පෙරසම (foreskin) කියන කොටස සමහර පිරිමි ළමයින්ට හරි වාතයක් වෙනවා. ඒ, ඒක පහලින් බද්ධ වෙලා තියෙන පිහිටීමක් තිබුණොත්. (මම මේක ‘දන්නෝ දනිති‘ ශෛලියෙන් ලියන්න යන්නෙ, මේ සබ්ජෙක්ට් එක කතාවට කෙළින්ම අදාළ නොවෙන නිසා.) මේ ප්‍රශ්නෙ තිබුණ මගෙ හොඳම යාළුවෙක් අපේ ඩොක්ටර් අංකල් හම්බවුණා. ඩොක්ටර් අංකල් කියන්නෙ, අපේ තාත්තගෙ නංගි කෙනෙක් බැඳල ඉන්න අපේ බාප්පා කෙනක්. එයා ලංකාවෙ එම්බීබීඑස් කරලා (මම කාලයක් කළා වගේ මේසන් බාස් ගෙ ගෝළ කම නෙවේ, ඔරිජිනල්) පස්සෙ ජොහැන්නස්බර්ග් ගියා. එහෙදි ඩීටීඑම් ඇන්ඩ් එච් කළා. අපි දන්න කාලෙ ඉඳන් එයා හිටියෙ එහෙ. දැනට අවුරුදු දහයකට විතර කලින් තමයි ආපහු පදිංචියට ලංකාවට ආවෙ.
ඩොක්ටර් අංකල් බොහොම පෞද්ගලිකව මගෙ යාළුවව පරීක්ෂා කරලා කිව්වා, මේකට නම් සැත්කමක් තියෙනවා, ඒත් ඔයාට ඒක කරන්න ඕනෙ නෑ. ඒක ටික කාලයක් පොඩි එක්සර්සයිස් එකක් (?) කළහම හරියනවා කියලා.
අපේ යාළුවගෙ හිතේ අප්සට් ගතිය යන්නත් එක්ක ඊට පස්සෙ ඩොක්ටර් අංකල් කතා දෙකක් කිව්වා.
ඩොක්ටර් ගේ පළමු කතාව
ඩොක්ටර් ජොහැන්නස්බර්ග් නුවර වැඩ කරන කාලේ, ඒ අය ඒරටට විදේශිකයන් වූ හින්දා එයාලගෙ සහායට දේශීය නර්ස් නෝනා කෙනෙක් සපයා දී තිබුණා ලු. ඒ නර්ස් නෝනලා රාජකාරියට අමතරව භාෂා පරිවර්තනයත් කරලා තියෙනවා. මෙහෙම එක දවසක් රෝගීන් පරීක්ෂා කරන අවස්ථාවක, ඩෝකටර් හිටපු තැනට අල්ලපු ක්‍යුබිකල් එකේ නර්ස් මහ හයියෙන් කෑගැහුවලු.
ඩොක්ටර් පුටුවෙන් නැගිටලා බැලුවලු මොකද කියලා. එතකොට අල්ලපු ක්‍යුබිකල් එකේ වයස හැටක විතර පිරිමි ලෙඩෙක් ඉන්නවලු, නර්ස් හිනාව තද කරගන්න බැරුව ඇඹරෙනවලු. ඉතින් අපේ ඩොක්ටර් අනිත් ඩොක්ටර් ගෙන් ඇහුවලු මොකද වුනේ කියලා. අනිත් ඩොක්ටර් කිව්වලු,
“මේ පේෂන්ට් මට කියනවා, එයාගෙ වහස හැට හතරයි ලු. එයාට ලිංගික වශයෙන් පසුබට ගතියක් දැනෙනවලු කියලා. ඉතින් මම ඇහුවා ඔයාට ඒක දැනෙන්නෙ කොහොමද කියලා. එයා කියනවා, කලින් නම් මම දවසකට හතර පාරක් xxx කළා. දැන් කරන්නෙ දෙපාරයි කියලා.“
“ඉතින් මම එයාට කිව්වා, ඔයාට කිසිම අවුලක් නෑ. ඔයා කියන එක ඇහුනම මට හිතෙනවා මම ලිංගිකව පසුබටයි කියලා“
“නර්ස් ඒක ලෙඩාට තේරුම් කළාට පස්සෙ, මම එයාට එයාට කිව්වා, මම ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ඔයාගෙ අහවල් අවයවයට කොපුවක් හදා දෙන්නම්, ඒකෙ මුළ හරියට ටිකක් ඉස්සරහින් ගණකම නූලක් ගැටගහලා, ඉණ දෙපැත්තෙන් පිටිපස්සට ගන්න. ඊට පස්සෙ ඔයා ඕනෙ ඕනෙ වෙලාවට අර නූල පිටිපස්සට අදින්න. වැඩේ සාර්ථකව කරගත්තැකි කියලා.“
ඩොක්ටර් ගේ දෙවන කතාව (ඩොක්ටර් ට අනුව මේ කතාව කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ ලෙජන්ඩ් එකකි)
ඩොක්ටර් අංකල් කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ ඉන්න කාලේ, ඒ ගොල්ලන්ට උගන්නපු ලෙක්චරර් කෙනෙක් හිටියලු ඩොක්ටර් මැඩොන්සා කියලා. එයා ගෝලයොත් අරන් ජාතික රෝහලේ විසිට් එකක් යනවලු, එක එක රෝග ලක්ෂණ පෙන්නලා තේරුම් කරන්න. ඉතින් ගෝලයො අතර කොල්ලොයි කෙල්ලොයි දෙකම ඉන්න බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
දවසක් ඩොක්ටර් මැඩොන්සා ගියාලු ගෝල පිරිස එක්ක සමාජ රෝග වාට්ටුවට. (අපේ ඩොක්ටරුත් මේ ගෝල පිරිස අතරෙ හිටියා). ඒ වාට්ටුවෙ හිටියලු වීඩී හැදුණු හාමුදුරු කෙනෙක්. ඩොක්ටර් කෙනෙකුට රෝගියෙකුගෙ තත්ත්වෙන් තරාතිරමෙන් වැඩක් නෑනෙ, ඉතින් ඩොක්ටර් මැඩොන්සත්, අර හාමුදුරුවො ඇසුරින් ඒ රෝගයෙ ලක්ෂණ තමන්ගෙ ගෝලයින්ට කියා දුන්නලු. ඊට පස්සෙ එයා හාමුදුරුවන්ගෙන් නිකමට වගේ ප්‍රශ්න ටිකක් ඇහුවලු,
එයා ඇහුවලු “හාමුදුරුවනේ, මේක කොහොමද හාමුරුවන්ට හැදුනෙ?“ කියලා.
හාමුදුරුවො කියනවලු, “මහත්තයා, මම පහුගිය පොසොන් පෝයට ගියා අනුරාධපුරේ. එහෙදි මම එක තැනක තිබුණු ගළක් උඩට මුත්‍රා කළා. එතෙන්දි මගෙ මෙව්ව එක ඒ ගළේ ගෑවුණා. ඒ ගළ උඩ ම, මට කලින් තව කෙනෙක් මුත්‍රා කරලා තිබුණා. මම හිතන්නෙ එහෙම වෙන්න ඇති මේ කරුම ලෙඩේ හැදුණෙ“ කියලා
ඩොක්ටර් මැඩොන්සා එකපාරටම ඇහුවලු,
“ඈ හාමුදුරුවනේ. ඔය කියපු ගළ උඩ හු***ක් එහෙම තිබුණෙ නැද්ද“ කියලා.
මෙඩිකල් ශිෂ්‍යාවො ටික දිව්වලු එහා වාට්ටුවට යනකම්.
Tuesday, April 9, 2013
Monday, April 8, 2013
ඉඩෝරෙට වෙලේ ළිඳක් - ගජබින්නාලංකාරයේ දෙවන කථා වස්තුව
බාප්ප යි තාත්තයි කරපු සමාජ සේවයක් ගැන බාප්ප කියපු කතාවක් මේ. බාප්පා ගැන පළවෙනි කතාව මෙතනින් කියවන්න ඇහැකි.
අපි පොඩි කාලේ වෙල අයිනේ නාන ළිං වලින් තමයි නෑවෙ, රෙදි හේදුවෙ එහෙම. මේ වගේ ළිඳක් ගැන සුනිල් පෙරේරා සූරීන් තමන්ගෙ ‘ළිඳ ළඟ සංගමය‘ කියන සිංදුවෙනුත් කියනවනෙ.
හොඳටම පායන කාලෙට ගමේ ළිං වල වතුර අඩු වෙනවනේ. එතකොට මිනිස්සු ගෙදර ළිඳේ වතුර බොන්න තියාගෙන, වෙළ මැද්දෙ ළිඳක් කපනවා. ඒ වගේ හොඳටම පායන කාලෙක බාප්පයි තාත්තයි ගමේ අනික් කාණ්ඩෙත් එක්ක වෙළේ අපේ වත්තට අයිනෙන් ළිඳක් හාරන්න පටන් ගත්තා.
කට්ටියත් ඉන්න එකේ ලේසියෙන් දවසකින් විතර ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන හෑරුවට, මේ ළිඳ කපනවා කපනවා ඉවර වුනේ නෑ. ඔන්න එක්කෙනෙක් බැහැලා හාරනවා. ඊට පස්සෙ එයා කූඩෙට පස් පුරවනවා. අනික් කට්ටිය කරන්නෙ ඒ වෙනකල් වටේට ඉඳගෙන කයිවාරු ගහ ගහ ඉන්න එක. පුරවලා ඉවර උනහම අනික් අය කූඩෙ උඩට ඇදලා ගන්නවා දබරෙන්.
බාප්පගෙ හොඳම යාළුවෙක් හිටියා ලපයා හෙවත් සාන්ති කියලා. එයාගෙ නම ට තේරවිල්ලකුත් හදලා තිබුණා ‘ඉන්දිරා ගෙ ලොකු පුතා‘ කියලා. ඉන්දිරා ගාන්ධි ගෙ ලොකු පුතාගෙ නම ‘සන්ජේ ගාන්ධි‘ ඒක අනිත් පිට පෙරළුවහම ‘ගංජ සාන්ති‘ වෙනව, කටේ හුරුවට. තව හිටියා විල්බට් කියලා උස මහත හරිම අහිංසක මිනිහෙක්. එයාට කිව්වෙ ‘රජා‘ කියලා. ගැමියන්ගෙ තිබුණ උත්ප්‍රාස රසයට ඒක උදාහරණයක් කියලා මට තේරුණේ ගොඩක් පස්සෙ.
හාරගෙන හාරගෙන දවස් ගාණක් ගියාට පස්සෙ, ළිඳේ අඩියෙ ගළක් මතු වුනාලු. (මෙතන ඉඳන් මම ‘ලු‘ ප්‍රත්‍යය එකතු කරනවා.) මේ ගළ තිබුණාවෙකො. ඒකෙන් අමුතු සද්ද ඇහෙන්නත් ගත්ත ලු. යට හිටිය ‘රජා‘ හොඳටම බය වෙලා උඩට නැග්ගලු.
යකාටවත් බයනැති අපේ බාප්පයි තාත්තයි බැස්සලු ළිඳට මොකද්ද වෙන්නෙ කියල බලන්න. ගැට උණගහ දිගේ ටික ටික අඩියට ළං වෙනකොට ඇහෙනවලු ‘මරපිය, කොටපිය, ඉරපිය,...‘ වගේ සද්ද. බොහොම භයානක කටහඬවල් වලින්. මොනව වුනත් බයට වඩා කුතුහලය තිබුණු තාත්තයි බාප්පයි කුළු ගෙඩියක් අරං ගළ කඩන්න පටන් ගත්තලු. ටිකෙන් ටික ගළ කැඩෙනකොට තමයිලු දැක්කෙ:
ගලට යටින් මතු වුනේ අපාය ලු.
හමුවෙමු නැවතත් ගජබින්නාලංකාරයේ තවත් හරවත් කථාවක් සමඟින්.
පින්තූරෙ ඉස්සුවෙ - http://marionmedical.org/images/MalawiFall07d_018.jpg

Monday, March 25, 2013
අපේ බාප්පගෙ මිරිස් වගාව (ගජබින්නාලංකාරයේ පළමු කථා වස්තුව)
අපේ බාප්පා ගැන යන්තමින් විතර මගේ මුල් කියන පෝස්ටුවෙන් කිව්වා.
බාප්පා කොලුව කාලේ කන්තලේ පැත්තෙ ඉඩම් හම්බවෙලා වගා කොළා නොවැ. එක පාරක් එයා එහෙ ගොවි රජා හැටියට ත් තේරිලා තියෙනව. එක හැටියකට එක තැනක ඉන්න බැරි කමෙන් එයා ආපහු ගමට ඇවිත් මහගෙදර ඉඩම වගා කර ගෙන, අඩියක් පුඩියක් ගහගෙන, කාට හරි කෑගහගෙන, ආතල් එකේ හිටියා. එයා කොච්චර දක්ෂ ගොවියෙක්ද කියන එක මම පොඩි කාලෙ දැකලා තියෙනව. ඒ කාලෙ අපේ මහ ගෙදර අක්කර දෙකක ඉඩම (සහෝදර සහෝදරියො 8 දෙනෙකුට අයිති උනාට) බාප්පා තනියම වගා කරලා, එළවළු, බුලත් එහෙම පොළට ගෙනියලා තමන්ගෙ හැම ඕනෙ එපා කමක් ම පිරිමහගෙන ජීවත් වුනේ.
බාප්පා ඉතාම දක්ෂයි බොරු විදින්න. එයා බොරු විදිනවා විතරක් නෙවෙයි, අල්ලෙ පැළ කරනවා, පැකැට් කරනවා, තව තව ගොඩක් දේවල් කරනවා. මේ එයා දවසක් අපිට කියපු කතාවක්.
බාප්පා කන්තලේ තනියම මිරිස් හේනක් වගා කළා. ඒක කොච්චර සාරවත් ද කියනව නං, මිරිස් කඩන්න ගහට නගින්න වෙන තරම්. ඒක ට පාවිච්චි කරපු උදැල්ල ට ගහල තිබුණෙ ගංජ ගහකින් හැදුව මිටක් කියනවනෙ. ඒ මිටේ පවර් එකට උදේ වැඩ පටන් ගත්තහම එක දිගට ම වැඩ කරන්න පුළුවන් ලු.
දවසක් එයා උදේ ඉඳන් මිරිස් කඩලා කඩලා හරිම මහන්සියි. ඉතින් හිතුවලු ගහෙන් බැහැලා බීඩියක් බොන්න. ඉතින් ගහෙන් බැහැලා, ළඟම තිබුණු ගළකට හේත්තු වෙලා, කණේ ගහං හිටිය බීඩිය පත්තු කරගෙන, ගිණිකූර ඇතිල්ලුව ලු ගළේ. මෙන්න බොලේ එකපාරටම ගළ හෙල්ලෙන්න ගත්තලු. බාප්පත් බයවෙලා භූමි කම්පාවක් ද කියල බලනකොට තමයි, එයා මෙච්චර වෙලා ගළක් කියලා හේත්තුවෙලා ඉඳල තියෙන්නෙ නිදාගෙන හිටිය පතරංග සයිස් ඇතෙකුට බව දැක්කෙ. ඇතා දැක්ක බාප්පා බය බිරන්තට්ටු වෙලා ආත බූත නැතුව කැළේ කඩාගෙන දුවලා. ඇතත් ළඟ ළඟම එළවං එනවලු.
බාප්පා දුවලා දුවලා ගිහිං ඉස්සරහට හම්බ වුණු අඩි සීයක් විතර උස ගහකට නැග්ගලු, ඇතාට ළං වෙන්නවත් බැරි. කොච්චර උසද කියනවනං ඒ ගහ, උඩට නැග්ගහම ඇතා පේන්නෙත් නිකං අර ඒ කාලෙ තිබුණ ගිණිපෙට්ටියෙ ඉන්න ඇතා සයිස් ලු. ගහේ උඩම අත්තකට නැගලා යන්තම් හුස්මක් කටක් අරන් බැලුවලු මේ මොන වගේ ගහක් ද කියලා. එතකොට තමයි දන්නෙ;
ඒක මිරිස් ගහක් බව.
ගජබින්නාලංකාරය මේ අයුරින් ආරම්භ කරමි.
මීට අපේ බාප්පගෙ අයියගෙ පුතා,
ඩ්‍රැකියා
පින්තූර ඉස්සුවෙ -
http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2010/8/23/1282575161155/Chillies-006.jpg
http://www.newsonair.nic.in/feature-image/Elephant-Tusker-running.JPG

Wednesday, January 9, 2013
මුල් (roots)
පළවෙනි පෝස්ට් එක හැටියට මගේ මුල්, ඒ කියන්නෙ වැල ගිය මුල ගිය තැන් ගැන කතා කරන්න හිතුවා. “අපට මොකෝ මුගෙ වැල යි මුලයි කොහෙ ගියත්...“ කියල කවුරු හරි කියන්න පුළුවන්. ඒ වුණත් ගොඩක් අය ඉතිහාසයට හරි ආසයි.
මගෙ තාත්තා අපෙන් සමු ගෙන දැනට අවුරුදු දෙකක් විතර. බාප්පා නැති වුනේ 1998 දී විතර කියලයි මතක. ඒ දෙන්නා ම තරුණ කාලෙ කරපු දේවල් අහං ඉන්න අපි හරි ආසයි. ඒ අතරින් දවසක් තාත්තා අපේ මී මුත්තාගෙ ඉඳන් අපි ඉන්න ගමේ අපේ ඉතිහාසය මට කිව්වෙ මේ විදිහට;
දකුණෙ තියෙන යාත්‍රාමුල්ල කියන ගමෙන් ආව ටික දෙනෙක් අපේ ගම අවට පදිංචි වෙලා තියෙනව, මේ අය අතරින් අන්දිරිස් අප්පු කියන තරුණයා තමයි, අපේ මී මුත්තා. එයාගෙ පුතෙක් වුණු යාත්‍රාමුල්ලගේ සුවාරිස් අප්පු හෙවත් තාත්තලා කියන විදියට “සුවාතා“ ගමේ වැදගත් තැනක් තිබුණු වඩු බාස් කෙනෙක් ලු. එයා හිටියෙ පළවෙනි ලෝක යුද්ධෙ කාලෙ කියලා අපේ බාප්පා කියනව. එයාගෙ කාලෙට අයිති දම්වැල තියෙන ඔරළෝසුවක්, නැමි පනාවක් ආදී දේවල් මහගෙදර තිබුණ කියල තාත්තා දවසක් කිව්වා. දැවැන්ත පෙට්ටගමක්, කෑලි තුනේ කැටයම් අල්මාරියක්, එහෙම අපේ මහගෙදර තිබුණ. අපේ මහගෙදර ත් 1990 ගණන් වල කඩාගෙන වැටෙනකොට අවුරුදු එකසිය හැත්තෑවකට එහා පරණයි කියලා ගමේ වැඩිහිටියො කිව්වා. ඒක තනිකර ම වෑවරණ කෝටු වලින් වරිච්චි ගහපු අඩි 80 යි 60 විතර දිග පළල සොල්දර ගෙයක්. ඉස්සරහ තිබුණු මහ කණු රවුම් කබොක් ගල් වලින් හදලා තිබුණෙ.
සුවාත ගේ පුතෙක් වුණු යාත්‍රාමුල්ලගේ විලියොං සිඤ්ඤෝ වෙළඳාම්, ගොවිතැන වගේ එක එක දේවල් කරපු කවි මඩු පවත්වපු, හොඳට බීපු කාපු කෙනෙක් කියල තමයි, තාත්තාගෙයි බාප්පාගෙයි කතා වලින් මගෙ හිතේ මැවුණු චිත්‍රය අනුව කියන්න පුළුවන්. ඕනෙම දෙයක් ගැන නිදහසේ හිතන්න පුළුවන් කෙනෙක් වුණු විලියොං ආතා, පුත්තු තුන් දෙනෙකුත්, දූවරු පස් දෙනෙකුත් බිහි කරලා, අපේ තාත්තාට අවුරුදු දාසයක් විතර කාලෙ දි පරළොව ගියා. එයාගෙ ලොකු දුවත්, මද්දුම පුතා වුණු මගෙ තාත්ත ත්, පවුලේ බර කරට ගන්න ඉගෙනීම නැවැත්තුවා. ඒ දෙන්නා තමයි අනිත් සහෝදරයින් ගෙ අධ්‍යාපනයට උර දුන්නෙ.
ඒ අතරේ තාත්තයි බාප්පයි කන්තලේ මහ කැළේ ගස් කපපු හැටි, තාත්තා ගම්පහ සමූපකාර ෂෙඩ් එක මුරකරන්න ගිය හැටි, ගැන කතා අපි පොඩි කාලෙ දි අහල තියෙනව. අන්තිමේ ලොකු නැන්දා එයා වැඩ කරපු ශ්‍රී ලංකා විදේශ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ (දැන් ටෙලිකොම් එකේ කොටසක්) පියන් තනතුරකට තාත්තා ව පත් කළා. ඊට පස්සෙ තමයි තාත්තට විවාහය ගැන හිතන්න පුළුවන් වුනේ.
අපේ අම්මගෙ මුල් බිම වුණේ නුවර කන්දෙ කුඹුර. ඒත්, අම්මගෙ පප්පයි මමීයි හිටියෙ කරගහමුණ. (අපි ඒ අයට කියන්නෙ සීය පප්පයි ආච්චි මමීයි.) ආච්චි මමී ගුරුපත්වීමක් ලබලා කුරුණෑගල ගියාම, සීය පප්පත් එහෙ ගිහින් ඒජන්ත ගාව ලියන්න පත්වීමක් හදා ගත්තා. ඒ දෙන්නා බැන්දෙ එහෙදි.
තාත්තා වනිතා විත්ති පත්තරේ දැම්ම මංගල යෝජනාවක් අනුව අම්මා එයාව අඳුනගත්තෙ. ලියුම් දෙක තුනකට පස්සෙ තාත්තා තනියම කුරුණෑගලින් හැතැම්ම හයක් එහා අම්මගෙ මහ ගෙදර හොයාගෙන ගිහින් කෙළින්ම සීය පප්පට කතා කළා. ඊට පස්සෙ සීය පප්පා ආවා අපේ ගම් පළාත බලන්න. අපේ බාප්පා එයාව එක්කරගෙන ගිහින් වත්ත පහළ වෙල් යාය පෙන්නලා කිව්වලු, “අර ලියදි, එකක් නෑ සේපාලගෙ !“ කියලා. (සේපාල තමයි තාත්තගෙ නම). මහප්පා ගේ හදන්න ගෙනාව ගඩොල් ගොඩ පෙන්නලා “සේපාල ට ගෙයක් හදන්න ගෙනාපු ගඩොල්“ කිව්වලු. ඊට පස්සෙ කිව්වලු “හොඳ රා පොළක් තියෙනවා, යං“ කියලා.
කොහොම හරි සීය පප්පගෙ බලවත් විරෝධය නොතකා, අම්මා තාත්තත් එක්ක විවාහ වුණා. නපුරු නැන්දම්මා කෙනෙක් ට මුහුණ දීලා, දහදුක් විඳලා ගෙයක් හදාගෙන පදිංචි වෙන කොට දෙන්නගෙ විවාහයට අවුරුදු හයක්. ඒ වෙනකොට මම අම්මගෙ කුසේ.
උපදින කොට රාත්තල් 4 ක් විතර වුණු මගෙන් අම්මලට හරි කරදර තිබුණා. මට මතකයි මට අවුරුදු හතර වෙනතුරු ම නිතර ලෙඩ වෙනවා, බස් පහසුකම් ඒ තරම් නැති ඒ කාලේ මාව වඩාගෙන අම්මා ඇවිදලා තියෙන දුර අනන්තයි. දවසක් තාත්තයි එයාගෙ යාළුවෙක් වුණු සමරසේකර මාමයි මාව වඩාගෙන ගියා ඒ පැත්තෙ තියෙන හෙට්ටිකන්දෙ ගෙඩි වෙදමහත්තයා ගාවට. පැය කීපයක් තිස්සෙ මාරුවෙන් මාරුවට මාව වඩාගෙන ඒ දෙන්නා ගිය හැටි මට තාම මැවිලා පේනවා.
මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා අපේ සෙන්ට්‍රල් එකට යද්දි ත් අම්මා මාව බස් එකට ගොඩ කරන්න කිලෝමීටරයක් විතර දුර පයින් එනවා මට මතකයි. මම ඒ ලෙවල් කරද්දි තාත්තා පැන්ෂන් අරන්. ඒත් එයා නිකම් හිටියෙ නෑ, කුළී වැඩක් හරි කරලා අපේ පන්ති වියදම් පියෙව්වා. ගොඩක් වෙලාවට අපි උදේට පාන් කාලා ඉස්කොලෙ යනවා. අම්මයි තාත්තයි දවල්ට රොටියක් පුච්චන් කාළා, අපි එනකොට බත් උයලා තියනවා. අපිට කියනවා ඒ ගොල්ලො බත් කෑවයි කියලා. ඒ ලෙවල් වලින් පස්සෙ මම තාත්තට බරක් නොවී මගෙ වියදම් හොයාගත්තා. ඒකට මම බෝඩ් ඇන්දා, එම්බීබීඑස් හෙවත් මේසන් බාස්ට බදාම සැපයීම කළා, රෙප් ලා පස්සෙ ගියා, රු. 750/- පඩියට පරිගණක උපදේශනය කියන සාඩම්බර රස්සාව අවුරුදු එකහමාරක් ම කළා.
මට හරිහමන් රස්සාවක් හොයාගන්න, කටයුත්තක් කරල දෙන්න තාත්තා ගොඩක් මහන්සි වුණා. ඒ දෙන්නව සතුටු කරන්න මට ඒ තරම් දෙයක් කරන්න ලැබුණෙ නෑ. මම ඩිග්‍රිය පාස් වෙද්දි තාත්තා අපිව දාල ගිහින්. මට සතුටු වෙන්න පුළුවන් එකම දේ, එයා මගේ අනාගතය දැක්ක බව හිතන එක විතරයි.
අද “මම“ කියන පුද්ගලයා හැදුණේ ඔය කියපු මුල් වලින් ලැබුණු පෝෂණයෙන්. අපේ අතීතය, මුතුන් මිත්තන් සහ විශේෂයෙන් ම අම්මයි තාත්තයි අද මම සිහිපත් කරන්නෙ හිතේ තෙරපෙන ණයගැති හැඟීමකින්.
පින්තූරෙ උපුටා ගත්තෙ - http://www.imagesofceylon.com/people/p17-full.jpg ලින්ක් එකෙන්. කොපිරයිට්, පාලින්ද සිල්වා මහතා.

Friday, November 30, 2012
යාළුවනේ,
ඕන්න මගේ බ්ලොග පටන් ගත්තා. වෙන ඕනෙම බ්ලොග් ලියන්නෙකුට වගේ මටත් මේක කාලෙක ඉඳන් තිබුණු ආසාවක් ඉටු වීමක්.
මේ බ්ලොගෙන් මම ලියන්න යනවා කිසිම රාමුවකට කොටු නොවී හැම දෙයක් ගැනම; ඒත්, මුලින් නම් කෙටියෙන් ලියන එකයි, යාන්ස් හෙවත් යාං හෑලි ලියවෙන එකයි, වළක්වන්න බැරි වෙයි.ඒ කියන්නෙ මතක සටහන්, කයිවාරු, වගේ දේවල්.
ඉතින් එන්න, මගේ බ්ලොගයට එන හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලගෙ කොමෙන්ටු වලට පිළිතුරු ඒ සැණින්ම ලැබෙයි කියලා මම පොරොන්දු වෙන් නෑ. ඒත් හැමෝටම මම පිළිතුරු දෙනවා.
- ඩ්‍රැකී
Subscribe to:
Posts (Atom)
වැඩිපුර බලපු ලිපි
-
පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ...
-
මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව... තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ...
-
එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් ...
-
කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වල...
-
පිදුම අතීත කාමයෙන් ලියන්ඩ, ලියන්ඩ කියලා දිරිමත් කරන නමුණුකුළින් ඒහා ඉන්න බාගි නගාට... එක්තරා කාලෙයක් තිබුණ , මගෙ හිතේ ඒ ලංකාවෙ සමාජය ය...
-
රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හි...
-
මෙතෙක් ලියා ඇති ගජබින්න වලට පටුනක් මුලින්ම... 1. බාප්පගෙ මිරිස් වගාව 2. ඉඩෝරෙට වෙලේ ළිඳක් 3. අලිමාලය 4. සුවාරිස් මුත්තගෙ දඩයම් 5. ඉර ...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක , අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය...
-
මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි ගෙ පොතක් ඉදිරිපත් කරනවා. මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උත...
-
ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්... ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර ඉස්කෝලෙ මහත්තුරු සහ බටග...