Friday, December 3, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - අතිශයින් ම රහසිගතයි (Top Secret!)


50 දශකය...

ජනප්‍රිය පොප් ගායක නික් රිවර්ස්, ප්‍රසංගයක් පැවැත්වීමට නැගෙනහිර ජර්මනියට යනවා. එහිදී ඔහුට මුණ ගැහෙනවා සුරූපී තරුණියක්, හිලරි ෆ්ලැමන්ඩ්.  ජර්මානු බසින් ඒ නමෙහි තේරුම, ගුරුත්වාකර්ෂණයට එරෙහි පියයුරු. ඇගේ පියා රජය විසින් පැහැර ගන්නා ලද විද්‍යාඥයෙක්. ඔහු බේරා ගැනීම සඳහා නික් රිවර්ස් සහ හිලරි, ප්‍රංශ විප්ලවකාරී සංවිධානයකට එකතු වෙනවා. ඒ සංවිධානයේ එක් කඳවුරක් පිහිටා ති‌බෙන්නේ පොටෑටෝ ෆාම් නම් ගොවිපළේ. එහිදී හිලරි ට මුණගැහෙනවා, ඇගේ පරණ පෙම්වතා. 

ඇය සහ ඔහු ඉතා කුඩා කාලයේ දී තනියම දූපතක අතරමං වෙලා. දෙදෙනා එකට ලොකු මහත් වෙලා, අවසානයේ පෙම්වතුන් බවට පත් වෙලා. නමුත් දිනක් තරුණයා තමන් තනා ගත් බෝට්ටුවකින් මුහුදේ ගොස් අතුරුදන් වෙලා. පසුව හිලරි නැවකින් බේරා ගෙන.

අවසානයේ ප්‍රංශ විප්ලවකාරීන් හිලරි ගේ පියා බේරා ගැනීමට ජර්මානු රජයේ බලකොටුවකට පහර දෙන්නට යනවා, වෙස් වළාගෙන...

මේ මොන මගුලක් ද කියා හිතුණා ද? මේ බලන්න මේ චිත්‍රපටියේ ට්‍රේලරය...


එල්විස් ප්‍රෙස්ලි ගේ චිත්‍රපටි සහ දෙවන ලෝක යුධ සමය පසුබිම් කරගත් රහස් ඔත්තුකාර චිත්‍රපටිවලට පැරඩියක් විදිහට සකර්, ඒ්බ්‍රහැම්ස් සහ සකර් හදා තිබෙන මේ චිත්‍රපටිය ඉතා ම කුරිරු විනෝදාස්වාදයක් ගෙන දෙනවා. පටන් ගත් තැන සිට අවසාන වන තුරු හුස්ම නොගෙන හිනාවෙන්නට පුළුවන් නියම නිර්මාණයක් මේක. 

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ වැල් කිල්මර්. ඉතා ම අලංකාර ලෙස ඔහු එල්විස්ගේ ගීත කීපයක් ම ගායනා කරනවා. සංගීතය සහ ක්‍රියාදාම වගේ ම, අවසානයේ ඉතා දීර්ඝ වෙලාවක් පවතින දිය යට සටන් ජවනිකාවකින් ද මෙය පොහොසත්.

ටොරන්ට් සබැඳිය මෙතනින්

අයිඑම්ඩීබී දත්ත මෙතනින්


55 comments:

  1. ඔව්ව ෆිල්ම් ද? ඔයිට වඩා හොඳයි සොකරි බැලුවනං...

    ReplyDelete
    Replies
    1. හෑ...! තවත් එකෙක්...! මුං කොහෙං පාත්වෙනවද මංද?

      Delete
    2. ඒකාව ඩ්‍රැකියෙක් හපපු එකෙක් වෙන්ටෑ? කොහෙද හැපුවෙ, පස්සා පෑත්තද?

      Delete
    3. පස්ස හපන්න නං, හතර ගාතෙන් යන්න එපැයි?🤔
      බහූ..ඌඌඌ....බුහ්

      Delete
    4. බස්, එහෙම හපන්ඩ නං, ගේ වැම්පයරෙක් වෙන්ඩැති?

      ටොම්,
      ආාාන්න බොට තේරුණා.

      Delete
    5. පිස්සු ටොමියොයි හොල්මන් ඩ්‍රැකියොයි..
      මළ සමයං 😃😃😃

      Delete
  2. ඩ්‍රැකි මල්ලි හුස්ම නොගෙන හිනා වෙන්න පුලුවන් අපිවාගේ මලගිය ඇත්තොන්ට විතරයි කියලා මේ බ්ලොග් එක කියවනා හය හතර නොතේරෙන උන්ට කියා දෙන්නට

    ReplyDelete
    Replies
    1. අඩ්ඩ්ඩෙහ්...! අමතක උනා බං. මේක බලන උදවිය පෝස් කර කර බලන්ඩලා...

      Delete
  3. කෙල්ලන්ගේ කට කන එව්වා නම් ආසාවෙන් බලනවා වරෙන්කෝ පැටියෝ කියාගෙන.

    ReplyDelete
    Replies
    1. අන්න ඔරිජිනල්, පලයං...!

      Delete
    2. යකෝ....මුලුහතර වරිගේම බැහැලානේ

      Delete
    3. මෙන්ඩො.. මූ අපිව මංඥං කරන්න හදන්නෙ. අහුවෙන්ඩෙපා.

      Delete
    4. නෑ නෑ මෙන්ඩො උඹ අහුවෙයං...

      Delete
    5. මහේෂුත් අහුවෙයිනෙ කොයිවෙලේ හරි...

      Delete
    6. හපොයි! තව කොමිටලත් ආවනං සම්පූර්ණයි.

      Delete
  4. Val Kilmer ඉන්ට The Ghost and the Darkness (1996) බැලුව. Heat (1995), Kiss Kiss Bang Bang (2005) බැලුවෙ මේ ලඟදි. මේකනම් බැලුවේ නැත ඩ්‍රැකියෝ...

    ReplyDelete
    Replies
    1. වැලා ඔය ෆිල්ම් ටිකේ පට්ට මහතයි. මං කියන එකේ ඇටකෝට්ට වගේ. බලල ම කියමුකො එහෙනං

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හ්ම්. ආයෙ වෙලාවක් ආවොත් බාගන්නම්කො කොහින් හරි

      Delete
  5. ඒ කාලෙ එව්වා බලලා තියෙන්නේ ටිකයි මහත්තයෝ.

    ReplyDelete
    Replies
    1. මේක විතරක්වත් බලල කියන්ඩකො හොඳ නරක

      Delete
    2. මේ දවස්වල බෙහෙත් මතෙන් ඉන්නේ ඩ්රැකී. ඒ මදිවට 'මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ 2' ලියමින්. ඒක වෙලාව කනවා....
      බලමුකෝ තව ටික දවසකින්....
      https://www.baiscopelk.com/dhamaka-2021-sinhala-subtitles/

      https://www.baiscopelk.com/%e0%b6%b8%e0%b7%93%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92-%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%bb%e0%b7%9a%e0%b7%82%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8a-2021-sinhala-subti/

      https://www.baiscopelk.com/red-notice-2021-sinhala-subtitles/
      films තුන නම් මෙ දවස්වල බැලුවා.


      Delete
    3. ඔව්වයිං මං අහලවත් තියෙන්නෙ රෙඩ් නෝටිස් ‌විතරයි අප්පා... මටත් වෙලාව බොහෝම අඩුයි ෆිල්ම් බලන්න. ඒකමයි මේ ලිපිවලට නම දැම්මෙ එදා අප දුටු කියල...

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ප්‍රංශ රෙසිස්ටන්ස් නේද? සිංහල වචනෙ මට ෂුවර් නෑ. ඒත් විප්ලවනම් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. විප්ලවකාරී නෙමෙයි. සමහරවිට සිංහලෙන් රෙසිස්ටන්ස් සංකල්පය නැතුව ඇති.

      Delete
    2. මොකෑ නැත්තෙ? තියනවා, හැමදේටම විරුද්ධ වෙන කස්ටිය නේද? සිඃඅලෙන් කියන්නෙ විපක්ෂය කියල, මහිතේ.🤔

      https://www.youtube.com/watch?v=kx_G2a2hL6U

      Delete
    3. උං ඔක්කොම එකයි මල්ලි

      Delete
  8. සංසාරේ! ප්‍රාජේගෙ කෙමෙන්ට් දෙකක්ම ආතර් මකලා.😂

    වැල් කිල්මර්, කොහොම හිටිය මනුස්සයෙක්ද?😒
    මම කැමතිම මේකට:
    https://www.youtube.com/watch?v=nqX_aEb1vy4

    ReplyDelete
    Replies
    1. බස්,
      වීඩියෝ අනවේලබල් ය කියන්නෙ...

      ප්‍රා,
      මං කැමතිම ගෝස්ට් ඇන්ඩ් ද ඩාක්නස්

      Delete
    2. ඔය ඔබේ-බටේ කිව්වට, එයා එක,එක්කෙනාට බෙදන හැන්ද වෙනස්. මම කිව්වෙ වැල් කිල්මර් හිටිය "The Saint" ගැන.

      Delete
    3. දැක්කා... https://www.youtube.com/watch?v=qkscr4gDcP8

      Delete
  9. කෝ බන් අර ලියනවා කිව්වා කතාව

    ReplyDelete
    Replies
    1. මොන කතාව ද? මට මතක නෑනෙ.

      Delete
    2. අපි මෙන්ඩාගෙන් අහන්න කලින් එයා අපෙන් අහනවා!

      Delete
    3. ඩ්‍රැකි..
      ඇයි බන් අර මගේ කතාවේ හිලව්වට සදුට දෙනවා කිව්වේ

      නිදි
      සිකුරාදා කමියට යැව්ව.....
      පහන්ගේ පෑලෑන් එකට මදුර මර්වින්ව එලියට ගත්තා

      Delete
    4. නිදි,
      ඒකනෙ කියන්නෙ. හෙරොයින් නං දවස ගානෙ ඔ්නෙ. නැත්තං අත පය වෙවුලනව.

      මෙන්ඩා,
      ඇත්තට ම මතක නෑ බං. ඉඳිං බලල ම කියන්නං.

      Delete
    5. ආාා හරි හරි මෙන්ඩො. ඉඳහං දෙන්නං ලියලා. එතකං මේක බලහං.

      Delete
  10. මෙන්න මෙතනත් තියනවා ෆිල්ම් 75 ක්ම ගිහින් බලන්නකෝ..
    https://youtu.be/3odu1vcxgJg

    ReplyDelete
    Replies
    1. ටිකක් බැලුවා. විනාඩි 13ක්නේ. බලපු එව්වා වගේම නැති ඒවාත් තිබුණා. පුළුල් පරාසයක තියෙන බවයි දැක්කේ... ෂින්ඩ්ලරස් list, සයිකෝ වගේ පරණ ඒවා හිට ඒ 75ට තියෙන නිසයි එහෙම හිතුනේ.

      Delete
    2. අපි,
      ගොඩාක් ස්තූතියි. එතන තියෙනව පට්ට ‌ෙිල්ම් ටිකක්. අර, ලයිෆ් ඉස් බියුටිෆුල් එහෙම ඉතාම විශිෂ්ටයි.

      නිදි,
      ඔය හැත්තැපහ ම බලමු එහෙහෙ.

      Delete
  11. ටොප් උනත් සීක්‍රට් ඒව බලන්න බෑ බොල.

    ReplyDelete
    Replies
    1. පල පල බොරු නොකියා...ඒ දවස්වල ඩෙක් එක බෙඩ්ශිට් එකකින් වගෙන නෙද බැලුවේ

      Delete
    2. තාත්ත එනකොට ඇඳගෙන ඉන්න සරම ගලෝල ටීවීයෙක වැහුවෙ උඹද එතකොට.

      Delete
    3. ප්‍රසා වහගෙන උන්නෙ ඩෙක් එක. ටීවියෙක වහගත්තෙ මෙන්ඩ... ඒ උනාට සද්දෙ?

      Delete
  12. ආතල් කෝටියක් කිව්ව නේ.. ඒනං බලන්න ඕන. 😃😃😃
    බලල සැපක් ගම්මු.

    ReplyDelete
    Replies
    1. සැපක් ගන්නනං ඕක බලල හරියන එකක් නෑ.

      Delete
    2. මහේෂ්, බලලම කියන්ඩ කොහොමද කියල.

      නයිස්, ඔන්න හැපින්න පස්සෙං.

      Delete
  13. Val ඉන්න top gun බැලුවේ මේ සතියෙ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි