Monday, December 6, 2021

අන්ධ මරණය - 2 කොටස

1 කොටසට...

එසේ කණිෂ්ක ද අතුරුදන් විය...

මිනීමරුවා කණිෂ්ක ද? නැතහොත් ඔහු එහි හවුල් කරුවෙක් ද? කණිෂ්කගේ අතුරුදන් වීම වික්‍රම‌ ගේ මරණය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? නැත්නම් පිටස්තර ඝාතකයෙකු සහෝදරයන් දෙදෙනාගේ ම ඉරණම ගැන වගකිවයුතු ද? වික්‍රම මරා දැමීමට කිසිවෙකුට අවශ්‍ය වන්නේ ඇයි? අප ඉදිරියේ ප්‍රශ්න ජාලයක් විය. යම් ආලෝකයක් ලැබීම උදෙසා ය මම ෂැංහයි පබ් එකට ගොඩ වැදුණේ. වික්‍රම ගේ මිනී මැරුමට දින දෙකක් ගත වී තිබුණි. 


සාජන්ට් දැල්කඳුරට මගේ අදහස දැනුම් දී එළියට බසිද්දී ප්‍රාන් ද ගමනට එකතු විය. 

පබ්එකේ දී අපට කණිෂ්කගේ සේවා යෝජකයා හමු විය. මා ඔහු සමඟ කතා කරමින් කෙටි සටහන් තබා ගනිද්දී, සිගරැට්ටුවක් දල්වා ගත් ප්‍රාන් නොසැළකිල්ලෙන් බියර්හල පුරා ඇවිදින්නට විය. සමහරෙක් නම් අනාගතයේ කිසිම දාක රාජකාරියට බැඳුණු ප්‍රායෝගික පොලිස් පරීක්ෂකවරයෙකු නොවනු ඇති බව මා සිතුවේ කෝපයෙනි.

අප ආපසු එද්දී ප්‍රාන් මා හා දොඩමළු විය.

"මොනවද ධනුෂ්ක ගැන දැනගන්න ලැබුණෙ?" ඔහු ඈණුමක් අරිමින් ඇසී ය.

"ධනුෂ්ක නෙමෙයි, කණිෂ්ක! කණිෂ්ක...!"

"සොරි සොරි ආනන්ද. මං මෙහෙට මාරු වෙලා ඇවිත් මාස දෙකයි නෙ. ඔය නම් ගම් මට පැටළෙනව තව කාලයක් යනකං. ඉතිං මොනවත් දැනගන්න ලැබුණද?" 

මම පිළිතුරු දුන්නේ නැඟී එන කෝපය මැඩගනිමිනි. "කණිෂ්ක එතන ගිණුම් කටයුතු, පොත් භාරව වැඩකරල තියෙනව. බොහොම දක්ෂ, හොඳට ඉගෙනගත්ත කෙනෙක්..."

"ආ..."

"එයා පොඩි කාලෙදි ම අම්මයි තාත්තයි මැරුණා. මිනිහගෙ අයිය වික්‍රම තමයි මිනිහ මේ තත්ත්වෙට ගෙනාාවෙ.

"කණිෂ්ක වැඩිය අතීතය ගැන කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි ලු. පොඩි රස්සාවක් කළා උනත්, කාටවත් ණය වෙලත් නෑ."

"ඔය වගේ තරුණයො ගොඩක් දෙනා ඔහොම තමයි. ඉතින්?"

"ඉතිං..." මම කීවෙමි. "ම්... කණිෂ්ක හැබැයි සෙල්ලක්කාරයෙක් කියලයි කියන්නෙ. මිනිහට නිවාඩු තියෙන හැම වෙලාවක ම එක්කො බාර් එකේ. නැත්තම් පබ් එකේ තියෙන පූල් ටේබල් එකේ. ස්පා දෙක තුනක් ම එක්කත් කිට්ටු ආශ්‍රයක් තිබිල තියෙනව.

