නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා.
“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)
(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ... අද එතැන් සිට. කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)
1. කොටස
2. කොටස
බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචිගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා.
ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.
නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේකළවැද්දෙක්ව වළහෙක්ව දාගත්තා. මේ වළහා ගිහිං අර කොටියව මරළා දැම්මා. ඒ ගමන නිල් නරියයි අනිත් නරියි කියන්න ගත්තා අන්න විෂ්ණු දෙයියො එවපු අපේ මහරජතුමා ගෙ නායකත්වයෙන් කොටියව මරලා දැම්මයි කියලා.
දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා.
ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?"
"ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා පාරෙං ෂේප් උනා.
ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා.
හංසයා කැළේ රජ උනා. අලියා මහ ඇමති උනා.කළවැද්දට නාකි වළහට වෙල්විදානෙ කම දුන්නා. නිල් නරියා ඇරෙන්න අනිත් නරි සෙට්එකටයි උරුලෑවටයි ඇමතිකම් උප ඇමතිකම් දුන්නා.
රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාසලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.
ඔය අතරෙ මහඇමති අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා.
අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා.
අලියගෙ කණ අතගාලා තව එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා.
තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා.
තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා,
අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා.
නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.
ඊටපස්සෙ ඔය අන්ධයො ටික කැඳහැලියක් උයන්න පටන් ගත්තා. ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, ඒකට එක එකා හාල් මිට ගානෙ දාන්න පොරොන්දු වුනා. මුට්ටිය හොඳට නටාගෙන එද්දි, අන්ධයො ටික හාල් දාන්න අතපත ගගා ගිහිං, මුට්ටියෙ හැප්පිලා මුට්ටිය පෙරළිලා බිඳුනා. අන්ධයො ටික උණු වතුරට හොඳටම පිච්චුනා.
ඔය අතරෙ රයිගමයා ගම්මිරිස් කොළ වගයක් කදක පුරවාගෙන වෙළඳාමෙ ගියා ගම්පොළ දිහාවට. ගම්පොළයා කිතුල් ඇට වගයක් කදක පුරවාගෙන රයිගම දිහාට වෙළඳාමෙ ගියා.
ඉතිරි කොටස ළඟදීම...
(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ... අද එතැන් සිට. කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)
1. කොටස
2. කොටස
බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචිගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා.
ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.
| http://www.styrorail.ca/images/bluefox.jpg |
නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේ
දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා.
ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?"
"ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා පාරෙං ෂේප් උනා.
ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා.
හංසයා කැළේ රජ උනා. අලියා මහ ඇමති උනා.
රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාසලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.
ඔය අතරෙ මහඇමති අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා.
අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා.
අලියගෙ කණ අතගාලා තව එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා.
තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා.
තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා,
අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා.
නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.
| http://inquiry111westminster.wikispaces.com /file/view/blindmenandelephant.jpg/ 163983601/blindmenandelephant.jpg |