තෙත්බර පාංශුමය බවකින් වාතස්කන්ධය ඝන වී තිබුණේ ය. ගොම්මන් වෙලාවේ ගන්නොරුව තොටුපොළ අවට පැවතියේ මහා පාළු ස්වභාවයකි. මූකලන් බස්සෙකු ඉඳහිට නැඟූ රාවයකට ප්‍රතිචාර වශයෙන් දෝ තනි වූ නරියෙකු නැඟූ උඩු බිරුලෑමක් විටින් විට නැඟුනේ ය.
මහනුවර නගරයේ සිට දිවෙන මැද ඇළ මහවැලි ගඟ හමුවන තොටමුණ සහ ගන්නොරුව තොටුපළ රජතුමා විසින් මනාව ආරක්ෂා කරන ලද්දේ ය. ඒ කන්ද උඩරට රාජ්‍යයට පිවිසෙන ප්‍රධාන කඩවතක් ඒ ආශ්‍රිතව පැවතීම නිසා ය. මුරකාවලටත් වඩා සාමාන්‍ය මිනිසුන් ඒ පෙදෙස වර්ජනය කිරීමට තවත් හේතුවක් පැවතිණ. අමනුෂ්‍යයෙක් ගොම්මන් වෙලාවෙන් පසු එහි ගැවසෙමින් නරබිලි ගන්නා බවට වූ විශ්වාසය ඊට මුල් විය. එහෙයින් ම ගං ඉවුරේ රඳවන ලද මුරභටයෝද අඳුර වැටීමෙන් පසු තොටුපොළෙන් ඔබ්බට අඩියක් වත් එසවීමට බිය වූ හ.
මහ ඇළ, ගඟට වැටෙන තොටමූණට ආසන්න හරියක, අන්තර් භෞම උම්මග්ගයේ ගඩොලින් තැනුණු පාර්ශ්වික කුටීරය තුළ කිහිප දෙනෙකුට සුවපහසුවට වාඩිවන්නට ඉඩ කඩ පැවතුණි. බිත්ති හතක් මඟින් සප්තාස්‍රාකාර ව සැදී තිබූ කුටියේ වහළය, උඩට යන්න යන්න ම ගඩොල් එළියට පන්නමින් ආරුක්කුමය හැඩයකින් නිර්මිත විය. කුටිය මැද වූ විශාල ගල් පාත්‍රයට පිරවුණු දරින් ඇවිළුණු ගිණි මැළයක් වූ අතර, ඒ අසළින්ම වාගේ කුඩා කනප්පුවක් බඳු දැවමය ඇටවුමක් මත කළ ගෙඩි දෙකක් ද, පළහන ලදුව දුම් දමමින් පැවති වල් ඌරෙකුගේ කොටස් ද, මනාව සුද්ධ කළ පොල් කටු දෙකක් ද විය. පළහන ලද ඌරාගෙන් නැඟුනු පුළුටු සුවඳ සමඟ මුසු වූ ගිණිමැළයෙන් නැඟුණු දුම අර්ධ ගෝලාකාර පියස්සේ වූ සිදුරකින් පිටතට නික්මිණ.
කනප්පුව වටා සකස් කරන ලද ගල් ආසන කිහිපයෙන් දෙකක් මත විචිත්‍රවත් ව වියන ලද නියඳ පැදුරු එළා තිබුණි. ඉන් එකක වාඩි වූ දළ කුමාර හෙවත් වීරබාහු, වමත දිගු කර කුඩා කළයේ කරින් අල්ලා එසවීය. ඔහු සුරත දිගු කර තමා ඉදිරියේ වූ පොල්කටුව අතට ගන්නවාත් සමඟම ඩ්‍රේක් ඔහු වැලැක්වීමට දකුණත දිගු කළේ ය.
"මට තෙලිදිය බොන්න පිරියක් නෑ..."
දළ කුමාර මඳ සිනහවක් නඟන විට ගිණිමැළයේ එළියෙන් ඔහුගේ දත් කහපැහැයෙන් දිළිසුණි. ඔහු ඩ්‍රේක් ගේ විරෝධය නොසළකා කලය ඇල කොට සිය ආගන්තුකයාගේ පොල්කටුවට වත් කළේ ය. ඒ රා නොවූ බව දුටු ඩ්‍රේක් මවිත විය.
"තෙලිදිය බොන්නෙ නෑ, පිපාසයට..." දළ කුමාර පැවසී ය. "අනික, මම දන්නවා නුඹ ඉන්නා තත්ත්වය. මේ තියෙන්නෙ මේ වල් ඌරා පුළුස්සන්න කලින් ඉවත් කරගත්ත නැවුම් ලේ. බීපන්..."
පොල් කටුව දෑතින් ම ඩැහැගත් නෝර්ඩික් අද්මිරාල්, නාසයට ළං කොට එයින් නැඟුනු ප්‍රෝටීනමය සුවඳ වින්දේ ය. එම සුවඳින් සිය සිරුරෙහි රුධිර නාල හා ස්නායු ප්‍රබෝධවත් වී එනු හැඟෙත් ම ඔහුගේ දෑස් අඩවන් වී ගියේ ය.
තොල් අතර පොල් කටුවේ සියුම් තද බව දැනෙද්දී, දෙතොල්, දත් අතරින් දිව මතින් උකු රුධිරය පොදින් පොද ගළාගෙන උගුර තුලින් ගළනාලය ට ඇදී යද්දී, එහි ජීවමය සුවඳින් හා රසයෙන් ඇඩම් ඩ්‍රේක් ඇන්ඩර්සන් නම් නෝර්ඩිකයා මුසපත් වී ගියේ ය.
"මේ දිවයින ප්‍රසිද්ධයි, සප්ත මහා සාගරයේ ලැබිය හැකි හොඳම ආගන්තුක සත්කාරයට..." දළ කුමාර ගේ වචන නැවතත් ඩ්‍රේක් ගේ කණට ඇසෙන්නට පටන් ගත්තේ ය.
පෙරේත කමකින් මඳින් මඳ පොල්කටුව හිස් කළ ඇඩම් පියවි සිහියට නැවතත් එමින් සිටියේ ය.
"ඒ වගේම, ලොව ඉහළ ම දෙපිටකාට්ටුවන්ට, ස්ත්‍රී ධූර්තයන්ට සහ කපටි ආරක්ෂකයින්ටත් ඒ වගේ ම ප්‍රසිද්ධයි. නුඹ රහස් දූරයේ උන්නා නෙව? දැකලා ඇති ඉන්ද්‍ර හෙවත් මීමුරේ නිළමෙ?" ඩ්‍රේක් හිස සිරස් අතට දෙවරක් - තුන් වරක් වනා ඊට එකඟ විය.
දළකුමාර නැවතත් පොල්කටු දෙක පිරවීය. "ආන්න ඒ ඉන්ද්‍ර තමයි මේ දිවයින සතුරු බලවේගවලින් ආරක්ෂා කරගෙන ඉන්නවාය කියන හතර වරම් රජවරුන්ගෙ නායකයා. ඒ වගේ ම මේ දිවයිනේ ඉන්නා අංක එකේ සල්ලාලයා..." ඩ්‍රේක් මවිතයෙන් දෑස් උඩුකුරු කොට තමා ඉදිරියේ ඉන්නා සංග්‍රාහකයා දෙස බැලී ය.
