ඇමරිකාවේ 1860 ගණන්වල සිවිල් යුද්ධය පැවති කාලය...
ටූකෝ බෙනඩික්ටෝ පැසිෆිකෝ හුවන් මරිය රමීරස්: එක්සත් ජනපදයේ කවුන්ටි දා හතරකින් උවමනා කර තිබෙණ; මිනී මැරුම්, මිනිසුන්ගෙන්, බැංකුවලින් සහ තැපැල් කන්තෝරුවලින් ආයුධ සහිතව සොරකම් කිරීම්, පූජනීය දේ සොරකම් කිරීම්, රජයේ බන්ධනාගාරයක් ගිණි තැබීම, බොරුවට දිවුරුම් දීම, බහු විවාහ කර ගැනීම්, භාර්යාව සහ දරුවන් අත්හැර යාම, ගණිකා වෘත්තියට පෙළඹවීම හෝ බල කිරීම, පුද්ගලයන් පැහැරගෙන යාම, දේපළ පැහැරගැනීම, සොර බඩු භාර ගැනීම, සොර බඩු විකිණීම, ව්‍යාජ මුදල් හුවමාරුව, සළකුණු කළ කාඩ්වලින් සෙල්ලම් කිරීම... ආදී විෂමාචාර රාශියකට වැරදි කරු වන, මරා හෝ පණ පිටින් අල්ලා දෙන්නෙකුට තෑගි මුදල් නියම කර තිබෙන, ඒ වගේම ඉතා ම දරුණු සහ දක්ෂ වෙඩික්කරුවෙක්.
ඔහු කිසිම විශ්වාසයක් තැබිය නොහැකි, තමන්ගේ සගයන් බිලි දී හෝ තමන්ගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්නා කැත මිනිහෙක්. ටූකෝ කැත මිනිහෙක් වුණේ කොහොමද?
ටූකෝ ගේ මල්ලි පැබ්ලෝ රමීරස් හාත්පසින් ම වෙනස්. ඔහු කතෝලික හෝ ක්‍රිස්තියානි සහෝදරතුමෙක්. ඔවුන් දෙදෙනා හමු වුණු අවස්ථාවක මේ ගැන කතා බහක් ඇති වුණා. රමීරස් සහෝදරතුමා තමන්ගේ අයියගේ විෂමාචාරී ජීවිතය ගැන ගර්හාවට ලක් කළ විට අයියා කීවේ මේ වගේ දෙයක්...
"උඹ හිතනවද, උඹ මට වඩා හොඳයි කියලා? අපි ආපු දිහාවේ, කාට හරි දුප්පත්කමෙන් මැරෙන් නැතුව ඉන්ඩ නං, එක්කො පූජකයෙක් වෙන්ඩෝනෙ, නැත්තං අපරාධකාරයෙක් වෙන්ඩෝනෙ. උඹ උඹේ පාර තෝර ගත්තා, මං මගේ පාර තෝරගත්තා. මගෙ පාර තමයි අමාරු. උඹ කතා කරනවනෙ අම්මයි තාත්තයි ගැන... උඹට මතක නෑ උඹ පූජකයෙක් වෙන්ඩ පිටත් වුණාම, මම ගෙදර නතර වුණා. මට වයස අවුරුදු දහයක්, දොළහක්... මට මතක නෑ, නමුත් මම නතර වුණා. මං උත්සාහ කළා, ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ. මං දැන් උඹට දෙයක් කියනවා... උඹ පූජකයෙක් වුණේ, මං කරන දේ කරන්න බයගුල්ලෙක් වුණ හින්දා..."
සෙන්ටෙන්සා හෙවත් ඒන්ජල් අයිස් ඉතාම දක්ෂ සහ නපුරු වෙඩික්කාරයෙක්. ඔහු කුළියට මිනී මරන්නෙක් හැටියටත් කටයුතු කළා.
පුද්ගලයන් කීප දෙනෙක්, සොරකම් කරගත් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් යම් තැනක සඟවා තිබෙණවා. ඒ සඟවා ඇති තැන දන්නේ ජැක්සන් නම් ඒ කණ්ඩායමේ සාමාජිකයෙක්. බේකර් නම් තැනැත්තා ඒන්ජල් අයිස් ට කොන්ත්‍රාත්තුවක් දෙනවා, ජැක්සන් සොයාගන්න. ඒ සඳහා ඔහු ඩොලර් පන්සීයක් ගෙවන්නට පොරොන්දු වෙනවා. නමුත් ඒන්ජල් අයිස් ට ඔහු සොයාගන්න හැකි වන්නේ නෑ. ඒ ජැක්සන් තම නම වෙනස් කරගෙන සැඟවී සිටින නිසා.
ඒන්ජල් අයිස් හොයාගන්නවා, ජැක්සන් ඔහුගේ මිතුරෙකු වන ස්ටීවන්ස් ගේ ගෙදරට ඇවිත් ගිය බව.
ඒන්ජල් අයිස්, ස්ටීවන්ස් ගේ ගෙදර ගිහින්, ඔහු කෑමට සූදානම් කරගත් සුප් එකෙන් කොටසකුත් බීලා, ජැක්සන් ගේ අලුත් නම අහනවා. ස්ටීවන්ස් අහනවා, මේ සඳහා බේකර් ඒන්ජල් අයිස් ට කීයක් ගෙවනවා ද කියා. "පන්සීයයි" ඒන්ජල් අයිස් කීවා ම, "එහෙනම් බේකර් මරා දමන්න මම දාහක් දෙන්නම්" කියා ස්ටීවන්ස් ඔහුට මුදල් දෙනවා. ස්ටීවන්ස් කියන දේවලින් ඒන්ජල් අයිස් දැනගන්නවා සැඟවූ මුදල් ගැන. නමුත් ජැක්සන් ගේ නම දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඒන්ජල් අයිස් ස්ටීවන්ස්ට සහ ඔහුගේ පුතුන් දෙන්නාටත් වෙඩි තියලා ආපහු එනවා.
තම කොන්ත්‍රාත්තුව අකුරට ම ඉටු කරන ඒන්ජල් අයිස්, පළමුව ස්ටීවන්ස් මරණවා. ඉන්පසු බේකර් වෙත ගිහින් තොරතුරු ලබා දී, බේකර්වත් මරණවා.
ජැක්සන්ගේ පෙම්වතියක් ගෙන් ඒන්ජල් අයිස් දැනගන්නවා, ජැක්සන් දැන් භාවිත කරන්නේ බිල් කාසන් යන නම බව.
ඉතින් බිල් කාසන් සොයාගැනීමට ඒන්ජල් අයිස් ඇමරිකානු රාජ්‍ය හමුදාවට එකතු වෙනවා.
රන්වන් කෙස් ඇත්තා හෙවත් බ්ලොන්ඩි නමින් හඳුන්වන නමක් ගමක් නැති මිනිසා, තමන්ගේ දක්ෂතාවන් භාවිත කරලා ඩොලර් කීපයක් උපයා ගන්න තැත් කරන්නෙක්. ඔහු ටූකෝ අල්ලාගෙන, ෂෙරීෆ්වරයෙකුට භාර දී මුදල් තෑග්ග ගන්නවා. නඩු විභාගයෙන් පසුව, ටූකෝ දෑත් පිටිපස්සට තබා බැඳ, අශ්වයෙකු පිට හිඳුවා, ගසක අත්තක ගැට ගසන ලද තොණ්ඩුවක් ඔහුගේ බෙල්ලට දමා, ඔහු වරදකරු බවට ඔප්පු වූ චෝදනා ප්‍රකාශ කර, අශ්වයාට කෝටුවෙන් පහර දෙනවා. එතැන දී බ්ලොන්ඩි ටූකෝ ගේ ගෙළට දමා ඇති ලණුවට වෙඩි තබා, එය කපා හැර, රැස්ව සිටින පිරිමින්ගේ තොප්පිවලටත් වෙඩි තබා, ටූකෝ බේරාගෙන පළා යනවා. පසුව තෑගි මුදල ඔවුන් දෙකට බෙදා ගන්නවා.
නමුත් ටූකෝ ඒ ගනුදෙනුවේ තමන්ට අයිති කොටස අමාරු නිසා, තෑගි මුදලින් වැඩි කොටසක් අවශ්‍ය බව කියනවා. එයින් මේ දෙන්නා අතර විරසකයක් ඇති වෙනවා.
මේ කතාවට අදාළ වන කාලය, ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාගේ පාලන කාලයේ පැවති සිවිල් යුද්ධ කාලය. වහල් මෙහෙයට පක්ෂ දකුණේ ජනපද සහ රජයට පක්ෂ උතුරේ ජනපද අතර යුද්ධයක් පැවතුනා. නිල් කබා කාරයන් සහ අළු කබා කාරයන් ලෙස දෙපාර්ශ්වයේ හමුදා හැඳින්වුණේ.
ටූකෝ සහ බ්ලොන්ඩි දෙන්නාට මේ අතර හමුවෙනවා, මරණාසන්නව සිටින බිල් කාසන් හෙවත් ජැක්සන්. ඔහු ඩොලර් දෙලක්ෂය සඟවා ඇති ස්ථානය ටූකෝට කියනවා. එය සොහොන් පිටියක්. ටූකෝ, ඔහුගෙන් වැඩි විස්තර ලබා ගන්නට, ඔහු ප්‍රකෘතිමත් කරන්නට වතුර ගෙන ඒමට ගිය අතරේ, මුදල් සඟවා ඇති මිනී වල කුමක්ද කියා බිල් කාසන් බ්ලොන්ඩි ට කියනවා.
ටූකෝ වතුර ගෙන ඒමට කලින් බිල් කාසන් මිය යනවා. ටූකෝ ඔහුගේ ඇඳුම් ඇඳගෙන, ඔහුගේ නම යටතේ පෙනී හිටින්නට පටන් ගන්නා අතර, මේ දෙන්නා ඒන්ජල් අයිස් ට හමුවෙනවා. බිල් කාසන් අළු කබා හමුදාවේ සිටි අයෙක් වෙද්දී, ඒන්ජල් අයිස් නිල් කබා කාරයන් ගේ හමුදාවේ මායිමක් මුරකරන හමුදා අණු ඛණ්ඩයක සිටියේ.
ටූකෝ පෙනී සිටින බිල් කාසන් යන නම අනුව, මේ දෙන්නා රහස දන්නා බව ඒන්ජල් අයිස් දැනගන්නවා. ඒ රහස දැනගන්නට ඔවුන් සංගීත පෙරෙට්ටුවක් පවත්වනවා. එය මානව දයාව සහ සහකම්පනය දනවන ජවණිකාවක්.
එහෙම වෙන්නෙ කොහොමද?
හමුදා කඳවුරේ ප්‍රධානියා ආබාධිතයෙක්. ඔහු සිරකරුවන්ට වධ දීම පිළිබඳව දැඩි විරෝධයක් දක්වනවා. ඒ නිසා සිරකරුවන්ට පහර දෙනවිට ඔවුන් නඟන විළාප නෑසෙන්නට හමුදා කණ්ඩයේ සංගීත කණ්ඩායම පුහුණු කිරීම් ඊට සමගාමීව ම පවත්වනවා. එතැනදී වෙන්නේ මොකක් දැයි හොඳින් දන්නා වයලින් වාදකයෙකුගේ මුහුණින්, ඉතා සංකීර්ණ හැඟීම් මාළාවක් නිරූපණය කරවන්නට අධ්‍යක්ෂවරයා සමත් වෙනවා.
වධ දී, ටූකෝ ගෙන් සුසානභූමියේ නම දැනගන්නා ඒන්ජල් අයිස්, බ්ලොන්ඩි ද කැටුව සඟවා ඇති මුදල් සොයාගන්නට පිටත් වෙනවා. ටූකෝ ත් තමන් සිටින රැඳවුමෙන් පළා එනවා. මේ තුන් දෙනාගෙන් කාට මුදල් සොයාගන්නට හැකි වේවි ද?
හොඳ නරක කැත මිනිස්සු, 1966 දී සර්ජියෝ ලියොන් අධ්‍යක්ෂණය කළ විශිෂ්ඨ නිර්මාණයක්. මේ චිත්‍රපටියට පසුබිම් වන්නේ, චිත්‍රපටය හැදූ කාලයෙන් හරියට ම අවුරුදු සීයකට පෙර කාලය. මිනිසුන්ගේ ඇති සංකීර්ණ චරිත ස්වභාවයන් වගේ ම, යුද්ධයේ ඇති නිරර්ථක සහ බිහිසුණු බව මේ චිත්‍රපටියෙන් ඉතා ම කදිමට නිරූපණය වෙනවා.
ඒ වගේ ම ප්‍රසිද්ධ කියමන් රාශියකුත් මේ චිත්‍රපටියෙන් බිහි වුණා. “මේ ලෝකේ ආකාර දෙකක මිනිස්සු ඉන්නවා...“ “නුඹ වැඩ කරන්නේ ජීවිකාව සඳහා නම්, ඇයි වැඩ කරමින් නහින්න හදන්නේ?“ “සෑම තුවක්කුවක් ම, ඊට ආවේණික හඬක් නඟයි...“ “උඹ වෙඩිතියන්න ආවනං, වෙඩිතියපං. කතා කර කර ඉන්ඩ එපා.“ “ඩොලර් ලක්ෂ දෙකක් කියන්නේ ලොකු මුදලක්. අපිට ඒක උපයගන්න වෙනවා.“ “කාට හරි වැඩි ම ප්‍රමාණයක් මත් පැන් තිබේනවාද? ඔහු සෙබළුන් බීමත් කරවා, මැරෙන්නට පිටත් කරනවා ද? ඔහු තමයි ජයග්‍රාහකයා“ මේ අතරින් කීපයක්.
මේ ලිපිය කියවන බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය බලා ඇතුවාට සැක නැහැ. (බලා නැත්නම් බාගත කරන්නට සබැඳිය මෙතනින්.) ඒ නමුත් මෙහි ඇති සංකීර්ණත්වය සහ විචිත්‍රත්වය නිසා මේ ලිපිය ලියන්නට ම උවමනා වුණා.
මේ චිත්‍රපටියේ තිර රචනය ඇසුරින් ඩීමන් ආනන්ද පොත් තුනක් නිකුත් කළා. “මිනීමරු ටූකෝ“, “අඩියෝස් සෙන්ටෙන්ෂා“ සහ “හොඳ නරක කැත මිනිස්සු“ මේ පොත් තුන. පසුකාලීනව 2008 දී විතර මේ පොත් තුන එකතු කරලා හොඳ නරක කැත මිනිස්සු නමින් තනි පොතකුත් නිකුත් වුණා.
https://en.m.wikipedia.org/wiki/Spaghetti_Western
ReplyDeleteඇයි හැබෑට ඒවට ස්පැගටි විශේෂණය දාන්නෙ?
DeleteItalian made
Deletehttps://www.almanac.com/fact/where-did-the-term-spaghetti-western-come
DeleteHmmm... මං හිතුවෙ ඒව හදල තියෙන්නෙ ටෙක්සාස් වගේ පැතිවල කියලා...
Deleteකතා ටෙක්සාස්, ඇරිසෝනා, නිව් මෙක්සිකෝ වගේ පැතිවල තමයි ඒත් ෆිල්ම් ලොකේශන් ඉතාලියෙ, ස්පාඤ්ඤයෙ. එකක් ඉශ්‍රායල් !
Deleteඉස්සර සිංහල ෆිල්ම් ඉන්දියාවෙ හැදුව වගේ තමයි...
DeleteWesterns ජනප්‍රිය උනේ 60 හා 70 දශකවලදී. අද වන විට මේ වර්ගයේ චිත්‍රපට ජනප්‍රියත්වයෙන් ගිලිහී ගිහින්. හැබැයි ඒ වන විට ගැටවර වියේ සිටි අය හැට පැන්නත් අදටත් මේවට වහවැටිලා ඉන්නේ!
ReplyDeleteගොඩක් වෙස්ටන්වල හුදෙක් වීරත්වය නිරූපණය කළාට සර්ජි ලියෝන් ගෙ ෆිල්ම්වල ඊට එහාට ගිහිං යථාර්ථයක් සහ සංකීර්ණ චරිත නිරූපණයක් දකින්න තියෙනව. ඒකයි ගොඩක් ම යූල් බ්‍රයිනර්, රොනල්ඩ් රේගන් ආදීන්ට වඩා ක්ලින්ට් ඊස්ට්වුඩ් මතක හිටියෙ...
Deleteහොඳ ෆිල්ම් එකක්
Deleteහැබැයි මම cowboy චිත්‍රපට (වෙස්ටන් genre එකටම වැටෙන බලන්න දැන් කැමති නැහැ. අසූ ගණන් වල ලෝන් රේන්ජර් කියල සීරිස් එකක් පෙන්නුවා මතකද/ පහු කලෙක ආදි වාසි ජනයාව අශිලාචාර මිනිස්සු හැටියට ත් කව්බෝයිස් ලා පොරවල් හැටියටත් පෙන්වන බොරුව ගැන කළකිරුන
Deleteආාාහ්... ලෝන් රේන්ජර් එකේ 2013 මේක් එක හොඳයි. ඒකෙ ආදි වාසීන්ට (ටොන්ටො ඇතුළත්ව) නිසි ගෞරවය ලබා දීලා තිබුණා. ජොනී ඩෙප් ම ඇති ඒ ෆිල්ම් එක බලන්න හොඳ හේතුවකට.
Deletehttps://www.youtube.com/watch?v=L9DDCKVrZfU
ස්තූතියි. ඒක සේව් කර ගත්ත
Deleteවෙල්කම් වෙල්කම්
Delete'බලා ඇතුවා' තමයි මතකයි, මතකෙ රැඳෙනා චිත්‍රපටයක්
ReplyDeleteඑලෙස හැදුණා ගොපලු සිනමා පිට පිටම සාදමින් රැල්ලක්
තිබුණු සිනමා අසිරි මැකිලා, ඇහෙනවා මළ බෙර හඬක්
මහරගම අනුෂාත් වැහිලා ගිහිං දැන් ටික කාලයක්
මේක තුන් ඈඳතු කතාවක අවසාන කොටසයි කියාලා
Deleteමතක ඇත මුල් කතා දෙකමත් නියම චිත්තරපටි මෙයාලා
වෙනත් වෙස්ටන් කතා මෙන් නොව සංකීර්ණව ඇත තනාලා
වීරකම නොව කොමන් මිනිසුන් කරන දේ ඇත මෙහි කියාලා
එල ඈ...එල ද බ්‍රා
ReplyDeleteආාාා තැංකිව් තැංකිව්
Deleteකියෙව්ව බොල.
ReplyDeleteහොඳ, නරක, කැත னයිත් ඉන්නව කියල දැනගං.
ඊළඟට ලියනව "තව ටෝච් පාරවල් කීපයක් සඳහා..."
Deletehttps://youtu.be/yyV_eb3p3Zw
Bucket list එකේ තිබුණ film එකක්...
