මා මීට කලින් පාසල් පෙළ පොතකින් උපුටාගෙන පළ කළ, "මාටින් රැට්ලර් සහ බානි" පෝස්ටුව කියැවූ නිදි, ඔහු සතුව පැවති මාටින් රැට්ලර් පොත, කොරැල් දූපත සහ උඩරට විත්ති පොත් සමඟ මා වෙත තැපෑලෙන් එවුවේ ය. ඊට උපකාර කළ නමියාටත් ස්තූතියි.
එසේ එවුවේ, මම ඒ පොත් ස්කෑන් කර, පීඩීඑෆ් අනුවර්තනයක් කර, බෙදා හරිනු ඇතැයි අපේක්ෂාවෙනි. ඊට පෙරත් නිදි මා හට පොත් කීපයක් දුන්නේ මේ පරමාර්ථයෙනි.
ඉතින් ඒ යහපත් අදහසට ආලෝකයක් ලෙස, මාටින් රැට්ලර් පොත මෙතැනින් බාගත කරගත හැකි වන පරිදි, උඩුගත කළ බව සතුටින් දන්වමි.
පොතක් ස්කෑන් කිරීම වෙහෙසකර වැඩකි.
බොහෝ අය ජංගම දුරකථනයේ කැමරාව සහ කැම්ස්කෑන් වැනි ඇප් මඟින් මේ කටයුත්ත කළත්, මා යොදාගන්නේ, (මෙතෙක් කල් යොදාගත්තේ) මගේ පරණ ස්කෑනරයයි. ඒ, පාඨකයන්ට හොඳ තත්ත්වයේ පිටපතක් ලබා දීමේ අදහසින්.
එච්පී ස්කෑනරයට ලැබෙන ස්කෑන් මෘදුකාංගයෙන්, ස්කෑන් කරන අවස්ථාවේ ම, අදාළ පරිදි පිටු වෙන වෙන ම කපා, කෙළින් අතට හරවා ගත හැකියි. නමුත් පොඩි පොඩි කෝණයන්ගෙන් හැරවී තිබෙන පිටු ආපසු ඒසීඩීසී මෘදුකාංගයෙන් එකින් එකට අංශක දෙක තුන හරවා සකස් කරගත යුතු වෙනවා.
පිටු සියල්ල ස්කෑන් කර අවසානයේ, අර විදිහට කෙළින් කර, ලස්සනට කපා ගැනීමෙන් පසු, පිටු මඟ හැරී ඇත්දැයි නැවත පරීක්ෂා කරනවා, එකින් එකට. ඊට පසු ඒසීඩීසී මෘදුකාංගයෙන් අදාළ පිටු සියල්ල තෝරාගෙන එක් පීඩීඑෆ් ගොනුවක් සකස් කරනවා. ඒ සඳහා, පිටු නිවැරදි පිළිවෙලට, එකකට පසු එකක් වශයෙන් තිබෙන්නට, පිටු සියල්ල 000 සිට අවසාන පිටුව දක්වා අංක කරමින් රිනේම් කර ගත යුතු වෙනවා.
ඉතින්, මේ විදිහට පොතක් ස්කෑන් කර සකස් කරන්නට මට රැයවල් තුනක් හෝ හතරක් නිදි වරා ගත කරන්නට සිදු වෙන්නේ, කුටුම්භයේ සියළු කටයුතුත් ඉටු කරන ගමන්.
ඒ නිසා, ප්‍රමාදය ගැන නිදහසට කරුණු කියමින් සමාව ඉල්ලා සිටින්නට සිදු වෙනවා.
ඒ අතරේ, කොරැල් දූපත ස්කෑන් කරමින් සිටින අතරවාරයේ ස්කෑනරය රෝගාතුර වූ බව ද, කණගාටුවෙන් දන්වමි. ඒ වෙනුවට කාර්යාලයේ ස්කෑනරයෙන් ඉතිරි කොටස ස්කෑන් කළත්, පරණ එච්පී ස්කෑනරයේ සෙටිංස් අලුත් එකට ගැළපුණේ නැති බැවින්, ඊයේ රෑ තිස්සේ ස්කෑන් කළ පිටු සියල්ල, කුඩා පරිමාණයෙන් ස්කෑන් විය. දැන් ඉතින් ඊළඟ දින දෙක තුන තුළ ඒවා නැවත ස්කෑන් කිරීමට සිදු වී තිබේ.
එහෙයින් කොරැල් දූපත පළ කරන්නට වන්නේ තවත් සතියකින් හෝ දෙකකිනි.
ඔබ සමඟ බෙදා ගැනීමට ඉහත කී පොත් ලබා දුන් නිදි ට මාගේ කෘතඤතාව පළ කරමි.
මේ දවස්වල කර්තෘගේ අවසරයකින් තොරව පොත් PDF පිටපත් ලෙස බෙදාහැරීම පිළිබඳව ලොකු වාදයක් යනවා. ඒත් සොයාගත නොහැකි පොත් ලාබයක් බලාපොරොත්තු නොවී බෙදාහැරීමෙන් හානියක් නැති බවයි මගේ අදහස.
ReplyDeleteමේ දවස් වල නෙමේ සෑහෙන කල් ඉදලම.
Deleteමගෙ නම් අදහස pdf කරල දෙන එක පොතක් පුස්තකාලෙට දීලා වෙන අය කියෝනව වගේම තමයි කියලා..
කීවා වගේ pdf පොත් විකුණත් කතෘලා නොවන අයත් සල්ලි හොයගන්න ගියාම තමයි කේස් එක පොඩ්ඩක් අවුල් යන්නෙ...
එහෙම නැත්නම් ඉතින් pdf marketplace එකකට වගේ ලංකාවෙ industry එකත් යනව නම් හොඳයි නෙහ්
කියවගෙන යන කොට මටත් ඒක අහන්න හිතුන.
Deleteලිට්සීකර්,
Deleteඇත්ත. මං හිතන්නෙ මානව නිපැයුම් සියල්ල මානවයා සතු සම්පත් වන බැවින්, නිදහසේ රසවිඳිය හැකි විය යුතු බව. වියදම කවර් කරගන්න සහ අගැයීමක් වශයෙන් ගෙවීමක් කරන නමුත්, අවසානයේ සල්ලි සහ වටිනාකම් කියන්නෙත් මානව නිපැයුමක් මිස වෙන මොකද්ද?
නවීන්,
මං ඔයා කියන මාකට්ප්ලේස් එක ගැන දන්නෑ. පොඩ්ඩක් බලන්න ඕනෙ. මං හිතන්නෙ අපට මේ සියල්ල බෙදා හදා ගන්න පුළුවන් විය යුතුයි. නමුත් පේපර් හාඩ් කොපිය බෙදා හදා ගන්න ගිහින් නට්ටං වූ නිසා, ස්කෑන් කර බෙදා ගැනීමට මම වඩා කැමතියි.
අජිත්,
මොකද්ද අහන්න හිතුණෙ?
ඔය pdf වාදයට මම එක් වුනේ නැහැ. ඒ දවස් වල මම ලීව පොත් දෙකම මුල හරිය කොපි කරලා තවත් අය පොත් ලිව්වා. ඊට අමතරව එළකිරි එකඟ pdf කරලා දැම්මා. මම ඕකට කතා කරහම //මානව නිපැයුම් සියල්ල මානවයා සතු සම්පත් වන බැවින්, නිදහසේ රසවිඳිය හැකි විය යුතු බව// කියන සමාජවාදී ටෝක් එක තමා හැමෝම දැම්මේ. සෝවියට් දේශයේ ආණ්ඩුව පොත් අරගෙන ලේඛකයාට ගෙවනවා. පොත් පුස්තකාලෙට දාන්නෙත් ආණ්ඩුව. ඔන්න ඔය පිළිවෙත අනුව. නමුත් ධනවාදී රටවල එහෙම නැහැ. // මානව නිපැයුම් සියල්ල මානවයා සතු සම්පත් වන බැවින්// උඹේ කාර් එක තව එහෙකුට දෙනවද? ඇයි මිනිස්සු පේටන්ට් බලපත්‍ර ගන්නේ? සාපේක්ෂතාවාදය ගෙනාවේ අයින්ස්ටයින් නෙමේද? ඒවාට නම් දාන්නේ ඇයි ? ඔයාගේ ගෙදර වෙන කෙනකුට ඉන් දෙනවද? ඔයා පවිච්හි කරන මානව නිපැයුම් අනිත් අයටත් පැකිලීමකින් තොරව දෙනවද ? එහෙනම් හා
Delete//Ajith Dharma.February 7, 2023 at 4:35 PM// මහජන පුස්තකාල වලට පොත් දාන එකේ අරමුණ මොකක්ද? පෞද්ගලිකව මම පොතක් උනහම පිටු පෙරලන තීන්ත සුවඳ එන පොතක් කියවන්න කැමතියි. අනික පොත් එකතු කරන්නත් කැමතියි. ඒත් ඕක හැමෝටම කරන්න බැරි නිසා සමහරු මහජන පුස්තකාල වලට ගිහින් තමන් කැමති පොත් අරගෙන කියවනවා. ඉතිං එ වගේම පීඩීඑෆ් එකක් කියවන එක අවුල් වෙන්නේ කොහොමද?
Deleteඅජිත්,
Deleteමා ළඟ තියෙන ඔ්නෙම දෙයක් තව කෙනෙකුට පාවිච්චි කරන්ඩ දෙන්ඩ මම පැකිළෙන්නෙ නෑ. පාවිච්චි කරලා කඩල බිඳල, ආපහු නොදී මග අරිනකොට දුකයි තමයි. නමුත් මං කියන දේ සංකල්පයක් විදිහට හැමෝ ම කරනවනං, ඒ වගේ අවභාවිත අඩුවෙලා යයි.
පේටන්ට්, අයිතිය, මුදල්, වටිනාකම් කියන්නෙ මහ පොළොවෙ තියෙන දේවල් නෙමෙයි. පරිකල්පනයෙන් නිර්මිත දේවල්.
බුදු අම්මෝ! ගහන්ඩ එපෝ!
කමි,
ඇත්ත. මාත් මේ ගජමෑන් ෆිල්ම් එකේ ටොරන්ට් එකක් එනකං බලං ඉන්නෙ...
@කමියා පුස්තකාල වලට දාන පොත් කතුවරයාගෙන් හෝ ප්‍රකාශක ගෙන් සල්ලි වලට ගන්නේ. පුස්තකාල වලට සාමාජික ගාස්තු ගෙවනවා. එහෙම නැති තැන් වල රජයෙන් නඩත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ බදු සල්ලි . (බදු ගෙවන කෙනෙක් නම් 😄) . පුස්තකාලෙන් ගන්න ඕන පොතක් ඔයා කිසියම් ගෙවීමක් කරලා ගන්නේ. අඩු ගානක් වෙන්න පුළුවන්. නමුත් නිකන් නෙමේ.
Delete@ඩ්රකි , අපිත් ඔය කතාව ඉගෙන ගත්ත කාලෙකට ඉහත. කොමියුනිස්ට් සමාජය ගැන කියද්දී. පේටන්ට්, අයිතිය, මුදල්, වටිනාකම් වැඩක් නැහැ කියල. හැබැයි ඇත්ත ඒක නෙමේ නේද? දේශ සිමා කියල නිර්මිත දෙයක් ඒක නැතිව ඉන්න පුලුවන්ද? යුද්ධ කරනවා ඒක වැඩි කරගන්න? රටකට යන්න විසා කියන්නේ අයින් කරලම දාන්න ඕන දෙයක් නෙමෙයිද? ඔය දේවල් නිර්මිත වෙලා තියෙන්නෙම මුලින්ම තිබ්බ කොමියුනිස්ට් සමාජය (ගෝත්‍ර කාලේ ) නැති වුන නිසා කියලනේ කියන්නේ , පස්සේ කාලෙක පොල්පොට් කියල එකෙක් ඒ ක්‍රමේ ආපහු ගේන්නත් හැදුව ඔය ඕව ඔක්කොම වලංගු කරලා. අපි දන්නවනේ ඒක ඉවර වුනේ කොහොමද කියල.
Deleteමේ ඔක්කොම කීවේ අර pdf කතාවට මිස ඔයාලා බාගන්න ඒවාට නෙමේ. කිසියම් අවුරුදු ගානක් ගියාට පස්සේ ඕව කොහොමත් නොමිලේ දෙනවා, ඔය පොත ඒ වගේ පරණ එකක් නිසා අවුලක් නැහැ. එක්සත් ජනපදයේ ඒ කාලය අවුරුද 95. ඒ කාලෙට පස්සේ මහජනයාට අයිතියි කියල කියන්නේ. බයිබලය විකුණන්න බැහැ. ඒකනේ ඔය හැමෝම හෝ ගාල පරණ සෝවියට් හා රුසියානු පොත්ම පරිවර්තනය කරන්නේ , හේතුව ඒවායේ කතෘ භාගය ගෙවන්න ඕනේ නැති නිසා.
ඔය මොනවා කීවත් ඔයා තමන්ගේ කාරෙක ඔයා අඳුනන්නේ නැති කෙනෙකුට දෙන එකක් නැති වෙයි. අඳුනන්නේ නැති කෙනකුට ගෙදර භාර දීලා යන්නේ නැති වෙයි. තව උදාහරණ තියෙනවා. ඕනේ නැහැ කතාව පැහැදිලියි නේ.
මොකටද ගහන්නේ ? මම ලංකාවේ පොලිසියේ කියල හිතුවද හේතුවක් නැතිව කාටහරි ගහන්න 😁
මං නං ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. මට හිතුණු දෙයක් කිව්වෙ. ගෝත්‍ර සමාජයෙ පුද්ගල අයිතීන් තිබුණෙ නෑ නෙමෙයි, මට හිතෙන්නෙ, ගෝත්‍රයෙ ආදි පියා හෙවත් නායකයට තමයි ඔක්කොම අයිති වෙලා තිබුණෙ. ටිකෙන් ටික වැඩවසම් යුගය එහෙම පහුකරලා පුද්ගල දේපළ අයිතිය යම් තාක් දුරකට තුනී කරල තියෙනව. නමුත් ආ සියැටල් කිව්ව වගේ, මෙව්ව කාටවත් අයිති දේවල් ද, එහෙමත් නැත්තං වටිනාකමක් කියන්න පුළුවන් දේවල් ද?
Deleteඔය අඳුනන්නැති කෙනෙකුට දීම වෙනුවෙන් යමක් අතහරින්න බැරි මුල් සංකල්ප නිසා තමයි, මම ස්කෑන් කරල පිටපතක් දෙන්නෙ. එතකොට මට ඔරිජිනල් එක අතඅරින්නෙ නැතුව ම බෙදා හදා ගන්නත් පුළුවන්.
ඉතාම කෙටියෙන් ලිව්වෙ. මේ ගැන පෝස්ට් එකක් ම ලියන්නං ඉදිරියට.
BTW, හොඳ ම පොලිසිය තියෙන්නෙ පින්ලන්තෙ ලු නේද?
//ගෝත්‍රයෙ ආදි පියා හෙවත් නායකයට තමයි ඔක්කොම අයිති වෙලා තිබුණෙ// ඉතාමත් වැරදි අදහසක්. කොහෙන්ද හොයා ගත්තේ. රාජධානි බිහි වෙනකොට තමයි ඒවා වුනේ.
DeletePrimitive communism is a way of describing the gift economies of hunter-gatherers throughout history, where resources and property hunted or gathered are shared with all members of a group in accordance with individual needs. In political sociology and anthropology, it is also a concept (often credited to Karl Marx and Friedrich Engels), that describes hunter-gatherer societies as traditionally being based on egalitarian social relations and common ownership.[1] A primary inspiration for both Marx and Engels were Lewis H. Morgan's descriptions of "communism in living" as practised by the Haudenosaunee of North America.[2] In Marx's model of socioeconomic structures, societies with primitive communism had no hierarchical social class structures or capital accumulation.[3] https://en.wikipedia.org/wiki/Primitive_communism
ඉගැන්වීමක් නොවේ. නමුත් මට හිතෙන්නෙ, ප්‍රාථමික හෝ ප්‍රාග් සමාජ ගැන ඇත්ත ම තොරතුරු කවුරුවත් දන්නෙ නෑනෙ. උපන්‍යාස විතරයි. ඉතින් අපි මානව ගෝත්‍ර ගැන අදහසක් ගන්න නම්, වඩා හොඳයි චිම්පන්සි, ගෝරිල්ලා හෝ ඔරංඔටං සමූහ අධ්‍යයනය කරන එක. ඒ වගේ සමූහවල තියෙන්නෙ, මම අර කියපු විදිහෙ ආදි පියාට සියල්ල පාලනය කිරීමේ බලතල. ඊට එරෙහි වෙන "පිරිමි" එක්කෝ ආදි පියා නෙරපා හැර නායකයා වෙනවා, නැත්නම් අලුත් සමූහයක් නිර්මාණය කරගෙන වෙන් වෙලා යනවා. පසුකාලීනව ගම් නායකයන්, රටවල නායකයන්, රජවරුන්, ජාතීන් ආදී සංකල්ප නිර්මාණය කරගන්නවා, මහා සමූහයක් එක් අරමුණක් කරා මෙහෙයවන්න. දැනටත් අපි අතරෙ රජ කරන යුක්තිය, නීතිය, සමානාත්මතාව, ඒකීය රාජ්‍ය, නිවහල් ස්වෛරීබව, ආදී සංකල්ප ආගම වගේ ම, මහා ජන සමූහයන් හීලෑ කරලා, පාලනයට යටත් කරගන්නා මෙවළම්.
Deleteමං කොහෙන්වත් ඉගෙනගත්ත දෙයක් නෙවෙයි, හිතුණ දේ කිව්වෙ. මම වැරදි ඇති. නිවැරදි කරන්න. මම කැමතියි ඉගෙන ගන්න.
//ඉගැන්වීමක් නොවේ. නමුත් මට හිතෙන්නෙ, ප්‍රාථමික හෝ ප්‍රාග් සමාජ ගැන ඇත්ත ම තොරතුරු කවුරුවත් දන්නෙ නෑනෙ. උපන්‍යාස විතරයි.// නැහැ අපි දන්නවා. කැණීම් කරන්නේ ඒකට. භාවිතා කරපු ටූල්ස් හෙමහොයා ගත්තම අපට දන ගන්න පුළුවන් ජිවත් වුන්හැටි. හැබැයි මම අර ග්‍රීසිය ගැන ලීව දෙයට අනුව දැන් වඩා දියුණු ශිෂ්ටාචාර දඩයක්කරුවන්ගේ ගොතර් අහිටි කාලෙම ජිවත් වෙලා තියනව කියල සාක්ෂි ලැබිල තියෙනවා. ඉස්සරහටත් අපි දන්න ගොඩක් දේ වෙනස් වේවි.
Deletehttps://www.history.com/topics/pre-history/hunter-gatherers
මේ ශිෂ්ටාචාරය ක්‍රි පු 10000 වෙනකන් ගියා කියල පේනවා.
Deletehttps://kolambagamaya.blogspot.com/2023/01/6.html
දැන් මේ පොතත් කියවපන්කො. කෝ ඉතින් වෙලාව😕
ReplyDeleteමේක මේ පොකට් සයිස් පොතක් නෙ. පිටු දෙසීයක්වත් නෑ. යන එන ගමං මොබයිල් එකෙන් කියවන්නැහැකි.
Deleteපොත් කියවන්න කම්මැලියි මෙයා.
ReplyDeleteඕක ඇසුම්පොතක් (Audio book) කරන්න.
ඇසුම් පොතක් කරන්න කම්මැලියි මෙයා... හික්!
Deleteපොතක් ස්කෑන් කරන්න කන කට්ට ඇහුවාම, ඇඞෙනවා. ඒත් පොත ලස්සනට තියනවා, ස්තූතියි. බොරු කියන්නෙ මොකටෑ, ඔක්කොම කියවයිද මන්දා? ඒත් බාගෙන, ඉස්ටෝරුගත කොලා. ඩේටා තන්හාව තමයි ඉතිං :)
ReplyDeleteඅන්ලිමිටඩ් ඩේට නැද්ද ඔය රටේ
Deleteතියනවා. ඒත් බුරතීනෝ තමයි කිව්වෙ තියන වෙලාවට බාගනින් කියලා, මාරයාගෙ රෙසිපි වාෂ්ප වුනාම. ඔබතුමා වදාල "ඩේටා තන්හාව" කියෙව්වත්, අපි කවදා නිවන් යයිද මන්දා, මුංදලා ස්කෑන් කරලා නිකං දෙනවනෙ?
Deleteබස්සා,
Deleteපොත ලස්සනට තියෙන්න, නිදි ඔය පොත පරිස්සම් කරපු එකත් එක සාධකයක්. කියවන්න නං දවසක් වත් යන එකක් නෑ බස්, යන එන ගමං කියවලා ඉවර කරන්න පුළුවන්. මං කියවන්නෙ කෑම කන ගමං.
පැතුම්,
නමුත් කොල්ලා, අද තියෙන එක හෙට නෑ. දැක්ක තැන බාගන්න තියෙන්නෙ.
බස්සා,
ඇත්ත. අර මාර රෙසපි ටිකට නං පිං බොට. නිවන් යන තුරු රැස් කරලා, මතු පරපුරට දායාද කරලා යං නේද?
ඉස්සෙල්ලාම බාගත්තෙමි මමත් පොත
ReplyDeleteඔබෙ වෙහෙසේ නිසි පලයද ලැබී ඇත
මේවා තමා පින්කම් - කියනවා හිත
ටික දවසකින් 'ඉසිඹුව'ටත් යයිද පොත
ඩ්‍රැකී, fb එකේ ඉසිඹුව group එක දැක්කාද? Pra Jay මහතා මට ඒ link එක එව්වේ. පොත් ගැන ගොඩාරියක් විස්තර - පොත් හෙම තියෙනවා.
ඉසිඹුව මාත් දැක්කා
Deleteඅප්පේ ඒකෙ මිණි ගොඩ
ළමා වියේ රස විඳි
යටගියාව ආපිට දෙයි
කවි ලියන්න හිතේ නිදහස අඩුයි. අනික් පොත් ටිකත් අද හෙට ම!
නිදි බොස් ලඟ තියෙන පරණ පොත්සෙට්ටෙක අවුස්සන්න ඕනි ආයෙ ගිය වෙලාවක. මේ වගේ කතා මගේ ෆේවරිට් <3
Deleteනිදි දෙයි ද දන්නෑ ඔව්ව අවුස්සන්ඩ. නිදියා නාන වෙලාවක ගියොත් තමයි චෑන්ස් එක.
DeletePDF කතාවට වඩා මට මතක් උනේ ඔය ACDsee software එකයි කොරල් දුපතයි ගැන .. ACDsee ඉස්සර නැතුවම බැරි ටුල් එකක් වෙලා තිබ්බේ .. හැබැයි desktop බාවිතාව නතර උනාට පස්සෙම මට ඕක මේ දැන් වෙනකම් ම අමතක වෙලා නේ බොලේ තිබ්බේ ... වහාම ආයේ දා ගන්න ඕනේ
ReplyDeleteකොරල් දුපත දාපන් ... එකත් අමතක වෙලා තිබ්බ ආස කරපු පොතක්
පැතුම්,
Deleteඒසීඩීසී වගේ ම, ඊට කලින් ඩොස්වල වැඩ කරන QPV කියල එකකුත් තිබුණා. ඔය දෙක ම අපි පාවිච්චි කළේ, මුලින් ම, බ්ලූ පින්තූර බලන්න. :D අපි පටංගත්තෙ ඒසීඩීසී32. දැන් මා ළඟ තියෙන්නෙ ඒසීඩීසී 10. අලුත් වර්ෂන් ඇති නේද?
කොරැල් දූපත... මතක ද, ආවතේආවා, රැල්පු රෝචර, පීතරකිං එහෙම? ආන්න ඒ පොත තමයි ඉදිරියෙ දි ලැබෙන්නෙ. එහෙම නැතුව පී බී සේනානායකගෙ පොත ඔන්නං, මගෙ අර මාටින් රැට්ලර් සහ බානි පෝස්ට් එකේ කමෙන්ට් අතරෙ තියෙනව බස්සා දාපු ලිංක් එකක්.
ආපෝ මතක්ක කරන්න එපා ACDC මගුල. පොටෝ වීවර් එකක් විදිහට සවුත්තු එකක්... මට අනුව. මං වහන්සේ නම් පාවිච්චි කොරන්නෙ FastStone එක. ඒක මාර ලේසි ගොඩක් වැඩ වලට. පොටෝ එඩිට් කොරන්න නම් ඉතීම් පොටෝසොප් තමා.
Deleteඔය කියන “ඉක්මං ගල“ නොමිලෙ දෙනවද, නැත්තං ක්‍රැක් එකක් තියෙනව ද? බාගෙන දාල ම බලන්නං.
Deleteමං පොඩ්ඩක් හොයල බැලුව. එක එක වැඩේට එක එක බාගත කරන්ඩ එපැයි. මොකද්ද ඒ අටංපහුර?
DeleteACDSee එක්ක තියෙන්නේ නොස්ටල්ජික් ලව් එකක් නමියා .. අර ඩ්‍රැකී කිව්වා වගේ ඉස්සර කොහෙන් හරි ෆ්ලොපියකට දාගෙන එන වැල ෆොටෝ එකක් ඕපන් කරගන්න තිබ්බේ ඕක තමා ... දැන් වගේ සංකීර්ණ නෑනේ .. හෙහ් හෙහ්
Deleteමම නම් පාවිච්චි කරන්නේ මමම හදපු මෘදුකාංග
DeletePathum Herath
Deleteඇත්ත. මුල් කාලේ ගොඩක් ඈයො පාවිච්චි කරේ ඕක.
ඩ්‍රැකී download ඕනනම් මෙන්න.
https://drive.google.com/file/d/19ppS0qFPzQUZSYFwXwocvUi3drnAIP45/view?usp=share_link
//එක එක වැඩේට එක එක බාගත කරන්ඩ එපැයි// තේරුනේ නෑ.
පැතුම්,
Deleteසංස්කෘතිකයි. එකඟයි. ඒ දවස්වල හිතට කාවැදුණු එව්ව තමයි දිගටම පාවිච්චිය. නීරෝ බර්නිං රොම්, ඔටෝ ෂට්ඩවුන්, වින්ඈම්ප්...
ජගත්,
ඉතිං අපි ඉගෙන ගත්තෙ නෑනෙ ඔව්ව හදන්න. කවුරු හරි හදපු දෙයක් තමා පාවිච්චිය.
නමියා,
මං හෙව්වා ෆාස්ට් ස්ටෝන්. හම්බුණේ එක එක වැඩට හදපු සොෆ්ට්වෙයා හතරක්.
++++++++++++
ReplyDelete+++++++++++++++++
ReplyDelete👍👍👍👍👍
DeletePDF ගිණිවිජ්ජුම්බර යන අස්සෙ... පවුජ්ජලික ලාබ පයෝජන් නැතු ඔබ කරන මේ වැඩේ ඉතා අගේ කරනවා හිටං
ReplyDeleteවිජ්ජුම්බර මට අදාළ නෑ. මං කරන දේ මං කරනව. ස්තූතියි. අපි ඊළඟ පාර මුණගැහෙනකොට මං බොට තොප්පියක් ගෙනත් දෙන්නං.
Delete//PDF ගිණිවිජ්ජුම්බර යන අස්සෙ// යේස්..යේස්.. ස' ගුටිකෑමට නියමිතයි :))))
Deleteමම කෝකටත් මාටින් රැට්ලර් දැක්ක ගමන් බාල සේව් කර ගත්තා. අවසානයේ ඩ්‍රැකියා මතක් වෙන්නවත් යමක් තියෙන්න එපැයි :)))
ඇයි කමියො? මාව අමතක වෙයිද ඔය පොත නැත්තං?
Deleteමං මීට කලිනුත් පොත් කීපයක් පීඩීඑෆ් දාල තියෙනව. සිසිර කුමාර මාණික්ක ආරච්චි ගෙ පොත්...
එදා මොකක්ද ප්‍රාජේ පොතක් දුන්නේ? ඒත් මේ වගේ ස්කෑන් කරලා දාන්නද?
ReplyDeleteඒ දුන්නෙ රොමයියගෙ කයිය. පට්ට ගජබින්න පොතක්... වෙලාවක ඒකත් දාන්නං පීඩීඑෆ්. හැබැයි ඒකෙ කතෘ අයිතිවාසිකම් නිසා නඩු යයිද දන්නෑ?
Deleteපීඩීඑෆ් කරලා සේව් කරගෙන මට විතරක් දාපම් :)))) (තට්ට අකියට නොපෙනෙන්න)
Deleteඅජියට*** ඈ..!
Deleteඒ්හ්... එයිට වඩා ලේසියි කමියා, ගොඩගේ පොත් සාප්පුවෙ මේ දවස්වල සේල් එකක් තියෙනව. රොමයියගෙ කයිය 50%ක් ඩිස්කවුන්ට්. ගිය වෙලාවක බලන්ඩ.
Deleteඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
ReplyDeleteඅපගේ සින්ඩියේ පලකොට ඇති පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!
ඉතා සතුටිං එකග වෙමි.
Deleteපොතනං බාගත්ත.
ReplyDeleteACDsee මාත් කාලයක් පාවිච්චි කලා. මටනං ඒක ඇල්ලුවෙ නෑ.
දැන්නං ඉතිං පොටෝසොප් තමයි.
පිංතූර කඩේ හොඳයි, මං ඉගෙන ගත්තෙ නෑ. උවමනා වෙලාවට පවර්පොයින්ට් එකෙනුත් පිංතූර හදනවබොලං.
Deletehttps://en.wikipedia.org/wiki/Grande_Odalisque#/media/File:Jean_Auguste_Dominique_Ingres,_La_Grande_Odalisque,_1814.jpg
ReplyDeleteමේක තමයි මම පරිගනක පාවිච්චිය පටන්ගත්ත කාලේ බලපු මුල්ම වැල පින්තූරය.
AcDsee කිව්වාම මතක්වෙන්නේ ඕක.
Deleteහෙහ්... ඔව් මාත් ඒ කාලෙ පුස්තකාලෙකින් අරගෙන බැලුවා, ඉංග්‍රීසි පොතක්, සිවිලයිසේෂන් වගෙ නමක් තියෙන. ඒකෙ තිබුණා පුනරුද කාලෙ මූර්ති වගයක්. (මේ වගේ. https://www.italian-renaissance-art.com/images/Ceres.jpg) උඩ පින්තූරෙ දැක්කම මට මතක් වුණේ ඒක.
Deleteස්තූතියි... මේ දවස්වල ගත් කතුවරු pdf කරන අයට විරුද්ධව සංවිධානය වෙලා තියනවා. ඒ නිසා මේ සමාජ කාර්‍යය, ඔවුන්ට අනුව වැරදි වෙන්න පුළුවන්. ඒක ඒ පාර්ශ්වයෙන් සිතුවම නිවැරැදි නැහැ තමයි.
ReplyDeleteහ්ම්... මං පීඩීඑෆ් දාල තියෙන්නෙ මේ දක්වා, හොයාගන්න නැති, වෙළෙඳපොලේ නැති පොත්. ඒකෙන් නම් කාටවත් හාණියක් වෙයි කියල හිතෙන්නෙ නෑ. ස්තූතියි අගය කිරීමට.
Deleteහිතවත් ඩ්‍රැකී, තට්ටයා, කොලොම්පුරේ, කමියා හා නිදි වෙත.
ReplyDeleteඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වූයේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.
එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.
කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.
ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.
මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.
බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!
ගෙට්ටු කීයක් තියෙනවද, හරියට ම කියන්ඩ...
Deleteකියවන්න පටන් ගත්තෙ නෑ තවම ..කමෙන්ට් පස්සේ
ReplyDeleteඅපූරු ගීත දෙකක් හම්බවුනා
ReplyDeletehttps://www.youtube.com/watch?v=qGn0OoXN3so
https://www.youtube.com/watch?v=eLvOwMTbEw0
හ්ම්ම්... ඔය ගැන කතා බහක් ඇති වුණා ටික කාලෙකට කලින්...
Deleteමට මතක් වුණේ මේක... වීඩියෝ දැකලා.
https://youtu.be/P8GiY6P9r3U