"කණිෂ්කගෙ බොස් ට මේ සිද්ධිය ටිකක් සැකයි. මොකද කියනවනං, මේ ළඟදි මිනිහ බාර් එකේ දි වලියක් දාගෙන තියෙනව, මස්කඩේ මුදලාලිත් එක්ක. දන්නවනෙ ස්ටේෂන් එක ගාව මස්කඩේ? ඒක කරන්නෙ රම්බෝ සුජීව කියල කෙනෙක්. මිනිහ කියල තියෙනව ළඟදි ම කණිෂ්ක ව මරණවයි කියල. එදා ඉඳන් කණිෂ්ක හැම තිස්සෙ ම දිග කිණිස්සක් ඉණේ ගහගෙනයි ඉඳල තියෙන්නෙ. ඒ උනාට තමන්ගෙ ගමන් බිමන් එහෙම නවත්තලා නෑ. ඒවා පුරුදු විදිහට ම කරගෙන ගිහින් තියෙනව."

"දැන් එතකොට මොකද්ද අපේ ඊළඟ පියවර?" ප්‍රාන් ඇසීය. "මස් කඩේටත් යනවද?"

මට ඒ පිළිබඳ කිසිදු අදහසක් නොවී ය. නමුත් අලුතින් අපේ පොලිස් ස්ථානයට ස්ථාන මාරු වී ආ මේ අලසයා මට වඩා දක්ෂයෙකු ලෙස පිළිගැනීමට මට අවශ්‍ය වූයේ නැත. 

"යමු! අපට අහුවෙන කිසිම හෝඩුවාවක් අතාරින්ඩ නරකයි. අනික රම්බෝ සුජීව වගේ මිනිස්සු එක්ක කරන ගනුදෙනු ඉක්මන් කරන්න ඕනෙ."

"එහෙනම් යමු." ප්‍රාන් කළිසම් සාක්කුවට අත යැවී ය. ඉන් එළියට ගත් බබල්ගම් එකක් මා වෙත දිගුකළෙන්, මම එය මැඩගත් කෝපයෙන් යුතුව ප්‍රතික්ෂේප කළෙමි.

"නෑ එපා. තමුසෙ ම කනව." 

ඔහු එහි දවටනය ඉරා විසි කර, කටේ දමාගෙන සෙමෙන් සපන්නට විය.

ඉනික්බිති මස් කඩයට යන තුරු අප අතර වචන කිසිවක් හුවමාරු වූයේ නැත.

අප යන විට රම්බෝ සුජීව මස් කඩයේ සිටියේ නැත.

"එයා ‌මේ දැන් හිටිය." කඩේ වැඩට සිටි කොලුවා බියපත් ලිලාවෙන් කීයේ ය. "කොහෙ ගියා ද දන්නෑ"

"දන්නෑ?" මම තරමක වේගයෙන් ඇසීමි. "වෙනදත් මෙහෙම යනතැනක් දන්නැතුව මුදලාලි අතුරුදහන් වෙනවද?"

"ඒ්කනම් සර් මේ... ‌කවදත් මුදලාලි යන එන තැන් අපට කියන්නෑ."

"අපට දැනගන්න ඔ්නෙ, පෙරේදා රෑ රම්බෝ සුජීව කොහෙද හිටියෙ කියලා... "

"පෙරේදා..." කොලුවා මඳක් කල්පනා කළේ ය. "පෙරේදා අපි අටට විතර කඩේ වැහුවා. ඊට පස්සෙ මුදලාලි ගෙදර යනව කියල ගියා."

"තමුසෙ හරියටම දන්නෑ?"

"නෑ සර්..."

"මිනිහා වෙනදටත් කඩේ වහල කෙළිම්ම ගෙදර ද යන්නෙ?"

"ගොඩක් වෙලාවට සර්... සමහර දවස්වල බාර් එකටත් ගිහින් පැයක් දෙකක් පරක්කු වෙලා තමයි ගෙදර යන්නෙ."

