Showing posts with label කයිකතන්දර. Show all posts
Showing posts with label කයිකතන්දර. Show all posts

Monday, February 2, 2026

අඹන්පොළ රාළගෙ අපූරු සාක්කිය - උපුටාගැනීමකි

පින්තූරය ඇන්දෙ - ChatGPT

අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ  රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ  කවි පංතියක් මේ. 

මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ  භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට  පුලුවන්. එහි  වැඩිපුර සිට  ඇත්තේ  කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව! 

කාන්තාවන්ගේ නම්:

කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය.  දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය  මේ කවියේ එළිසමය  ගැලපීමට  යෙදූ  නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක්  ගැමියෝ විශ්වාස නොකරත්.).

පිරිමි නම්:

රණ්ඩුවට  සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි.  දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.

නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට  එක් වී තිබේ.  බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.

කළුත් සපුත් සවුන්දරිත් 
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්  
ඇවිත් කළ රොසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පසුත් පෙරත් දෙයත් වරත් 
රකිත්  සිටිත්  අනිත්  බනිත් 
ගසත්  ඉසිත්  ගලුත් වැලුත් 
මමත් දුටු ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඇඹුල්දෙනියෙ කිරාගෙ අඹු
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන 
ඇඹුල් දෙසි ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියගු දිවගෙන ගොස් 
දිඹුල් දියට කඩන් පැනපි 
කිඹුල් මොටෙකු සේ 
ඔහොයියා 

අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නල්ලුරුවේ සෙල්ලගෙ අඹු
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා 
ගසන කල සිටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඉල්ල කකා ආඬින් වෙත 
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් 
වල්ල කැලයටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ටොක්ක නොහැර ඉන්නා බඩ
බක්ක කියන හකු‍රගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද 
අන්නක්ක නෙලුමටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

කෙක්ක අගින් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට 
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ  තිබුණු කිතුල්
- පිත්ත ‍ගනිමිනා

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පැත්ත පිටට දුන් කල සම්
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය 
චිත්ත බියගෙනා 

(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)

අන්නක්කා = අන්නාසි

Channa Withana

2025.01.14



Tuesday, June 4, 2024

විපතක දී මුලින් ම පළා යන්නේ...

https://qph.cf2.quoracdn.net/main-qimg-b6079f9fdff8f57e2c36bb9c61241ff9-lq

පවතින දැඩි අයහපත් කාලගුණය ගැන මුහුණුපොතේ පළවෙන විස්තර, පින්තූර සහ විවිධ පෝස්ට් දැක්ක ම මතක් වුණේ බුදුගුණාලංකාරයෙ තිබුණු කවි පෙළක්. මේකත් පරණ පාසල් පෙළ පොතකින් තමයි මම ඉස්සෙල්ල ම කියෙව්වෙ.


ඊට කලින් මාතෘකාවෙ හිස්තැන පුරවන්න තියෙනව. මේ කියමනත් මම දැක්කෙ මුහුණුපොතෙන් ම තමයි.

"විපතක දී මුලින් ම පළා යන්නේ දෙවියන් ය. විද්‍යාව සහ තාක්ෂණය පැමිණ මිනිසා බේරා ගත් පසු, පෙරලා ‌ පැමිණෙන දෙවියන් සහ කපුවන් නැවත මිනිසා සූරා කෑමට පටන් ගනිති."

එහෙනම් මෙන්න උඩ කී කවි පෙළ...

146. 
බරණැසැ පෙර කලෙක 
බමුණු මහසල් කුලයෙක 
ගුණ නැණ යුත් නිසැක 
උපන් පින් සර බමුණූ උතුමෙක


147. 

සව් සතර සමුදුර 
දැකැ නැණ නැවින් පර තෙර 
පසිදු වැ ලොවැ පතර 
තමා බිහි වන දිනෙහි ගුරුවර


148. 

නො නිවා තබා රැක 
දුන් ගිනි රැගෙනැ වනයෙක 
වැසැ අවුරුදු නොයෙක 
පුදත ගිනි දෙවියාට දවසෙක


149. 

සිඟා ගිය තැනැ ලද 
ගොනකු ගෙන‘වුත් ගසැ බැඳ 
කෙරෙමි මසින් පුද 
සිතා ගිනි දෙවිය හට මහ පුද


150. 

‘ලුණු නැති මස් පුදට 
නපුරැ” යි සිතා ගමකට 
යා දී ඔහු ලුණට 
අවුත් වලැ වැදි දනන් එ තැනට


151. 

එ ගොන‍ා මරා මස් 
පලහා කමින් නොසරස් 
උන් ගිය සඳැ ඒ ගොස් 
බලා ගොන් නඟුට කුර ඇට රැස්


152. 

‘‘අප රකිනා ත බා 
තොප සතු ගොන‍ා නො ත බා 
කන තෙක් වෙතැ ත බා 
බලා උන් කෙනෙකි තෙපි අත බා


153. 

‘‘ එයින් ගිනි දෙවි නැත 
උන් නැත පුදෙන් පල නැත 
බොරු බස් ලොව පැවැත කරන 
පුදයෙකැ නුවණ නැති සත


154. 

‘‘ගොන් මස් නොලදිනී 
මෙ පමණ කව යි ඉතිනී” 
කියමින් වල‘ගිනී 
ගසා දියවර නිවි යැ එ ගිනී


මේ බුදු ගුණාලංකාරයෙ ශිව දෙවියන් ගැන තියෙන වර්ණනාව... (බෝනස්)

https://blogger.googleusercontent.com/

159. 

තිසුලවි ගත් කරින් 
කළු පැහැ රැගත් උගුරින් 
හන් සළු ගත‘ඹරින් 
අඩක් උමයඟන ගත් සිරුරින්


160. 

දළැ අඩ සඳ බඳින 
ගොර සප් හරක් පලඳින 
රඟ කරන දිනැ දින 
මහලු ගොන් වාහනෙන් ඇවිදින


161. 

ලත් මහ පදවියා 
සිර සුර ගගින් දෙවියා 
අනඟ රුව දැවියා 
යෙහෙකැ පුද කරන මහ දෙවියා


162. 

එ මැ මහ දෙවිඳු හෝ 
නොහොත් සිව ලිංගය හෝ 
වැඳැ පිදුවොත් බොහෝ 
එතී කී ‘ලොවට සෙත ඇම හෝ


163. 

එ මැතිඳු බස් අසා 
මැති‍ඳෙක් කියයි මෙ ලෙසා 
ඇති දුක් මඳ නිසා 
තවත් දුක් ගෙනැ ලයි ද එ වසා


164. 

දෙවියෝ නම් සඟය 
පැලැඹෙන අයෙකි ස සඟය 
උන් රූ මනරඟය 
විසුළු වෙස් ඇති නො වෙයි මේ රඟය


165. 

උතුමෝ ලියන් වෙත 
නො ඉඳිති විළින් දැකැ සත 
මෙහෙසුරු උමා කත 
තබා රකිතී කියයි සිය ගත


166. 

පවතින මෙ ලොව රැක 
නැති කලැ හිරි ඔතප් දෙක 
ඔහු වැඳැ පුද නොයෙක 
කළෙ යි වැඩ සිදු වේ ද කිකලෙක


167. 

අවි අන් වැනැසුමට 
නැත වෙයි තමා රැකුමට 
එයින් තිසුලවි හට 
ඇතැ යි රා දොස් දැනෙයි මොනොවට


168. 

රා දොස් පව් මිදී 
නිසි උතුමනට නොබැඳී 
සිටි බවයෙන් බැඳී 
ඔහුට පුද කොටැ කිම් ද පැහැදී


169. 

සසරෙහි සබව දත් 
සිල්වත් දනෝ නැණවත් 
තුමූ රඟ නො කෙරෙත් 
අනුන් රඟන රඟකුත් නො බලත්


170. 

නළු වෙස් ගෙනැ එ සේ 
නටන කලැ හැම දවසේ 
උන් පිදුව යි කෙසේ 
වැඩක් සිදු වෙද ලොවට සිත සේ


171. 

දද දන බස් අසා 
කරන පුද ඔහු උදෙසා 
දිඹුලෙහි මල් නිසා 
දියැදැ දුක් විඳින වැනි නොලසා


172. 

අයකු පිළිකුල් වන 
අයකු සිත රා වඩවන 
ලිඟු සටහන් රැගෙන 
කළැ යි පුද පල කිම් ද ඉන් වන


173. 

සිත දුසිරී කිලුට 
පින් කෙත් නොවන මෙ ලොවට 
පුද කරනු ඉසුරුට 
ගලෙක වපුරන වැන්නැ බිජුවට


Saturday, October 21, 2023

වැල කෑ පබිලා - ශනිදා දහයට!



මෙන්න ඔහු දවසක් කී කථාව. අහගන්න.

"තොසින් වසන හේනේ දැන් කාලේ
ඉසන් අප්පුගේ පුත් මම පබිලේ
ගසින් වැටුණු වැල කුණකට ආලේ
අසන්න මහතුනි මට වුනු අවුලේ

ලාබෙට ලැබුනට පුහු පොල් කෑවා
ඒපිට වැල කුණකුත් ඇද       බෑවා
මේවට බඩ පුම්බාගෙන        ආවා
කෑමට නරකයි කොයිවත්   මේවා

ගහේ තිබුණු කුණු වැල ගෙඩියකට වෙලා   ඔට්ටු
රහේ ඉඳන් හොඳයි කියා ඔක්කොම කලෙ තට්ටු
ඔහේ ඉතින් බඩ පිපුනයි ගෙඩියක් සේ        පිට්ටු
කොහේ ගියත් වැල නොකන්න එදා          වුනයි මට්ටු

රෝගේ තදවී හැදුනයි         වමනේ
වාගේ බෙර ගෙඩියක් බඩ   පිපුනේ
මාගේ ලොකු අයියගේ කර පිටිනේ
මෝගේ ගෙදරට කෙරුවයි ගමනේ

තාත්තා ඇයි බොල ආවේ ඇහුවා
බේත් ගන්න මම ආවයි       කීවා
සාත්තුවට කවුරුත් නැත     කීවා
මාත් ඔහේ වැටිලා         බුදියෑවා

තුන් වේලක් ලුණු කැඳටම      වේලුනි
ඉන් මගේ පණ ටික යාන්තම් බේරුනි
ඔන්න ඉතින් මේ වුන දේ       අහමිනි
කන්ට එපා කුණු වැල හෙම   මහතුනි"


දයානන්ද ගුණවර්ධනයන්ගේ “ආනන්ද ජවනිකා” නාට්‍යයෙන්
රචනය: ශිමත් ඩි. බී. ජයතිලක



Tuesday, October 10, 2023

කුදා රජ වීම

සිදු වූයේ මෙසේයි. අහගන්න.

1. එකමත් එක රටක - සිටියේ ය කුදු මිනිහෙක්.
ඔහුට ම ගැලපෙනා - බිරිඳ ද කුදු ගැහැණියකි.

2. මේ කුදු ජෝඩුවට - උපන් දරුවෝ ද කුදු වූ.
කුදු පවුල එක් වී - වැවූ පලතුරු උයනකි.

3. පලතුරු උයනෙ වූ - පලතුරු ගස් ද කුදු වූ.
ගස්වල පලගත්ත - ඒ පලතුරු ද කුදු වූ.

4. කුදු පලතුරු නෙලා, - අසුරා ලොකු කූඩයක
කුදු මිනිහා ‍රටේ - රජ්ජුරුවන්ට යැව්වේ.

5. රජ්ජුරුවො තුටුව, - කෑ හ පලතුරු සේරම.
දවස් දෙක තුනකින් - රජ්ජුරුවෝ ද කුදු වූ.

6. තව ද දවසක කුදා - පලතුරු කඩා රැස්කොට,
කූඩයක අසුරා - බිසවට යැවී අදරින්.

7. පලතුරු ලත් බිසව - වැළඳුවා බොහො සතුටින්.
රජ්ජුරුවන් මෙන් ම - බිසව ද අනේ කුදු වූ.

8. නැවත දවසක කුදු - මිනිසා නෙළා පලතුරු
කූඩයක අසුරා, - ඇමතියන් හට යැව්වේ.

9. ඇමතියෝ එක් වී, - පලතුරු කෑ හ සතුටින්.
ඊට දිනකට පසු - ඒ ඇමතියො ද කුදු වූ

10. රජ, බිසව, ඇමතින් - කුදු වූ බව ඇසූ කල,
රට වැසියන් එක්ව, - කුදු මිනිසාව අල්ලා,

11. මරණ බව කී කල - කුදු මිනිසා ඔවුන් හට
කීයේ මේ ලෙසින් - කිසි බිය සැකක් නොමැ'තිව.