"ඔක්කෝටම කලින් ඉඩදීපන් මට, මාව අඳුන්වා දෙන්න. මගේ සීයා තමයි වංග දේශයේ සිංහබා. ඔහු සරණපාවා ගත්තේ ඔහුගේ ම නැගණිය. ඒක තමයි රාජකීය ලේ ඉදිරියට පවත්වාගෙන යාමේ මාර්ගය. ඔහු ගේ වැඩිමල් පුතා සිංහල හෙවත් සිංහ කුමාර මේ දූපතට ගොඩබැහැලා, මේ දිවයිනේ ගම්මාන රාශියක් එකතු කරලා, පුරයක් හැටියට පාලනය කළ පළමු රජු. ඔහු ක්ෂිත්‍රිය ධර්මය අනුව යටපත් කරගෙන සරණපාවා ගත්තා බම්බා නම් පාලකයා ගේ දියණිය. ඇගේ නම කුවණ්නා. වැද්දන් ඉඳිගොල්ලේ කිරි අම්මා කියා කියන්නේ ඇයට. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් උපන්නා. ජීවහත්ථ හෙවත් වීරබාහු, ඒ කියන්නේ මම සහ දිසාලා නම් මගේ නැගණිය.
"අපේ අම්මා අපි කුඩා කාලෙදිම මැරුණා. තාත්තා මට විල්බා දනව්ව හෙවත් මලය රට පාලනය කරන්න දුන්නා. මගේ වීරබාහු යන නමින් තමයි විල්බාවට නම ලැබුණේ.
"ඔන්න ඔතනදී තමයි ඇන්ඩර්සන්, වැදගත් ම කොටස මතු වෙන්නේ..."
ඩ්‍රේක් සිය පොල්කටුව කණප්පුව මත තබා සාවධාන වූයේ ය.
"මගේ රාජධානියේ තියෙනවා සුමන කූටය කියා කඳු පංතියක්. කිසිම විදිහකින් මනුෂ්‍යයෙකුට ජනාවාසයක් හදාගන්න බැරි, පාරක් හෝ මං හසරක් හොයාගන්න බැරි මීදුමින්, කැලෑවෙන්, කුරු අලින් හා දිවියන්ගෙන්, ඊටත් වඩා අමුතු ම මායාවකින් ආකූල වුණු කොටසකයි ඔය කඳු පංතිය තියෙන්නේ. මම දවසක් දඩයමේ යද්දී අතරමං වී ඔය කියන වනාන්තරයේ ඇතුළට ඇතුළට ම යැවුණා. අන්තිමේ මට හම්බවුණා අද්භූත ගල් ගුහාවක්. ඒක ඇතුළේ තිබුණා කොළ පැහැයට හුරු නිල්වන් දියෙන් පිරුණු උල්පතක්. මම පිපාසය වැඩි කමට එයින් දිය දෝතක් අරන් බීවා. ඒ දිය මගේ උගුර හරහා යද්දී ම මට දැණුනා, මගේ සිරුරට ඒක උරාගන්නා බවත්, මගේ ශරීරයේ සැම කුඩා කොටසක් ම වෙනස් වීගෙන, ප්‍රකෘතිමත් වීගෙන යන බවත්.
"මට බොන්න හැකි වුණේ උගුරු දෙකයි. මම හිස ඔසවද්දී දුටුවේ මා දෙසට කඩුවක් අමෝරාගෙන ඉන්නා සුමන හෙවත් වෛශ්‍රවණ..."
"සුමන?" ඩ්‍රේක් සපමින් සිටි වල් ඌරු මස් කැබැල්ල ස්වාසනාලය දිගේ නොගොස් බේරුණේ යාන්තමිනි.
"ඔව්. සුමන... නැත්නම් දැන් ඉන්නා මිනිස්සු කියන විදිහට, දැඩිමුණ්ඩ නැත්නම් උපුල්වන් ඒත් නැත්නම් නාථ හෙවත් ගලගොඩ නිළමේ. ඔහු වමත ඔසවා යමක් මුමුණමින් කවාකාරව කරකැව්වා මට මතකයි. ඉන්පසු මට ඇස් ඇරුණේ ගිලී මලයේ මගේ උප වාසස්ථානයේ දී.
"මම ඒ ගුහාව හොයාගන්න, මට මතක තිබුණු හැම විදිහකින් ම ගිහින් බැලුවත්, ඊට පස්සේ කිසිම විදිහකින් මට ඒ තැන හොයාගන්න බැරි වුණා. මොකද, ඒ දිය බීව දා ඉඳන්, මම වයසට ගියේ නෑ. මට සිදුවුණු හැම අනතුරක් ම වේදනා රහිත වුණා විතරක් නෙවෙයි, ඇඟට වුණු හාණිය එවේලේම ආපහු ප්‍රකෘතිමත් වුණා. මට කෑම, බීම, වෙන දෙයක් තියා හුස්ම වත් උවමනා වුනේ නෑ ජීවත් වෙන්න."
"ඉතින් නුඹට ඔය කියනා විදිහේ වාසියක් වුණා නම්, මොකටද ඒ ගුහාව හොයන්නේ?"
"ඒක තමයි මේ කතාවේ දුක්බර කොටස ඇන්ඩර්සන්..." ගරා යකා ගේ මුහුණ ශෝකයෙන් හා කෝපයෙන් මැළවී ගියේ ය. "නුඹට හිතාගන්න ම පුළුවන් විදිහට, මගේ නැඟණිය තමයි මම සරණපාවා ගත්තේ. මගේ සීයා වගේ ම, රාජකීය ලේ උරුම ඉදිරියට ගෙනයන්න තිබුණු ක්ෂිත්‍රිය ධර්මානුකූල ක්‍රමය ඒ. නමුත් ඒ විවාහය කල් පැවතුණේ නෑ.
"මගේ නංගී දිසාලා, මම සරණපාවාගත්තාට පස්සේ ගිරි ශිඛරවලින් ගහන විල්බා රටේ දේවිය යන තේරුමින් හැඳින්වුණේ ගිරි දේවිය නමින්. මේ දිවයිනේ ම හිටි සුන්දර ම ගැහැණිය තමයි ඇය. ඉන්ද්‍ර බොහෝම ප්‍රසිද්ධයි සුන්දර විවාහක ගැහැණුන් ට දක්වන ලැදියාවට." ද්වේෂයේ ලකුණු පැතිරී ගිය දළ කුමාර ගේ මුහුණ විරූපී විය.
ඩ්‍රේක් ගේ සුරත මිට මෙළවී, එහි නහර වැල් ඉල්පී අවුත් තිබිණ. කෝපයෙන් සහ අපේක්ෂා භංගත්වයෙන් බැරෑඬි වුණු හඬින් දළ කුමාර දිගටම සිය කතාව කියාගෙන ගියේ ය.
"නමුත් ඇය දැක්වූ ආත්ම ගරුත්වයෙන් ඉන්ද්‍ර ලැජ්ජාවට පත් වුණා. මම එතනට යන විටත් ඔහු ගිරි දේවියගේ සිරුර ගොඩ ට අරගෙන. ඉන්ද්‍රගේ නියමය අනුව සේවකයෙක් ඔහු ට දිය බඳුනක් ගෙනත් දුන්නා. මගේ කෝපය පාලනය කරගන්න බැරි වුණා, ඉන්ද්‍ර මේ කර තිබෙන විනාශය දුටු විට. ඔවුන් විශ්වාස කළ නොහැකි නිසා මම ඒ දිය බඳුන උදුරාගෙන පොඩ්ඩක් බීලා බැලුවා. ඇත්තටම හොඳ වෙලාවට මම ඒක පානය කළේ. මොකද, ඒකෙන් මගේ මුළු සිරුරම විකෘති වුණා. මේ බලපන්..."
දළ කුමාරගේ මුහුණ දෙස හිස ඔසවා බැලූ ඩ්‍රේක් දුටුවේ, භයංකර දසුනකි. ඉදිරියට නෙරා ආ ඇස් ගෝල, ළියට නෙරා ආ දිගු දත් අතරින් එල්ලා වැටෙණ දිව, විශාල රවුම් කන් පෙති නාගයන් ගේ හැඩය ගත් ඉහළට එසවුණු හිස කෙස්...
එම භයංකර ගරා යක් මුහුණ තප්පර කිහිපයක් තුළ නැවතත් සාමාන්‍ය රූමත් තරුණ මුහුණට හැරුණේ ය.
"ඒ දිය බීවට පස්සෙ මට ලැබුණෙ ඔන්න ඔය මූණ තමයි. ඉන්ද්‍ර කරන්නට සැරසුණේ, ඔහුගේ නින්දිත යෝජනාවට නැමුණේ නැති මගේ ගිරි දේවියගේ මළ සිරුරෙනුත් පළි ගන්න."
තප්පර කිහිපයක් දෙ දෙනාම කිසිවක් කතා කළේ නැත. බුර බුරා ඇවිළෙන ගිණිමැළයෙන් නැඟෙන පට පටස් හඬ පමණක් නිහැඬියාව මඳක් තුනී කළේ ය.
"හරි. මට පැහැදිලියි." නෝර්ඩිකයා සෙමෙන් කීවේ ය. "ඒත් සියවස් ගාණකට කලින් සිද්ධ වෙච්ච ඔය දේ හැටියට, දැන් නුඹට අමෘත වතුර ලබාගෙන ඇති පලය මොකද්ද?"
පොල්කටුව හඬ නඟා කනප්පුව මත තැබූ දළ කුමාර නැගිට්ටේ ය. "වරෙන් යන්න... මං උඹට පෙන්නන්නම්..."
ගිණි මැළය අසල වූ පන්දමක් ගෙන අවුලාගත් සංග්‍රාහකයා අනුව නැඟිට ගත් ඇඩම් ඔහුගේ පසුපසින් ගොස් සප්තාස්‍රාකාර කුටියෙන් එළියට ආවේ ය. උමඟට අයත් නොවූ පටු කොරිඩෝරයක් දිගේ ඇවිද ගිය ඔවුහු පිවිසුනේ තවත් අභ්‍යන්තර කුටියකට ය. එහි පියස්සේ සිට පහළට එල්ලුණු සිහින් පිත්තල දම්වැලකින් රැඳවුණු පිත්තල පහණක් මළාණික ළියක් පැතිරවීය. එම පහණ යට නීල ගරුඬ පාෂාණයෙන් සැදුණු බෙහෙත් ඔරුවක් විය. එහි පිරී තිබූ අඳුරුවන් තෛලමය දියරය අතරින් ඇඩම් දුටුවේ මෙතෙක් ඔහු දැක තිබූ සුන්දරතම තරුණියගේ රූපයයි.
ඉඟ තෙක් දිගු වූ ඝන වරළස ඇගේ සිරුරට යටවී තිබුණේ ය. අඩ සඳ වැනි පටු වටකුරු නළලත, දිගු ඇසිපියෙන් වැසුණු දෑස්, හුරුබුහුටි නාසය, නාදල්ලක් බඳු අඳුරු රත් පැහැ දෙතොල්, රන්වන් සළු පටකින් බැඳුනු තිඹිරි ගෙඩි තරම් වූ පියයුරු, ඇත් දත් පැහැ සිරුර...
* * *
“මේජර් (විශ්‍රාමික) මිත්‍ර උඩුමුල්ල“ නම සඳහන් වූ පිත්තල පුවරුව සවිකර තිබුණේ කළුගලින් බැඳ තිබූ ගේට්ටු කණුවක ය. අමානෝ තහඩුවලින් ශක්තිමත්ව තනා තිබුණු ගේට්ටුව අඩි අටක් පමණ උස් විය. කළු ගල් තාප්පය ද එපමණ උස් වූ අතර, එල් අයන්වලින් තැනුණු උල් තාප්පයේ උඩ අඟල් තුනෙන් තුනට සවි කර තිබුණේ හොරෙන් කඩා පනින්නන් වැළැක්වීමට ය.
අමානෝ තහඩු ගේට්ටුව ඇරුණේ රතු පැහැ මස්ටෑං කාරය පැමිණි වේගය අඩු නොකර ම ඇතුළට යා හැකි වන්නට ය. ගේට්ටුව එවිගසම ආපසු වසන ලදි. කාරය වේගය අඩු කරගනිමින් ග්‍රැනයිට් ගල් පතුරු ඇල්ලූ පටු පාර දිගේ ඇදී ගොස් පැරණි දෙමහල් නිවසේ පෝටිකෝව යට නැවතුණේ ය.
තාරා, කාරයේ එන්ජිම නවතා. දොර ඇරගනිමින් වම්පසට හිස හරවා “බහිමු“ යි කීවා ය. ඈ අනුව කාරයෙන් එළියට බට සුභාෂ්, තමන් ආ මඟ ආපිට හැරී බැලුවේය. ගේට්ටුව අසළ සිට බුහුටි පා ගමනින් ඔවුන් වෙත ආ මැදිවියේ පුරුෂයා නිවසට ඇතුල් වන ලෙස අතින් සන් කරමින් ඔවුන්ට ඉස්සර විය.
මීලගට මෙතන වෙන්නෙ .... හොටකුමාර ඇවිත් කමෙන්ට් එකක් දාල ලිස්සායම වෙන්න පුලුවන්.
ReplyDeleteNecrophilia ගැනද ලියල තියෙන්නෙ? නැත්නම් මලසිරුර mutilate කරන එක ගැනද?
අඹතලෙන් ලිස්සුවාට අපෙන් ලිස්සන එක අමාරුයි ගොයියෝ...
Deleteඅග බිසවුන් වහන්සේ වැඩ බලනව වගේ? තාම යකඩ දෝලිය ආවෙ නැතැයි?
Deleteඅප්පටසිරි, වැම්පයර් onion සම්බන්ධයකිං බස්තුමා ඇණගත වෙන ප්‍රවනතාවක්
Deleteප්‍රා ජේ,
Deleteශව කාමය ගැන නම් මට හිතුණෙ ම නෑ. සමහරවිට ඔතන දළ කුමාර හිතාගෙන ඇති ඉන්ද්‍ර මළ සිරුර විකෘති කරන්න ගියා කියල. නමුත් පුරාවෘත්තයෙ තියෙන්නෙ වෙන එකක්. ඉන්ද්‍ර පණ දෙන්න "පණ දෙන දිය" ගේන්න ශනි යැවුව. ශනි ට කළබලේට වැරදිලා විෂ සහිත මොකක් හරි ගෙනල්ලා. ඒක දළ කුමාරගෙ මූනට වැටිලා... ඔන්න ඔහොම එකක්.
පුරාවෘත්තයෙ හැටියට වැරදියි කියන්නෙ දළ කුමාර මයි. සිංහබාහුට හොඳ වුණාට, ජීවහත්ථ සහ දිසාලා වැදි ජනතාවගේ ආදි පුරුෂයන් කියලා කිව්වට, දළ කුමාර එයාගෙ නැගනිය එක්ක සංසර්ග කිරීම සදාචාරයට පටහැණියි කියලා මහා ආන්දෝළනයක් යනව. නැගණිය දිවි නහගන්නව. ඊටපස්සෙ ඉන්ද්‍ර මළ සිරුර හංගනව. දළ කුමාර ආවේගයට ගම් දනවු විනාශ කරද්දි, ඉන්ද්‍ර ආපහු නංගි ගෙ මළ සිරුර දළ කුමාරට පෙන්නනව. එතනදි තමයි එයා සන්සුන් වෙන්නෙ. ඊට පස්සෙ ගිරි දේවිට පණ දීලා ඉන්ද්‍ර එයාව තමන්ගෙ භවනට අරගෙන යනව...
ඩ්‍රැකියානි,
Deleteබස්සට ඇණ ගහන්ඩ සෑහෙන කස්ටිය උත්සාහ කළාට, උන්දැ තාම යහතින්. තාම බස්සගෙ ටේස්ට් එක ඇඩ්‍රස් කරඩ කාටවත් බැරි වුණ ගතියක් තමා පේන්ඩ තියෙන්නෙ.
බස්සො,
ඔය මගේ අග බිසෝ නෙමෙයි. කොහොමත් මට අග බිසවක් නෑ. ඉන්නෙ වොයිවෝඩස් කෙනෙක්. මෙයා මයෙ හිතේ ඔරිජිනලයි, කොමිටලයි ගෙ කවුරු හරි.
ප්‍රා,
බස්ස ඇණ ගත වෙයි කවද හරි ගැළපෙන බණ්ඩක්ක ගහට කොටපු දවසට.
කුස රජ්ජුරුවන්ට තිබුන ලෙඩේ මොකක්ද?
Deleteදන්නෑ... මොකද්ද?
Deleteපරපීඩා කාමුකත්වයද?
Deleteලෙඩේට කියන නම දන්නේ නම් නෑ.
Deleteකුස රජ්ජුරුවෝ මෝල් වුනාම පබාවතීට
අලි බෙට්ටකින් දමලා ගැහුවා,
අස්ව බෙට්ටකින් දමලා ගැහුවා,
මඩ වලක එබුවා,
ඔළුවට බුලත් කෙල ගැහුවා
එතන ප්‍රශ්නේ ඇතිවෙන්න ඇත්තේ මූණ කැත නිසා නෙමෙයි.
ඒක වෙනම කන්ටෙක්ස්ට් එකක් ජගත්. අන්තිමේ කෙල්ල දාගන්නෙත් යුද්ධ කරන්න ඇති වීරත්වයට මිසක් ආදරයක් නිසා නෙවෙයි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteReply for this comment has not been written
Deleteකියවන්නට හිතුණා මට 'දේව පුරාණය' ආයෙත්
ReplyDeleteතිබ්බේ නැහැ වගෙ මතකයි මෙච්චර ව්ස්තර ඒකෙත්
තියෙනව නෙව මිනිස් වැරදි සේරම දෙයියන් ගාවත්
දෙයියෝ පල් වෙන්නේ නැහැ, අපි විතරයි වැරද්දෙදිත්
දේව පුරාණය කියවා හෙව්වාම
Deleteහමුවෙයි දළ කුමර දෙයියන් ගැන බෝම
ගිරි දේවිය ගැන එහි විස්තර සෑම
හොඳවෙයි මෙයට පා සටහන් ලෙස දෑම
පරණ කතා කියෙව්වාම සංස්කෘත
ඔප්පු කරන බෛබල් පාඨයක් ඇත
මිනිස් රුවට වෙන ලෙස හරි සමපාත
මිනිහා විසින් දෙයියන් නිපදවා ඇත
දෙවියන් මනුසතා හැදුවා තමන් ලෙස
Deleteමිනිහා දෙයියො හැදුවෙත් තම-තමන් ලෙස
මිනිහා දෙද්දි වැඩි බලයක් දෙයියො වෙත
දෙවියො තියාගෙන වැඩි ගොඩ තමන් වෙත
මනුසතාට බයවෙන්නට ආස ඇත
Deleteතමන්ට වැඩි බලයක් ඇති දෙයක් වෙත
ඒකෙන් වැඩ ගන්න කපටින් ලොවේ ඇත
උන් කට්ටඬින් හෝ දෙවියන් පුතුන් වෙත
අපූරුයි,
ReplyDeleteදළ කුමාරයා කියන්නේ කලු කුමාරයා නේ.එතකොට ගරායකා කියන්නෙත් කලු කුමාරටද? ගිරි කුමාරවරු හතක් ඉන්නවා නේද?
මට තේරෙන විදිහට, දළ කුමාර කියන්නෙ ඉන්දියාවේ සිංහ කුමාරගෙ පුතා. එයා කවද හරි තමන්ගෙ නංගි එක්ක සංසර්ග කරනව කියල නිමිති කාරයො කියල තිබුණ නිසා, (ඔන්න ඔවුං තමා රට කන්නෙ) නංගි උපන් දා ඉඳන් ගල් ගුහාවක හංගල තිබුණා. ඒ නිසා තමයි එයාට ගිරි දේවි කියන්නෙ. දළ කුමාර ලොකු මහත් වෙද්දි, නංගි ගැන දැනගන්න ලැබිලා, මාර ආසාවක් ඇති වුණා නංගිව දකින්න. නමුත් නිමිති පාඨය නිසා දෙමාපියො දෙන්න මුණ ගැස්සුවෙ නෑ. ඒ පාර මෙයා කන්නෙ බොන්නෙ නැතුව උපවාස කළා. මූ මැරෙයි කියල බයට දෙමාපියො, තවත් කෙල්ලො රෑනක් අස්සෙ මික්ස් කරලා, නංගිව පෙන්නුවා, හරියටම තෝරලා අඳුනගනිං පුළවන්නං කියලා. ඒත් කරුමෙට මූට පුළුවන් වුණා නංගිව හරියටම එක පාරින්ම අඳුනගන්න. ඊට පස්සෙ ආසාව වැඩි කමට කෙල්ල තමංගෙ කාමරේට එක්කරං ගිහිං ආදරේ කළා(make love) එතනදි කෙල්ල කියන විදිහෙ කවියක් තියෙනව උපත් කවිවල...
Deleteරන්දම් සේ අත්දෙක අල්ලාගෙන
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන
රන් තලි මද යුද හැසුරුනු කැන්දන
එමට රුවැති බිසවුන් නැතිවද
මෙමට ආලේ කුමට සිතුවද
නමට උතුම් රජවලිය නොවේවද
මේමට කරපු දේ කිළුටක් නම් නොවේද
මේ සාහිත්‍යය මාර ලස්සනයි. පස්සෙ වෙච්ච හරිය ගැන විකියෙ තියෙන්නෙ මෙහෙමයි...
//ගෙළ වැලලාගෙන මියගිය කුමරිය ගැන දළ කුමරුට අසන්න ලැබුනේ පසුවය . මේ වනවිට ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සඟවන ලද්දේය. ඒනිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකිවිය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය .
සතර මෙසක්වල වටවිම සාපී
හතර එදිවයින ඇවිද බලාපී
විතර මහත් කඳුහෙල් පෙරලාපී
නිතර ගජන් බිම ගසා මරාපී
මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ .
ඔසරි පොටෙන් ඇඟ ගත පිරි මැදලා
තිසරු ලෙසින් පියරු දෙක දැකලා
වියරූ මතින් වත සිඹ සන සලා
කියති ඉතින් දෙන් පණ පිහිටාලා
ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති.
දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.//
අර කියාපු විදිහට, ගරා යක්කු 12 යි ගිරි දේවියො 12 ගැන ශාන්ති කර්මවල තියෙනව. ඒ් වගේම රජරට වැහි වස්සන්න පිරිමි ටික හෙළුවෙන් කරන බලි යාගයක් තියෙනව. එතනදි දළ කුමාරගෙයි ගිරි දේවිගෙයි නිරුවත් බලි අඹලා, තොවිල් කරලා, වැව් පිටියෙන් ගිහිං තියෙනව. ඒ බලි දැකලා දෙයියන්ට ලැජ්ජා හිතිලා, ඒ මැටි බලි දෙක හේදිලා යන්ඩ වහිනවා.
දළ කුමාර සහ ගිරි දේවිය දෙවිවරු වගේම යක්ෂයො හැටියටත් සළකනව. අදහන පුද පූජා පවත්වන දේවාල කොහොවත් ඇත්තෙ නෑ. ඒත් ජනතාව අතරෙ තාම විශ්වාසය තියෙනවා.
කළු කුමාර කියන්නෙ ගජබා රජු ගේ අනියම් දරුවෙක්. තව තැනක කියන විදිහට පියා මරන්න පොකුණෙ උල් හිටවපු කුමාරයෙක් පස්සෙ ඒක අහු වෙලා දිවි නසාගෙන යකෙක් වුණු කතාවක් තියෙනව. ඔහොම කතාවක් සකල කලා වල්ලභ රජුගේ පුතා තනිය වල්ලභ ගැන තියෙනව, උඩුගම්පොල පතහ පොකුණ ආශ්‍රිතව.
එයා ප්‍රසිද්ධ මදන ශක්තිය ගැන.
// සකල කලා වල්ලභ රජුගේ පුතා තනිය වල්ලභ ගැන තියෙනව //
Deleteතනිය වල්ලභ කියන්නෙ සකල කලා වල්ලභගෙ අයියා හරි මල්ලි හරි නේ ද? සකල කලා (අස්වානේ දෙවි) උඩුගම්පල රජ කලා. තනිය (තනිවැල්ලේ දෙවි) මාදම්පෙ රජ කලා.
ඔව් හරි... කතාව තියෙන්නෙ පුතෙක් ගැන. නම් ගැන හොයල බලන්න ඔ්නෙ. ස්තූතියි බුරා
Deleteහත්වෙනි විජයබාහුගෙ රන්දෝළියගෙ දරුවො තමා බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර, මායාදුන්නෙ තුන්දෙනා. සකල කලා වල්ලභයි, කනිය වල්ලභයි යකඩ දෝළියගෙ දරුවො. මට මතක ඒ වගේ.
Deleteසකල කලා වල්ලභගෙ නෙවද අර යුද්ධෙ දිනලා ආපහු එනගමන් විහිළුවට බිසෝවරු රවට්ටන්න වැරැදි කොඩිය උස්සන් ඇවිල්ලා, රජතුමා යුද්ධෙ පැරදිලා කියලා හිතලා බිසෝවරු හත්දෙනා ගලෙන් පහළට පැනලා මැරෙන්නෙ? බිසෝ බණ්ඩාර හත් කට්ටුව හැදෙන්නෙ එතනින්නෙ.
කෝට්ටෙ අටවන පරාක්‍රමබාහු රජුගෙ වැඩිමල් පුතා කියලයි විකියෙ කියන්නෙ. අර දේවීන් පැන්න ඇල්ල ගැන කතාව දිවයිනේ තැන් කීපයක කියනව. ගම්පහ පැත්තෙ තියෙන "දේවීන් පැන්න ඇල්ල" ගැන කතාව නම් තනිය වල්ලභ ගැනයි කියන්නෙ කියල මට මතක.
Deleteබුරා කියන විජයබාහු රජු තමයි රන් දෝලිගෙ පුතා. එයාට වඩා වැඩිමල් වුණත් යකඩ දෝලියන්ගේ පුත්තු නිසා සකල කලා වල්ලභ රජකම අතහැර උඩුගම්පොළට ගියා වගේ මතකයි.
මෙන්න මෙතැන තියේ කතාව
Deleteයටගියාවේ සුලමුල ගැන හොයන්ඩ අපේ හසිත චාමිකර ගුණසිංහ ට වඩා කෙනෙක් නෑ.
Deleteහෙහ් හෙහ්... බලන්ඩ බුරාස්, මෙව්ව අහඹු සිදුවීම් නං නෙමෙයි... මේ මගෙ කලිං කතාව ඉවර වුණ හැටි.
//රත් පැහැ මල් පිරුණු මැයි මාර ගසක සෙවණ යට සිමෙන්ති බංකුවක් මත තරුණයෝ තිදෙනෙක් වූහ. ඉන් එකෙක් වූ අකිලගේ මුහුණේ වූ මළාණික පෙනුම තවමත් පහව ගොස් නොතිබිණ. විකුම් අනෙකා සහ අකිල එකිනෙකාට හඳුන්වා දුන්නේය.
‘‘මේ අකිල මගෙ හොඳම යාළුවෙක්. මේ ප්‍රොෆෙසර් හසිත ගුණසිංහ, කැම්පස් එකේ ඉතිහාස අධ්‍යයනාංශයෙ අංශාධිපති.’’
‘‘ඔව් විකුම්, වෙරි සොරි, මට ගොඩක් වෙලාව නෑ...’’ මහාචාර්යවරයා සමාව ඉල්ලීය. ‘‘... ඔයා කියල එව්ව විස්තරේ ගැන රිසර්ච් එක කළෙත් මගෙ ගෝළයො ටිකකට බාර දීලා. මේ දවස් වල එක්ස්ටර්නල් සෙමිනාර් වගයක්...
‘‘සම්පූර්ණ විස්තර මේ ඩොකට් එකේ තියෙනවා...’’ ඔහු ගොනුවක් සහ සංගත තැටියක් විකුම් වෙත දිගු කළේය. ‘‘මං කෙටියෙන් කියන්නම් ඒකෙ තියෙන දේවල්...
‘‘විකුම් අහල එවපු ඇඩම් ඇන්ඩර්සන් කියන නම අපිට ඉතිහාසයෙ කීප අවස්ථාවක හම්බ වෙලා තියෙනවා. ඉස්සෙල්ලම, මේ අද්මිරාල් ඇඩම් - ඩ්‍රේක් ඇන්ඩර්සන්.’’ ඔහු ගොනුවෙන් ඇදගත් ආලේඛ්‍ය පින්තූරයක් තරුණයින් වෙත පෑවේය.
‘‘මෙයා තමයි...’’ අකිල ට එක්වරම කියැවිණ.
‘‘හැබැයි මෙයා අපිට හම්බවෙන්නෙ 1672 දී. දෙවෙනි රාජසිංහ රජතුමාගේ පාලන කාලයේ ත‍්‍රිකුණාමලයට ආව ප‍්‍රංශ ජාතික ද ලාහේ ගේ නැව් කණ්ඩායමේ හිටිය අද්මිරාල් කෙනෙක් තමයි මෙයා. ද ලාහේ ගේ තානාපති විදියට මහනුවරට ආව ද ලැනරෝල් එක්ක ආව මෙයා, ද ලැනරෝල් එක්කම ලංකාවෙ පදිංචි වුනා කියලයි පේන්නෙ.
‘‘ඊට පස්සෙ දෙවෙනි විමලධර්මසූරිය රජතුමා බුරුමයට යැව්ව දූත පිරිසට මෙයා එකතු වෙලා තියෙන බව, ඒ ගැන තියෙන සංදේශ වල මෙයාගෙ නම සඳහන් වීමෙන් පේනවා. 1763 දී කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාගෙ කාලෙදි මහනුවර ආක‍්‍රමණය කරපු ලන්දේසි හමුදාවේ නායකයා උමතු වෙලා, සේනාවෙන් වැඩිහරිය ලෙඩ වුණේ, මහනුවර කටුකැලේ ප‍්‍රදේශයෙ හිටිය ආදම් අන්දරේ කියන මහළු සුදු මිනිහෙක් කරපු ශාපයක් නිසයි කියලා පරණ ජනකවි පෙළක තියෙනවා. අපිට හිතන්න පුළුවන් නම් මේ කියන්නෙත් අර අද්මිරාල් ගැනමයි කියලා, එහෙමනම් මෙයාට ඒ වෙනකොට වයස අවුරුදු සීයකට වැඩි වෙන්න ඕනෙ.
‘‘ඊට පස්සෙ මේ තැනැත්තා අපිට 1818 වෙල්ලස්සෙ කැරැල්ළෙදි හම්බ වෙනවා...’’ හසිත තවත් ආලේඛ්‍යයක් ඉදිරිපත් කළේය. ආලේඛ්‍ය දෙකේ වෙනස වූයේ ශෛලියේත්, අයත් වූ කාලයේත් පමණක් බව පෙනිණ. ‘‘වෙල්ලස්ස කැරැල්ළ අසාර්ථක වෙන්න සිංහලයින්ගෙ අසමගිය වගේම මාෂල් ලෝ එකත් බලපෑවා. මෙතෙන්දි වඩාත්ම දරුණු විදියට හැසිරුණ ඉංග‍්‍රිසි සෙන්පතියෙක් තමයි මේ. මෙයා මේජර් ඩ්‍රේක් ඇන්ඩර්සන්. මෙයා ගැන තමයි අර ජන කවියක කියන්නෙ ‘සිංහල දරුවන් උඩ විසි කරලා අමුණයි බයිනෙත්තුවෙ මුදුනේ...’ කියලා.
‘‘1838 දී බදුල්ලේ ෆයර්මවුන්ට් නගරය ඉංග‍්‍රිසි කොළනියක් විදිහට ආරම්භ කරන්න පුරෝගාමී වුණ මේජර් ඇන්ඩර්සන්, ලංකාවෙ කෝපි වැවිල්ලේ පුරෝගාමියෙක්. ඒ කාලේ පෝලෝ සමාජ වල, දඩයම්කරුවන්ගේ වාර්තා වල, මුතු කිමිදීමේ කණ්ඩායම් වල, මෙයා ගැන සඳහන් නොවුණු තැනක් නෑ. ඒත්, කෝපි වලට හෙමිලියා වැස්ටෙට්රික්ස් කියන වසංගතේ හැදිලා, පෙරදිගින් කෝපි වැවිල්ල අතු ගෑවිලා ගියාට පස්සේ මෙයා ගැනත් කිසිම සඳහනක් හම්බ වෙන්නෙ නෑ.
‘‘ඔය කියපු දේවල විස්තරාත්මක තොරතුරු මේ ඩොකට් එකේ ඇති. දැන් මට සමාවෙන්න, මට දැන් ලෙක්චර් එකක් තියෙනවා.’’ නැගිට කඩිමුඩියේ දෙදෙනාට අතට අත දුන් මහාචාර්ය වරයා අඩිය ඉක්මන් කර අසළ වූ දේශන ශාලාව දෙසට පිය නැගිය.//
හසිත චාමිකර හැබැයි 'ගුණසිංහ' නෙවී, 'ගුරුසිංහ'
Deleteහෑ...? ඒකත් වහාම වෙනස් කරන්න වෙනව
Delete// 1838 දී බදුල්ලේ ෆයර්මවුන්ට් නගරය ඉංග‍්‍රිසි කොළනියක් විදිහට ආරම්භ කරන්න පුරෝගාමී වුණ මේජර් ඇන්ඩර්සන්, ලංකාවෙ කෝපි වැවිල්ලේ පුරෝගාමියෙක්. ඒ කාලේ පෝලෝ සමාජ වල, දඩයම්කරුවන්ගේ වාර්තා වල, මුතු කිමිදීමේ කණ්ඩායම් වල, මෙයා ගැන සඳහන් නොවුණු තැනක් නෑ //
DeleteModern Polo game එක ජනප්‍රිය වෙන්න පටන් ගත්තෙ 19වන සියවසේ අගභාගෙ නේ ද? 1800 ගනන් වල මුල් භාගෙ සිලෝන්වල පෝලෝ ක්‍රීඩා සමාජ පොඩ්ඩක් විතර අභව්‍යයි වගේ නේ?
අනේ මංද බුරෝ, තිත්ත කෝපි පොතේ ක්‍රිස්ටීන් විල්සන් නැන්ද කියනව හියු නෙවිල් ගැන ඔය වගේම කතාවක්, වනසන එමිලි කෝපි වගාව වඳකරල දාන්න කලින්... අවුල් වගේ නං පෝලෝ අයිං කරමු
Deleteට්‍රාන්සල්වේනියාවේ කවුන් ඩ්‍රැකී කියන්නේ දළ කුමාරයෙක් තමයි.
ReplyDeleteපොඩි ප්‍රින්ටින් මිස් අන්ඩර්ස්කර්ට් එකක් වෙලා.. කවුන් නොවේ කවුන්ට් කියා ලියා තාබාගනිල්ලා. ..
Deleteයනවා යනවා ඊයේ හොදන්ට දමාපු අන්ඩස්කර්ට් ටිකයි අර පැල්ලම් වැටිච්චා ටිකයි හොදලා දානවා මෙතැන ටැක් ගැහෙන්නේ නැතුවා..
Deleteඑතකොට ඩ්‍රැකී ප්‍රොපයිල් කීයක් තියේද..
Deleteකන්ෆියුස්ඩ් උංගා බුංගා
මගේ මිනිහා හොයාගන්නත් ලේසි නෑ මේකේ ඩ්‍රැකියලා රොත්තයි
Deleteඔරිජිනල්,
Delete"දළ" කියන්නෙ උල් දත් නෙව. නමුත් ලේ බීම තියෙන්නෙ දළ කුමාර ට වඩා රීරි යකාගෙ.
ඩ්‍රැකියානි,
ඒ කියමන ටිකක් සදාචාර සම්පන්න නෑ නේද මේ වගේ සමාජ මාධ්‍යයක...?
මහේෂ්,
දැනට ඩ්‍රැකියලා හතර දෙනෙක් ඉන්නව. ඩ්‍රැකියානිලා දෙන්නෙක් ඉන්නව. අපේ උන්දැ තාම මේ පෝස්ට් එකට කමෙන්ට් කළේ නෑ. උන්දැ එන්ඩ කලිං මං ගියා...
ඩ්‍රැකියානි,
ඔ්නෙ එකක් කරගන්ඩ මාව බේරලා...
ගෑනුන්ට අතවර කරන්න ගිහිල්ලා හදාගත්තු ස්ත්‍රී නිමිති දාහ ඇගපුරා තිබුනා නම් බලාගන්න තිබුනා සල්ලාල ඉන්ද්‍රයාට පිරිමි වටකරන් සෙල්ලම දාන රගේ..
ReplyDeleteඅන්න ඒක තමයි මටත් හිතෙන්නෙ පුරාණ දේව කතාවෙ තිබුණු අරටුව. පස්සෙ ඇස් බවට පත් කළාට, කාන්තාවන් විඳින හිරිහැරය සල්ලාලයාට විින්න සැළැස්වීම හොඳ අරමුණක්.
Deleteකව්ද බං හොටකුමාර?(මුල් අයිතිය අන්සතුයි)
ReplyDeleteහ්ම්....හොටක් තියෙන ලිස්සල යන සතෙක්.🤔 එහෙනං ප්ලැටිපස් වෙන්ටෑ?
බස්නායක මුදියන්සේලාගේ නරිමොට්ස් ප්ලැටිපක්ස.
Deleteමට නං හිතෙන්නේ ම, බක්සා කියන්නෙ අර ඉක්තියැන්දර් වගේ සල්වාතර් දොස්තර මික්ස් කරපු අරුම පුදුම නිර්මාණයක් කියලයි.
Deleteප්‍රා අතන, "ප්ලැටිපක්ස" කිව්වෙ මොකද?
Flat posterior - surname
Delete"පක්ස" කියලා ඉවර වෙන "සර්"නේම් ගැන...
Deleteනෑ එක්කො ඔ්න් නෑ...
කතාව අමුතුම අතකට යනවා. කලින් වීරයො, දැන් දුෂ්ඨයො වෙලා වගේ? වැනිල්ල නරකම නැති වුනත්, කලින් එව්වා තරමටම නැත. කලින් එව්වා වල මුලින්ම පරසරය හොඳටම වැනීම හොඳ ප්‍රවේශයක් බවට මතකයක් ඇත.
ReplyDeleteඔය ඉර බැහැගෙන යනකොට, ගලාගෙන එන සැඳෑ අඳුරට මියුසික් දෙන්නෙ අපේ අය තමා. දෙනවා මියුසික් එකක්, ඇඟේ මයිල් ඉස්මයිල් වෙන්න.
බකුස්,
Deleteමුල්ම දේ වුණේ, ඇඩමට සපෝට් ටීම් එකක් දෙන්න වුණු එක. මගෙ මුල් අදහස තිබුණෙ මෝහිණීයි තව කවුරු හරියි. නමුත් දළ කුමාරයට ඉන්ද්‍ර එක්ක ගේමක් තිබුණු නිසා වඩා ම සුදුස්සා වුනේ ගරා යකා. ඒ වගේ ම ගිරි දේවි ගැන මටත් තිබුණා හෙණ කෞතුක ලැදියාවක්. අනික, මේ වගේ කතාවල සුදු කළු චරිතවලට වඩා සංකීර්ණ චරිත නිරූපණය කරන්න මට ඔ්නෙ වුණා.
මියුසික් එක ඇඩ් කළා ඔන්න...
// බෙංගාලයේ සිංහබා //
ReplyDeleteවංග දේශයේ/ බංග දේශයේ නෙවෙයි ද? බෙංගාල් කියන්නෙ relatively modern term එකක් නේ ද?
ආන්න... ගොඩක්ම ස්තූතියි බුරා...
Deleteඔන්න ඒ වැරැද්ද නිවැරදි කළා බුරාස්...
Deleteඅන්තර් භෞම උම්මග්ගයේ ගහපු ගිනිමැළයේ දුම කොහාට ද පිටවෙන්නෙ? එතකොට ඒ දුම පිටතට පෙනිලා රහස් උමගෙ රහස් බව නැතිවෙන්නෙ නැද්ද?
ReplyDeleteහ්ම්ම්... ප්‍රා ජේ එක්ක වගේ, බුරා එක්කත් කතා කරන්න තිබුණ නම්...
Deleteනෑ ඒ දුම පිට වෙන්නෙ නොපෙනෙන ආකාරයටයි. හෙළ යක්ඛ තාක්ෂණයෙන් නිපදවපු, Catalytic converter එකක් හරහා යනවා.
Deleteනියම හැල යක්ඛ පුතුන්ගේ ප්‍රශ්ණ පමණක් භාරගන්නා බව සළකන්න.
ඇත්තම කියනවානම් ඕක හැල කොන්ටං තාක්ශණික උම්මගයකින් ටයිං වෝප් වෙලා රාවණා අදිරාජයාගේ අගහරුලෝකෙ තියන හැල ස්ටාර් හෝටලේක සෙප්ටික් පිට් එකක හිලකින් දුම පිටවෙන විදිහට තමයි තිබුනෙ
Deleteහැක් හැක්... කමෙන්ට්වලට උත්තර දෙන්න වෙන්නෙ රෑට තමයි.
Deleteඔන්න ඒ් අවුලත් හැදුවා බුරා. පොඩ්ඩක් බලන්න ඒ විදිහ හොඳද කියලා...
තිබුනට වඩා ෂේප් නේ ද? ෂද්දෙට ෂද්දෙ නං ෂරි, ඒත් ගඳට මුක්කද කරනවා අප්පා?
Deleteකතාව මුලටම බස්සෙකුයි නරියෙකුයි ඔබලා කතා රසය චොර කරලා දාලා නෙව.. ;)
එතකොට දුම රහසක් හෝ සැඟවුනු දෙයක් නෙමෙයි? හේඩීස්/යම/ප්ලූටෝ බාබෙකිව් කරනකොට පොලව යටින් දුම මතුවෙනවයි කිව්වෑකි.
Deleteකවුන්ට් ලඟදිම වූඩූ ඩෝල් කෙනෙක් විදිහට ලී රූකඩ පිල්ලියක් කතාවට ගේනවලු.
ඊරිසියාව, තනිකරම ඊරිසියාව. හහ්, ගුප්ත පරිසරය වනන්නේ කොහෙද අපි නැතුව?
Deleteහ්ම්..ලී රූකඩයකුත් ගෙනෑවෑකි, දර මදි වුනාම ගිණි මැලේට දාන්න බැරියෑ?
මට හිතුණා, පුළුටු ගඳ දැනෙන්න පටන් ගනිද්දි මිනිස්සු ඒ පැත්තට යන්න බය වෙයි කියලා. අනික ගන්නොරුව කියන්නේ නිල්ලඹේ කැරැල්ලෙදි මහා සංහාරයක් සිද්ධ වෙච්ච තැනක් නෙව. කොහෙද අප්පා හිතේ නිදහසක් තියෙන්නෙ මෙව්ව සවිස්තරාත්මකව ලියන්න?
Deleteලී බෝනික්කව ඇඩ් කරල උන්දැට කටු චිකිත්සාව කරන්න ඔ්නෙ... ඊට පස්සෙ අර රොබින් හුඩ් කතාවෙ ලිලිත් කළා වගේ ගිණී ගොඩට දැම්මැකි...
// කොහෙද අප්පා හිතේ නිදහසක් තියෙන්නෙ මෙව්ව සවිස්තරාත්මකව ලියන්න? //
Deleteබොට තියෙන්නෙ ෆුල්ටයිම් එඩිටිං ටීම් එකක් තියාගන්න. එතකොට ඔය වගේ සුළු වැරැදි වෙන්නෙ නෑ.
ඇත්ත. එක්කෙනෙක් නම් කිව්වා මේක ඉවර වුණහම එඩිට් කරන්න උදව් කරන්නම් කියල. දැනට ලයිව් එඩිටින් ටීම් එක වෙන්නෙ ඉතිං ප්‍රා ජේ යි, බුරායි තමා...
Deleteකතා කරන්න ඕනෙ නම්. ගරායකා ඊජිප්තු දෑකැති කඩුවක් (Khopesh) භාවිතා කරන්නෙ ඊජිප්තු සම්බන්ධයක් නිසාද කියන එක කතා කරමු
ReplyDeleteමැදපෙරදිග වෙන කනෙක්ෂන් එකක් වෙන්න පුලුවන්. කොහොමවෙතත් ඕක නිසා මේ කතාවට හැල රකුස් රාවණාත් ඇවිල්ලා අපි වගේ කමෙන්ට් ජෝකර්ස්ලා පරද්දන ජෝක් එකක් වෙයිද?
Deleteඇවිල්ල කියන්නෙ මොකද? ආව, හැල රකුස් තාක්ෂණය.
Deleteරාවණා අදිරාජයා පොඩි ස්පයිං මිශන්වලට යොදාගත්තෙ රොබෝ බස්සෙක් කියනව. හැල බාර්න් අවුල් යන්ත්‍ර බස්සෙක්.
Deleteදෑකැති කඩුව මම දැකල තියෙනව තාරා දෙවඟන ගාවත්, කාලි ගාවත් තියෙනව. සමහර විට, සංස්කෘති දෙකක එකම විදිහෙ සොලුෂන් වෙන්න පුළුවන්. ඒත් නැත්තම් සංස්කෘතික සංස්පර්ෂයක් වෙන්නත් පුළුවන්.
Deleteතාරා කියන්නෙ ජගන්මාතාවගෙන් නිෂ්පන්න සංකල්පයක් නිසා, ඉරානීය පැත්තෙන් මිසරයට ගියා හෝ, මිසර වෙළෙන්දන් හරහා ඉන්දියාවට ආවා වෙන්න පුලූවන්.
ඔව් ඔව්... යන්ත්‍ර බස්ස පොඩ්ඩක් "අවුල්" තමා.
Deleteතව කොටස් කීයක් විතර තියෙනවද?
ReplyDeleteතව කොටස් දහයක් විතර යනකොට මේ කතාව ඉවර වෙනව.
Deleteඔය ඉන්නෙ ගිරි දේවිද..
ReplyDeleteඋංදැගෙ ලස්සන..
හෙහ්...
ලාසරස් පිට් එකට දාල නැගිට්ටල ගන්න නේ තිබ්බෙ
හෙහ් හෙහ්... උඹ විතරයි මල්ලි මම බලාපොරොත්තුවුන ප්‍රශ්ණෙ ඇහුවෙ. ඔය ගිරි දේවි නාට්‍යයෙ හිටපු නිළිය. ලාසරස් පිට් වගේ සීන් එකක් තියෙනව ගිරි දේවි උපත් කතාවෙ...
Deleteඑන්න එන්නම comments බර වෙනවා. හරි ෂෝක්!
ReplyDeleteනැතුව ලොකු අයියෙ... සැහැල්ලුවෙන් කමෙන්ට් කරන්න අමාරු කොටස් ටිකක්...
Deleteමේ කමෙන්ට්වල තියෙන මූලාශ්‍ර කතා ටික බොහොම අපූරුයි. කවදාහරි පොතක් වශයෙන් පලකරන්න අදහසක් තියනවා නම්, ඒ කතා ටිකත් එකතු කරන එක හොඳයි කියල හිතෙනවා.
ReplyDeleteඔව්. පාද සටහන් සහ ටිප්පණියක් විදිහට...
Deleteමටත් මේ කෙමෙන්ට් වලියේ පැටලෙන්න තිබුනනම්
ReplyDeleteඉතිං පැටළියංකො. අර ඉස්සර මදුමදාවියගෙ සයිට් එකේ වගේ...
Deleteela , බ්ලොග් පොස්ට් කියවන්න මේ පැත්තේ ඇවිල්ලා යන්න https://sithuvili.net/
ReplyDeleteමාවත් ඇඩ් කරගන්ඩ
Deleteදවස් තුනයි ප්‍රමාද වුනේ., දවස් තුනයි. ප්‍රතිචාර දානකොට අපි ගැනත් කල්පනා කොරන්ට. කියවල ඉවර කරන්නත් වෙලා යනවනේ. හේ හේ දැන් මේ කතාවේ රුමේනියාවේ ඉතිහාසය සෑහෙන වෙඅන්ස් කරගෙන යනව වගෙයි පේන්නේ. ජිවිතේට අහපු නැති දේවල් නේ මේ ද්‍රකියා ලියන්නේ.
ReplyDeleteහැබැයි සමහර තැන්වල රෝම කූප ඉලිප්පිලා එන තරමට හොඳයි ඈ
ආ... ස්තූතියි ස්තූතියි... ලොකු අයියේ...
Delete