තමා නැගී ආ අසු කණුවක බැඳ ඔහු ගොවිපළට ඇතුළු විය.
මැහැල්ලගේ ගොවිපළ පිහිටා තිබුණේ තානායම්කරුගේ
ඉඩමකට යාබද වය. මේ ඉඩම ලබා ගැනීමට ඔහුගේ සිත් තුළ ලොකු ආසාවක් හටගෙන තිබිණ. බොහෝ
අවස්ථාවල ඊට උත්සාහ ගත් නමුත් වැඩක් වූයේ නැත. මැහැල්ල ඉඩම විකුණා දැමීම උදක් ම ප්‍රතික්ෂේප
කළාය.
“මම ඉපදුණේ මෙතැන ම යි: මැරෙන්නෙත් මෙතැන ම යි.”
ඔහු ඉඩම ඉල්ලූ සෑම අවස්ථාවේම ඕ මේ කෙටි පිළිතුර දුන්නාය.
ජුලේ චිකෝ පැමිණෙන විට මැහැල්ල මිදුලේ මිඳ අලගෙඩි
ලෙලි අරිමින් සිටියාය.
ඇගේ වසය අවුරුදු සැත්තෑ දෙකක් පමණ වෙයි. ඈ ඉතා
කෙසඟය, කුදුය. ඇගේ හම රැළි වැටී ඇත. එසේ වුව ද ඈ කෙල්ලක මෙන් කඩිසරය, උද්‍යෝගීමත්ය.
චිකෝ ඉතා මිත්‍ර ලීලාවෙන් ඇගේ පිටට තට්ටු කොට ඈ
ළඟ තිබුණු පුටුවක හිඳ ගත්තේය.
“අම්මේ,”
“මොක ද පුතා?”
“අම්මා හොඳ සනීපයෙන් සිටිනවා දකින්න මම හරි
ආසයි.”
“මට නම් කියන්න වරදක් නැහැ. ඉතින් කොහොම ද ඔබේ
සැප සනීප?”
“හුඟක් දුරට හොඳයි. කලින් කල වාත රෝගයක් නම්
හැදෙනවා. වෙන කියන්න අමාරුවක් නැහැ.”
“ඒක හොඳයි.”
ඈ වැඩි යමක් නොකියා, තමාගේ වැඩය දිගට ම කරගෙන යන
සැටි ඔහු කුහුලින් බලාගෙන සිටියේය.
මැහැල්ල පොකිරිස්සෙකුගේ අඬු වැනි ඇඟිලිවලින් දිය
බඳුනේ තිබුණු අලගෙඩි ගෙන, පොතු හැර, අනෙක් අතින් ගත් පිහියෙන් කපා, බඳුනකට දමයි.
කුකුළෝ එතැනට පැන අල කෑලි හොටින් ගෙන හැකි තරම් වේගයෙන් පැන දුවති.
චිකෝගේ සිත නොසන්සුන්ය. යමක් කියන්ට ඔහුගේ තොල්
පොපියයි.
“අම්මේ... මම කියන්නේ...”
“මොක ද පුතා?”
“එහෙනම් අම්මා ඉඩම් කෑල්ල විකුණන්නේ නැහැ... ඒක
ස්ථිරයි?”
“මම නම් ඉඩම් කෑල්ල කීයටවත් විකුණන්නේ නැහැ. ඔබේ
හිත හදා ගන්න. කී දේ කිව්වා මයි... තවත් ඒ ගැන කතා කරන්නන එපා.”
ඔහු මඳ වේලාවක් සිතිවිල්ලට වැටී සිටියේය.
“ඒකට කමක් නෑ අම්මේ. අපි දෙන්නාට ම එකඟ වෙන්න
පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා.
මේ ඉඩම මට විකුණුවත් ඔබට එය බුක්ති විඳින්න
පුළුවන්... මම කියන දේ ඔබට තේරෙනව ද?... මම කියන දේට ඇහුම්කන් දෙන්න.”
මැහැල්ල අල පොතු ඇරීම මොහොතකට නැවැත්තුවාය. ගන
සැරේට වැවුණු ඇහි බැම යට පිහිටි ඇස් දෙක දල්වා ඔහු දෙස බැලුවාය.
