Wednesday, November 2, 2022

මාටින් රැට්ලර් සහ බානි

මාටින් රැට්ලර් සහ බානි යාත්‍රා කළ නැව මුහුදු කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් අබලන් ව ගල්පරයක හැපී මුහුදුබත් විය. ඇඳිරි වැටීගෙන එද්දී මේ මිතුරෝ දෙදෙනා බ්‍රසීලයේ වෙරළට පීනා ගොස් පණ බේරාගත්හ. එහෙත් සැඬ සුළඟට හා මහ වැස්සට බියෙන් කැලෑ වැදුණු ඔවුහු  වනචාරී ඉන්දියානුවන් විසින් අල්ලාගනු ලැබූහ. ඉන්දියානුවෝ මේ මිතුරන් දෙදෙනා සැතපුම් ගණනක් ඈතින් පිහිටි සිය ගමට රැගෙන ගියහ.

මිතුරන් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කොට හිර කර තැබීමට ඉන්දියානුවෝ තීරණය කළහ. මාටින් රැට්ලර්ට ඉරිඟු කෙතක වැඩ කිරීමට සිදු විය. බානිට සිදු වූයේ කුමක්දැයි මාටින් නොදත්තේය. වහල් වැඩ මාටින්ට නුහුරු විය. කවර දා, කෙසේ මේ වහල් බැම්මෙන් මිදෙන්ට හැකි වේ දැයි සිතා ගැනීමට පවා ඔහුට නොහැකි විය. කෙසේ වුව ද, ඔහු ගැළවී යෑමේ බලාපොරොත්තුව සුන් කර නොගත්තේය. තමාට පැවරුණු වැඩ කොටස හැකි තරම් හොඳින් කිරීම මාටින්ගේ අදහස විය. ඔහුගේ ක්‍රියාශීලීභාවය ඉන්දියානුවන්ගේ ද විස්මයටත්, ගෞරවයටත් හේතු විය.

මාටින් පලා යෑමට දැක්වූ ආසාව දිනෙන් දින ම වැඩෙන්නට විය. සතුන් දඩයමට මාටින් දැක්වූයේ ඉමහත් සමත්කමකි. ඒ නිසා දඩයමට යන විට මාටින් ද කැඳවාගෙන යෑමට ඉන්දියානුවෝ කැමති වූහ. මෙසේ දඩයමට යෑමෙන් වටපිටාව තේරුම් ගැනීමට හැකි වීම තමාට ඉන්දියානුවන්ගෙන් ගැළවී පලා යෑමට ප්‍රයෝජනවත් විය හැකි යයි මාටින් සිතුවේය. ඔහු කාගේත් හොඳ හිත දිනා ගත් නමුත් කිසිවෙකු සමග කුලුපග නොවීමට වග බලා ගත්තේය.


ඉරිඟු කෙත්වල වැඩ අවසන් වූ පසු නිදැල්ලේ හැසිරීමට මාටින්ට ඉඩ ලැබුණු නමුදු, ඔහු රැක බලා ගැනීමට මුරකරුවෙක් ද යොදවනු ලැබ සිටියේය.

ඉන්දියානුවන්ගේ ගමට නුදුරින් කඳුවැටි පේළියක් විය. කඳුවැටි අතරින් ගලා බස්නා නදියේ සැඬ දිය පහර දෙස බලා සිටීමට මාටින් දැක්වූයේ ඉමහත් ආසාවකි. දිනපතා ම සැන්දෑ කාලයේ කඳු ගැටය වෙත පැමිණෙන ඔහු වහල්කමින් ගැළවී යන මගක් කල්පනා කළේය. කෙතරම් අනතුරුදායක වුව ද, ගඟට පැන සැඟවී පලා යා යුතුයයි අන්තිමේ දී ඔහු තීරණය කළේය.

දිනක් කඳු ගැටය ළඟට පැමිණී මාටින් ගඟට පැනීමට තරයේ ම සිතා ගත්තේය. "පල්ලම දිහාව බලන්නත් බයයි. වතුර පාර වේගයෙන් ගලා යනවා... පැන්නොත් මැරෙන්න පුළුවනි... මැරුණත් මෙතැන හිටියත් එක වගෙයි... පැන්න විත්තියක් අරූට අඟවන්න හොඳ නෑ. කකුල පැටලී වැටුණු බවක් අඟවන්න ඕනෑ... මට දෙවියන්ගේ පිහිටයි..."

වහල් බවේ අමිහිරි බව සහ නිදහසේ මිහිරි බව පිළීබඳ සිතිවිලි ඔහුගේ සිතෙහි නළියන්ට විය. මාටින් අහස දෙස බැලුවේය; දෙවියන් යැද්දේය; දෙනෙත් විදහා මඳ වේලාවක් ප්‍රපාතය දෙස බලා සිටියේය; අන්තිමේදී ගල්පර නැති තැනක් බලා ගඟට පැන්නේය.

මෙයින් බලවත් කම්පාවට පත් වූ මුරකරුවා පල්ලමට වේගයෙන් දිව අවුත් මාටින්ට සිදු වුණු විපත ඇසිපිය නොහෙළා බලා සිටියේය. සැඬ පහරට අසු වුණු මාටින් නොපෙනී යන තුරු බලා සිටි ඔහු සුසුම් ලෑවේය. මාටින්ගේ පිදුරු තොප්පිය දිය සුළියකට අසුව කරකැවී නොපෙනී ගියේය. මාටින් ගඟට වැටී මළ බව ඉක්මනින් ම ගම පුරා පතළ විය. ඒ පුවත ඇසූ අය දුක් සුසුම් හෙළූහ.

සැඬ පහරට අසුව මඳ දුරක් ‌ගසාගෙන යනු ලැබූ මාටින් මුළු වැර යොදා පීනා කඳු ගැටයෙන් ඉදිරියට නෙරා ගිය පැතලි බිම් කඩකට බඩ ගෑවේය. ඔහු එහි බොහෝ වේලාවක් වැතිර සිටියේය. පණ බේරීම ගැන ඔහුට ඇති වූ ප්‍රීතිය නිම්හිම් නැති විය. ඔහු ගල් තලයෙන් නැඟී වටපිට බැලුවේය. සුවිසල් තුරු පෙළින් වැසී ගිය කඳු වැටිවල සුන්දරත්වයෙන් ඔහු වශී විය. සිතෙහි හටගත් හදිසි ප්‍රීතිය හීන වත් ම ඔහුට යථා තත්ත්වය අවබෝධ වූයේය. ඉන්දියානුවන්ගෙන් නිදහස් වූ නමුදු කෑම බීම සහ අවි ආයුධ නැකි ව බියකරු වනය මැදින් ගමන් කිරීම අනතුරු දායක බව ඔහුට වැටහිණි. ආපසු ගමට ගොස් ඉරිඟු පිටි සහ දුනු හී ආදිය හොරකම් කරගැනීමට ඔහු ඉටා ගත්තේය. 

ඇඳිරි වැටී පැය දෙකකට පමණ පසු ඔහු කන්ද උඩට බඩ ගෑවේය. ගලින් ගලට පය තබමින්, වැටෙමින් හා බඩගාමින් ගොස් උස් සම බිමට ඔහු නැගගත්තේය. මාටින්ගේ සිත බියේ සහ සැකයේ අඳුරු වලා පටලයෙන් වැසී තිබිණි. ඔහු සෙමෙන් සෙමෙන් පැල්පත් කරා ළඟා වූයේය. පවුල් කීපයක් ම දඩයම් පිණීස ඈත පෙදෙසකට ගොස් ඇති බව ඔහුට වැටහිණි. මුළු ගම පුරා පැතිර තිබුණේ දැඩි නිහඬියාවකි. ඔහුගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. සිතෙහි දිරිය උපදවා ගත් ඔහු සෙමෙන් ‌ගමන් කොට පැල්පතක කවුළුවෙන් එබී බැලුවේය. ඔහු කිසිවෙකු නුදුටුවේය. කිසිවෙකුගේ හඬක් පවා ඔහුට නොඇසිණි. එහෙත් පැල්පත් තුළට අඩිය තබත් ම යම්කිසිවෙකු ගොරවන හඬ ඔහුට ඇසුණේය. වහා ම එතැනින් පලා ගිය ඔහු පඳුරක් අස්සේ සැඟවුණේය. මඳ වේලාවකට පසු බියෙන් සැකයෙන් යුතු ව තවත් පැල්පතක් කරා ඇදුණේය. මඳ වේලාවක් විමසිල්ලේ සිටි ඔහු පැළලි දොරින් පැල්පත තුළට රිංගුවේය. පැල්පත තුළ කිසිවෙකු සිටින බවට ලකුණක් පවා ඔහු නුදුටුවේය. යුහුසුලු ව අුරේ ම අතපත ගා මල්ලක් සොයාගත් ඔහු එය ඉරිඟු පිටිවලින් පුරවා ගත්තේය. දිග පිහියක් ද, අත් පොරවක් ද, දුන්නක් හා හියොවුරක් ද, ගිණි දැල්වීමට ගල් පතුරක් ද, නිදාගැනීමට හැමොකයක් ද, පිදුරු තොප්පියක් ද ඔහු සොයා ගත්තේය.

ඔහු පැල්පතින් පිට වන්නට සැරසුණා පමණි. බියෙන් ඇළලුණු ඇස් දෙකක් ඔහුට දක්නට ලැබිණි. ඔහුගේ ඇඟේ ලේවතුර විය; අත් පා දරදඬු විය. තමා දෙස බියෙන් බලා සිටින ඉන්දියානුවා අඳුර අතරින් ඔහුට පෙනුණේය.

"ඔක්කොම ඉවරයි. කෑගහන්න ඉස්සෙල්ලා මූට පිහියෙන් අනිනවද?... නෑ... එහෙම හොඳ නෑ. ඌ ඉන්නෙ මර බයෙන්. හරි... දැන් තේරනවා. මම මැරුණ විත්තිය ඌ දන්නව ඇති... ඌට හිතෙනව ඇති මේ මගෙ අවතාරය කියල. සැකයක් නෑ."

මාටින් මඳක් ඉදිරියට ගොස් බියකරු වෙසක් පෑවේය. කොලුවා බියෙන් ගල් ගැසුණේය. අවතාරයක් මෙන් දොරකඩ දක්වා ගිය මාටින් වේගයෙන් පලා ගොස් තුරු වදුලක සැඟවුණේය. තමා පසුපස එන්නෙකු නැති බව තේරුම් ගත් ඔහු කඳු බෑවුමට ගොස් මල්ල හොඳින් ගැටගසා, උරෙහි එල්ලා ගෙන, ඉදිරියෙන් පෙනෙන කඳු වැටිය බලා ගංගා නිම්නය ඔස්සේ ගමන් කළේය. නොනැවතී පැය හතරක්, පහක් පමණ ගමන් කළ ඔහුට අහස පුරා විහිදෙන අරුණාලෝකය දක්නට ලැබිණි. ඔහු නොනැවතී ම ගමන් කළේය. දෙපා වේදනාවෙන් මිරිකුණ ද, ඔහුගේ සිතට දැනුණේ ලොකු සැහැල්ලුවකි. ගිරි කුළ තරණය කොට අනෙක් පසට යන තුරු ඔහු මඳ වේලාවක් වත් විවේකයක් ගැනීමට නොසිතුවේය.

එක්තරා පියකරු උදෑසනක වනය මැදින් වැටුණු පාරක් දුටු ඔහුගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේය. ගසක් යට ලැගුම් ගත් ඔහු දිවා භෝජනය ද පිළියෙල කොට ගත්තේය. මිනිසුන් කැලෑ පාරෙන් ගමන් කරන්නේ කලාතුරකින් නිසා මඟ අසල ම දවස් කීපයක් රැඳී සිටීමට ඔහු විටෙක කල්පනා කළේය; තවත් විටෙක කැලෑ පාරක් දිගේ යෑමට සිතුවේය. මෙසේ දෙගිඩියාවෙන් පසු වෙමින් සිටි ඔහුට හිටි හැටියේ ම අසුන් ගේ කුර ගැටෙන ශබ්දයක් ද, මිනිස් කටහඬක් ද ඇසුණේය. මාටින්ගේ සිත් තුළ බලාපොරොත්තුව මෙන් ම සැකය ද පහළ විය. ඔහු දැවැන්ත ගසකට මුවා වී බලාගෙන සිටියේය.

ඔහු බඩු පොදි උසුලාගත් බූරුවන් රංචුවක් දක්කාගෙන එන අසරුවන් හය දෙනෙකු දුටුවේය. ඔවුන්ගෙන් පිහිටක් ලබිය හැකිය යි මාටින් සිතුවේය. සැඟවී සිටි තැනින් එළියට ආ මාටින් ශබ්දයක් කළේය. තිගැස්සුණු අසරුවෝ පිස්තෝල ඇදගෙන වටපිට බැලූහ. දුනු හී ගත් කඩවසම් සුදු තරුණයා දුටු ඔවුහු පිස්තෝල බඳ පටිවල රුවාගෙන ඔහු ළඟට ආවෝය.

ඔවුන් පෘතුගීසි බසින් කී දේ මාටින්ට නොතේරුණේය.

"ඉංග්‍රීසි කතා කරන කෙනෙක් මෙතැන ඉන්නවා ද?" මාටින් ඇසුවේය.

"ටිකා...ක් දන්නවා... බොහෝ... ම ටිකයි... මේ කොහේ ඉඳලා ද එන්නේ?" එකෙක් ඇසුවේය.

"මම ඉන්දියානුවන්ට අහුවෙලා හිටියා සති ගණනක්. ගඟට පැනලා උන්ගෙන් බේරුණා. දැන් මුහුදු වෙරළට යනව. එහෙම නැත්නම් ටවුමකට ගිහින් රස්සාවක් හොයා ගන්නව."

"හෝ, එන්න මල්ලි අපිත් එක්ක යන්න. දියමන්ති පතළෙට ගියාම රස්සාවක් හොයා ගන්න පුළුවනි... නගින්න අර අශ්වයා පිට... යමු... ඉක්මනට" අසරුවෙක් කීය.

අසෙකු පිට නැඟුණු මාටින් අමුත්තන් සමග ගමන් ‌කළේය. පසු දින සවස් වරුවේ ඔවුහු දියමන්ති පතළය කරා ළඟා වූහ. ආකරය බාර බාරොන් පැගෝනි දොරටුව ළඟ පයිප්පයක් උරමින් සිටියේය.

"මොහු බොහොම සැඩ පරුස කෙනෙක් වෙන්න ඕනෑ," මාටින් තමාට ම කියාගත්තේය.

දිගට වැඩුණු රතු රැවුළක් ඇති දැවැන්ත පුරුෂයෙකු වූ පැගෝනි හිස ලා සිටි තොප්පියේ පළල් වාටියෙන් ඔහුගේ මුහුණ වැසී තිබුණි. පැගෝනි අමුත්තන් පිළිගැනීමට නොසිට දෙවුර ගස්සා ගෙන කාමරයට වැදී දොර අඩවල් කෙළේය.

"ඔහු කිසි ම චාරිත්‍රයක් දන්නේ නැති පාටයි," මාටින් කීය.

"ඔහුගේ ගති ගුණ අමුතුයි. ඔහු ඔබ දෙස හොඳට බැලුවා." තෝල්කයා කීය.

"කමක් නෑ, අපි යමු," මාටින් කීය.

තෝල්කයා දොර ඇරගෙන පැගෝනි ළඟට ගියේය. පැගෝනි තෝල්කයාට කතා කෙළේ සැඩ පරුස බසිනි. මාටින් සමග කතා කිරීමට පැගෝනි උනන්දුවක් නොදැක් වූයේය. තෝල්කයා මාටින් කාමරයක් තුළට කැඳවාගෙන ගියේය.

"ලොකු මහත්තය කියනව උඹ අලි හොරෙක්ය කියල. දියමන්ති හොරකම් කරන්න මෙහෙ ඇවිල්ලලු. උඹ හිර කරන්න කියා මට අණ කළා..."

මෙසේ කී තෝල්කයා මාටින් කාමරයේ දමා දොර වසා ගියේය. නොසිතූ, නොපැතූ දෙයක් සිදු වීම නිසා බලවත් විස්මයට පත් වූ මාටින් ගොළු වී සිටියේය. ඔහුට මේ අඳුරු කාමරයේ පැය දෙකක් පමණ නිහඬ ව සිටීමට සිදු විය. ඔහුගේ කුසගින්න ද ඉවසිය නොහැකි තරම් විය. ඔහු එතැනින් පැන ගන්නේ කෙසේ දැයි සිතමින් සිටියදී දොර ඇරුණේය. මෙහෙකරුවෙක් කාමරයට ඇතුළු විය. ඔහු ඉටිපන්දම් කීපයක් දල්වා පිට ව ගියේය. මඳ වේලාවකට පසු තවත් මෙහෙකරුවෙකු පැමිණියේ පිඟන් සහ හැඳි ගෑරුප්පු අරගෙනය. ඔහු සුදු ඇතිරිල්ලක් මේසය මත එළා පිඟන් ගෑරුප්පු ආදිය ඒ මත තබා ඉවත ගියේය. කුමක් සිදු වන්නට යන්නේ දැයි මාටින් පුදුමයෙන් බලා සිටියේය.

ගත වූයේ මඳ වේලාවකි.

සුවඳ විහිදුවන ප්‍රණීත ආහාර බඳුන් කීපයක් ගත් මෙහෙකරුවෙක් කාමරයට ඇතුළු විය. ආහාර බඳුන් මේසය මත පිළිවෙළකට තැබූ ඔහු වචනයක් වත් නොදොඩා, කාමරයේ දොර වසා දමා ගියේය.

"මේ ලොක්කා අරුම පුදුම පුද්ගලයෙක් වෙන්න ඕනෑ. මම හොරෙක්ලු! දියමන්ති හෙරකම් කරන්න ආවලු! මේ සුවඳ හමන කෑම මට දෙන්න ද යන්නේ?... මේ කිසි දෙයක් මට තේරෙන්නේ නැහැ..." මාටින් සිතුවේය. යළිත් දොර ඇරිණ. කාමරයට ඇතුළු වූයේ පැගෝනිය. ඔහු දොර අගුල් දමා යතුර සාක්කුවේ ලා ගත්තේය.

දෑත ළෙහි බැඳගත් මාටින් වෙත ආඩම්බර ගමනින් පැමිණි පැගෝනි, අභිමානවත් බැල්මක් හෙළුවේය. මාටින්ට ඉවසුම් නැති විය.

"සර්, මේ විහිළුවක් ද කරන්නේ? එහෙම නම් මේ විහිළුව දුර ගියා වැඩියි. මම හිරකරුවෙක් නම් මට තව තවත් හිත් වේදනා කිරීම වැදගත්කමට ගැළපෙන්නේ නෑ" මාටින් දිගට ම කියාගෙන ගියේය.

"උඹ මොකටද මෙහාට ආවේ?"

"අශ්වාරෝහකයෝ මාව මෙතැනට එක්ක ආව."

"උඹ උන් අඳුනන්නේ කොහොමද?"

"මං ඒ ගොල්ල අඳුනන්නේ නෑ. මම කැලේ අතරමං වෙලා ඉන්න කොට මෙහෙ එක්කගෙන ආවා. රස්සාවක් ලබාගන්න පුළුවන් කියල ඒ ගොල්ල කිව්ව."

"උඹ කියන්නේ ඔක්කොම බොරු. දියමන්ති සොරකම් කරන්න තමයි මෙහෙ ඇවිල්ල ඉන්නෙ."

"මට ඕනෑ දියමන්තියක් නෑ. මගේ මිත්‍රයා බානි මගෙන් වෙන් වුණා. ඔහුට දෙවි පිහිටයි. ඔහුට කුමක් වුණා ද? ඉන්නේ කොහේද? කියල ආරංචියක් නැහැ... මට ඕනෑ පුළුවන් තරම් ඉක්මනින් ඔහු සොයාගෙන ගෙදර යන්න..."

"උඹ බානිට හුඟක් ආදරේ ද?"

"ඔව්, අපි පණට පණ වාගේ හිටියේ. ඉන්දියානුවෝ අපව වෙන් කළා. මට ඔහු හමු වෙනවානම් දියමන්තිවලට වඩා වටිනව."

"මාටින්..."

"මාටින්? කොහොම ද මගේ නම දැනගත්තේ?"

"තෝල්කයා කිව්වා."

"තෝල්කයා දන්නේ කොහොමද?  මම ඔහුට මගේ නම කිව්වේ නෑ."

"එහෙම ද?"

"හිස් වැස්ම ටිකක් ඉවත් කරන්න." මාටින් ඉල්ලා සිටියේය.

"මේ බානි නේද?"

"ඔව් මගේ රත්තරන් මාටින්. මම මෙච්චර දවස් මාටින් ගැන හිතමිනුයි හිටියේ. මෙහෙම හම්බ වුණු එක කොච්චර වාසනාවක්ද?" බානි දෑත් විදහා මාටින් වැළඳ ගත්තේය.

මවුබස කියවීම් පොතකින් උපුටා ගන්නා ලදි.

ආර්. එම්. බැලන්ටයින් ගේ මාටින් රැට්ලර් නම් නවකතාවෙන් උකහාගෙන පරිවර්තනය කරන ලද්දක් බව පෙනේ. එහෙත් පරිවර්තකයාගේ නම ඉහත කී කියවීම් පොතෙහි සඳහන් නොවේ.

ජෝන් බැලන්ටයින් විසින් අඳින ලද රොබට් මයිකල් බැලන්ටයින් ගේ සිතුවමක්

84 comments:

  1. //දිග පිහියක් ද, අත් පොරවක් ද, දුන්නක් හා හියොවුරක් ද, ගිණි දැල්වීමට ගල් පතුරක් ද, නිදාගැනීමට හැමොකයක් ද, පිදුරු තොප්පියක් ද ඔහු සොයා ගත්තේය// යකෝ මූ හොරකමේ ඇවිල්ලත් හැම සබ්බ සකලමනායක්ම උස්සගෙන ගිහිල්ලනෙ.

    ReplyDelete
    Replies
    1. ඉතිං එහෙම නැතුව පුළුවනිය? කැලෙ මැදිං දවස් ගාණක ගමනක් යනවනං ඒකට උවමනා හැම එක ම ගෙනියන්ඩෙපැයි. හැබැයි උන්දැට මොළේ තිබිල නෑ ටෝච් එකක් හොයාගන්න.

      Delete
  2. //එහෙත් පරිවර්තකයාගේ නම ඉහත කී කියවීම් පොතෙහි සඳහන් නොවේ// ආංඒව තමයි කැත වැඩ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මං කලින් දාපු කොටස්වලත් පරිවර්තකයගෙ නම තිබුණෙ නෑ. මයෙ හිතේ පෙළපොත් සංස්කාරක මණ්ඩලේ කෙනෙක් වෙන්ඩැති පරිවර්තනය කරල දැම්මෙ.

      Delete
    2. මං කලින් දාපු කොටස්වලත් පරිවර්තකයගෙ නම තිබුණෙ නෑ. මයෙ හිතේ පෙළපොත් සංස්කාරක මණ්ඩලේ කෙනෙක් වෙන්ඩැති පරිවර්තනය කරල දැම්මෙ.

      Delete
  3. නවකතාවක් නම් මේ එහි කතා සාරාංශය විය යුතුයි. ඒකයි පරිවර්තක නම නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. පොතේ මැද කොටසක් සංක්ෂිප්තව පරිවර්නය කරල තියෙන බව පේනව. එතකොට ළමයි මුල් පොත හොයාගෙන කියවන්න පෙළඹෙනවනෙ...

      Delete
  4. Replies
    1. ආ... ඒක උගේ වයිපයි පාස්වර්ඩ් එක.

      Delete
    2. නමියා,
      කීබෝඩ් ‌එක ෂෝට් වගේ නේ? බස්සවත් හිටියනං මොකක් හරි පිළියමක් අහගන්ඩ තිබුණා.

      නවීන්,
      මට හිතුණෙ ප්‍රා ජේ ගෙ වැට මුන්දැ මොඩිෆයි කරල වගේ.

      නයිස්,
      හා. ඉස්තූතියි.

      Delete
    3. වැඩිපුර මොඩිෆයි වෙලා😂

      Delete
    4. හැම දෙයක් ම එහෙම තමා. මොඩිෆයි වෙනකොට, මූලික අරමුණ මගෑරෙනව.

      Delete
    5. පෂා වචනය හරියට උච්චාවචනය කර හිටු.. නැහ්නං මේකෙ උන්දල මොන පයි එකක් ගැන හිතාවිද මන්ද

      මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසී... බොලව්

      Delete
    6. ඉතිං බොට බිසි කියල අපට රෝස් පාං යැ?

      Delete
  5. මං හිතුවෙ මාටියට කෙල උනා තමයි කියලා. පතලෙ හිරකර ගත්තා නම් එහෙම.

    හොඳ වෙලාටම ඔහොම බේරුනා😁

    ReplyDelete
    Replies
    1. මටත් මුලින් කියවද්දි හිතුණෙ, රොමා ගෙ වාසනාව පොතේ වගේ, මරල හංගයි කියලා.

      Delete
    2. රොමාගෙ සීන් එක නම් දන්නෙ නැ හැබැයි😪

      Delete
    3. හොයාගෙන කියවන්න වටින පොතක් ඒක. ඩිකන්ස්ගෙ great expectations පොතේ ලංකා අනුවර්තනය. ඒකෙ රොමාව අල්ලගන්න දුෂ්ටයා, චාර්ලිස් අප්පු. රොමාව මරලා හුණු පෝරණුවකට දාන්න හදනව. ඇඳට තියලා ගැට ගහලා, තඩි කුළු ගෙඩියක් ඇදල ගන්නව ගහන්ඩ.

      https://www.youtube.com/watch?v=VRrs49BQuEI

      Delete
    4. පස්සෙ තමා බලන්න වෙන්නෙ😪

      Delete
    5. පොත ස්කෑන් කරලා දාන්නං වෙලාවක...

      Delete
  6. මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ සුනිල් ජී විජයවික්‍රම කියලා මහත්මයෙක්. පොතට හැඳින්වීම ලියලා තියෙන්නේ 1958 අගෝස්තු 14. එති දැක්වෙන එතුමාගේ ලිපිනය බලබෝව, දෙවලපොළ යි.
    පොත පළ කරලා තියෙන්නේ ඇම්. ඩී. ගුණසේන සමාගමෙන්. පළමු මුද්‍රණය 1963 දෙසැම්බර්. පොත අල්ලලා ගිය නිසා වෙන්නොනි ඒ මාසයේම දෙවෙනි මුද්‍රණයකුත් පළ කෙරිලා. ඒ පොතක් තමයි මං වහන්සේ ළඟ තියෙන්නේ.
    මට පෙනෙන විදිහට පාඩම් පොතට අරං තියෙන්නේ තැන් කීපෙකින්.
    පොතේ පිටු 224ක්. මිලත් කියන්නම වටිනවා. රු.4.00යි.
    සාහිත්‍ය සේවයක් විදිහට පොත PDF කරන්න ඇහැකි පුණ්‍යවන්තයෙක් ඉන්නවා නං පොත දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. අලකොමාටම දෙමු. මූට වැඩක් තියෙනව කියලැයි කරන්න ඔෆිස්සෙකේ.

      Delete
    2. අම්මෝ නිදි, මට දෙන්ඩ, (අර නයාත් කියල තියෙන්නෙ.) පුළුවන් ඉක්මණිං බෙදා හරින්නම්.

      Delete
    3. තිබුණු විදිහට ම ආපහු දෙන්නං...

      Delete
    4. සිංහල පොතේ නමත් මාටින් රැට්ලර් ද?

      Delete
    5. ඔව්, Pra Jay, පුදුමයි වගේ නේද?

      Delete
    6. ආපහු පරිවර්තනය කරලා වගේ... මේ බලන්න...
      https://www.goodreads.com/author/show/14433477._

      Delete
    7. ඩ්රැකී, හුඟක් විදේශීය පොත් අවසර අරගෙන පරිවර්තනය නොකෙරෙන නිසාත්, අවුරුදු හැත්තෑවකට පස්සෙද කොහෙද පරිවර්තනය කරන්න අවසර නොගත යුතු නිසාත් එකම පොතේ පරිවර්තන දෙක තුන කෙරුණු වෙලාවලුත් ලංකාවේ තියෙනවා. මම හෙට පළ කරන්නට හදන පෝස්ටුවෙත් එහෙම පොතක් ගැන ලියමින් ඉන්නේ. පාවුලෝ කොයියෝගේ Eleven Minutes. එකෙත් පරිවර්තන දෙකක් ආවා.

      Delete
    8. හ්ම්... අපි පීඩීඑෆ් කරන එකේ නීතිමය පැත්ත මොකද්ද දන්නෑ? අපට නඩු දාන්නත් පුළුවන් ඇති පොතේ අයිතිකාරයන්ට?

      (පවුලෝ කොයියෝ මට කියවෙන්නෙ ම අනිප්පැත්ත ගහලා නෙව...)

      Delete
    9. ප්‍රකාශන අයිතිය පිළිබඳ නවතම නීතිමය තත්ත්වයන් ගැන හොයා බලන එක Pra Jay මහත්තයට කරන්න බැරි වෙයිද?

      Delete
    10. දැනට pdf කරල තියෙන ඒවත් නීත්‍යානුකූලව කරල නෑ 99%...

      කරා කියලා නඩු දාන්න යන්නෙ කවුද ඉතින්

      Delete
    11. ඔහොම හිතලා, සංගීත් විජේසූරිය "රඟහල දැන් ඇත අඩ අඳුරේ" රිමික්ස් කළා. වරක්ස් නඩු දැම්මා.

      Delete
  7. "ඔව් මගේ රත්තරන් මාටින්. මම මෙච්චර දවස් මාටින් ගැන හිතමිනුයි හිටියේ.//

    දැන් රත්තරං පිත්තල කියලා වැඩක් නැහැ..ඌ නිකන්වත් ට්‍රයි කලේ නැහැනේ යාළුවා බේරගන්න

    ReplyDelete
    Replies
    1. ආන්න ඒ කතාවට බොගෙ කටේ ඔබන්ඩ ඔ්නෙ පෑන්ටියක්.

      Delete
  8. https://www.thriftbooks.com/a/rm-ballantyne/355487/

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ පොත්...! ඔයින් කොරල් දූපත මං කියවල තියෙනව. කතාව මතක නෑ.

      Delete
    2. මම කියවල තියෙන්නෙ කොරල් දූපත හා මාටින් රැට්ලර් ( දෙකම පරිවර්ථන, මාටින් රැට්ලර් පරිවර්ථනයෙ සිංහල නම මතක නෑ, කතාව මතකත් නෑ . ) සහ The Gorilla Hunters (Indian edition) විතරයි.

      Delete
    3. http://opac.lib.uom.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=65367

      Delete
    4. කොරල් දූපත පොතත් have!
      පිටු 156යි.
      පරිවර්තක: ලක්දාස් ද මැල් , ප්‍රකාශනය එම්. ඩී. ගුණසේන, පළමු මුද්‍රනය 1955 දෙසැම්බර්
      වෙනම study රන්න වටින කරුණක්, මේ පොතෙත් හැඳින්වීම ලියවිලා තියෙන්නේ 1949 ජුලි 18..ඒ කාලේ පොතක් ගහන්න කොච්චර කාලයක් ගිහින්ද මන්දා...

      ඔන්න ඩ්රැකී, හදිසියේ මගෙ පණ ගියත්, පොත් දෙක කම්පියුටරේ පැත්තකින් තියෙන පුටුව උඩ තියෙනවා! ඉල්ලා ගත්තහැකි.

      Delete
    5. ඔන්න බලන්ඩකො. මං කියවපු කොරල් දූපත කේ ජී කරුණාතිලකගෙ පරිවර්තනය නෙමෙයි. අනික් කාරණේ, අර උඩ කිව්ව වගේ ම, දැන් මටත් කතාව මතක නෑ. ඔය විදිහෙම කතා හෙණ ගොඩක් ඒ කාලෙ කියෙව්වා. "රණරාළ" හෙවත් මාස්ටමන් රෙඩි ත් ඒ අතරෙ තිබුණා.

      Delete
    6. https://downloadbooksfree-story.blogspot.com/2016/01/koral-dupatha-by-pb-senanayaka.html?m=1

      Delete
    7. නිදි රාළ,
      කරුණාකරලා පොත් දෙක ලියාපදිංචි තැපෑලට දාන්ඩ පුලුවන් ද? රුපියල් තුන්සීයක් විතර යන්නෙ. පොත නැති වෙන්නෙ නං නෑ. බුදු ෂුවර්.

      හැබැයි වැරදිලාවත්, කූරියර් එකකට නං දෙන්ඩ එපා. මෙන්ඩා පල්ලා!

      Delete
    8. ප්‍රා,
      මං කියෙව්වෙ පීබී සේනානායකගෙ පොතත් නෙමෙයි. ඒකෙ නම තිබුණෙ "කොරැල් දූපත" කියලා. මගෙ හිතේ නිදි කියන පොත වෙන්ඩ ඇති.

      Delete
    9. http://www.opac.itum.mrt.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=3751&query_desc=su%3A%22Fiction%22%20and%20su-to%3ASINHALA%20FICTION

      Delete
    10. http://nelumwila.blogspot.com/2013/11/blog-post.html

      Delete
    11. දැන් තැපැල් ගාස්තුව ගැන ඔබතුමා දන්නවා ඇතියි හිතනවා. අවුරුදු තුන හතරකට කලින් රු.200/- පොතක තැපැල් ගාස්තුව ඊට වැඩි වුනානේ බොලේ! පොත් දෙක ග්රෑම් 400ක් 450ක් විතර බරයි.

      Delete
    12. කොමාට ඉතිං නිකං තැපැල් හම්බවෙනව ඇති. මිනිහට ඒ නිසා තැපැල් ගාස්තු ගැන දැනගන්න එක අදාලම නැතුව ඇති. :D

      Delete
    13. නිදි,
      මං මේ ළඟදි කෞටිල්‍ය අර්ථශාස්ත්‍රය යි, උදුරා දැමූ මුල් පොත් දෙක යි ගෙන්න ගත්තා අපේ මල්ලි (අර ළිඳේ ලූලගෙ කතාවෙ ඉන්න හාදයා) ට කියලා. රුපියල් තුන්සිය පණහයි ගියෙ. ඊට පස්සෙ බොරැල්ලෙ ප්‍රගති ප්‍රකාශකයන්ට කියලා පොත් ටිකක් ගෙන්න ගත්තා, ඒකට ගියෙ රුපියල් තුන්සීයයි. තැපෑලට දාලා, ගිය ගාණ කිව්වොත් මට නිදි ට බැංකු ට්‍රාන්සර් එකක් දාන්න ඇහැකි. පොත් දෙක නං ලක්ෂයකට එහා වටිනව මට.

      නයෝ,
      එවන්ඩද තැපෑලෙං ටෝච් පාරක්?

      Delete
    14. එකකට දෙකහමාර ගාණෙ ලක්ෂ 5කට ගෙනත් දෙන්න පුලුවන්

      Delete
    15. ලෝයර් මහත්තෙයා ඒකෙනුත් ගාණ කපාගන්ඩ ලෑස්තිය. "ගිනි" කීයක් ඔ්නෙද කියන්ඩ...

      Delete
    16. ඩ්රැකී, මට සම්පූර්ණ ලිපිනය එවන්න කියල inbox මැසේජ් එකක් එවල ඇති.

      Delete
    17. අපිත් දැනගන්න කැමතියි උගේ ලිපිනය. පොත් කෙහොම වෙතත් ඔය னයි ටිකක් එහෙම පාර්සල් කරල අරින්න බැරියැ.

      Delete
    18. හුටා! දැන් னයි තැපෑලෙනුත් එනවද?

      Delete
    19. ප්‍රා ජේ,
      පෙරකොදෝරු මහත්තුරු ගැනත්, ඉස්කෝලෙ මහත්තුරු ගැන වගේ ම කතා පෙළක් ලියන්න පුළුවං. ඉන්ඩකො ‌ලියනකං.

      නිදි,
      දැක්කා.

      ප්‍රසෝ,
      එවන දෙයක් එවහං, පහත ලිපිනයට...
      නුවරඑළියෙ මහ ලොක්කා,
      නුවරඑළියෙ මහ ගෙදර,
      අලවැල පාර,
      නුවරඑළිය.

      බස්,
      ඇයි? ඒකත් ඔන්ලයින් ඔ්ඩර් කරන්ඩද බැලුවෙ? මතක ඇතුව හොඳ ටෝච් එකක් ගෙන්න ගන්ඩ ඊට කලිං...

      Delete
  9. දැන් ඔහේ මොකක්ද කියන්නෙ ඩ්‍රැකියො. යාළුකොම... දියමන්තිවලට වඩා වටිනවයි කියලද

    ReplyDelete
    Replies
    1. දියමන්ති නං මොනවද? ඩීසල් ටිකක්, ගෑස් සිලින්ඩරෙයක් ඊට වඩා වටිනව.

      Delete
    2. ඊයේ පෙරේදා දවසක Spiderhead 2022 ෆිලුම බැලුව. ඒකෙ 56.40 විනාඩියේදී තියෙනවා මරු දෙබසක්.
      පීඩනය දියමන්ති හදනවා. pressuree forms diomond කියලා. ඒක අප කවුරුනුත් දන්නා දෙයක් වුනත් ෆිල්ම් එකේ යොදන්නේ දරාගත නොහැකි මානසික පීඩනයක් ගැන කියද්දී. මානසික පීඩනයේ පොසිටිව් පැත්තක් තියෙන විදිහට.

      Delete
    3. එතකොට දියමන්ති හැදෙන්නෙ මොළේ ද? ඒකෙන් ප්‍රයෝජනයක් වෙන එකක් නෑ හිටං.

      Delete
    4. නිදි,
      ස්පයිඩර්හෙඩ් බලන්ඩෝනෙ... මානසික පීඩනයේ පොසිටිව් පැත්ත වාසිය ලබා ගන්න නං, මට හිතෙන්නෙ ශක්තිමත් මනසක් තිබිය යුතුයි. මං පොඩි එකා කාලෙ සෑහෙන්න විඳෙව්වා මානසික පීඩනයෙන්. ඒකෙන් මං දියමන්ති වගේ තද වුණේ නං නෑ. හැබැයි මිනිස්සු ගැන අනුකම්පාවෙන් බලන්න හුරු වුණා.

      ප්‍රසෝ,
      ඔය කියන හැටියට මකුළුවගෙ මොළේ හැදෙනව ඇත්තෙ.

      නවීන්,
      බය වෙන්ඩ එපා ඔය නයා කියන දේවලට. උන්දැ මට දෂ්ට කරනව කිය කියා ඉන්නෙ ඔය අවුරුදු දාහක් විතර තිස්සෙ. තාම නෑ...

      Delete
  10. බානිටයි මාටියටයි දියමන්ති බිස්නස් එක හරි ගියේ නෑ.
    පස්සෙන්පහු ඊට වඩා හොඳ බිස්නස් හොයාගෙන ලංකාවට ආවා.
    බානි කනත්ත ළඟ දාපු බිස්නස් එක තාම තියෙනව මේ ලඟදි චමුදිත ඉන්ටවිව් එකකුත් කළා මී මුනුබුරෙක් එක්ක..

    මාටියගෙ පරපුරත් තාම බොහොම හොඳින් ලංකාවේ ඉන්නව.
    වැඩි විස්තර ඕනෙමනම් යූ ටියුබ් එකේ "රතු ඉන්දියානුවන් රතුවෙන්නම නෙලූ මාටින්ගේ බිහිසුණු අත්දැකීම් - රණ ශූර මිණිබිරිය පවසයි" සර්ච් කරන්න.

    ReplyDelete
    Replies
    1. https://www.google.com/search?q=%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%BB%E0%B6%AB+%E0%B7%81%E0%B7%96%E0%B6%BB+%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92&rlz=1C1CHZL_enLK809LK810&sourceid=chrome&ie=UTF-8

      Delete
    2. හහ්! අපි නොදන්න ASCII

      Delete
    3. හහ් හහ් හා... මී තුමා මං මීට කළිං දැකල තියෙනවත් වගේ. කෝකටත් ඔයාගෙ බ්ලොග් එක දිහාටත් ගියා. ඒකට ෆලොවර්ස් ගැජට් එක දැම්මනං අපට ෆලෝ කරන්න ලේසියි. මගෑරෙන්නෙ නෑ අලුත් පෝස්ට්. ඔය උඩින් දාල තියෙන්නෙ අර ඔයා සර්ච් කරන්න කියපු එකට ගූගල් එකේ ලැබුණු ප්‍රතිඵලේ. එතන යෙටී කෙනෙක් බඳං මාලු බානව.

      Delete
    4. Meතුමා... වර්ගපූර්ණිකාවේ ලගාගහන් හිටියා මතකයි

      Delete
    5. බ්ලොගේ side බාර් එකේ Reading List ගෙහුං දකුණේ උඩම MANAGE ගෙහුං... මැනුවලි බ්ලොගක් ඇතුළු කරන්නත් පුළුවන් ෆලෝ වෙලා යන්ට. නොපෙනී ෆලෝ කොරන්ටත් ඇහැකියි

      Delete
    6. ඒක තමයි... මට දැකල පුරුදු ගතියක් තිබුනෙ.

      මැනුවලි ෆලෝ කරන්න දන්නව නමි. නමුත් ඒක මහ වෙහෙසකාරියි.

      Delete
  11. ඉඳා කොරල් දූපත.
    https://sinhalaebooks.com/2018/11/21/koral-doopatha-p-b-senanayake-free-sinhala-novel/
    ආ තව පොත් සැට් එකක්:
    https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/edit#gid=1666694695

    කතාව නියමයි ඈ. අර අන්තිම පේලියෙ.....නෑ එක්කො ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දහසක් බුදුන් බුදු වෙන පාන්දර දැක්ක!

      Delete
    2. ඔය ඇවිත් තියෙන්නෙ බස්සා. උන්නැහැ නැතුව කොයිතරං සාංකාවෙන්ද උන්නෙ? අර ලිංක් දෙක ම හෙණ වටිනව ඈ. මං දැක්කා අර එළකිරි පුස්තකාලෙ තියෙනව, රොමාගෙ වාසනාවෙ වෙන පරිවර්තනයක් "පින පෑදුන දා" කියල...

      නිදි,
      ආයෙත් අහල. තාත්ත දැක්ක වගේ සතුටුයි.

      ප්‍රසෝ,
      ඔය ‌ලිංක් එකේ තියෙනව ු"පුෂ් පුෂ් පතෑංංං" කියල පොතක්. කියවලා බලන්ඩ.

      Delete
    3. ඈ බස්සා... කවුද බස්සා කියන්නෙ. මොකක්ද BGM කියන්නෙ... මං මේ මුකුත් දන්නෙ නෑ.

      Delete
    4. //...මං මේ මුකුත් දන්නෙ නෑ...//
      හුහ් උඹ බබා! :)

      @ඩ්‍රැකී
      පින පෑදුන දා, ඉංග්‍රීසි පොතේ ඔරිජිනල් පරිවර්තනය. ඒත් "රොමාගෙ වාසනාව" ඡායානුවාදයෙ තියෙන්නෙ වෙනමම ආතල් එකක්. රොමාගෙ වාසනාව ගැන පෝස්ට් එකක් ලියපු පිනට/දුකට, මට පොතක් තැපෑලෙන් ආවා. :)

      Delete
    5. බබා තමයි බොල...
      ආපහු දැක්ක එක.... අම්ම අප්ප දැක්කා වාගේ සතුට.

      Delete
    6. නමියා,
      බීජීඑම් නෙමෙයි ඩීජීඑම්. ඒ කියන්නෙ දැක්කොත් ගස්ලබු මාකට් එකේ...

      බස්සො,
      ඇත්ත. රොමාගෙ වාසනාවෙ, ලංකාවට ආවේණික සෑහෙන දේවල් තියෙනව. මට මතක හොඳ ම එක...
      //සැප පහසුවෙන් ගමනක් යන්ට ඕනෑ නම්, කලට වේලාවට යම් තැනකට සේන්දු වෙන්ට ඕනෑ නම්, ගමන් කළ යුත්තේ ලංකාණ්ඩුවේ දුම්රියෙනි. මඟිීන් දහ දෙනෙකුට නියම අපේ පෙට්ටියේ ගමන් කෙළේ විසි එක් දෙනෙකු පමණයි. "මටත් පොඩ්ඩක් ඉඩ දෙන්න. සල්ලි ගෙවලා මොකටද හිටගෙන ඉන්නේ?" මඟීන්ගේ බඩු මුට්ටුත් වැඩිය තිබුණේ නෑ; "පෝටර්, ඔන්න ඔය ට්‍රන්ක් එක සීට් දෙකට මැදින් වත් තියාපන්;" "මහත්මයා පොඩ්ඩක් කකුල උස්සන්ඩ!"

      මැණිකේගේ කාර්එක නුවර ඉට්ටේසමේ පැය තුනක් රස්තියාදු වුණාලු. ඩ්‍රයිවර්ලාගේ ගාඩ්ලාගේ වරදක්යැ ඒක. ඒ අයත් මිනිස්සු නොවැ! තේ වතුර කෝප්යක් සිගරැට්ටුවක් බොන්නේ නැතුව පුළුවන්ද බර වැඩ කරන්ට! එකම දෙපාර්තමේන්තුවේ වැඩ කරන ඉට්ටේසම් මහත්තයාත් ගාඩ් මහත්තයාත් මුණ ගැසුණාම මිනිත්තු දහයක් පහළොවක් සතුටු සාමීචි කතා නොකර ඉඳින හැකිද?//

      Delete
  12. Replies
    1. දැක්කා, ගියා, කියෙව්වා...!

      Delete
  13. මේකේ කමෙන්ට් ටික දැක්කාම සතුටෙ බෑ.. ඉස්සර බ්ලොග් කාලේ මතක්ක උනා

    ReplyDelete
    Replies
    1. ආාාා... ඒක මගෙ වික්‍රමයක් නෙමෙයි. ඔයාලගෙ ම වැඩක් තමා

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි