ඔබට කාගෙ හරි පාට් එකක් බලන්න සිද්ධ වුණොත්, කාගෙන් හරි අසාධාරණයක් සිද්ධ වෙනව නම්... පළිගන්න තියෙන හොඳ ම විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ.
මිච් වීවර්... රස්සාවක එක දිගට වැඩි කාලයක් ඉන්න බැරි කෙනෙක්. යන යන හැම රස්සාවකින් ම වගේ දොට්ට දානවා.
තමන්ගෙ පෙම්වතිය එක්ක සබඳතාව තියාගන්න දන්නැති කෙනෙක්.
හැබැයි, ඔහු හැම තිස්සෙ ම ලැබෙන අත්දැකීම් ගැන තමන්ට ම සටහන් තියාගෙන ඒවයින් ඉගෙන ගන්න මහන්සි වෙන තැනැත්තෙක්.
ඔහු මුළුමනින් ම අසමත් චරිතයක් නෙවෙයි. තමන්ට වැරැද්දක් කරපු, තමන්ට පාට් එකක් දාපු ඕනෙම කෙනෙක්ගෙන් මොන විදිහකින් හරි පළිගන්න ඔහු ඉතා ම නිර්මාණශීලීයි.
දවසක් බාර් එකක දි ඔහුගේ හොඳ ම යාළුවා සෑම් මැකෙනා දාගන්න ලෙඩක් නිසා කොල්ලො සෙට් එකකින් මිච්ට තමන්ගෙ යාළුවත් එක්ක බෙදාගෙන කන්න අම්බානක පෝරියල් එකක් ලැබෙනව. මේ ඔහු ඒකට එකට එක කරපු හැටි.
සෑම්ගෙ තාත්තට හදවත් සැත්කමක් කරන්න සල්ලි හොයාගන්න, මේ දෙන්නා පටන් ගන්නවා, ස්වයං රැකියාවක්. ඒ තමයි "කැත වැඩ" කිරීම. කාට හරි කෙනෙක්ගෙන් පළිගන්න ඕනෙ නම්, ඔහු වෙනුවෙන් ඒ කැත වැඩේ කරන්න මිච් සහ සෑම් භාර ගන්නවා, සාධාරණ අයකිරීමක් සහිතව.
තමන්ගෙ හැකියාවට රැකියාවක්...
1998 දී තිර ගත වුණු Dirty Work චිත්‍රපටිය නිර්දය විදිහට ම විනෝදාත්මකයි. නෝම් මැක්ඩොනල්ඩ්, ආටි ලෑන්ජ්, ෂෙවි චේස් සහ ක්‍රිස්ටෝෆර් මැක්ඩොනල්ඩ් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙය, කාලයක් AFV ඉදිරිපත් කළ, බොබ් සැගට් ගේ අධ්‍යක්ෂණයක්.
ටොරන්ඩ් ලිංක් එක මෙතනින්...
මේ ක්ලිප් එක බෝනස්... හිරේ වැටුණම මොක ද වෙන්නෙ...?
කැත වැඩ බලන්න පස්සෙ එඤ්ඤං
ReplyDeleteඉතිං බැලුව ද, පස්සෙ ඇවිත්?
Deleteමෙම පෝස්ටුව ඉරිදා 10 ට බැණුම් ඇසීම සඳහා දමන ලද්දක් බව සලකන්න.
ReplyDeleteප.ස.කො aka අ.කො.
ඇත්තට ම මේක ලිව්වෙ සෙනසුරාදා අට හමාර ට විතර. ඊට පස්සෙ පුටුව උඩ ම නින්ද ගියා යකො...!
Deleteඇයි තාම මේකට කොමෙන්ට් නැත්තෙ.
ReplyDeleteඩ්රැකියනං නුවරඑළියෙ වැසිකිළි වලට යන මිනිස්සුංගෙ ලේ බොන්න ගිහිං ඇති. හැක්..
අඩෝ අඩෝ...! ඒ මනුස්සය මැරිල තිබුණෙ, හාට් ඇටෑක් එකකිං නයො! මඩ ගහන්ඩ බොලාට වඩා හපනෙක් නෑ.
Deleteමේක නං අමුම අමු වංචා පෝස්ට් එකක් පාටයි.😋🤣
ReplyDeleteමට නං පේන විදිහට, අනික් හැම පෝස්ට් එකක් ම වගේ, සුදු පාටයි.
Deleteඇත්තෙන්ම. මෙය වංචා පෝස්ටුවක් වග මාද කියා හිටිනව.. හිටං
Deleteඋබ හිටං ඉන්ඩ එපා, හුලඟෙ යයි...
Deleteඉතා ම නිර්මාණශීලීයි
ReplyDeleteඒක තමයි. මේ එක සෙට් එකක්. මේ උදවිය ඇඩම් සෑන්ඩ්ලර් ගෙ ෆිල්ම්වල පොඩි පොඩි පාට් කරනව.
Deleteඅනේ මන්දා.ඒ ස්වයං රැකියාවනම් හැමෝටම කරන්න පුලුවන් සුලුපටු එකක් නෙවෙයි වගේ.ඒ රස්සාව කරනව නම් උපතින්ම ලැබිච්ච සහජ දක්ෂ කමකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ.
ReplyDeleteඇත්ත. නිර්මාණශීලීත්වය, තක්කඩිකම සහ තවත් ෙද් අවශ්යඇ...
Deleteදිනපතා උදේ හවස නොමිලේම රඟ දැක්වෙන් කැතවැඩවලට අමතරව තව ඩවුන්ලෝඩ් කරලත් බලන්න ඕනැද?
ReplyDeleteදිනපතා රඟදැක්වෙන එක බැලුව ම කේන්ති යනව. මේක බැලුව ම හිනා යනව.
Deleteනැරඹිය යුතුයි!
ReplyDeleteඋඩ තියෙනව, ඩවුන්ලෝඩ් ලිංක් එක... බැලුවට ඒ ගත කරන කාලය අපතේ යාමක් නෙවෙයි.
Deleteකොමා මේක දාල කැත වැඩක් කරන්න ගිහින්ද කොහෙද.
ReplyDeleteඔව්වොව්වොව්... පතෑං!
Deleteමරු ෆිල්ම් එක , කොමඩියක් හින්ද හොඳයි ඉතින්
ReplyDeleteආයෙ අහල...! ලේ පිරිසිදු කරන, ඇරියස් කවර් කරන ඒව
Deleteඅලුත් කලාවක්.....
ReplyDeleteඅලුත් කලාවක් සොයා ගත්ත මං
දියුණුවෙන්න ඕනෑ නම්
නිකං ඉන්නෙපා කොහොම කොහොම හරි
ගහපල්ලා බං පෙත්සම්...
කෙනෙක් දියුණුවේ ඉහලට යනවා
බලා ඉඳින්නට බැරි නං
කර වටට ම දාපියව් තොප්පියක්
ලෝකේ චාරේ ඒකයි දැන්...
ලෝකේ චාරේ ඒකයි දැන්...
කාලා බීලා ඇඳලා ඉන්නා
කෙනෙක් පෙනෙන්නට බැරිනම්
පස්සෙන් ඇවිදින් බෙල්ලට ගහපං
ලෝකේ චාරේ ඒකයි දැන්...
අලුත් ලෝකේ චාරේ ඒකයි දැන්...
තමන්ට හරියට අකුරට තක්කෙට
වැඩක් කරන්නට බැරිනම්
වැඩක් කරන මිනිහට මඩ ගහපං
ලෝකේ චාරේ ඒකයි දැන්...
ලෝකේ චාරේ ඒකයි දැන්...
ගීපද ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව ගලගෙදර එම්. එම්. ඒ. හක්
සංගීතය ටී. එෆ්. ලතීෆ්
ගායනය සහ රංගනය ෆ්‍රෙඩී සිල්වා
චිත්‍රපටය සුජීවා (1972)
https://www.youtube.com/watch?v=x_dlI3424Wg
ආන්න ආන්න... වෙල්කම් බැක්, සිංදු...
Deleteබලල නැති එකක් .. නැද්ද හොඳ කතාවක් කියවන්න ..
ReplyDeleteකියවන කතා ගැන අහන්ඩ ඕනෙ නිදි හරි අසංග හරි ප්‍රාජේ හරි රවි හරි.... ගෙන්. මං දන්නෙ එකයි, ඒක තාම ලියල ඉවර නෑ. ඒකෙ නමත් මතක නෑ දැන්, ස්කෘලොක් වගෙ නමක් තියෙන පොරක් උන්න ඒකෙ...👉🤣
Deleteමේ කොමෙන්ටුව දැක්කේ නෑ .. :D
Deleteමාත් පරක්කු වෙලා දැක්කෙ...
Delete