https://ak7.picdn.net/shutterstock/videos/18500467/thumb/1.jpg |
පළවෙනි කොටස
දෙවෙනි කොටස
තුන් වෙනි කොටස...
අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක් සටහන් කර තිබුණි.
VOLTE
මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි... එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.
අද්මිරාල් හැඩිදැඩි වමතින් රොස්කෝ ගේ අත ග්‍රහණය කළේ එක් වරම ය. ඒ ඔහු සිය සහචරයා ගැන හොඳින් දැන සිටි නිසා ය. ටිරෙල්, රොස්කෝ ගේ ඇඟට පැන්නේ ද එවිගසම ය. එයින් තරබාරු නාවුකයා බිම ඇද වැටුණි. ඇන්ඩර්සන් හණික පහත් වී බිම වැටුණු මිනිසාගේ කට දෑතින්ම වසා ගැනීමෙන් ඔහුගේ මුවින් පිටවන්නට ගිය විළාපය නතර කෙරුණි.
"නීල්සන් නැගපං ඔය ගහට. මේ වැඩේ කරපු එකා තවම ගහ මුදුනෙ ඇති."
ඇඩම් ඇන්ඩර්සන් ගේ නියෝගය පරිදි කෙසඟ තරුණයා මුලින්ම බඳපටියෙහි ෆ්ලින්ට්ලොක් පිස්තෝලය ඇති බව පරීක්ෂා කළේය. දෙවනුව දකුණු බත්කෙන්දෙහි සම් පටිවලින් බැඳ තිබූ කිණිස්ස ඉන් මුදවාගෙන දත් අතරෙහි සිරකර ගත්තේ ය. දැවැන්ත ගස අසළට ගිය ඔහු ගසෙන් පහළට එල්ලෙන වැල්වල සහ අතුවල එල්ලෙමින් ගසට නඟින්නට පටන් ගත්තේය.
අද්මිරාල්ගේ නියෝගයෙන් ද, නීල්සන් දැක්වූ එඩිතරකමෙන් ද රොස්කෝ සිහි එළවා ගත්තේය. එහෙත් ඒ මොහොතකට පමණි.
හුරු බුහුටි ලෙස ගසට නැගුණු තරුණ නාවිකයා ගසේ අතු පතරට ළඟා වූවා පමණකි... එකවරම අති මානුෂික ග්‍රහණයකින් ඔහුගේ ගෙළ සිර විය. සිහි විකල්ලෙන් මෙන් ගස අත හළ නීල්සන් සිය බොටුව වටා වෙලුණු රැහැන මුදවාගැනීමට නිරර්ථක උත්සාහයක් ගත්තේය. එසැණින්, බෙල්ලේ සිට පහළට ගැළූ තෛලමය දියරයකින් තම සියොළඟ තෙමීයනු ඔහුට දැණුනි.
නීල්සන් බෙල්ලෙන් එල්ලී දඟලමින් ගසෙහි ඉහළ අතුපතරට වේගයෙන් ඇදී යනු දුටු නාවුකයෝ එක මොහොතකට වික්ෂිප්ත වූහ. යටිගිරියෙන් කෑ ගැසීමට තැත් කරමින් රොස්කෝ කැළය බිඳගෙන දුවන්නට ගත්තේ, අද්මිරාල් සහ ටිරෙල් සිය පිස්තෝල එළියට ඇද ගසෙහි ඉහළ අතු පතරට වෙඩි තබනවාත් සමඟම ය. වෙඩි ශබ්දයෙන් කළබල වූ කුරුල්ලෝ සිය ගණනක් අවට තුරු මුදුන්වලින් ඉහළට නැඟුණහ. පිස්තෝලයෙහි කොටා තිබූ වෙඩිල්ල පත්තු කර, එය ආපසු කොපුවෙහි ලා ගත් ඇඩම්, කඩිසරව සිය මස්කිට් තුවක්කුව ගෙන ඉහළට එල්ල කළේ ය.
පුදුමයට පත් කළ සිදුවීම වූයේ එවිටය...
"ඉඳපං..." සිය මස්කිටයෙන් වෙඩි තැබීමට යන ටිරෙල් හට අද්මිරාල් කෑ ගැසුවේය.
එක නිමේෂයකට ගසෙහි ඉහළ අතු පතරින් මෑත් වූයේ ස්ත්‍රී රුවක් බව ඇඩම් මතක තිබුණි. එකෙණෙහිම එය ආපසු කොළ අතු අරතෙහි සැඟවී ගියත්, දිග කළුවන් කෙස් වැටියත්, රත් පැහැයට හුරු සමත්, දිවිසමක් වැනි යමක් දැවටුණු සුඛනම්‍ය ගතියක් පෑ සිරුරත් යුරෝපීයයාගේ සිතෙහි නොමැකෙන සේ කෙටුණි. ක්ෂණයකින්, ගිණි ගෙන දැවුණු නීල්සන් ගේ සිරුර, අඩි සීයක පමණ ඉහල සිට ඇඹරෙමින් බිමට පතිත විය.
ටිරෙල් තම අතකින් අදිනවා දැනී අද්මිරාල් සිහි එළවා ගත්තේය. වෙවුලන අතැඟිලිවලින් මස්කිට් තුවක්කුව තදින් අල්ලා ගත් ඔහු පස්සෙන් පස්සට ගියේය. තවමත් දැවෙමින් පැවති සිය සහචරයන් දෙදෙනාගේ මළ සිරුරුවලින් නැඟෙන පුළුටු ගඳ නාවුකයන් දෙදෙනාගේ නාස් පුඩු හකුළවන්නට සමත් විය. පියවර හත අටක් ආපස්සට ගිය නාවුකයෝ දෙදෙනා, ඔලුවට ඉහළින් වැවුණු ගස් අතු අතරින් මාරක ගසෙහි දර්ශනය වැසී යත්ම, ආපසු හැරී, පසු නොබලා දුවන්නට පටන් ගත්හ. අවට වැවුණු ගස්වල ඉහළ අතු පතරේ කිසියම් සතුන් රැළක්, යුරෝපීයයන් සමඟම දුවන්නට ගත්තේ ඔවුන් ළුහුබැඳ එන්නාක් මෙනි. දුවන වේගය අඩු නොකරම ඉහළ බැලූ අද්මිරාල් දුටුවේ, ඒ සතුන්ගේ බරින් ගස් අතු වේගයෙන් සෙලවෙන ආකාරය සහ අඳුරු ඡායාවන් පමණකි.
තමන් කෙතරම් දුරක් ආවාදැයි දෙදෙනාටම නිච්චියක් තිබුණේ නැත. එහෙත් කෙමෙන් කෙමෙන් පියවි සිහියට එළඹෙද්දී, නිවර්තන වැසි වනාන්තරයක භයංකරබව විසින් තමන් වටකරගෙන සිටිනු ඔවුන්ට හැඟුනේය. තෙත් බර සීතල වාතස්කන්ධය... නොනැවතී ගළන දියපාරක හඬ වැනි රෑහි හඬ... අවට විසිරුණු පාසි බැඳුනු ගල් ගෙඩි, මීවන පඳුරු සහ ආකූලව පැතිරුණු ලැහැබ... පොලොවෙන් මතුවී දඟර ගැසෙමින් ගස් මුදුන් කරා නැගුණු විශාල සර්පයන් වැනි වැල්... නූල් තරම් මහත කෙඳිවලින් බැඳුණු දැල්වල සිටි, අල්ලක් තරම් විශාල මකුළුවන්... ගස් අතුවලින් පහළට එල්ලෙමින් ගොදුරු සොයන කුඩා සර්පයන්... නාවුකයන් දෙදෙනාගේ පියවර හඬින් කලබල වී ඔවුන් එනවිටම වාගේ මඟහැර ගිය බව පෙනුණු සිවුපාවුන්... ඒ සියල්ලටමත් වඩා, හිස්වලට උඩින්, ගස් මුදුන් මතින් පනිමින් නොනවත්වා ළුහුබැඳ එන අබිරහස් සතුන්...
වනාන්තරය කෙළවර, වැව් ඉවුරකට සේන්දු වන තෙක් නාවිකයෝ දෙදෙනා දිවීම නතර කළේ නැත. ඔවුන් ළුහුබැඳ ආ අදෘශ්‍යමාන සත්ත්ව රංචුව ද වන සීමාවෙන් ඔබ්බට ආවේ නැත. තවත් යාර කීපයක් දුර්වල ලෙස දිව ගිය අද්මිරාල් නතර වී, ඉදිරියට නැඹුරු වී දෑත් දණහිස් මත තබාගෙන හිස පහතට නැඹුරු කරගනිමින් හඬ නගා හතිලෑවේ ය. කවුරුන් හෝ පිරිසක් ඔවුන් දෙදෙනා වටකරගත් බව යුරෝපීයයන්ට වැටහුණේ තවත් තත්පර කීපයක් ගතවූ පසුවය. හිස එසවූ අද්මිරාල් දුටුවේ, යටිකය දැවටුණු රෙදි කඩකින් පමණක් විළි වසාගත් අඳුරු පැහැ සමින් යුත් පිරිමින් රැසක් ඔවුන් වෙත උදලු සහ කැති අමෝරාගෙන සිටින ආකාරය ය.
* * * *
යුරෝපීයයන් දෙදෙනාට එදින රැය ගත වූයේ රටේ මහත්තයාගේ වලව්ව අසළ තනා තිබූ අඳුරු කුටියේ ය. කොලපත්වලට බෙදා දුන් බත් සහ මිරිස් සැර යහමින් පැවති දඩමස් හොදි, ගොම මැටි පොලොව මත ඉඳගෙන, කඳුලු පෙරමින් කන අතර අද්මිරාල් ඇඩම් ඇන්ඩර්සන් තම ඉදිරි ක්‍රියාමාර්ගය සැළසුම් කරන්නට උත්සාහ කළේ ය.
"මේ වැඩේ අපි හිතපු තරම් ලේසි නෑ..."
ටිරෙල් තම නායකයා දෙස බැලුවේ අනුමත කරමිනි. "ඔව් අද්මිරාල්... අප්‍රිකාවෙ දැකපු තරම්වත් මෙහෙ වනාන්තර විශාල නොවුනට, වෙන කොහෙවත් දැකපු නැති මහ අමුතු දේවල්නෙ මෙහෙ තියෙන්නෙ..."
ඇන්ඩර්සන් තප්පර කිහිපයක් දෑස් පියාගෙන කල්පනා කළේ ය.
"අපිට මේ රටේ සෑහෙන කාලයක් ජීවත් වෙලා, මේ දේවල් මොනවද කියලා හොයන්න වෙනවා. අපි දෙයක් හොයාගන්න හදනවනම්, ඒක වටා තියෙන හැම බලවේගයක්ම හොඳට තේරුම්ගන්න ඕනෙ..."
"මොකද්ද අද්මිරාල් අර සිද්ධ වුනේ?"
"ඒක තමයි මම කිව්වෙ. මට හොඳටම විශ්වාසයි..." අද්මිරාල් සිය සගයාගේ කණට තම මුහුණ ළං කර කෙඳිරුවේ ය. "...මම දැක්කා අර ගහ උඩ හිටියෙ ගෑණියෙක් කියලා."
"ඒත් කොහොමද ඔය තරම් ඉක්මණට මිනිස්සු දෙන්නෙක් ගිණි තියන්නෙ? මොකටද එහෙම කරන්නෙ?"
"කවුරු හරි, එහෙමත් නැත්තං මොකක් හරි බලවේගයක්... අපේ ගමන එතනින් එහා යන්න දෙන්නෙ නැතුව අපිව වළක්වන්න උත්සාහ කළා. අපි දැනගන්න ඕනෙ ඒ කවුද, මොකද්ද කියන එක..."
කොළපතෙහි වූ කෑම සියල්ල කා ඉවර කළ අද්මිරාල් නැගිට්ටේය. "සෑහෙන කාලයක් ගතවෙයි. නමුත් අපි අවසානයේ ලබාගන්න දේ එක්ක බලනකොට... ඒ ගතවෙන කාලය සුළු දෙයක්."
ඔහු වසා තිබූ දැවමය දොරට මිට මෙළවූ අතින් තට්ටු කළේය. ඒ දොර පියන උඩ පියනක් සහ යට පියනක් සහිත එකක් විය. මඳ වේලාවකින් දොරෙහි උඩ පියන ඇරුණි. හුලු අත්තක් ඔසවාගත් කෙසඟ මිනිහෙක් එහි විය. අද්මිරාල් දකුණත මිට මොළවා මුවට ළංකොට මඳක් උඩට ඔසවා, යමක් පානය කරන ඉරියව්වක් මවා පෑවේය. කෙසඟ මිනිසා, සිය ඉණෙහි එල්ලාගෙන සිටි ලබු කැටයක් යුරෝපීය සිරකරුවාට දික් කළේය. ඇඩම් එය අතට ගන්නවාත් සමඟම දොරෙහි උඩ පියන වැසුණි.
ලබු කැටය පිරී තිබුණේ වතුරින් නොවන බව කටට ළං කරද්දී නැඟුනු සුවඳින් ඇන්ඩර්සන් ට වැටහුණි. එහෙත් එය ප්‍රණීත දියරයක් විය.
කුස නොව සිත පිරෙන තෙක් සිරකරුවෝ දෙදෙන, මාරුවෙන් මාරුවට ලබුකැටය හිස් කළහ. අවසානයේ තමන් නින්දට වැටුණේ කොයි අවස්ථාවේදැයි ඔවුන් නොදත්හ.
තවත් කොටසක් ළඟදීම...
ටිරෙල් තම නායකයා දෙස බැලුවේ අනුමත කරමිනි. "ඔව් අද්මිරාල්... අප්‍රිකාවෙ දැකපු තරම්වත් මෙහෙ වනාන්තර විශාල නොවුනට, වෙන කොහෙවත් දැකපු නැති මහ අමුතු දේවල්නෙ මෙහෙ තියෙන්නෙ..."
ඇන්ඩර්සන් තප්පර කිහිපයක් දෑස් පියාගෙන කල්පනා කළේ ය.
"අපිට මේ රටේ සෑහෙන කාලයක් ජීවත් වෙලා, මේ දේවල් මොනවද කියලා හොයන්න වෙනවා. අපි දෙයක් හොයාගන්න හදනවනම්, ඒක වටා තියෙන හැම බලවේගයක්ම හොඳට තේරුම්ගන්න ඕනෙ..."
"මොකද්ද අද්මිරාල් අර සිද්ධ වුනේ?"
"ඒක තමයි මම කිව්වෙ. මට හොඳටම විශ්වාසයි..." අද්මිරාල් සිය සගයාගේ කණට තම මුහුණ ළං කර කෙඳිරුවේ ය. "...මම දැක්කා අර ගහ උඩ හිටියෙ ගෑණියෙක් කියලා."
"ඒත් කොහොමද ඔය තරම් ඉක්මණට මිනිස්සු දෙන්නෙක් ගිණි තියන්නෙ? මොකටද එහෙම කරන්නෙ?"
"කවුරු හරි, එහෙමත් නැත්තං මොකක් හරි බලවේගයක්... අපේ ගමන එතනින් එහා යන්න දෙන්නෙ නැතුව අපිව වළක්වන්න උත්සාහ කළා. අපි දැනගන්න ඕනෙ ඒ කවුද, මොකද්ද කියන එක..."
කොළපතෙහි වූ කෑම සියල්ල කා ඉවර කළ අද්මිරාල් නැගිට්ටේය. "සෑහෙන කාලයක් ගතවෙයි. නමුත් අපි අවසානයේ ලබාගන්න දේ එක්ක බලනකොට... ඒ ගතවෙන කාලය සුළු දෙයක්."
ඔහු වසා තිබූ දැවමය දොරට මිට මෙළවූ අතින් තට්ටු කළේය. ඒ දොර පියන උඩ පියනක් සහ යට පියනක් සහිත එකක් විය. මඳ වේලාවකින් දොරෙහි උඩ පියන ඇරුණි. හුලු අත්තක් ඔසවාගත් කෙසඟ මිනිහෙක් එහි විය. අද්මිරාල් දකුණත මිට මොළවා මුවට ළංකොට මඳක් උඩට ඔසවා, යමක් පානය කරන ඉරියව්වක් මවා පෑවේය. කෙසඟ මිනිසා, සිය ඉණෙහි එල්ලාගෙන සිටි ලබු කැටයක් යුරෝපීය සිරකරුවාට දික් කළේය. ඇඩම් එය අතට ගන්නවාත් සමඟම දොරෙහි උඩ පියන වැසුණි.
ලබු කැටය පිරී තිබුණේ වතුරින් නොවන බව කටට ළං කරද්දී නැඟුනු සුවඳින් ඇන්ඩර්සන් ට වැටහුණි. එහෙත් එය ප්‍රණීත දියරයක් විය.
කුස නොව සිත පිරෙන තෙක් සිරකරුවෝ දෙදෙන, මාරුවෙන් මාරුවට ලබුකැටය හිස් කළහ. අවසානයේ තමන් නින්දට වැටුණේ කොයි අවස්ථාවේදැයි ඔවුන් නොදත්හ.
තවත් කොටසක් ළඟදීම...
දිගට ලියන්ඩෝ
ReplyDeleteමී ළඟ කොටස දිගට ලියන්නම්. දැන් ඉස්සර වගේ ලියන්න අමාරුයි...
Delete+++++
ReplyDeleteස්තූතියි
Deleteඅපි සියනෑ කෝරලේ උඩුගහපත්තුවේ.
ReplyDeleteඉස්සර ඒ පැත්ත රූස්ස කැලේ
අපේ ගම්පලාත් හැදුවේ ඝෝඨාභය රජතුමා.
අපිත් සියනෑ කෝරළේ තමා. අපේ ගම්පලාත් නං කිසිම රජකෙනෙක් හැදුවෙ නෑ. ගම්මු ම තමා හදාගත්තෙ...
Deleteඝෝඨාභය රජ්ජුරුවො අත්තනගල්ල විහාරය හදල ඒ අවට ප්‍රදේශවල ගම්මාන පිහිටෙව්වා එහෙම තමයි අපේ ගමත් හැදුනේ. අපිත් ඒ කාලේ අනුරාධපුරයෙන් ආපු මුතුන්මිත්තන්ගෙන් පැවතෙන අය.
Deleteඊට කලින් ඔය පැත්තේ මුස්ලිම් ගමක් තිබුනේ. ඒකට ඒ කාලේ කිව්වේ "අල්ලාහ් මුල්ලාහ්" දැන් කියන්නේ ඇල්ලලමුල්ල කියලා.
හෙට දෙවැනි ඝෝඨාභය යුගයක් ගේන්න දායක වෙන්න නැත්නම් වෙන්නේ 1994-2005 නැමති සිංහල ජාතියේ කාලකන්නි යුගය නැවත උදාවීමයි. ඒ පාපයට හවුල්වුනොත් ඔයාගේ මිනීවලටත් හෙන ගහයි.
වංශකතාවල නං තියෙන්නෙ අනුරාධපුරෙන් පිටත්වුණු මගියා දවල් කෑම වෙලාවට හත්ථවනගල්ලට ආව කියලයි. ඒ විදිහට අනුරාධපුරේ ඉඳලා පාගමනින් එන්ඩ පුළුවන් තැනක් නෙවෙයි ගම්පහ.ගොඩක් පුරාවිද්‍යාඥයො පිළිගන්නෙ හත්ථිකුච්ඡ විහාරය තමයි සිරිසඟබෝ රජු ගේ මළ සිරුර ආදාහණය කරලා, එතන හදවපු විහාරය කියලා.
Deleteමිනීවලට හෙණගහන එක ගැන මගෙ අදහස මට ප්‍රසිද්ධියෙ කියන්න බෑ. මොකද, මම ඉන්න රජයේ සේවයෙ හැටියට අපිට දේශපාලන අයිතිවාසිකම් නෑ, ඡන්දය ප්‍රකාශ කිරීම හැරුණු කොට. තමන් දරණ මතවාදය දේශනා කිරීම හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම තහනම්.
ඒ වුණත්, ලෝකයේ කිසිම රටක පාලනයට එන කිසිම නායකයෙක් නෑ, රට ගැන අවංක පරාර්ථකාමී, හැඟීමෙන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ කැප කරමින්, තමන්ගේ පෞද්ගලික ධනය ඡන්ද ව්‍යාපාරයට වැයකරමින්, දේශපාලනය කරන... රට ගැන selflessly හිතන කිසිම කෙනෙක් නෑ, ඔයත් මාත් ඇතුළත්ව. ඒවා නිකාාාං සුරංගනා කතා, රවටලා නිදිකරවන්න කියන...
අනික, අනුරාධපුර යුගේ ලංකාවෙ මුස්ලිම් ජනාවාස තිබුණලු? මං ඔය ඇහුවමයි... යවනයන්, මධ්‍යධරණි වාසීන්, වෙළෙඳාමෙ ඇවිත් පදිංචි වෙලා හිටියා තමයි, ඒත් ඒ අගනුවර වුණු අනුරාධපාරයෙත්, ඒ අවට තිබුණු ප්‍රධාන වරායවල් වුණු මහාතිත්ථ ගෝකණ්ණ දමකොළපටුන ආදී තැන්වල... මං හිතන්නෑ ගෝඨාභය රජුගෙ කාලෙ අඩුගානෙ ක්‍රිස්තු දහමවත් බිහිවෙලා තිබුණ කියල, මොහොමඩ් නබි මතුවෙන්නෙ ජේසුටත් පස්සෙ...
Deleteඅරුං දෙන්නට රා ද පෙව්වෙ. මොනව උණත් දෙන්නෙක්ව ගිනිලෑව එකනං හොඳ දෙයක් නෙමෙයි. ඔය ගහ කපල දාන්න ඕන ඉඳගෙන.
ReplyDeleteගස් කපන්ඩ හොඳනෑ. තව තවත් ගස් වවන්ඩයි ඕනෙ. අනික, ඔය සුද්දො මොනමගුලට කැලේ අස්සෙ රිංගන්ඩ ගියාද?
Deleteමේක මතක නැතිවෙන්න ඉස්සර ඊගාව කෑල්ල දාහං. නැත්තං ධාතු னයා එවනව බොලා හම්බවෙන්න.
ReplyDeleteමං මේ ලීටර් පහේ බෝතලයක් හොයන ගමං...
Deleteමගේ යාලුවෙක් ලීටර් පහේ බෝතලයකින් ගහලා මලා
Deleteමගෙ යාලුවෙක් ලීටර් පහේ බෝතලෙයක් ඇතුලට නයා දාගෙන මලා
Deleteලියාගන්ඩ දෙයක් හිතාගන්ඩ බැහැ මහත්තයෝ! හදිසියේ කියෙව්වේ, ඡන්දේ දාන්න යන්ඩ කලින්!
ReplyDeleteමේ ගැන ඉතිං මොනව කියන්නත් තවම අලුත් වැඩියි කතාව. හරියට බැලුවොත් තවම කතාව පටන්ගෙනත් නෑ වගෙයි තත්ත්වෙක් තියෙන්නෙ...
Deleteඇල්ලලමුල්ල ගැන කතාවනම් විහිළුවට කිව්වේ.
ReplyDeleteඒත් මීරිගම, බෝතලේ, වේවඅල්දෙනිය, පස්යාල වගේ ප්‍රදේශ ජනාවාස කරලා තියෙන්නේ ඝෝඨාභය කියලා ජනප්‍රවාද තියෙනවා. ඒ කරලා තියෙන්නේ අත්තගල්ල පන්සල හැදීමත් එක්කලු.
බෝතලේට ඒ නම ඇවිත් තියෙන්නේ අත්තනගල්ල පන්සලේ හිටවන්න අනුරාධපුරෙන් ගෙනාව බෝධිය ඒ ප්‍රදේශයේදී ප්‍රාතිහාර්යයක් වෙලා මුල් ඇදපු නිසාලු.
සමහරවිට ඝෝඨාභය රජ්ජුරුවෝ ගම්පහ පැත්තේ ජනපදයක් හදලා ඒකට වටිනාකමක් දෙන්න හත්ථිකුච්ඡ කතාව මේකට ගැලපුවා වෙන්න පුළුවන්.
පුළුවන්නම් ඔයගැන හොඳට දන්න අයගෙන් අහලා ලිපියක් ලියන්න.
ගොඩක් ස්තූතියි අන්තෝනියෝ විස්තරේට. ගොඩක් හොඳ මාතෘකාවක් මට සැපයුවේ. මම අද ඉඳන් ඔය ගැන හොයන්න පටන් ගන්නවා...
Delete//එකවරම අති මානුෂික ග්‍රහණයකින් ඔහුගේ ගෙළ සිර විය.//මක්කෙයි මේ
ReplyDeleteමේ වගේ කතාවල උත්තර දෙන්ාන කතාව ඉවර වෙලා. ඒ වෙනතුරු අනුමාන විතරයි...
Deleteදෙවෙනි එකේ අන්තිමට අකුණු සන්නායකයක් හොයන්නද හාල් දැම්මේ?
ReplyDeleteඅකුණු සන්නායකයක්? ඒකට හාල් ගැළපෙන්නෙ කොහොමද?
Deleteහාපෝ සාහසික මිනීමැරුමක්.
ReplyDeleteහා පෝ මේ යෝදි දැකපු කල්!
Deleteකථාව සිතග්නා සුළුයි. ඔබට පරිවර්තන හැකියාව තියනවා කියලා හිතනවා නරකද පොතක් පරිවර්තනය කළොත්. ඔබේ භාෂා හැකියාව නිසයි කිව්වේ.
Deleteවිචාරක දියණිය
ඒකට ඉඩ ලැබේවි, විශ්‍රාම ගියාට පස්සෙ... අපි බලමුකො...
Deleteජයවේවා
ReplyDeleteදැකපු කල්...
Deleteඅපූරුයි
ReplyDelete