳින් හිටියා, එක box ගිටාරයක් වාදනය කරමින්. හරිම simple, economical & soulful. නමුත් 1965 දී, එයාලට විවාහ මංගල්‍යයකට ආරාධනා කරනවා - වාදනය කරන්න නෙවෙයි, හොඳ ආශ්වාදයක් ලබාගන්න. නමුත්, බොහෝ විට weddings වල සිදුවන පරිදි, එයාලව spot කරන fan කෙනෙක් කියනවා, "give us a song!" කියලා.

මුලදි ඔවුන්ට මේක ආගන්තුක වුණත් පොඩ්ඩක් skeptical වෙන ක්ලැරන්ස් පසුව දැඩි කැමැත්ත මත එකඟ වෙනවා. 

ඉතින්, ඔවුන් වේදිකාවට නගිනවා, කවුද ඔවුන්ට සහාය දෙන්නේ? Beacons සංගීත කණ්ඩායම. එයාලට full instrument set එකම තිබුණා - drums, bass, lead ගිටාරය. නිසි musical instruments ගොඩක්. නමුත්, තනි box ගිටාරයට පුරුදු වී සිටි ක්ලැරන්ස් සහ ඇනස්ලිට, එය හදිසියේම technicolour වලින් ඇසුණා වගේ. මේකෙන් ක්ලැරන්ස්ට light bulb moment එකක් ආවා. ඒ අදහස ඔහුගේ මුළු සංගීත ගමන වෙනස් කළා විතරක් නෙවෙයි, සිංහල පොප් සංගීතයේ turning point එකක් වුණා. "හරි," ඔහු සිතුවා, "අපිට box ගිටාරයකට වඩා වැඩි යමක් අවශ්‍යයි!"

ඒ "Beacons" sound එක ක්ලැරන්ස් සමඟ රැඳී තිබුණා. එය ඉදිරි මාවත බව ඔහු දැන සිටියා. ඉතින්, ඔහු "The Beacons" හි bass වාදකයා වන චානක පෙරේරාට කතා කර, "එනවද පොඩ්ඩක් songs කීපයක් play කරන්න? අපි recordings වගයක් කරනවා" කියලා ආරාධනා කරනවා. ඒ හේතුවෙන් 1967 දී Moonstones ඔවුන්ගේ signature sound එක ලබා ගන්නවා. ඒ හා සමානව, චානකගේ bass sound එක band එකේ part එකක් වෙනකොට, Moonstones විසින් සූරිය ලේබලයේ පළමු EP තැටිය වන CHB001: "More Hits by The Moonstones" යටතේ "කළු මාමේ", "රෝස මලේ" සහ "ගොයම් කපනවා" ගීත නිකුත් කරනවා. (මේ ගැන මං ලියපු Moonstones ලිපියේ තියෙනවා.) ඒවා එක රැයකින් ජනප්‍රිය වෙනවා! හදිසියේම, සෑම කෙනෙකුටම Moonstones ගේ ගීත අවශ්‍ය වෙනවා.

සෑම විටම විමසිලිමත් වෙන ක්ලැරන්ස්, bookings ගොඩගැසී ඇති බව දකිනවා. "අපට එක ගිටාරයක් සහ bass එකකින් මේක කරන්න බෑ," කියලා ඔහු හිතන්න ඇති. ඉතින්, ඔහු "The Beacons" හි drums වාදකයා වන විජිත් පීරිස්ට කතා කරනවා - කොටින්ම කිව්වොත්, ඔහු ඒ  band එකම join කරගත්තා. පසුව විජිත් drums වාදනයට ගැනීමත් සමග, ඔවුන් "දිල්හානි" සහ "සිගිරිය (වන දෙව්ලිය තුරුලේ)" පටිගත කළ අතර ඒවා ඉන්ද්‍රානි පෙරේරා ගායනා කළා. තවත් ජනප්‍රිය ගීත! මූන්ස්ටෝන්ස් දැන් නිසි ලෙස ඔවුන්ගේ sound එකේ art එක අල්ලගෙන යනවා.

නමුත් ඔබලා දන්නවා මේ වගේ කතා යන්නේ කොහොමද කියා. සමහර විට, සංගිතඥයෙකුගේ සියලු අදහස් සඳහා සංගීත කණ්ඩායමක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඉතින්, 60 දශකයේ අගභාගය වන විට, Moonstones වෙතින් ඉවත් වීමට කාලය පැමිණ ඇති බව ක්ලැරන්ස් තීරණය කරනවා. No hard feelings, මේක natural progression එකක් විතරයි.

හොඳම කතන්දරේ කියන්නේ, ඔහු band එකෙන් ඉවත්වීමෙන් පසු කොල්ලුපිටිය අවට ඉන්න කාලේ චානක පෙරේරා සමඟ අහම්බෙන් හමුවීම් ගණනාවක් සිදුවුනා. ඒ හමුවීම් නිසාම ඔවුන් සංගීතය ගැන, ඔවුන්ට කළ හැකි දේ ගැන කතා කරන්නට අවස්ථා ලැබුණා. ඒවා වල ප්‍රතිඵලයක් විදිහට, 1970 අප්‍රේල් මාසයේදී, ඔවුන් සිතුවේ, "අපි ප්‍රසංගයක් පවත්වමු!" කියලා. ඔවුන් එය "Breakaways from the Moonstones" ලෙස හැඳින්වූ අතර එය මොරටුවේ ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී සිදු විය. ප්‍රධාන ගිටාර් වාදකයෙකු වන ඇන්ටන් ගුණතිලක එම ප්‍රසංගය සඳහා එක් වුණා. එය අතිවිශිෂ්ට ප්‍රසංගයක් වුණා!  එතකොට තමයි එයාලා දැනගත්තේ: මේක නිකම්ම නිකම් සංගීත සැසියක් නෙවෙයි; මේක සංගීත කණ්ඩායමක් කියලා.

ඒ ප්‍රසංගයෙන් පස්සේ, ආපසු හැරීමක් තිබුණේ නැහැ, ඔවුන් සංගීත කණ්ඩායමක්! ඒ නම කවුද හොයාගන්නේ? සූරිය ලේබලයේ ජෙරල්ඩ් වික්‍රමසූරිය. 1970 දී ඔහු ඒ කණ්ඩායම "Golden Chimes" ලෙස නම් කරනවා. (ලාංකිකා පෙරේරා මහත්මියට අනුව, මේ නම, විවිධාකාර නම් අත්හදා බලමින් අවසානයේදී එකඟ වුණු නමක්. මොකද Maharaja 5 වගේ අමුතු නම් පවා ඒ mix එකට add වුණු අවස්ථා පවා තිබ්බා.) ඉතින් ඒක තමයි Golden Chimes සංගීත කණ්ඩායමේ genesis එක.

නමුත් ඒ පටන් ගත්ත lineup එකම හිටියේ නෑ. Performances 2, 3කට පස්සේ ඇන්ටන් ගුණතිලක එයාගේ කටයුතු එක්ක move on වුණා. ඒ නිසා 1970 අවුරුද්දේ මැද දී ඩික්සන් ගුණරත්න ප්‍රධාන ගිටාර් වාදකයා ලෙස Golden Chimes කණ්‌ඩායමට එකතු වුණා. ඒක ක්ලැරන්ස් ඔහුගේ ජීවිතයේ ගත්ත හොඳම decisions වලින් එකක් කියලා මං හිතන්නේ. හොඳ leader කෙනෙක් දන්නවා හොඳ talent එකක් recognise කරන්නත් වගේම ඒක develop කරන්නත්. ක්ලැරන්ස් මේ talent එක, ඉස්කෝලෙන් out වෙච්ච අලුත ඩික්සන් ලඟ තියෙන බව දැක්කා. ඒ නිසාම ඔහුට ආරාධනා කලා කියලා මම හිතනවා. එනිසා, original lineup එක නොවුනත් Golden Chimes ලා ගේ debut lineup එක වුණේ ක්ලැරන්ස් විජේවර්ධන rhythm ගිටාරයෙන්, චානක පෙරේරා bass ගිටාරයෙන්, ඩික්සන් ගුණරත්න lead ගිටාරයෙන් සහ විජිත් පීරිස් drums වාදනයෙන්. ඊට පස්සේ, ඔවුන් කෙලින්ම ස්ටුඩියෝ එකට ඇවිත් ගිත නිර්මාණය කරන්න පටන්ගත්තා. 'පාට පාට රන්තටු', 'සිහින් සිනාවයි', 'කිමද නාවේ' සහ 'මගේ පැල්පතේ' තමයි ඔවුන්ගේ පළමු නිසි Golden Chimes ගීත. එහිදී ඔවුන් ඔවුන්ගේ පළමු EP තැටිය, නාමාවලිය CHB අංක 014 දරන "The Dynamic New Sound of the Golden Chimes" ලෙස නිකුත් කළා, හිතපු විදිහටම, SLBC එකේ channels ඒ ගීත වලින් පිරී ගියා. 

1971 දී අනිල් භාරතී සහ විජිත් පීරිස්ගේ නංගි වන ලාංකිකා පීරිස් (පසුව ලාංකිකා පෙරේරා) Golden Chimes කණ්ඩායමට ගායනයෙන් දායක වෙනවා. ලංකිකා පෙරේරා, ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමක main vocalist කෙනෙකු වූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙක්. ඔවුන් තවත් EP තැටියක් Philips ලේබලයෙන් නිකුත් කළා. Supertone නාමාවලිය VTA අංක 1007 දරන මේ නිකුතුවේ අඩංගු වුණේ  'මලයි වැලයි', 'සිහිල් නුවන්', 'සුරඟන වෙස් වලා' සහ 'මාගේ වියෝවෙන්' යන ගීත. මේ කාලයේදී ක්ලැරන්ස් ගීත ලිව්වේ ආවේශ වෙලා වගේ. ගීත පිට ගීත, අදහස් පිට අදහස්, තනු පිට තනු, ඔහු නිමක් නැතිව හැදුවා. නමුත් ඒවාට සාපේක්ෂව ජනප්‍රිය වුණේ ටිකයි. "කමක් නෑ, මේකත් part of the process නේ" කියලා ඔහු continue කරා. මේ කාලයේදී ඔහු singer / vocalist කෙනෙක් විදිහට ඔහුගේ හැකියාවන් දියුණු කරගත්තා වගේම, band leader කෙනෙක් විදිහට ඔහුගේ band members ලා ගැනත් අවධානයක් දුන්නා. මුලින්ම English songs කියන්න band එකට ගත්ත අනිල් භාරතී ව අවුරුද්දක් තිස්සේ evaluate කරලා සිංහල ගිත ගායනා කරන්න අවස්ථාව දුන්නා වගේම උනන්දු කරා. 'අද වෙයි ඉරු දින', 'ටිකිරිමලී', 'මා ආදරෙයි නංගියේ' වගේ ජනප්‍රිය ගීත සහ "බෙත්ලෙහෙම්පුරේ" කියන නත්තල් ගීතය පවා ඔහුට ගායනා කරන්න ලබා දුන්නා. ඒ decision එක Sri Lankan gospel music scene එකේ core point එකක්. මොකද, අදටත් ශ්‍රී ලාංකික අපිට නත්තල සම්පූර්ණ වෙන්න 'බෙත්ලෙහෙම්පුරේ' ගීතය අනිල් භාරතීගේ හඬින් අහන්න ඕනෑමයි. ලාංකිකා ඇගේ debut performance එක 'කිමද නාවේ' ගිතයෙන් සිදුකළා.


මෙන්න ලස්සන කොටසක්: චානක සහ ලංකිකා 1971 දෙසැම්බරයේදී විවාහ වුණා! ක්ලැරන්ස් ඔවුන්ගේ විවාහ මංගල්‍යය වෙනුවෙන්ම "රන් සීනු හැඬවී" ගීතය ලිව්වා, හරිම මිහිරි ගීතයක් ඒක. අද කාලේ ඔය වගේ දෙයක් කියන්නේ Shangri-la එකේ wedding එකක් ගන්නවාට වඩා ලොකු flex එකක්.


1972 දී ඔවුන් ඔවුන්ගේ තුන්වන නිකුතුව සූරිය ලේබලයේම නාමාවලිය CHB අංක 022 දරන EP තැටියෙන් නිකුත් කරා. ඒක "Dynamic New Sound of the Golden Chimes: Vol.2" ලෙස නම් කළ අතර ඒ නිකුතුවේ 'ඉරු දින', 'සඳයි තරුයි', 'තක්කිට තරිකිට', 'මුහුදු රැල්ල' යන ගීත අයත් වුණා. ජීවිතයෙන්ම ආභාෂය ලැබුණු ජනප්‍රිය ගීත නිරන්තරයෙන් ක්ලැරනස් හැදුවා . හොඳ උදාහරණයක් තමයි 1972 ලංකිකාට ඇගේ පළමු පුතා ලැබුණ එක.  ක්ලැරන්ස් මොකද කරන්නේ? ඒ පුතාට "සිහින පැතුම් විමනේ" ගීතය ලියනවා. ඒ කතාවත් හරි රසවත්. පුතාගේ උපන්දිනය සමරන්නට චානක හා ලාංකිකා සම්භාෂණයක් තියනවා. ඒකට ක්ලැරන්ස්ටත් ආරාධනා ලැබෙනවා. නමුත් ඔහු එයට සහභාගි වෙනකොට චූටි පුතාට තෑග්ගක් ගන්න අමතක වෙලා. ඉතින් ඕක ක්ලැරන්ස්ට මතක් වෙලා තියෙන්නේ ගේ දොරකඩ දී. ඉතින් මිනිත්තු කීපයක් ඔය ගැන කල්පනා කර කර ඉන්න අතරේ ඔහු ගෙදර එහා පැත්තේ තියෙන recording studio එක දැක්කා. ඔය studio එකේ තමයි band එක ඒ කාලේ practice කරේ. ඉතින් චානක ඇවිල්ලා ක්ලැරන්ස්ව පිලිගන්න හදනකොට, ක්ලැරන්ස් එයාටයි ඇනස්ලිටයි පොඩ්ඩක් studio එකට එන්න කියලා, පැය ½ ක් ඇතුලත ගීතයක් හදලා ගිටාරයෙන් තනුවකුත් දැම්මා. ඊට පස්සේ ඒ ගීතය තමයි චූටි පුතාට තෑග්ගක් විදිහට ගායනා කලේ. ඒ ගීතය තමයි "සිහින පැතුම් විමනේ" කියන ගීතය.



1973 මුල Golden Chimes, ක්ලැරන්ස් එක්ක කරපු අන්තිම studio album එක Lotus ලේබලය යටතේ නාමාවලිය අංක LEC003/GC/001 දරන EP තැටියෙන් නිකුත් කරනවා. ඒ නිකුතුවට 'කිරි මුහුද', 'සුදු මැණිකේ' වගේම මං කලින් කියපු 'බෙත්ලෙහෙම්පුරේ', 'මා ආදරෙයි නංගියේ' ගීත ද ඇතුලත් වුණා.

මතකද මම කලින් කිව්වා ඩික්සන් ගුණරත්න ප්‍රධාන ගිටාර් වාදකයා ලෙස Golden Chimes කණ්‌ඩායමට එකතු කරගත්ත එක ක්ලැරන්ස් ඔහුගේ ජීවිතයේ ගත්ත හොඳම decisions වලින් එකක් කියලා? මේ කාලෙදී ඒ decision එක pay off වෙන්න පටන්ගත්තා. ක්ලැරන්ස් visualise කරපු තනු ඩික්සන්ගේ ගිටාර් වාදනයෙන් create වුණා. මොකද ඩික්සන්ගේ lead ගිටාරය ගැන තිබූ අවබෝධය ක්ලැරන්ස්ට ඔහුගේ සංගීත ඛණ්ඩ වලට උපයෝගී කරගන්න පුළුවන් වුණ එක. මේ ක්ලැරන්ස්-ඩික්සන් සුසංයෝගය Golden Chimes කාලය පුරාවටත්, ඉන් පසුවත් සිංහල පොප් සංගීතය define කරපු යුගයක්.

මං කලින් කිව්වා වගේ ඔබ දන්නවා සංගීත කණ්ඩායම්වල අවසානය කොහොමද වෙන්නේ කියලා. සමහර විට, යාලුවන්ට විවිධ දේවල් උත්සාහ කරන්න ඕන, පරණ කට්ටියත් එක්ක අලුත් දේවල් අත්හදා බලන්න ඕන. ඉතින් ඔය වගේ නොයෙකුත් හේතු මත 1973 මැයි මාසයේදී, ක්ලැරන්ස් ගෝල්ඩන් චයිම්ස් වලින් ඉවත් වීමට තීරණය කළ අතර, ඩික්සන් ගුණරත්න ඔහු සමඟ ගියා. පසුව ඔවුන් ඇනස්ලි සමඟ "Super Golden Chimes" නමින් නව සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා. මේක band එකේ අනෙක් අයට ටිකක් shocking news එකක් වෙන්න ඇති කියලා මම හිතන්නේ. ඒත් මේක inevitable දෙයක්.

නමුත් ලාංකිකා සහ චානක, "අපි නවතින්නේ නැහැ," ලෙස සිතා band එක දිගටම continue කරා. ඇත්තටම ක්ලැරන්ස් ගියාට පස්සේ ඔවුන් තමයි සංගීත කණ්ඩායමේ responsibilities ගත්තේ. මං හිතන්නේ 1974 දී ඔවුන් ගිටාර් වාදනය කිරීමට සහ ගායනා කිරීමට හැකි ලක්ප්‍රිය ද සිල්වා සහ රුක්ෂාන් ද සිල්වා band එකට introduce කර ඔවුන් දිගටම perform කරගෙන ගියා. "මොලකැටි පුතු" සහ "දළදා පෙරහැර" වැනි ගීත නිකුත් වුණා. Newsound ලේබලයෙන් ඔවුන් නිකුත් කල නාමාවලිය EBDK අංක 0015 දරන EP තැටිය ක්ලැරන්ස් ඉවත්ව ගිය පසු ඔවුන් නිකුත් කල පළමුවන නිකුතුවයි. එයට 'සිහිවෙයි', 'පුතු නිදියයි', 'හිරු ඉපදෙන විට', 'මුල අමතක අය' යන ගීත ඇතුලත් වුණා. එලෙස ඔවුන්ට තවත් තැටි තුනක් පවා නිකුත් කිරීමට හැකි වුණා. ඒක ඇත්තටම ධෛර්යයක්.

1970 දශකය අග භාගය වන විට චානක පෙරේරා විදේශගත වෙනවා. ඒ කාලේ  ලාංකිකා ගීත ලියමින්, කණ්ඩායමේ නායකත්වය දරමින් දිගටම ඉදිරියට ගියා. ඇය, ප්‍රියා පීරිස් සහ කරුණාරත්න අබේසේකරගේ සහය ඇතිව ගීත කීපයක් නිර්මාණය කරා. "ගුවන් යානය" ගිතය, ඉන් එකක්. ඇය "යේසුස්ගේ ගීත" සහ "යේසුස්මෙන් මිතුරෙක්" යන gospel ගීත පවා කළා. ඉන් ඇගේ පරාසය එළිදැක්වෙනවා.

ක්ලැරන්ස් ඉවත්ව ගිය පසු Golden Chimes ලා ට විශාල ජනප්‍රිය ගීත එතරම් නිතර නොතිබුණා තමයි, නමුත් අලුත් band එක ඔවුන්ගේ ස්ථානය සොයා ගත්තා. ඔවුන් 1980 දශකය වන විට ලංකාවේ හොඳම dance bands 5න් එකක් බවට පත් වෙනවා. බොහෝමයක් celebrations වලට සෑම කෙනෙකුටම Golden Chimes නැතුවම බැරි band එකක් වුණා! ඔවුන් අලුත් අය ද lineup එකට එකතු කළා. Keyboard එකට Layasing deSilva, පසුව Terry Miskin සහ රවීන්ද්‍ර ප්‍රනාන්දු.1986 දී, ඔවුන් Sunday Observer වෙතින් "වඩාත්ම ජනප්‍රිය සංගීත කණ්ඩායම" සම්මානය දිනා ගත්තා! Fans ලා ගෙන් දිනාගත් ආදරය ඔවුන්ට නැතිවුණේ නෑ. ඒ නිසාම ඔවුන් ලොව පුරා රටවල සංචාරය කිරීමට, වාදනය කිරීමට පටන් ගත්තා.

2000 දී, ඔවුන් ඔවුන්ගේ 30 වන සංවත්සරය සැමරුවා! තිස් වසරක් කියන්නේ සාමාන්‍යයෙන් music business එකේ ජීවිත කාලයක්. අද වන විට Golden Chimes කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන්ගේ දිවියේ සැඳෑ සමය සුවපත් ලෙස ගත කරනවා. කණ්ඩායමේ අවසන් lineup එක වෙන්නේ  චානක පෙරේරා  bass වාදනයෙන් හා ගායනයෙන්, ලාංකිකා පෙරේරා ගායනයෙන් , ජගත් පීරිස් lead ගිටාර් වාදනයෙන්, පිමල් ප්‍රනාන්දු keyboard වාදනයෙන්, අජිත් විජේරත්න drums වාදනයෙන් සහ ඩේන් අස්මෝනා ගායනයෙන්.

Golden Chimes ලා ගේ සංගීතය ගත්තොත්, එයාලට ආවේණික වූ ලක්ෂණ බොහෝමයක් නැතත්, ක්ලැරන්ස්ගේ music style එක evolve වෙන ආකාරය ඒ timeline එක පුරාම පැහැදිලි වෙනවා.

මුලදී songwriting පැත්තට බර වෙලා හිටපු ක්ලැරන්ස් band එකේ විකාශයත් සමග singer/vocalist පැත්තට බර වෙනවා. ඒ නිසාම ඔහුගේ ගීතවල පද රචනයට කරුණාරත්නඅබේසේකර පමණක් නොව K.D.K ධර්මවර්ධන, අජන්තා රණසිංහ වැනි පද රචකයන් ගෙන් ද සහය ලබාගන්නවා.

ඒ වගේම, සංගීත ශෛලීන් සමග විවිධ අත්හදා බැලීම් කරන්න ඔහු පෙලඹෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි "සුරඟන වෙස් වලා" කියන ගීතය හැදෙන්නේ. උඩරට බෙර පද තාලයේ ආරයට විද්‍යුත් ගිටාරයේ නාදය සමග නිර්මාණය වුණ ගීතයක් මේක.

ක්ලැරන්ස්ගේ මේ change එකට හේතු වූ key figure එකක් තමයි මං කලින් කියපු lead guitarist ඩික්සන් ගුණරත්න. ඩික්සන් ගුණරත්න කියන්නේ සිංහල පොප් සංගීතයේ trailblazer කෙනක්, Sri Lankan guitarist community එකේ නිහඬ යෝධයෙක්, 70 දශකයේ ලාංකේය පොප් සංගීතයේ guitar icon එකක්. (හැබැයි ඔහුට ඒ standalone spotlight එක හම්බවෙන්නේ නෑ 2010 දශකයේ අගභාගය වෙනකන්. මං හිතන්නේ golden chimes fans ලා, super golden chimes fans ලා හැරුණු කොට guitarist community එක & modern music fans in general ඩික්සන් ගුණරත්න ගැන දැනගන්නේ Super Golden Chimes Reunion Concert එකෙනුයි, රුක්ෂාන් කරුණානායක අයියා කරපු 'Electric Guitar & Sinhala Pop' discussion එකෙනුයි.) Recordings & performances වලදී ඩික්සන් ඒ ගීත වලට add කරපු changes වලට නොවෙන්න අපි ක්ලැරන්ස්ගේ sound එක කියලා තාමත් හිතන්නේ Moonstones sound එක. පෙලක් අවස්ථා වලදී මේ changes වලට ක්ලැරන්සුත් skeptical වුණත් එයාගේ music style එකට ඒවා essential වුණා. උදාහරණ කීපයක් විදියට: 'කිමද නාවේ' ගීතයට ඩික්සන් භාවිතා කරපු mute guitar technique එක, 'මලට බඹරෙකු සේ' ගීතයට භාවිතා කල phaser effect එක, 'සඳයි තරුයි' ගීතයට භාවිතා කල wah pedal effect එක, අපිට ගන්න පුළුවන්. (මේ ගැන හරි ලස්සනට රුක්ෂාන් අයියා අවුරුදු කීපයකට කලින් කරපු "electric guitar & sinhala pop" කියන discussion එකේ පැහැදිලි කරනවා.)

ඒ අතින් ගත්තොත් ඩික්සන් විසින් භාවිතා කරපු techniques බොහොමයි.

• phaser effect එක

• mute guitar techniques

• tremolo arm එකෙන් ගත්ත uses

• pitch bending 

• wah pedal effect එක

• thumb on neck trick එක

• dual picking technique එක

ඒවායින් හරිම unique. නමුත් Western music වල මේවා simple techniques ලෙස සලකන්නේ.

මේ විදිහට ඩික්සන් ගුණරත්න විසින් ක්ලැරන්ස් විජේවර්ධන සමග ගොඩනගා ගත් sound eka සිංහල පොප් සංගීතයේ ඔවුන්ගේ නම් එක්ක synonymous වුණා.

අදටත් ලංකාවේ guitarist ලා ඩික්සන් ගුණරත්න  ලාංකේය සංගීතයට දායාද කරපු techniques භාවිතා කරනවා.

70 දශකය කියන්නේ ලාංකේය youth සංගීතයේ ක්ලැරන්ස්ගේ influence එක තදින් තිබූ කාලයක්. කෙතරම් තදින් ද කිව්වොත් නදීක ගුරුගේ සර් ඒක හඳුන්වන්නේ "ක්ලැරන්සියානු සංගීතය" කියලා. ඔහුට අනුව, මේ "ක්ලැරන්සියානු සංගීතය" ප්‍රධාන කොටස් 2කින් යුක්තයි.

1. ක්ලැරන්ස් හා ඔහුගේ rhythm ගිටාරය 

2. ඩික්සන් හා ඔහුගේ lead ගිටාරය 

මේ elements 2 එකතුවෙන් තමයි 70 දශකයේ ක්ලැරන්ස්ගේ image එක හැදෙන්නේ. ඒක පටන් ගන්නේ Golden Chimes කාලෙදී.

මං උඩදී කිව්වා Moonstones අග භාගයේදී ක්ලැරන්ස් electric ගිටාරයට switch වෙනවා කියලා. Golden Chimes කියන්නේ ක්ලැරන්ස්ගේ ඒ electrification process එකේ end result එක. එයාලාගේ instruments සියල්ලම electric. Electric rhythm ගිටාරය, electric lead ගිටාරය, electric bass ගිටාරය, YC10 electric organ එක, full acoustic drum set එක (with foot, snare, hi hat, cymbal) තමයි ඒවා. Golden chimes ලා ගේ sound එක එයාලගේ සමකාලීන සංගීත කණ්ඩායම් වල sound එක්ක compare කරනකොට හම්බවෙන දෙයක් තමයි ඒ කිසිම කණ්ඩායමක සිංහල ගිතවල electro-acoustic blend ගතියක් ඇහෙන්නේ නැති එක. එක්කෝ full acoustic style, නැත්නම් full electric style. හැබැයි ඒ full electric sound එක ඇහෙන්නෙත් ඒ සංගීත කණ්ඩායම්වල බොහෝවිට English songs වල. ඉතින් ඒ line of logic එකේ ගියොත් Golden Chimes කියන්නේ ලංකාවේ පළමුවන electro-acoustic recording bands වලින් එකක් වෙන්නත් පුළුවන්. (නමුත් මේක අදහසක් විතරයි, ඒත් මේ ගැන තව සාක්ෂි හොයාගන්න පුලුවන් වුනොත් ඒක ක්ලැරන්ස්ගේ වගේම Golden Chimesලා ගේ legacy එකටත් ලොකු addition එකක්.) මේ නිසා electric instruments භාවිතය නිසා ක්ලැරන්ස්ගේ සංගීතයේ quality එක Moonstones යුගයට වඩා significantly upgrade වුණා.

ඒ quality එක upgrade වෙන්න තවත් හේතුවක් වන්නේ ඔහුගේ තනු නිර්මාණය ද වෙනසකට ලක් වීමයි. මං කලින් මගේ Moonstones ලිපියේ ලියලා තිබ්බා 'ක්ලැරන්ස් ඔහුගේ ගීතවල ලොකුවට minor chords භාවිත කරන්නේ Golden Chimes කාලේ' කියලා. Minor chords විතරක් නෙවෙයි, මේ කාලෙදි ඔහු sus4, dominent 7th chord progressions ද භාවිත කරනවා. ඒ style change එකට ඉවහල් වෙන්නෙත් ඩික්සන් ගුණරත්නගේ unique playing style එකට adapt වෙන්න. ඒ වගේම ඔහු ගීත කීපයකට western music වල slow rock rhythm එක භාවිත කරනවා. (උදා: මාගේ වියෝවෙන්, නිසංසලේ අපි හමුවෙලා)

මේ වගේ කරුණු තියෙනවා Golden Chimes ලා 70 දශකයේ සංගීත විප්ලවයේ front liners ලා ගෙන් එකක් බවට පත්කරන. රසවත් කතාන්දර වගේම ඔවුන්ගේ සංගීතයේ හොයන්න වගේම compare කරන්න පුලුවන් ලක්ෂණ, ඔවුන්ගේ කණ්ඩායමේ විකාශය වගේ නොයෙක් දේවල් තියෙනවා ටිකක් සැඟවෙලා තියෙන, ඒත් හොයන්න පටන් ගත්තොත් කවමදාකවත් එපා වෙන්නේ නැති. එහෙම ගත්තොත් Golden Chimes ලා කියන්නේ ලංකාවේ 'superband' කියන concept එක නිර්මාණයට හේතුවන main blueprint එක. මොකද, Golden Chimes කණ්‌ඩායම හින්දා තමයි ක්ලැරන්ස්, ඇනස්ලි සහ ඩික්සන් 73 දී මුලු ශ්‍රී ලංකාවම දන්න Super Golden Chimes කියන superband එක create කරන්නේ. කුඩා කාලයක් වුවත් ක්ලැරන්ස්ගේ full potential එක unlock කරගන්න හේතුවුණු යුගයක් තමයි මේ Golden Chimes යුගය. කණ්ඩායම කෙටි කාලීන වුණත් ඔවුන් බිහිකරපු සංගීතය සදාකාලිකයි.

මේ ජූනි මාසයේ අග ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන තියෙන "ක්ලැරන්ස්: Rhythm of the Guitar" movie එක release වෙනවා. ඒ ගැන මං මාර විදිහට hype වෙලා ඉන්නේ. මොකද මට මගේ music hero ගැන තියෙන movie එකක් බලන්න chance එකක් finally හම්බවෙනවා. ඉතින් මේ මාසේ ඉවර වෙන්න කලින් මේ තුන්වන ලිපිය ලියන්න ඕන කියල මට හිතුනා. මේ වගේ හුඟක් කතන්දර ගැන මට දැනගන්න ලැබෙන්නේ පොත්පත් වලින්, වැඩිහිටියන් කීපදෙනෙක්ගෙන් හා Internet එකේ පීරලා පීරලා හොයපු interviews කීපයකින්. මට මේ කරුණු හොයන්න ලොකුවටම උදව් වුණේ රුක්ෂාන් අයියා කරපු electric guitar  discussion එකයි, Lakehouse එකේ Archives වල තිබ්බ news paper articles වගේම Sooriya village එකේ තිබ්බ artist interview tapes කීපයක්.

ඉතින්, මෙතැනින් මම Golden Chimes සංගීත කණ්ඩායම ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.

සටහන:- අමිරු ජයමහ 
2025.06.12 දීය.



Wednesday, July 16, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 02 - ක්ලැරන්ස් සහ මූන්ස්ටෝන්

මේත් ෆේස්බුක් හි අමිරු ජයමහ මහතාගෙන් උපුටා ගත් ලිපියක්...

ක්ලැරන්ස් විජේවර්ධන සහ මූන්ස්ටෝන්ස්


ශ්රී ලංකාවේ සිංහල පොප් සංගීතයේ වඩාත්ම බලගතු සංගීත කණ්ඩායම් අතරින් එකක් ලෙස Moonstones කණ්ඩායම හඳුන්වන්න පුලුවන්. කණ්ඩායමේ ගීත රචකයෙකු, තනු නිර්මාපකයෙකු හා ගායකයා ලෙස ක්ලැරන්ස් විජේවර්ධනගේ, සහ ප්රධාන ගායකයා ලෙස ඇනස්ලි මාලේවන ගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම සංගීත ක්ෂේත්රය කුණාටුවක් වගේ ප්රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගත්තා වගේම 60 දශකයේ අගභාගයේදී සහ 70 දශකයේ මුල් භාගය පුරාවටම ශ්රී ලංකාවේ ජනප්රියම සංගීත කණ්ඩායමක් බවට පත්වුණා.
නමුත්, මෙම කණ්ඩායමේ ආරම්භය 1964 දක්වා දිව යනවා. රත්නපුරේදී Los Harmonicos නමින් පටන් ගන්න මේ කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් වුනේ චාර්ල්ස් සෙනෙවිරත්න, ප්රේම් අත්තනායක හා ක්ලැරන්ස් විජේවර්ධන යි. ඒ ක්ලැරන්ස් විජේවර්ධනයන්, කිංස්ලි පෙරේරාගෙන් ගිටාර් ඉගෙන ගන්න කාලේ. මම අහලා තියෙන විදියට, කිංස්ලි පෙරේරා කියන්නේ ක්ලැරන්ස්ගේ මුල්ම හා එකම සංගීත ගුරුවරයා. 1964-1966 කාලය තුල Los Harmonicos රත්නපුරය හා ඒ අවට පැතිවල විවිධ අවස්ථා හා උත්සව වල වාදනය කරමින් සිටි අතර එක් දිනක, උපන්දින සාදයක වාදනයට ආරාධනා ලැබෙනවා. ඒ ශ්රී සඟබෝ කොරෙයා මහතාගේ දියණියගේ උපන්දින සාදයට. මොවුන්ගේ වාදන හැකියාව ගැන කැමති හා උනන්දු වෙන මෙතුමා, කොළඹ යාමට අවස්ථාවක් මොවුන්ට ලබා දෙනවා. ක්ලැරන්ස් මේ අදහසට කැමති වන නමුත් ප්රේම් සහ චාර්ල්ස්, ඔවුන්ගේ රැකියා කටයුතු නිසාත්, ඔවුන්ගේ ගායන විලාශය සඟබෝ කොරෙයා මහතා බලාපොරොත්තු වූ මට්ටමක නොවූ නිසාත්, ප්රතික්ෂේප කරනවා. ඒ නිසා ක්ලැරන්ස් විජේවර්ධනයන් හට මේ දෙදෙනාට සමු දෙන්න සිදුවෙනවා.
1966 දී ශ්රී සඟබෝ කොරෙයා, ක්ලැරන්ස් විජේවර්ධන සමඟ සුදුසු ප්රධාන ගායන ශිල්පියෙක් විදිහට ඇනස්ලි මාලේවන සොයා ගැනීමත් එක්ක සංගීත කණ්ඩායම සම්පූර්ණ කරනවා. ක්ලැරන්ස් (rhythm guitar) සහ ඇනස්ලි (vocals) මොන්ටි වත්තලදෙණිය (වටලාදෙණිය?) (Congo & Cuban drums) සහ ධම්මික විජේසිරි (Maracas) කණ්ඩායමේ සාමාජිකයන් වුණා. ශ්රී සඟබෝ කොරෙයා මෙම දක්ෂ කලාකරුවන් කොළඹට ගෙන්වා ගත්තා පමණක් නොව කණ්ඩායමට "The Moonstones" යන නම ලබා දුන්නේ ඔවුන් රත්නපුරයෙන්, එනම් මැණික් නගරයෙන් ආරම්භ වූ නිසා. ගුවන්විදුලියෙන් බොහෝ තරු ප්රවර්ධනය කළ පුද්ගලයා පිළිබඳ හැඳින්වීමක් සඟබෝ කොරෙයා ඔවුන්ට ලබා දුන්නා; ඒ සඟබෝ කොරෙයාගේ ඥාති සහෝදරයෙක් වූ විජය කොරෙයා. The Moonstones ප්රථම වරට විජය කොරෙයා විසින් ඔවුන්ගේ "මංගෝ නැන්දා" record තැටිය ප්රචාරණය කරන ලද්දේ 1967 වසරේ සෙනසුරාදා රාත්රී 9.00 ට Radio Ceylon හි "Saturday - Stars" වැඩසටහන සඳහා. එය කණ්ඩායම ක්ෂණික කීර්තියට පත් කරනවා. ඒ නිසාම මංගල රොද්රිගු (lead guitar), සුනිල් මාලවන (lead guitar), උපාලි උබේසේකර (sitar) සහ ෆෙරෝස් අස්මන් (base guitar) 1967 දී සංගීත කණ්ඩායමට එක් වෙනවා. එම වසරේදීම "Beacons" සංගීත කණ්ඩායම සමඟ මංගල උත්සවයකදී වාදනයකින් ආශ්වාදයක් ලැබූ ක්ලැරන්ස් සංගීත කණ්ඩායමට විද්යුත් ගිටාරය හඳුන්වා දෙනවා. අවසානයේ බීකන්ස් හි චානක පෙරේරා (base guitar) සහ විජිත් පීරිස් (drums) සංගීත කණ්ඩායමට එකතු වෙන අතරම ඔවුන් පසුපස ගොස් අජිත සිවානන්දන් (piano) ද එකතු වෙනවා.


Moonstones ඔවුන්ගේ පළමු වාර්තාගත album එක Philips ලේබලය මත Gowri Corporation සමඟ අත්සන් කරනවා, නාමාවලිය JVPC අංක 007 දරන EP තැටිය "මංගෝ නැන්දා", "සුදු මැණිකේ", "සීත උදේ" සහ "රුවන්පුරය" යන ගීත ඇතුළත් වෙනවා. ඔවුන්ගේ සංගීතය ප්රථම වරට Radio Ceylon ඉංග්රීසි සේවාවන්හි සහ පසුව ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්රචාරණය වෙනවා. The Moonstones සංගීත කණ්ඩායම ඔවුන්ගේ "මංගෝ නැන්දා" ගීතයෙන් සිංහල සේවයේ record charts වල අංක 1 බවට පත් වූ පළමු සංගීත කණ්ඩායම වෙනවා. ඇත්තටම මේ ගීතය සිංහල සහ ඉංග්රීසි popularity charts දෙකේම ඉහළින්ම තිබුණා. Moonstones ලා ගෙන් "King" Elvis Presley පවා අංක 2 ස්ථානයට තල්ලු වෙනවා. ඉන්පසු ඔවුන් ජනප්රියත්වයෙන් ඉහළම තත්ත්වයට පත්වන්නේ 1968 දී Children's book shop හි ජෙරල්ඩ් වික්රමසූරිය ඔහුගේ අලුතින් පිහිටුවන ලද සූරිය ලේබලය සඳහා සංගීත කණ්ඩායමට අත්සන් කිරීමත් සමඟ, (ඔවුන් ජෙරල්ඩ් වෙත හඳුන්වා දුන්නේ ඔහුගේ පුත් නේතාජි විසිනි. ඒ, සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මංගල රොද්රිගු නෙතාජිගේ මිතුරෙකු වූ නිසා.) The Moonstones හි පළමු EP තැටිය "More Hits by The Moonstones" සූරිය ලේබලයේ පළමු album එක බවට පත් වෙනවා. එහි "කලු මාමා", "රෝස මලේ", "ගොයම් කපනවා", "රමණී" යන ගීත ඇතුළත් වෙනවා.
කණ්ඩායම එම වසරේම සූරිය ලේබලය සමඟ ඇතිකරගත් දෙවන ගිවිසුම වූයේ "දිල්හානි", "ගොන් වස්සා", "සුමුදු මල්" සහ "කුසුමලතා" යන ගීත සඳහා වන අතර ඒවා "දිල්හානි" ගීතය සඳහා සුදුසු කාන්තා කටහඬක් සොයමින් සිටි නිසා පටිගත කිරීම හරියට සිදුවුණේ නෑ. ඒ සඳහා ඇනස්ලි, ඉන්ද්රානි පෙරේරාව කණ්ඩායමට හඳුන්වා දෙන තෙක් බලා සිටීමට සිදු වෙන්න වුණා. මේ අනුව ඔවුන්ගේ දෙවන නිකුතුව 1969 මැයි 11: ගිවිසුම අත්සන් කිරීමෙන් හරියටම වසරකට පසුව නිකුත් වුණා. ඒ album එක, EP තැටි ඉතිහාසයේ එදා මෙදා තුර ලැබූ ඉහළම ආදායම් වාර්තාව සනිටුහන් කලා. මේ වන විට ඇන්ටන් ගුණතිලක album එක සඳහා lead guitarist කෙනෙක් විදිහට පෙළගැස්මට එකතු වුණා. සමූහයේ ඊළඟ album එක "Moonstones with Indrani Perera" නමින් නැවතත් සූරිය විසින් නිෂ්පාදනය කරන්නේ Decca ලේබලය මත. ඉන්ද්රානිගේ "වන දෙව්ලිය තුරුලේ" ලෙසින් ප්රකට "සීගිරිය", ඇනස්ලි සහ ඉන්ද්රානිගේ යුග ගීතයක් වූ "පෙම් කතාව" (මම එදා ගොසින්), ඇනස්ලිගේ "රාළහාමි" සහ "සුමුදු සමන් මල්" යන ගීත EP තැටියෙහි ඇතුළත් වුණා.
1972 දී ක්ලැරන්ස් විජේවර්ධන Moonstones හැර ගිය අතර ඇනස්ලිට සංගීත කණ්ඩායමට නායකත්වය දීමට සිදු වුණා. එබැවින් සාමාජිකයන් මයික් ගුණසේකර (rhythm guitar & harmony), සුනිල් මාලවන (base guitar), මංගල රුද්රිගෝ (lead guitar), Lorenz Mauricks (keyboard), Stanmore de Jonk (drums) සහ ලලිත් ප්රනාන්දු (vocals) ගෙන් සමන්විත විය. මෙම සංගීත කණ්ඩායමේ "දුන්හිඳ මනමාලි" සහ "තොටියා" වැනි බොහෝ ගීත ජනප්රිය වූ අතර සිංහල සහ බටහිර පොප් සංගීතය යන දෙකම ගායනා කරන dance band එකක් ලෙස ඉතා ඉක්මනින් කීර්තියක් ගොඩනඟා ගත්තා. The Mendis Foursome විසින් රචිත සූරිය ඇල්බමය CHB 027 “මම බොහොම බයවුනා” සහ පෝල් ප්රනාන්දුගේ CHB 031 “එගොඩ ගොඩේ” සඳහාද Moonstones පසුබිම් සංගීත කණ්ඩායමක් ලෙස ද ඉදිරිපත් වුණා. එය ජනප්රිය "සූරිය Show" සංදර්ශනවල දිගටම ප්රදර්ශනය වුණා. Moonstones, Radio Ceylon හි සිංහල පොප් ගීත විකාශනය කළ පළමු කිහිප දෙනාගෙන් එකක් වූ අතර සංගීත කණ්ඩායම විද්යුත් ගිටාර් සහ සිතාර් සංගීතය පිළිබඳ අත්හදා බැලීම් සමඟින් සිංහල පොප් හි පරිවර්තනයක් සනිටුහන් කළා. සංගීත කණ්ඩායම අවසානයේ විසිරී ගිය නමුත් ඇනස්ලි සහ ක්ලැරන්ස් පසුව 'The Super Golden Chimes' පිහිටුවීමට නැවත එක් වෙනවා.
Moonstones ලා ගේ සංගීතය ගත්තොත්, ඒකේ පැහැදිලිව පෙනෙන ලක්ෂණ කීපයක්ම තියෙනවා.
• මුල් කාලයේදී acoustic ගිටාරය හා electronic නොවන acoustic instruments භාවිත කිරීම.
• ගීතවල සරල narrative pattern එකක් තිබීම.
• ලාංකේය කණ්ඩායම් ගීතවල වැඩිපුර භාවිත වූ parallel multiple chord techniques වලට ටිකක් වෙනස් single parallel chord technique එකක් භාවිත කිරීම.
• තම ගීත සඳහා semi-classical song format එක භාවිත කිරීම.
(intro -> chorus -> interlude -> verse 1 -> interlude -> verse 2 -> chorus)
• තම ගීතවල key එක සඳහා Dominant හෝ Sub Dominant key එකක් යොදාගැනීම.
• Intro හා interlude කොටස් වාදනයට ගිටාරය නොවන වෙනත් instrument එකක් භාවිත කිරීම. (Keyboard, sitar වැනි)
සාමාන්යයෙන් අපි හිතන්නේ "ක්ලැරන්ස්ගේ මුල් ගීතවල ඉඳන්ම prime instrument එක වුනේ guitar එක" කියලා. නමුත් මේ කාරණාව යම්තාක් දුරට ඇත්ත වන්නේ Moonstones මැද භාගයේ. හරියටම කිව්වොත්, මංගල රොද්රිගු band එකට ආවට පස්සේ. මෙයාලගේ "මංගෝ නැන්දා" album එකේ ගිටාරය භාවිත වෙන්නේ අඩුවෙන්. සිතාරය හා keyboard එක තමයි ටිකක් වැඩිපුර ඒ ගීතවල highlight වෙන්නේ. ඒ වුණත් ගීතවල තැනින් තැන noticeable වෙන guitar parts ද තිබුණේ නැත්තෙත් නෑ. ඒ වගේම මේ කාලේ ක්ලැරන්ස් එයාගේ ගීත බොහොමයක්ම නිර්මාණය කරන්නේ Major keys වලින්. Minor key එකකින් නිර්මාණය කළ ගීතයක් හමු වන්නේ නැති තරම්, මං හිතන්නේ. Minor keys වලින් ගීත නිර්මාණය කරන්න පටන් ගන්නේ ක්ලැරන්ස් Golden Chimes ඉන්න කාලේදී.
අනෙකුත් සංගීත කණ්ඩායම් වගේ Moonstones කණ්ඩායමත් (ක්ලැරන්ස්) ඔවුන්ගේ ගීතවලට වස්තු බීජ කරගත්තේ පරිසරය, චරිත හා පුද්ගලයින්,සමාජ සිදුවීම් වැනි මාතෘකා යි. පද රචනයේදී පවා නිදහස්ව බස හසුරවලා සරල භාෂාමය ආකෘතීන් වලින් පද පේලි ගැලපීමට ක්ලැරන්ස්ට හැකිවෙලා තියෙනවා. අපි ඉස්කෝලෙදී සිංහල වලට ඉගෙන ගන්න එළිවැට, එළිසමය ගැලපීම වගේ කාව්යෝපක්රම, ක්ලැරන්ස් මුල් කාලයේ භාවිත කලේ අඩුවෙන්. "මංගෝ නැන්දා" ගීතය මෙයට හොඳම උදාහරණයක්. නමුත් කාලය ගතවෙනවාත් සමගම Moonstones, ඔවුන්ගේ මුල් සංගීත විලාශය දැන් අපි දන්න Moonstones විලාශය දක්වා වෙනස් කරගෙන තියෙනවා.
Moonstones සංගීත කණ්ඩායම මුල් කාලයේදී acoustic instruments භාවිත කල බව මෙහි මම කලින් සඳහන් කලා. Acoustic (box) ගිටාරය, සැක්සෆෝනය, බටනලාව, සිතාරය, acoustic keyboard හෝ පියානෝව, කොංගෝ බෙරය, Maracas එවැනි සංගීත භාණ්ඩ යි. මුල් අවධියේ Moonstones මඳක් කැලිප්සෝ ප්රවේශයක් ගත් නිසා acoustic සංගීත භාණ්ඩ භාවිතය සාධාරණ බව පෙනී යනවා. නමුත් ක්ලැරන්ස් විවිධ සංගීත භාණ්ඩ සමග විවිධ අත්හදා බැලීම් කල බවට මම මගේ කලින් ලිපියේ ලියා තිබුණා. එය, ක්ලැරන්ස් Moonstones කාලේ ඉඳන්ම කල දෙයක්. ඉන්දියානු සිතාරය භාවිත කොට නිර්මාණය කරපු "මමයි මගේ ගිටාරයයි" ගීතය මෙයට හොඳම උදාහරණයක්. තවද "සීත උදේ පිපී මල්" ගීතයේ interlude part එකටද සිතාරය වාදනය වනවා.
මම කලින් සඳහන් කලා Moonstones ගීතවල ගිටාරය highlight වෙන්නේ මංගල රොද්රිගු කණ්ඩායමට සම්බන්ධ වුනාට පස්සේ කියලා. ඒ නිසා "දිල්හානි" ගීතය Moonstones ගීත අතරින් විශේෂ තැනක් ගන්නවා. ඒ, intro, interlude parts සියල්ල lead ගිටාරයෙන් වාදනය වූ පළමු Moonstones ගීතය වන නිසා. මෙම ගීතය ඉන්ද්රානි පෙරේරා මහත්මියව ප්රේක්ෂකයන්ට හඳුන්වලා දෙනවා. ඒකත් එක්තරා ආකාරයක රසවත් සිදුවීමක්. ඇනස්ලි මාලේවන, ඇයව Moonstones වෙත සහභාගි කරගන්නේ ඇයගේ ඉමිහිරි ගායනය නිසා. "දිල්හානි" ගීතය ජනප්රිය වීමත් සමඟ සජීවී ප්රසංග සඳහා සහභාගි වන ඉන්ද්රානි පෙරේරා වෙතට ප්රේක්ෂකයන් මුලින්ම දක්වන්නේ අකමැත්තක්. ඒ ඇයට "ගායිකාවක ගේ පෙනුමක් නැති" යැයි සමච්චල් කරමින්. නමුත් ඒ විනිශ්චයකාර ප්රේක්ෂකයන්ගේ කටවල් වසමින් ඇගේ ගායනය සිත් පැහැරගැනීමට තරම් ලයාන්විත වෙනවා. ගීතය අවසාන වනතෙක්ම නිහඬව සිටි එම ප්රේක්ෂකයන් ගීතය අවසන් වූ පසු "one more! One more!" යනුවෙන් ඔල්වරසන් දෙනවා. කෙනෙක්ව රූපයෙන් මනින්න බැරි බව මුලින්ම මම දැනගන්නේ මේ කතාවෙන්.
මේ වගේ හුඟක් කරුණු තියෙනවා Moonstones ලා කණ්ඩායම් සංගීතයේ පෙරළිකාරයන් බවට පත්කරන. රසවත් කතාන්දර වගේම ඔවුන්ගේ සංගීතයේ ගැඹුරින් සොයා බැලිය හැකි ලක්ෂණ, එකල සමාජ මතයන්ට හා කණ්ඩායම් සංගීතයට වෛර කල "ප්රබුද්ධ විචාරකයන්" ට එරෙහිව ලංකාවේ එකල තාරුණ්යයේ නව ආරක සංගීත රැල්ලක් ඇතිකල අයුරු, ඔවුන්ගේ කණ්ඩායමේ විකාශය වගේ නොයෙක් දේවල් තියෙනවා හොයන්න පටන් ගත්තොත් කවමදාකවත් එපා වෙන්නේ නැති. එහෙම ගත්තොත් Moonstones ලා කියන්නේ එක්තරා විදියක trendmakers ලා set එකක්. මොකද, එදා ඒගොල්ලන් ජනප්රිය කරපු "මංගෝ නැන්දා" වගේ ගීත අදටත් trips යද්දී, big match වල papare music වලට අපි කියනවා. කණ්ඩායම තාවකාලික වුණත් ඔවුන් බිහිකරපු සංගීතය සදාකාලිකයි.
පසුගිය ජූනි මාසයේ ඇනස්ලි මාලේවනගේ 75 වෙනි උපන්දිනය හා මේ අගෝස්තුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ 79 වෙනි උපන්දිනය යෙදී තියෙනවා. ඉතින් මේ අගෝස්තුවට කලින් මේ දෙවන ලිපිය ලියන්න ඕන කියල මට හිතුනා. මේ වගේ හුඟක් කතන්දර ගැන මට දැනගන්න ලැබෙන්නේ මගේ තාත්තාගෙන් වගේම මගේ සීයාගෙන් හා වැඩිහිටියන් කීපදෙනෙක්ගෙන්. මොකද මේ වගේ හුඟක් සිදුවීම් වෙනකොට ප්රේක්ෂකාගාරයේ සංගීත ලෝලීන් සමඟ ඒගොල්ලොත් හිටපු නිසා. ඒත් මට මේවා සුරංගනා කතා වගේ. හැම කතාවක්ම රසවත්. ඒත් අනෙක් මනඃකල්පිත සුරංගනා කතන්දර වගේ නෙවෙයි. මේවා ඇත්තටම අතීතයේ සිදු වූ ඒවා. මේවා ඇත්ත කියලා පෙන්වන සාක්ෂි තමයි ඔවුන් එදා නිර්මාණය කල අදටත් ඉතුරු වී තිබෙන ගීත.
ඉතින්, මෙතැනින් මම ශ්රී ලාංකේය කණ්ඩායම් සංගීතය නවමු මාවතකට යොමුකල සංගීත කණ්ඩායම ගැන මගේ හිතට ආපු අදහස් කිහිපය ලියා නිම කරනවා. මගේ සමහර කරුණු නිවැරදි නොවෙන්න පුලුවන්. එසේ නම් ඒවා පෙන්වා දෙන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා.
සටහන:- අමිරු ජයමහ
2022.07.28 දීය.




Saturday, July 12, 2025

සොබා දහමින් ශාපවැදුණු දඩයක්කාරයා


අද අපි කියවන්න යන්නේ මේජර් රොජර්ස් ගැන.

ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දඩයම් කළ තැනැත්තා වන මේජර් තෝමස් විලියම් රොජර්ස්, 19 වන සියවසේ මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ස්ටෝරි (1907) සඳහන් කරන හැටියට 1400 කට වැඩි ගණනකුත්, ග්‍රිල්ස් (1848) සඳහන් කරන හැටියට 2000 කුත්, ඔහු මරා දැමූ අලි ඇතුන් ගණන හැටියට සඳහන් වෙනවා.


1804 දී උපන් තෝමස් විලියම් රොජර්ස් ලංකාවට ආවේ 1824 දී කියා වාර්තා වෙනවා. ඔහු ලංකාවේ යුධ හමුදාවේ රයිෆල් රෙජිමේන්තුවට බැඳෙන්නේ 1824 ජනවාරි 7, දෙවන ලුතිනන් වරයෙකු හැටියට. 1826 දී ඇජුටන්ට්වරයෙකු වන ඔහු, 1827 දී කපිතාන් තනතුරට පත්වුණා. අලුපොත අණ දෙන නිලධාරි හැටියට 1828 සිට 1833 දක්වා සේවය කළ ඔහු, 1834 දී බදුල්ල උප දිසාපති සහ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් තනතුරට පත්වුණා. දක්ෂ පරිපාලකයෙකු වූ මේජර් රොජර්ස්, බදුල්ලේ තිබෙන බොහොමයක් තානායම් ද, බොහොමයක් මං මාවත් ද තැනවූවා. ඌව පළාතේ තිබෙන අනෙක් මං මාවත් සළකුණු කළේ ඔහු යි. මේ අතර නුවරඑළිය - බදුල්ල මාර්ගය ද ඔහු විසින් තැනවූණක්.


වෙල්ලස්සේ කැරැල්ළ, මාෂල් ලෝ මඟින් කෲර ලෙස මර්ධනය කළ පසු, බොහෝමයක් ගම්මාන පාළු වුණා. කැළෑව විසින් ගිළ ගැනුණු පිටිසර ප්‍රදේශවලට අලි ඇතුන්ගෙන් හානි වීම නිතර අසන්නට ලැබුණු පුවතක් වුණා. මේ වගේ පසුබිමක යුරෝපීය කෝපි වවන්නන්, හමුදා සහ සිවිල් නිලධරයන් අලි ඇතුන් දඩයම් කිරීම, ත්‍රාසජනක ක්‍රීඩාවක් වුණා. ඒ වගේ ම, මහජනතාවට කරන සේවයක් විදිහට පිටිසර ජනතාව සැළකුවා.

ඒ අනුව ලංකාවේ අලි ඇතුන් දඩයම් කළ දක්ෂතම දඩයක්කාරයා වුණේ මේජර් රොජර්ස්. ඌව ට සංක්‍රමණය වීමෙන් පසු ගත කළ අවුරුදු 11 තුළ ඔහු දඩයම් කළ අලි ඇතුන් ගනන 1400 කට වැඩියි. ඉන් 60කට වැඩි ගණනක් දළ ඇතුන්. 1840 ගණන්වල ඔහු හමුවීමට වෝල්ඩමර් කුමරු සමඟ පැමිණි වෛද්‍ය හොෆ්මයිස්ටර් වාර්තා කරන විදිහට, "ඔහුගේ මුළු නිවස ම පිරී තිබුණේ ඇත් දළවලින්. ඒ, ඔහු මැරූ සතුන් අතරින් හැටකට වඩා දල ඇතුන් වූ බැවින්. ඔහුගේ බරාඳයේ සෑම දොරක ම සිටුවන ලද දැවැන්ත ඇත් දළ තිබූ අතර, ඔහුගේ කෑම කාමරයේ සෑම මුල්ලක ම ඊට සමාන ජයග්‍රාහී සංකේත තිබුණා..."

මේජර් තෝමස් විලියම් රොජර්ස්


ඔහු ගේ අවසාන අවුරුදු දෙකේ දී, කෝපි වවන්නන් අතර ඔහු හැඳින්වුනේ ක්‍රීඩකයෙකු ලෙස නොව දරුණු ඝාතකයෙකු ලෙසයි. ලංකාවේ සිටි සිංහල බෞද්ධයන් මේ දැවැන්ත සත්ත්ව ඝාතන හෙලා දුටු නිසා, ඔහුට සේවය කිරීම පිළිකෙව් කළා. ඔහුගේ පෞද්ගලික සේවක, කෝකි අප්පු, තුවක්කුව රැගෙන යන්නා ආදී  සියලු ම සේවකයන් මැලේ හෝ දෙමළ ජාතිකයන් වුණා.

1845 ජනවාරි මාසයේ දී තවත් දඩයමක් සඳහා මොරවල කෝරළේ කෝපි වැවිලිකරුවන් කීප දෙනෙකු සමඟ, ඔහුගේ නිල නිවාසය පැවති බදුල්ල පැරණි ගම්මානයේ සිට, මින්නේරි පාරේ ගමන් කරමින් සිටින විට, ඔවුන් ට බෞද්ධ භික්ෂුවක් මුණ ගැසුනා. ඒ, මාර්ගය අසළ බෝ ගස් ගොන්නක් මැද පැවති පුරාණ දාගැබක් අසළ දී.

භික්ෂුව සන්සුන් ලෙස තම අත මේජර් රෝජර්ස් වෙත දිගු කොට මෙසේ කීවා, "සුදු මහත්තයෝ, තමුන්නාන්සෙගෙ වෙලාව බොහොම ළඟයි. තමුන්නාන්සෙ අපේ සහෝදරයන් මරා දමමින්, ඔවුන්ගේ ආත්මවල සැනසීම විනාශ කර දමමින් යන්නෙ. තමුන්ගෙ පවු මල්ල දැන් පිරිලා තියෙන්නෙ, හොඳට ම. ආපහු ඒ වගේ දරුණු වැඩකට තමුන්නාන්සෙ ගෙ ආවුදේ ඔසවන්න කලින්, තමුන්නාන්සෙ ට හෙණ ගහණව!"

බොහො ම ශාන්ත විදිහට ඒ වචන කියා, භික්ෂුව ආපසු ගියත්, අවට සිටි වැවිලිකරුවන් තුළ ඒ වචනවලින් ඇති කළ බලපෑම අති මහත්. මේජර් රොජර්ස් සෑහෙන වෙලාවක් ගත වන තුරු අශ්වයා පිට නොසෙල්වී සිටි අතර, ඔහුගේ දෑස් භික්ෂුව සිටි ස්ථානය වෙත එල්ල වී තිබුණා.

මේ කතාව සෑම තැනක ම පැතිරී ගියා. ඔහු ගිය සෑම තැනකදී ම පාහේ ඒ ගැන විහිළු කතා ඔහුට එල්ල වුණා. උදාහරණයක් හැටියට, ඔහු කොළඹ නාවුක සහ යුධ හමුදා සමාජ ශාලාවල දී ඔහු පිළිගැනුණේ මේ විදිහට, "හෙලෝ රොජර්ස්, තවමත් පණපිටින් නේ? අකුණ තාම වැදුනෙ නෑ නේ? අනතුරු ඇඟවුණු මිනිස්සු දිග කාලයක් ජීවත් වෙනවා..."

නමුත් මේජර් රොජර්ස් වෙනස් වුණා. ඔහු අලි දඩයම ගැන සඳහන් වුණු සෑම අවස්ථාවක දී ම වේදනාත්මක මුහුණකින් ඊට මුහුණ දුන්නේ.

නමුත් මාස කීපයකින්, බදුල්ලට ආසන්න ස්ථානයක, තනි අලියෙකු පහර දී කරත්තකාරයන් දෙදෙනෙකු මරා දැමුණා. උප දිසාපති හැටියට ඔහු ඒ තනි අලියා ගේ උවදුර අවසන් කිරීම සඳහා දඩයම් පාටියක් සංවිධානය කළා. ඊට ඇතුළත් වුණා, මධ්‍යම පළාතේ දිසාපතිවරයාත්, ඔහුගේ බිරිඳත්. ඔවුන් බදුල්ලෙන් පිටත් වී දවල් කෑමට හපුතලේ තානායමට ආවා. එතන දී හදිසියේ ඇදහැළුණු ඝර්ම කළාපයට පොදු අකුණු සහිත වැස්සකට ඔවුන් කොටු වුණා.

වැස්ස නැවතුණු පසු, වැස්ස හොඳට ම නතර වුණා දැයි බලන්න මේජර් රොජර්ස් තානායමින් එළියට අඩිය තිබ්බා. එවිට එකපාරට ම  වැදුණු අකුණකින් පිළිස්සී ඔහු එතැන ම මිය ගියා. ඒ 1845 ජූනි 7...

මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 41 ක් පමණයි. ඔහුගේ දේහය භූමදාන කළේ, නුවරඑළියේ කුඩා දේවස්ථානයක සුසාන භූමියේ. අපි මේ සුසානය බලන්න ගිය විට එහි සිටි ආරක්ෂකයෙකු මට කීවා, එය බැලීමට ආ තවත් කෙනෙකු කී හැටියට, මුලින් ම ඔහු භූමදාන කළේ බදුල්ලේ වූ අතර, එතැනට අකුණු ගසන නිසා පසුව හපුතලේටත්, අවසානයේ නුවරඑළියටත් දේහය ගෙනැවිත් තිබෙන බව. කොහොම නමුත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙහි සොහොන මත තබා තිබෙන සොහොන් ගළට සිය වතාවක් පමණ අකුණු ගසා තිබෙනවා. අදටත් ඒ සොහොන් ගල කැබලිවලට කැඩී ගොස් තිබෙනවා දැකගන්නට පුලුවන්.


මේ සොහොන තිබෙන්නේ, නුවරඑළිය ගෝල්ෆ් පිටියට අයත් භූමියේ. ඊට ප්‍රවේශ වන්නට පුළුවන්, සම්පත් බැංකුව සහ අගමැති නිල නිවාසය පිහිටි හතරමං හංදියෙන් ග්‍රෑන්ඩ් හෝටලය පාරට හැරී අඩි විස්සක් පමණ ගිය තැන ඇති ට්‍රාන්ස්ෆෝමරය අසළින් වමට හැරී, පඩිපෙල දිගේ ඇවිද යාමෙන්. ගොල්ෆ් පිටියේ කාර්ය මණ්ඩලය ඉතා ම මිත්‍රශීලී මිනිසුන්. ඔවුන් අදාළ ස්ථානය පෙන්වීමටත්, ඒ ගැන කරුණු කියා දීමටත් ඉතා කැමැත්තෙන් මැදිහත් වනවා.

මේ තියෙන්නේ ඒ ගැන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා කළ විඩියෝව...


පහතින් තියෙන්නේ අපේ හුටංබරස් මහතා කළ විඩියෝව...


හොඳයි - වටියි කියලා හිතනවා නං, Eco with Savidu යූ ටියුබ් චැනල් එක බලන්න... මේක හැදුවෙ, පාසලේ පරිසර කමිටුවේ අමතර වැඩක් හැටියට.

මූලාශ්‍ර

https://amazinglanka.com/wp/major-rogers-en/

https://www.greenholidaytravels.com/cemetery-of-major-thomas-william-rogers/

වැඩිපුර බලපු ලිපි