"හොඳයි..." මෙතෙක් නිෂ්ප්‍රයෝජනව හුන් ප්‍රාන් කට ඇරියේ ය. "රම්බෝ සුජීව ආපු ගමන් පොලිසියට එන්න කියනව, කට උත්තරයක් ගන්ඩ"

අපි ආපසු හැරුණෙමු. පියවර දහයක්වත් යන්නට ලැබුණේ නැත. 

"පර බල්ලො! තොපි කණිෂ්කට මොකද කළේ...?"

අවුරුදු දහ අටක පමණ සුදුමැළි කෙසඟ තරුණයෙක් උල් පිහියක් අමෝරාගෙන අප වෙතට කඩා පැන්නේ ය. ඔහු සිටියේ හොඳ සිහියෙන් නොවූ බව පැහැදිලිව පෙනුණි. 

"තොපි... තොපි කණිෂ්කට මොකද කළේ? පොලිස් බල්ලො..." තරුණයා වමතින් මගේ කොළරයෙන් අල්ලා සොළවමින් කෑගැසුවේ ය. ඉහළට එසවුණු උල් පිහිය මගේ මුහුණ ඉදිරියෙන් දිළිසුම් දෙමින් වැනෙන්නට විය.

මෙතෙක් ගැලී සිටි ආලස්‍යයෙන් එක්වරම මිදුනු ප්‍රාන්, තරුණයා වෙත පැන, පූර්ණ නෙල්සන් ග්‍රහණයෙන් හෙවත් පොලිස් ගැටයෙන් ඔහු හසු කරගත්තේ ය.

"අතෑරපියව්ව්ව් තොපි පොලිස් බල්ලො..." ඔහු කැගසමින් දඟලන්නට උත්සාහ කළේ ය. මම ඔහුගේ දකුණත අඹරවා එහි වූ පිහිය උදුරා ගත්තෙමි. එය සාමාන්‍ය එළවලු කැපීමට ගන්නා කුඩා පිහියක් විය. ඉන්පසු අවට රැස්වූ පිරිස මැදින් අපි ඔහු පොලිස් ස්ථානය වෙත දක්කාගෙන ගියෙමු. එම මුළු ගමනේ දී ම කතා කළේ අපේ සිරකරුවා පමණි. "මිනී මරුවො" "පරයො..." වැනි වදන්වලට තම ප්‍රියතම වදන වූ "බල්ලො" යන්න ඔහු නොමසුරුව මුසු කළේ ය.

අපි පොලිස් ස්ථානයට ළග වන විට කණිෂ්කගේ සේවා යෝජකයා වූ පබ් එකේ භාරකරු එහි විත් සිටියේ ය. ඔහුගේ අත්සන ගැනීමට කටඋත්තරය ලියාගත්තේ මා විසිනි. ඒ අතර ප්‍රාන් අපේ සිරකරුවා ඇතුළට ගෙන ගියේ ය. ඔහු කණිෂ්ක මැරූ බව කියමින් කෑ ගසන්නට විය. ඒ ඇසූ කණිෂ්කගේ සේවා යෝජකයා සිනාසුණි.

"මැරිල ඉන්නෙ කණිෂ්ක නෙවෙයි නෙ"

"මොකද්ද ඒකෙ තේරුම?" මම ඇසීමි.

"නෑ සර්... අපි දන්නෑනෙ හරියට ම. සමහරවිට මිනිහා කොහෙ හරි හැංගිල ඉන්නවද දන්නෑනෙ. අනික... කොහොමත් කණිෂ්ක එහෙම ලේසියෙන් මරාදාන්න පුළුවං පුතෙක් නෙමෙයි"

"හැංගිලා නං කොහෙද කණිෂ්ක ඉන්න ඉඩ තියෙන්නෙ?"

"වික්‍රම ගෙ හොඳ ම යාළුවෙක් ඉන්නව අනුරාධපුරේ පැත්තෙ. අයියයි මල්ලියි මීට කලිනුත් එහෙ ගිහිල්ල තියෙනව."

"අනුරාධපුරේ කොහෙද?"

"අනුරාධපුරේ ට එහා. පදවිය ශ්‍රී පුර... ශ්‍රී පුර ලෙයාන් කිව්වම පදවිය ටවුමෙ ම ප්‍රසිද්ධයි" 

"ඒ් උනාට පත්තරවල ගියානෙ වික්‍රම මරා දාල ය, කණිෂ්ක අතුරුදහන් ය කියලා. එතන ඉන්නෙ වික්‍රමගෙ හොද ම යාළුවෙක් නම්, කණිෂ්ක එහෙ ගියා නං එහෙදි බෙල්ල මුලිම්ම අහු වෙනවනෙ." එතැනට එමින් ම අපගේ කතා බහට කන් දීගෙන සිටි ප්‍රාන් කීවේ ය.

"ඒකත් ඇත්ත..." මම කට උත්තරය ලියා අවසන් කරමින් කීවෙමි. "හොඳයි, තව කොහෙද ඒ වගේ කණිෂ්කට යන්න පුළුවන් තැන් තියෙන්නෙ?"

"වෙන නම් කොහෙවත් නෑ සර්. අයියයි මල්ලියි දෙන්නගෙම සම්බන්ධකම් ඔක්කොම තිබුණෙ ටවුම ඇතුලෙ ම තමයි. ඔය ලෙයානුත් උපන්දා ඉඳං මෙහෙ ඉඳලා, පස්සෙ එයාගෙ මාම කෙනෙක් ගාවට ගියා ගැරෙජ් එකක් දාගන්න, ශ්‍රී පුර."

"ආ... ලෙයාන්." මට මතක් විය. "ජපන් ටෙක් ගිය හාදයා..."

"ආන්න හරි සර්. එයා තමයි.

"ලක් එකක් තියෙනවද ළමයි?" කට උත්තරකරු පිටව යනවාත් සමඟ ම සාජන්ට් දැල්කඳුර අප වෙත ආයේ ය. මම අප විසින් ලබා ගත් කටඋත්තරය ඔහු අත පත් කළෙමි. ඔහු එය ඉතා ම ඉක්මණින් කියවා අවසන් කළේ ය.

"මේ මස්කඩේ මුදලාලි බලන්ඩ ගියෙ නෑ?"

"අපි ගියා සර්..." මම කීවෙමි.

"ඉතින්?"

"මිනිහ හිටියෙ නෑ. ඒ පාර අපි කිව්ව මිනිහට පොලිසියට එන්න කියන්න කියලා"

"මේක හරිම අවුල් කේස් එකක්, අයිසෙ. අපි ළඟ මිනීමරුවගෙ ෆිංගර් ප්‍රින්ට් එකත් තියෙනව. ඒත් ඒවයිනුත් කිසිම වැඩක් නෑ."

"හෙඩ්කෝටර්ස් යැව්වද සර්?"

"මොකද නැතුව. අද කියල එව්ව ඒ කිසිම එකක් මැච් වෙන්නෑ කියල. ඒ ගමන ඔඅයිසී ඇහුවලු මේක සීඅයිඩියට දෙන්ඩ."

"ඉතින් සර්...?" ප්‍රාන් ඇසී ය.

"ඉතින් හෙඩ්කෝටර්ස් කියල තියෙනව, සීඅයිඩියටත් දෙනවා, හැබැයි මෙහෙන් කරන ඉන්වෙස්ටිගේෂන් දිගටම කරන්න කියල."

එදින හවස් වන තුරුම විශේෂ යමක් සිදු වූයේ නැත. මස්කඩයේ රම්බෝ සුජිව අප කියූ පරිදි පොලිස් සථානයට ආවේ ද නැත. සිදු වූ එක ම දෙය වූයේ, අවසිහියෙන් නගරය පුරා විප්‍රකාර  කළ තරුණයින් දහ දෙනෙක් පමණ අත් අඩංගුවට ගෙන කූඩුවේ ලෑම පමණි. සවස් වන විට ඔවුන් සියළු දෙනා ම අප අධිකරණ වෛද්‍ය නිලධරයාට ඉදිරිපත් කළෙමු.

පසුදා උදෑසන වන තෙක්වත්, රම්බෝ සුජීව ඉදිරිපත් වූයේ නැත.

උදෑසණින් ම මා සමඟ ප්‍රාන් එළියට බැස්සේ රම්බෝ හමුවීමට යාම සඳහා ය. අපට පාරට බැස යාමට හැකි වූයේ ටික දුරක් පමණි. අප ඉදිරියට වේගයෙන් ඇදී ආ තද නිල් පැහැ කොරොල්ලා 141 රථයක් අප පසුකර අඩි පහක් - හයක් පමණ ගොස් නතර කෙරිණ. එවිගස ම එහි වම් පස ඉදිරි දොර ඇරී සිවිල් ඇඳුමින් සැරසුණු උසැති අයෙක් එළියට ආයේ ය.


මී ළඟ කොටසට...

40 comments:

  1. // සමහරෙක් නම් අනාගතයේ කිසිම දාක රාජකාරියට බැඳුණු ප්‍රායෝගික පොලිස් පරීක්ෂකවරයෙකු නොවනු ඇති බව මා සිතුවේ කෝපයෙනි. //

    මේ වගන්තිය මීට වඩා ගැලපෙන විදියකට ලියුවොත් මොකද?

    කණිෂ්කයි වික්‍රමයි හැඩරුවින් එක සමාන නම්, සමහරවිට මැරිලා ඇත්තෙ වික්‍රම නෙවෙයි, කණිෂ්ක වෙන්ටැති. DNA ටෙස්ට් එකක් කලා ද?

    ReplyDelete
    Replies
    1. ඒක ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් හිතෙන නිසා ලියවෙච්ච වගන්තියක්. කොහොමද වෙනස් වෙන්න හොඳ?

      කණිෂ්ක නම් මැරිල ඉන්නෙ, කවුද මිනීමරුවා?

      ඔය කතාව ලියපු කාලෙ ඒ කියන්නෙ 1996 විතර, ඩීඑන්ඒ ටෙස්ට් ලංකාවෙ ප්‍රචලිත නෑ. නමුත් ඒකත් එකතු කරන්න පුළුවන්...

      Delete
    2. අනික් ප්‍රශ්නෙ - කණිෂ්ක නම් මැරිල ඉන්නෙ, පොලිස් නිල ඇඳුම ඇයි මළසිරුරෙ තිබුණෙ?

      Delete
    3. // 1996 විතර, ඩීඑන්ඒ ටෙස්ට් ලංකාවෙ ප්‍රචලිත නෑ //

      1996 විතර X-Files බැලුවෙ නැත?

      // පොලිස් නිල ඇඳුම ඇයි මළසිරුරෙ තිබුණෙ? //

      පරීක්ෂණ නොමග යවන්න. පොලීසිය නොමග යවන්න. මිනීමරුවාට/වන්ට සැඟවිලා යන්න කාලය ගන්න. වෙන කෙනෙකුට වරද පටවන්න. ඔය තියෙන්නෙ හේතු.

      Delete
    4. ප්‍රචලිත නොවීම භාවිතා නොවුණා කියන්න සාධාරන සාධකයක්ද.
      නමුත් කතාව එතනිංම ඩවුන් යනව මම හිතන්නෙ ඒ ඩීඑන්ඒ කේස් එක පැලැස්තර කළොත්.
      නැත්තං ප්ලොට් හෝල් එකක හැදෙනව ගලං යන විදිහට

      Delete
    5. බුරස්,
      මං X Files බැලුව. ඒත් මට මතක හැටියට ඩීඑන්ඒ ටෙස්ටිං ලංකාවෙ අපරාධ ක්ෂේත්‍රයට එන්නෙ 2000ටත් පස්සෙ.

      මහේෂ්,
      මං කිව්වෙ "ප්‍රචලිත". ඒ කියන්නෙ පැතිරුණු දෙයක් නෙවෙයි ලංකාවෙ අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයෙ. නමුත් මේකට දාන්ඩ පුළුවන් කතාවට බාධාවක් නොවෙන්න. අපි බලමු තුන් වෙනි කොටසෙ දි.

      Delete
  2. කතාවට මැදින් විත් බාධා කෙරුම
    වගෙය අපේ අනුමානය මෙහි ලියුම
    එනිසා හිර කරන් එව්වා හිත තුලම
    කියනෙමි, අපූරුයි ඩ්රැකියෝ මෙම ගෙතුම!

    ReplyDelete
    Replies
    1. අනුමානය ලියැව්වාම
      පහසු වේවි එඩිට් කෙරුම
      ඉස්තූතියි අගය කෙරුම
      ඉස්පාසුව අඩුයි තවම

      Delete
  3. මරු. කණියද මැරුවෙ රාළාමිද කියාන්.. ඒ ඇති.. සෙද්ද. නින්ද යන්නෑ නැත්තං 😒😒😒

    ReplyDelete
  4. ++++++++++🙂
    ආවා, නාලා, කාලා කියවන්න ආයෙ එන්නම්

    ReplyDelete
    Replies
    1. තාම නානවද ඉතිං?

      Delete
    2. ඉස්සොරි.. සොරි, බස්සොරි යවන්න දවසට දෙපාරක් නානවය කියන්නෙ. අර නිදි තමා උපදෙස් දීලා තිවුනෙ.

      Delete
    3. නිදිය නාන තරම තව දහ දෙනෙක් නෑව නං කොළඹට උග්‍ර ජල හිඟයක් එනව කියල වීර පුරන් අප්පු කියල තියෙනව

      Delete
    4. අඹතලේ නාපු නෑමට ඉතිං ....

      Delete
    5. වැඩපලේ යාළුවො බස්සගෙන් අහනවා: "බස්සො, හැබෑට දැන් වැඩ අහවර වෙලා බෝ මොකද කරන්නෙ?"

      බස්සා: "මොනාද ඉතින්, නා...ලා... අරක්කු ජුන්ඩක් බී...ලා... බත් ඩිංගක් කා...ලා... බ්ලොග් එකක් කියවන්ට යනවා."

      Delete
    6. ආව යකුනේ, ආව. අද කොටාගෙන මැරෙනවා. ඒ ඩිංගිත්තට, මෙතන මයෙ සායම ඇරලා.😂🤣

      හ්ම්.... හොඳයි, පැරණි රහස් පරීක්ෂක කතාවක, හැඟීම එනවා.හතර වටේ පටලෝනවා, ඒහෙම තමයි කරන්න ඕනෙ. වැනිල්ල අමතක කරන්න එපා. ඔය පබ් එක වුනත්, වනන්න ඇහැකි. වතාවක් මාගල් රවිය වැනුව පබ් එකක් ලෙසටම.👌🙏

      Delete
    7. ඔය කියන්නෙ, අර නුවර පබ් එක ගැන නේද? අම්මපා, අපිත් වනනවා නං තමා, ඒත් එහෙම වැනිල්ලක් අම්ම-මුත්තා කාලෙවත් අහල නෑ.🤔

      Delete
    8. පොඩ්ඩක් හිතහං ඔය රවිය වනන වැනිල්ලට, රහස් පරීක්ෂක කතාවක් ලිවුවනං කොහොම වෙයිද කියලා. මූ මිනීමරුවා හොයන එක පැත්තකින් තියලා, හතරවටේ පරිසරය වන වනා, පඳුරු තල තලා ඉඳියි. ඔහොම අවුරුදු 2-3ක් ගියාම මිනීමරුවටම එපාවෙලා ඇවිල්ලා පොලිසියට බාර වෙයි.

      Delete
    9. මේ කමෙන්ට් එක රවියයියට යවන්ඩෝන 😂😂😂😂

      Delete
    10. එහෙනං! මඟුල් මේසෙ මැද හිටපු රෝස් කුකුලා බාන්නත් අවුරුදු දෙකක් ගියා, තව
      කොස් ක්පපු ලව් කේස් එකක් ගැනත් ඔහොම අවුරුදු ගාණක් ඇද්දා. පඳුරු තැලිල්ල හොයා ගත්තෙ එයා නෙව?😂

      Delete
    11. ප්‍රා,
      අඹතලේ දි නෑවෙ නෑනෙ. නාන ළිං ගාවින් ගියා විතරයි නෙ.

      බ්‍රරා,
      මුන්දැ ප්‍රසිද්ධ, වැඩපොලේදි කියනව බෝඩිමේදි නානව කියල. බෝඩිමේදි කියනව වැඩපොලෙන් නාගෙන ආව කියල. අනික් ටික නං ඉන්තේරුවෙම්ම හරි.

      බකුස්,
      රවි‌ගෙ තියෙන්නෙ නිවාඩු පාඩුවෙ නිවී සැනසිල්ලේ කරන වැනිල්ලක්. මේක මං ලියාපු පළවෙනි කතාව. ටෙක්නික්ස් විතරයි. වැනිල්ල අඩුයි. ඊළග කොටස්වලදි වනන්ඩ බලන්නං. අනික, ඔ්ක ලියන කාලෙදි පබ් එකක් දැකල තිබුණෙවත් නෑ.

      ටොමියා,
      ඔව් ඔ්යි. ඒ ටික කියවද්දි නිකං අපි ඒක ඇතුලට ගිහිං අඩියක් ගහල සිංදුවක් කියල නැටුව වගේ හැඟීමක් එන්නෙ.

      බුරා,
      ආාාන්න ජංසන්. ඊට පස්සෙ මිනීමරුව එක්කරං ගිහිං දෙවෙනි ඉනිම පෙන්නනව.

      මහේෂ්,
      ඔව්. කොපි කරල උන්දැගෙ පෝස්ට් එකකට කමෙන්ට් කරද්දි දාහං.

      බකුස්,
      ඔය කියන කෑලි දෙක ම එක ම කතාවක කෑලි කියල දැනගනිද්දි බොගෙ වයස කීය ද?

      Delete
  5. එලවලු පිහියක් අරගෙන රාලාහාමිලාට අනින්න ආපු කොලුව කවුද?
    මිනිහා පොලිසියේදි කෑගන්නෙත් පොලිසිය කනිශ්ක මැරුවා කියලද? කනිශ්කගේ සේවායෝජකයා කනිව මැරුවා කියලද?

    ReplyDelete
    Replies
    1. කවුද දන්නෙ ඔව්වා. උගෙන් ම අහන්ඩ වෙන්නෙ.

      Delete
    2. අඩෝ...මේ එහම බෑ....ඉවසගෙන ඉන්න බැහැ...එහනම් දාපිය ඉක්මනට ඊලග කොටස..නැත්නම් ගලවනවා උබේ උල්දත් දෙක

      Delete
    3. නටහං. මගෙ දත් ගලවන්ඩ ආව මෙතන

      Delete
  6. favorite category එකක්. ඊලග කොටස කියවනකම් full අඥඥකොරෝස් වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. කොටස් දෙක හෙමිහිට කියෙව්වොත් අඥ්ඥකොරොස් වෙන්නෑ...

      Delete
  7. ඊළඟ කොටහ එළිදකින්නෙ කවදයි

    ReplyDelete
  8. එළියට ආ උසැති එකා ඩ්‍රැකියමද ?

    ReplyDelete
    Replies
    1. මන් දන්න ඩ්‍රැකිය ඒමනෙ

      Delete
    2. ඒ බොට පේන හැටි. (මැවිල)

      Delete
    3. සොරිවෙන්ට ඕනෙ එහෙනම්. පෙනුමේ යම් දුර්වලතාවක් තිබේ කොමටත්

      Delete
  9. ආව , අන්තිම එකට යනව.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි