අපට දවසකට වඩා නිවාඩු ගන්නට හැකි නො වීය. සවස හයට පමණ පිටත් වූ අපි රෑ වන විට කොළඹ ට ළඟා වුණෙමු.
මේ තාක් මට, අප යන්නේ කොයිබට දැ යි දැන ගැනීමට අවස්ථාවක් නො ලැබිණ. එහෙත් අපගේ ගමනාන්තය ශ්‍රී පුර යැයි ප්‍රාන් කියූ විට මම විස්මයෙන් යුතුව ඊට එරෙහි වීමි.
"ඒක භයානකයි." මම කීවෙමි. "කොහොමටත් රෑ එහෙ යන එක... රෑට පාර දෙපැත්තෙ ම කොටි."
"මම දන්නවා." ප්‍රාන් කීය. "ඒත් මම ඒ අවදානම දරන්නෙ, මේ කේස් දෙක ම විසඳගන්ඩ තියෙන උනන්දුව එයිට වඩා වැඩි නිසා."
දිගු විස්තරයක් කෙටියෙන් කියන්නේ නම්, අපි කොළඹින් රෑ නවයට පිටත් වූ නගරාන්තර බස් රථයක් අල්ලා ගන්නට සමත් වූයෙමු. බසයේ ආසන ගණනට සෙනඟ සිටියේ නැත. ඉදිරි ක්‍රියාමාර්ග ගැන සිතේ කිසිදු කළබලයක් නොමැතිව ප්‍රාන් නින්දට වැටුණේ ය. මහ රෑ කළුවර හේතුවෙන් අප පසුකර යන මාර්ගයේ දැකීමට කිසිවක් නොවී ය. පැය බාගයකට පමණ වරක් යන්තම් ආලෝකවත් වූ, ඇතැම්විට ටවුමකැයි කීම පවා නොවටින ස්ථානවල බසය මඳ වේලාවකට නතර කෙරුණි. මා පමණක් කාන්සියෙන් ඇැහරගෙන සිටින්නේ මන්දැයි සිතූ මම ද නින්දට වැටුණෙමි.
හදිසියේ යමෙකු මගේ උරහිසින් අ්ලලා සෙමෙන් සොලවනු දැනී මම අවදි වීමි.
"ඇයි? කොටිද? අපි කොහෙද?"
"කොටි නෙමෙයි, අපි දැන් ශ්‍රී පුර ට කිට්ටු කරල ඉන්නෙ. තමුසෙට මතකයි නේද ලෙයාන් ගෙ ගෙදරට යන පාර?"
"ඔව්."
ප්‍රාන් නැවත නිහඬව කල්පනාවට වැටුණේ ය. සිතිවිල්ලෙන් බරවූ වන ම, ඔහු උඩ සාක්කුවෙන් සිගරැට් පැකැට්ටුවක් ගෙන, මා වෙත දිගු කළේ ය. ඒ වන විට අප බෝගස් හන්දිය පසුකර සිටියෙමු. ශ්‍රීපුර ට තව පැය බාගයයි.
අපි පදවි ශ්‍රීපුර බස් නැවතුමෙන් බසින විට වේලාව පාන්දර හයට පමණ විය. අපි බස් නැවතුම සමඟ ම වූ කඩ මණ්ඩිය දිගේ ඇවිද ගියෙමු. සිවිල් යුද්ධය ට මැදිවූ දිළිඳු නගරයක් වූ මෙහි, පාරෙන් අනෙක් පස ඇඹරුම් හලක් ද, පොල් අතු සෙවුණු සැලුන් එකක් ද විය. තවමත් උදා නොවූ හිරු ඉහළට යොමු කළ රැස් දහරින් කඩමණ්ඩිය යාන්තමින් ආලෝකවත් වෙමින් පැවතුණි.
පාර පැන අපි සැලුන් එකට වම් පැත්තෙන් වැටුණු අතුරු පාරට හැරුණෙමු. ප්‍රාන් කළිසමේ සාක්කුවෙන් බබල්ගම් දෙකක් එළියට ගත්තේ ය.
"ඕනෙ වෙලාවක බබල්ගම් තියෙනවද සාක්කුවෙ?" මම ඔහු දික් කළ බබල්ගම් එක ගනිමින් ඇසීමි.
"මේක පුරුද්දකට ගිහින්. හිත එක දේකට යොමු කරගන්න..."
අපි කිලෝ මීටර් දෙකක් පමණ ඉදිරියට ඇවිද ගියෙමු. අප පසුකරගිය ප්‍රදේශයේ පැවතුණේ අඳුරු කැටිති සේ දිස් වූ කුඩා පඳුරු හා කොළ හැලුණු ගස් පමණි. කුකුළෙකු හෝ දෙ දෙනෙකු හඬළනු ඉඳහිට ඇසුණි. පොළොව බදාගත් තුනී මීදුම, හාත්පස පැතිරි මඳ අඳුර ට හවුල් විය. ගෙයක් දොරක් දකින්නට ලැබුණේ ඉඳ හිට ය.
මම එකවර ම නැවතුණෙමි. එතැන පාරේ වම් පස වූයේ හොඳින් ඉදි කරන ලද සරුසාර ගෙයකි. පාර අයිනේ ම වූ කුඩා ළිඳක් ද, එතැනින් ඈතට පැතිර ගිය ගල් තලාවක් ද විය.
"හරි..." මම පාරේ දකුණු පසට හැරුණෙමි. "මෙතන තමයි. මේ තියෙන්නෙ ලෙයාන් ගේ ගෙදර." දකුණු පස වූ කුඩා නිවස මම ප්‍රාන් ට පෙන්වූයෙමි. එය බ්ලොක් ගල්වලින් බැඳි කපරාරු නොකළ, උළු සෙවිලි කළ ගෙයක් විය.
"එහෙනම්..." ප්‍රාන් පහත් හඬින් කීය "මං ගෙදර පිටිපස්සෙ දොර ගාවට යනව. තමුසෙ ඉස්සරහින් කතා කරනවා."
ප්‍රාන් පිළිකන්නට ගියේ ය. මම දොරට තට්ටු කළෙමි. නමුත් හැල හොල්මනක් නොවීය.
"ගෙදර කවුද?"
එහෙත් පිළිතුරක් නැත. මම තවත් උස් හඬින් කතා කළෙමි.
"ගෙදර කවුද?"
ගේ ඇතුළෙන් කසු කුසුවක් ඇසිණ. කීප මොහොතකින් දොර ඇරුණේ ය.
"ඇයි?" ඉදිරියට ආ ලෙයාන් මා හඳුනාගත්තේ නැත.
"මම ගන්කන්දෙන්. වික්‍රම ගැන හොයන්න ආවෙ."
එක්වනම ඔහුගේ මුහුණ වෙනස් විය. එසැණින් පිටුපස දොර වේගයෙන් ඇරෙන හඬ ඇසුණි. ඉන්පසුව ඇසුණේ පොර බදන හඬකි. මම අඩ අඳුරේ ම පිළිකන්නට දිව ගියෙමි. එතැන දෙදෙනෙක් වූහ. එකෙකු යට කරගෙන බෙල්ල මිරිකාගෙන උන්නේ ප්‍රාන් නම් නොවී ය.
"නැගිටපන්, වෙඩි තියන්ඩ කලින්!" මම නිරායුධ දකුණත දිගු කරගෙන කෑ ගැසීමි. ඔහු අනෙකාගේ බෙල්ල අතහැර හිස ඔසවා මා දෙස බැලීය.
ඒ මුහුණ දැකීමෙන් මම ගල් ගැසුණෙමි.
"වික්‍රම!" මට කියැවුණේ නිතැතිනි.
අපැහැදිලි ලෙස කෑ ගැසූ වික්‍රම පැන දුවන්නට ගත්තේ ය. ඔහු දිව ගියේ ගෙය පිටුපසින් ඇරඹි ලඳු කැළෑව තුළට ය. ඒ අතර ප්‍රාන් කඩිසර ලෙස නැගිටගත්තේ ය.
"එහෙන් කොහෙටද දුවන්න පුළුවන්?" ඔහු වික්‍රම දිව ගිය දිසාව දක්වමින් ඇසී ය.
"දිගට ම ගියොත් කුඹුරු යාය. ඊට පස්සෙ මඩ වගුරක් තියෙනව. සමහරවිට මිනිහ දෙපැත්තෙ තියෙන පාරවල් දෙකෙන් එකකට වැටෙන්න දුවනව ඇති."
"පාරවල්වලට ගියොත්?"
"දකුණු පැත්තෙ පාරෙන් මිනිහට ටවුමට ආහැකි. අනිකෙන් බෝගස් හන්දියට හරි වැලිකන්ද පැත්තට හරි ගියෑකි."
"එහෙනම් ඉක්මන් කරමු." කියමින් ප්‍රාන්, වික්‍රම දිව ගිය දෙසට දුවන්නට විය. මම ද ඔහු අනුගමනය කළෙමි.
කටු පඳුරුවල පැටළෙමින් අපි හැකි පමණ වේගයෙන් දිව්වෙමු. ඈත සැලෙන කුඩා අඳුරු ඡායාවක් අපට ඉළක්කය විය. නාගොඩ පොලිස් විද්‍යාලයේදී ලද විධිමත් පුහුණුවෙහි ප්‍රතිඵල ලැබෙන්නට ගත වූයේ තත්පර කිහිපයක් පමණි. අරුනළු නැගෙමින් හාත්පස යාන්තමින් ආලෝකවත් වෙද්දී අපි අඩියෙන් අඩිය වික්‍රම ට කිට්ටු කළෙමු. තැන තැන දිගු කෘෂ ඇඟිලි අහසට දිගු කරගත් අඳුරු මායාකාරියන් බඳු කොළ හැළුණු ගස්, ඒ අතර ඝනව වැඩුණු කුඩා පඳුරු අතරින් අපට දිවීමට සිදු වූයේ අසීරුවෙනි. නින්දකින් පසු ප්‍රබෝධමත්ව සිටි අප කෙතරම් වේගවත් වූව ද, මර බියෙන් දුවන දිවීමට එරෙහිව එය ප්‍රමාණවත් නොවීය.
අපි කිලෝ මීටරයක් පමණ වික්‍රම ලුහුබැන්දෙමු. අඩියෙන් අඩිය අසීරුවෙන් අපි පළායන්නාට කිට්ටු වීමු. ක්‍රම ක්‍රමයෙන් ඔහු දුර්වල ව යන බව පෙනුණි. දහඩියෙන් නැහැවුණු මගේ සිරුර උණුසුම් විය. මගේ හදවත පපුවෙන් එළියට එන්නට තරම් තදින් ගැහෙමින් පැවතිණ.
"ඒයි! අර බලනවා..." ප්‍රාන් ගේ හඬින් මම නැවතුණෙමි. අප ඉදිරියේ වූයේ මීදුමින් වැසුණු, පළාතක් වසාගෙන පැතිරුණු කුඹුරු යායයි. පළා යන්නා නොනැවතී කුඹූරට පැන නියරවල් දිගේ දිව යන්නට විය.
"තමුසෙ අර පාර දිගේ එනව." ප්‍රාන් හතිළමින් කීවේය. "වික්‍රම අනික් පාර දිගේ ටවුම පැත්තට යන්ඩ ආවොත් මම බලා ගන්නම්."
මම නිහඬව වම් පැත්තේ වූ පාර දෙසට දිව ගියෙමි. කෙලින් විහිදුණු එම පාර කිලෝ මීටරයක් පමණ ඈතින් පිහිටි දැවැන්ත වැව අයිනෙන් වම් පසට හැරී වැලිකන්ද දෙසට විහිදිණ. මම පාර දිගේ කුඹුර අයිනෙන් දිව ගියෙමි. කුඹුර මැද වික්‍රම වැටෙමින්, නැවතත් නැගිටිමින් දුවමින් සිටියේ ය. හිමිදිරි පාන්දර පින්න හා සීතල මැඩ ගෙන වැගිරුණු දහදියෙන් නෑවීගෙන මම ඉදිරියට ම දිව ගියෙමි. වික්‍රම කුඹුරු යායෙන් එගොඩ වී මඩ වගුර අසළට ළඟා විය. එතැනින් වෑකන්ද මතට ගොඩ වූ ඔහු හැරුණේ මා දුවගෙන ගිය පාර දෙසට ය. එය දුටු විගසින් මම කෑගැසුවෙමි.
"ඔහොම නැවතියන්!"
මම කෑගසමින් ම දිව ගියෙමි. වෑකන්දට තවත් තිබුණේ අඩි කීපයක් පමණි.
"ඔහොම හිටපන් වික්‍රම"යි කෑ ගසමින් මම වෑකන්ද දිගේ වික්‍රම සිටි දෙස ට දිව්වෙමි. කිසි කතාවක් නොමැති ව පළා යන්නා ආපසු හැරී වෑකන්ද දිගේ දකුණු පැත්තට දුවන්නට පටන් ගත්තේ ය. මා ඉදිරියට දිවූ නමුත් වික්‍රම සහ මා අතර පරතරය මීටර දෙසීයකට ද වැඩි විය. කඩතොලු වූ වෑ කන්දේ පස් කණ්ඩි අතර දිවීම දහවලක පවා අසීරු කාර්යයක් විය. කෙසේ හෝ අපි පය පැකිළෙමින් දිව්‌වෙමු.
මට හති වැටෙන විට වික්‍රම මහ පාරට කිට්ටු කර සිටියේ ය. ඔහු පාර අසළ නැවතී දෙ පස බැලුවේ ය. වම්පස වංගුවට එපිටින් වූ හමුදා මුරපොළ ඔහු සිටි තැන ට නොපෙණුනි. එහෙත් අවසානයේ ඔහු හැරුණේ දකුණු දෙසට ය. ඉන්පසු මහ පාර අයිනේ වැවී තිබූ ඇකේෂියා හා කුඹුක් ගස් ගොන්නෙන් වික්‍රම වැසී ගියේ ය.
මම හතිළමින් දිව ආවෙමි. මහපාරට ගොඩ වූ මම වික්‍රම දිව ගිය පැත්තට හැරුණෙමි. මහ පාර අයිනේ දණගසාගත් වික්‍රම අත් ඉහළට ඔසවාගෙන සිටියේ ය. ඔහු ඉදිරියට පිය නගමින් සිටියේ රිවෝල්වරයක් අතින් ගත් ප්‍රාන් ය.
අපි නැවතත් ලෙයාන් ගේ ගෙදරට ළඟා වීමු. නිවස පරීක්ෂා කිරීමට වැඩි වේලාවක් ගත නොවූවා සේ ම, කිසිවක් සොයාගැනීමට ද හැකි වූයේ නැත.
අපට උදෑසන දහයේ බසයට ගොඩ විය හැකි විය. අපි පසුපස ආසනයේ වාඩි වීමු. අපේ සිරකරු නිහඬව ම අප දෙදෙනා අතරින් වාඩි විය.
"ප්‍රාන්," මම කතා කළේ බසය පිටත් වූ පසු ය. "වික්‍රම මෙතන නම්, කවුද මැරුණෙ?"
"කණිෂ්ක..." ප්‍රාන් ගේ මුවින් එය පිටවනවාත් සමඟ ම වික්‍රම ගේ දෑසින් කඳුලු හැලෙන්නට විය.
"මම හිතුවෙ නෑ එහෙම වෙයි කියල. මං මල්ලිට මහන්සි වෙලා ඉගැන්නුවෙ, රස්සාවකට දැම්මෙ, ඔය ටික බලාගෙන නෙවෙයි."
"මට තේරෙනව වික්‍රම" ප්‍රාන් කීය. "මේ සිද්ධිය තමුසෙ අතින් සිද්ධ වුණා. එක්කො හදිසි කෝපය. නැත්තම් බීමතින්, නැත්තම් ඔය දෙකම. දැන් කරන්ඩ දෙයක් නෑ. අපිත් කරන්නෙ රාජකාරිය, කණගාටුවෙන් වුණත්..."
"අරක්කු තමයි ඔක්කොට ම මුල. තමුසෙල දන්නවනං වෙච්ච දේ..."
"මම දන්නව පසුබිම. ඒ වෙලාවෙ තමුසෙට වෙන විකල්පයක් තියෙන්ඩ නැතුව ඇති."
ආපසු කොළඹට එන තුරුම, අප අතර එතරම් කතා බහක් ඇති නොවීය. වික්‍රමගේ සිතෙහි වූ පසුතැවීම හා කළකිරීම අපට ද බලපෑවා මෙන් ම, මග දෙපස වියළී ගිය පරිසරය, තැනිතළාව හා කණාටු ගස් ඒ හැඟීම තීව්‍ර කළේ ය.
* * *
"ඉතින් ආනන්ද," ප්‍රාන් මා ඇමතීය. අපි බ්‍රිස්ටල් වීදියේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආපන ශාලාවේ මේසයක් දෙ පස, බියර් බෝතල් දෙකක් ඉදිරියේ වාඩි වී සිටියෙමු.
"තමුසෙ පුදුම වුණා නේද වික්‍රම දැක්කහම?"
"ඇත්තටම මට හිතාගන්ඩ බෑ කොහොමද මේ ඔක්කොම වුනේ කියලා..."
"හරිම සරළයි නේ, ආනන්ද. තමුසෙ දැකපු දේවල් ම තමයි මාත් දැක්කෙ. දැන් බලනව මේ මිනී මැරුම. මිනිය විකෘති කරල තිබුණු විදිහට ඒක පේන්නෙ පළිගැනීමක් විදිහට. ඒත් මූණටයි දකුණු අතටයි ඇර වෙන කිසිම තැනකට හාණි කරල තිබුණෙ නෑ. පළිගන්ඩ වික්‍රම මරපු කෙනෙක් ඇයි එහෙම කරන්නෙ?
"අනික් අතට, සපත්තු. තමුසෙ හිතනවද, මිනිහෙක් මරලා, ඒ මිනිහගෙ සපත්තු ගළවලා විසි කරන්ඩ කාටවත් හේතුවක් හරි වෙලාව හරි තියෙනවද කියලා?
"අනික් කාරණේ මුද්ද."
"මුද්ද?"
"ඔව්. තමුසෙ දකින්ඩ ඇති වික්‍රම ගෙ මුද්ද තිබුණෙ මිනියෙ ඇඟිල්ලෙ මැදක් හරියෙ. ඒ කියන්නෙ තිබුණු තැනින් උඩ. එහෙම වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කො මුද්ද ගළවගන්ඩ ගිහිල්ල. සුදු යකඩ මුද්දක් ගළවගන්නෙ මොන විදිහෙ හොරෙක් ද? එතකොට හිතන්ඩ වෙන්නෙ මුද්ද හදිසියෙ ඇඟිල්ලට දාල කියන එක."
"පොර බදද්දි මුද්ද උඩට ඇවිත් වෙන්ඩ බැරිද?"
"නෑ නෙ ආනන්ද. ඒක හරිම තද මුද්දක්. මහන්සි වෙලා ගැළෙව්වොත් මිසක් ඒක එහා මෙහා වෙන්නෙ නෑ."
"හරි. ඉතින්?"
"වික්‍රමගෙ මුද්ද මිනී මරුවා මිනියේ ඇඟිිිල්ලට දාල නම්, මිනිය වික්‍රමගෙ නෙමෙයි, වික්‍රම තමයි මිනීමරුවා. ඒක සරළ සමීකරණයක් වගේ. මං කලින් කියපු හැම දෙයක් ම ඒකට ගැළපෙනවා.
"තමුසෙ දන්නවද, මිනියක මූණ විකෘති වෙලා හරි නරක් වෙලා හරි නිසා අඳුනගන්න බැරි නම්, මැරුණු බවට සැක කරන තැනැත්තගෙ පින්තූරෙකුයි, ඒ ප්‍රමාණෙම මිනියෙ මූණෙ පින්තූරෙකුයි අරන් සංසන්දනය කරනවා. එතනදි සැළකිලිමත් වෙන්නෙ නහයෙ මුළ, හක්කෙ නෙරුම්, ඉස්සරහ දත් කියන කොටස්වලට. ඒත් මේ මිනියෙ ඒ හැම තැනක් ම කැඩෙන්ඩ පහර දීලා තිබුණා. ඒ තැන් ඇරෙන්ඩ වෙන කිසිම තැනකට මොනවත් කරලා තිබුණෙ නෑ. ඒකෙන් පැහැදිළියි මිනිය අඳුනගන්නවටයි මේක කරල තියෙන්නෙ කියලා.
"හැබැයි තව දෙයක්, මූණට මේ තරම් හාණි කරලා තිබුණත් මරණ පරීක්ෂණයෙදි මේ වික්‍රම නෙමෙයි කියලා සැකයක් ඇති වුණේ නෑ. ඒකෙන් මොකද්ද දැනෙන්නෙ?"
"වික්‍රම ට ගොඩක් ම සමාන හැඩ හුරුකම් තියෙන කෙනෙක්"
"ඔව්. මැරුණ කෙනා ගැන අපි තව දෙයක් දන්නව. ඒ එයාට කළු ඇස් නොතිබුණු බව."
"මට තේරෙනවා. මිණීයෙ ඇස් කළුපාට වුණා නම්, මිනීමරුවා ඒ ඇස් එහෙම ම තියෙන්න අරිනවා. මොකද වික්‍රමගෙ ඇසුත් කළු පාට නිසා."
"ඔව්. එතකොට මේ මැරිලා තියෙන්නෙ, බළල් ඇස් තියෙන. ගොඩක් දුරට වික්‍රමට සමාන කෙනෙක්. ඒ එක්කම කණිෂ්ක අතුරුදහන් වෙනවා. ඒ දෙන්නා සෑහෙන දුරට එක වගෙයි. ඒ වගේ ම කණිෂ්ක ගෙ බළල් ඇස් තිබුණෙ කියලා තමුසෙ මයි මට කිව්වෙ. අනික මිනීමැරුමට කලින් වික්‍රම අන්තිමට දකින වෙලාවෙ දෙන්නා එකට හිටියෙ."
"මොකද්ද ඉතින් වික්‍රම ට කණිෂ්ක මරන්න තියෙන හේතුව?"
"ආ... ඒක තමයි මගෙ අනිත් කේස් එක. බලන්ඩ, අපි කුඩු විකුණපු කොල්ලො දෙන්නෙක් ඇල්ලුවා. ඊට පස්සෙ කණිෂ්කට වික්‍රම එක්ක කතා කරන්න උවමනා උනා. කණිෂ්ක අතුරුදහන් උනාට පස්සෙ සිහි විකල් වුණු කොල්ලො දහ දොළොස් දෙනෙක් හම්බ වුණා. ඒ ඔක්කොම මොකක් හරි ඩ්‍රග් එකකට ඇබ්බැහිවෙලා ඉඳලා, හිටි හැටියෙ ඒක නොලැබීම නිසා තමයි ඒ තත්ත්වෙට පත් වෙලා තිබුණෙ.