“මම කරුණු විස්තර කරලා දෙන්නම්.” කියමින් චිකෝ
කතාව පටන් ගත්තේය.
“මම හැම මාසෙට ම අම්මාට ෆ්‍රෑන්ක් 150 ගණනේ
දෙන්නම්... මම කියන දේ තෙරෙනවා නොවේ ද?... මගේ අතින් ම ඒ මුදල දෙන්නම්. ඔබේ
ජීවිතයේ කිසිම වෙනසක් සිදු වන්නේ නැහැ. ඔබේ ගොවිපළ ඔබට ම අයිතියි. දැන් වගේමයි.
ඔබට කරන්ට තිබෙන වැඩේ නම් මම මාස්පතා දෙන මුදල බාර ගැනීම පමණයි... ඔබ ඊට කැමති ද?”
චිකෝ ඈ
දෙස කාරුණික බැල්මක් හෙළුවේය. එහෙත් මැහැල්ල ඔහු දෙස ශංකාකූල බැල්මක් හෙළුවේ තමා
උගුලකට වැටේ දැයි සිතමිනි.
“ඒ යෝජනාව නම් හොඳයි. ඒ වුණාට ඔබට ගොවිපළ අයිති
වන්නේ නැහැ නොවේ ද?” මැහැල්ල ප්‍රශ්න කළේ මඳක් පැකිළෙමිනි.
“ඒකට කමක් නැහැ.” ඔහු කීය. “දෙවියන්ගේ කැමැත්ත
අනුව ජීවිතාන්තය දක්වා ම ඔබට මෙතන ඉන්නට පුළුවනි. ඔබේ මරණින් පස්සේ මෙය මට අයිති
කරන ඔප්පුවක් ලියා දෙන්න. ඔබට දරුවන් නැහැ. ඔබ ලේලිලාට බෑණලාට වැඩි සැළකිල්ලක්
දක්වන්නේත් නැහැ... මගේ යෝජනාවට කැමති වන්න. ජීවිතාන්තය දක්වා ම ගොවිපළ
තියාගන්න... මම මාස්පතා නොවරදවාම ෆ්‍රෑන්ක් 150ක් දෙන්නම්. මේ යෝජනාව නම් ගජ
වාසියක්!...”
මේ යෝජනාව මැහැල්ලගේ බලවත් විස්මයට හේතුවක් විය. ඇගේ සිත නොසන්සුන් විය.
යෝජනාවට එකඟ වීමට ඈ තුළ කැමැත්තක් ඇත. එහෙත් ඈ
මඳක් පැකිළුණාය.
“ඊට එකඟ වෙන්න බැරිය කියල මම කියන්නේ නැහැ. ඒ
වුණාට ඒ ගැන හිතලා බලන්න ඕනෑ. තව සතියකින් විතර මේ පැත්තේ ආවාම ආයිත් මේ ගැන කතා
කරගන්න බැරියැ. එදාට මම ස්ථිර වචනයක් දෙන්නම්...”
එදා චිකෝ ගෙදර ගියේ රටක් දිනාගත් රජෙකු මෙනි.මැහැල්ල
සිතිවිල්ලට වැටුණාය. එදා රෑ ඈට නින්ද ගියේ නැත. ඈ දවස් හතරක් ම ගත කළේ, බලවත්
මානසික අසහනයකින් සහ අවිනිශ්චිත ස්වභාවයකින් යුක්තවය. මේ යෝජනාවට එකඟ වුව හොත්,
කිසියම් විපත්තියක් තමාට සිදුවන්නට ඉඩ ඇත යන හැඟීම ඇගේ යටි හිතේ නළියන්නට විය.
“මාසෙකට නිකම් ෆ්‍රෑන්ක් එක සිය පණහක්. කොතරම්
වාසියක් ද? සල්ලි ගැටෙන හඬක් මට ඇහෙනවා. සල්ලි! සල්ලි...!”
වස්තු කාමය ඇගේ සිත දැඩි ලෙස වෙළා ගත්තේය. කෙසේ
වුව ද මේ යෝජනාවට එකඟ වීමට නීතිඥයෙකුගේ උපදෙස් ලබා ගැනීම නුවණට හුරුය යි ඈ කල්පනා
කළාය.
“ඔබ ඒ යෝජනාවට එකඟ වුණාට කමක් නැහැ. කොහොම වුණත්
මාසෙට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ඉල්ලන්න.මේ ගොවිපළ අඩුම ගානේ ෆ්‍රෑන්ක් හැට දාහක්
වටිනවා. ඔබ තව අවුරුදු පහළොවක් වත් ජීවත්
වුණොත් ෆ්‍රෑන්ක් හතළිස් දාහක් විතර ලබා ගන්න පුළුවනි...” නීතිඥයා කීවේය.
මාසයකට ෆ්‍රෑන්ක් දෙසීය පණහක් ලබා ගැනීම පිළිබඳව
කල්පනා කිරීමෙන් ඈ සතුටින් ඉපිළ ගියාය. එහෙත් සැක සිත ඇයට වද දෙයි. ඒ නිසා
නීතිඥයාගෙන් තව තවත් ප්‍රශ්න අසමින් සියලු සැක දුරු කර ගැනීමට ඈ උත්සාහ ගත්තාය.
බොහෝ වේලාවක් නීතිඥයා සමඟ සාකච්ඡා කිරීමෙන් සැක
දුරු කරගත් මැහැල්ල ඔප්පු ලියන්නට කටයුතු සූදානම් කොට ගෙදර ගියාය.
සුරා බී මත්වුණු කලක මෙන් ඇගේ සිත, හිස කැරකෙන බව
ඇයට දැනුණේය.
චිකෝ මැහැල්ල හමුවීමට යළිත් පැමිණියේය. ඔහුගේ
යෝජනාවට එකඟ වීමට නොහැකි බවක් හඟවන්නට ඈ කෙතරම් තැත් කළ ද, ඔහු මීට එකඟ නොවේය යි
බියක් ද ඈ තුළ පැවතිණ. ඒ අතර ම ෆ්‍රෑන්ක් දෙසීය පණහක් දීමට ඔහු කැමැති කරවා ගැනීම
දුෂ්කර වේ යයි ද ඕ කල්පනා කළාය.
“මම ඔබේ යෝජනාව ගැන කල්පනා කර බැලුවා. ඒකේ සුලු
වෙනසක් ඇති කළොත් වඩාත් හොඳය යි මට හිතෙනවා.”
“කියන්න බලන්න.”
“මට ෆ්‍රෑන්ක් එකසිය පණහක් මදි; මට ෆ්‍රෑන්ක්
දෙසීය පණහක් දෙන්න.” මේ යෝජනාවෙන් බලවත් පුදුමයට හා කළකිරීමට පත් වුණූ ඔහු ඊට
නොකැමති විය. තම යෝජනාවට ඔහු අවනත කර ගැනීම සඳහා ඈ තර්ක කරන්නට වූවාය. “මම තව
අවුරුදු හතරකට පහකට වැඩිය ජීවත් වන්නේ නැහැ. දැන් මගේ වයස අවුරුදු හැත්තෑ තුනයි.
මම හොඳට ම දුබලයි. ඊයේ හැන්දෑවේ මම හිතුවේ මැරෙවිය යි කියලා. ඇඳ ළඟට බඩගාගත්තේ
හරිම අමාරුවෙන්.”
චිකෝ අවනත වුණු බවක් පෙනෙන්නට නොතිබුණි. “අම්මා
අර පල්ලියේ කණුව වාගේ ශක්තිමත්. ඔබ අවුරුදු සීයක් විතර ජීවත් වේවි. බාග වෙලාවට
අම්මට ඉස්සෙල්ලා මම මැරිලා යන්නත් පුළුවනි.”
ඔවුහු මේ ගැන බොහෝ වේලාවක් වාද විවාද කළහ. අඩු
මුදලක් ලබන්ට මැහැල්ල කිසිසේත් ම කැමැති නො වුවාය. බැරිම තැන තානායම්කරු ෆ්‍රෑන්ක්
දෙසීය පණහක් ගෙවන්නට කැමැති විය. ඔහු මාස්පතා ඇයට ෆ්‍රෑන්ක් දෙසීය පණහ බැගින්
දෙන්ට පටන්ගත්තේය.
අවුරුදු තුනක් ගෙවී ගියේය. මැහැල්ල මැරෙන ලකුණක්
වත් දක්නට නොලැබිණ.
දැන් චිකෝට ඉවසුම් නැත. ඔහුට හැඟුනේ තමා අවුරුදු
පහක් පමණ ඈට නිකරුණේ මුදල් දුන් බවයි. කළ මෝඩකම් නිසා විනාශය තමන් කරා ම ළඟා වේය
යි ඔහු සිතන්ට විය.
ඔහු විටින් විට ඈ බලන්ට ගියේ අස්වැන්න නෙළාගැනීමට
හැකි දැයිසොයා බැලීම පිණිස කෙතට යන ගොවියෙකු පරිද්දෙනි. ඈ හෙළූ කපටි බැල්ම දුටු
චිකෝ කල්පනා කෙළේ, තමා කළ කපටිකම නොපිටට පෙරළා ඈ බලවත් සන්තෝෂයට පත් වී සිටින
බවය. ඈ නිදුකින් සිටිනු දැකීම ගැන ඔහු යටි හිතින් කෝප විය.
“මේ නාකි කෝලම මැරෙන පාටක් නෑ.” ගෙදර යන ගමන් ඔහු
තමාට ම කියාගත්තේය. කළ යුත්තේ කුමක්දැයි ඔහුට නොවැටහේ. ඇගේ කුලල මිරිකා දමන්ටත්
ඔහුට වරක සිතේ. තමන් සතු සියලු වස්තුව සොරකම් කරගනු ලැබූ කල්හි දිළිඳු ගැමියෙකුගේ
සිතෙහි හටගන්නා ද්වේශයට බඳු ද්වේශයක් ඔහු තුළ හටගත්තේය. ඈ විනාශ කර දමන්නේ කෙසේ
දැයි ඔහු කල්පනා කරන්නට විය.
ඔහු දිනක් ඈ හමුවීමට පැමිණ, අත් පිරිමදිමින් කතා කළේය.
“අම්මා රෑ කෑමට අපේ ගෙදරට එන්නේ නැත්තේ ඇයි? අපි අතරේ
ඇයි හොඳයියක් නැතෙයි කියලා ගම්මු කතා කරනවා. ඒක මට ලොකු වේදනාවක්. අපේ ගෙදරට එන්න ඔබට
සල්ලි වියදම් වන්නේ නැහැ. මට නැති බැරි කමකුත් නැහැ. අම්මා දවසක රෑ කෑමට එනවා නම් මම
හරි සතුටුයි.”
ඈට දෙවරක් ආරාධනා කිරීම අවශ්‍ය නොවීය.
“අපි තව දවස් දෙකකින් වෙළෙඳපොළට එනවා; එදා රෑ කෑමට
අපි ඔබේ ගෙදර එන්නම්.”
චිකෝ සිය ප්‍රසාදය පළ කෙළේය.
ඈ නියමිත දින නියමිත වේලාවට රෑ කෑමට පැමිණියාය.
ඔහු ඇයට සැළකුවේ රාජ කුමාරියකට සලකන පරිද්දෙනි. ඉතා ප්‍රණීත ආහාර පානාදිය ඇය වෙනුවෙන්
පිළියෙල කොට තිබිණ. මැහැල්ල කෑමට බීමට ගිජු ස්ත්‍රියක් නොවූවාය. ඒ නිසා පාන් පෙත්තක්
සහ සුප් බඳුනක් පමණක් ගෙන ඈ තෘප්ත වූවාය.
චිකෝ පෙරැත්ත කළ නමුත්, වැඩි යමක් කෑමට ඇය පොළෙඹවා
ගැනීමට නොහැකි විය.
“එහෙනම් මොකුත් බොමුද?”
“අපොයි එපා.”
“එහෙනම් කෝපි වීදුරුවක්?”
“දැන් එපා”
“ඉස්තරම් බ්‍රැන්ඩි වර්ගයක් තියෙනවා. ටිකක් බිව්වට
කමක් නැහැ.”
“බ්‍රැන්ඩිද?”
“ඔව්, ඔව්. ඉස්තරම් වර්ගයේ ඒවා...” චිකෝ උනන්දු විය.
“බ්‍රැන්ඩි ටිකක් බීමට... නම් මගේ අසතුටක් නැහැ.”
ඈ මඳක් පැකිළෙමින් කීවාය.
“රෝසල්, ඉස්තරම් වර්ගයේ බ්‍රැන්ඩි බෝතලයක් ගේන්න.
ඉස්තරම් වර්ගයේ එකක්.” චිකෝ මෙහෙකරුට කීවේ ලොකු උනන්දුවකිනි.
මෙහෙකරුවා දිග බෝතල දෙකක් ද, වීදුරු දෙකක් ද
රැගෙන ආවේය.
“බොන්න ටිකක්, හරිම අගෙයි.” චිකෝ කීය.
ඈ මෙසේ කියන විට චිකෝ තවත් වීදුරවකට බ්‍රැන්ඩි වත්කොට
අවසානය. එය ප්‍රතික්ෂේප කිරීමට ඇය ඉදිරිපත් වූ නමුත් ඊට කල්ගියා වැඩිය.
ඒ වීදුරුවත් ඈ ටිකෙන් ටික බීවාය.
එය බී අවසන් වූ පසු චිකෝ ඈට තව වීදුරුවක් පිළගැන්වූවේය.
ඈ එය උදක් ම ප්‍රතික්ෂේප කළ නමුත්, එයත් පිළිගන්නා ලෙස ඔහු ඈට පෙරැත්ත කරන්නට වූයේය.
“මේවා හරියට කිරි වාගෙයි. මට නම් කිසි ම කරදරයක් නැතිව
වීදුරු දහයක් දොළහක් වුණත් බොන්න පුළුවනි. ඉසේ රදයක් හැදෙන්නෙ නැහැ. දිවේ ගෑවෙන කොට
ම වාෂ්ප වී යනවා වගේ දැනෙනවා. මේක නම් හරි ම හොඳ බීමක්...”
ඈ තුන් වෙනි වීදුරුව අතට ගත්තේ ඔහුගේ මේ පෙරැත්තය
නිසා මයි.
“මේ බලන්න., මේකෙ ඇති රසය දැන් ඔබට දැනෙන්න ඇති. අපි
හොඳ යාළුවන් බව පෙන්වීමට තව උගුරක් බොන්න.”චිකෝ කාරුණික ලෙස කීවේය.
ඈ අවසර ගෙන එතැනින් නික්මුණාය. සුරා මතින් ඇගේ හිස
බමන්නට පටන් ගත් බව ඈට දැනෙයි.
පසු දින තානායම්කරු ඇගේ නිවසට පැමිණියේ බීම බෝතල්
කීපයක් ද රැගෙනය.
“මේ ඊයේ බීපු ජාතිය මයි, ටිකක් බොමු.”
ඔවුහු වීදුරු තුන බැගින් බීවෝය.
“ලැජ්ජා වෙන්න එපා, ඕනෑ තරම් බොන්න. මම බෝතල කීපයක්
තියලා යන්නම්. ඉවර වුණාම තව ඉල්ලන්න. මම තව ගෙනත් දෙන්නම්.”
දින හතරකට පසු ඔහු නැවතත් පැමිණියේය. ඔහු එන විට මැහැල්ල
පාන් කමින් සිටියාය.
ඔහු ඈ ළඟට ගියේය. තම මුහුණ ඇගේ මුහුණට ළං කෙළේය.
ඇගේ මුවින් සුරා ගඳ වහනය වන බව දත් ඔහු සතුටට පත්
විය.
“මට දෙන්නකො ‘ස්පෙෂල්’ බ්‍රැන්ඩි වීදුරුවක්.” ඔහු
කීය.
“හොඳයි, හොඳයි.” ඈ කීවේ සිනහ මුසු මුහුණෙනි.
ඔවුහු වීදුරු තුන බැගින් බීවෝය.
මැහැල්ල බීමත් වී දවස් ගෙවන විත්තිය ගම රට පුරා පැතිරී
ගියේය.
බීමත් වී තැන තැන වැතිරී සිටි ඕ තොමෝ කිහිප වතාවක්
ම ඔසවාගෙන එනු ලැබුවාය.
චිකෝ ඊට පසු ඈ හමුවීමට ගියේ නැත. කිසිවෙකු ඈට පැමිණි
ව්‍යසනය ගැන කතා කළ විට ඔහු ව්‍යාජ ශෝකී ස්වභාවයක් ආරූඪ කරගෙන මෙසේ කියයි:
“මේ නහින දෙහින කාලෙ බීමට පුරුදු වීම නම් කණගාටුවට
කාරණයක්. මෙහෙම බිව්වොත් වැඩි කල් අල්ලන්නේ නැහැ.”
නත්තල් සමයේ දී සුරා මතින් මත්වුණු ඈ, සිහි නැතිව
හිම මත ඇදගෙන වැටුණාය.
ඈ නැවත එ තැනින් නැඟිට්ටේ නැත.
චිකෝගේ අදහස මුදුන්පත් විය. ගොවිපළ ඔහුට අයත් විය.
“ඈ හරි මෝඩයි. බීමට පුරුදු වුණේ නැත්නම් තව අවුරුදු දහයක් වත් ඈට ජීවත් වෙන්න
තිබුණා...” යි ඔහු තමාට කියා ගත්තේය.
- ගීද මෝපසාං ගේ ලෙ පෙටි ෆු කෙටිකතාව ඇසුරින්
කියවීම් පොතක ඇතුළත් කර තිබූ කතාවකි
බොන්නෝ දකිති එය හැකියාවක් විලස
ReplyDeleteනොබොන්නන් දකිති අනුවණකමක් ලෙස
කොයිකද හොඳ කියන්නේ කොහොමද කෙලෙස
මම නම් බැහැර ලමි, ඒවා සෙයින් වස!
වස ඇති දේ අපි කොපමණ බොනවාද
Deleteමධ්‍යපාන බීමත් ලොකු කමක් වෙද
කොයි දේවත් රස විඳීම අවුල් වෙද
සුරා මේර රමණිය වේ පමණ මද
මරණීයයි සුරාමේර පමණ වැඩී!
Deleteබිව්වත් මැරේ
Deleteවින්දත් මැරේ
නොවිඳත් මැරේ
කොහොමත් මැරේ
මාත්‍රා ගණන් හරි යන හින්දයි කියන්නේ:
Deleteමැකුවොත් හිරේ!
මැකුවෙ නැතත් අන්තිමේ හිරේ...
Deleteකතාවට නමක් නැද්දෝ?
ReplyDeleteඅර තියෙන්නෙ, බැබලි බැබලි... 🤣🦇
Deleteකතාවට නම..........
DeleteBrand eka GAL
එතකොට හෙරොයින්?
Deleteliyala iwarayi....type karanna tiyenne
Deleteමට පොටෝ ගහල එවහං ටයිප් කරල දෙන්නං.
Deletedrackey@gmail.com
කොහෙන් හරි කතාවට අල ගෙඩියකුත් ගාවගත්ත නේද?
ReplyDeleteමේ දවස්වල හීතලත් වැඩි හින්ද තවුසෙත් දැං ඉඳලවත් බොන්න පටංගන්නව බැරැන්ඩි.
බැරැන්ඩි.???????????????????????????????????
DeleteBrand eka GAL
මූ කොමා හින්ද ගල් ගහන එකක් නෑ.
Deleteනයෝ,
Deleteමේ හීතලට බැරැන්ඩිත් යටයි. කෙලිම්ම බොකු දිරාස්ස්ස්ස්...!
මෙන්ඩො,
හෙරොයින්?
අර්තාපල්
Deleteමුත්තා පල්
ඩ්‍රැකියා පල්
කසියා ඩල්..
අපෙ කොමිටල්
Deleteබ්ලොග් එක මල්
තව තව ලිය
කවි කොමිටල්
ela da Bra....
ReplyDeleteBrand eka GAL
බ්‍රා ගෙන්වන එක තහනම් කරලා තියෙන හින්දා දැන්මමම වැඩියෙන් මහන්න පටන ් ගත්තොත් හොඳයි
Deleteමෙන්ඩො,
Deleteහෙරොයින්?
උදාර,
සිය රට දේ - පටි ගැළවේ
හංසයෝ පාත්තයෝ වෙනවා බලා ගන්න පුලුවන්..
Deleteභදරී කෝටි මූල්‍යන්තු
Deleteතදර්ධං භිල්ව සුන්දරි
නාරිකේලං සහස්‍රංච
ලම්බකං ක්‍රමුක ද්වයම්
mokkda yaku e harupe.....
Deleteඋදාර
Deleteරට යවනවා බ්‍රා
Draky
liyanawa...ikmanat(type karanawa)
Adooooooooooooooo..පටි ගැළවේnne naha
komi..
wala warka karanawa
komi
Deleteබ්‍රා= වැල වරකා karanawa
නබි,
Deleteතිඹිරි ගෙඩි කෝටියක් වටී
ඉන් අඩක් වේ සුන්දර බෙලි ගෙඩි
පොල් ගෙඩි වටී දහසක්
එල්ලා වැටෙන දෑ කරුංකා දෙකක් පමණ වටී.
මෙන්ඩො,
බොලා සුපිරි බඩු ලෝකල් මාකට් දෙන්නෑනෙ.
MODERN නස්රුදීන් -
Deleteදවසක් නස්රුදීන්ගෙ computer එකට virus එකක් ගිහින් මුකුත්ම කරගන්ට බැරි උනා. මේක නිසා කනස්සල්ලෙන් ඉන්න ඔහුව දැක්ක යාලුවෙක් ඇහුව 'මං කාටහරි කතා කරන්නද?'
virus ආසාධනය වෙච්ච කෙනෙක්ට කතා කරන්න. මොකද එයාට තමයි මං ඉන්න තත්ත්වය හොඳටම තේරෙන්නෙ.
Cheers !
ReplyDeleteපුංචප්පු!
Deleteසිරිපාල
DeleteMenda
Deleteහොඳ කතාවක්.. කතා ලියන්න සංකීර්ණ දේවල් ඕනේ නෑ
ReplyDeleteඔව්, මේ තියෙන්නෙ උදාහරණ.
Deletehttps://biththiya.blogspot.com/2022/08/blog-post.html
හුකෑශ්ඃ... ඒකනම් මාර පෝස්ටුවක් පෂා
Deleteඇත්ත. තව ටික දවසක් බලල උන්දැගෙ බිත්තිය පෙරලන්ඩ හිතාගෙන ඉන්නෙ.
Deleteපැත්තො,
Deleteඉතිං ලියහංකො.
නයෝ,
එතන පැතුමා හැව ඇරලා.
නමියො,
හුකෑෂ්...!
ඇලෙන්ඩි කුමරිය,
ඔච්චරයි අඩු වෙලා උන්නෙ. තව තව කවුරු කවුරු එයිද දන්නෑ?
රෑ කෑමත් උයන්ඩ කියන්න වෙයි..
Deleteඇලෙන්ඩි කුමරිය...
DeleteWelcome ...Ela da BRA....(36 C ?)
මේකම නේද දඩබිම නාටයයේ හාමු මහත්තයා යොදා ගෙන ත්යෙන තියරිය?
ReplyDeleteගී ද මෝම සාන්ගේ නම ගි නොව ගයිද නේද අල කොමසාරිස් තුමා.?
පොර අන්තිම කාලේ වයස 45 විතර කාලේ අල්ල උඩ තියන් පිඹ පිඹ ඉන්න උනාලු ඒ කාල් පෙනිසිලින් හොයා ගෙන නැති හින්දා.
දඩබිමේ තිබුණෙ එකට දඩයමේ යෑමක් නේද? මට මතක හැටියට මුරකාරයා අරූගෙ බලයට යට වෙලා උවමනා දේ කරගන්ඩ ඇරල හිටපු එකක් තිබුණෙ කියලා.
Deleteගයි ඩි මොපට්සාන් වගේ ශබ්දයක් තමයි ප්‍රංශ නම ඉංග්‍රීසියෙන් උච්ඡාරණය කළාම එන්නෙ. නමුත් ප්‍රංශ උච්ඡාරණය තනිකර "ගී ද මොපසොන්" වගේ එකක්. මේ... https://youtu.be/pOkQLmlokAE
අර පිඹ පිඹ උන්න කතාව මාත් කියවල තියෙනව කොහෙදි හරි.
වනචර කෑලි විතරද තොට මතක..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකුලල කියන්නෙ බෙල්ල.
Deleteපාරෙ ඉන්න නාකි පරාණ? හෑපූ යකො. නමිය 65 - 35 පන්නෙ බුවෙක්ද? හපෝ...
චැහ්ඃ..... 🙈🙈 කොම්නෙටුව පොඩි ප්‍රින්ටින් මිස්කෙට් වෙලා. දැන් ඉතීම් මක්ක කරන්ටද
Deleteහෑ... මූ ඇන්ටි පොරක්...
Deleteනමියා Jack the ripper වෙන්නයි යන්නේ
Deleteදැං ඉතිම් මක් කරන්ටද? ඇත්ත එළිවෙලා ඉවරයි...
Delete//පාරේ ඉන්න නාකී ගෑණු පරානයක් ඩ්‍රින්ක් එකට සැට් කරගන්ට ඕන//
Deletemamath enooooooooooo
brand eka GAL
nami..
Deleteනස්රුදීන්..කතා ela
එල ද බ්‍රා මෙන්ඩා @
Deleteතොපිත් එක්ක පොඩ්ඩ වරදින්න බෑ නෙ....
හුම්... එල එල කතා ටික නිවී හැනහිල්ලෙ කියෝපංකෝ
තා මගේ කොමෙන්ට් මැකුවා ඒනම්.. හරි මෙන්න කොමියා ගියා.. ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ. උඹම රජ කොරපං...
ReplyDeleteගස්යට වැටිලා කුණුවෙලා යන වැල වරකා වලින් බ්‍රැන්ඩි වගේ දෙයක් හදනවා නම් කොච්චර හොඳද?
ReplyDeleteඇත්තට කොහොමද දන්නෑ හදන්නෙ...
Deleteබ්‍රා=වැල වරකා
Deleteඉංග්‍රීසි පරිවර්තනයෙ ලින්ක් එක දාපු එක හොඳයි. මම මේකයි ඒකයි සමාන්තරව කියෙව්වා. 'රසෙහි විස' කියලා කැප්ශන් එක දැම්මෙ ඩ්‍රැකීද නැත්නම් කියවීම් පොතේ තිබුනෙ එහෙමද.
ReplyDeleteපොතේ තිබුණු නම ම තමයි ඔය. ටයිප් කරල පින්තූර හොයද්දි හිතුණා ඔරිජිනල් කතාව ගැනත් හොයන්න.
Deleteමේ කතාවත් කියවලා බලන්න. https://www.classicshorts.com/stories/TheDevil.html
ReplyDeleteඅද රෑ කියවනව. ස්තූතියි 🦇
Deleteකතා 2ම එක ම theme එක නේද? සාමාන්‍යෙන් කතුවරයෙක් එහෙම එක වගේ ඒවා ලියනවද🤔
Deleteඔය ලියල තියෙන්නෙ...
Deleteඒකත් ඇත්ත😅
Deletehttps://www.facebook.com/ranilprabath07/videos/235134688630511
ReplyDeleteබ්ලැහ්! බොලත් එවන ලිංක්.
Deleteමරු කවි ටික, අන්තිමට කමෙන්ට් එකක් දාලා තිබුනා තව කෙනෙක් කවි පන්තිය අවසන් කරන්න ඕනි විදිය ගැන.....
Delete