Sunday, September 18, 2022

කයි කතන්දර - දෙමළ / සිංහල කවි

කයි කතන්දර ගැන මගෙ පරණ පෝස්ට් එකක දි සඳහන් කළා මට මතකයි. එතන දි සඳහන් කරපු බොරළැස්ගමුවේ ජී. එච්. පෙරේරා ගේ කයිකතන්දර පොතේ තිබිලා මට මතක හිටපු කයි කතන්දර ගැන වෙන ම ලියන්න හිතාගෙන හිටියා. මේ ඒකෙ පළවෙනි ලිපිය. මෙතන මම කියන්න යන්නෙ දෙමළ භාෂාව මවුබස කරගත්ත ලාංකිකයො කීපදෙනෙක් හැදුවා කියා කියවෙන කවි කීපයක් ගැන.


දවසක් මරක්කල මනුස්සයෙකුත් ගියා බණක් අහන්න. හාමුදුරුවො සාමාන්‍යයෙන් බණ කියන්න කලිං කියනවනෙ ගාථාවක්. ඒ කල්ල හිටං තමුන්වහන්සේ වදාරණ බණ ඒ ගාථාව ආශ්‍රයෙන් තමයි පැහැදිළි කරන්නෙ. ආන්න ඒ වගේ මේ අවස්ථාවෙදිත් හාමුදුරුවො මුලින් ම දේශනා කළ ගාථාවක්...

‍ගංගාය වාලුකා ඛියෙ - උදකං ඛියෙ මහණ්ණවෙ

මහියා මත්තිකා ඛියෙ -ලක්ඛෙන මම බුද්ධියා

පහුවදා කඩපිලේ දි කවුරුත් කතා වෙනව කලින් දා රෑ අහපු බණ ගැන. ඔතන අර මරක්කල මනුස්සයත් හිටියා. එයාටත් නළියනව තමුං අහපු බණ ගැන මොනව ම හරි කියන්න. ඉති උන්දැත් කිව්වා,

"අප්පුආමිලට කියන්ඩ, ඊයෙ රා වණ ඩිංග නං බෝම ඔන්දයි තමා. මාත් ඒක ඔක්කොම එල්ලි වෙනකාං තමා ආගෙන ඉටියා..."

"අනේ පලයං තම්බි යන්ඩ." කඩේ උන්න ගැටයෙක් සමච්ඡලේට කිව්වා. "උඹල දන්න බණ..."

"ඒම කියන එක අරි නෑ මල්ලි. ඒම කියන්න යෙපා. මට ඒ වණ කවිය ෂේරම පාඩම් ඉටියා."

"හා කියහං බලන්ඩ කටපාඩං හිටපු ටික..."

තම්බිත් උගුර එහෙම පාදලා, බොහොම ආඩම්බරෙන් කිව්වා අර ගාථාව...

ගඟිය කියේ වලිය කියේ - උදය කියේ මාණවියේ

මයිය කියේ මතිය කියේ - ලකියා මම බුදියා

*    *    *

මජීදු නානා කියලා මනුස්සයෙක් උන්නා ඔය විදිහෙ. එයත් නිතරම අල්ලපු ගමේ තිබුණු පිරිවෙනට යනව එනව. ඒ පිරිවෙනේ උන්න පණ්ඩිත හාමුදුරුවො අනික් ගෝලයන්ට සිංහල කවි ප්‍රබන්ධ කරන හැටි කියා දෙනවා බලා ඉන්න එයා හරි ම කැමතියි.

දවසක් හාමුදුරුවො ඇහුවා, 

"තම්බි උපාසක, දැන් උන්නැහෙත් කාලෙයක් තිස්සේ මේ පිරිවෙනට යනවා, එනවා. කවි උගන්නන හැටිත් බලාගෙන ඉන්නවා. තාම බැරි උනා ද, තමුන්නැහැට කවියක් හදන්ඩ?"

"‌මක්කද ආමුදුරුවනේ බැරි? මටත් පුළුවන් තමා කයියක් දෙකක් අදන්ඩ..."

"ආ, එහෙනම් හදල කියමු බලන්ඩ..."

ටිකක් කල්පනා කර කර හිටපු මජීදු නානා, මේ කවිය කිව්වා...

