වික්ටෝරියානු යුගයේ දී...
දකුණු පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබුණු රුවල් නැවක හදිසියේ ම ගින්නක් හට ගත්තා. කළබල වූ යාත්‍රිකයන් පැනගනිද්දී, පැඩී බටන් නම් වැඩිහිටියා, අවූදු හතක් පමණ වයසැති ළමයින් දෙදෙනෙකු වූ රිචර්ඩ් සහ එමලින් බෝට්ටුවකට නංවාගෙන යාත්‍රාවෙන් පැන ගත්තා. ඔවුන්ට සුන්දර ඝර්ම කළාපීය දිවයිනකට ගොඩ බසින්නට හැකි වුණා. එහි දී පැඩී දරුවන් දෙදෙනා රැක බලා ගනිමින් තමන් බේරා ගන්නට නැවක් පැමිණෙන තෙක් බලා සිටියා. පරිසරයට හුරු වෙමින් සහ නොනැසී ආරක්ෂා වෙමින්...
එහෙත් වැඩි කාලයක් යන්නට පෙර පැඩී මිය ගියා. ඉන් පසු දරුවන් දෙදෙනා මුහුදු වෙරළේ, කළපුවේ කර දියේ සහ වනයේ ජීවත් වන්නටත්, සොබා දහම රස විඳින්නටත් ඉගෙන ගත්තේ තනිවම. එය නැවුම් අත්දැකීමක්.
එහෙත් නොදන්නා දේ සිදුවෙමින් තිබුණා. දිවයිනේ අනෙක් පැත්තේ ප්‍රචණ්ඩ ප්‍රාථමික මිනිසුන් නිතර ගැවසුනා. ඔවුන් ආගමික චාරිත්‍ර ඉටුකළ ස්ථානයක් එහි තිබුණා.
අනෙක් නොදන්නා දේ තිබුණේ දරුවන් තුළ ම යි. ඔවුන් වැඩිවිය පැමිණෙමින් තිබුණා. ඔවුන් තුළ හටගත් වෙනස්වීම් ඔවුන් තේරුම් ගන්නට වෑයම් කළා. ඒ වගේ ම, ඔවුන් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම ඔවුන්ට වටහා ගන්නට අසීරු වුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඔවුන් ඒ තුළ වූ සුන්දරත්වය විඳගන්නටත් සහජයෙන් ඇති වන ආකර්ෂණයට නතු වන්නටත් පටන් ගත්තා.
මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.
1908 දී පළ කෙරුණු හෙන්රි ඩි වියේර් ස්ටැක්පූල් විසින් ලියා පළ කෙරුණු නවකතාවක් ඇසුරින් 1981 දී තිර ගත කෙරුණු The Blue Lagoon චිත්‍රපටය මම මුල්වරට නැරඹුවේ ටීඑන්එල් නාලිකාවෙන් බව මතක, 1998 දී. ඉතා ම චමත්කාරජනක මතකයක් ඉතිරි කළ සිනමා නිමැවුමක් එය.
එය සැළකියයුතු බලපෑමක් ඇති කළ බව පැහැදිලි වෙන්නේ, 1991 දී එහි ඉතිරි කොටසක් ලෙසට The Return to the Blue Lagoon නමිනුත්, 2012 දී The Blue Lagoon Awakening නමින් නවතම චිත්‍රපටයකුත් බිහි වීම මගින්. මේ චිත්‍රපටියේ කතාව යම්තාක් දුරකින් මම මීට පෙර සඳහන් කළ Top Secret චිත්‍රපටිය තුළත් සඳහන් කරනවා.
බෲක් ෂීල්ඩ්ස් සහ ක්‍රිස්ටෝෆර් ඇට්කින්ස් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම සුන්දර චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළේ රැන්ඩෝල් ක්ලේසර්. මෙහි ප්‍රචාරක පටය පහතින්...
බාගන්නට ටොරන්ට් සබැඳිය මෙතනින්...
ස්වස්ථි සිද්ධම්!
ReplyDeleteලියපම් පතෑම්...!
Deleteකොලොම්පුරයටත් කෛයප්ම්...!!!
Deleteන පරේසං විලෝමානි – න පරේසං කතාකතං
Deleteඅත්තනෝ’ව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච
//න පරේසං කතාකතං//
Deleteඅඩෝ ප්‍රසන්නය කතා කරන්නෑ කියල ඔහොම නෝන්ඩි දාන්න එපා හිටං.
න පරේසං කතාකතං - කී බෝඩං ටයිප් කරං
Deleteදීර්ඝං වැටහ්
Deleteඅති දීර්ඝෝ මහා වැටඃ!
Deleteඅර ගාථාවෙ තේරුම මේ වගේ දෙයක් වෙන්ඩ ඇති?
Deleteන පරේසං විලෝමානී (ප්‍රසන්නයා විරෝගෙන ඉන්නවා මිස)
න පරේසං කතාකතං (ප්‍රසන්නයා කතා නොකරයි)
අත්තනෝව අවෙක්ඛෙය්‍ය (අත්තන ඇට මෝදකයට කළවම් කර අනුභව කළ විට)
කතානි අකතානිච (ඔහුගේ කතාව නැවැත්විය නොහැක)
ඒ කාලේ ජනප්‍රිය උන චිත්‍රපටියක්. ප්‍රධාන හේතුව උනේ ශෘංගාරාත්මක ජවනිකා. පසු චික්‍රපට නම් බලන්න බැරි උනා.
ReplyDeleteශෘංගාරය වෙන්න ඔ්නෙ, ජනප්‍රිය වෙන්න හේතුව. නමුත් මට වැඩියත් ම දැනුනෙ, ඒ ගැන නැචුරල් විදිහකට ලස්සනට නිරූපණය කරල තිබුණු එක. ළඟ දි බැලුවෙ නෑ. බලන්න ඔ්නෙ.
Deleteමුල් පින්තූරෙ දැක්ක ගමන් මං දැක්කෙ ocean girl වගේ.වැඩේ කියන්නෙ මේක බලලා නෑනේ.දැන් ඉතින් අනිවාබලන්න ඕනේ.ස්තූති ඔත්තුවට
ReplyDeleteමේක බලන්න. දවසක, අඳුරු හවසක, කෙලින් ම නින්දට යන්න බලාගෙන...
Delete//මම මීට වඩා කිසිවක් කියන්නේ නෑ.//
ReplyDeleteඋදාරයි.
දෙඋදාරයි,,
Deleteඅඩෝව් මට ඉන්න දිපන්
Deleteප්‍රසක්ඤ, සෙන්නා,
Deleteලියන්න බැරි කමට නෙමෙයි, මගෙ වචන චිත්‍රපටියෙ දර්ශනවල තියෙන දේ විස්තර කරන්න ප්‍රමාණවත් නැති නිසා.
උදාර,
එහෙනං ප්‍රසන්නයි, සෙන්නයි කියමු.
තෙවරක් බලා ඇත මම මේ ලස්සන ෆිලුම
ReplyDeleteසමුදුරු දසුන් ගත්තා හිත තරයේම
බ්රූක් වසඟ කෙරුවා රසිකයො කැලම
අගෙයි ඩ්‍රැකීටත් මෙය යළි සිහිපත් කෙරුම
තාමත් මතක ඇත මෙය දුටු මුල් දිනය
Deleteචමත්කාර සිහිනයකිය නෑ සැකය
නිදිටත් එලෙස දැනිලා ඇති බව පෙනෙය
සම හදවත් ඇති බව ඉන් මට දැනෙය
ඒ කාලේ බලපු බවකුත් මතකයි...ඒත් හරියටම නිච්චි නෑ...
ReplyDeleteඒකට තමයි අර පහලින් ටොරන්ට් ලිංක් එක දැම්මෙ. බාගෙන බලන්න.
Deleteමටත් මුල් පොටෝව දැක්ක ගමන් හිතුනෙ ඕසන් ගර්ල්ව.
ReplyDeleteඅපේ කාලෙ ලෑගූන් නෙවේ, පෝල් වෝකර් ජෙසිකා ඇල්බ හිටි ඉන්ටුද බුලූ තිව්නෙ හිටං
බොලා ඒ කාලෙ ඉඳලම බ්ලූ බලල නේද එහෙනං.
Deleteනමිනං,
Deleteඒ කාලෙ බ්ලූ කියන වචනෙ තිබුණු ෆිල්ම් ගොඩක් ආව. මට මතකයි, බ්ලූ බටෆ්ලයි කැප්චර්ඩ් වගෙ එකකුත්...
ප්‍රසක්ඤ,
ඒක තමා ඌ බට ගහ වගේ හෙණ පුෂ්ටිමත්ව ඉන්නෙ.
1982 හෝ 93 ලංකාවට ආවා . ඒවගේ එකක් අත අරින්නේ නැහැනේ ඉතින්. ඉස්කෝලෙන් පැනල ගිහින් බැලුව කොල්ලෝ සෙට් එක එක්ක . හප්පා බෘක් ශිල්ඩ්
ReplyDeleteකොහෙ ද ෆිල්ම් හෝල් එක? මරදානෙ රිට්ස් ද?
Deleteබෘක් ෂීල්ඩ් තව වයසට යද්දි ඒ තරං පෙනුමක් නෑ නේ ද?
එයා ලස්සනයි දැනුත් මටනම්. ඒ දවස් වල හදවත් කිං කුං ගෑවා නේ. බම්බා වල මැජෙස්ටික් එකේ පෙන්නුවේ
Deletehttps://www.youtube.com/watch?v=rwXKVLiuHmI
Deleteහරි හරි... දැන් බෘක් උන්දැත් වයසයි නෙ. අපිත් ඒ වයසට ආව දාකට අපටත් ලස්සනට පෙනෙයි. අර පියසේන රතුවිතාන කවි වාදයකදි කියල තියෙන්නෙ, "කිකිලි දිහා කුකුලෙකු වී බලන්න, වැස්සි දිහා වස්සෙකු වී බලන්න, එවිට උන්ගේ ලස්සන පෙනේවි" කියලා...
Deleteමේ ටික සීරියස්...
බෲක් ඔය ෆිල්ම් එකේ හිටිය වයසෙ දි, ඒ කියන්නෙ ගැටවර වයසෙ දි අපි දැකපු සමවයස් කෙල්ලන්ගෙත් තිබුණෙ ඒ හිරිමල් පෙනුම ම යි. ඒ නිසා තමයි අර පහළ අසංග කියල තියෙන විදිහෙ ෆැන්ටසියක් අපේ හිතේ ඇති වුණේ.
+++++++++++++++👌🙏💐
ReplyDeleteමම මේකෙ වැටක් ගැහුවමද කොහෙද?
මමත් මීට වඩා කිසිවක් කියන්නේ නෑ.😋
වැට මාටිං... අඩුගානෙ මේක බලල තියෙනව ද කියලවත් කියමු...
Deleteආයෙ අහල? හහ් අපි නොදන්න මොණතැන්න?😊😋😁
Deleteඒ කිවවම මතක් වුණේ...
Deleteඅපේ යාලුවෙක් උන්න ප්‍රියන්ත කියල. පොරගෙ දිවේ පොඩි අවුලක් තිබුණා. ඉතිං "ර"යන්න කියවෙන්නෙ නෑ. ඒ වෙනුවට කියවෙන්නෙ "ව"යන්න. පොරගෙ නම ප්‍රියන්ත කුමාර. මං සෑහෙන කාලෙයක් ෆෝන් එකේ ඒ නම සේව් කරගෙන හිටියෙ "Priyantha ," (ප්‍රියන්ත කොමාව) කියලා.
පොර ආතල් සාගරයක් ඈ... අපි ගැටවු කාලෙ අපේ සෙට් එකේ සමහර කොල්ලො සල්ලි ටිකක් හොයාගන්න අතුල කේටර්ස් එකේ පාටිවලට කැෂුවල් ස්ටීවර්ඩ් හෙවත් වේටර් වශයෙන් වැඩ කරන්න යනව. ඒ පාටියකදි ප්‍රියන්තයට කෙල්ලෙක් සෙට් වෙලා. ප්‍රියන්තය ඒ කෙල්ලගෙන් ඇහුවලු "නංගි කොහෙද ගම?" කියලා.
කෙල්ල කිව්වලු, "මං මැල්සිරිපුර. අයිය දන්නව ද? ගිහිං තියෙනව ද?"
ප්‍රියන්තෙය කිව්වලු, "අනේ යන්ඩ නංගි. අපි නොගියපු මැයිසීපුව" කියලා.
නැට්ටට කිරි උනාගෙන එන කජුකිරි කොල්ලා කාලේ තමා VHS කැසට් පටයකින් මුලින්ම බැලුවේ .. කෙල්ලගේ ලස්සන දැකලා මෙහෙම කෙල්ලක් එක්ක දූපත තනිවෙන්නත් හීන දැක්කා බොලං.. පස්සේ ආයෙත් ITN එකේද කොහේද ගියා බැලුවා ඒත් එදා බලද්දී දැනුන ෆීලින් එක දැන් ආවේ නෑ .. එකියන්නේ දැන් අපි නාකිවෙලා.. කොහොම නමුත් අපූරු චිත්‍රපටයක්
ReplyDeleteඋබ නං නාකි ඇති. මට නං තාම ඒ හැටි අවුලක් නෑ ඒ ෆැන්ටසියෙ.
Deleteනෑ බං, ඔය හිරමල් ගැටවර වයසෙ කෙල්ලංගෙ අමුතු ලස්සනක් තියෙනව. ඒක දැනෙන්නෙත් ඒ වයෙස කොල්ලන්ට ම තමයි. ඒ හැඟීම එන්නෙ බං සෙක්ස් ගැන, ආකර්ෂණය ගැන තියෙන කුතුහලයත් එක්ක නෙ.
පස්සේ බෘක් ෂීල්ඩ් නඩු දාපු සීන් එකකුත් තිබ්බ නේද ? Director ට ද කොහෙද .. මම කොහේ හරි කියෙව්වා එහෙම සීන් එකක්
ReplyDeleteඒ වගේ දෙයක් මටත් මතකයි, මුතුහර සඟරාවක තිබුණා කියලා. කොහොමත් ෆිල්මවලට ඒන මුල් ම කාලෙ දි කෙල්ලන්ට නිරුවත් වෙන්න සිද්ධ වෙනව නේ? පස්සෙ උන් ප්‍රසිද්ධ තරු බවට පත්වෙනකොට, ඒ ගැන පසුතැවිලි වෙලා, සමහරු "ඒක අපි දන්නැතුව කළේ" වගේ වොයිස්කට් දෙනවා, තව සමහරු නඩු දාල වන්දි ඉල්ලනව.
Deleteකොහොමත් මේ ෆිල්ම් එකේ කොල්ලයි කෙල්ලයි දෙන්න ම ඇඳුං මොනවත් නැතුව රඟපාන කොටස් තියෙනව. ඒව හැබැයි හෙන නැචුරල් සිදුවීම් මිසක් අමුතුවෙන් ඔබ්බපු, මැජික් ගතියක් පේන්ඩ නෑ.
ඒ කාලේ පිස්සු හැදුන ෆිල්ම් තමා .. දැන් නම් බලන්න නිකන් අවුල් වගේ ..
ReplyDeleteඇයි? අර අසංගය වගේ නාකි වෙලා ද, පැතුමත්?
Deleteඔය සුද්දගෙ චිත්තරපටිවල නිරුවත් දර්සන තියෙනවලු... ඒ හින්දා මං ඔවුවා බලන් නෑ...
ReplyDeleteආහ්...! කාලෙකිං. ඔවුව බලන්ඩ එපා. උබලා නරක් වෙයි.
Delete