මේ ගැන මම ලියපු 1 1/2 කොටස ට මගේ හිතවත් මිත්‍රයෙක්, රසවතෙක් සහ දිවා රෑ නැතුව මා එක්ක කතා කරමින් මගෙ පරණ කතාව හැඩ ගස්සවන්නට දායක වුණු ඒ කතාවේ සැබෑ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් ද වුණු නෙක්ස්ට් කමෙන්ට් කරමින්, මතු කරපු කාරණයක් තමයි, සුළු සමාජයකින් උපරි ව්‍යුහයට කොපි කරගන්නා සංගීතය ගැන. ඔහු දුන්න උදාහරණය මෙන්න...
මේ තිබෙන්නේ තවත් එවැනි ගීතයක්.
මේ ඒ ගීතයෙන් දකුණු ඉන්දියාවට ඇති වුණු ආභාෂය...
මෙයින් කෙරුණු මෙන්න මේ ප්‍රතිනිර්මාණය නම් විරෝධාභාෂ ගීතයක් වුණා.
මේ තියෙන්නෙ තවත් ලාංකීය කුඩා සමාජ පරාසයක නිපන් ගීතයක්...
හෙන්රි රෙජිනල්ඩ් පීරිස් තැනූ මේ ගීතය මෙතැන ගායනා කරන්නෙ මැජික් සීයා හෙවත් රන්ජිත් පීරිස්...
මේ ගීතයේ පදමාලාව සහ සංගීතය තවත් වැඩි දියුණු කර ජිප්සීස් තැනූ ගීතය ලංකාවේ මහා සමාජය පුරා ජනප්‍රිය වුණා.
මේ නෙවිල් ප්‍රනාන්දු ගේ මාස්ටර් සර්...
මේ නීලා වික්‍රමසිංහ...
නීලා වික්‍රමසිංහ මේ ගීතය ගැයුවා පමණක් නොව, "මාස්ටර් සර්" යන පාඨයෙන් නම තබා සංගීත ප්‍රසංගයක් ද කළා.
මේ භාතිය සංතුෂ් ගේ මාස්ටර් සර්...
භාතිය සංතුෂ් දෙපළ, මේ පෝස්ටුවට අදාළ වන්නේ, මාස්ටර් සර් නිසා නෙවෙයි. සිරිසඟබොධි මාළිගාව නිසා...
ජෝන් ද සිල්වා ලියූ මේ ගීතය රොම්ලස් සිල්වා මුලින් ගැයූ අතර, ප්‍රසිද්ධතම පසුකාලීන ගායකයා, මර්වින් ජයතුංග. මං හිතන්නේ මෙතැන එය ගායනා කරන්නේ නිශ්ශංක දිද්දෙණිය...
නමුත් අර අපි කඩපිලේ දී කතා කරන විදිහෙන් කිව්වොත්, නැගල යන්නේ භාතිය සංතුෂ් වර්ෂන් එක බව කියනුම කවරේද?
මට මතකයි රංජිත් එදිරිසිංහ වරක් කියනවා, ශෛලේන්ද්‍ර සිං (හෝ ශංකර් ජායිකිෂන්) ලංකාවට පැමිණි වතාවකදී, රේඩියෝ සිලොන් ආයතනයට ද පැමිණියාලු. අපි කුඩා කාලෙදිත් රේඩියෝවෙ ගිය වැඩසටහනක් තමයි විරිදු. ස්ටූඩියෝවට රබානකුත් රැගෙන එන විරිදු ගායකයා, රබාන උරහිසේ තබාගෙන වාදනය කරමින් විරිදු කියනවා දුටු ශෛලේන්ද්‍ර (හෝ ශංකර් ජායිකිෂන් දෙදෙනා) ඒ ගැන විමසා විස්තර දැනගත්තාලු. නැවත ඉන්දියාවට ගිය ඔවුහු, රාජ් කපූර් සමඟ මේ ගැන කතා කරලා, එහි ප්‍රතිඵලයක් ලෙසට මේ ගීතය නිර්මාණය කළා ලු. මේ මන්නා ඩේ. ගීතය ලියුවේ ශෛලේ්න්ද්‍ර, සංගීත නිර්මාණය ශංකර් ජායිකිෂන්.
මේ ගීතය කොයිතරම් රාජ් කපූර් ට හිතට ඇල්ලුවාද කියතොත්, රාජ් ගේ ජිස් දේස් මේ ගංගා බෙහෙති හේ චිත්‍රපටයේ කථා නායකයා ගේ බාහිර චරිතය තනිකර ම, රබානක් ගත් විරිදු කාරයෙකුගේ හැටියට ගොඩ නැගුවා.
වැඩේ තියෙන්නෙ, මේ ගිතයේ මුල ලංකාවේ වුණා ට, මේ ගීතය ආපිට මෙහෙ එන්නේ කොපියක් විදිහට...
පරිධියෙන් හෙවත් කුඩා සමාජයෙන් මහා සමාජයට හෙවත් උපරි ව්‍යුහයට යන කොපිත් තිබෙන අතර, බොහෝ විට ඉහළින් පහළට ලැබිය යුතු ගෞරවය යන්නේ නැති බව පේනවා. මම කලිනුත් කීවා වගේ, 100% සත්‍යය සහ සාධාරණත්වය කියන සංකල්පවල තිබිය යුතු යැයි සාම්ප්‍රදායිකව විශ්වාස කෙරුණු වටිනාකම තවදුරටත් නොමැති අතර, ඒ සංකල්ප හුදෙක් සංස්කෘතිය විසින් නිර්මාණය කෙරුණු දේ බව තේරුම් යාමත් සමඟ, ඔය ඕනෑම දෙයක් ඉවසීමට හා තිබෙන රසයක් විඳ ගැනීමට හැකි වනු නොඅනුමානයි.
මේ මාතෘකාව ගැන තවත් කියවීමට...
+++++++++
ReplyDeleteඉෂ්තූතියි වැටාධිපතිතුමා
Delete"සරා ගොයියා හරි මිනිහා" ගීතයේ අතීත කතාව දැන ගත්තේ අදයි.
ReplyDeleteඔය සින්දුව විනාඩි හය හතක් දිග නිසා තැටියේ පැති දෙකේම තිබුනා. ඒ කාලේ රේඩියෝ එකේ මේ සින්දුව වාදනය වෙනකොට පළමු කොටස ප්‍රචාරය කරලා තත්පර කිහිපයකට වාදනය නවත්වලා, ඊට පස්සේ තැටිය අනික් පැත්ත දාලා ඉතුරු බාගය වාදනය කළා මතකයි.
ඈහ්...! ඒ මොන කාලෙද? මට මතකයි සමහර සිංදු ඒක තැන රිපීට් වෙනව. එතකොට අපේ තාත්ත කියනව ඒ තැටිය සීරිලා කියල.
Deleteප්‍රසිද්ධ සංගීතඥයෙක් හිටියා, හැමෝම දන්නව එයාගෙ සාක්කුවෙ ඇණයක් තියෙනව කියල. අනුංගෙ තැටි හූරන්න... දැන් නම් එයාගෙයි වයිෆ්ගෙයි සිංදු ඇහෙන්නෙම නැති තරම්...
ඇණෙං වයිෆ්ව සූරන්න ගිහිල්ල මිනිහ ඇනගන්නැති.
Deleteදවසක් අපි දාපු අලුත් අවුරුදු පාටියකදි ජයලාල් රෝහණ සර් කිව්වා, ඔය කියන ගායකයගෙ මළගෙදරට ගිය වෙලාවෙ, මහේන්ද්‍ර පෙරේරා කණට කරල ඇහුවලු ජයලාල් සර්ගෙන්, "මිනියෙ ෂර්ට් එකේ සාක්කුවෙත් යකඩ ඇණයක් තියෙනවද දන්නෑ නේ?" කියල...
Deleteවිරිඳු ලංකාවේ විතරක් කියන කතාව ඇහුවේ අයි. විරිදු ගහල සින්දු කියන එක ඉන්දියාවේ , ජපානයේ, ඉන්දු චීනයේ හැම රටකම තිබ්බ එක්ක. ලංකාවේ විතරක් නෙමේ.
Deleteඒ ගැන මම දැනං උන්නෙ නෑ. හෙයල බලන්න ඔ්නෙ. මං හිතාගෙන උන්නෙ විරිදු ලංකාවෙ ම නිපන් දේශීය කලාවක් කියල.
Deleteසුනිල් ආරියරත්නගේ පොතක තියෙන විදියිට විරිඳු ලංකාවට ආවේනික දෙයක්. විරුද කියන එකෙන්ලු හැදිලා තියෙන්නේ.
Deleteඒ කිව්වට නම් සිංහල වුනාට ඒ කලාවට මැලේ වගේ සංස්කෘතියක ආභාෂයක් ඇති.
වචනෙ නම් "විරිත්" කියන මුලෙන් හැදුණ වගේ පේන්නෙ...
Deleteලංකාවෙන් ගිය ඒව ආපහු එනකොට ඒ දේවල් ලංකාවෙන් ගියේ කියල අදහගන්න බැරි කොච්චරවත් දේවල් තියෙන එකේ සින්දුවකට විතරක් අමුතු දෙයක් වෙන්න බෑනෙ.
ReplyDeleteඔව්. අර මගෙ දෙවෙනි නම ම තියෙන පිලිප් රේවත විජේවර්ධනගෙ ලෑන්ඩ්මාස්ටර් එකත් ඒ වගේ ම දෙයක් තමා.