12. 'තොපි මා ගේ බලය - නොම දැන කරවු කලබල.
දැන්වත් දැනගනිවු - මා ගේ බලය හොඳ හැටි.

13. 'හෙට එළිවෙන්ට පෙර - තොප ගේ රජකමට මා
පත් කර නොගත්තොත් - තොපවත් කුදු කරන්නෙමි.'

14. කුදු මිනිහා මෙසේ - කී කල්හි රට වැසියෝ
කුදු වීමට බියෙන් - ඔහුට ම දුන්නු රජකම.

- කේ. ජී. පෙරේරා


හැත්තෑව - අසූව දශකයේ පාසල් කියවීම් පොතකින්...

Sunday, February 19, 2023

ප්‍රේමය සහ කයිකතන්දර

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ කයිකතන්දර පොතෙන් මෙවර අපි අරගෙන එන්නේ, ස්ත්‍රිය, සහ ප්‍රේමය ඇසුරු කරගත් කයිකතන්දර කීපයක්. 

ගමක පෙම්වතුන් දෙන්නෙක් උන්නා.  කාලෙකදි කොල්ලා වෙන ගමක තරුණියක් කැන්දගෙන ආවා. හදවත බිඳුණු ගෑණු ළමයත් ටික කාලයක් දුකින් ගත කරලා, වෙන ගමකට දීග ගියා.

ටික කාලෙකට පස්සෙ අර තරුණයා දුර ගමනක් ගියා. ඒ යද්දි, අතරමග දි රෑ වුණ නිසා නවාතැන් ගන්න ගෙදරකට ගොඩ වුණා. එතකොට තමයි දැක්කෙ, කලින් යාළු වෙලා හිටිය ගෑණු ළමය දීග ගියපු ගෙදර කියලා.

ඒ ගෙදර පිරිමියා උන්නෙ නෑ. ඉතින් අර ගෑණු ළමයත් වෙනස් කමක් පෙන්නන්නෙ නැතුව, කන්න බොන්නත් දීලා, ඉස්සර ගෙවල්වල තිබුණ නෙව උස් පිල, අන්න ඒ පිල පිටට පැදුරක් එලලා කොට්ටෙකුත් දීලා, ‌ගේ ඇතුළට ගිහිං දොර වහගත්තා.

මේ වැඩේට හිත රිදුණ අර තරුණයා සෑහෙන වෙලාවක් කල්පනා කර කර උන්නා. අන්තිමේ ගේ ඇතුළට ඇහෙන්න මෙන්න මෙහෙම කවියක් කීවා:

ආදි අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
ගොඩ නුපුරුදු - දිය නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විට වගේ

ඒක ඇහුණ ගෑණු ළමයා කීවා:

ආදි අපි දෙන්න දෙන්න ම තමුන්නේ
දැන්දි අපි දෙන්න දෙන්න ම අනුන්නේ
නොදැන නොවෙයි පිළ පිට පැදුර දුන්නේ
යතුර දෙන්ට මේ ගෙයි දොර අනුන්නේ


*    *    *

එක මනුස්සයෙක් බිරිඳක් කැන්දගෙන ආවා. ටික දවසක් යද්දි මේ කාන්තාවට බොහොම අමාරු ලෙඩක් හැදුණා. ටික දවසක් බෙහෙත් කරලා, යකැදුරුකනුත් කරලා, හොඳක් වෙන්නෙ ම නැති තැන, බිරිඳගෙ සරීරයත් වැහැරිලා ගිය තැන, අර මනුස්සයා, තමන්‌ගෙ බිරිඳ ආපහු ගෙදර ගිහින් ඇරලුවා.

තමංගෙ ගෙදර, අම්ම තාත්තගෙ සාත්තුවටයි, වෙද හෙද කමටයි ටික කාලෙකින් ම අර කාන්තාව සනීප වෙලා, හිටියා වගේ ම ලස්සන උනා. ඊට පස්සෙ වෙන දීගෙක ගියා.

දවසක් ඒ කාන්තාව තමුංගෙ අලුත් සැමියත් එක්ක නෑ ගමනක් යන ගමං, වෙලක් මැදින් ගියා. ඒ කුඹුරේ සී සාමින් හිටියා, ඇගේ පරණ සැමියා. එයා මේ කාන්තාව දැකලා මෙහෙම කිව්වා:


උදක් උදාරම් ගන රන් ලිය ගෙ හැටී
කදක් අරන් මේ වෙල දිගෙ යනෙන හැටී
ඇදක් නැතුව ඇගෙ වරලස කෙළින් සිටී
එදත් මෙහෙම වුණි නම් එක් වෙන්ට සිටී

ඒක ඇහුණු කාන්තාව කීවා:

පුන් සඳ ගැබ තුලේ රිවි නැද්ද එළි වෙලා
බිම් තැනි තලාවේ දිය නැද්ද බොර වෙලා
මන් ඇර වෙන ගෑණු ලොව නැද්ද ලෙඩ වෙලා
පුන් සඳටත් කැළලක් නැද්ද සිදු වෙලා

තමන්ගෙ ආත්මාර්ථකාමී කම නිසා ‌කෙළවීම ගැන තරහෙන් හිටි පිරිමියා ට හිතුණා, තමන් සී සාමින් හිටිය පාරත් වැරදුණාමේ ගැහැණිය දැක්ක නිසා කියලා. එයා තවත් කවියක් කීවා තරහෙන්:

ඕවිට හරහ යන්නේ මඟ පෙනීලා
පෑවිට සෙනේ විය දස අත මුදාලා
කීමට තරහ වුනේ ද මෙ නුඹ පාලා
හීවිට වැරදුනේ හැතිරිය පෙනීලා

ඒකට පිළිතුරු විදිහට කාන්තාව කීවා මෙහෙම:

එදා ඉසලු තලපත තද වැස්සේයා
එදා කළ කතා අවුරුදු ලස්සේයො
නෙතින් එන කඳුළු දඩ මඩ අස්සේයා
ඉතින් හිමි නොඑමි නුඹ පිටිපස්සේයා

*    *    *

තවත් වරක්, මනමාලියක් කැන්දාගෙන එනව තරුණයෙක්. මනමාලිත්, මඟුලට අන්දවපු තැලි පිළි පිටින්. ඒ අතරමඟදි නොගැඹුරු ගඟකින් එගොඩ වෙන්න තිබුණා. 

ඉතින් කට්ටිය ගඟට බැහැලා මඟක් දුර එද්දි, මනමාලි දැක්කා මනමාලයගෙ කකුල් දෙකේ ම වණවෙලා තිබුණු තුවාල. ඒක දැකලා පිළිකුල් හිතුණු ඒ තරුණිය ආපහු හැරිලා යන්න ගියා.

එයා ව නවත්ත ගන්න ගොඩක් මහන්සි වුණු තරුණයා අන්තිමේ ගඟ මැද ඉඳං මෙහෙ ම කිව්වා:

සද්ද මිණි ගිගිරි කොඩි බැඳ ආ එතනා
සිද්ද වුණු දෙයක් නැත ඇවිදින් මෙතනා
බැද්ද තනි මගයි බැසලා නොය එතනා
රෙද්ද මගේ දීලා පලයන් එතනා

ඒක ඇහුණු එතනා, මඟුල් පෝරුව මත මනමාලයා තමන්ට අන්දවපු රෙද්ද ගළවලා මේ කවිය කියමින් ගඟ මැද උන්න මනමාලයා දිහාවට විසි කළා.

සුද්ද දෙමවුපිය දෙන්නා තැනු සන්දා
ඉද්ද අත ගගා වෑයම් කළ සන්දා
බැද්ද කොළ කඩා අඳිතත් නැති සන්දා
රෙද්ද උඹේ ඕනෑ නම් ඕන් ඉඳා

*    *    *

ලෝක යුද්ධ කාලේ, රටේ තැන් තැන්වල වැඩ පොළවල් තිබුණා. ඒවයෙ වැඩ කරන්න පිට පළාත්වලින් තරුණයො ඇවිදින් නතර වෙලා උන්නා.

අරනෝලිස් හෙවත් අරා, එහෙම එක ගමක තිබුණු වැඩ පොළක වැඩ කළා. ඔය වැඩපොළ ගාව තිබුණා කෝපි කඩයක්. ඒ කෝපි කඩේ උන්නා ලස්සන තරුණියක්.

ඔය කියන කඩේට හවස් අතේ ගිහින් බුලත් විටක් හපලා, කෝපි එකක් බොන්න වැඩපොළේ තරුණයො පුරුදු වෙලා උන්නා. අර තරුණියගෙ හිත ගියේ ඔය කොල්ලො අතරින් අරා ට.

ඒත් ඉතින් ගෑණු ළමයි තමන්ගෙ කැමැත්ත කෙලින් ප්‍රකාශ කරන්නෙ නෑනෙ. ඉතින් අරාට ඒක තේරුණේ නෑ. මිනිහා ටික කාලෙකින් ඔය වැඩපොළෙන් අස්වෙලා ගමට ගියා.

ඉතින් අර ගෑණු ළමයට හරි ම දුකයි. ඒත් අරා හොයාගෙන යන්න පුළුවනෑ. ටික කාලයක් දුකෙන් ගත කරලා, දුක දරාගන්න ම බැරි තැන එයා කවියක් ලියලා, අරා ට ලියුමක් යැවුවා. මේ තියෙන්නෙ ඒ කවිය:

බුලත් විටක් කන්න පහුගිය දවස්වල ඉඳ හිටලා මෙහෙ ආව ගිය අරෝ
මට නම් උඹ නොදැක ඉන්ට බැරෝ
නිවාඩුවක් නැත්නම් නිවාඩුවක් අරගෙනවත් මෙහෙ ඇවිත් යන්ට වරෝ
නැත්නම් මා මැරෝ

ඒ ලියුමෙ පාතින් ලියලා තිබුණා, පද දෙකක් කොට උනේ, අනික් පද දෙක දිග වුණ නිසා ය කියලා.

*    *    *

රංචාගොඩ පුංචි මහත්තයා ඉහළ යැයි සම්මත කුළයක තරුණයෙක්. එයා රදා පවුලක තරුණියකට ආදරය කළා.  එයාගෙ වැඩිහිටියෝ මොන විදිහට උත්සාහ කළත් මේ සම්බන්ධය කඩා දමන්න බැරි උනා. අන්තිමේ වැඩිහිටියො ටික එකතු වෙලා, බලි යාගයක් කරන්න ලෑස්ති කළා.

බලිය පටන් ගන්න ලෑස්ති වෙලා ආතුරයා හොයන කොට, එයා අර පෙම්වතියගෙ ගෙදර බව දැනගන්න ලැබුණා. ඉතින් පණිවිඩ කාරයෙක් යැව්වා එයාව එක්කරගෙන එන්න. 

රංචාගොඩ පුංචි මහත්තයා කවියක් ලියලා අර පණිවිඩ කාරයා අතේ මහගෙදරට එව්වා.

නුසුපුදිලී ළතඹුරුවන් පැහැය දිලී
පැ කොඳදලී ඇගෙ ගහනත දෙමට මලී
ලු කළහෙළී අඳුරටවන් සඳසෙ දිලී
මෙ සළු කෙලී ඇරලා මට කුමන බලී

මේ කවිය කියවලා බලපු එයාගෙ වැඩිහිටියො, අහල එව්වා, "අම්මප උඹට කිළුටු නැද්ද ඔය රදා ගෙදර ලගින එක?" කියලා. ඒකටත් පුංචි මහත්තයා තව කවියක් ලියල එව්වා...

උවනත් සපිරි සඳ වරලස හේම කුළ
කොඳ දත් කැකුළු තුඟු පියයුරු හේම කළ
ලොබ සිත් වඩන දුටු සළු ලිය නාඳු ගළ‍
සිඹිතත් කිළුටු නැත සුසිලිටු නබී මුළ


Thursday, January 12, 2023

උගත්කම



1. එළු සකු මගද පොත් කට පාඩමින් දනී
මිනිහා පණපිටින් යන පොත් ගුලක් වැනී
වැගිරෙන විලස සාහිත රස අමර පැනී
පොතක් ලියන්නට සිතිවිලි පහළ වුනී

2. පොළොවට ගැට ගසන්නා වාගේ අහස
වද විඳ පොතක් ලිවුවා නො බලා වෙහෙස
කියවන අතර ඒ පොත අහගනු පිණිස
කැඳවා ගති ළඟට සිය පෙම්බර දිගැස

3. හැම වචනය ම පදමට ගෙන පියකරුව
පොත කියවයි හෙතෙම සාහිත රස ඉරුව
පුදුමේ මහත අහගෙන ඉන්නට බැරුව
ඇය පැන ගියා පසු දින ඔහුගෙන් දුරුව

4. මේ පොත නිසා ඉත බිරියත් නැති වූයේ
ඉන්පසු ඈ නො වෙයි එම ගෙදරට ආයේ
මිතුරන් ගෙදර කැඳවා යළී පොත කීයේ
ඔවුනුත් එකිනෙකා ඔහුගෙන් දුරු වූයේ

5. පොත කියවතැයි යන සැකයේ නපුරු බයින්
කිසිවකු ගෙදර අසලින් වත් නොයන හෙයින්
පිරිසක් ලබම් දෝ මේ ගැන කොහොම කොයින්
ළතැවෙයි අපේ උගතා සිත පිරුණු සොයින්

6. ජනයා බහුල හෝටලයක් අසල ඇත
මිනිහා ගියා කියවන්නට ඔහුගෙ පොත
දවසින් දෙකින් පසු මේ හෝටලය වෙත
කිසිවකු බැරි වෙලාවත් යනු දුටුවෙ නැත

7. නේනා නිසා මිනිසුන් මේ පළාතට
නඩුවක් දැමී හෝටල්කරු අලාබෙට
උගතා බැරි ම තැන පොත ගෙන බලා සිට
ගියා හන්දියට හැන්දෑ වෙලාවට

8. යන එන අයට අමතා නවතින්න කියා
හතර මං හන්දියේ පොත කියයි එයා
දවසින් දෙකින් පසු මිනිසුන් එමඟ පියා
අරහෙන් මෙහෙන් යන්තම් යන ගමන ගියා

9. පාළුයි හතර මං හන්දිය එතැන් සිට
කතිකා කළෝ කිසිවකු එහි නො යන්නට
යෑමට ගිය නමුත් පොත ගෙන ගෙයින් ගෙට
යන කොට පටන් ගති දොරවල් වහන්නට

10. කිසිවකු නොරිසි මුත් පොත කියවනවාට
නො කියා ඉන්ට නම් ලීවද මොනවාට
අම්බලමට හිඟන්නෝ රැස් වෙති රෑට
නරකද එතන තෝරාගත්තම ‌මීට

11. මෙහෙම සිතා ලා දුරු කර හිසින් බර
පොල් තෙල් පහනෙ ලා අලුතෙන් පහන් තිර
පහනත් පොතත් ගෙන දෙ පයින් ගමන් කර
ළං විය හිඟන්නන්ගේ පැමුණුමෙන් පෙර

12. ගත කළ මුළු දවල් කල හිඟමන පිණිස
ආවෝ හිඟන්නෝ අම්බලමට සවස
වෙන දවසට වඩා අද මෙහි දුටු වෙනස
ඇති එක පඬිතුමා උන්ටත් පෙර පිවිස

13. පොල් තෙල් පහන දැල්වෙයි දුරු කර අඳුර
උගතා පොත කියයි පහදා ගෙන උගුර
කළ හැකි දෙයක් නැති තැන කන මෙන් පහර
හිඟන්නෝ නිදති එහි තැන තැන වැතිර

14. මැදියම් රැයෙහි හිස ඔසවා බලන කල
නැත එක හිඟන්නෙක් වත් අම්බලම තුළ
අසමින් මෙන් තිබේ දැයි තව උගුරෙ කෙළ
කම්මැළී වී වැනෙයි පොල් තෙල් පහනෛ සිල

15. පඬුවා තනි වුනා රෑ අම්බලමෙ පිලේ
හිඟන්නෝ නිදති ගස් යට අසල කැලේ
අහගෙන සිටින්නෙකු නැති මුත් කියන වෙලේ
මේ පොත තුළ තිබේ මහ උගතෙකුගෙ මොළේ

16. බිරිය නඩු දමා ඇති දික්කකසාදෙට
හෝටල්කරු කියයි නඩුවක් අලාබෙට
හිරිහැර කළැයි මහජනයගෙ විවේකෙට
මිනිහට විරුද්ද ව පැමිණිලි හැබෑවට

17. දිනකට සිතාසී හත අට ගණනෙ ලැබේ
මිනිහට විරුද්ද ව පැමිණිලි බොහොම තිබේ
නඩුකාරයා පහදා දී කරපු හබේ
ඇසුවා කරුණු මොනවද නිදහසට ඔබේ

18. හාමුදුරුවනේ පින් අත් වෙයි ඔබට
මේ මුළු රට විරුද්දයි මා කළ පොතට
එහි වරදක් තිබේ නම් බැලුමට දැනට
පොත කියවන්ට එහෙ නම් අවසර ද මට

19. මේ මහ පුදුම පොත කොහොම ද දැනගන්ට
නඩුකාරයා කිවුවා එය කියවන්ට
කියවා ගන්ට ලැබුණොත් අවසන් වෙන්ට
මිනිහා කැමති එල්ලුම් ගස් වත් යන්ට

20. ගත විය දෙතුන් දවසක් නෑ ඉවර පොත
පෙරකොදෝරුවෙක් එහි බේතකට නැත
නඩුකාරයා පමණක් බැංචියෙහි මත
ළ තැවෙයි තබා ගෙන අයියෝ නිකට අත

21. උසාවියේ නීතියෙ ඇති අවසරයෙන්
මිනිහා කියාගෙන යයි පොත ඇති වැරයෙන්
නඩුකාරයා බේරීමට කරදරයෙන්
ඉල්ලා අස් වීය බැරි තැන සිය දුරයෙන්

(කේයස්)






9 පන්තියේ සිංහල කියවීම් පොතෙනි.

Thursday, November 10, 2022

කයිකතන්දර 4 - රජකාලේ කවි

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබෙන රජකාලේ කයි කතන්දර කීපයක් අද ලිපියෙන් ඉදිරිපත් කරනවා. 

ඕලන්ද බටහිර ඉන්දියා වෙළෙඳ සමාගමේ බතාවියාවේ ලුතෙරන් මිනිස්ටර් වූ යාන් බ්‍රැන්ඩෙස් විසින් 1785 දී අඳින ලද රාජාධිරාජසිංහ රජතුමාගේ ආලේඛ්‍යය

මහනුවර රාජධානි කාලේ තිබුණු එක් විනෝද ක්‍රීඩාවක් වුණේ ඇත් පොර. කැලෑවෙන් අල්ලාගත් වල් ඇතෙක්, රජතුමා ළඟ ඉන්නා හීලෑ කරන ලද ඇතෙක් සමඟ පොර ඇන්නවීම තමයි මේ ක්‍රීඩාව. රෝමක ඇරීනාවේ තිබුණු වල් සතුන් සමඟ මිනිසුන් පොර ඇන්නවීමත්, ස්පාඤ්ඤයේ ගොන් පොරත් වගේ ත්‍රාස ජනක ක්‍රීඩාවක් වෙන්නට පුළුවන්.

රාජාධි රාජසිංහ රජතුමා දවසක් මේ වගේ පොරයක් ඇන්නුවා. කල් තියා ප්‍රසිද්ධ කරන නිසා මිනිස්සුත් රාශියක් ආවා මේක බලන්න. 

ඉතින් ඇත්තු දෙන්නා බොහොම වෙලාවක් පොර ඇනගෙන, අන්තිමේ හීලෑ ඇතා ඇන්න පාරකට, වල් ඇතා පිටිපස්සට විසි වෙලා, මැටි ගන්න හාරපු වළක වැටිලා ඉඳ ගැන්නුනා.

මේ ගැන කවියක් කියන්න කියලා රජතුමා ළඟ හිටපු ගලගොඩ නිළමෙ ට කීවා. එතුමා හිටිවන ම මේ කවිය කීවා, පැරදුනු වල් ඇතා කියන විදිහට...

ඉන්නා විලස ඉන්ටත් මට නොදී කැලේ
පන්නා ගෙන ඇවිදින් මොන හොඳ ද කළේ
දන්නා තරම පොර ඇන්නෙමි වඩා ලොලේ
ඇන්නෑවේ වැටුණෙමි මැටි ගත්තු වලේ

*    *    *

රාජාධි රාජසිංහ රජතුමාගේ සේවාකම් කරපු තරුණයෙක් උන්නා, තිරුවා කියන නමින්. මේ කොල්ලා විහිළුවට හරිම කැමතියි. ඒ වගේ ම රජ වාසලේ හැමෝමත් මෙයාට ගොඩක් කැමතියි. 

තිරුවා නිසි කල පනින්න කිට්ටුව අහල ගමකින් මනමාලියෙක් කැන්දාගෙන ආවා. ඒ තරුණිය හොඳ හැඩකාර ළමිස්සියක්. 

රජතුමාට මේ දැරිවි දකින්න ආසා වුණා. කීප රවක් ම තිරුවා ට කිව්වා “උඹෙ මනමාලි එක්ක වරෙං වාසළට“ කියලා.

“අනේ හාංදුරුවනේ, උන්දැට පරංගි හැදිලා“ කියලා තිරුවා හැම වතාවෙ ම ඒක මගෑරියා. 

තිරුවා කියන්නේ බොරු බව සැක කරපු රජතුමා දවසක් තිරුවා ට අඹගමුවේ ගිහින් කරන්න රාජකාරියක් පැවරුවා. 

අඹගමුව වර්තමාන ගිණිගත්හේන නගරය අවට තිබෙන ප්‍රදේශයක්. නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාදයට යන මාර්ගය දිව්‍යාංගනාවන්ගෙ උපකාරයෙන් හොයාගත්තා කියා ප්‍රසිද්ධ කරන්න කාලෙකට කලින් මහා විජයබාහු රජතුමා සිරිපා කරුණා කරලා, ශ්‍රීපාද රාජකාරිය සහ ආශ්‍රිත තොරතුරු ගැන විධිවිධාන පිහිටුවලා හිටුවපු අඹගමුව සෙල්ලිපියත් තියෙන්නේ ඔය ප්‍රදේශයේ ම තමයි.

ඉතින් තිරුවා ගෙදර ඇවිත්, වාසළ පයිංඩයකට අඹගමු යන විත්තිය අඹුවට කියලා, බත්මුලකුත් බැඳගෙන එදා ම හවස පිටත්වුණා. ටික දුරක් ගිහිං බත්මුල කාලා, ආපහු ඇවිත් ගෙදර ඉස්සරහ හදලා තිබුණු අතු මැස්ස යට හැංගුණා.

එදා කළුවර වැටුණට පස්සෙ රජතුමා ඇවිදිං තිරුවගෙ ගෙදර, දොර ඉස්සරහ ඉඳං මේ කවිය කිව්වා.

තිරු අයියා අද කොතැනක යන්දෑදෝ
අඹගමුවේ වෙල හරියේ යන්දෑදෝ
පහිය අතට ගෙන බුලතුත් කන්දෑදෝ
තිරු අයියා හෙට හවසට එන්දෑදෝ

ඒක ඇහිලා තිරුවගේ අඹුව දැනගත්තා රජතුමා තමයි ඇවිත් තියෙන්නෙ කියලා. එයා දොර අරින්න කලිං තිරුවා මෙහෙම කවියක් කියාගෙන අතුමැස්ස යටින් එළියට ආවා...

දෙනෝ දහස් එක ඔරුවේ පැදන් යතී
ඔරුව මිසක් තොට ගෙනියන කෙනෙක් නැතී
කෙරුව රති සැපට ආලය පළක් නැතී
තිරුව මමයි මම අඹගමු ගියේ නැතී

*    *    *

මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ රාජාධි රාජසිංහ රජතුමාගේ ගුරුවරයා. රජතුමා උන් වහන්සේට බොහොම ගෞරව කරනවා. ඒ ගැන ඊර්ෂ්‍යා කරපු කීප දෙනෙක් රජතුමාට කේළම් කිව්වා, උන්වහන්සේ ගේ ආවාසෙට රෑට රෑට ස්ත්‍රියක් එන යන බව.

ඒක පරීක්ෂා කරන්න රජතුමා දවසක් ගෑණු ඇඳුම් ඇඳගෙන හාමුදුරුවන්ගෙ ආවාසෙට ගිහින්, ජනේලෙන් අත දාලා සෙළෙව්වා. අතේ දාගෙන හිටපු වළලු හඬ ඇහිලා අවදි වුණු හාමුදුරුවෝ, මෙහෙම කොළොප්පමක් කරන්න මේ රටේ ඉන්නෙ රජතුමා ම තමයි කියා දැනගෙන, මේ කවිය කීවා.

සකල මුව තඹර සිය ගත සිවුමැළියේ
ඇසල මස දුටිමි යනවා දෙව් කෙළියේ
අසල නම් නිතර දැකුමට සිතු ඇලියේ
සකල සිරි ලකට අග රජ නුඹ ද ලියේ

ඒක ඇහුණු රජතුමා පිළිතුරු කවියක් කීවා මේ විදිහට.

අමර ගුරු හරණ සත දත් පිනාවන්
විතර නොවන ගුණ නැණ සපිරි නාවන්
පවර නමැති මොරතොට පති මනාවන්
සසර වසන තුරු මට වාසනාවන්

*    *    *

අන්දරේ හිටියා කියන්නේත් මේ රාජාධි රාජසිංහ රජතුමාගේ සභාවේ. දවසක් රජතුමා දිය කෙළියට මහවැලි ගඟට ගිය වෙලාවක අන්දරේගෙන් ඇහුවා, “උඹට මේ වෙලාවෙත් කවි කියන්න පුළුවන් ද?“ කියා. අන්දරේ වහසි බස් කියමින් කීවා, “දේවයන් වහන්ස, කියන මිනිහා කොයි වෙලාවෙත් කියයි...“ කියලා.

ඒ ගමන රජතුමා පිරිසට අණ කළා “මුගෙ අත පය බැඳලා, ගඟට දාපියව්“ කියලා. ගඟට දාද්දි අන්දරේට කිව්වා, “එහෙනම්, දැනුත් කවියක් කියහං බලන්ඩ“ කියලා.

දියේ ගිලි ගිලී උඩට එන වාරයකට පදය ගානේ අන්දරේ මේ කවිය කිව්වා.

කොච්චර දුක් ද අප වැනි අයට හිමි තුමා
මෙච්චර දුකට පිහිටක් නූනු කල කිමා
රිවිකුළ රජුන් හට ඇත්තේ ගති පුදුමා
කවි කියවන්ට හැදු වේලාවක මහිමා


*    *    *

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කවිකාර මඩුවේ හිටි කවියෙක්, ලෝකුරු නයිදේ. දවසක් රජතුමා කවිකාර මඩුවෙ කවියන්ට අභියෝගයක් කළා, පුළුවන්නං බොරු හතක් තියෙන කවියක් කියන්න කියලා. ඒ ගමන ලෝකුරු නයිදේ කියාපු කවිය...

කිළී කුණු නැති වඳිගෙ පුතෙක් - ඇඳගෙන නිල් වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර - පැලඳ දිඹුල් මල් වඩමක්
තුරඟ අඟින් රතය තනා - අඹරා ඉබි ලොමින් යොතක්
කුහුඹු අගින් රතය තනා - දැක්කිය සුරපුරට උදක්

මේ කවියෙ බොරු අටක් තියෙනවා හැබැයි.

*    *    *

දෙවෙනි රාජසිංහ රජතුමාගේ කාලයේ කන්ද උඩරට හිටි ප්‍රංශ ජාතිකයෙකුගේ දරුවෙක්, දස්කොන් අදිකාරම. දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගේ වාසලේ අදිකාරම් තනතුර දැරුවා. නරේන්ද්‍රසිංහ රජතුමාගේ ප්‍රමිලා බිසවට නටාපු බලියාගයකදි අදිකාරම සහ බිසව අතර පැවතුණු ප්‍රේම සම්බන්ධය ගැන එළිදරව් වෙලා, රජතුමාගෙ අණින්, හිසගසා දමන්ට ගෙනියන විටදී, දස්කොන් අදිකාරම මේ තේරවිල්ල රජතුමාට යැව්වා කියා කියවෙනවා...

සත් අවුරුද්දක් වසිනා වැස්සේ බිංදු ගණන් කරලා දෙඤ්ඤා
ලාහෙන් මැනලා අබ තුන් පෑලක පියලි ගණන් කරලා දෙඤ්ඤා
සත් අවුරුද්දක් කන්කුණ්ඩා ගියපාරේ අඩි ගැනලා දෙඤ්ඤා
එක් පැයකට මා නොමරා ඇරියොත් මෙතුන් පදේ තෝරා දෙඤ්ඤා

Saturday, October 22, 2022

කයිකතන්දර 3 - තොවිල් කවි

කයිකතන්දර ගැන මගේ පහුගිය ලිපිවලින් හතර දෙනෙක් එකතු වෙලා කියන කවි, භරණ ගණිතයාගේ කවි, සිංහල මවුබස නොවුණු අයගේ සිංහල කවි සහ වස් / සෙත් කවි ගැන කතා කළා. මේ වතාවේ අපි කතා කරන්නේ තොවිල් සම්බන්ධ කවි කතන්දර වගයක්.


දකුණේ ප්‍රසිද්ධ යකැදුරෙක් හිටියා. එයා නටන්නත් බොහොම සමර්ථයි, ඊටත් වඩා හොරකමට සමර්ථයි.

වතාවක කරපු හොරකමකට මේ යකැදුරාට නඩුවක් වැටුණා. උන්දැ නඩුවට ගියේ නෑ. ඉතින් වරෙන්තු නිකුත් කළා. ඒ ගමන යකැදුරා ගමෙන් පැනලා ගිහිං, උන්දැ අඳුරන "පැටියා" කියන බෙර වාදකයගෙ ගෙදර නතර වුණා.

අවුරුද්දක් විතර ගියා. ඔය අතරෙ ළඟ ගමක මහ තොවිලයක් කරන්න මේ යකැදුරාට කතා කළා. දැන් ඉතින් නඩුව ගැන වැඩි කළබලේකුත් නැති නිසා බය ඇරුණු යකැදුරා ගියා මේ තොවිලෙට.

ඔය බව දැනගත්ත, යකැදුරාගෙ ගමේ ගම්මුලාදෑනියත් ආව තොවිලෙ තියෙන ගමට. ආව නමුත්, පිට ගමක්... පිට ගමක තොවිලෙට බාධා කරන්න ගියොත් හොඳට ම කන්න ලැබෙන නිසා, ගම්මුලාදෑනියා කල්පනා කළා, හැංගිලා ඉඳලා, තොවිලෙ ඉවර වෙච්ච ගමං යකැදුරා අල්ල ගන්න.

තොවිලෙත් ගජ රාමෙට කෙරෙමින් ගියා. මැද්දෙ හරියෙදි යකැදුරා දුම්මල ගහමින් මිදුල වටේ නටන්න ගත්තා. එක දුම්මල පාරකට එළිය වැටිලා, කෙහෙල් පඳුරක් අස්සෙ හැංගිලා උන්න ගම්මුලාදෑනියවත් පැහැදිලිව පෙනුනා.

ඒ ගමන යකැදුරා කියාගෙන ආව කවිය ඉවර කරලා, මෙහෙම දෙ පදයක් කිව්වා. 

එන රඟ එන රඟ නරකයි හැටියේ

ඒකට ගුරුකම කොහොම ද පැටියේ

බෙර ගහ ගහ හිටපු පැටියට මේ කවිය හොඳට ම තේරුණා. මොකද, එයත් දැක්කා කෙහෙල් පඳුර මුල හැංගිලා හිටපු අමුත්ත.

ඒ ගමන පැටියා උත්තර දෙ පදය කිව්වා:

පිදේනි අරගෙන උන් හිටි හැටියේ

යන්න ම පල යකූ ඒ ගිය හැටියේ

යකැදුරත් නැටුම ඉවර කරලා, පිදේනි තටුවත් අරං කැලේ පැත්තට ගිහිල්ලා, එහෙම්ම ම පැනලා යන්න ගියා.

*    *    *

බලි තොවිල් කරන යකැදුරෙක් දවසක් තමන්‌ගෙ ගෝළයත් එක්කරගෙන ‌බලි යාගයකට ගියා. ඒ යන අතර මග නයාවෙල කියන තැන දි මූණ ට මූණ හම්බුනා මරක්කල වෙළෙන්දෙක්. 

යකැදුරා වෙළෙන්දගෙන් ණයට ගත්තු පොඩි ගනුදෙනුවක් තිබුණා. මරක්කල වෙළෙන්දා ඒක මතක් කළා. යකැදුරා ගාව සල්ලි තිබුණෙ නෑ. 

"හෙට දෙන්නං මුදලාලි" යකැදුරා කිව්වා.

"යේක අරියන්නේ ගුරුන්නාන්සෙ. ඇමදාම එට එට කිය කියා මගාරිනවා." කියපු වෙළෙන්දා යකැදුරාගෙ තට්ට ඔලු ගෙඩියට ඇන්නා පොල් ටොක්කක්. යකැදුරාට "බුදු අම්මෝ" කියවුණා.

මරක්කල මනුස්සයා යන්ඩ ගියාට පස්සෙ යකැදුරා ඔලුවත් අත ගගා, ගෝලයට කිව්වා,

"උඹ මේ ගැන කාටවත් එහෙම කියන්ඩෙපා ඈ..." කියලා.

ගෝලයත් එකඟ වුණා.

"හැබැයි ගුරුන්නාන්සෙ, තොවිලෙට ගිහිං දිග කවි කියන්ඩෙපා ඈ. මට දිග කවි එකක්වත් මතක නෑ." ගෝලයගෙ කොන්දේසිය.

යකැදුරත් එකඟ වුණා.

ඔන්න ඉතිං අදාළ ගෙදරට ගිහිං, බලි අඹලා, තොවිලෙ පටන් ගත්තා.

යකැදුරා කවි කිය කියා නට නටා ගිහිං, දන්න සේර ම කොට කවි කියලා ඉවර වුණා. ඒ ගැම්මට ම යකැදුරා පටන් ගත්තා දිග කවියක් කියන්න.

සාව කුළේ ඉපිද අපේ - බෝසත් සසොබන - ඇඟ මස් දුන්නේ

තොවිල්වලදි, ගුරා කියන පදේ අනික් පදේ ගෝලය කියන්ඩෝනෙ. ඉතිං, තමන්ට වෙච්ච පොරොන්දුව මතක කරපු ගුරුන්නාන්සෙ ගැන මල පැනපු ගෝලය අනික් පදේ කිව්වා; 

னයා වෙලේ මරක්කලේ - ඇන්න කලේ ටොකූ - මරහඬ දුන්නේ

කියල.

*    *    *

යකැදුරෝ කීප දෙනෙක් ගියා එක තොවිලෙකට. තොවිලෙ කරන්න කලින් ඒ උදවියට ජයට ම කෑ ලෑස්ති කරල තිබුණා; තම්පලා හොද්ද, හා මස් එක්ක බත්.

යකැදුරෝ ටික බඩ දිගෑරෙන්ඩ කාලා, යාගෙ පටන් ගත්තා. රෑ දොගොඩහරි ජාමෙ විතර වෙද්දි, ගෙදර උදවිය එකා එකා වැටුණු වැටුණු තැන්වල නිදි.

ඒක දැකපු එක තක්කඩියෙක් කට්ටඬියෙක්ට මතක් වුණා ගෙදර වත්තෙ සරුවට වැවුණු අල කොටුවක්. උන්දැ කිව්ව සලයා කියන යකැදුරාට ඇහෙන්ඩ යාග කවියක්:

සලයෝ සලයෝ මුන් නිදි සලයෝ

පලයෝ පලයෝ අල හාරා පලයෝ

පලයෝ පලයෝ බබයත් එක්ක ම පලයෝ

අල හාරන දොස බලියට පලයෝ

ඒක ඇහුණු බඩ ජාරි යකැදුරෙක් කුස්සිය පැත්තට යන ගමං තව කවියක් කිව්වා:

දණ්ඩේ දණ්ඩේ තම්පල දණ්ඩේ

කන්ඩේ කන්ඩේ ඉඳගෙන හා මාලු කන්ඩේ

යන්ඩේ යන්ඩේ අරගෙන ගමට දුවන්ඩේ

හා මාලු කෑ දොස මේ බලියට යන්ඩේ


Monday, October 10, 2022

කයිකතන්දර - 2 කොටස - වස් / සෙත් කවි

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයි කතන්දර පොතෙන් තවත් කවි ටිකක් අරගෙන ආවා. මගෙ කලින් ලිපියෙන්, දෙමළ මවුබස කරගත් මරක්කල සහ දෙමළ උදවියගෙ සැහැල්ලු කවි ටිකක් පළ කළා. ඒවා ගැන හිනාවුණාට, සිංහල මවුබස කරගත්ත උදවියගෙ කවි ඇහුවහම ඊට හතයි. මේ පහළින් තියෙන්නෙ ඒ වගේ කවි කීපයක්.


අන්දිරිසා තරුණ වෙළෙන්දෙක්. උන්නැහැ මනමාලියක් කැන්දං ආවට පස්සෙ මාස කීපයක් වෙළෙඳාමට යන්නෙ නැතුව ගෙදර හිටියා. එයාගෙ අම්මට ඒ ගැන හරි කේන්තියි. අලුත් ලේලි ආවට පස්සෙ තමංගෙ පුතා ඇඹලයා වගේ ගෙට ම වෙලා ඉන්න එක ගැන.

ඉතිං අම්මගෙ වදේටයි, මාස කීපයක් වැඩක් නැතුව සිටීමෙන් අහේනියට පත් වුණු නිසායි, අන්දිරිසා ගියා උඩරට උඩිස්පත්තුව කියන පළාතට, වෙළෙඳාමට. ඒ අතරෙ අලුත් ලේලි ට අලුත් විකල්පයක් හම්බවුණා. එයා ආවෙ හරංකහපිටියෙ ඉඳලා. තමංගෙ පුතා ඇඹලයා කරගත්ත එක ගැන හිතේ කහට තියාගෙන හිටිය අම්මත්, මේ සම්බන්ධෙට පොඩි තල්ලුවක් දුන්නා.

ඉතින් අන්තිමේ මාස දෙක තුනකින් අන්දිරිසා ගෙදර එනකොට, භාර්යාව නෑ. අසල්වැසියන්ගෙනුත් සමහර තොරතුරු මේ ගැන එයාට දැනගන්න ලැබුණා. හොඳට ම කේන්ති ගිය අන්දිරිසා, කොළයක් අරගෙන මේ කවිය ලියලා ඇඳේ වියනෙ එල්ලුවා...

උඩිස්පත්තුවේ මම වෙළෙඳාමෙ ගියා

ගෙදර ඇවිත් බැලු කොට මගෙ ගෑණි නැහෑ

අපෙ අම්මත් මේකට උපකාර කළා

හරංකහපිටිය දුටුවොත් මරඤ්ඤා

*    *    *

අබංචියා කියා තරුණයෙක් හිටියා. හොඳ ට ඇහැට කණට පේන, කඩවසම් කොල්ලෙක්. (නම ලස්සන නැති උනාට). ගමේ ගෑණු ළමයි සෑහෙන්න මෙයා ගැන හිතේ තියාගෙන උන්නා. ඒ අතරින් අබංචියාගේ හිත ගත්තේ, දොච්චො හාමි ගෙ දුව ඉසබෙලා. එයා අනික් ගෑණු ළමයිට වඩා ලස්සනයි. ඉතින් අබංචියත් ඒ ගෙදර නිතර යන එනව.

ඔය සම්බන්දෙ ගමේ අනික් උන්ගෙ ඊර්ෂ්‍යාවට හේතුවක් උනා. කඩපිලේ, නාන ළඳේ, බණ මඩුවෙ... ඔය වගේ පොදු තැන් වල මේ ගැන කට කතා පැතිරුණා.

ලැජ්ජ බය හැදුණු නමියා අබංචියා මේවට කැමති නෑ. ඌ කාටත් නොකියා ගමෙන් පිටවෙලා යන්න ගියා.

ඒකෙන් හොඳට ම දුක් වුණේ ඉසබෙලා. එයා පුළුවන් තරම් ආරංචි හොයලා බැලුවා, අබංචියා ගැන. අංජනං බැලුවා, වෙලාවල් බැලුවා, ඒ කිසිම දෙයක් හරි ගියෙ නෑ.

අන්තිමේ තමන් දන්න විදිහට සෙත් කවියක් ලියලා, දවස් හතක් ගොම්මං වෙලාවට පාන පත්තු කරලා, සෙත් කවිය කිව්වා.

මෙන්න මෙහෙමයි ඒ සෙත් කවිය...

උඹයි මායි මෙහෙම ඉන්න කොට

වටින් පිටින් ඉන්න සෙනඟට

අනුංගේ කීමකට

අබංචියෝ හඳ පානේ වර ගමට

කවි කියන්න පටන් ගෙන අට වෙනි දවසෙ අබංචියා ගමට ආවා.

*    *    *

මිහිරිපැන්නේ ධම්මරතන හාමුදුරුවෝ ප්‍රසිද්ධ කවිකාර උන්නාන්සෙ කෙනෙක්. එතුමාගෙ පන්සලට නිතර ආ ගිය කෙනෙක් තමා, දුම්බර විදානෙ කියන විහිළු නමින් හැඳින්වුණු මෝඩ පහේ තරුණයා. එයා ගෙන් හාමුදුරුවන්ට බේරුමක් තිබුණෙ නෑ, සෙත් කවියක් හදල දෙන්න කියලා. නිතරම වද කළා. 

දවසක් හාමුදුරුවො තල් පතක් අරගෙන මේ කවිය ලියලා දුන්නා උන්දැට... 

බැකිසි බකුසාණේ

කරවැල් මහ කොකාණේ

දිය ගැරඬියාණේ

රකිව් දුම්බර මහ විදානේ

*    *    *

ලීයක් කපන්ඩ හරි, අලෙයක් හාරන්ඩ හරි, ඔය මොකක් හරි වැඩකට කැලේට ගිය මනුස්සයෙකුට බෝ පැලයක් දකින්න ලැබුණා. සැබෑ බෞද්ධයෙක් විදිහට ප්‍රීතියෙන් පිනා ගහිං උන්දැ, එතන එළි පෙහෙලි කරලා, වටේ වැටක් එහෙම ගහලා ගෙදර ගියා. පස්සෙ පස්සෙ දවස් කීපයකට සැරයක් එතනට ඇවිත්, බෝ පැලේ ට වතුර දාන්නයි පෝර දාන්නයි ගත්තා. කාලයක් යද්දි බෝ පැලේ සරුවට වැවුණා. පස්සෙ පස්සෙ අර මනුස්සයා දවස ගානෙ උදේ හවස ඒකට මල් පහන් පූජා කරන්නත් පටං ගත්තා. තමංගෙ ජීවිතේටත් වඩා එයා බෝ පැලේට ආදරේ කළා.

දවසක් පාන්දර ගිහින් බලනකොට, අලියෙක් කලින්දා රෑ ඇවිත් බෝ ගහේ අතු කඩලා, කොළ කාලා, පොත්තත් හූරගෙන කාලා, බෙටිත් දාලා ගිහිං තිබුණා.

එවෙලේ අර මනුස්සයට අලිය අහුවුණානං නැට්ට පිටිං ගිලින්න තරම් කේන්තියක් ආවා. එහෙමම ආපහු හැරිලා ගෙදර ආපු උන්දැ, මෙන්න මේ කවිය ලියා ගෙන ගිහිං බෝ පැලේ දණ්ඩෙ එල්ලුවා.

ගුවන පිරීලා අරණේ වැඩ ඉන්නේ

අරණ හැම තැනම ගුවනින් පිරීලා

මෙතෙක් කලක් මම සැපසේ ඇති කෙරුවා

ඇයි සිරිමා හාමුදුරුවනේ,

දලුත් නැතුව - කොළත් නැතුව - අතුත් නැතුව - පොතුත් නැතුව - ලෙලිත් නැතුව - මුලුත් නැතුව - අලියත් නොමර - නිකම්ම නියවා ගෙන වැඩ ඉන්නේ

(මේක සවුදම් ශෛලිය වෙන්ඩැති?)

*    *    *

මැයි නෝනා තමන්ගෙ මනුස්සයට ආදරේ ඇති ස්ත්‍රියක්. එයාගෙ මහත්තෙය ජේමිස් සිංඤෝ. ඒ දෙන්නට පුතෙකුත් ඉන්නව. පුතාට අවුරුදු පහක් තරම වෙනකල් දෙන්නා දෙමාල්ලෝ රන් රස සේ එකට හිටියා. ඔය අතරෙ අහල පහල ගෙදරක හොර මායියෙක් ජේමිස් සිංඤොට සෙට් වුණා.

දැන් ඉතින් ජේමිස් සිංඤො ගෙදර එන්නෙ ඉඳ හිටලා. ඒ ආව වෙලාවලත් මැයි නෝනත් එක්ක රණ්ඩුවක් අල්ලනව.

ඉතින් මැයි නෝනා ගොඩක් දේවල් කරමින් උත්සාහ කළා, තමුංගෙ මනුස්සයව යහ මඟට ගන්ඩ. නෑදෑ වැඩිහිටියො ලවා අවවාදත් දුන්නා. ඒවයින් වුණේ ගුටි බැට තව ටිකක් වැඩි වෙන එක.

අන්තිමේ මැයි නෝනා කවියක් හදලා, තමන්ගෙ පුතාට පාඩම් කෙරෙව්වා. හොඳටම පාඩම් වුණාට පස්සෙ, ළමයට කිව්වා තාත්ත ගෙදරට ආවම මේ කවිය කියන්ඩ කියලා.

ඉතින් ඊළඟ දවසෙ ජේමිස් සිංඤො ගෙදර ආව වෙලාවෙ පුතා අර කවිය කිව්වා. එතනිම්ම ජේමිස් සිංඤොගෙ දුශ් චරිතය නතර වුණා. කාට හරි ප්‍රයෝජනයක් වෙතොත් කියලා පහතින් තියෙනව, ඒ කවිය.

ජේමිස් සිංඤෝ මගෙ මිතුරේ අහපන්න

මැයි නෝනව කණවැන්දුම් නොකරන්න

කන්න අඳින්නත් හරි හැටි දීපන්න

ඇයි තාත්තෙ මැයි නෝනව අත් ඇරියේ




Sunday, September 18, 2022

කයි කතන්දර - දෙමළ / සිංහල කවි

කයි කතන්දර ගැන මගෙ පරණ පෝස්ට් එකක දි සඳහන් කළා මට මතකයි. එතන දි සඳහන් කරපු බොරළැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබිලා මට මතක හිටපු කයි කතන්දර ගැන වෙන ම ලියන්න හිතාගෙන හිටියා. මේ ඒකෙ පළවෙනි ලිපිය. මෙතන මම කියන්න යන්නෙ දෙමළ භාෂාව මවුබස කරගත්ත ලාංකිකයො කීපදෙනෙක් හැදුවා කියා කියවෙන කවි කීපයක් ගැන.


දවසක් මරක්කල මනුස්සයෙකුත් ගියා බණක් අහන්න. හාමුදුරුවො සාමාන්‍යයෙන් බණ කියන්න කලිං කියනවනෙ ගාථාවක්. ඒ කල්ල හිටං තමුන්වහන්සේ වදාරණ බණ ඒ ගාථාව ආශ්‍රයෙන් තමයි පැහැදිළි කරන්නෙ. ආන්න ඒ වගේ මේ අවස්ථාවෙදිත් හාමුදුරුවො මුලින් ම දේශනා කළ ගාථාවක්...

‍ගංගාය වාලුකා ඛියෙ - උදකං ඛියෙ මහණ්ණවෙ

මහියා මත්තිකා ඛියෙ -ලක්ඛෙන මම බුද්ධියා

පහුවදා කඩපිලේ දි කවුරුත් කතා වෙනව කලින් දා රෑ අහපු බණ ගැන. ඔතන අර මරක්කල මනුස්සයත් හිටියා. එයාටත් නළියනව තමුං අහපු බණ ගැන මොනව ම හරි කියන්න. ඉති උන්දැත් කිව්වා,

"අප්පුආමිලට කියන්ඩ, ඊයෙ රා වණ ඩිංග නං බෝම ඔන්දයි තමා. මාත් ඒක ඔක්කොම එල්ලි වෙනකාං තමා ආගෙන ඉටියා..."

"අනේ පලයං තම්බි යන්ඩ." කඩේ උන්න ගැටයෙක් සමච්ඡලේට කිව්වා. "උඹල දන්න බණ..."

"ඒම කියන එක අරි නෑ මල්ලි. ඒම කියන්න යෙපා. මට ඒ වණ කවිය ෂේරම පාඩම් ඉටියා."

"හා කියහං බලන්ඩ කටපාඩං හිටපු ටික..."

තම්බිත් උගුර එහෙම පාදලා, බොහොම ආඩම්බරෙන් කිව්වා අර ගාථාව...

ගඟිය කියේ වලිය කියේ - උදය කියේ මාණවියේ

මයිය කියේ මතිය කියේ - ලකියා මම බුදියා

*    *    *

මජීදු නානා කියලා මනුස්සයෙක් උන්නා ඔය විදිහෙ. එයත් නිතරම අල්ලපු ගමේ තිබුණු පිරිවෙනට යනව එනව. ඒ පිරිවෙනේ උන්න පණ්ඩිත හාමුදුරුවො අනික් ගෝලයන්ට සිංහල කවි ප්‍රබන්ධ කරන හැටි කියා දෙනවා බලා ඉන්න එයා හරි ම කැමතියි.

දවසක් හාමුදුරුවො ඇහුවා, 

"තම්බි උපාසක, දැන් උන්නැහෙත් කාලෙයක් තිස්සේ මේ පිරිවෙනට යනවා, එනවා. කවි උගන්නන හැටිත් බලාගෙන ඉන්නවා. තාම බැරි උනා ද, තමුන්නැහැට කවියක් හදන්ඩ?"

"‌මක්කද ආමුදුරුවනේ බැරි? මටත් පුළුවන් තමා කයියක් දෙකක් අදන්ඩ..."

"ආ, එහෙනම් හදල කියමු බලන්ඩ..."

ටිකක් කල්පනා කර කර හිටපු මජීදු නානා, මේ කවිය කිව්වා...

මම උපන්න ගම නං පට්ටිපොල ගම

මම ඇදිච්ච ගම නං අකුරණ ළඟ කුරුගොඩ ගම

මම කෂාද වන්ද ගම නං රම්බඩ ගඟ වත්ත ගම

මම දෙනට පදිංචි ගම නං මාඳිපොල ගම

*    *    *

නගරබද ගෙදරක තොවිලයක් නැටුවා. ඒ ළග ගෙදරක උන්නා ලංසි පවුලක්. එහෙ වැඩට උන්නෙ දෙමළ කොල්ලෙක්. ඔය ළමයටත් ආසා හිතුණා තොවිලෙ බලන්න යන්න. ඉතිං එයා ගිහිං ගෙදර නෝනගෙන් ඇහුවා "මාත් යන්ඩද නෝනා නැටුම් බලන්න?" කියලා.

නෝනටත් හරි කුතුහලයි තොවිලෙ ගැන. ඒත් ඉතිං යන්නත් බෑ. සාමාන්‍යයෙන් ටිකක් ස්ටේටස් තියාගෙන ඉන්න ගෙවල්වල නෝනලා එහෙම යන්නෑනෙ... ඉතිං එයා කිව්වා, "හා හොඳයි. ගිහිං වරෙං. හැබැයි උඹ බලපු නැටුංවල හැම විස්තරයක් ම මට ඇවිත් කියන්ඩ ඕනෙ." කියලා.

ඉතිං අර කොලුවත් හරි සන්තෝසෙන් ගිහින් එළි වෙනකම්ම නැටුම් බලලා සතුටු වුණා.

ආපහු එද්දිත්, තොවිල් නැටුමයි එතනදි කියන දිග කවිවල රිද්මෙයි කොල්ලගෙ හිතේ... ඉතිං ආපහු ගෙදර ඇවිත් නෝනට තොවිලෙ නැටුම් විස්තර කිව්වෙත් තොවිලෙදි අහන්ඩ ලැබුණු කවිවල ශෛලියට තමන් හදාගත්ත කවියකින්...

යෙක මිනියෙක් මා දඬු කඳ කර බැඳගෙන දිඩි බිඩි බිඩි දිඩි බිඩි බිඩි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

යෙක මිනියෙක් කාෂි මල්ල පය බැඳගෙන ගඩි ගිජි ගිජි ගිඩි ගිජි ගිජි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ 

යෙක මිනියෙක් අඟුරු කබල අතට අරං දුම් ගෂ ගෂ දුම් ගෂ ගෂ යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

යෙක මිනියෙක් සුදු රෙද්දක් පොරවාගෙන බුදි බුදි බුදි බුදි බුදි බුදි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

*    *    *

ඉස්සර හිටියානේ ගෙයින් ගෙට පයින් ගිහින් වෙළඳාම් කරන මුස්ලිම් වෙළෙන්දො. ඒ අයට ඉස්සර මිනිස්සු කිව්වා මරක්කල වෙළෙන්දො කියලා. රෙදි පොට්ටනියක් හරි තොරෙම්බල් කූඩයක් හරි නැත්තං වෙන මොකක් හරි ඔලුව උඩ තියාගෙන ගමකට ඇවිදින්, දවසක් හරි දවස් කීපයක් හරි ඒ ගමේ ගෙයින් ගෙට ගිහින්, ආගන්තුක සත්කාරයක් විඳිමින්, ප්‍රවෘත්ති රැස් කරමින් සහ බෙදා හරිමින් මේ මරක්කල මිනිස්සු වෙළඳාමකුත් කරගෙන හොඳ ආදායමකුත් රැස් කරගත්තා.

මේ විදිහෙ මරක්කල පොට්ටණි වෙළෙන්දෙක් උන්නා, එයා එක ගමකට ආවම, නතර වෙනවා දවසක් දෙකක් එක ගමරාළ කෙනෙක්ගෙ ගෙදර. දවසක් උන්නැහැ ආව වෙලාවෙ දැක්කා ගම හාමිනේ කස කස ඉන්නව. ඒ මොකද කියල අහපුවාම දැනගන්න ලැබුණෙ, හොරි හැදිලා කියලා.

පරණ මිනිස්සු මොනව හ ලෙඩක් හැදුනම ගමේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නව. ඒ අතරෙ ගොඩ වෙදකමුත් කරනව. හරි යන් නෑ වගේ නං වෙලාවකුත් බලලා, සාත්තරේකුත් අහනව. 

එහෙම අහපු සාත්තරෙකට කියල තියෙනව, හොරි හැදුණෙ අපලෙකටය, තොවිලෙයක් නටන්ඩ වෙනවය කියලා. ඒත් ඉතිං ගමරාළ හරි දුප්පත්. තොවිලෙ නටවන්ඩ සල්ලි බාගෙ නෑ.

ඔය ටික අහගෙන හිටපු මරක්කල මුදලාලිට හිත උණු උනා. එයා කිව්වා, 

"ආ... මට සල්ලි එපා. මං නටන්නං තොවිලෙ. මට මේ මේ කළමනා ටික හොයල දෙන්ඩ" කියලා. ගමරාළත් කල්පනා කළා, මේකත් කරල බලමු කියලා. ඒ අනුව අර කියපු අඩුම කුඩුම ටික හොයල එදා රෑ ම තොවිලෙ පටං ගත්තා.

මරක්කල මුදලාලිත් දන්න දන්න විදිහට සිංහලෙන් තොවිල් කවි හද හදා කිය කියා නැටුවා. එහෙම කියපු එක කවියක් මේ...

පනියාරුන් කියන කැවුම් ගෙනත් පුදන්නේ

එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ

වාලෛප්පලම් කියන කෙෂෙල් ගෙඩිත් පුදන්නේ

එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ

*    *    *

ඔය වගේ තවත් මරක්කල වෙළෙන්දෙක් හිටියා, හොඳ ලස්සනට ගළපලා කවි හදලා කියන. දවසක් එයා එළගොන්දෙණියේ පොඩි අප්පුහාමිගෙ ගෙදරට ගොඩ වුණා. කොහිලකොටුවෙ ලොකු අප්පුහාමිගෙ දෝණියන් කරකාර බැඳගත්තු මේ කියන පොඩි අප්පුහාමි ඉතාම හොඳ රසවතෙක්. ඉතින් එයා ඔය මරක්කල වෙළෙන්දට යන්න දෙන්නෙ නෑ, කවියක් දෙකක් කියනකම්. ඒ පරක්කුව වෙනුවෙන් ආගන්තුක සත්කාරයට අමතරව, පොඩි අප්පුහාමි තමුන්ට උවමනා නැති වුණත් අරයගෙන් මොනවා හරි බඩුවක් දෙකකුත් ගන්නවා මයි. ඒ නිසා මරක්කල උන්නැහැත් බොහොම කැමැත්තෙන් තමයි පොඩි අප්පුහාමි ගෙ ගෙදරට ගොඩ වෙන්නෙ.

ඉතින් දවසක් මරක්කල උන්නැහැ ඔය ගෙදරට ගොඩ වෙනකොට ම ඇතුල් කාමරේක පොඩි කසුකුසුවකුත් එක්ක බොහොම කෞතුක දෙයක් දකින්න ලැබුණා. ඒ වගක් නොපෙන්නා උන්නැහැ උගුර පාදලා ගෙදර උස් පිලේ ඉඳගෙන ඔලුව උඩ තිබුණු බරත් පැත්තකින් තිබ්බා.

ඒ වෙලාවෙ පොඩි අප්පුහාමි ගෙදර උන්නෙ නෑ. ඒ බව වචනෙන් දෙකෙන් කියපු පොඩි අප්පුහාමිගෙ , ඉක්මණට ඉක්මණට ගේ ඇතුලට වුණා. ආන්න එහෙමයි ඒ කාලෙ වැදගත්  හැදිච්ච සීලාචාර කාන්තාවො.

ටික වෙලාවකින් පොඩි අප්පුහාමිත් ආව. මරක්කල උන්නැහැ දැක්ක විතරයි උන්නැහැගෙ මහන්සියත් නැති වුණා. ඉතිං පෙරැත්තෙ කවියක් කියන්න කියලා...

මරක්කල වෙළෙන්දා කැමති වුණේ නෑ එදා කවි කියන්න. මනුස්සයගෙ හිතට හරි මදි. නමුත් පොඩි අප්පුහාමි සෑහෙන්න පෙරැත්ත කරනව.

"බෑ අප්පුආමි. අද බෑ. අද නං මං කවි කිව්වොත් මහ විනාසයක් තමා වෙනවා..."

"එහෙම වෙන්නෙ කොහොමද තම්බි? කවියක් කිව්වට මොකද්ද වෙන විනාසෙ? ඔන්නොහෙ අද කවියක් කියලම තමයි යන්නෙ..." පොඩි අප්පුහාමිත් අර මනුස්සයට නිදහසක් දෙන්නෙම නෑ.

බැරිම තැන මරක්කල මුදලාලි කිව්ව කවියක්... ඒක තමයි ඔය පහළ තියෙන්නෙ.

කොයිලකොටුවෙ ලොකු අප්පුආමිකෙ දෝණියන්

එළගොන්දෙණියෙ පොඩි අප්පුආමිට කෙනාවයි

පංශලේ ඉටපු මාණ අප්පුආමිත් ආවයි

ශිවුරු පොදිය පොතු මල්ලේ හංගාලයි


Tuesday, September 6, 2022

ජැක් බි නිම්බල්, පුංචි ජැක් හෝනර් සහ මේරි මේරි...

මහා අමුතු ඉංග්‍රීසි ළමා කවි කීපයක් අපි මීට කලින් ලිපිවලින් කියවලා තියෙනවානේ. මේ ඒ ලිපිවලට ලිංක්. 

හේ ඩිඩ්ල් ඩිඩ්ල්

බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන් දෙනා, ජැක්   සහ ජිල්

ලන්ඩන් පාලම, වයසක හබර්ඩ් අම්මා, හට්ටි ඩම්ටි 

රිං අරවුන්ඩ් ද රෝසීස්, ගූසි ගුසි ගැන්ඩර්, රොක් අ බයි බේබි

සපන්නුවේ ආච්චි, හිලරි ඩිකරි ඩොක්, මෆීන් මෑන්

මේ මෑතකදී පුතා එක්ක ඒජ් ඔෆ් එම්පයර්ස් සෙල්ලම් කරද්දි, තවත් ඒ වගේ අමුතු කවියක් මතක් වුණා. ඒජ් ඔෆ් එම්පයර්ස් ගේම් එකේ තියෙනවා, චීට් කෝඩ් එකක්, jack be nimble කියලා. ඒක ගැහුවම, කැටපියුල්ට්වලින් විදින්නේ ගල් වෙනුවට හරක් සහ මිනිස්සු. 

ජැක් බි නිම්බල් කවිය මේ:

ඒකෙ පද ගත තේරුම:

ජැක් වේගවත් වෙන්න

ජැක් ඉක්මණ් වෙන්න

ජැක් පනින්න

ඉටිපන්දමට උඩින්

ගොඩක් අය විශ්වාස කරනව මේ කවියෙන් කියවෙන්නෙ එක්දාස් හයසිය ගණංවල මුල භාගයේ හිටපු ශෝං ඇල්බෙයා හෙවත් බ්ලැක් ජැක් නම් මුහුදු කොල්ලකාරයා ගැන බව.

බ්ලැක් ජැක් නාවික හමුදාවන්ට අසු නොවී බේරෙන්න දැක්වූයේ පුදුමාකාර දක්ෂ කමක්. ඔහුගේ වේගවත් බව සහ උපායශීලීත්වය මේ කවියෙන් කියවෙනවා කියා සැළකෙනවා.

ඉට අමතරව, ඉටිපන්දමට උඩින් පැනීම පරණ ඉංග්‍රීසි ක්‍රීඩාවක් බව දැනගන්න ලැබුණා, වෙළෙඳපොලේ සහ පොදු ස්ථානවල කරපු. නමුත් ඒ ගැන වැඩි යමක් හොයාගන්න බැරි වුණා.

පුංචි ජැක් හෝනර්...

ඒ වගේ තවත් කවියක් තමයි ලිට්ල් ජැක් හෝනර්. 

මේ තියෙන්නෙ ඒ කවිය. 


පුංචි ජැක් හෝනර්

මුල්ලෙ ඉඳගත්තා

ඔහුගෙ නත්තල් පයි එක කමින්

ඔහු මාපටැඟිල්ල ඒකට ඔබලා

ප්ලම් එකක් එළියට අරගෙන

කිව්වා

මං කොච්චර හොඳ ළමයෙක් ද කියලා...

මේ කවියෙන් කියවෙන්නේ ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා ගේ ස්ටිවර්ඩ් වුණු තෝමස් හෝනර් ගැනයි කියා සැළකෙනවා. ඔහුගේ අතේ ප්‍රධාන පූජකවරයා, අටවන හෙන්රි රජු වෙත යැව්වා නත්තල් පයි එකක්. ඒ පයි එක ඇතුළේ සඟවලා ඔහු මන්දිර දොළහක ඔප්පු රජු වෙත යැව්වා, රජතුමාගේ හිත දිනා ගන්න. ඒ කාලය වන විට රජතුමා පූජකාශ්‍රම විසුරුවා හැරීමේ තීරණයක් ගෙන ක්‍රියාත්මක කරමින් සිටියා. ඉතින් තමන් ගේ තෑග්ග මඟින් ඒ තීරණය තමන්ට අවාසි සහගත ලෙස ක්‍රියාත්මක වීම වළක්වාගැනීමට ග්ලැස්ටන්බරි හි ප්‍රධාන පූජකවරයා කල්පනා කළා.

මේ පයි එක ගෙනියන අතර, තෝමස් හෝනර් එයින් එළියට ඇදලා ගත්තා, මෙල්ස් මන්දිරයේ ඔප්පුව. මේ ගමනට ටික කාලයකට පස්සේ ඔහු ඒ මන්දිරයේ පදිංචියට ගියා. මේ කතාව ප්‍රතික්ෂේප කරන හෝනර්ගේ පරම්පරාවේ උදවිය, ඔහු එය රජුගෙන් මිලයට ගත්තා යැයි කියනවා.

මේරි මේරි...

මේ කවියත් අර වගේ ම තේරුම ව්‍යාකූල එකක්. මේ තියෙන්නේ කවිය.


පද අනුව තේරුම මෙහෙමයි:

මේරි, මේරි, තරමක් ප්‍රතිවිරුද්ධයි

කොහොමද ඔයාගෙ ගෙවත්ත වැවෙන්නේ?

රිදී සීනුයි, බෙලි කටුයි

සහ ලස්සන කෙල්ලොයි පේළියට

මේ කවියේ කියවෙන මේරි, අටවන හෙන්රි රජුගේ දුව වුණු, පළමුවන මේරි නම් කතෝලික රැජිණයි. මීට කලින් අන්ධ මීයො තුන්දෙනා ගේ කවියෙත් මේ රැජිණ ගැන කියවුණා මතකයි. 

එතුමියගේ කෙටි රාජ්‍ය පාලන කාලය තුළ ප්‍රොතෙස්තන්ත ආගමිකයන්ට එරෙහිව දියත් වුණු කුරිරු මර්ධනය නිසා මේ රැජිණ ප්‍රසිද්ධ වුණා. "ගෙවත්ත" ලෙස කවියේ කියවෙන්නේ, සොහොන් පිටිවල වර්ධනය. රිදී සීනු සහ බෙලිකටු පැහැදිළිවම වධ දීමේ යන්ත්‍ර සහ වධ දීම සංකේතවත් කරන අතර, ලස්සන කෙල්ලන් හෙවත් මේඩ්ස් අනිවාර්යයෙන් ම යකඩ ගැහැණිය හෙවත් අයන් මේඩ්න් නම් වධක යන්ත්‍රය ගැන කරන සඳහනක්.

මූලාශ්‍ර:

https://allnurseryrhymes.com/jack-be-nimble/

https://www.pirateshowcancun.com/jolly-roger-crew/captain-black-jack

https://www.education.com/magazine/article/hidden_history_of_nursery_rhymes/#:~:text=Little%20Jack%20Horner%20%2D%20The%20story,were%20hidden%20in%20the%20pie.

Thursday, October 7, 2021

සපත්තුවේ ආච්චි, හිකරි ඩිකරි ඩොක් සහ තවත් කවි - ළමා කවියක අඳුරු ඉතිහාසය

 පහුගිය ලිපිවලින් අපි හොයාගත්තා, මෙන්න මේ ළමා කවිවල තියෙන ඉතිහාස කතා:

1. හේ ඩිඩ්ල් ඩිඩ්ල්

2. බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල්

3. ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි

4. රිං අරවුන්ඩ් ද රෝසී, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි


පහුගියදාක අපේ පොඩි රාළගෙ ඉංග්‍රීසි ගුරුතුමිය එවල තිබුණා කවියක් ‌පොඩි රාළලාට පාඩම් කරගන්න, ඒක කියෙව්ව ම මට හරි කුතුහලයක් ආව මේ මොනව ගැන ද කියන්නෙ කියල... කවිය මෙන්න මෙහෙමයි:


D'you know the old woman

who lived in a shoe

She had so many children,

she didn't know what to do

She gave them some broth 

without any bread 

She whipped them all soundly

and put them to bed


ඔයා දන්නවද මහළු කාන්තාව, අර සපත්තුවක් ඇතුළෙ හිිටියෙ...

එයාට ළමයි ගොඩක් හිටියා, ඒ අයට කරන්න දෙයක් ඈ දැනගෙන උන්නෙ නෑ

එයා ළමයිට එළවලු-මස් සුප් දුන්නා, පාන් දුන්නෙ නෑ

ළමයිට හොරන් ම කෝටුපාර දීලා ඇඳට යැව්වා

(වචනෙට වචනෙ කරපු පරිවර්තනය)


මේ කවියෙ මුල් ගැන ගොඩක් අදහස් තියෙනවා. ඒවයින් වැඩිම පිළිගැනීමක් තියෙන්නෙ, මේ කියන්නෙ මහා බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය පාලනය කළ දෙවෙනි ජෝජ් රජු (1683 - 1760) ගැන කියලයි. 

දෙ වන ජෝර්ජ් රජු ගේ රාජ්‍යය ඇත්තටම පාලනය කළේ එතුමාගේ බිසව වුණු ඇන්ස්බැක් හි කැරොලයින් රැජිණ වූ නිසා, ජනතාව අතරෙ මේ රජ තුමා හැඳින්වුනේ "නාකි ගෑණි" හෙවත් the old woman කියලයි. ඔහුට හිටිය ළමයි ගොඩ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒ ළමයිට දෙන කෝටු පාර හෙවත් whip ලෙසින් හැඳින්වුනේ, නිලයක්. එක් දේශපාලන පක්ෂයක සාමාජිකයන් සියලු දෙනා එම දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තියට හෝ සාමූහික තීරණයට එකඟව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව විනය පවත්වාගෙන යාම සඳහා ඇති කරන ලද නිලය whip නමින් හැඳින්වුණා. ඔවුන් යවපු ඇඳ විදිහට පෙන්වන්න පුළුවන්, මහජන මන්ත්‍රී සභාව. එතැනට ඒ මන්ත්‍රීවරු දිනපතා සහභාගී විය යුතුව තිබුණා.

1720 දී පමණ ඇති වුණු දකුණු මුහුදේ බුබුළ හෙවත් south sea bubble නම් ආර්ථික අවපාතන සංසිද්ධිය නිසා, දෙ වන ජෝජ් රජු වියදම් කපා හැරීම සහ සිය රාජධානියේ ආර්ථිකය නැවත නඟා සිටුවීමට ගත් උත්සාහය, "නාකි කාන්තාව ළමයින්ට පාන් නොමැතිව සුප් දීම" මඟින් නිරූපණය වුණා කියා සැළකෙනවා.


ජිම් හෙන්සන් ගේ මදර් ගූස් ස්ටෝරීස් කියන මපට් වැඩසටහනේ තිබුණු ගොඩක් ම ජනප්‍රිය, ඒ වගේම ටයිටස් තොටවත්ත සිංහලටත් හඬකවලා පෙන්වපු කවියක් මීළඟට:

hickory dickory dock

the mouse went up the clock

the clock struck one and the mouse went down

hickory dickory dock


හිකරි ඩිකරි ඩොක්

මීය නැග්ග ඔරලෝසුවෙ

එකයි කියල වැදුණා

මීය බිමට පැන්නා

හිකරි ඩිකරි ඩොක්

(ටයිටස් තොටවත්ත හඬ කවපු විදිහ මට මතක තිබුණු හැටියට)


මේ කවියෙන් කියවෙන්නේ රිචර්ඩ් ක්‍රොම්වෙල් ගැනයි කියලයි සඳහන් වෙන්නෙ. කවුරුත් දන්න විදිහට බ්‍රිතාන්‍ය සිවිල් යුද්ධය අවසානයේ පළමුවන චාල්ස් රජු බලයෙන් පහ කරලා, පොදු රාජ්‍ය මණ්ඩල ජනරජය ඇති කරන්න මුල් වුණු ඔලිවර් ක්‍රොම්වෙල්, රාජ්‍යයේ ප්‍රධාන ආරක්ෂක (Lord Protector) නමින් හැඳන්වුණු රාජ්‍ය ප්‍රධානියා හැටියට 1653 දි පත් වුණා. එතුමා ස්වාභාවික හේතුන් මත 1658 දි මියයන කොට, තමන්ගෙ අනුප්‍රාප්තිකයා විදිහට පත් කරන්නෙ තමන්ගෙ තුන්වෙනි දරුවා වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්. (ගොඩක් තැන්වල එහෙම තමයි වුණේ. අපේ රටෙත් ජෝන් කොතලාවල සහ බණ්ඩාරනායක ඉද්දි, ඩී එස් ගෙ අනුප්‍රාප්තිකයා විදිහට ඩඩ්ලි පත්වුණේ ඒ විදිහට.) රිචර්ඩ් ක්‍රොම්වෙල් ට ඒ කාලේ ජනතාව අතරෙ පටබැඳුනු නම තමයි, “හිකරි ඩික්“ ඔරලෝසුවෙ නැගපු මීයා විදිහට හඳුන්වන්න පුළුවන් නියම සුදුසුකම් නැතිව රටේ ප්‍රධාන පාලක තනතුරට පත්වුණු රිචර්ඩ් ක්‍රොම්වෙල්.

කොහොම වුණත්, රිචර්ඩ් ක්‍රොම්වෙල් තමන්ගෙ පියා වගේ දක්ෂ සහ සාර්ථක පාලකයෙක් වුණේ නෑ. ඔහු පාලනය කළේ අවුරුද්දයි. හරියටම බැලුවොත් මාස නවයක් විතර. ඊට පස්සෙ පිටුවහලේ හිටපු දෙවන චාර්ල්ස් රජු ගෙන්වාගත්තු රාජාණ්ඩු වාදීන් රිචර්ඩ් ව බලයෙන් පහ කළා. ඒක හරියටම, එකයි කියලා ඔරලෝසුවෙ වදිද්දී මීයා බිමට පැනලා දිව්වා වගේ තමයි.


මී ළඟට අපි කතා කරන්නෙ ප්‍රචණ්ඩත්වය මුල් කොටගෙන බිහිවුණු තවත් සුන්දර කවියක්. ඒ තමයි මෆින් මෑන්

Do you know the muffin man,

the muffin man, the muffin man?

Do you know the muffin man,

who lives on Drury Lane?

Yes, I know the muffin man,

The muffin man, the muffin man,

Yes, I know the muffin man,

Who lives on Drury Lane.


ඔයා දන්නවද මෆින් කාරයා,

මෆින් කාරයා, මෆින් කාරයා?

ඔයා දන්නවද මෆින් කාරයා,

ඩෲරි පටුමගේ ඉන්නා?

ඔව් මම දන්නව මෆින් කාරයා,

මෆින් කාරයා, මෆින් කාරයා.

ඔව් මම දන්නව මෆින් කාරයා

ඩෲරි පටුමගේ ඉන්නා.


ඩෲරි පටුමග තියෙන්නෙ ලන්ඩන් නගරයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අසලින් විරුද්ධ පැත්තෙන් පටන්ගෙන දිවෙන පටු මඟක්. මේ පටුමඟ A4 පාරේ සිට A40 පාර දක්වා විහිදෙන අතර, ඒ පාරේ එක පැත්තකින් ත්‍රිත්ව විද්‍යාලයත්, තවත් පැත්තකින් ඩෲරි ක්‍රීඩා පිටියත් පිහිටා තියෙනවා.

16 වන සියවසේ දී කම්කරුවන්ට පැය 12 ක වැඩමුරයක් තිබුණා ඒ නිසා ඔවුන්ට උදේ සහ රෑ කෑම පිළියෙල කරගන්න වෙලාවක් සහ ශක්තියක් තිබුණේ නෑ. ඉතින් විවිධ ස්ථාන වල තිබුණු බේකරි සහ මෆින් කාරයන් ඒ අඩුව පිරෙව්වා. මෙතැන මෆින් කියන්නේ අපි දන්නා කප් කේක් වැනි රස කැවිල්ල නොව, ඉංග්‍රීසි මෆින් නමින් හැඳින්වෙන පාන් වැනි කෑම.

ඒ විදිහේ මෆින් කාරයෙක් හෙවත් බක්කරේ කෙනෙක් හිටියා ඩෲරි පටුමඟේ. ඔහුගේ නම ෆ්‍රෙඩ්‍රික් තෝමස් ලින්වුඩ්. නමුත් ඔහු වඩා ම ප්‍රසිද්ධ වී සිටියේ ඩෲරි පටුමඟේ ‌කොටු කපන්නා හෙවත් Drury Lane Dicer යන නමින්. 

1589 සිට 1598 දක්වා අවුරුදු නවයක කාලය ඇතුළත ලින්වුඩ් කුඩා ළමයි 15 දෙනෙකු මැරුවා කියා සඳහන් වෙනවා. ඔහුගේ බේකරිය කුඩා ළමයි නිතරම ගැවසුණු තැනක් වුනා. ඒ ළමයි තමන්ගේ දඟකරකම්වලින් එතැන අවුල් කරන එක ඔහුට කරදරයක්. ඔහු කළේ, මෆින් එකක් නූලක ගැට ගහලා, එලියට දාලා තියනවා. ළමයෙක් ඒක දැකලා, ඒක ගන්න එනකොට නූලෙන් අදිනවා. ඒක සෙල්ලමක් කියලා හිතන ළමයා ඒක පස්සෙන් ගිහින් ගිහින්, බේකරිය ඇතුලේ අඳුරු කොටසට ආවට පස්සේ, ලොකු ලී පත්තකින් ගහලා, ඒ ළමයා සිහි නැති කරනවා. ඊට පස්සෙ මරණවා.

මේ කතාව දිගින් දිගට ම කටින් කට ගිහින් පරම්පරා ගාණක් තිස්සේ නැවත නැවත කියවිලා, මේ සිදුවීම්වලට ගොඩක් විස්තර අමතක වෙලා ගිහින් ජනප්‍රවාදයක් මට්ටමට පත් වෙලා තියෙනවා.


මූලාශ්‍ර

https://englishhistoryauthors.blogspot.com/2012/04/political-meaning-in-18th-century.html

https://www.ncregister.com/blog/the-horrible-meanings-behind-nursery-rhymes

https://en.wikipedia.org/wiki/There_was_an_Old_Woman_Who_Lived_in_a_Shoe

https://simple.wikipedia.org/wiki/Richard_Cromwell

https://sarahcottrell.medium.com/do-you-know-the-muffin-man-he-was-a-serial-killer-who-preyed-on-kids-eaf12c90a8d1

Saturday, December 5, 2020

කිරි කිරි බෝලේ, ගූසි ගූසි ගැන්ඩර් සහ රොක් අ බයි බේබි - ළමා කවිවල අඳුරු ඉතිහාසය

රිං අරවුන්ඩ් ද රෝසී

ලංකාවේ පොඩි දරුවො රවුමට හිටගෙන, අත් අල්ලගෙන කැරකෙන සෙල්ලමක් කරනවනෙ "කිරි කිරි බෝලේ - රැළි රැළි මාලේ" කියා පටන් ගන්න කවියක් කියමින්... ඒ වගේම තාලයකට කියන කවියක් තමයි රිං අරවුන්ඩ් ද රෝසී... ඒ කවියත් කිරි කිරි බෝලේ වගේම අත් අල්ලගෙන රවුමට රවුමට කැරකෙමින් කරන සෙල්ලමකට අදාළ කවියක්. පහත තියෙන්නෙ ඒ කවිය.

https://images.fineartamerica.com/images/artworkimages/mediumlarge
/1/ring-of-roses-frederick-morgan.jpg


Ring-a-round the rosie,

A pocket full of posies,

Ashes! Ashes!

We all fall down.


රෝසි වටේ වළල්ලක්

මල් පොකුරු පිරුණු සාක්කුවක්

අළු! අළු!

අපි ඔක්කොම බිම වැටෙනව

(වචනයට වචනය විදිහට කරපු රළු පරිවර්තනය...)


මේ කවියෙ මුල ගැන තියෙනවා මිත්‍යා කතාවක්. (ඒක ඇත්තම ඉතිහාස කතාව නෙවෙයි කියලා තර්ක කරන්න ඕනෙ තරම් සාධක තියෙනවා.)

1430 ගණංවල යුරෝපය වසාගෙන පැතිරිලා ගිය කළු මරණය (Black Death) වසංගතය ගැන මේ කවියෙ පදවලින් කියවෙනවා කියලා සැළකෙනවා. ඒ මේ විදිහට...

හමේ ඇති වෙන රතුපාට රවුම් ආසාදනයක්, තද රෝස පාට පැල්ලමක් වටේට රෝස පාට රවුමක් හිටින පරිදි ඇති වන සමේ ආසාදනයක් පළවෙනි පදයෙන් කියවෙනවා. මේ වසංගතයෙන් බේරෙන්න බෙහෙත් ලෙස සැළකුණු කොළ. දලු, රිකිලි ආදිය සාක්කුවේ දාගෙන එන්න යන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු දෙවන පදයෙන් කියවෙනවා. "ඈෂස්" කියන තුන් වෙනි පදේ ඊට ටිකක් පරණ අනුවාදයේ දි කියවුනේ "ආ ටිෂූ" කියලයි. එකෙන් කිවිසුම් යාම ඇඟවෙනවා. ඊට පස්සෙ වසංගතයෙන් රෝගාතුර වෙන මිනිස්සු අන්තිමේ බිම වැටිලා මිය යාම අවසාන පදයෙන් කියවෙනවා...

ඒත් මේ කවිය ඊට කලින් අනුවාද වලදි, ඒ වගේම රටින් රටට වෙනස් වන අනුවාද වලදි මේ පද ම යෙදෙන්නේ නෑ. ඒ වගේම සමේ ආසාදනයක් එක්ක කිවිසුම් යාමක් තිබුණු වසංගතයක් ගැන ඓතිහාසික තොරතුරුත් දකින්න නෑ. ඒ නිසා මේ පරණ මුල් ගැන තියෙන කතාවත් මිත්‍යා කතාවක් ම තමයි කියලයි බොහෝ දෙනා පිළිගන්නේ.


ගූසි ගූසි ගැන්ඩර්

මේ කවිය නම් බොහොම අපූරු ඉතිහාස කතාවක් කියනව... මෙන්න කවිය:

Goosey Goosey Gander where shall I wander,

Upstairs, downstairs and in my lady's chamber

There I met an old man who wouldn't say his prayers,

I took him by the left leg and threw him down the stairs.

පාත්ත පාත්ත පාත්තයා - මම කොහෙද කරක් ගහන්නෙ
උඩ තට්ටුවෙ යට තට්ටුවෙ සහ කාන්තාවගෙ කාමරේ
එතන මට අහුවුුුුණා යාඥා නොකරන නාකියෙක්
මං උන්දැගෙ වම් කකුලෙන් ඇදල අරං පඩිපෙලෙන් පහළට විසි කළා

http://4.bp.blogspot.com/-V7Gh3fsxBcs/Us7qVcKA_dI/AAAAAAAAA6Q
/5aYDUmutoOE/s1600/Goosey-Goosey-Gander-where-shall-I-wander.jpg


16 වන සියවසේ එංගලන්තයේ කතෝලික පූජකවරු අප්‍රසාදයට ලක් වුණු කොටසක් වුණා. බහුතරයක් දෙනා දූෂිතයන් විදිහට හංවඩු ගැහිලා හිටියෙ. මේ කවියෙ කියන නාකි මිනිහා, ඒ විදිහෙ කතෝලික පූජකවරයෙක්. පාත්තයන් කියලා ඒ කාලයේ හැඳින්වුනේ ගණිකාවො... ඒ කියන්නෙ මේ පූජකවරයා අහුවුණේ ගණිකාවකගෙ කාමරේ ඉඳලා. 

ඒ කාලෙ සැබෑ පූජකවරයෙක්ද කියලා හඳුනගන්න, යාඥාවක් කියන්න කියල කියන එක සාධාරණයි. (එක කාලයක බාල්දියක් පෙන්නලා මේ මොකද්ද කියල ඇහුව වගේ) 16 වන සියවසේ දි ලතින් භාෂාවෙන් යාඥා කිරීම පරණ සිරිත. ඉංග්‍රීසි භාෂාවෙන් කීම අලුත්... ඉතින් මේ පූජකවරයට ඉංග්‍රීසි යාඥාවක් කියන්න බැරිවෙලා. ඉතින් කකුලෙන් අල්ලලා ඇදල අරං පඩිපෙළෙන් පහළට විසි කරලා...

තව මතයකට අනුුව, 16 වන සියවසේ එංගලන්තයේ රෙපරමාදු ආගම ට අනුග්‍රහ දැක්වූ රජය විසින් කතෝලිකයන් මර්ධනය කෙරුණා. ඒ කාලෙ කතෝලික ගෙවල් වල පූජක ගුළ කියලා තැනක් තිබුණා පූජකවරුන් හංගලා තියාගන්න. එහෙම කෙනෙක් අහුවුණොත් කකුලෙන් ඇදල අරං පඩිපෙළෙන් පහළට තල්ලු කරලා මරල දාන සිරිතක් තිබුණා ලු...


රොක් අ බයි බේබි

මේකත් එංගලන්තෙ රජ පවුලේ කතාවක් ගැබ් වුණු කවියක්...

Rock-a-bye baby on the treetop,
When the wind blows, the cradle will rock.
When the bough breaks, the cradle will fall,
And down will come baby, cradle and all.

නැළවේ බබා ගහ මුදුනේ
සුළඟ හමද්දි තොටිල්ල පැද්දේ
අත්ත කැඩුණහම තොටිල්ල වැටේවි
බබයි තොටිල්ලයි ඔක්කොම බිම වැටෙයි

https://i.etsystatic.com/6911039/r/il/d4ffb7
/609084398/il_794xN.609084398_1d8s.jpg

දෙවෙනි ජේම්ස් රජතුමා ට කතෝලික උරුමක්කාරයෙක් සිටිය යුතු නිසා, රජ වාසල දරු ප්‍රසූතිය සිද්ධ වෙන කුටිය ට පිරිමි
දරුවෙන් හොරෙන් අරගෙන ගිහින් තිබ්බා කියා විශ්වාස කරනවා. ඒ දරුවා රජ ගෙදර කියන තොටිල්ලේ සිටියත්, රජුගේ නෑදෑයන් කියන සුළඟ විසින් බිමට පෙරලලා දාන්න පුළුවන් විදිහෙ අවදානම් තැනකයි සිටියේ... ඒක හරියටම දරුවෙක් ‌තොටිල්ල සමඟින් ගහක් මුදුනේ තැබීම ට සමානයි.

වැඩිපුර බලපු ලිපි