ReplyDeleteAction ඒවා මරා ගන්න වගේ තියෙන film සමහර වෙලාවට බලන්න ආසා හිතෙන්නෙ නෑ. මේකත් එහෙන බලන්න ආස හිතුනෙ නැති film එකක්...
මිනිස් ස්වාභාවය නම් එසේමෙසේ ලේසි එකක් නෙමෙයි නෙහ්...
මේක මරා ගැනිලිවලට යටින් දිවෙන වෙන ම පැත්තක් පෙන්වන එකක්. ගොඩක් ම යුද්ධයේ තිබෙන නිරර්ථක කම තමයි මම තුන්වෙනි පාරට බලද්දි දැක්කෙ. ආයෙ බැලුවොත් තව මොනවහරි පෙනෙයි කියල හිතනව.
Deleteමං බලන්නෙ Sci-Fi නිසා ඔය වගේ ෆිල්ම් මගෑරෙනවා ඩ්‍රැකි අයියෙ
ReplyDeleteඒකනෙ. මෙව්වත් බලහම් ඉඳහිටවත්
Deleteහුම්..... වෙස්ටොන් පිලුම්. මට දැන් තම වෙලාහක් හම්බුනේ කොමෙන්ටක් කොටන්න.
ReplyDeleteඅර හැම ගෙවල්ම රතුපාට ගාන්නේ අන්තිම හරියේ... ඒ මේකෙද.
Clint Eastwood තමයි ඔය කව්බෝයි වැඩේට සැට්වෙනම කෙනා කියලයි මට හිතෙන්නෙ. බලුතඩියගෙ මූණට කෙළ ගහන එකටනම් අකමැතියි.
ගෙවල්වල රතු තීන්ත ගානව? ඒ මොකද්ද බොලේ?
Deleteක්ලින්ට් ගෙ හයි ප්ලේන්ස් ඩ්‍රිෆ්ටර් හරි, අවුට්ලෝ ජොසි වේන්ස් හරි බැලුවොත් වීර ප්‍රතිරූපය වෙනස් වෙනව. ඒ වගේ ද මේක? https://www.youtube.com/watch?v=WjPTXvjnjZg
බලලා නැත. ඉතින් මොකද අන්තිමට වුනේ..?
ReplyDeleteඅර ලිංක් එකෙන් බලන්ඩ. ගත කරන පැය දෙකයි විනාඩි පණස් අට ගැන පසුතැවෙන්න වෙන්නෙ නෑ.
Deleteමෙවර මිස් ටිෆානි 2022 තරග ප්‍රතිඵලය ගැන ඔබ තෘප්තිමත්ද?
ReplyDeleteමං බැලුවෙ නෑ. උනන්දුවක් නෑ ඒ ගැන. සොරි...
DeleteWestworld බැලුවද ඩ්‍රැකීයෝ ? මම ඉස්සර නම් කවුද බෝයි ෆිල්ම් බලන්න ආසයි .. දැන් වැඩිය ආස නෑ මරා ගන්න ඒවා බලන්න.. මේකත් බලල තියෙනවද කොහෙද ... හැබැයි ආයේ බලන්න හිතුනා .
ReplyDeleteවෙස්ට්වර්ල්ඩ් කිව්වේ ටීවී සීරීස් එක ද, 1973 ෆිල්ම් එක ද? මං ඔය එකක්වත් බලල නෑ හැබැයි. ආපහු බලල කියන්ඩකො මේක ගැන...
Deleteමං බලල තියෙන හොඳ ම වෙස්ටන් මූවි එක, අන්ෆොගිවන්. අන්න ෆිල්ම් ඈ...
westworld මරු සීසන් 4 ආව , හැමවෙලම එන මාතෘකාවක් නේ මේ කිසි දෙයක් රියල් නැහැ. අපි ඉන්නේ සිමියුලේෂන් එකක් කියල. ඒ සංකල්පය නියමෙට පාවිච්චි වෙනවා
DeleteThanx. දැන් ඉතිං ඒක බලනකං හිතට නිවසක් නෑ...
Delete