Delete"වඩු වැඩෙන්" ගීතයත් අපි මුලින්ම ඇහුවේ ගුවන්විදුලියේ නාත්‍ය ගීත යටතේ රොම්ලස් මාස්ටර්ගෙ හඬින්.
ReplyDeleteඒකනෙ, මම ඇහුවෙ මුලින් ම, ජිප්සීස් වර්ෂන් එක. අසූ ගණංවල අග ඒක මාර ජනප්‍රියයි. අපේ තාත්ත කියන විදිහට, අපේ බල්ලත් ඒ සිංදුව කිව්වා අන්තිමේදි.
Deleteතවත් කරුණක් මතක් උනා. මට මතක විදියට 70 දශකයේ අග භාගයේ හෝ 80 දශකයේ මුල් භාගයේ ගුවන්විදුලියේ වැඩ සටහන් ගියා නව පද මාලා නමින්. මා මෙම වැඩ සටහනට නිතර සවන් දුන්නේ මා බෙහෙවින් ප්‍රිය කළ ගීත දෙකක් ඇසීමටයි.එකක් තමයි ජෝතිගේ හඬින් ගැයුන "උදුම්බරා කුමාරියේ" ගීතය. අනෙක තමයි බන්දුල විජේවීර ගැයූ "පුල්ලි ගොනා ගෙට පැනලා" ගීතයයි. ඒත් උදුම්බරා ගීතය ජනප්‍රිය උනේ දයාරත්ක රණතුංගගේ හඬින්. ජෝතිපාලගේ ගීතය නැවත සොයා ගන්න උත්සාහ කලත් බැරි උනා.
ReplyDeleteහ්ම් හ්ම්... මම අහලම නෑ උදුම්බරා ජෝති වර්ෂන් එක. නෑ කියන නිසා ම මියුරුගී සයිට් එකෙත් බැලුවා. අහන්න තියෙන්නෙ බුරාගෙන් හරි ති්ස දොඩංගොඩගෙන් හරි.
Deleteඔය වගේ ම මතකද, සිහින අහසේ වසන්තේ කිව්වා ග්‍රේෂන් ආනන්දත්, ජෝතිපාලත් වෙන වෙන ම?
සිහින අහසේ වසන්තේ ගීත දෙක 'නැවත හමුවෙමු' film එකේ දෙතැනක විජය හා සනත් වෙනුවෙන් නේද ගැයෙන්නෙ?
Deleteආාාහ්... මම ඒක දැනං උන්නෙත් නෑ.
Deleteඔය වගේ ම තවත් සිංදුවක් තමයි, කවදාවත් තිරගත නොවුණු වීර පුරන් අප්පු චිත්‍රපටියෙ "හීන හතක් මැද" සිංදුව. ඔරිජිනල් කියන්න තිබුණෙ ලතා වල්පොල. නමුත් අමරදේවත් කියනව.
ඩ්රැකී, අවුලක්ද මන්දා. හීන හතක් මැද ගීත දෙකත් දෙතැනක තියෙන්නේ, හැබැයි ගැටවරයෝ film එකේ නේද?
Delete'හීන හතක් මැද' සිංදුව තිවුනෙ 'ගැටවරයෝ' සිත්තරපටියෙ නෙවෙයි ද?
Deleteනිදි, බුරා,
Deleteහරි හරි ගැටවරයෝ තමයි... ස්තූතියි.
ඔව් ඩ්‍රැකී ඔය විරිදු කථාව මමත් අහලා තියෙනවා.
ReplyDeleteඔබත් සමග සියල්ලටම එකඟවී යමින් තිබියදී සෙරෙප්පුවේ ටින්ටෙස් ඇණයක් ඇනුනා වගේ තමයි අර බාතිය - සන්තුස් කියන දෙබෑයන්ගේ ගීතය නැගලා යනවා කිව්වාම.
සුපිරි වැඩක් උනා; වරක් නීති විද්‍යාලයේ සුහද හමුවකදි.
ඔය දෙබෑයන් ඇවිත් වේදිකාවට නැගලා ජෝතිගේ සිංදුයි ඔඅය සිංදුවයි තව කාගෙන්ද උගස් ගත්තු සිංදුවකුයි කියන කොට මාත් එක්ක හිටිය මංගල කියලා මං දන්න නීති කාර්යෙක් ළඟ ගිහින් මහ හයියෙන් බෙරිහං දීලා ඇහුවා "උඹලට කියල කියන්න එක සින්දුවක් වත් නැද්ද?" කියලා. ඒ වෙලාවෙත් පටන් ගන්න හදනවා ෂොහාන්ගේ "ඔරු කඳත් දිරාලා" සිංදුව! එතකොට ඔය බාතිය ගොයියා මයික් එකෙන් අහනවා "ප් හේ ! ප් හේ!! ඔ ඔයා මා ආ ලු කාරයගෙ සිංදුවට කැමති නැද්ද?" කියලා ගොත ගගහ!
දෙකක් දාලා හිටිය මංගලයටත් මල පැනලා "යකෝ ඕන මාලු කාරයෙක්ගෙ එකක් කියපං! හැබැයි තමන්ගෙ එකක්!! කියලා කියපි.
ආයෙත් මයික් එක අතට ගත්තු අර ගොබිලා "ම්ම් මෙ හෙ යා ක් කැමති නෑලු මාලු කාරයාගෙ සිංදුවට!" කයලා කිව්වා.
තව ටිකෙන් බාතියට; චීන දත් චිකිත්සාගාරයකට යන්න වෙනවා කන බොන දෙයක් හපලා කන්න! මං නොහිටින්න!
ඔය යක්කු කලිසං කමිස අඳින්නේ පිරිවැස්ස වැහෙන්න මිසක් ලැජ්ජාවකට නෙවෙයි!
ඔයා අහලා තියෙනවද ඔය සිංදුව "සිරි සංග බෝධි" නිහාල් සිල්වා කියනවා!?
හැබැයි මම ඉස්සෙල්ලා කියපු සීන් එක ජිප්සීස් සුනිල් වගේ එකෙකුට උනා නං කියපු එකාට එපා වෙන්න තමන්ගෙ සිංදු තියෙනවා කියන්න.
දවසක් ගල්කිස්සේ මහ හෝටලේමොකද්ද සීන් එකකදි ෂොහාන් ස්ටේජ් එකේ සිංදු කියනවා. ජිප්සීස් සුනිල් අයියා එයාගේ පවුලයි තව සෙට් එකක් එක්ක ඇවිත් තිබුනා වැඩේට සහ භාගී වෙන්න. ෂොහාන් සුනිල්ව දැකලා පොඩි අරාධනාවක් කලා ඇවිත් පොඩි සිංදුවක් කියන්න කියලා! කියන්න ඕනෙ නෑනෙ වෙච්ච දේ! එතන ඉඳන් පැය දෙකක් තුන එක දිගට සුනිල් කිව්වා නොනවත්වා. මට මතකයි අන්තිමට කිව්වේ "මේක ෂොහාන් අයියගෙ බජව් දාන කාමරේ!"
ඕන එකෙකුට තව එකෙක්ගේ සිංදුවක් කියන්න පුළුවන්. ඒකෙ තහනමක් නෑ! ඒත් බොහෝ අය ජීවිතේම ගොඅඩ යන්න හදන්නේ අනුන්ගේ ඒවා කියලා. මට මතකයි පහුගිය කාලේ රූකාන්තත් ජෝතිගේ සින්දු වගයක් රෙකෝර්ඩ් කලා!
ටින්ටස් ඇණයේ උපමා කතාව මරු ඈ...
Deleteඉතිං තට්ටයියෙ වැඩේ තියෙන්නෙ මං කිව්වෙ, ඔය සිරිසඟබොධි මාළිගාව ගීතයෙ භාතිය සංතුෂ් වර්ෂන් එක තමයි ලංකාවෙ ගීත රසික මහා සමාජය තුළ නැගලා ම ගියෙ. ඒකයි මං කිව්වෙ.
ජෝති ගෙ ගීත රූකාන්තගෙ හඬින් එහෙමත් නැත්තං කිංස්ලිගෙ හඬින් අහනකොට නිකං, අර පිරිමි ගීත ගෑණු කියනව වගේ ගතියක් දැනෙන්නැද්ද? මට එහෙම දැනුණා. කාලයක් තිබුණා, කිංස්ලි ජෝතිගෙ කැසට් ගණනාවක් ගහලා හම්බු කරං කාපු.
මගෙ මේ ලිපියෙ තේමාව ඒක. මහා සමාජය තුළට කුඩා සමාජයේ නිර්මාණ ගෙනැල්ලා සල්ලි හම්බ කරගැනීම.
තව දෙයක්. ජිප්සීස්ලා මතකද, කැමැත්තෙන් ම තමංගෙ සිංදු සන්ෆ්ලවර්ස්ලට ගහන්න දුන්නා...?
ඊට ම අදාළ දෙයක් තමයි සංගීත්, වරකගොඩගෙ සිංදුවක් රිමික්ස් කරලා, උසාවියෙන් වරදකරු වුණු සිදුවීමත්.
පහල කමෙන්ට් එකක Buratino පෙන්වලා දීලා තියෙන උන්මාදනී සිංදුව එහෙමත් අනුන්ගෙ සින්දුද එතකොට.
Delete'එතකොට ඔය බාතිය ගොයියා මයික් එකෙන් අහනවා "ප් හේ ! ප් හේ!! ඔ ඔයා මා ආ ලු කාරයගෙ සිංදුවට කැමති නැද්ද?" කියලා ගොත ගගහ!': තවත් කෙනෙකුගෙ ශාරීරික දුර්වලතාවයක් ගැන මෙහෙම කියන්න තට්ටයා මහතාට ලයිසන් එකක් තියෙනවද. සිංදු ගැන කතාකරන්න ගත්ත සුන්දර සංවාදයට ඒවගේ දේවල් එකතු නොකර ගෙනියන එක වඩා සුන්දර නැද්ද.
