එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්
තියන දර්ශනය
අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු
හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...
තවදුරටත් හැම ජාතියක ම
පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු
මිනිසුන්ගේ හමේ පැහැය
ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු
මං කියන්නෙ, යුද්දේ...
මූලික මිනිස් අයිතිවාසිකම් සමානව
ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු,
යුද්දේ...
ඒ දවස උදා වන තුරු,
සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,
ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය
ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...
තාවකාලික මායාවක් හැටියට පවතින
දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.
විවිධ රටවල අපේ සහෝදරයන්
අමානුෂික බන්ධනයෙන් පාලනය කරන
අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්
පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු
හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...
නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ
උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ
යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.
ඒ දිනය වෙන තුරු, මහ පොළොව
සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි
එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි
අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි,
හොඳ, නරක යටපත් කරාවි.
* * *
බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්...
https://www.facebook.com/share/p/16QfVMzQ2b/

No comments:
Post a Comment
කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!