අද අපි කියවන්න යන්නේ මේජර් රොජර්ස් ගැන.
ලංකාවේ වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් දඩයම් කළ තැනැත්තා වන මේජර් තෝමස් විලියම් රොජර්ස්, 19 වන සියවසේ මෙහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ස්ටෝරි (1907) සඳහන් කරන හැටියට 1400 කට වැඩි ගණනකුත්, ග්‍රිල්ස් (1848) සඳහන් කරන හැටියට 2000 කුත්, ඔහු මරා දැමූ අලි ඇතුන් ගණන හැටියට සඳහන් වෙනවා.
1804 දී උපන් තෝමස් විලියම් රොජර්ස් ලංකාවට ආවේ 1824 දී කියා වාර්තා වෙනවා. ඔහු ලංකාවේ යුධ හමුදාවේ රයිෆල් රෙජිමේන්තුවට බැඳෙන්නේ 1824 ජනවාරි 7, දෙවන ලුතිනන් වරයෙකු හැටියට. 1826 දී ඇජුටන්ට්වරයෙකු වන ඔහු, 1827 දී කපිතාන් තනතුරට පත්වුණා. අලුපොත අණ දෙන නිලධාරි හැටියට 1828 සිට 1833 දක්වා සේවය කළ ඔහු, 1834 දී බදුල්ල උප දිසාපති සහ දිස්ත්‍රික් මහේස්ත්‍රාත් තනතුරට පත්වුණා. දක්ෂ පරිපාලකයෙකු වූ මේජර් රොජර්ස්, බදුල්ලේ තිබෙන බොහොමයක් තානායම් ද, බොහොමයක් මං මාවත් ද තැනවූවා. ඌව පළාතේ තිබෙන අනෙක් මං මාවත් සළකුණු කළේ ඔහු යි. මේ අතර නුවරඑළිය - බදුල්ල මාර්ගය ද ඔහු විසින් තැනවූණක්.
වෙල්ලස්සේ කැරැල්ළ, මාෂල් ලෝ මඟින් කෲර ලෙස මර්ධනය කළ පසු, බොහෝමයක් ගම්මාන පාළු වුණා. කැළෑව විසින් ගිළ ගැනුණු පිටිසර ප්‍රදේශවලට අලි ඇතුන්ගෙන් හානි වීම නිතර අසන්නට ලැබුණු පුවතක් වුණා. මේ වගේ පසුබිමක යුරෝපීය කෝපි වවන්නන්, හමුදා සහ සිවිල් නිලධරයන් අලි ඇතුන් දඩයම් කිරීම, ත්‍රාසජනක ක්‍රීඩාවක් වුණා. ඒ වගේ ම, මහජනතාවට කරන සේවයක් විදිහට පිටිසර ජනතාව සැළකුවා.
ඒ අනුව ලංකාවේ අලි ඇතුන් දඩයම් කළ දක්ෂතම දඩයක්කාරයා වුණේ මේජර් රොජර්ස්. ඌව ට සංක්‍රමණය වීමෙන් පසු ගත කළ අවුරුදු 11 තුළ ඔහු දඩයම් කළ අලි ඇතුන් ගනන 1400 කට වැඩියි. ඉන් 60කට වැඩි ගණනක් දළ ඇතුන්. 1840 ගණන්වල ඔහු හමුවීමට වෝල්ඩමර් කුමරු සමඟ පැමිණි වෛද්‍ය හොෆ්මයිස්ටර් වාර්තා කරන විදිහට, "ඔහුගේ මුළු නිවස ම පිරී තිබුණේ ඇත් දළවලින්. ඒ, ඔහු මැරූ සතුන් අතරින් හැටකට වඩා දල ඇතුන් වූ බැවින්. ඔහුගේ බරාඳයේ සෑම දොරක ම සිටුවන ලද දැවැන්ත ඇත් දළ තිබූ අතර, ඔහුගේ කෑම කාමරයේ සෑම මුල්ලක ම ඊට සමාන ජයග්‍රාහී සංකේත තිබුණා..."
![]() |
මේජර් තෝමස් විලියම් රොජර්ස් |
ඔහු ගේ අවසාන අවුරුදු දෙකේ දී, කෝපි වවන්නන් අතර ඔහු හැඳින්වුනේ ක්‍රීඩකයෙකු ලෙස නොව දරුණු ඝාතකයෙකු ලෙසයි. ලංකාවේ සිටි සිංහල බෞද්ධයන් මේ දැවැන්ත සත්ත්ව ඝාතන හෙලා දුටු නිසා, ඔහුට සේවය කිරීම පිළිකෙව් කළා. ඔහුගේ පෞද්ගලික සේවක, කෝකි අප්පු, තුවක්කුව රැගෙන යන්නා ආදී සියලු ම සේවකයන් මැලේ හෝ දෙමළ ජාතිකයන් වුණා.
1845 ජනවාරි මාසයේ දී තවත් දඩයමක් සඳහා මොරවල කෝරළේ කෝපි වැවිලිකරුවන් කීප දෙනෙකු සමඟ, ඔහුගේ නිල නිවාසය පැවති බදුල්ල පැරණි ගම්මානයේ සිට, මින්නේරි පාරේ ගමන් කරමින් සිටින විට, ඔවුන් ට බෞද්ධ භික්ෂුවක් මුණ ගැසුනා. ඒ, මාර්ගය අසළ බෝ ගස් ගොන්නක් මැද පැවති පුරාණ දාගැබක් අසළ දී.
භික්ෂුව සන්සුන් ලෙස තම අත මේජර් රෝජර්ස් වෙත දිගු කොට මෙසේ කීවා, "සුදු මහත්තයෝ, තමුන්නාන්සෙගෙ වෙලාව බොහොම ළඟයි. තමුන්නාන්සෙ අපේ සහෝදරයන් මරා දමමින්, ඔවුන්ගේ ආත්මවල සැනසීම විනාශ කර දමමින් යන්නෙ. තමුන්ගෙ පවු මල්ල දැන් පිරිලා තියෙන්නෙ, හොඳට ම. ආපහු ඒ වගේ දරුණු වැඩකට තමුන්නාන්සෙ ගෙ ආවුදේ ඔසවන්න කලින්, තමුන්නාන්සෙ ට හෙණ ගහණව!"
බොහො ම ශාන්ත විදිහට ඒ වචන කියා, භික්ෂුව ආපසු ගියත්, අවට සිටි වැවිලිකරුවන් තුළ ඒ වචනවලින් ඇති කළ බලපෑම අති මහත්. මේජර් රොජර්ස් සෑහෙන වෙලාවක් ගත වන තුරු අශ්වයා පිට නොසෙල්වී සිටි අතර, ඔහුගේ දෑස් භික්ෂුව සිටි ස්ථානය වෙත එල්ල වී තිබුණා.
මේ කතාව සෑම තැනක ම පැතිරී ගියා. ඔහු ගිය සෑම තැනකදී ම පාහේ ඒ ගැන විහිළු කතා ඔහුට එල්ල වුණා. උදාහරණයක් හැටියට, ඔහු කොළඹ නාවුක සහ යුධ හමුදා සමාජ ශාලාවල දී ඔහු පිළිගැනුණේ මේ විදිහට, "හෙලෝ රොජර්ස්, තවමත් පණපිටින් නේ? අකුණ තාම වැදුනෙ නෑ නේ? අනතුරු ඇඟවුණු මිනිස්සු දිග කාලයක් ජීවත් වෙනවා..."
නමුත් මේජර් රොජර්ස් වෙනස් වුණා. ඔහු අලි දඩයම ගැන සඳහන් වුණු සෑම අවස්ථාවක දී ම වේදනාත්මක මුහුණකින් ඊට මුහුණ දුන්නේ.
නමුත් මාස කීපයකින්, බදුල්ලට ආසන්න ස්ථානයක, තනි අලියෙකු පහර දී කරත්තකාරයන් දෙදෙනෙකු මරා දැමුණා. උප දිසාපති හැටියට ඔහු ඒ තනි අලියා ගේ උවදුර අවසන් කිරීම සඳහා දඩයම් පාටියක් සංවිධානය කළා. ඊට ඇතුළත් වුණා, මධ්‍යම පළාතේ දිසාපතිවරයාත්, ඔහුගේ බිරිඳත්. ඔවුන් බදුල්ලෙන් පිටත් වී දවල් කෑමට හපුතලේ තානායමට ආවා. එතන දී හදිසියේ ඇදහැළුණු ඝර්ම කළාපයට පොදු අකුණු සහිත වැස්සකට ඔවුන් කොටු වුණා.
වැස්ස නැවතුණු පසු, වැස්ස හොඳට ම නතර වුණා දැයි බලන්න මේජර් රොජර්ස් තානායමින් එළියට අඩිය තිබ්බා. එවිට එකපාරට ම වැදුණු අකුණකින් පිළිස්සී ඔහු එතැන ම මිය ගියා. ඒ 1845 ජූනි 7...
මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 41 ක් පමණයි. ඔහුගේ දේහය භූමදාන කළේ, නුවරඑළියේ කුඩා දේවස්ථානයක සුසාන භූමියේ. අපි මේ සුසානය බලන්න ගිය විට එහි සිටි ආරක්ෂකයෙකු මට කීවා, එය බැලීමට ආ තවත් කෙනෙකු කී හැටියට, මුලින් ම ඔහු භූමදාන කළේ බදුල්ලේ වූ අතර, එතැනට අකුණු ගසන නිසා පසුව හපුතලේටත්, අවසානයේ නුවරඑළියටත් දේහය ගෙනැවිත් තිබෙන බව. කොහොම නමුත් වාර්තාවල සඳහන් වන ආකාරයට මෙහි සොහොන මත තබා තිබෙන සොහොන් ගළට සිය වතාවක් පමණ අකුණු ගසා තිබෙනවා. අදටත් ඒ සොහොන් ගල කැබලිවලට කැඩී ගොස් තිබෙනවා දැකගන්නට පුලුවන්.
මේ සොහොන තිබෙන්නේ, නුවරඑළිය ගෝල්ෆ් පිටියට අයත් භූමියේ. ඊට ප්‍රවේශ වන්නට පුළුවන්, සම්පත් බැංකුව සහ අගමැති නිල නිවාසය පිහිටි හතරමං හංදියෙන් ග්‍රෑන්ඩ් හෝටලය පාරට හැරී අඩි විස්සක් පමණ ගිය තැන ඇති ට්‍රාන්ස්ෆෝමරය අසළින් වමට හැරී, පඩිපෙල දිගේ ඇවිද යාමෙන්. ගොල්ෆ් පිටියේ කාර්ය මණ්ඩලය ඉතා ම මිත්‍රශීලී මිනිසුන්. ඔවුන් අදාළ ස්ථානය පෙන්වීමටත්, ඒ ගැන කරුණු කියා දීමටත් ඉතා කැමැත්තෙන් මැදිහත් වනවා.
මේ තියෙන්නේ ඒ ගැන ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා කළ විඩියෝව...
පහතින් තියෙන්නේ අපේ හුටංබරස් මහතා කළ විඩියෝව...
හොඳයි - වටියි කියලා හිතනවා නං, Eco with Savidu යූ ටියුබ් චැනල් එක බලන්න... මේක හැදුවෙ, පාසලේ පරිසර කමිටුවේ අමතර වැඩක් හැටියට.
මූලාශ්‍ර
https://amazinglanka.com/wp/major-rogers-en/
https://www.greenholidaytravels.com/cemetery-of-major-thomas-william-rogers/
විස්තර පැහැදිලියි.
ReplyDeleteඒත් හෙන ගහනව.
ඔක්කොම හෙන වැදිල ඉවර උනාට පස්සෙ එන්නං මොනව හරි කියල යන්න.
හෙන ගහල ටෝච් එකෙනුත් ගහනව!
Delete//ගොල්ෆ් පිටියේ කාර්ය මණ්ඩලය ඉතා ම මිත්‍රශීලී මිනිසුන්//
ReplyDeleteඒ තවුසෙ කොමා හින්න වෙන්න ඇති. අපි ගියොත් උං ගහන්නෙ බැට් එකෙන්. හැක්..
තවුසෙ හිතුව ද, මං මගෙ තනතුර පිටේ එල්ලං යනව කියල යන යන තැන? ඒ උදවිය, අපි විඩියෝ කරගෙන ආපහු එද්දි තමයි අපේ තොරතුරු ඇහුවෙ.
Deleteතාම කවෘවත් ඇවිල්ල නැත්තෙ හෙන ගහනවට බයේද?
ReplyDeleteබය නැතුව වරෙල්ල. னයා පිටියට බැස්සට පස්සෙ හෙනත් පදිරියි ඕයි.
එහෙම කිව්වට, යන්තං ෆ්ලෑෂ් එලියක් වැටුණත් නයා දුවනව, කකුල් කඩාගෙන. පැහකට විතර පස්සෙ බඩගාගෙන ඇවිත් පොර ටෝක් දෙනව.
Deleteඔය ටූම්ස්ටෝන් එක කැඩුනේ උස්සන්න ගිහින් කියන මූලාශ්‍රයක් තියනව. ඒත් ඉතින් හෙණ ගැහුවා කියන අධිරාජ්‍ය විරෝධී, ටුවරිස් ඉන්ඩස්ට්‍රි ෆ්‍රෙන්ඩ්ලි, ආගමානුකූල, කර්මවාදී සෙන්සේශනල් ස්ටෝරි එක තියනකොට මොන මූලාශ්‍රද මේ රටේ.
ReplyDeleteඅඩු ගාණෙ ඒකාලෙ ඔක්කොම වගේ විනෝදාංශ දඩයක්කාරයෝ තුවාලවුන සත්තු හොයාගෙන ගිහින් පුලුවන්තරම් ඉක්මනට මරන්න ට්‍රයි කරන සම්ප්රදායක් තිබුනා. උණුවතුරදෑම, හක්ක පටස්, මදු, වට්ටක්කා වස, සිය ගාණක් මූනිස්සම්;වෙඩි ගැට දැන් තියනව.
විනෝදාංශයක් විදිහට ඉස්සර කරනකොට බොහෝවිට අලි පෙස්ට්ලා විදිහට සැලකුණා ආණ්ඩුවෙන්.
දැන් ආයිත් එහෙම සලකනවා ආණ්ඩුව සහ සමහර ගැමියන් ඒත් මරන්නේ ඉස්සරට වඩා බොහොම කෲර විදිහට. හෙණ ගහයිද?
තේවතුවලට කැලේ කැපුවයි කියල සුද්දන්ට බැන බැන , චන්දෙ ගන්න, ගන්ජවවන්න රක්ශිත හා ඒවායේ ආරක්ශක මායිම් සුද්ද කරකර රොජර්ස්ට ශාප කරමු.
ඊට සමාන දෙයක් තමයි මාත් අදහස් කළේ. ඔය කියන 1830 - 40 ගණංවල, අලි කියන්නෙ මාරාන්තික උවදුරක් ම තමයි. ගොඩක් වැවිලිකරුවොයි ප්‍රාදේශීය පාලකයොයි, තමන්ට හැකි අන්දමට ස්වදේශික ජනතාව ආරක්ෂා කරගන්න ටුයි කරපු බවත් ඇත්තක්. අලි දඩයම ස්පෝට් එකක් විදිහට 1950 ගණංවලදිත් සළකපු බව බණ්ඩාරනායකගෙ කෙටිකතා පොතකත් තියෙනව.
Deleteඅලි අයිති වෙන්නෙ, Keystone species කියන වර්ගයට. ලංකාවෙ වෙලා තියෙන්නෙ ඉන්න අලින්ට අවශ්‍ය ඉඩ, මිනිස්සු කොල්ල කාපු එකයි. මේ අලි-මිනිස් සටනෙ පැත්තක් ගන්න අමාරුයි.
ReplyDeletehttps://frozenlazyowl.blogspot.com/2021/05/blog-post_13.html#more
හුටංබරස් මහතාගෙ විඩියෝව ලස්සනයි.
කටුක ඇත්ත තමයි ලංකාවෙ unskilled, unproductive, අකාර්යක්ෂම ජනගහනය වැඩියි මේ දූපතට. ඔය ජනගහණය මදියි කියන සිංගප්පූරුව මිනිස්සු ඕනයි කියන්නෙ රටේ දියුණුව පවත්වාගෙන යන්න අවශ්‍ය මිනිස්සු ඕනෙ නිසා. අපේ වගේ ත්‍රී වීල් එලවන්න, පේව්මන්ට් වෙලදාම, පාර අයිනෙ තට්ටුවක් දාගන්න, කැලේ එලිකරල අකාර්යක්ෂමව වගා කරන්න, සිංහල/මුස්ලිම්/දෙමල ජාති වැඩිකරගන්න නෙමෙයි. මිනිස් සම්පත අවශ්‍යයි ඒ සම්පතක් විදිහට රටට ප්‍රයෝජනවත් වෙන්න මිසක් රටට බරක්වෙලා බදු මුදලින් සහනාධාර ගන්න නෙමෙයි. ලංකාවෙ දැන් ඉන්න ජනගහණය වැඩියි. සොරි හොදේ, මට පොලිටිකලි කරෙක්ට් මිනිස් ප්‍රේමය ඇතිවෙලා. ලංකාවට ඕනෙ නීතිය ක්‍රියාත්මක වීම සහ ආර්ථික සහ පරිසර ආරක්ෂණ ප්‍රායෝගිකත්වය. ගොඩක් මිනිස්සුන්ට වැඩිය අලි කී ස්ටෝන් ස්පීසීස් එකක් විදිහට සංචාරක ආර්ථිකයට ප්‍රයෝජනවත්
Deleteදෙන්නට ම,
Deleteගොඩක් ස්තූතියි වෙනස් ම ගැඹුරු පැත්තකට සාකච්ඡාව ගෙනයනවට.
අකාර්යක්ෂ්ම ජනගහනය වැඩියි කියන එක ඇත්ත බව පේනව. ඒන ම හේතුවක් වෙන්න ඇති තව පැත්තකින් රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බරක් වෙන්නත්. කරුණු ක්‍රියාත්මක වෙන විදහට, මේ රටට අනාගත අපේක්ෂාවක් නැති බව තමයි වැඩියෙ ම පේන්නෙ...
බකුෂ්,
ගොඩක් ස්තූතියි, යූටියුබ් චැනල් එක ගැන ප්‍රශංසාවට... පොඩ්ඩට ඒක ලොකු හයියක්, බස්සා මාමා හොඳයි කියල තියෙනව කිව්වම ගොඩක් ම සතුටු වුණා.
ප්‍රාජේ කියන්න ඕනෙ ටික හරියටම කියල තියනවා. මට හිතෙන්නෙ ලංකාවෙ එකම කාර්යක්ෂම ව්‍යාපාරය කුඩු බිස්නස් එක සහ පාතාලය විතරක් කියලයි.
Deleteඩ්රැකී කිව්ව රැකියා විරහිත උපාධිධාරීන් කතාවෙන් තේරෙනවා රටේ අනාගත යන පැත්ත.
ඔව් බකුස්, අපි ඉතිං බලාගෙන ඉන්නවා...
Deleteඅලි ඇත්තු කැලේටම කොටු කරලා මිනිස්සු අහාර බිම් වගාව කරනකන්ම හැමදාම අලි මිනිස් ගැටුම් තියේවි. අලියා තරමක බුද්ධිමත් සතෙක්. ඒගොල්ලොත් එක්ක සහයෝගී ජිවන රටාවකට යන්න අපිට අමාරුවෙන එකක් නැහැ. බල්ලෝ පුසෝ වගේ Domesticate නොවුනත් cohabitant එකකට යන්න ඕනේ. නැත්තන් වෙන්නේ අලි නැතිවෙලාම යන එක. දැනටත් කැලේ ඉන්න අලින්ට වඩා හොදින් හිලෑ අලි ඉන්නවා කියලයි මට හිත්තෙන්නේ. (ලංකාවේ කෙනෙක් පරික්ෂනයකින් ඒකට ප්‍රතිවිරුද්ධ අදහසක් දීලා තිබුනා, හිලෑ අලින්ගේ ආයුෂ අඩුයි කියලා.ඒක කොයි තරම් හරිද කියලා හොයලා බලන්න ඕනේ විශ්වාස කරන්න අමාරුයි.) උක් ගොවියන්ට උක් විකුනගන්ඩ බැහැ කියලා මෑතකදී දැක්කා. ඔය NGO නඩ වලට බැරිද බෝඩ් උස්සන් කොළඹ කරන සෙල්ලම් නවත්තල ඒ සල්ලි වලින් අක්කර කීපයක් උක් වගාකරන්න අලි වෙනුවෙන්ම.
ReplyDeleteවීඩියෝවත් හොඳයි.
අලි ගැන උඩ ලිංක් එක දාල තියෙන, බකමූණු කතා බ්ලොග් එකේ ලිපිය එක්ක මාත් ගොඩක් දුරට එකඟයි. සහයෝගී ජීවන රටාවකට යන්නත් මට හිතෙන්නෙ ජාතික ප්‍රතිපත්තියක් හදලා, මිනිස්සු දැනුවත් කරමින් කළ යුතු දෙයක්.
Deleteවිඩියෝව ගැන කමෙන්ටුවට ස්තූතියි...
හුටංබරස් savidu ද අපේ ඉස්තලන් shavindu 🙃🙃🤭
ReplyDeleteWow...! බලන්න, ඉතිං සමාන අදහස් අපට එන හැටි! ❣️
Deleteඒකනේ එකනේ මං ගියා ඒ පැත්තෙ ඕං. කොල්ල දස්සයා සුබ පැතුම් !
Deleteස්තූතියි... මම පුතාට පෙන්නුවා ඔයාගෙ කමෙන්ට් එක.
Deleteමම මේ දවස්සොල Jack Hargreaves ගෙ පරණ වීඩියෝ වගයක් හම්බෙලා නරඹනවා. බොලාලා කට්ටියත් කැමැති වෙයි කියලා හිතුනා. මෙන්න ලින්කුව.
ReplyDeleteDave Knowles -filmmaker
පලි: හැමෝම සුවෙන් වෙසේ යැයි සිතමි!
Hi, Lord B, I like this
Deletehttps://www.youtube.com/watch?v=1cdAQPi0UTE
Thanks Bur. I like many of those videos.
Deleteනියමයි 👌💐
Deleteමමත් සැපෙන් සිටිමු. උඹටත් සැප වාවා!
බුරා,
Deleteහප්පට... ඒ ලිංක් එක මරු. වෙලාවක් තියෙන තියෙන විදිහට ඒක බලන්ඩ හිතාගත්තා. විශේෂයෙන් ම ඒකෙ පෙන්නන 1800 ගණංවල වයිබ් එක...
ප්‍රා,
එක පාට පියාපත් නේ...?
බකුස්,
- මේ වග, බකා...
ආවා.. කියෙව්වා... යනවා.... ආයෙත් එන්නං.....
ReplyDeleteආයෙ එන්න ලොකු අයියෙ...
Delete