බොහොම මහන්සි වෙලා, යූ-ටියුබ් වීඩියෝස් එහෙම හොයාගෙන ලියාපු පෝස්ට් එකට මෙන්න මගේ ප්‍රනාමය.
ReplyDeleteකට්ටිය දැන් සෑහෙන දවසක් තිස්සෙ පෝස්ට් ලියාගෙන වාද-විවාද කරන දිහා මම බලන් හිටියා. සමහර පෝස්ට් කියෙවුවා, සමහර ඒවා කියෙවුවෙ නෑ. කමෙන්ට් කරන්න නං ගියෙම නෑ කොහෙත්ම. මොකද මගේ පෞද්ගලික මතයනං සංගීතය කියන්නෙ විඳිය යුතු දෙයක් මිස වාද-විවාද කල යුතු දෙයක් නෙවෙයි කියන එක. එක එක්කෙනා විඳින විදිය වෙනස් නෙව. ඉතින් මේක හොඳයි, මේක නරකයි කියලා වාද කරන එක ඵලක් නැති දෙයක් විදියටයි මට පේන්නෙ. ඔන්න මගේ සත දෙක.
මහා සමාජය විසින් චූල සමාජයෙන් කොපි කිරීම ගැන කියන්න තියෙන්නෙ ඉතින්, මහා සමාජය 'මහා දමාජය' වෙන්නෙම ඒක ආර්ථිකමය වශයෙන් දැවැන්ත සාර්ථකත්වයක් ලබලා තියෙන නිසා. එතනදි වෙන්නෙ බලවතා විසින් දුබලයා අභිබවා යාමක්. චූල සමාජයේ තියෙද්දි කවදාවත් අහන්න නොලැබෙන ගීත මහා සමාජයට පැමිණීම නිසා අපට අහන්න ලැබෙන්න පුළුවන්. ඒක වාසියක්.
මෙන්න මේ සිංදු දෙකත් අහන්න බලන්න.
1. Miriam Makeba- Malaika (Live Performance 1969)
2. Boney M. - Malaika (Sun City 1984) (VOD)
මේක කොපියක් ම නෙමෙයි නේද ? උඩ ස්වාහිලි සින්දුව වෙන අය මුලින් කියපු එකක්. බොනී එම් සින්දුවේ අයිතිය අරන් නැහැ.
DeleteAuthorship of this popular song is still very controversial. However, most people accredit its authorship to Adam Salim, a not-well-published Tanzanian songwriter. Salim (born in 1916) composed this song while he was living in Nairobi between 1945–46.[2] According to this story, Adam Salim composed "Malaika" song in 1945 for his very beautiful girlfriend Halima Ramadhani Maruwa. Their parents disapproved of their relationship, and Halima was forced by her parents to marry an Asian tajir (wealthy man). Fadhili William, a Kenyan singer, is also associated with the song because he is the first person to record it.[3] Producer Charles Worrod provides yet another version, crediting the song to Grant Charo, William's brother-in-law (see Ondevo 2006), a claim which is also associated with the fact that Fadhili William was the first person to record the song. Charo is not known to have confirmed this claim.[1]
Another East African claiming to have written the song is Lucas Tututu from Mombasa.[1]
Although Fadhili William has always insisted on his authorship of "Malaika", even providing a detailed description of the circumstances in which he wrote it,[citation needed] he is only recognized as the composer for royalty purposes. In any case, William was the first to record the song, together with his band The Jambo Boys, in 1960.[citation needed]
It was later re-recorded at Equator Sound Studios by the British-born Kenyan music promoter Charles Worrod, who marketed the ballad to eventually becoming an internationally acclaimed song.[citation needed]
Miriam Makeba's early recording helped make it famous throughout the continent and eventually the world. Her performances of the song brought it to the attention of such famous names as Harry Belafonte, Pete Seeger, Boney M, Usha Uthup and Angélique Kidjo.[3]
The song has been covered by many other international artists such as The Hep Stars, Boney M, The Brothers Four, Helmut Lotti, Rocco Granata, Saragossa Band and is a staple for many African musicians.
මට මතු කරන්න අවශ්‍ය වුනේ අජිත්, අපි මුලින්ම ඇහුවෙ, අපට අහන්න ලැබුනෙ බොනී-එම්ලගෙ මලයිකා වර්ෂන් එන මිසක් මරයම්ගෙ වර්ෂන් එන නෙවෙයි නේ ද කියන කාරනයයි. බොනී-එම් මහා සමාජය තුළට අරගෙන ආවෙ නැත්තං බොහෝවිට ඒ ලස්සන සින්දුව ස්වහීලි චූල සමාජය ඇතුළෙම වැළලිලා යන්නත් තිබුනා නේ ද?
Deleteහ්ම්...එහෙම වාසියකුත් තියනවා තමා. මේ සින්දු වාදය එච්චරම අල්ලලා නොගියෙ,සංගීතය ගැන නොදන්නකම නිසාද, මේක වාද කරන්න තරම් දෙයක් කියා නොතේරෙන නිසාද කියන්න දන්නෙ නෑ. ඒත්, අතුරු ආබාධ ලෙස, සෑහෙන නොදන්න දේ ටිකක් දැණගන්න ලැබුන එකට නඟ් අකමැත්තක් නෑ.
Deleteස්තූතියි, බුරා. මටත් වාදයකට සහභාගි වෙන්න ඔ්නෙ වුණේ නෑ. මම මතු කරන්න හැදුවෙ, මොන දේ වුණත් රසවිඳින්න පුලුවන් කියන එකයි, ඒ රස විඳීම පුද්ගලබද්ධයි කියන එකයි. මම දුන්නෙ මම දැනං හිටපු සහ මේ ලිපිය ලියද්දි හම්බුණු උදාහරණ.
Deleteමහා සමාජයට චූල සමාජයෙන් උකහාගැනීම ගැනත් බුරා කියන දේ හරි. කොහොමත් 100%ක් සාධාරණත්වය මිනිස් සමාජයේ ඇත්තෙ නෑ. අහු වුණොත් වන්දියක් ගෙවා ප්‍රතිරූපය රැකගැනීමත්, එහෙම නොවුනොත් නොදැක්කා සේ සිටීමත් පොදු ධර්මතාවයක්.
අන්තිමේදි තේරෙන්නෙ, මම කලිනුත් කියුවා වගේ, අපි ජීවත් වෙන පැය හැත්තැදාහ තමන් කැමති දෙයක් කරමින් ජීවත් වීම සහ ඇති රසයක් විඳගැනීම වඩා ප්‍රායෝගිකයි.
කොහොමත් යම් කිසි මානව නිර්මිතයක් අයිති විය යුත්තෙ බෝඩරයක් තුළට නොවෙයි, මුළු මහත් මානව සංහතියටමයි. ඉතින් එක් එක් කොන්වල හැදෙන දේ සියල්ලන්ටම සමීප කරවීමත් එක්තරා විදිහකින් හොඳයි...
නඩු දැම්මාට පස්සේ ගෙව්වා සෝනි එකෙන් මිලියන් 11 ද කොහෙද.
ReplyDeletehttps://face2faceafrica.com/article/shakira-stole-cameroonian-song-zangalewa-for-world-cup-anthem-heres-what-happened-after
හැබැයි සන්ගලේවා සින්දුව කීවට දෙවන ලෝක යුද්ධ කාලේ කරපු සින්දුවක් හා තනුවක් ලු නේද සන්ගලේවා භාවිතා කරලා තියෙන්නේ https://eyegambia.org/the-african-waka-waka-many-dont-know-about/
ඒකත් එහෙමද? සංගලේවාත් අනුවර්තනය කරගත්තෙ තවත් මුල් නිරුමාණයක් ද? මදැයි...
Deleteකලින් ලිපිය වගේම එන්ජෝයි කළා. විරිඳු කතාවට එකඟ නැති වුනාට. සිරි සංඝබෝධි පැරණ සිංදුවට සහ අලුත් සින්දුවට දෙකටම කැමතියි. අලුත් සින්දුව ඉස්සෙල්ලහම අහපු වෙලාවේ පුදුමයටත් සතුටටත් පත් වුනා භාටි සන්තුෂ් හෙන නිර්මාණශීලියි එතැනදී , මාස්ටර් සර් කලින් එක අහල තියනවා. දෙකම හොඳයි මටනම්.
ReplyDeleteස්තූතියි. මටත් ඔය නිර්මිත දෙක ම හොඳට ම අහන්න පුළුවන්. ජෙනර්එකත් වෙනස් කරලා ප්‍රතිනිර්මාණය කරල තියෙන්නෙ. වැඩේ තියෙන්නෙ, මටත් භාතිය සන්තුෂ් ආව කාලෙ ඒ උදවිය එච්චර දිරෙව්වෙ නෑ. ඒ පූර්වනිගමනය රසවිඳීමට බාධාවක් වුනා මුල් කාලෙදි. නමුත් සිරිසඟබොධි ආව ගමන්, අපට මුල් නිර්මාණයට වඩා රසයක් භාතිය සන්තුෂ් ගෙ වර්ෂන් එකෙන් වින්දා.
Deleteවිරිදු ගැන නම් මම හිතාගෙන උන්නෙ දේශීය කතා අංගයක් කියල
//මහා සමාජය තුළට කුඩා සමාජයේ නිර්මාණ ගෙනැල්ලා සල්ලි හම්බ කරගැනීම.//
ReplyDeleteහැමදාම හැම තැනම වගේ වෙන්නේ ඕකම නේද?
ඩ්රැකී, මට මතකයි 'අභිමාන්' එකේ සමහර තනු තමන්ගේය, ඒවා film එකට උපුටා ගන්නට (බර්මන්ටද කිශෝර්ටද කියලා නං මට මතක නෑ.) ඉඩ දුන්නේ, ඊට පසුව තමන්ගේ නිර්මාණ තම නමින්ම ඉදිරිපත් කිරීමට chance එකක් දෙනවාය කියූ නිසා බව, ආධුනිකයෙක් කියපු බවක්!
මගේ අදහසත් උපුටා ගැනීම්, කොපි කිරීම් කළාට කමක් නැහැ, ඒවායේ මුල් නිර්මාණකරුවනට නිසි ගෞරවය දීලා කියන එකයි!
මම හිතන්නෙ නිදි, මේක මානව සමාජය. තියෙන්නෙ කැලෑ නීතිය. ඔය සාධාරණත්වය සත්‍යය ආදී සංකල්ප, සංකල්ප ම විතරයි.
Deleteආන්න ජන්සන්. මේ ලෝකය බිහිවෙලා තියෙන්නෙම කැලෑ නීතිය හෙවත් දුබලයා අභිබවා ශක්තිවන්තයා ඉදිරියට යාම කියන නැචුරල් ඕඩර් එක මත. මානව වර්ගයා බිහිවුනෙත් ඒ නීතිය ඇතුළෙම තමා.
Deleteඒ බිහිවෙච්චි මානවයා විසින් නිපදවපු සංකල්ප තමා හොඳ-නරක, පින්-පවු, සාධාරණ-අසාධාරණ කතා. ඉතින් අපට බැහැ කැලෑ නීතියෙන් බිහිවෙලා, ඊට පස්සෙ අපි විසින් හදාගත්තු සංකල්ප මත කැලෑ නීතිය හොඳ ද නරක ද කියලා නිර්වචනය කරන්න යන්න. ඒක හරියට ගුරුත්වාකර්ෂණය හොඳ ද නරක ද කියලා තර්ක කරනවා වගේ නේ ද?
මානව සමාජයේ දුබල අයගේ ආරක්ෂාවට තියෙන! රිසි විදිහට බලැත්තවුන් බිඳින!!
Deleteඇත්ත. බුරා ඒක, මට වඩා හොඳ ට විග්‍රහ කරනව.
Deleteනිදි මතකද, පෙන්ග්වින් දිවයින පොතේ මුල් හරියෙ තියෙනව ඔය ගැන...?
ලෙඩ දාන්න එපා ඩ්රැකී! දැන් මට හිතුනා ආයෙම පෙන්ග්වින් දිවයින අතට අරං බලන්න....
Deleteභාතිය-සන්තුෂ්ලා මුල් නිර්මාණකරුවන් සමඟ ගිවිසුම්ගතවී, ඔවුනට නියම විදිහට royalty ගෙවනවා කියල නේද කියන්නේ?
ReplyDeleteThe Voice වැඩ සටහනේදී ඔවුන් කියන- කරන- පෙන්වන දේ අනුව නම් මට පෙනෙන්නේ එයාලගේ ක්‍රමවත් බවයි; පරිණත බවයි; නිර්මාණශීලී බවයි.
මම භාතිය-සන්තුෂ් යුගලට සුදු හුණු ගාන්න තැත් කරනවා නෙවෙයි මේ. ඒත් හැමෝම එයාලගෙ 'කොපි සින්දු' ගැන කතා කරද්දි, එයාලගෙ ඉතා සුන්දර ස්වයං නිර්මාණ ගැන (උන්මාදිනී හැංගුනා, කිරි කෝඩු හිතට වගේ ඒවා) කිසිම වචනයක් කියන්නෙ නැත්තෙ ඇයි? කුහකකමට ද?
Deleteබුහ්!
Deleteආන්න ඒකයි අවයවය. ඔන්න ඕකෙනෙ අපි මෙව්වට නොබුර ඉන්නෙ.
නිදි, බුර්, බුහ්,
Deleteඇත්ත. වාද කරන්න දෙයක් නෙමෙයි රසවින්දනය කියන්නෙ. ඒක පුද්ගලබද්ධ දෙයක්.
මෙන්න බොලාට වාද කරන්න සිංදුවල්:
ReplyDeletehttps://www.youtube.com/watch?v=VFoEDN-yobo
අඩෙහ්... ඌ නං මරු ඈ...
Deleteමෙතන තියෙනව ආදරනීය නේරංජනා ලියපු පෑන... https://www.youtube.com/watch?v=6oXUDHwNX2Q
ලියාගන්ඩ තියා කියවගන්ඩවත් ඉස්පාසුවක් නැතිව ඉන්නෙ සැර් ඩ්‍රැක්. හරිම ටෆ් දවස් ටිකක්. බට් නමුත් මේක කියව්ව. මොබයිල් වර්ෂන් වලට යූ ටියුබ් වීඩියෝ නොපෙන්වන ලෙඩක් තියේ. ආයෙ එන්ඩ වෙනව ලැපෙං.
ReplyDeleteපුලු පුලුවන් වෙලාවට කියවන්න කරන්න එන්නං. හම්බෙමු
හෑ...? ඒ කියන්නෙ අපට ස්ටවුතියාවෙ ඉතුරු ටික කියවන්ඩ කාලාන්තරෙයක් බලං ඉන්ඩ වෙයිද, අර ලක්සපාන බැටරි බහිනකං?
DeleteHarima rasawath post eka!Sindu tikath wigrahayath mare maru.
ReplyDeleteE wagemayi comment tikath.Hariyatama jadiyata moodiya wageyi.
හ්ම්... ගොඩක් ස්තූතියි.
Deleteඉවාන් පවුලූෂා ගීතයට යු ටියුබයේ සුද්දෙක් කොමෙන්ටුවක් දාලා තිබුනා
ReplyDeleteමේකේ ඔර්ජිනල් එක මොකක්ද කියලා.
මොනව උනත්, මට නං, ඒ සිංදුවෙ පදයි, විෂුවල් එකයි දැක්කම හිතුණෙ, රුසියන් පොතක පිටු දෙක තුනක් අතරින් පතර කියවපු කෙනෙක් හදල කියලයි.
Deleteඉවාන් පවුලූෂා කියන නම ම වැරදියි. රුසියන් නමක් හැදෙන්නෙ, (පෞද්ගලික නම + තාත්තගෙ නම අගට "විච්" කොටසත් ඈඳලා + පරම්පරා නම) විදිහටයි. එතන ඉවාන් කියන්නෙත් පෞද්ගලික නමක්, පවුලූෂා කියන්නෙත් පාවෙල් කියන පෞද්ගලික නම.
අනික බැලලයිකාව ගැන කියන ගමං පෙන්නන්නෙ ගිටාර් එකක්. අස්සයෙක් ගෙ රේන්ස් පටියකිං අල්ලගෙන එංගලන්ත මොඩල් සුද්දෙක් එහෙ යනව, මෙහෙ යනව.
මෂූර්කා නැටුම කියල වෙන මොකද්දෝ ඇඹරිල්ලක් පෙන්නනව. බ්වෑහ්!
ඔන්න ගොයියෝ කොක්කක්...
Deleteමගේ හැඟීම නං ඒ සින්දුවයි විෂුවල් එකයි වෙනස් නිර්මාණයක් කියලයි. මගේ මතකය හරි නං,ඕක තිබුනේ සෙනේෂ් බණ්ඩාර ජාතික රූපවාහිනියට කළ 'යාත්‍රා' සංගීත වැඩ සටහනේ. ඒකෙ තිබුණු වෙනසයි, අපූරුකමයි නිසා වෙන්නැති ප්‍රේක්ෂකයන්ට අල්ලලා ගියේ.
සින්දුවකදීත් සැබෑ පසුබිම, සංස්කෘතිය, ඉතිහාසය වගේ දේවල් ගැන දැනුවත් කරන්න ඇහැකි නම් හොඳයි, තමා. ඒත් මහත්තයෝ, අපේ රට වගේ තැනක එච්චර මහන්සි වෙලා කරන්න කෝ සම්පත්? කෝ ඇගයීමක්?
දුක හිතෙන කතාවක් තමයි එතකොට කියන්න වෙන්නේ. ආනන්ද විද්‍යාලයට (කීවෙනි එකටද කියලා මතක නෑ... කනගාටුයි ඒ ගැන.) වසර... පිරීම නිමිත්තෙන් දයානන්ද ගුණවර්ධන මහත්තයා (ලවා) හැදෙව්වා විශිෂ්ට වාර්තා රංගනයක්. ආනන්ද ජවනිකා. බොරැල්ලේ YMBA හෝල් ඒකෙ රඟ දක්වද්දී අපිත් බැලුවා. ඕල්කොට්තුමාලා ආව කාලෙ හිට තොරතුරුම ඇතුලත් ඉතිහාස රංගනයක්. ආනන්ද OBA ඒකෙ මෙච්චර කෙරුම්කාරයෝ ඉඳලත් ඒ නාට්‍යයට මොකද වුණේ?
(ඒ නාට්‍යයේ පෙළවත් ප්‍රින්ට් කෙරිලද කියලා මම දන්නෙ නෑ. නමුත් දයානන්ද ශූරීන්ගේ විදිහ දැනගන්න නං 'මධුර ජවනිකා' නාට්‍යයේ පොත අතට අරං foot notes තොගේ කියවලා බලන්න.)