"මට මේ පේන්නෙ හීනයක් ද? මේක නම් වෙන්ඩ බැරි දෙයක්. මං මේ ඇවිත් ඉන්නෙ දිවියලෝකෙට ද? ඒත් දිවියලෝකෙට මහ පොළොවෙ ඉඳල පයින් ගිය හැකැ? මොකක් උණත් මට මේ පෙනෙන්නෙ අනුරාදපුරේ නං නෙවෙයි."
වන රේඛාවට නුදුරින් පිහිටි ගල්පරයේ ගෑවෙමින් අහසට නැඟුණු වීර ගහ දිගේ වඳුරෙකු මෙන් බඩගාගෙන ගොස් මුදුන් අත්තට වී අවට බැලූ 'චාරක' මවිත විය. ගස් පට්ටා හා කොළවලින් තනා ගත් අමුතු ම පන්නයේ ඇඳුමකින් යන්තම් විළි වසාගෙනසිටි ඔහුගේ ශරීරය, වලසෙකුගේ මෙන් ඝනව වැඩුණු ලොමින් වැසී ඇත. මතු වී පෙනෙන මස් ගොබවලින් යුත් අත් පා යකඩ මෙන් ශක්තිමත් බව පෙනේ. හැඩපලු ගෙතුණු තඹවන් කෙස් කලඹ, දෙකන් දෙවුර හා පිටේ පෙදෙසක් ද වැසී යන සේ නිදැල්ලේ එල්ලෙයි. කිතුල් කෙඳි මෙන් ඝන ව වැඩුණු රැවුල ද හිස කෙස් මෙන් ම තඹවන්ය. කහට බැඳුණු දත් හා දිගට වැඩුණු නිය ද මිනිහෙකුට වඩා කැලෑ සතෙකුට හිමි ලක්ෂණ චාරක කෙරෙහි ඇති කරයි. අතේ දුනු හී හෝ වෙනත් අවි ආයුධ නැති නිසා ඔහු වැද්දෙකැයි සිතීම ද අපහසුය.
"මං පුංචි කාලෙ අනුරාදපුරේ සිරිමාබෝ හාමුදුරුවොයි, තූපාරාමෙයි අඳින්ඩ අපුච්චත් එක්ක දෙතුන් පාරක් ඇවිත් තියෙනව. අනුරාදපුරේ හැටි මට හොඳට මතකයි. වෙන්ඩ බෑ; වෙන්ඩ බෑ; මට මේ පෙනෙන්නෙ නං අනුරාදපුරේ වෙන්ඩ බෑ. අපේ අපුච්ච මාත් උස්සාගෙන කැලෑ වැදුණෙත් අපි අනුරාදපුරේ යන්ඩ හිතාගෙන හිටි දවසකට ඉස්සරින්දා හැන්දෑවෙ. එතකොට මට වයස අවුරුදු හත අටකට වඩා නැතුව ඇති. ඒ්ත් මට හොඳට මතකයි. එදා ඉඳල මේ මෑතක් වෙනකල් ම, අපේ අපුච්චයි මායි ගමරට ගැන කතා කළා. ඒක හින්ද මට හොඳට ම මතකයි. අපේ ගේ තිබුණෙ කොළොං ඔය අද්දර. ඒ ගෙයි තිබුණෙ එක කාමරයයි. ඒකට කිව්වෙ ඇතුල් ගේ කියල. අපි කැලේ දි හිටිය ගල්ගෙටත් වඩා අපේ ගේ කරුවලයි. වරිච්චි බැඳල, මැටි ගහල හදාපු ගෙයි බිත්තියෙ මුව අං තට්ටු, ගෝන අං තට්ටු හයි කරල තිබුණා. අපුච්ච හේනට යනකොට වතුර ගෙනියන ලබු කැටේ එල්ලල තිබුණෙත් ඒ අං තට්ටුවක. ගෙයි ඉස්සරහ පිළ කෙළවරේ ලී කණු හිටවලා තිබුණා. ඒ ලී කණු උඩ තමයි යටලීය තිබුණෙ. වහලෙ හෙවිල්ලලා තිබුණෙ පිදුරුවලින්. අපේ අපුච්චගෙ වාංහං දෙක තුනක් යටලීයටයි, වහලෙටයි අතරෙ හිර කරල තිබුණා. ගෙපිළ මිදුලෙ ඉඳල හුඟක් උසයි. මං ඒ දවස්වල යටලීයෙ එල්ලිලා ඔංචිලි පදිනව.
මං ඒ පිළේ දිගෑදිල ඉන්නකොට තමයි එදා මාම හති දාගෙන දුවගෙන ආවෙ. එතකොට අපුච්ච හිටියෙ ගේ ඉස්සරහ මඩුවෙ. ඒ මඩුවෙ තමයි අපේ කුරක්කන් අටුවයි, වී බිස්සයි තිබුණෙ. පිටින් කවුරුවත් ම ආවහම රෑට නිදාගන්නෙත් ඒ මඩුවෙ. එදා අපුච්ච හිටියෙ කුරක්කන් රොටි හද හදා. මාම ඇවිත් අපුච්චට මොකක්දෝ කිව්වා. අපුච්ච බොහොම කලබල වෙලා කුරක්කන් රොටි දෙක තුනකුත් ඔොඩක්කුවෙ දාගෙන මාත් උස්සගෙන කැලෑ වැදුණා. මට කතා නොකර ඉන්ඩ කිව්ව හින්ද මං මොකුත් ම ඇහුවෙ නෑ. අපි එදා කැලේ ඈතට ඈතට ගියා.
අපේ ගේ ළඟ තවත් ගෙයක් තිබුණා. ඒකත් අපේ ගේ වගේ මයි. ඒ කාලෙ අනුරාදපුරේ ලොකු ගේකට තිබුණෙ දෙමළ රජ්ජුරුවන්ගෙ මාළිගාව විතරයි. ඒකෙ වහලෙට පෙති උළු හෙවිල්ලල තිබුණා. ඒත් මට මේ පෙනෙන ගේ ඒ මාළිගාවටත් වඩා ලොකු එකක් වගෙයි. ඒකෙ වහලෙ වලාකුල්වල ගෑවෙනව. බැහැගෙන එන ඉරේ එළිය වැටිල එ ගෙයි වහලෙ දිලිහෙනව. ඒක පිදුරු හෙවිල්ලපු වහලෙකුත් නොවෙයි. උළු හෙවිල්ලපු වහලක් වෙන්ඩත් බෑ. එව්ව මෙහෙම දිලිහෙන්නෙ නෑ.
අර ඊට එහායින් ආකාසෙට අනින්ඩ හදපු උලක් වගේ පේන්නෙ මොකක් ද? ඒ උල අග තාරුකාවක් ඇමිණිලා වගේ පේනවා. අහසට උලෙන් අනින කොට තාරුකාවක් ඇමිණෙන්ඩ ඇති. ඒත් කාට ද පුළුවන් ඔච්චර දිග උලක් වාරු කරගෙන ආකාසෙට අනින්ඩ? මට මොකුත් ම හිතාගන්ඩ අමාරුයි. කොහොම උණත් මට මේ පේන්නෙ නං අනුරාදපුරේ නෙවෙයි. මදැයි අපේ අපුච්චගෙ කීමට ගම රට හොයා ගෙන ආව?
එදා අපි කැලේ ඈතට ඈතට ගිහින් අන්තිමේදි ගල් ගේක පදිංචි උණා. අපි කටුවල, හිරිතල වාගෙ අල ජාති හාරල අළුයට හංගල, උඩින් ගින්දර ගහල තම්බගෙන කකා, ගෙඩි ජාති කකා කොච්චර කල් හිටිය ද? අපුච්ච කැලේ තනිකර දාල යන්ඩ මං කැමති උණේ නෑ. දැන් ඉතින් අපුච්චත් ඉවරයි. උන්දෑ පහු උණු පාළොස්වක දා අන්තිමට මට කිව්ව "පුතේ මං හෙට ඒළිවෙනකල් වත් ඉන්න එකක් නෑ, උඹ අනුරාදපුරේට ආපහු ගිහින් එහෙ ඉන්න නෑදෑයො හොයාගෙන ඉඳින්," කියල. ඊට පස්සෙ ආය උන්දෑ කතා කළේ වත්, ඇස් ඇරියෙ වත් නෑ. මට ඒ දවස්වල අපේ අපුච්ච අත දික් කරල "පුතේ අනුරාදපුරේ තියෙන්නෙ ආං අර ඉසව්වෙ," කියල පෙන්නුව. මං ආවෙ ඒ ඉසව්ව බලාගෙනයි. ඒත් මට මේ පෙනෙන්නෙ අනුරාදපුරේ වෙන්ඩ බෑ.
මං කොහොම උණත් කැලෑවෙන් එළියට ගිහින් ගම්මානෙකට සේන්දු වෙන්ඩ ඕනෑ. එතකොට අනුරාදපුරේ තියෙන දිහා හොයා ගන්ඩ පුළුවන් වෙයි.
චාරක ගහට නැග්ගාටත් වඩා වේගයෙන් බිමට බැස නාම්බං ගෝනෙකු මෙන් පඳුරු අතරින් ඉදිරියට ඇදුණේය. ඔහුට දැන් ඕනෑ කරන්නේ නිස්කලංකව කතාබහ කිරීම පිණීස ගම්වැසියෙකු හමුවීමයි. ගම්වැසියන් කීප දෙනෙකු එක් වර මුණ ගැසීමට ඔහු කැමති නැත. මුලින් ම තමන්ගේ වත ගොත එක් කෙනෙකුට පමණක් කියන්ට අවස්ථාවක් ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවයි. එක දිගට ම ගලා ගෙන එන අවුල් සිතිවිලිත්, පිළීවෙළක් නොමැතිව හැදී වැඩී ඇති රූස්ස ගස් හා කටු පඳුරුත් පසු කරමින් "සරස් බරස් සිටිස් සුටුස්" හඬ නංවමින්, දිරා ගිය කොළ රොඩු හා අතු රිකිලි දෙපයින් තළ තළා ඉදිරියට ඇදෙන ඔහු ඉද්ද ගැසුවාක් මෙන් හදිසියේ ම නැවතී ඇසුත් කනුත් එක් දෙසකට යොමු කළේය. කොළ රොඩු පොඩි වෙන අස්වාභාවික හඬකුත් භයානක දර්ශනයකුත් ඔහුගේ දෙකණත්, දෑසත් ඔහු වෙත ගෙනාවේය. මොහොතකින් ඔහු ගමන් මග වෙනස් කළේය. හරි, ඔහු ගේ නිගමනය හරි. ඔහුට පෙනුණේ පිඹුරෙකුත්, මිනිසෙකුත් අතරේ කෙරෙන මාරාන්තික සටනකි. ඔහුට ඇසුණේ ඉන් නැගුණු හඬය.
පිම්මෙන් දෙකෙන් එතැනට ඇදී ගිය චාරක වහා ම පිඹුරාගේ හිසින් අල්ලා බාන් ඇඹරීමට තිත්ත වැලක් වෙළු කවන්නාක් මෙන් අඹරන්නට පටන්ගත්තේය. ටික වේලාවකින් පිඹුරු වෙළුම ලිහී ගියේය. පිඹූරු වෙළුමට මැදිව සිටි මිනිහා කෙඳිරි ගාමීන් බිම වාඩි වී තමා බේරා ගත් අමුත්තා දෙස ඇසිපිය නොහළා බලා සිටියේය. චාරක, හිසෙන් අල්ලාගත් පිඹුරා අවට තිබුණු කටු පඳුරු මුදුන් පීරමින්, කස කරකවන්නාක් මෙන් හත් අට වරක් හිස වටා කරකවා අතහැරියේය. පිඹුරා මඳක් දුර අහසින් ගොස් මාදං ගහක වැදී බිම වැටුණේය. චාරක අත්ලෙන් අත්ල පිසදා ගනිමින් බියගුලු ලෙස තමා දෙස තවමත් බලා සිටින පුද්ගලයා දෙස බැලීය.
"උඹැහෙට අමාරුද ගොයියො?"
"ඩිංගක් ඇඟපත රිදෙනව ඉතරයි. අනේ මේ ඇත්තට අයියනායක දෙයියන්නෙ පිහිටයි. මේ ඇත්තා නොඑන්ඩ, මං මෙලහකට පිඹුරු තඩියගෙ බඩේ."
"මොකද උණේ?"
"මං මේ බුලත් කොවුලකට අන්දර ලීයක් කපා ගන්ඩ ආවා. පිඹුරු තඩිය වලිච්චිය දානකල් දන්නෙ ම නෑ. අනේ මේ ඇත්තා මගේ පිනට කොහේ ඉඳල කඩා වැටුණා ද කියලයි මං මේ හිතන්නෙ. මේ ඇත්තා වැදි හූරෙක්වත් ද?"
"නෑ, නෑ, මං වැද්දෙක් නෙවෙයි."
"අනේ මං ගැන අහිතක් හිතන්ඩ එපා; එහෙම ඇහුවට. මං එහෙම ඇහුවෙ මේ ඇඳුමෙයි, පෙනුමෙයි හැටියටයි. මේ......දැන් ඉර ගලෙන් වැටෙන්ඩත් ළඟයි. යංද මගෙ පැලට? මේ ළඟමයි තියෙන්නෙ."
"ඒ පැලේ තවත් කවුරුවත් ඉන්නව ද?"
"නෑ, මං විතරයි."
"හා හෙනං යං."
දෙදෙනා ම ගමනට පිටත් වූහ. මඳක් දුර ගැමියා පිටුපසින් ගමන් කළ චාරකට, වීර ගස උඩදී දුටු උස් ගොඩනැගිල්ලෛ් පියස්ස යළිත් පෙනුණේය.
"මේ, ගොයියෝ, අර ඈත පෙනෙන්නේ මොකක් ද?"
"කෝ, කෝ, කොයි එක ද?"
"අර, අර බුරුත ගහ එක එල්ලේ පෙනෙන්නේ."
"ආ, ඒකට කියන්නෙ ලෝහ ප්‍රාසාදය කියල.
"මොන ප්‍රාසාදය?"
"ලෝහ ප්‍රාසාදය. ලෝවාමහපාය කියලත් කියනව. ඕකෙ තට්ටු නවයක් තියෙනවා."
"මොනව? තට්ටු නවයක් තියෙනව. ඕක මොන කාරණයකට හදාපු එකක් ද?"
"ඒ්ක ගෙයක්; එක ගෙයක් උඩ තව එකක්, ඒක උඩ තව එකක්. යට ම ගෙයි වහලෙ තමයි, ඊට උඩින් තියෙන ගෙයි බිම. ඔහොම නව මාලයක් තියෙනවා. ඒකෙ පදිංචි වෙලා ඉන්නෙ හාමුදුරුවරු."
"එතකොට ඒක පංසලක්?"
"ඔව් පංසලක්."
"මගෙ අප්පේ! ඔය විස්මකරුම කරුමාන්තෙ කෙරුවෙ කවුද?
"අඳෝ! මේ ඇත්තා කොයි ලෝකෙද හිටියෙ? මේ ඇත්තා දන්නව ද ගැමුණු රජ්ජුරුවො? උන්නාන්සෙ තමයි ඒක හැදෙව්වෙ."
"ගැමුණු රජ්ජුරුවො? මං දන්නෙ නෑ. ඒක නෙවෙයි මේ කොහේ ද?"
"මේ අනුරාදපුරේ"
"අනුරාදපුරේ? අපේ ගම? පුදුමයි."
"මේ ඇත්තා අනුරාදපුරේ ද?"
"ඔව්."
"මේ ඇත්තා අනුරාදපුරේ වෙලත් මේ තොරතුරු දන්නෙ නෑ කියන එක නේ පුදුමෙ. ආ, අර පෙනෙන්නෙ මගේ පැල තමා."
"එහෙම ද? එහෙනං අපි ඒකට ගිහිං ටිකක් නිවී සැනසිල්ලේ වං හුං කතා කරමු."
අඳුරත් සමග පැලට ගොස් ගැමියාගේ ආගන්තුක සත්කාර ලැබූ චාරක තමාගේ ජීවිත කතාව කියන්ට පටන්ගත්තේය. එයට සාවධානව ඇහුම්කන් දුන් ගැමියා අන්තිමේදී මහත් සොම්නසින් මෙන් කතා කළේය.
"උඹැහෙට මතක ද උඹැහෙලගෙ ගෙට නැගෙනහිර පැත්තෙන් මී ගහ ළඟ තිබුණු ගේ?"
"ඔව්, මට මතකයි."
"ඒ ගෙදර හිටිය බාසුරු කියන පොඩි එකා මතක ද?"
"ඔව්, මට මතකයි."
"ඒ මං තමා."
"ඈ............!"
අවුරුදු පණස් ගණනකට කලින් තමා සමග කොලොං ඔයේ එකට පිනුම් ගසමින් සෙල්ලම් කළ බාසුරු හඳුනා ගැනීමෙන් චාරකටත්, චාරක හඳුනාගැනීමෙන් බාසුරුටත්, ඇති වූයේ නිම් හිම් නැති ප්‍රීතියකි. ඔවුහු නෙත් අදහා ගැනීමට නොහැකි වූවාක් මෙන් ටික වේලාවක් ඔවුනොවුන්ගේ මුහුණු බලා නිසොල්මනේ සිටියෝය. පැලේ දැල්වෙමින් තිබුණු ගිනි ගොඩේ ආලෝකය මුහුණුවලට විටින් විට වැටෙන විට ඔවුන්ගේ ඇස්වලින් සතුට උතුරා යනු පෙනුණි.
එතෙක් පැවති නිහැඬියාව බිඳිමින් බාසුරු කතා කළේය.
"ඉතින් උඹැහෙල කැලෑ වැදුණෙ මොකද කියල අපුච්චා උඹ එක්කල කිව්වෙ නැද්ද?"
"කිව්වා, රූණෙන් ආපු ඇත්තෙකුට මොකක් දෝ ඔත්තුවක් දුන්න කියල අපේ අපුච්ච මරංඩ දෙමළ රජ්ජුරුවො අණ කළා ලු."
"හරි එදා මළ ඉර බැහෙන කොට ම උන් ඇවිත් උඹැහෙලාගෙ ගේත් ගිණි තිබ්බ. අපටත් සැර පෑව; උඹැහෙල හොයල දෙංඩ කියල."
"අපේ අපුච්ච කිව්ව, උන්දැනං මැරෙන්ඩ බය නෑ. අම්මත් නැති මං තනි වෙන හින්දයි කැළෑ වැදුණෙ කියල."
දිගින් දිගට ම සතුටු සාමීචියේ යෙදී සිටි ඒ දෙදෙනා පසු දින උදේ අනුරාධපුරය බැලීමට යෑමට තීරණය කර ගෙන, ගෝන කරවල මාළුවත්, අලකොළ ඇඹුලත් සමග කුරක්කන් පිට්ටු බඩ පුරා කා නින්දට ගියෝය.
මේ කතාව තිබුණේ හය වෙනි ප්‍රමාණයේ කියවීම් පොතකය. මේ වගේ ම තවත් කතාවක් වූ "සුබලයාගෙ පින" මට හොඳාකාරව මතක නමුත්, දැන් මා ළඟ ඒ පොත නැත. තියෙනා කෙනෙක් හට පොටෝ ටිකක් ගහලා හරි ලබා දෙන්ඩ පුළුවන්නං ලොකු හයියකි.
අඩේ මේක නියමයි නෙව? තුන් හතර පාරක් වත් කියවන්න ඕනෙ, හොඳට රස විඳින්න.🙏👌😊
ReplyDelete"සුබලයාගෙ පින" හ්ම්...ඔහොම නමක් මතකයි, කොහේදි හරි දැකලා තියනවා.🤔
ඒකනෙ ඒකනෙ. සුබලයාගෙ පින පට්ට ම ගජබින්නයක්. හොයල දියකො...
Deleteඕන්න ඉතිං එදා හැන්දෑවෙත් මම තුවක්කුවට බේත් කොටාන දඩයමේ ගියා. එදා හොඳට හඳ පායාලා එළිය වැටිලා තිබ්බ දවසක්.. වෙනදා වගේම, එදත් මම ඌරො එන මංකඩ තිබ්බ පලු ගහකට නැගලා, දෙබලක හරිබරි ගැහිල ඉඳ ගත්තා. ඇන්න ගිය
Deleteරොටි දෙකත් කොටා බාලා, දැන් මම ඈත-මෑත විපරමින් බලාගෙන ඉන්නවා, ඌරෙක්ව එලාගන්ට. ඕන්න මට පේනවා, සාර සොබාවට වැවිලා . වලු බර වෙච්ච පොල් ගහක් ටික,ටික මං හිටිය පැත්තට ඇවිදං එනවා. මම හොඳට ඇස් දෙක පිහිදාලත් බැලුව. ඕං දැන් පොල් ගහ ඇවිත්, මං ගාවම පලු ගහේ ඇතිල්ලෙන්න ගත්තා. ඒ කාලෙ මාත් නැඩ ඉලන්දාරියා, යකෙකුටවත් බය නෑ. ඕන දෙයක් කියලා, මමත් මාරු වුනා පොල් ගහට.
දැන් පොල් ගහේ කරටියෙ, හොඳය වෑඩි වෙලා, කඩා ගත්තා හොඳ වෑවරයක්. ඉනේ තිබ්බ පිහියෙන් ඒක කපලා බීලා, මඩිස්සලෙන් විටක් අරං හපන්න ගත්තා. විටේ මතටට මන්දා, මට එහෙමම නින්ද ගියා. ඇහැරිලා බලන කොට එලිය වැටීගෙන එන හිමිදිරි පාන්දර, පොල් ගහ ආයෙත් ඇවිත් පලු ගහේ හැපෙනවා. මම හනිකට පලු ගහට මාරු වුනා,
ඔන්න දැන් පොල් ගහ හෙමීට යනවා ඈතට, ඒත්, දැන් එලිය වැටීගෙන එන නිසා, මට පේනවා, පොල් ගහ පැලවෙලා තියෙන්නෙ තඩි පිඹුරෙක්ගෙ පිට උඩ කියලා. මේකයි වෙලා තියෙන සිංගෙදිය: මේ පිඹුරා කාලෙකට ඉස්සර ගෝනෙක්ව ගිලලා. ඒ ගෝනගෙ අඟක් පිට පසාරු කරගෙන මතුවෙලා. ගහකින් වැටිච්ච පොල් ගෙඩියක් ඒකෙ ඇමිණිලා පැලවෙලා. අර මට නිදිමත ආවෙ, විටේ මතට නෙමෙයි පිඹුරු විසට.
සුබලයා කිව්වට මතක් වෙයිද දෙයියනේ... මේ කතාව මාත් කියවල තියෙනවා.... සිංහල පෙළ පොතකද කොහෙද තිබ්බේ!
Deleteවිශේෂ ස්තුතියක්, මගෙනුත් ටොමීට...
ඒ කතාව වෙන එකක් කියල කියන්නෙ:
Deletehttp://ranrandil.blogspot.com/2013/09/215-4.html?showComment=1378569926981#c4503762123845092667
ටොමියො, ඕං ඕක තමා මං හොයන්නෙ. පොටෝ ටිකක් ගහල එවන්ඩ පුලුවංද?
Deleteනිදි, ඒක නැද්ද ඔයාගෙ පුස්තකාලෙ? ආ වෙලාවක පොටෝ ටිකක් ගහගන්ඩ?
ටොමී, එතන කියන කතාව හෙන දිගයි. සමහරවිට මං හොයන කතාව වෙන නමකිං වෙන්ඩැති තියෙන්නෙ
පොටෝ ගහන්න වෙන්නෙ මයෙ ඔලුගෙඩිය තමා. මකුලු දැල් කඩලා, ඔය ටිකත් හොයා ගත්තෙ, ලෝං ටර්ම් මැමරි එකේ කොණක තිබිලා.
Deleteමතක විදිහට පරණ කොල හැලිච්ච පොතක තිව්නෙ. කඩල ඔතන්න විකුණපු පොතක් වෙන්නත් ඇහැකි. මම ඒ වගේ පොත් හොයාගත්තා මතකයි, කඩල කාරයින්ගෙන්.
හපොයි. ඒ පොත නැද්ද දැං? එහෙනං ඔලු ගෙඩියෙ පොටෝ දෙක තුනක් ගහං එම්ආරයි මැෂිමකිං
Deletehttps://www.amazon.com/Adventures-Baron-Munchausen-Forgotten-Books/dp/1606208454
Deletehttp://www.mediafire.com/file/b1mb8rry351k117/Manchosan_Charika.zip/file
Deleteමැංචෝසන් චාරිකා නම්න් ඔය පොත D.B. කුරුප්පු මහතා පරිවර්තනය කර පලකලා. එහි තියෙන්නේත් ගල් පැලෙන ඇත්ත. සුබලයාගේ කතාවේ වගේ එකක්..., සටනකදී දෙපලු වුණු අශ්වයෙකුගෙ කෑලි දෙක පුරුද්දන්න ගහපු අතු පැළ වෙලා තුරු වියනක් සහිත අශ්වයෙක් හැදුණු හැටි ගැන එහෙමත් ඒ පොතේ තියෙනවා.
Deleteඅර, වැඩිමනත් මදිවෙලා රාස්බෙරි ඇට දාල කොටල වෙඩි තිබ්බෙ මුවෙකුට... පස්සෙ උගෙ ඔලුවෙ රාස්බෙරි ගහක් වැවිල තිබුණෙ... ඇයි තව දවසක් කාලතුවක්කු උණ්ඩෙක නැගල ගියෙත් මැංචෝසන් ම තමයි. ඕකෙන් ගහපු ෆිල්ම් එකකුත් තියෙනව...
Deleteඔය පොත මට කොච්චර වැදගත්ද කියල ඉයනවා නම් posts දෙක තුනකදීම විස්තර ලියලා තියෙනවා අවුරුදු දෙකකට විතර කලින්.
Deleteහිනා තවත් හිනා පොත ලියලා ඉවර වුණාම ඔය පොත පින්තූරත් එක්කම දාන්නත් හිතුනා, blog එකට.
කුරුප්පු මහත්තයාට උපහාරයක් විදිහටත් එක්ක. මම නැවත මුද්‍රනයෙදීත් සෑහෙන කොටසක් කළානෙ...
Deleteහෑ...! නිදි සම්බන්ධ නොවෙච්ච පොතක් නෑ නෙව...!
Deleteඔයා පොත දාන්ඩ. ඒක වටින වැඩක්. මං හිතුනොත් ෆිල්ම් එක ගැන ලියන්නං, මේ කළබල දවස් පහුවෙලා.
ටොමිය දැම්මේ මැන්චෝසන් චාරිකා ඒක හරි. ද්‍රකි ගේ කතාව "වංකනාසික තිස්ස රජ්ජුරුවන්ගේ කතාව නේද? මමත් ඒ පොත කියවල තියනවා.
Deleteවංකනාසික තිස්ස කිව්වෙ බස්ස ගැන ද?
Deleteබස්සා ව දැකල තියෙනවා කියල දන්නේ නැති නිසා කියන්න අමාරුයි
Deleteකවුද ලියල තියෙන්නෙ ?
ReplyDeleteපොතේ තිබුණෙ නෑ නම
Deleteවංකනාසික තිස්ස හරි ඊට පස්සේ අපු රජ කෙනෙක් ගැන කතාවක්. පොඩි පොතක්.
Deleteහොයාගන්න ඔ්නෙ. කියවන්න වටින ඇරඹුමක්...
Deleteමේක ලස්සනයි අයියෙ.. ඒත් මේක නෙවෙයි මං කිව්වෙ.. ඒ කතාවෙ ෆොටෝස් ඊයෙ මට සාරා නංගි එව්වා.. ❤️ රෑම කියෙව්වා මං.. තැන්ක් යූ ඔයාටත් මේක කියවන්න සැළැස්සුවට..
ReplyDeleteස්තූතියි. මේක නෙවෙයි තමයි. ඒ ගැන ඇති වුන සංවාදයෙදි රවි අයිය මේ වගේ අතුරු කතාවක් ගැන කියල තිබුන.
Deleteපට්ට...පට්ට...එල ද බ්‍රා....අනේ මචෝ ඉතුරුටිකත් හොයලා දාපන්...
ReplyDeleteඒකෙ ඉතුරු ටිකක් නෑ මෙන්ඩො... කෙටි කතාවක් මයෙ හිතේ
Deleteසුන් සුන් සුනේ සුන්
ReplyDeleteබබියත් සුන්
බබියගෙ මෑණියන්දත් සුන්
මාත් හොඳටම නොසන්සුන්
කියෙව්වා ආදරෙන්
ඇරඹුමම හොඳ හෙයින්
අනේ, ටිකකින් ඉතිං
එච්චරයි කියන්නෙන්
ආසාව වුණා සුන්!
හමු වෙයන් - හමු වෙයන්
සුබලයාගේ පිනෙන්
හරි, එයත් ලියවෙයන්
ඇති මෙ වගේ රසෙන්!!
සුබලයාගෙ පින
Deleteමැදින් ටිකක් වක
(ආ නෑ නෑ ... වැරදුණා)
සුබලයාගෙ පින
මට හොයලා දෙන
පිනෙන් යනව දිවියලොකෙ
පණ පිටිම්ම උඩ
//පිම්මෙන් දෙකෙන් එතැනට ඇදී ගිය චාරක වහා ම පිඹුරාගේ හිසින් අල්ලා බාන් ඇඹරීමට තිත්ත වැලක් වෙළු කවන්නාක් මෙන් අඹරන්නට පටන්ගත්තේය. ටික වේලාවකින් පිඹුරු වෙළුම ලිහී ගියේය. පිඹූරු වෙළුමට මැදිව සිටි මිනිහා කෙඳිරි ගාමීන් බිම වාඩි වී තමා බේරා ගත් අමුත්තා දෙස ඇසිපිය නොහළා බලා සිටියේය. චාරක, හිසෙන් අල්ලාගත් පිඹුරා අවට තිබුණු කටු පඳුරු මුදුන් පීරමින්, කස කරකවන්නාක් මෙන් හත් අට වරක් හිස වටා කරකවා අතහැරියේය. පිඹුරා මඳක් දුර අහසින් ගොස් මාදං ගහක වැදී බිම වැටුණේය. //
ReplyDeleteමේ පරිච්ඡෙදය කියෙව්වාම මතක් උනේ "තුරුවෙළුමා" ගස් අඹරලා ලණු හදාපු හැටියි, ගල්කඩුවා ඇඹරුම් ගල් හත අටක් තරම් විශාල ගලක්, කඩල ඇටයක් නිය පිටින් විදින්නාක් මෙන්, වැටුන තැනක් හොයාගන්න බැරි තරම් ඈතට විසි කරපු කතාවයි.
ඒක තිබුන කතාවේ නම මොකක්ද කියලා කල්පනා කරමින් බ්ලොගය අවසාන වෙනකම් කියෙව්වාම,
"සුබලයාගේ පිණ" ???
තුරුවෙළුමයි, ගල්කඩුවයි එක්ක හිටපු වීරයා සුබලයා නෙවෙයි කුසලයා කියලයි මට මතක. ඒක කොටස් වශයෙන් මිහිර පත්තරේ ගියා.
Deleteඅර පිඹුරු සීන් එක මුලින් ම කියවද්දි මට මතක් වුනේ සුදු වැද්දා පොතේ හෑන්ස්, ගැස්පාව බේරගන්න කොටස...
සෑම්, අර සිරිමලා බුකියේ, අරක්කු පෙට්ටියක් ගෙනල්ල නිවන් යන්න දුන්න කියල කෑ ගහන්නේ ඔයා ගැනද 😄
Deleteමේක අපට කලින් තිබුනු පොතක් වෙන්ටෑ? මෙහෙම එකක් කියෝපු මතකයක් නෑ.
ReplyDeleteඔව් බුරස්... හැත්තෑව දශකයෙ පොතක්.
Deleteපිඹුරෙක් හින්ද හොඳා. னයෙක් උනානං කතාව වෙනස් වෙන්න තිබුණ.
ReplyDeleteனයෙක් උනානං, දස්ට කරනව කිය කියා පස්සෙං එයි. එච්චර තමා.
Delete//னයෙක් උනානං...//
Deleteපතෑං (ටෝච් පාර)
https://www.youtube.com/watch?v=Ylh4PsCQk9I
බකුස්,
Deleteඔය කාටුන් එකේ "කා" ට ඩබ් කරන්නෙ විනි ද පූ ට හඬකවන සීය මයි.
නයිස්,
https://www.youtube.com/watch?v=Im8RKYbU9ns
//මේ වගේ ම තවත් කතාවක් වූ "සුබලයාගෙ පින" මට හොඳාකාරව මතක නමුත්...//
ReplyDeleteහොඳාකාරව මතක නං මොන සෙද්දකටද ඕක හොයන්නෙ? ලියපිය 😈🦉🐶🙏
මතකයි කිව්වට මට ඕනෙ ඔරිජිනල් ටෙක්ස්ට් එක. මගෙ වගේ ලියන්ඩ බෑ, වරදකාරී හැඟීමක් එනව
Delete//වරදකාරී හැඟීමක් එනව//
Deleteමඟුලක් කියනවා? ඔව්වාවල අයිතිකාරයො ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ. පොත් තියෙන එව්වොත් නෑ. මම කියන්නං, මෙහෙම කරමු.
එක එක්කෙනාට මතක කොටස් එකතු කරන්න කියමු. ඉස්සෙල්ලා නිදිගෙන පටන් ගමු. රවීටයි, දයානන්ද රත්නායක දෙන්නත් ඈඳ ගන්න ඇහැකි නං, තව විස්තර ගත්තෑකි. එතකොට ඇහැකි වෙයි නේද අමුණගන්න.
මෙහෙම හරි, කතාව ගොද නගන එක, මම ං කියන්නෙ සමාජ සේවයක් කියලයි.
This comment has been removed by the author.
Deleteඕක මං ලිව්වොත් අතිං එකතු වෙනව බර තොගයක් දේවල්. ඒකත් බැරි නෑ. ඒත් ඔරිජිනල් එකේ තියෙනව වෙනම වටිනකමක්
Deleteමම ඔහොම මතකයෙන් "රොමාගෙ වාසානාව සහ බස්සාගේ අවාසනාව" කියල ලිව්වා. ඒ පුණ්‍ය කර්මයේ ආනිසංස තැපෑලෙන් ආවා. දැන් ඕං පොත බැබැලි, බැලි ඉන්නවා මේසෙ උඩ.🙏👌😊
Deleteතව පොඩ්ඩෙන් මේ වල් බලු නකුටා මාව විකුණනවා. 🤣
//ඕක මං ලිව්වොත් අතිං එකතු වෙනව බර තොගයක් දේවල්//
Deleteඉතිං හොඳයි නෙව? දාමු ඩිස්ක්ලේමර් එකක්, පොත හොයාගන්න නෑ, මතක විදිහටයි ලියන්නෙ කියලා. කේයස්ගෙ "තනිකම" ගැනත් මම මුලින් ලිව්වෙ මතකයෙන්. පස්සෙ වෙන බ්ලොගර් කෙනෙක් කතාව හරියටම දැම්මා. මම ඒක ලින්ක් කරලා තව පෝස්ට් එකකුත් ලිව්වා. දෙකටම හොඳ ප්‍රතිචාර ලැබුනා.
අනේ මහත්තුරුනේ, මං ඔය කතාව කියවපු බවක් මිස කතන්දරේවත්- තිබ්බ පොතවත් මතක නෑ. හොයලා බලමු....
Deleteහ්ම්ම්... අපි බලමුකො ලියන්ඩ.
Deleteනිදි ගාව පාසල් පොත් නං නැතුව ඇති. තියෙන කෙනෙක්ව හොයා ගන්නවත් පුලුවං වෙයිද?
දැනටමත් මම අනුර ජිනදාස මහත්තයගෙන් අහලා ඉවරයි. එයාත් කියන්නේ සිංහල 6, 7 වගේ පොතක තිබ්බ බව මතකයි කියලා. බලමු පෙළ පොත් තියෙන කෙනෙක්ව හොයලා...
Deleteආාා... ගොඩක් ස්තූතියි නිදි. උත්සාහවන්තයා ණය ගනී කියල කියනවනෙ. අපි බලමු.
Deleteසුබලයට කිසිම සම්බන්ධයක් නැති මම ලිව්ව එකක්."හබලයාගේ නියමය හා සුබලයාගේ පින"
Deletehttps://kolambagamaya.blogspot.com/2014/11/blog-post_24.html
ඔය පොතේ (ද්රකි ලියපු එකේ) එක තැනක ළිඳක් ළඟ කතාවක් තියනවා. චරක සහ බාසුරු රාජ පුරුෂයන් ගෙන් බේරෙන්න පැනල යනවා. හැබැයි ඊට පස්සේ රජ පුරුෂයෝ ඉන්නේ රජු මැරුණහම චාරුකට රජකම දෙන්න. හරිද
අර ලිංක් එක වටිනව.
Deleteළිඳක් ළඟ කොටසක් තියෙනවනං බස්ස ම වෙන්න ඔ්නෙ. ඇත්තටම මම දන්නෑ ඒක නවකතාවක කොටසක් කියල. හොයාගන්න ඔ්නෙ...
සුබලයාගේ පින මමත් කියවලා තියෙනවා පෙලපොතකින්. අපිට තිබුණ සිලබස් එකේ නෙමේ. ඊට කලින් තිබුණ එකක්. දැන් කතාව මතක නෑ. ඒ පොතේම තිබුණා "මට ආසාය ආයෙත් බිළිඳෙකු වන්න" කියලා කවි පන්තියක්. "ඉරටුවෙ ගසා හූනන් හට බත් දෙන්න..මට ආසාය ආයෙත් බිළිඳෙකු වන්න" "අක්කා එක්ක තරගෙට දුව පැරදෙන්න.. මට ආසාය ආයෙත් බිළිඳෙකු වන්න " ඔන්න ඔහොම කවි. තව කුරුල්ලො ගැන කවි පන්තියක් තිබුණා.
Deleteකොහොමැයි කතාකොරන්නෙ දුරකතන අංකයන් නොදන්නකොට? ඒක එවනවද මෙන්න මෙ ඊයට ? slankapriya@gmail.com
ReplyDeleteසරත් ලංකාප්‍රිය
ඔ්ං එව්වා.
Deleteවර්ණපාල
ReplyDeleteදුටුවා. රස වින්දා. පට්ට ඈ. අර බෝට්ටුවෙන් පැපුවා නිව් ගිනියා යන එක තමයි හොඳ ම.
Deleteබෝ කොයි දීපන්කරේද ගච්චල ඉන්නෙ හිට..
ReplyDelete