"අනික් අතට කණිෂ්ක බොහොම වියදම්කාර, සෙල්ලක්කාර ජීවිතයක් ගත කළේ. පබ් එකක ගිණුම් කටයුතු කරන කෙනෙකුට ඒ තරම් පඩියක් ලැබෙන් නෑ. නමුත් මිනිහ කාටවත් ණය වෙලත් නෑ. මේ ඔක්කොම ගත්තම මොකද්ද හිතෙන්නෙ?"
"ඒ කියන්නෙ කණිෂ්ක තමයි මේ ටවුමෙ ඩ්‍රග් ඩීලර්?"
"ඔව්"
"එතකොට එදා කණිෂ්ක, වික්‍රම ට කියන්න ඇති එදා දවල් අල්ලපු කොල්ලො දෙන්න නිදහස් කරල දෙන්න කියල?"
"එහෙම නැත්තං නඩු භාණ්ඩ උස්සන්ඩ වෙන්ඩත් පුළුවන්..."
"වික්‍රම මල්ලි නිසාවත් තමන්ගෙ රාජකාරිය පැහැර හැරලා නෑ එතකොට?"
"ඔව්. මිනී මැරුමෙන් පස්සෙ වික්‍රම තමන්ගෙ ඇඳුම් මල්ලිට අන්දලා තියෙනවා. සපත්තුවලටත් ඒකම කරන්න කරදර හින්දා ඒව විසිකරල යන්ඩ ඇති."
"එතකොට ඇයි දකුණු අතේ හම අයින් කරල තිබුණෙ?"
"අතේ තිබුණු මොකක් හරි ලකුණක් අයින් කරන්ඩ නේද?"
"ඉතින් කණිෂ්කගෙ දකුණු අතේ මොකවත් එහෙම ලකුණක් තිබුණෙ නෑනෙ."
"ඔව්. ඒ උනාට වික්‍රමගෙ අතේ පච්ච කොටල තිබුණා පොලිසියෙ ලාංචනය."
"මං හිතුවෙ මිනියෙ තිබුණු ලකුණක් අයිං කරල කියලා."
ප්‍රාන් සිනාසුණේ ය. "ඒකෙ අනික් පැත්ත.
"වික්‍රම මිනීමරුව නම්, එයා පැනල යන්නෙ කොහෙට ද? කාත් කවුරුවත් උදව්වට නැති තැනකට පැනල යන එක අවදානම්. මොකද, මිනී මැරුම ගැන හොඳ ප්‍රසිද්ධියක් දුන්න ටීවී, පත්තර වලින්. අනික, මිනිහගෙ හැම සම්බන්ධතාවක් ම තිබුණෙ, මේ ටවුම ඇතුලෙ විතරයි, ශ්‍රීපුර ලෙයාන් ඇරුණම."
* * *
ඒ අතර, මම පසුවදා ගන්කන්ද පොලිස් ස්ථානයට වාර්තා කළෙමි. මා එක දිනකට නිවාඩු ගෙන දින තුනක් සේවයට වාර්තා නොකර තිබුණි. මා සිතූ දෙය ම සිදු විය. දෝෂාරෝපණ වර්ෂාවකට පසු, සාජන්ට් දැල්කඳුර තනතුර හැරයාමේ නිවේදනය මා වෙත දමා ගැසී ය.
අවසාන කොටස බලාපොරොත්තු උනේ ලබන අවුරුද්දෙ අග හරියෙ! අගතා ක්‍රිස්ටි මතක් උනා.
ReplyDeleteස්තූතියි. අඩුපාඩු පෙන්නල දෙනවනං තවත් දාහක් විතර ස්තූතියි.
Deleteමොකක් හරි නිසා quicksand මතක්වුනා. ලංකාවෙ නෑනෙ.
ReplyDeleteක්වික්සෑන්ඩ් අනගිරත්න පරිවර්තනය කරල තිබුණා "මරවැල්ල" කියලා.
Deleteඇයි චන්ද්‍රකාන්ති මාණික්‍යය (විල්කි කොලින්ස්ගේ The Moonstone) පොතේ.
DeletePra Jay, ඩ්රැකී දන්නවද ලංකාවෙත් එහෙම ගිලෙන වැල්ලක් තියෙනවා. නිල්ගල ජාතික වනෝද්‍යානයේ 'මකර'. වතුර අඩුවෙන් තිබුණු කාලෙක ගියාම දෑහින් දැක ගන්න හැකි වුණා. අපේ ගයිඩ් අසංග ලක්ෂ්මන් හිතවතා තමයි විස්තරේ කියලා අපිව එතනට එක්ක ගියේ. අනිත් කට්ටියම ආවේ නෑ මහන්සියි කියලා, මායි සාන්තයි විතරයි ගියේ. මට වීඩියෝ කර ගන්නය කියලා අසංග සාන්තත් එක්ක සීන් එකට බැස්සා.දෙන්නම උස අය. මම කොටා නිසා හැලුවා වෙන්නත් ඇහැකි. එයාලාව ඉණ හරියටම බහිනකල් විතරයි යන්න දුන්නේ, මම කෑ ගහලා ආපහු හරවා ගත්ත. (ඒ වීඩියෝ ක්ලිප් එක හරිම අපූරු මතකයක්!)
ගලඔය දිගේ ගලාගෙන එන වතුර සේනානායක සමුද්‍රයට එකතු වෙන තැන තමයි 'මකර' කියන්නේ!
මදැයි. ලංකාවෙත් එකක් තිබිලනෙ. කොහොමත්, ගැඹුරු කුහරයක වැල්ල තැන්පත් වෙලා තියෙන, ඒ වගේම යටින් ඒ වැල්ල වෙන පැත්තකට ගලාගෙන යන්න පුළුවන් තැනක් තමයි මයෙ හිතේ ක්වික් සෑන්ඩ් කියන්නෙ.
Deleteමකර බලන්න යන්ඩෝනෙ වෙලාවක. ස්තූතියි විස්තරේට.
මමත් හොඳට රසවිඳපු පොතක් තමයි, චන්ද්‍රකාන්ති මාණික්‍යය. පොඩිකාලෙ, ලැබිච්ච කොල ගැලවිච්ච පොතේ කොටස කියවල තමයි රසවැටුනෙ. පස්සෙ ඉංග්‍රීසි පොත කියෙව්වා. ඔය quicksand සහ රොසානා ගැන විස්තර වෙන කොටස හරි අපූරුයි.
Deleteඒ කතාව වෙනමම ආතල් එකක්, ඒකෙ නවනලු රස නමයම තියනවා.
https://www.gutenberg.org/cache/epub/155/pg155-images.html
අඩ්ඩෙහ්... ස්තූතියි. කියවන්ඩ ඔ්නෙ දැම්ම. (ඒ කියන්නෙ මේ සෙමෙස්ටරේ එසයින්මන්ට් ටික ඉවර වෙලා)
Deletehttps://definithing.com/quickmud/
Deleteවෙන මොනවත් නැද්ද, ක්වික්?
Deletehttps://www.merriam-webster.com/dictionary/quickie
Deleteහ්ම්ම්ම්...
Delete"ඒක භයානකයි." මමද කියමි. ඩ්‍රැකී ගජබින්නයක් නැතෙයි ලියන්ට
ReplyDeleteඒකට උත්තරේ හැටියට ඔව් කියන්ඩද, නෑ කියන්ඩද? නැත්තං ගජබින්නයක් ම කියන්ඩද?
Deleteමොක කිව්වත් ඉතින් අසා සිටින්නම්. එක්කො ඔන්ට ඔහෙ ඇත්තම කියා දාහන් ඩ්‍රැකී
Deleteඔන්නොහෙ බින්නයක්ම කියන්නං “හා“ කියල...
Delete++++++++++
Deleteමමත් නමි එක්ක...ලියපන්කෝ ගජබින්නයක්..
Deleteඅගේ පෙන්නන්ට එපෑ එල ද බ්‍රා මෙන්ඩා. ඒකයි ඔයහැටි ලීලෙ පාන්ටෙ
Deleteමෙන්ඩයි නමියයි,
Deleteඅගේ පෙන්නනව නෙමෙයි. මේ දවස්වල කරවටක් වැඩ. ඔව්ව ලියන්ඩ, ගැට ගහගන්ඩත් එපැයි.
ගලවිජ්ජාවට... itn බුසී කතා
Deleteකොටස් තුන නිසා තියෙන්නේ කතාවට
ReplyDeleteපහසුය කියවන්න ඔන්නං එක දිගට
ගළපා තියෙන විදිහත් නියමයි තිතට
දැන් නීතිය රකින්නෝ නැහැ දැකගන්ට!
නීතිය රකින්නෝ වාගෙම කඩන්නොද
Deleteදෙවගෙම ඉන්නවා කොතැනත් එකම ලෙද
ඉස්තූතියි ඇගයීමට ඔබෙන් ලද
තවත් එකක් දෙමි මතු ඉඩ පහසු ලද
මාරක කතා ශානරයකි බොහොම අගේ
Deleteවෙහෙසී ලිවිය යුතු බව නම් හොඳට හැඟේ
ඒ වාගේම ගෙත්තමෙනුත් රසය නැඟේ
ඒ test එකෙන් ඩ්රැකියෝ ඔබ දිනල වගේ
ලියන්නට කලින් ලිවුමේ ටෙක්නිකය
Deleteහොඳහැටි හදාරන්නට මට ලැබුණේය
ඉන්පසු හොඳ කතා මතු කියවනා විට
තේරුණි රචකයන් ගහලා තියෙන ගැට
ඒකෙන් කතා ගැට ගහනා හැටි දැනුණා
දෙතුන් වර එඩිට් කළ විට රස ගැනුණා
අප්පේ කවිමඩුවක්... කෝ ඉවරෙයි
Deleteඅංගම්මන නමිය - අංගම්මන නමියා
Deleteඅංගම්මන නමිය - අංගම්මන නමියා
...
අඩේ...
Deleteඅඩේ
Deleteකඩේ
කුඩේ
මඩේ
අඩේ අඩේ
Deleteතෝසෙ කඩේ
හදන වඩේ
බැදෙයි වඩේ
නිදි කවි පොස්ටුවක් දාහන්කො බ්ම් වෙන්ස්සකටත් එක්කලා....
Deleteඩීමන් ආනන්දගෙ කතාවක් කියවනවා වගේ දැනුනා. කෙටියි, ඒත් ත්‍රාසජනකයි. හොඳට වනලා තියෙනවා, නියමයි.👌🙏😊
ReplyDeleteඉස්තූතියි බස්. අඩුපාඩු පෙන්නල දෙනවනං තමා වටින්නෙ. මුල ඉඳලම මේක වෙන විදිහ අනුමාන කළා නං ඒකත් කියන්ඩ.
Deleteනැහැ එහෙම වැඩිය හිතෙන්න ගියේ නෑ. එහෙම විශ්ලේෂණය කරන්න ගියා නං, කතාව රසවිඳින්න ඒක බාධාවක් වෙයි කියලයි මට හිතුනෙ.🤔
Deleteසැහ්! මගෙ පළවෙනි කතාවෙ නං ඒ විදිහෙ පාඨකයො සැට් එකක් හිටියා. ඒ උදවිය නිසා කතාව ලස්සනට එඩිට් වුණා.
Deleteසැකකරුවෙක් රිමාන්ඩ් භාරයෙදි මිය ගිය පළවෙනි අවස්ථාව නෙවෙයි නෙ ඔය. අනික, කණිෂ්කගෙ මරණයත් අබිරහසක්. කවුද දන්නෙ ඔය ඔක්කොම ප්‍රාන් ගෙ ගේමක්ද කියල, කුඩු ජාවාරම විනාශ කරන්න?
ReplyDeleteහෑ...! නාථ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ! තුං හිතකවත් තිබුණ දේවල් ද මේ කියන්නෙ?
Deleteඅර කියන්නාහේ...මු නම් නාථ දෙයියෝ තමයි....ඔය දිවැසින් දැකලා තියෙන්නේ
Deleteඒක හෙණ යතාර්ථවාදීයි
Deleteලේ නහරයක් සිදුරු කරගන්න පුලුවං එකක් මොකටද බොල කූඩුව ඇතුලෙ තිබ්බෙ.
ReplyDeleteඔ්ං ප්‍රශ්න. නයෙක් කෑව කියල වෙනස් කරන්නං එහෙනං.
Deleteමට නම් කතාව අල්ලලා ගියා. දැන් ඊලඟ සීරිස් එකට පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු ලෙස ආනන්ද ප්‍රාන් ට එකතු වෙනවද
ReplyDeleteඑහෙම අදහස් කරගෙන තමයි මේක ලිව්වෙ. නමුත් සීරීස් එකක් විදිහට තව කතා ලියාගන්ඩ බැරි වුණා තාම.
Deleteඑල ද බ්‍රා.....
ReplyDeleteහොදට ඉවරකරලා....
ආනන්ද දිගටම ප්‍රාන් එක්ක හිට්යෝත් හොද අනාගතයක් තියෙයි
එහෙම වෙන්ඩනං, ප්‍රාන් ට මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන්ඩ ඔ්නෙ ආනන්දගෙන්.
Deleteසුපිරි කතාවක්.
ReplyDeleteFavorite category එකක්.
late comment එකක්.
දෙනවද සමාවක්
කමෙන්ට් එක පමා වුණත්
Deleteරිප්ලයි ඊට වැඩියෙන්
පමා උනි. ඉන් හැඟවෙයි
බෙටර් ලේට් දෑන් නෙවර්