මම උපන්න ගම නං පට්ටිපොල ගම

මම ඇදිච්ච ගම නං අකුරණ ළඟ කුරුගොඩ ගම

මම කෂාද වන්ද ගම නං රම්බඩ ගඟ වත්ත ගම

මම දෙනට පදිංචි ගම නං මාඳිපොල ගම

*    *    *

නගරබද ගෙදරක තොවිලයක් නැටුවා. ඒ ළග ගෙදරක උන්නා ලංසි පවුලක්. එහෙ වැඩට උන්නෙ දෙමළ කොල්ලෙක්. ඔය ළමයටත් ආසා හිතුණා තොවිලෙ බලන්න යන්න. ඉතිං එයා ගිහිං ගෙදර නෝනගෙන් ඇහුවා "මාත් යන්ඩද නෝනා නැටුම් බලන්න?" කියලා.

නෝනටත් හරි කුතුහලයි තොවිලෙ ගැන. ඒත් ඉතිං යන්නත් බෑ. සාමාන්‍යයෙන් ටිකක් ස්ටේටස් තියාගෙන ඉන්න ගෙවල්වල නෝනලා එහෙම යන්නෑනෙ... ඉතිං එයා කිව්වා, "හා හොඳයි. ගිහිං වරෙං. හැබැයි උඹ බලපු නැටුංවල හැම විස්තරයක් ම මට ඇවිත් කියන්ඩ ඕනෙ." කියලා.

ඉතිං අර කොලුවත් හරි සන්තෝසෙන් ගිහින් එළි වෙනකම්ම නැටුම් බලලා සතුටු වුණා.

ආපහු එද්දිත්, තොවිල් නැටුමයි එතනදි කියන දිග කවිවල රිද්මෙයි කොල්ලගෙ හිතේ... ඉතිං ආපහු ගෙදර ඇවිත් නෝනට තොවිලෙ නැටුම් විස්තර කිව්වෙත් තොවිලෙදි අහන්ඩ ලැබුණු කවිවල ශෛලියට තමන් හදාගත්ත කවියකින්...

යෙක මිනියෙක් මා දඬු කඳ කර බැඳගෙන දිඩි බිඩි බිඩි දිඩි බිඩි බිඩි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

යෙක මිනියෙක් කාෂි මල්ල පය බැඳගෙන ගඩි ගිජි ගිජි ගිඩි ගිජි ගිජි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ 

යෙක මිනියෙක් අඟුරු කබල අතට අරං දුම් ගෂ ගෂ දුම් ගෂ ගෂ යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

යෙක මිනියෙක් සුදු රෙද්දක් පොරවාගෙන බුදි බුදි බුදි බුදි බුදි බුදි යේක යෙකයි යෙක නැටුමයි නෝනේ

*    *    *

ඉස්සර හිටියානේ ගෙයින් ගෙට පයින් ගිහින් වෙළඳාම් කරන මුස්ලිම් වෙළෙන්දො. ඒ අයට ඉස්සර මිනිස්සු කිව්වා මරක්කල වෙළෙන්දො කියලා. රෙදි පොට්ටනියක් හරි තොරෙම්බල් කූඩයක් හරි නැත්තං වෙන මොකක් හරි ඔලුව උඩ තියාගෙන ගමකට ඇවිදින්, දවසක් හරි දවස් කීපයක් හරි ඒ ගමේ ගෙයින් ගෙට ගිහින්, ආගන්තුක සත්කාරයක් විඳිමින්, ප්‍රවෘත්ති රැස් කරමින් සහ බෙදා හරිමින් මේ මරක්කල මිනිස්සු වෙළඳාමකුත් කරගෙන හොඳ ආදායමකුත් රැස් කරගත්තා.

මේ විදිහෙ මරක්කල පොට්ටණි වෙළෙන්දෙක් උන්නා, එයා එක ගමකට ආවම, නතර වෙනවා දවසක් දෙකක් එක ගමරාළ කෙනෙක්ගෙ ගෙදර. දවසක් උන්නැහැ ආව වෙලාවෙ දැක්කා ගම හාමිනේ කස කස ඉන්නව. ඒ මොකද කියල අහපුවාම දැනගන්න ලැබුණෙ, හොරි හැදිලා කියලා.

පරණ මිනිස්සු මොනව හ ලෙඩක් හැදුනම ගමේ වෙද මහත්තයගෙන් බෙහෙත් ගන්නව. ඒ අතරෙ ගොඩ වෙදකමුත් කරනව. හරි යන් නෑ වගේ නං වෙලාවකුත් බලලා, සාත්තරේකුත් අහනව. 

එහෙම අහපු සාත්තරෙකට කියල තියෙනව, හොරි හැදුණෙ අපලෙකටය, තොවිලෙයක් නටන්ඩ වෙනවය කියලා. ඒත් ඉතිං ගමරාළ හරි දුප්පත්. තොවිලෙ නටවන්ඩ සල්ලි බාගෙ නෑ.

ඔය ටික අහගෙන හිටපු මරක්කල මුදලාලිට හිත උණු උනා. එයා කිව්වා, 

"ආ... මට සල්ලි එපා. මං නටන්නං තොවිලෙ. මට මේ මේ කළමනා ටික හොයල දෙන්ඩ" කියලා. ගමරාළත් කල්පනා කළා, මේකත් කරල බලමු කියලා. ඒ අනුව අර කියපු අඩුම කුඩුම ටික හොයල එදා රෑ ම තොවිලෙ පටං ගත්තා.

මරක්කල මුදලාලිත් දන්න දන්න විදිහට සිංහලෙන් තොවිල් කවි හද හදා කිය කියා නැටුවා. එහෙම කියපු එක කවියක් මේ...

පනියාරුන් කියන කැවුම් ගෙනත් පුදන්නේ

එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ

වාලෛප්පලම් කියන කෙෂෙල් ගෙඩිත් පුදන්නේ

එ අනුඅසින් මේ ඇත්තිගෙ හොරි ඔඳ වෙන්නේ

*    *    *

ඔය වගේ තවත් මරක්කල වෙළෙන්දෙක් හිටියා, හොඳ ලස්සනට ගළපලා කවි හදලා කියන. දවසක් එයා එළගොන්දෙණියේ පොඩි අප්පුහාමිගෙ ගෙදරට ගොඩ වුණා. කොහිලකොටුවෙ ලොකු අප්පුහාමිගෙ දෝණියන් කරකාර බැඳගත්තු මේ කියන පොඩි අප්පුහාමි ඉතාම හොඳ රසවතෙක්. ඉතින් එයා ඔය මරක්කල වෙළෙන්දට යන්න දෙන්නෙ නෑ, කවියක් දෙකක් කියනකම්. ඒ පරක්කුව වෙනුවෙන් ආගන්තුක සත්කාරයට අමතරව, පොඩි අප්පුහාමි තමුන්ට උවමනා නැති වුණත් අරයගෙන් මොනවා හරි බඩුවක් දෙකකුත් ගන්නවා මයි. ඒ නිසා මරක්කල උන්නැහැත් බොහොම කැමැත්තෙන් තමයි පොඩි අප්පුහාමි ගෙ ගෙදරට ගොඩ වෙන්නෙ.

ඉතින් දවසක් මරක්කල උන්නැහැ ඔය ගෙදරට ගොඩ වෙනකොට ම ඇතුල් කාමරේක පොඩි කසුකුසුවකුත් එක්ක බොහොම කෞතුක දෙයක් දකින්න ලැබුණා. ඒ වගක් නොපෙන්නා උන්නැහැ උගුර පාදලා ගෙදර උස් පිලේ ඉඳගෙන ඔලුව උඩ තිබුණු බරත් පැත්තකින් තිබ්බා.

ඒ වෙලාවෙ පොඩි අප්පුහාමි ගෙදර උන්නෙ නෑ. ඒ බව වචනෙන් දෙකෙන් කියපු පොඩි අප්පුහාමිගෙ , ඉක්මණට ඉක්මණට ගේ ඇතුලට වුණා. ආන්න එහෙමයි ඒ කාලෙ වැදගත්  හැදිච්ච සීලාචාර කාන්තාවො.

ටික වෙලාවකින් පොඩි අප්පුහාමිත් ආව. මරක්කල උන්නැහැ දැක්ක විතරයි උන්නැහැගෙ මහන්සියත් නැති වුණා. ඉතිං පෙරැත්තෙ කවියක් කියන්න කියලා...

මරක්කල වෙළෙන්දා කැමති වුණේ නෑ එදා කවි කියන්න. මනුස්සයගෙ හිතට හරි මදි. නමුත් පොඩි අප්පුහාමි සෑහෙන්න පෙරැත්ත කරනව.

"බෑ අප්පුආමි. අද බෑ. අද නං මං කවි කිව්වොත් මහ විනාසයක් තමා වෙනවා..."

"එහෙම වෙන්නෙ කොහොමද තම්බි? කවියක් කිව්වට මොකද්ද වෙන විනාසෙ? ඔන්නොහෙ අද කවියක් කියලම තමයි යන්නෙ..." පොඩි අප්පුහාමිත් අර මනුස්සයට නිදහසක් දෙන්නෙම නෑ.

බැරිම තැන මරක්කල මුදලාලි කිව්ව කවියක්... ඒක තමයි ඔය පහළ තියෙන්නෙ.

කොයිලකොටුවෙ ලොකු අප්පුආමිකෙ දෝණියන්

එළගොන්දෙණියෙ පොඩි අප්පුආමිට කෙනාවයි

පංශලේ ඉටපු මාණ අප්පුආමිත් ආවයි

ශිවුරු පොදිය පොතු මල්ලේ හංගාලයි


48 comments:

  1. ෂින්න තම්බි ෂින්න තම්බි.... දෙමළ කයිය මතක්ක උනා.

    ReplyDelete
    Replies
    1. මතක් උනා නම් ඒකත් මෙතන ලියන්න ඕන. එහෙමයි වගකීමක් ඇති පුරුසයො...

      Delete
    2. මතක නෑ බොල.... ඒකට වෙන කතාවක් ආ.
      බෝඩිමක ඉන්නකොට දෙමල කොල්ලෙක් සෙටිෆිකට් හෙම පෙන්නලා ලොකු පම්පෝරිය. මේ ඔක්කොම මගේ තමා ආ අයිය. මේ ශෙටිපිකට් එක ගත්තෙ කොයින්ද අප්ප... ආ මේක මොරටු ජර්මන් ටෙක් තමා. මේක මෝටර් මැකානික් තමා. මේ මේ ඔක්කොම තමා මං කොෂ් කරලා තියෙනව අයියා. මූ සෙටිපිකට් ඔරිජිනලුයි පොටෝ කොපියි දෙකම පෙන්නනවා... කොෂ් ගොඩක් තමා කරා ඌ 😂

      Delete
    3. කෝෂ් ෂෙටිපිකෙට් ගැන මටත් තිබුණා ඔය වගේ ම උණක්. අන්තිමේ ඒ කෝෂ් මොනවත් අදාළ නැති රස්සාවක් කරන්න පටං ගත්තා. ඊට පස්සෙ හොඳ උනා.

      Delete
  2. මෙවැනි කතාවලින් උපහාසයට ලක්කරලා තිබුනත් මමත් දන්න මුස්ලිම් හිතවතුන් කීපදෙනෙක්ම උවමනාවෙන් බණ අසන බව දන්නවා. ඒ අතරේ මමත් මෙහෙම කතාවක් අපේ මාමා‍ කෙනෙක්ගෙන් අහලා තියනවා. ගමේ බණට වැඩිය හාමු‍දුරුවෝ කියපු බණ කතාව තමයි පිරිතකට වැඩිය වයසක හාමුදුරු කෙනෙකුගේ හැරමිටියට යටවෙලා මැරිච්ච ගෙම්බෙක් දිව්‍යලෝකේ ගිය කතාව. බණ ඉවර උනාට පස්සේ ඒ ගැන ගමේ අය සාමීචියේ යෙදිලා ඉන්න තැන හිටපු මුස්ලිම් ජාතිකයෙකුටත් තමන් අහපු බණ ගැන යමක් කියන්න හිතුනා. එයා මෙහෙම කිව්වා. "අපි තමුසෙලාට උඩ යන්න බැරි උනාට සරගරා පොකුණ කෙම්බා උඩගියා."

    ReplyDelete
    Replies
    1. ඔය ැගම්බා උඩ ගියා වගේ කතා කොයිතරම් නං තියෙනවද අපේ සිංහල බෞද්ධ සාහිත්‍යයෙ...

      මං මේ කතා ටික ලිව්වෙ උපහාසයට නං නෙමෙයි. ඉදිරියට ලියන්න තියෙන කවි කියවද්දි තේරෙයි, ඔය කියන කාලෙ සිංහල ගැමියන්ගෙ කවිවල ප්‍රමිතියත් කොයිතරම් ද කියල.

      හුදෙක් ම හිනා වීම සඳහා පමණයි මේ කතා ටික ලීවෙ.

      Delete
  3. Replies
    1. බොට ටයිප් කරන්ඩ බැයිනං, මොන විදිහකිං හරි මට එවහං, drackey@gmail.com මම ටයිප් කරල එවන්නං.

      Delete
    2. mage office lap ekata sinhala daganna link ekak diyan....

      Delete
    3. හෙලකුරු ..හෙන කුරු කුරූ බන් මම දැනට පොඩි ජිගිරි මාට් එකක් දාගත්තා

      Delete
    4. ඔය නයියා දෙන දිරච්ච ලණු වගේ නෙවෙයි, මෙන්න තියෙනව ජෙනුයින් බඩු. බාගන්ඩ මෛක්‍රොසොෆ්ට් සයිට් එකෙම්ම...

      https://www.microsoft.com/si-lk/p/sinhala-unicode/9nblggh08frz?activetab=pivot:overviewtab

      Delete
    5. දැන් ගූගලයා උන්දලාගෙ යුනිකෝඩ් සොප්ටෙයාර් එක දෙන්නෙ නෑ නෙ... ලේෂිම එක ඒක

      Delete
    6. අනේ මන්දා, මට නං ඉස්සර කාලෙ හිටං හුරු, යුනිකෝඩ් එකෙන් මෙතන ම ටයිප් කරන එක, විජේසේකර කීබෝඩ් එකෙන්...

      Delete
  4. සපපාකොට කිව්වම මොකද තොරණක ලයිට් දැකපු තම්බියෙක් කිව්වලු බුද්ධාගම කියන්නේ ලේෂි කෙළියක් නොවේ තමයි කියලා

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... මට මතකයි ඕක තිබුණා සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක, රාජ්‍ය ලාංඡනේ ගැන තිබුණු ලිපියක. උන්නැහැ කියනව අපි රාජ්‍ය ලාංඡනේ හදන්නෙත් අර වගේ තොරණ වගේ දාන්ඩ පුළූවන් හැම වැඩ කෑල්ලක් ම දාලා, බලන බලන එකාට හික් ගෑවෙන්ඩ කියල.

      Delete
  5. අලකොමසාරිස් මේ දවස්වල නුවරඑළියෙ ලැයින් වලට ගීල්ල කවි කියනවලු කියල ලෝකය කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කවුද බං ඔව්ව කියන්නෙ, ඇහින් දැක්ක වගේ?

      Delete
    2. අර පතල් කවි, පාරු කවි වගේ, ඕවවට කියන්නෙ ලැයිං කවි.

      Delete
    3. අපි ලග තියනවා බ්‍රා , පෑන්ටි කවි කියන්නද

      Delete
    4. කියහං කියහං... කණට මීපැණි.

      Delete
  6. Replies
    1. යකො, තාම දුවනව බං. වතුර එකක් වත් ගහන්ඩ එකෙක් නෑ.

      Delete
  7. මරු කතා ටික ඩ්‍රැකී🤓👌😅

    ReplyDelete
    Replies
    1. යේක පොහෝම ඉෂ්තූතියි තමා කියනවා...

      Delete
  8. දෙක්කේ නෙතිදෝ නෙමියා ඇව්වා 'නේ නේ' කියලා මන් කිව්වා
    ගෙහිල්ල පලන්න, ලෙස්සන කයි තියෙනවා කියල මිනිෂා කිව්වා
    එත්ත නේන්නං, කයි පද ලෙස්සන! කොයින්ද ගත්තේ මං හිතුවා
    තව ඉස්සරාට ලියනව ලියනව- රෂ බෙලමින් මං කියවනවා!

    ReplyDelete
    Replies
    1. දෙමළ ඌරුවට ලියන්නෙ කොහොමද දෙමළට තම්බියාට වැඩියෙන්?
      කියලා හිතුණා නිමලෝසන් සාමිගේ කයිය කියවද්දි ඉතින්
      කයි පද ලෙස්සන්නට යන්නේ නං තරමක් රත් වෙනකොටයි කියන්
      නෙමියට තැන්කියු නිමලෝසන් සාමිටත් කුරුතඤ්ඤ වෙන්ඩ කලින්

      Delete
  9. අඩෝ...මම සිංහල හදා ගත්තා...දැන් වරෙව් ඕන එකෙක් කෙමෙන්ට් වලින්..දුවන්න දෙන්නේ..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. අඩෝ! අපි දුවන්නෙ ්ානිකං සොනික් දුවනව වගේ තමයි ඈ...!

      එළ එළ!

      Delete
  10. මුස්ලිම් හාමුදුරු කෙනෙක් ගියාලු" නෑබඩව ගමට බණක් කියන්න... වෙසන්තර ජාතකේ.
    යේක අපෙ සිදුහත් කුමරා බෙදු වෙන්න ප්රෙඋම් පුරන කාලේ වෙසන්තර වෙලා දරු දෙනා ජූජක බමුණට දඬුන්න ....
    දැන් ජූජක බමුණා ද්රු දෙනාට ගා ගා ග ඇදගෙන යානාව ...මන්ද්‍රි දෙවි යඩ යාඩා දරු දෙන්නා හොය හොයා යනවා..(දැන් උපාසක අම්මලා අඩනාවලු හෝ ගාලා )
    යේක වෙස්න්ත්‍ර ඩ්රු දෙන්නා දන් දුන්න යේකේ ෂරි ...
    මන්ද්රිදෙවිට දරු දුක හින්ද මන්ත්‍රී දෙවි අඩනවා කා ශරි
    මේ....නාබදාවේ වේශියෝ මොකට අඩනවා ....
    (නෑබඩව වැසියෝ )

    ReplyDelete
    Replies
    1. අඩෝ ඕකෙ වර්ෂන් එකක් තිබුණා ඉස්සර කැෂට් පටියක තමා. ගෙදර දොර ජනෙල් වහගෙන සද්දෙ හෙමීට දාගෙන අහන්නෙ...

      තව දවසක් හාමුදුරු කෙනෙක් බණ කියද්දි, පන්සලේ තාප්පෙ පැත්තට ලොරියක් රිවස් කරලා...

      Delete
    2. දිව්යලෝකෙට හදපු ඉනිමග? අතකෝ
      අන්නතරා?

      Delete
    3. ඔහොම ජෝක් ගොඩක් තියෙනව සීහලවත්ථුප්පකරණය වගේ පොත් වලත්...

      Delete
  11. මරක්කල අය ඔහොම කතා කරන්නේ ඒ කාලේ විතරක් වෙන්න ඇති. මං දැනගෙන හිටපු මුස්ලිම් යාලුවෝ කවුරුත් ඔහොම සිංහල කතා කළේ නැහැ. හැබැයි මේවා කියවනකොට හිනා යනව තමයි. අර රෑ එළිවෙනකන් පැදුරක් දිග ඇරපු කතාවක් තියෙනවා නේද තම්බි කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තට, මගෙත් යාළුවො කීප දෙනෙක් ඉන්නව හොඳට සිංහල කතා කරන. අර ටෙලියක ඉන්නව මහ අමුතු විදිහට සිංහල කතා කරන දෙමළ චරිතයක්, ඒ යකා කතා කරන විදිහ ඇහුනම මළ පනිනව.

      අර පැදුරෙ කතාව තම්බි කෙනෙක් ගැන ද? මට යන්තම් මතකයි ඒක...

      Delete
  12. https://www.kubiyonews.com/articles/88-89-%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7-%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4-%E0%B6%AF/

    ReplyDelete
    Replies
    1. ඒක කියෙව්වා. රාසික් තම්බි වගේ උදවිය තමයි පස්සෙ කාලෙ දේවත්වයෙන් අදහන්න ගන්නෙ, අර රන්වල දෙවියෝ වගේ...

      Delete
  13. නීටා ප්‍රනාන්දු, වසන්ති චතුරානි, අන්ජුලා රාජපක්‍ෂ සහෝදරියෝ විදියට රඟපාපු ටෙලි නාට්‍යය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. බලලා නෑ.. ඒත් අඩ් දැක්ල තියේ. 'සොදුරු දඩයක්කාරයා' නෙ

      Delete
    2. ස්තුතියි

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි