බාප්පා තමන්ගෙ දුවයි
පුතයි නින්දට යනකන් කියපු කතන්දරයක් මීට කලින් පෝස්ටුවකින් කියෙව්වා මතක ඇති. අද ඒ
කතන්දරයේ ඉතිරි කොටස...
http://www.sundaytimes.lk /030810/images/fun7.jpg |
කොක්කු දෙන්නට ටැංකිව්
කියන්න ගිහිං ඉබ්බා කෝට්ට අත ඇරිලා බිමට වැටුණා. බිමට වැටිච්ච පාරට උගෙ කකුලක්
ඇමැට්ටි උනා. ඒකට බෙහෙත් ගන්න ඌ වෙදමහත්තයා ගාවට ගියා. වෙදමහත්තයා එයාගෙ ගෝලයො
වෙච්ච ගිරව් දෙන්නෙකුට කිව්වා ඉබි කකුලට බෙහෙත් කරන්න කෝඳුරු තෙල් හොයාගෙන එන්න
කියලා.
ඉබ්බට බෙහෙත් හොයන්න
ගිරව් දෙන්නා දෙපැත්තකට පියාඹලා ගියා. එක ගිරවෙක් තාපසයො වගයක් ඉන්න හරියකට ගිහිං
බොහොම ධාර්මික විදිහට හැදුනා. අනිත් ගිරවා ගියෙ කැලේ හොරු හතර දෙනෙක් ගාවට. ඒ
ගිරවා මහ දාමරික විදිහට හැදුනා.
ඒ හොරු රැළ දවසක් හොරකමේ
යද්දි වෙල් යායක් මැද්දෙන්, ඒ වෙලේ ගොයම් කකා හිටපු අලියෙක් දැක්කා. හොරු හතර දෙනා
ඒ අලියගෙ වලිගෙ එල්ලුනා දිවිය ලෝකෙ යන්න හිතාගෙන. ඒ වුනාට අලියා උන්ට පයිං ගහලා
කැලේට දිව්වා.
අලියා දුවනකොට, හම්බවුනා
අර ඉබ්බට පැරදිච්ච හාවා. ඒ හාවට හම්බවුනා ලබු ඇට දෙකක්. ඌ ඒ ලබු ඇට දෙක අරං යද්දි
අත් වල කොහොල්ලෑ ගාගත්ත නරියෙක් මුණ ගැහුණා. හාවා ඌට හමුබවුනු ලබු ඇට දෙකෙන් එකක්
නරියට දුන්නා.
දෙන්නම ඒ ලබු ඇට ගෙනෙහිං
හිටෙව්වා. හාවා ලබු ඇටේ හිටෙව්වෙ පාත්තියක. ඒකට ඌ උදේ හවස වතුර දැම්මා. අන්තිමේ
වතුර වැඩි වෙලා ඒ ලබු ඇටේ පැළවේගෙන එද්දි මුල් කුණු වෙලා මැරුණා.
නරියා ලබු ඇටේ හිටෙව්වෙ
ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ
තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු
වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා.
“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි
මැද්දට පැන්නා.)
ඉතිරි කොටස ළඟදීම... (ඒ කියන්නෙ කතාව එතන ඉඳං අමුණගන්න තාම බැරි උනා)
ඉතිං බං කවද්ද ඕක හමුනන්නේ..
ReplyDeleteමේ කොටස උඹට අමතක වෙලා ගියාට පස්සෙ...
DeleteFerdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?
Deleteවීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.
මම ඒ වීඩියෝව දැක්කෙ නෑ. බලු වැඩක් තමා.
Deleteඅය්යෝ.. පිස්සු වගේ මං බාප්පත් එක්ක වනගත වෙනවා .....
ReplyDeleteබාප්පා එක්ක කන්තලේ යමං... :-)
Deleteදැං එතකොට ඉබි කකුළට බෙහෙත් කරන්නෙ පොලීසියෙන් ද?
ReplyDeleteකැම්පස් කොල්ලන්ගෙ කොඳු අත පය වලට මිසක්, ඉබ්බන්ගෙ කකුල් වලට නං පොලිසියෙන් බෙහෙත් කරනවයි කියල මං හිතන්නෑ.
Deleteබාප්පට පොඩි මෙන්ඩාගේ නෑ කමක් තියනවා ඇයි දන්නවද මම කතාව අමුනනකොට පොඩ්ඩා කතාවේ ඉතුරැටික අමුනනවා..
ReplyDeleteඑල ද බ්‍රා
මේ ක්‍රමය බොලෝග්වල වෙනසක්
නෑ බං... දැන් හැදෙන පොඩි උන් හෙන ඇඩ්වාන්ස්ඩ්. අපි මොකක් හරි හිතනකොට උන් ඒක අල්ලගෙන ඩිවලොප් කරනවා...
Deleteටැංකිව් බං... එතකොට බ්‍රෑන්ඩ් එක?
පොල්
Deleteප්‍රසා නොහොත් දෙමල නයන්න මරනවා උඔ
Deleteබ්‍රෑන්ඩ් එක ගල්
ප්‍රසා මරන්න කී දෙනෙක් නං ට්‍රයි කොළාද? ඌ පණපිටිං ගිණී තියන්නත් ගියා මාරයා...
Deleteමම අපේ කෙළීට නින්ද යන්න කිව්වේ එළු පැටියයාගේ කතා සීරීස් එකක්. ඒවත් මේ වගේ තමයි. සමහරක් වෙලාවට මට නින්ද යන්න ගිහිං වෙන වෙන වචන කියවෙනවා. නිදිමත නැතිව ඉන්න පොඩි එකී අහනවා එහෙම වුණේ කොහොමද කියලා.
Deleteදාන්නකො සුදික බ්ලොග් එකේ, (ඇවිද්ද පය) එළුපැටියගෙ සීරිස් එක අහන්න අපිත් ආසයි...
Deleteමේ පාර නිවාඩුවට ගෙදර ගිහින් පොඩි උන්ට කියල දෙන්නං
ReplyDeleteබලමු... මෙන්ඩට වෙච්ච දේම වෙයිද කියලා වැව් ටත්.
Deleteවෑවා උඔ පටන් ගනින් පොඩ්ඩෝ ඉවර කරයි
Deleteඅනේද කියන්නෙ මෙන්ඩි
Deleteබේරෙන්නම බැරිවුනාම මාත් කියනව ඔය ජාතියෙ කතා.
ReplyDeleteරාජ් ට බැරිනං කාටද කතා කියන්න පුළුවන්...?
Deleteමොනවා වුණත් මචං අර හෙඩර් ඒකේ තිබුණ පත්තර පිටුවක් විතර රූපය අයින් කරලා පොඩි ඒකක් දාපු ඒකට උඹට පිං
ReplyDeleteහි හි හි..........
Deleteඅම්මප... :-)
Deleteදැන් ඔය බාප්පාගේ කතාව මැද්දට පුංචි කොමද ආවේ??
ReplyDeleteඑයාට පුංචි කියන්නේ එයා අගුටු මිට්ටෙක් නිසාද?
එතකොට අගුටුමිට්ටන්ගේ ගැනු සතාට කියන්නේ මොකද්ද? (අගුටුමිට්ටිද)
එයා අගුටු මිට්ටිනම් අලියාගේ ගැනු සතාට කියනේ මොකද්ද ?
......................................................???
..............................................??
.........................................?
අලියගෙ ගෑණු සතා, අලි කෑල්ල හරි අලි ගෙඩිය හරි නෙ බං.
Deleteඒක නෙමේ. සිරාගෙ පෝස්ටුවකින් මැලේ රාළව හැබැහින් දැක ගත්තා. අප්‍රමාණ සන්තෝෂයි... :-)
පුංචිඅම්මා කියලා නෑදෑ කොට්ඨාෂයක් ඉන්නව බං, බස්නාහිර පළාතෙ උදවියට. උන්ට කෙටියෙන් කියන්නෙ පුංචි කියලා.
බාප්පා කිව්වේ අර මොකක්දෝ මන්දා රේඩියෝ චැනල් එකක ඉන්න බාප්පද උඹට මේ කතා කියන්නේ...
ReplyDeleteනෑ. නෑ. ටාසන් බාප්පා කැළේ අපේ බාප්පට අහු උනානං...
Deleteආච්චිව ගාවගත්තනම් වැඩේ වකූර් වෙනවා.
ReplyDeleteමෙන්න මම ලියපු ඉබි කතා
විචා දන්නවැයි බාප්ප ඒක කොහොමද සෙට්ල් කළේ කියලා..., තුන්වෙනි කොටසින් දැන ගන්න පුළුවන්.
Deleteඔයාගෙ ඉබි කතා ටික මාත් කාලෙකට කලින් කියෙව්වා, හරිම දේශපාලනිකයි.
කතාව අහල පොඩි එකා කෙසේ වෙතත් පුංචිට ඉර පැනලා වගේ..
ReplyDeleteඒකනෙ, පොඩි උං නිදාගන්නෙම නෑනෙ ඉතිං... :-)
Deleteඅච්චර සැලකිල්ලෙං හදපු පැලේ කුණුඋනා, චූ කරපු පැලෙ හැදුන :O
ReplyDeleteබාප්පා හරිම ප්‍රායෝගිකයි බොස්...
Deleteලබ්බ.. ඉබ්බව වතුරට දැම්මෙ නැද්ද බං?
ReplyDeleteඋඹ කියන්නෙ "ලබි ඉබ්බා" ගැනනෙ. මේ කතාවෙ පළවෙනි කොටසෙම ඌව වතුරට දැම්මා නරියෙක්...
Deleteඔතන කෝදුරු තෙල් හොයන්න ගිය ගිරවුගෙයි තාපසයන් එක්ක උං සැන්ටිමැන්ටල් වෙන එකෙයි අවස්තා සම්බල්ධෙ මක්කද හැබෑට
ReplyDeleteහිහි
ටොපේ ටොප් ඈ
ජයෙන් ජයම වේවා මේ වගේ කතා තවත් සැට් වේවා හිහි
අවස්ථා සම්බන්ධෙ...? ඒ මොකද්ද?
Deleteටැංකිව් මහේෂ්... බොටත් ජය වේවා!
මරු බාප්පාගේ ලබු ඇට දෙක. හෝව් ... හෝව්... කවුද කිව්වේ කුණුහරප කියලා.
ReplyDeleteලබු ඇට = ලබ්බේ ඇති ඇට...
Deleteමාර කතාව. :-)
ලබ්බෙ තොයිලෙ තිබුනෙ ඔය හැදුන ලබ්බකද බං...
ReplyDeleteලබ්බෙ තොවිලෙ නෙවෙයි සිරා, ලබ්බෙ කානිවල්එක. බැලුවෙ නැද්ද?
Delete