උදෑසණින් ම මා සමඟ ප්‍රාන් එළියට බැස්සේ රම්බෝ හමුවීමට යාම සඳහා ය. අපට පාරට බැස යාමට හැකි වූයේ ටික දුරක් පමණි. අප ඉදිරියට වේගයෙන් ඇදී ආ තද නිල් පැහැ කොරොල්ලා 141 රථයක් අප පසුකර අඩි පහක් - හයක් පමණ ගොස් නතර කෙරිණ. එවිගස ම එහි වම් පස ඉදිරි දොර ඇරී සිවිල් ඇඳුමින් සැරසුණු උසැති අයෙක් එළියට ආයේ ය.
"පොඩ්ඩක් ඉන්න"යි මට කී ප්‍රාන් අඩියට දෙකට ඔහු අසළට ගියේ ය. ඔවුන් අතර පහත් හඬින් වූ කතා බහක් ඇති විය. පසුව උස මිනිසා තම වොලට්ටුව ගෙන යම් මුදලක් සහ ලියවිල්ලක් ප්‍රාන් අත පත් කළේ ය. ප්‍රාන් එය තම වොලට්ටුවේ රුවා ගනිද්දී, ඔහුගේ උරහිස ට තට්ටු කළ අමුත්තා මෝටර් රථයට ගොඩ විය. ඒ වන තුරුත් පණ ගැන්වූ ගමන් ම පැවති මෝටර් රථය ඒතැනින් ම යූ හැරවුමක් කර ආ වේගයෙන් ම අප පසු කරගෙන ඇදී ගියේ ය.
"ඒ කවුද?" මා දෙසට එන ප්‍රාන් ගෙන් මම ඇසී මි.
"ආනන්ද, තමුසෙට ඒ ගැන ගොඩක් දේවල් කියන්න තියෙනවා."
ඔහු ඒ වන තුරුත් වොලට්ටුව සාක්කුවේ දමා ගෙන නොතිබුණි. මා සමඟ තවත් පියවර කීපයක් ඉදිරියට ගිය ඔහු, ගස් සෙවණක නතර වී එය දිග හැරියේ ය. එහි එක් සාක්කුවක වූ තද නිල් පැහැ කාඩ් පතක් එළියට ගත් ඔහු;
"පොඩ්ඩක් මේක බලන්න..."යි කියමින් මා වෙතට දිගු කළේ ය.
මුලින් ම මගේ දෑසට ලක් වූයේ එහි මුද්‍රණය කර තිබූ ඡායා රූපයයි. එක් වරට ම නොවූවත් එය ප්‍රාන් ගේ රුව බව මට හඳුනා ගත හැකි විය. ඉහළින් ම සටහන් වූ CID අකුරු තුන මා දුටුවේ දෙවැනි වර බැලීමේ දී ය. ඡායා රූපයට යටින් "පොලිස් පරීක්ෂක ප්‍රාන් අරණගන්විල M.A. Criminology and Criminal Justice, LLB" යන්න සඳහන් විය.
මම ප්‍රාන් දෙස බැලුවෙමි.
"ආනන්ද, මම කොස්තාපල් කෙනෙක් නෙවෙයි. සීඅයිඩී එකේ සීනියර් ඉන්ස්පෙක්ටර් කෙනෙක්. මම මෙහෙට ආවෙ, මේ ටවුමෙන් මුළු දිස්ත්‍රික්කෙට ම කුඩු බෙදා හරින ස්මග්ලර් ගැන හොයන්න. ඒකට පොලිසිය ඇතුලෙන් සපෝට් එක ලැබෙන බවට සැකයක් තිබුණා.
"දැන් මේ ඇවිත් කිව්වෙ වික්‍රමගෙ හොමිසයිඩ් කේස් එකත් බලන්න කියලා"
"එතකොට මේ ආවෙ සීඅයිඩී එකේ ඔෆිසර් කෙනෙක් ද?" මා වැටී සිටි වික්ෂිප්ත බවින් ඒ වන විටත් මම සම්පූර්ණයෙන් මිදී නොසිටියෙමි.
"ඔව්. මේ ගැන දන්නෙ තමුසෙ විතරයි. තමුසෙ මට උදව් කරනවද?"
"ඕනෙ දෙයක්..." මම එකඟ වීමි.
"මගෙ මෙහෙ වැඩ කටයුතු ඉවර වේගෙන එන්නෙ. තව පොඩි දෙයක් දැනගන්න තියෙනවා. ඊට පස්සෙ මිනී මරුවා අල්ලගන්න මට තමුසෙ ගෙ උදව්ව ඕනෙ වෙනව..."
"මිනීමරුව කවුද කියල හිතාගෙන ද ඉන්නෙ දැනට ම?"
"ඔව්."
කෙරීගෙන යන දෙබසක් එක් වරම නතර කොට, සියල්ල පෙට්ටගමක ලා වසා දමන අන්දමේ වචන සහ ඒ වචන පිට කරන තානයන් ඇත. ඉහත කී "ඔව්" යන්න ද එවැන්නක් විය. මස්කඩයට යන තුරු ම මෙම සිදු වීම් පිළිබඳ කල්පනා ජාලයෙන්මමගේ හිස බර වී තිබුණි. අපට එවර නම් රම්බෝ සුජීව කොටු කර ගත හැකි විය.
කාකි පාට දැකීමෙන් ම රම්බෝ සුජීව කලබලයට පත් වූ බව පැහැදිළි ව පෙනුණි. නිරුවත් තරබාරු උඩුකය පුරා දහදිය ගළන්නට වූයෙන් ඔහු ගේ නොසන්සුන් බව මොනවට පෙනිණ. නමුත් අපට මුහුණ දීමට ඔහු ට සිදුවිය. අපි කෙලින් ම කාරණයට බැස්සෙමු.
"අපට කියනවා, පෙරේදට කලින් දා රෑ එකොළහට විතර තමුසෙ කොහෙ ද හිටියෙ කියලා..."
"එදා සර්, අපි කඩේ වැහුවට පස්සෙ මම කෙලිම්ම ගෙදර ගියෙ සර්..."
"කීයට විතර ද?" ප්‍රාන් ඇසී ය.
"අටහමාරට විතර සර්..."
"ගෙදර තව කවුද ඉන්නෙ?"
"මගෙ අම්මයි නෝනයි ඉන්නව සර්..."
"තමුසෙ ඒ වෙලාවෙ ගෙදර යනව තව කවුද දැක්කෙ?"
රම්බෝ සුජීව චකිතයෙන් මෙන් වට පිට බැලී ය.
"සෑර්..." මගේ පිටුපසින් සිටි යමෙක් කතා කළේ ය. මම ඒ දෙස හැරුනෙන්, එහි සිටි වයසක පාහේ මිනිසා දුටුවෙ මි. "සෑර්... රම්බෝ මුදලාලි මාත් එක්ක තමයි එදා ගෙදර ගියෙ සෑර්. පහුවදා වත්තෙ පොල් වලවල් කපන්ඩ තියෙනව කියල එදා රෑ ම මාත් එක්කරගෙන ගියා සෑර්..."
"එහෙම ද?" ප්‍රාන් මඳක් කල්පනා කළේ ය. "තමුසෙල දෙන්න දැන් එනව අපි එක්ක පොලිසියට. මේ කියපු දේවල් අපි කොළේක ලියල දෙනව තමුසෙලට අස්සං කරන්ඩ..."
රම්බෝ සුජිව ගෝලයාට කඩය බලා ගන්නට කියා, කමිසයක් ගෙන නිරුවත් උඩුකයට ලාගෙන බොත්තම් දමමින් ම මගට බැස්සේ ය. ඒ අතර ම ප්‍රාන් සාක්කුවෙන් ගත් බබල්ගම් එක් මා වෙත දිගු කළේ ය. මම නිහඩව ම එය ගත්තෙමි. පොලිසියට ළඟා වන තුරු ම අප දෙදෙනාගේ ප්‍රමුඛ කාර්යය වූයේ බබල්ගම් සැපීම ය.
මෙතෙක් සිදුවූ සිදුවීම්වල තිබූ එක පිට එක කඩා වැටීමේ ස්වභාවය හේතුවෙන්, ප්‍රධාන භූමිකාව බවට මේ වන විට පත්ව සිටි ප්‍රාන් පිළිබඳව යමක් සඳහන් කිරීම අතපසු වී ගියේ ය. කෙසේ වුව ද මම ඔහු දෙස සැළකිල්ලෙන් බලන්නට වූයේ ද මේ අවස්ථාවේ දී ය.
මා කලින් ද සඳහන් කළාක් මෙන් ම, ප්‍රාන් කිසිදු අයුරකින් එදිනෙදා දකින්නට ලැබෙන පොලිස් කාරයෙකුගේ ස්වරූපය පෙන්නුම් කළේ නැත. අඩි පහ-මාරක් පමණ උසැති වූ හෙතෙම ඊට සරිලන සාමාන්‍ය මහතකින් ද යුතු විය. පොලිසියට හුරු හැඟීම් විරහිත, තැළුණු - පොඩිවුණු තෙල්පැහැගත් මුහුණ වෙනුවට ඔහු සතු වූයේ ගණිතඥයෙකු හෝ දාර්ශනිකයෙකුගේ යැයි කිව හැකි සුමුදු බැල්මක් සහිත, ගැඹුරු කල්පනාවන්ගෙන් හැඩගැසුණු දිගැති මුහුණකි. නිතරම සිතිවිල්ලෙන් පසුවන අන්දමේ බැල්මක් ඔහුගේ මළාණික දෑසේ විය. එඒහත් උවමනා විට එය තියුණු වීමට ද හුරු බව සැළකිල්ලෙන් බලන්නෙකුට ප්‍රකට විය.
ඕනෑ ම දරුණු තත්ත්වයකට හෝ අභියෝගයකට හැඩ ගැසිය හැකි බව පෙනුණු ශක්තිමත් සිරුරක් ඔහු සතු විය. ඒ දෑත් දෙපා සෑම විටක ම ක්‍රියාත්මක වූයේ ඒවා ට ස්වාධීන බුද්ධියක් තිබුණාක් මෙනි.
ප්‍රාන් වෙතින් ම මා පසුකාලයක දී උගත් විමර්ශනාත්මක උපක්‍රම ඒ වන විට මා සතුව නොතිබුණෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ප්‍රාන් අරණගන්විල ගැන මා හට නිරීක්ෂණය වූයේ එපමණකි. මා සතුව තිබුණේ, කලුතර පොලිස් විද්‍යාලයෙන් උගත් විමර්ශන උපක්‍රම හා එහිදී ලබාගත් කුසලතාවන් පමණකි. වසර හයක් වූ මාගේ රාජකාරි දිවියෙන් සහ වයස්ගත මව සමඟ ගත කළ හුදෙකලා ජීවිතයෙන් ද තනිව තීරණ ගැනීමේ සහ ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ යම් පන්නරයක් මා ලබාගෙන තිබුණි. උපන් ගමෙහි වූ පොලිස් ස්ථානයේ ම මාගේ අනාගතය විසඳා ගැනීමට අපේක්ෂා කළ මම යම් ස්ථාවර ජීවිතයක් ගොඩනගා ගනිමින් සිටියෙමි.
සාජන්ට් දැල්කඳුර ද රම්බෝ සුජීව ගෙන් ඇසුවේ නොවැදගත් ප්‍රශ්න කීපයක් පමණකි. එය මට එතරම් ඇල්ලුවේ නැත. රම්බෝ රෑ අට හමාරට ගෙදර ගිය ද, රෑ එකොළහ වවන විට නිවසේ ම රැඳී සිටිය බව තහවූරු වන සාධක හෙලි වූයේ නැත. 'සමහර විට...' මට සිතුණේ ය. '...සමහර විට මෙහෙ ම කරන්නෙ රම්බෝ ගෙ බය නැති කරල වැඩි විස්තර හොයාගන්න වෙන්නත් පුළුවන්...?'
"ආනන්ද, තමුසෙ මොකද හිතන්නෙ මේ ගැන?" රම්බෝ සුජීව කට උත්තරයට අත්සන් තබා පිටව ගිය පසු ප්‍රාන් මගෙන් ඇසී ය.
"මම හිතන්නෙ රම්බෝ ගෙදර ගිහින් දහයට විතර ආපහු එන්න ඇති, කණිෂ්ක අල්ලගන්න හිතාගෙන. නමුත් එතකොට කණිෂ්ක හිටියෙ තනියම නෙවෙයි."
"එතකොට මිනිහ තනියම මිනිස්සු දෙන්නෙක් ම මරල තියෙනවා?"
"..."
"හොඳයි, අපි එහෙම හිතමු. එතකොට කෝ කණිෂ්කගෙ බොඩි එක?"
"සමහරවිට වික්‍රම තනියම ආපහු එද්දි, පබ් එක ගාව පාලු වත්ත හරියෙදි කලුවරේ... කණිෂ්ක කියල හිතල මැරුවද දන්නෑ? දෙන්න ම ගොඩක් දුරට එක වගේ නෙ. වෙනසකට තිබුණෙ කණිෂ්කගෙ බළල් ඇස් දෙකයි, වික්‍රමගෙ දකුණු අතේ තිබුණු පච්චෙයි විතරයි."
"ඒත් වික්‍රම හිටියෙ යුනිෆෝම් එකෙන් නෙ. ඒකත් අඳුනගන්න බැරි වෙලා ද, මස්කඩ කාරයට?"
ඒ තර්කයට මම දුර්මුඛ වීමි.
"ඒක නෙවෙයි ආනන්ද. අර පබ් එකේ අයිතිකාරය එදා කියපු ලෙයාන් කොහෙද ඉන්නෙ?"
"ආ... මිනිහ ශ්‍රී පුර නෙ ඉන්නෙ. මායි වික්‍රමයි කීප සැරයක් එහෙ ගිහිං ඉඳල තියෙනව."
"එහෙමද? ඒ කියන්නෙ තමුසෙයි වික්‍රමයි අතරෙ හිතවත්කමක් තිබිල තියෙනව?"
"ඔව් ඉතිං. අපේ නෑදෑ වෙන නංගි කෙනෙක් එක්ක වික්‍රමගෙ පොඩි පළහිලව්වක් තිබුණ. පස්සෙ ඒ නංගි වෙන කෙනෙක් බැන්දා පවුලෙ අයගෙ බළ කිරීමට. ඇත්තම කිව්වොත් නංගි බැන්දෙ පබ් එකේ අයිතිකාරය, ගමිත්. වික්‍රම බැන්දෙ නැත්තෙ ඒක නිසා කියලත් සමහරු කියනව."
එතැනින් අපේ සංවාදය අවසන් විය. මට මේ සිද්ධිය ගැන නිවීහැනේ සිතන්නට කල් වේලා ලැබෙන්නට කලින් නගරයේ අවසිහියෙන් හැසිරී අත්අඩංගුවට පත් තරුණයන් ගැන වෛද්‍ය වාර්තාව දකින්නට ලැබුණේ ය. මා දකින විට එය තිබුණේ ප්‍රාන් ගේ අතේ ය. මම ද එයට කරපොවා බැලූයෙමි.
ප්‍රාන් නොසැළකිල්ලෙන් එය මා අතට දුන්නේ ය. එහි වැඩි යමක් සඳහන් නොවී ය. කොළයේ වැඩි කොටසක් වෙන් ව තිබුණේ එම තරුණයන් ගේ රුධිර හා මුත්‍ර සාම්පල සම්බන්ධයෙන් සිදු කළ විවිධාකාර රසායනාගාර පර්යේෂණ හා ඒවාගේ ප්‍රතිඵල ගැන ය. ඔවුන් සියලු දෙනා යම් කිසි ඇබ්බැහිවන සුළු මත්ද්‍රව්‍යයකට හුරු ව සිට එය නොලැබීමෙන් විවිධාකාරයේ ශාරීරික හා මානසික බිඳවැටීම්වලට පත්ව ඇතැයි යන්න එහි අවසන් නිගමනය විය. ඒ හෙරොයින්, නැතහොත් මෙතැම්ෆිටමින් වැනි දෙයක් විය හැකැ යි එහි සඳහන් විය.
සවස ප්‍රාන් මා සොයාගෙන ආයේ ය. මම සිටියේ පැමිණිලි පොත සම්බන්ධ රාජකාරියකට සහය වෙමිනි.
"ආනන්ද, පොඩ්ඩක් මෙහාට එනවකො." යි ඔහු මා පසෙකට කැඳවාගෙන ගියේ ය. "තමුසෙට පුළුවන් ද හෙට පාන්දර මාත් එක්ක ගමනක් යන්ඩ එන්ඩ?"
"පුළුවන්" මට තිබුණේ සවස අම්මාගෙන් සමුගැනීම පමණකි.
"හැබැයි දවස් තුන හතරක් යන්න පුළුවන් මේ ගමනට. සිවිල් ඇඳුමෙන් යන්න තියෙන්නෙ. සල්ලි ගැන ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ"
"දවස් හතරක් නේද?"
"ඇයි ප්‍රශ්නයක් ද?"
"නෑ නෑ..."
"එහෙනං, හෙට උදේ පාන්දර හතරෙ බස්එකෙන් පිටත් වෙමු. හරිනෙ එහෙනම්?"
"නිවාඩු ගන්න එක තමයි ප්‍රශ්නෙ..."
"අපි දවසකට නිවාඩු ගම්මු. ඊට වඩා දෙන්නෑනෙ සාජන්ට්. ඉතුරු හරිය මං බලා ගන්නම්. එහෙනම් එනවනෙ?"
"ඔව්... හරි... යමු." මගේ වචන මට ම කන්නට සිත් විය. 'දවස් හතරක්...' මම කල්පනාවට වැටුණෙමි. සාජන්ට් දැල්කඳුරත්, ඕඅයිසී ගොඩගමත් දැඩි සිත් ඇති නිලධාරීන් ය. එකි දිනකට නිවාඩු දමා ගොස් දින තුන හතරක් සේවයට නොපැමිණීමෙන් ඇති වන්නේ ඉතා අප්‍රසන්න තත්ත්වයකි. ප්‍රාන් එය විසඳන්නේ කෙසේ ද?
කෙසේ වෙතත්, මම මගේ වචනය දී හමාරය. ප්‍රාන් ඒ යෝජනාව කළේ පැහැර හැරිය නොහැකි තරම් ස්වරයකින් හා වචනවලිනි. මා යා යුතු ම ය!
ඇණ, මිටිය අරං ආවා. තව වැටවල් සැට් එකක්ම ගහන්න තියනවා, ආයෙ එඤ්ඤං.😊🙏👌
ReplyDelete//කියවලා නැතත් ඔයගොල්ල ගහන වැට මට මාර හයියක්...!//😊
Deleteවැට මාර නං හොයාගන්න අමාරුයි, ඇල්බීසියා තමයි ගත්තෙ.🤔
Deleteඔය වැට කඩල බැරිද පුටුවක් හදන්ඩ
Deleteඋදේ පාන්දරිම්ම බකුස් වැඩිපුර ගසල නැති බ්‍රෑන්ඩ් එකකට ෂොට් එක දීල වගේ... බොලා ගහන වැට උනත් මට මාර හයියක් තමා.
Deleteමහේෂ්,
පුටුවක් හැදුවොත් ඉඳගන්න එකා පතබෑවිල කොන්ද කැඩෙන එකටත් වග කියන්ඩ වෙයි.
හ්ම්.........
Deleteනමිය බස්සා,
Deleteඔවුන් සියලු දෙනා යම් කිසි ඇබ්බැහිවන සුළු මත්ද්‍රව්‍යයකට හුරු ව සිට එය නොලැබීමෙන් විවිධාකාරයේ ශාරීරික හා මානසික බිඳවැටීම්වලට පත්ව ඇතැයි යන්න එහි අවසන් නිගමනය විය. ඒ හෙරොයින්, මරිහුවානා නැතහොත් අයිස් ///
ReplyDeleteමේකෙ මරිජුවානා ගැලපෙන්නෑ නේද. අයිස් අවුලක් නෑ. ඒත් ඒක මෙතැම්ෆිටමින් කියල වත් වෙනස් කලොත් මොකද.
නිකමට අහන්නෙ ඕං... 🙂🙂
ස්ස්ස්සූතියියියි...
Deleteඅඩේ මහේෂ් ගොඩක් ස්තූතියි ඒ තොරතුරට ඈ... දැක්ක ගමං හැදුව.
Deleteසේරම බළල්ලුන් දාලා ගෝනියක
ReplyDeleteකට ගැට ගසා තිබ්බා වැනි එය පසෙක
දෙනවා වගෙයි ඊළඟ කොටසත් හනික
නොළිහමි ගෝනියේ කට ඉවසනවා මිසක
ඊළඟ කොටස එන තුරු හිටියොත් අයියේ
Deleteඉතුරු වෙන්නෙ නැටි විතරයි එ' ගෝනියේ
එතකල් නොහිට අනුමානය ලියාපියේ
මේ කතාව ඉන් තව නිවැරදි වෙයියේ
වැඩි වැඩ බැරිය මේ දිනවල ඔළුව බරයි
Deleteජාලේ සැරිසැරුම වුව ටික වෙලාවටයි
ගන්නා බෙහෙත් ඒ තරමට විපාක දෙයි
නව වසරේදී නම් මෙ ගති පැනල දුවයි
මෙහෙත් වැඩ වැඩිය දිගටම ලොකු අයියේ
Deleteදෙවෙනි සෙමෙස්ටරයත් එයි තකහණියේ
ලියන්නට තියා කියවන්ටත් බැරියේ
ඒ අස්සේ බකමූණත් යනවලුනේ
පට්ට කුතුහලයක් තියෙන සිරා කතාවක්. ඊලග කොටස ලියනකන් ඉන්නේ, හරියට Money Heist එනකන් බලන් හිටිය වගේ.
ReplyDeleteස්තූතියි මල්ලි. මගෙත් උත්සාහය මේ කතාව වැඩි දියුණූ කරල ගන්ඩ.
Delete// වෙනසකට තිබුණෙ කණිෂ්කගෙ බළල් ඇස් දෙකයි, වික්‍රමගෙ දකුණු අතේ තිබුණු පච්චෙයි විතරයි //
ReplyDeleteපච්ච කොටපු එවුන් ගන්නවද පොලිසියට?
ගන්නවා ඇති. මැකුවොත්.....බන්ධාගාරෙ නෙව? මේ සෑසනේටත් ගන්නෙ?
Deletehttps://www.youtube.com/watch?v=vI9-vSazwgc
එහෙම බෑ. මේකා ඔය පච්චයක කතාවක් දාලා තියෙන්නෙ, ඩී ඇන් ඒ ටෙස්ට් එකකින් ගැලවෙන්න. එවුවා කොහෙද?
Deleteපච්ච කොටපු උදවිය ගන්නෑද? ඒ උනාට මට මතකයි චීනඩි චීනා අල්ලපු පොලිස් කාරය, "ශ්‍රී ලංකා පොලිසිය" කියල පපුවෙ පච්ච කොටාගෙන උන්නා.
Deleteබකුස්,
මැකුවොත් බන්ධනාගාරෙ? යකෝ බොන්ඩ ගි ප්ලේන්ටියත් ඉස්මොල්ලෙ යනව තව පොඩ්ඩෙං...
බුරෝ,
අවුලක් නෑ, පච්චෙ එහෙනං කණිෂ්කගෙ අතට මාරු කරමු?
ඕං ගොයියෝ බැලුව. හොඳයි, කුහලය දිගටම තිබ්බා. මම් ඉතිං කෝමත් , මෝඩ බකමූණා නිසා ඔව්වා විශ්ලේෂණය නොකර, රසවින්ඳා.
ReplyDeleteආයෙ මේවගේ එකක් ඉක්මනට දෙන්න, ඈ?
බොට හින්දා මං මේ කියන්නෙ. කතාව විසඳන්ඩ උවමනා ඉඟි සේරම මේ වෙද්දි දීල ඉවරයි. ආපහු කියෙව්වොත් බාගදා හරියට ගෙස් කරන්ඩ පුළුවං වෙයි.
Deleteගෙස් කොරන එක අපට අකැපයි ඩ්‍රැකීයා.. ඉතුරු ටිකත් කියවාම තේරුම්බේරුම් කරගන්ට්ම්
Deleteමේ ජෙනර් එකේ කතාවක් කියවද්දි කියවන්නාත් රහස් පරීක්ෂකයෙක් හැටියට මනසින් ගැටළුව විසඳන්න උත්සාහ කිරීම වැදගත්. රහස් පරීක්ෂක කතාවක් කියවීමෙන් පාඨකයෙකුට ලැබෙන එකම වාසිය තීක්ෂණ බුද්ධිය මුවහත් වීම විතරයි.
Deletehttp://marcquinn.com/artworks/meat-sculptures
ReplyDeleteඒ මොකද්ද අප්පේ ඒ?
Deletehttps://www.artlyst.com/news/anish-kapoor-exhibits-his-controversial-meat-paintings-at-the-rijksmuseum/
Deleteබුවෑක්ක... වැඩ නැතුවට!
Deleteබස්සෝ, බුරෝ, ප්‍රාජේ....
ReplyDeleteආං නිදියා ආපහු ලියලා.
මාත් ගියෝ..
Deleteගියා.😊
Deleteකොහොම කොහොම හරි කලට වෙලාවට post එකක් දාන්නයි වීරිය ගන්නෙ... ස්තුතියි දෙන සප් එකට!
ReplyDeleteඅපි - අපිට නෙ ලොකු අයියෙ
Deleteඉතුරු ටිකත් කලට වෙලාවට ලැබෙන්ට සැලැස්සුවනම්
ReplyDeleteඅද දානව.
Delete++++++++
ReplyDeleteඔන්න වැටක් ගැහුවා...
ස්තූතියි මිතිල... මං දැනං උන්නෙ නෑ ඔයා මේ ජෙනර් එකට කැමතියි කියල.
Deleteශ්‍රී පුර - ඇත්තම තැනක්ද ද්‍රකී
ReplyDeleteඔව්. පදවිය පැත්තෙ...
Deletehttps://mudiyansemalaya.blogspot.com/2021/12/blog-post_15.html
ReplyDeleteදැක්කා, කියෙව්වා...
Deleteඑල ද බ්‍රා..අඩේ ප්‍රාන් මාර පොරක්නේ
ReplyDeleteකොහොමද එහෙම කියන්නෙ? සමහරවිට ප්‍රාන් ද දන්නෑ වික්‍රම ව මැරුවෙ?
Deleteආව . යනවා . කුතුහලය නිවා ගන්න
ReplyDelete