Sunday, November 14, 2021

මී පැණි වන් ගී තනු - 1 1/2 කොටස

 මී පැණි වන් ගී තනු 1 කොටස...

1 කොටස කියවද්දි මට හිතුණු දෙයින් සාරාංශයක් මම 1 කොටසට යටින් කමෙන්ට් කළා. නමුත් ඒ ගැන දිගට කතා කරන්න දෙයක් තියෙන නිසාත්, ඒ වගෙම, මේ ගැන මී ළඟ ‌කොටස ලියන්න කියා තට්ට අයියා වද කරන නිසාත්, වැඩ දහසක් මැද්දේ මේක ලියන්න ඉඳ ගත්තෙ. 

ඔක්කොට ම කලින් මේ ගැන අනික් උදවිය ලියපු සටහනුත් මෙතනින් දාන්නම්

ලිකියා ගේ කොප්ප

කොප්පට ගැහූ තට්ට පිළිතුර

නිදි අවදි වීම

මුල් ගී තනු ඇසුරින් හැදෙන නව ගීත ගැන අපි මුල් කාලෙ හිතුවේ, නිර්මාණ සොරකමක් විදිහට කියා මට මතකයි. අපි පොඩි කාලේ ජෝතිපාල හෙළා දකින්න යොදාගත්ත සුලභ තර්කයක් වුණේ ඒක. මට මතක හැටියට මුහම්මද් රෆී, කිෂෝර් කුමාර්, මන්නා ඩේ, තලාත් මෙහෙමුද්, මුකේෂ් වැනි ගායකයන්ගේ ජනප්‍රිය වුණු හැම තනුවකට ම ගීතයක් පෝරණුවෙන් පාන් බානවා වාගේ ජෝති ගායනා කරපු නිසා. මේ වැඩේ මුහුදේන් ගෙම් බෙග් මාස්ටරුත් ටිකක් විතර කළා.

පසු  හැම දෙයක් ම රස විඳින්න හුරු වෙද්දි තමයි මට පෙනුනෙ, මුල් නිර්මාණය වැඩිදියුණු කිරීමක්, වෙනස් රසයක් උත්පාදනය කිරීමක් හෝ ඒ ආශ්‍රයෙන් අලුත් නිර්මාණයක් කිරීමක් සිද්ධ වෙන බව.

මේ ඊට හොඳ උදාහරණයක්. 

(හිස් කඩදාසියේ උදාහරණය)


මේ ඒ තනුව හා සංගීතය ඇසුරින් නිර්මාණය වුණු සිංහල ගීතය...


මම කැමති ම සංගීත පරාසයෙන්, පොදුවේ රසවිඳින්න පුළුවන් බටහිර සංගීතයේ එක් පැත්තක් හමුවෙන්නෙ එල්විස් ප්‍රෙස්ලිගේ හවායි මුල් කරගත් සංගීත ඛන්ඩ වලින්. මේ ඊට ඉතා ම හොඳ උදාහරණයක්...


බලන්න, එල්විස් ගේ මාගරීටා කොයි තරම් දුර ගිහින් තියෙනවාද කියලා...


මෙක්සිකානු පුරුෂාත්මක සංගීතයට ගැයෙන මාර්ගරීටා ට වඩා මේ ගීතය කොයිතරම් අහන්න ප්‍රිය ද කියා බලන්න. මේ මුහම්මද් රෆි. ශංකර් සහ ජායිකිශන් මේ ගීතයේ සංගීතය ඉතා ම ලගන්නාසුළු විදිහට ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා.


එතකොට මේ, රාජ් කුමාර් චිත්‍රපටියේ එන ගීතයක්, "පායල් මෙරී"...


උදිත් නාරායන් සහ අල්කා යග්නික් ගයන මේ ප්‍රේම ගීතය ට මුල් වෙන්නෙ, ජෝජ් මයිකල් ගෙ ෆේත්... නමුත් ගීත දෙකේ ඇති වෙනස. මේ අනුවර්තනයෙදි හිංදි ගීතයට ලබා ගෙන ඇත්තේ මෙලඩියේ ඡායාවක් පමණයි.


ඒ අතරෙ මේ වගේ ගීතත් දකින්න ලැබෙනව. මේ ගීතයෙ නම් ආභාෂය ඇවිත් ඇත්තෙ කොතනින්ද කියන එක පැහැදිලියි.


මුල් ගීතය සංවර්ධනය කරලා මාාාර විරහ රසයක් ඇති කරපු, මගෙ දෙවෙනි නම ම තියෙන ලාංකික ගායකයෙකුගේ ගීතයක් මී ළඟ ට... 


මේකෙ මම කැමති ම කොටස තමයි:

"...මීවිත සිඳිලා

ගී පද මැකිලා

සිත ගොලු වුණු යාමයේ

ලොව සැතපෙන මේ පැයේ

ඒ දිනේදී බැඳි ආදරේ බිඳිලා

බිඳිලා

ළඳුනේ කිමදෝ

වෙන්වූයේ..."

මේ ගීතය පුරාවට ම ලීඩ් ගිටාර් එක ඉතාම ලයාන්විතව සහ දුක්බරව වැළපෙනවා.

ඒ ගීතයට මුල් වුණු තනුව සහ මෙලඩිය පෝල් සයිමන් සහ ආට් ගාෆන්කල් ගේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස්. නමුත් ක්ලැරන්ස් ගෙ ප්‍රති නිර්මාණය අද්විතීයයි වගේම, සංගීතයෙන් සහ භාවයන් අතින් ඉතා ම පොහොසත්.


තට්ට අයිය පිළිතුරු ලිපියෙ සඳහන් කරන ගීතයක්, සුපිරි නළු ඇන්ටෝනියෝ බැන්ඩෙරාස් ගයන ඩෙස්පෙරාඩෝ චිත්‍රපටියේ තේමා ගීතය. සුපිරි පන්ච් එකක් සහ ගැම්මක් ඇති ගිතයක්...


මේ ගීතය කාලයක් අපේ රටේ සංගීත ප්‍රසංගවල ගැයුණු අතර, කේ. සුජීවා අරවින්ද යාය ගැයුවේ පසුකාලීනව. ඇගේ අරවින්ද යායත් සෑහෙන කලක් අංක එකට හිට් වුණු ගීතයක් වුනේ, ප්‍රති නිර්මාණයක් වීම සහ මුල් ගීතය ජනප්‍රිය එකක් වීම යන කාරණා නොසැළෙකමින්...


මේ ඇගේ ම අනෙක් ජනප්‍රිය ගීතයේ මුල් ගීතය...


එමිනෙම් පවා අපේ ලාංකික ගීත ප්‍රතිනිර්මාණයෙන් ගැළවෙන්නෙ නෑ. මේ බලන්න එමිනෙම් ගෙ ස්ටෑන්.


ස්ටෑන් ගෙ තනුව ටිකක් වේගවත් කරලා, සංගීතය තවත් පෝෂණය කරලා, ඒ වගේ ම ගැංග්ස්ටා රැප් එකක්  නමුත් ලස්සන එකක් හැදුවෙ 6th Lane.


අවසානයට, නමුත් අවමය නොවන්නට, ඉතා ම සුන්දර ඇරබික් තනුවක් සහ මෙලඩියක් දෙන්නම්. මේ ඛාලිඩ්...


නමුත් ඛාලිඩ් ගෙ සුන්දර ගීතය සහ මේ හින්දි ප්‍රේම ගීතය එකිනෙක තරග නොකරන, අනන්‍ය රසයන් මවන නිර්මාණ...


බප්පි ලහිරි ඛාලිඩ්ගෙන් ණයට ගන්නා සීනි අහුර දාලා, කිරිපැණි හදල තියෙන බවක් තමයි මට දැනෙන්නෙ. 

බොහොමයක් තැන්වලදි  මට දැනෙන්නෙ, කොපිය මුල් නිර්මාණය ට සාධාරණත්වයක් ඉටු කරලා, එහෙමත් නැත්නම් අතිජාත පුත්‍රයෙක් තාත්තා ඉතිරි කර ගිය දේ වැඩි වර්ධනය කරන්නා වගේ රසය වැඩි දියුණු කරලා අපට ආපහු දීලා තියෙනවා කියන එකයි. ඇත්තට ම රසය වැඩි දියුණු කරන්න හෝ විචිත්‍රවත් කරන්න බැරි නම් මොකටද, ප්‍රති නිර්මාණය කරලා?

73 comments:

  1. මේක එහෙම ආවට ගියාට කියවන්න බෑ. වැට ගහල යන්න ආවෙ. ආයෙ එන්නං.

    +++++++++++++🙏👌😊

    ආං තිලක සිත පට්ට පෝස්ට් එකක් දාලා.😊

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බස්තුමනි, මේක කියවන්න නෙමෙයි, අහන්න සහ බලන්න...

      තිලක සිත පැත්තෙ යන ගමං.

      Delete
  2. කොප්ප - අඃ එහෙනම් ඒකත් කියෙව්වද? මේ ඔක්කොටම මුල අර කමෙන්ට් එක...

    ආයෙත් කියනවා - ප්‍රති නිර්මාණය, ආශ්‍රිත නිර්මාණය ගැන නෙවෙයි අමං මේ කියන්නේ. එහෙම්මම මෙලදීය දඩෝන් ගාලා අරගෙන කරලා තියෙන බාල වර්ගයේ කොපිය ගැනයි.. ආශ්‍රිතව කරනවා කියන්නේ වෙනස් දෙයක්.. එතැනදී යම් දෙයක් එකතු කරනවානේ මෙලඩි එකට..

    මම කියන්නේ එහෙම මෙලඩිය කොප්ප ගහලා, වචන දැම්මහම වැඩක් නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. ලිකී... මං කොහොමත් ඒ පැත්තෙ යනව. මුල ඉඳං කියවගෙන එන්ඩ තියෙනවනං ආපහු එන්නං කියල හිත හදාගෙන එනව.

      මෙලඩිය දඩෝං ගාල අරං හදපු නිර්මාණ? එහෙම එව්ව කොහෙද තියෙන්නෙ? ඔ්නෙම එකක් තව කවුරු හරි ආපහු කරනකොට, එයාගෙ ඇඟේ තියෙන මොන ම හරි මළදානයක් ඒකට එකතු වෙනව. අර "හතර දෙනා ම සූරයෝ" ෆිල්ම් එක ආපහු හැදුව වගේ එක ම නිර්මාණකරුවා නැවත හැදුවත්, ඒ වෙද්දි ඒයා පරිණත වෙලා තියෙන ස්වභාවය අනුව නව නිර්මාණය වෙනස් වෙනව.

      මේ... ඔව්ව ගැන තර්ක කරල ලේ පුච්ච ගන්නෙ මොකටද? එන්ඩ නුවරඑළීය පැත්තෙ. පබ් එකට ගිහිං, බියර් පාරක් ගහලා, කතා කරමු...

      Delete
  3. අම්මට සිරි යකෝ ඔක්කොම ඇහැර ගෙනනෙ! මට ඉතාම අහිංසකව කියන්න තියෙන්නේ කෙටිම කෙටි පිළිතුරක්. මම ඒක මෙහෙම කියන්නම්. කෙනෙකුගේ මෙලඩියක් "දඩෝන්" ගාලා ගන්නා ආකාරයත්, වැඩි දියුණු කරලා ගන්නා ආකාරයත්, එයින් ප්‍රථි නිර්මානය කිරීම ගැනත් කියන්නට ඇති කරුණු කාරණා පුද්ගලානුබද්ධව වෙනස් වන කරුණු කියාය.

    මේකට මම ලස්සන කථාවක් දෙබස් එක්කම ලියන්නම්!

    ස්ථානය - තරගම දේවාලය.
    අවස්ථාව - කුඩා ගාන්ඨාර රාශියක් එකවර නාද කරමින් දෙවියන් වෙත සත්කාර පිලිවෙත් ඉටු කරණ වේලාව.
    1 වන මිතුරා - මචං මාර මිහිරි සද්දෙ නේද?
    2වන මිතුරා - මොකක්ද . . .?

    1වන මිතුරා - මං කිව්වේ . . මේ සද්දෙ හරි මිහිරියි නේද . . ?
    2 වන මිතුරා - ඈං . . ?

    1වන මිතුරා - මොකක්ද බං මං දැන්ං කීවතාවක් කිව්වාද . . හරිම මිහිරි සද්දයක් නේද මේක . . ?
    2වන මිතුරා - මේ මළ කරච්චලේ හින්දා මොන මගුලක් වත් ඇහෙන්නේ නෑ බං. පොඩ්ඩක් හිටාං එළියට යනකල් මේ මගුල නෑහෙන්න . . !

    බොබ්මාලේ ලස්සන කථාවක් කියලා තියෙනවා! "සමහරු වැස්ස විඳිති! තවත් සමහරුණට එය හුදු තෙමීමක් පමණි!!"

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි ලෝකය දකින කන්නාඩිය හැදෙන්නෙ කුඩා කල සිට ලැබෙන අත්දැකීම් වලින්. පරිසර සාධක. පොඩ්ඩක් විතර උපතින් ම ගේන ආකල්පත් තියෙනව...

      Delete
    2. ඩ්‍රැකීගෙ කතාව හරියටම හරි. අපි දෙයක් දිහා බලන විදිහ අනුව, විඳගන්න විදිහ අනුව ඒ පිලිබඳ ඇතිවන අදහස වෙනස් වෙනව. නමුත් සත්‍ය කියල දෙයකුත් ඔය අතර පවතිනවා.

      Delete
    3. 100%ක් පිරිසිදු සත්‍යය කියන්නේ සංකල්පයක් විතරයි නමි. ඒක මහ පොළොව මත නෑ. කවුරුන් හෝ සත්‍යය කියා අපට ගෙන හැර දක්වන්නේ ඔහු දුටු සිදුවීමේ හෝ වස්තුවේ ප්‍රතිනිර්මාණයක්. ඒක ඉතා ම ලස්සනට කුංෆු කතා මාලාවේ එක තැනක විස්තර කළා...

      Delete
  4. මේ කරණු කාරනා මොනවා උනත් ඔබගේ ලිපිය ඉතාම රසවත්ය මාහට; හිංදි තනුවකට කරුණාරත්න අබේසේකර පද ලියා ජෝති ගැයූ සුමියුරු ගීතයක් සේම! (ආයේ ඔන්න කිව්වා අඩු නැතිව!)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ගොඩක් ස්තූතියි තට්ටයියෙ. මං වැඩිය ලිව්වෙ නෑ. ඔයා ලියල තියෙනව වගේ ලියන්ඩ මට දැනුම නෑ. ඔන්න තාත්ත හිටියනං, අහගෙන හරි ලියනව. මං රසවිඳපු දේවල් විඳෝන්න සැළැස්වීම තමා මං කළේ.

      Delete
  5. මේකට පස්සෙ කියවන්න තියෙන එක මෙතන:-
    http://nidigepanchathanthare.blogspot.com/2021/11/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මේකත් පොකුරක් වෙන්ඩ ඔ්නෙ.

      Delete
  6. මාර වැඩේ, තට්ටයා මහත්තයාගෙ 'මී පැණි වන්' පෝස්ටුව කී දෙනෙකුගේ සිතිවිලි අවදි කරලාද?

    මට එයින් ඇතිවුණු සිතිවිලි මීට වැඩිය වෙනස්.... ඒක එහෙම වුණු එකත් හොඳයි. නැත්තන් අපි සේරම එකම දේවල් ලියයිනේ....
    ඩ්රැකී, post එකේ ගතිය 100%ක් වැඩි වෙනවා ඔයාගේ උදාහරණවලින්!

    ReplyDelete
    Replies
    1. සිතුවීල අවදි කිරීම වගේම තමයි ෆෝන් එකෙන් කතා කරල වද කිරීමත්.

      අපේ අත්දැකීම් අනුව සිතුවිලි වෙනස් වෙනව. ඒ වගේ ම අපි දෙයක් දිහා බලන කන්නාඩියත් වෙනස් වෙනව. ඉතිං අර රාජමනි අංකල් කිව්ව ‌වගේ, වෙනස් වීම තමා ජීවිතය රසවත් කරන කුළුබඩු...

      Delete
  7. ඩ්රැකී, ඔයාගේ post එකේ link එකත් කමෙන්ටුවක් හරි දාන්න ගිහින් බලද්දී තට්ටයා මහත්තයා අපි දෙන්නටම එක විදිහට සත්කාර ඇරලා. ස්තුතියි තට්ටයා මහත්තයෝ!

    ReplyDelete
    Replies
    1. හූම්ම්... මාත් මේ ලිපියට ඔයාගෙ ලිපියෙ ලිංක් එක දැම්ම ම වැඩේ සම්පූර්ණයි.

      Delete
  8. මම එහේ ගිහින් ආවේ! නිදි මහත්තයාගේ පෝට්ටුවේ ලින්කුව මම මගේ පෝස්ටුවේ එල්ලුවා යටින්ම ඩ්‍රැකීගේ මේ පෝස්ටුවේ ලින්කුව වාගේම!

    ReplyDelete
    Replies
    1. දෙන ප්‍රචාරණයට ගොඩක් ස්තූතියි

      Delete
    2. සඳකඩපහණ අපටත් වඩා blog කියවනවා වගේ! ස්තුතියි!

      Delete
  9. ශකීරා ගෙ Waka Waka (This Time for Africa) ගීතය The Official 2010 FIFA World Cup™ Song විදිහට කියූව. ඇය එයින් උපයාගත් ධනය ඩොලර් මිලියන ගණනක්. එහෙත් එය Waka Waka por Zangalewa යනුවෙන් කුඩා අප්‍රිකානු කන්ඩායමක් ගායනා කල හමුදා ගීතයක්. මෙවැනි multy million copy වෙලත් තියනවා.

    ReplyDelete
    Replies
    1. Next> මම එහි වරදක් දකින්නේ නැහැ.. එතැනදී ශකිරා හරියට මෙලඩි එක ටච් කරලා නේද? සමහර සින්දු හිට් වෙන්නේ ඇත්තටම ලස්සන නිසා නෙවෙයි, එතැන මොකක්හරි කොමන් හාමනි එකක් තියෙනවා, හරියට මල් සුවඳට බඹරු ඇදෙනවා වගේ

      Delete
    2. ඊළඟ,
      මම දැනං උන්නෙ නෑ ඒ ගැන. නමුත් හොයල බැලුවා. ඒ සිංදුව හරියට ම හරි. ශකිරා එකතු කරල තියෙන්නෙ එයාගෙ ශෛලියයි, මියුසික් වැඩිදියුණු කිරීමකුයි විතරයි වගේ... ස්තූතියි ඈ...

      මං දන්න නෙක්ස්ට් කෙනෙක් ඉන්නව, ‌ඒ ඔබම ද?

      ලිකී,
      හ්ම්... මල් සුවඳට බඹරු වගේ තමයි මේ මාතෘකාවට අපි.

      හාමනි සහ මෙලඩිවලට ඇදී යන නිසා තමයි නේද ප්‍රතිනිර්මාණ සිද්ධ වෙන්නෙ?

      Delete
    3. නෙක්ස්ට් ගැන මං හිතපු විදිහ හරි. ඔන්න හිතවතුනි, මේ කියන නෙක්ස්ට් තමයි සැබෑ ඇඩම් ඩ්‍රේක් ඇන්ඩසන්...

      අර කිව්ව වගේ මහා සමාජයෙන් අරං ප්‍රති නිර්මාණය කළහම ඒක කොපිය වෙනව. හිංදි කොපි එන්නෙ එහෙම. පහළ කුඩා සමාජයෙන් ඉහළ සංස්කෘතියට අරගෙන එයින් හම්බකරගන්නකොට ඒ ගැන කතා කරන්න කවුරුවක් නෑ.

      Delete
    4. ලිඛිතා ,ඨැන්ක්ස් ඩැරැකී හඳුන් වා දීමට. ලිඛිතා, එකගයි ඔබෙ අදහසට අප. අපි මෙතනදි පහදා දෙන්නෙ උත්සාහ කලෙ හුදෙක් කලා කෘතියකට ඇති ආසාව නිසා එහි ප්‍රථි නිර්මාණයකිරීමක් ගැන නොව​, එහි මුල් නිර්මාණ කරුවන් ගැන කිසිදු සඳහනක් නොකොට, සුලු වෙනස්කමකින් ප්‍රථි නිර්මාණය කර අති විශාල වෙලඳපොලක් නිර්මාණය කිරීමයි. උදා. වශයෙන්, කීර්තිමත් Radio Ceylon වලින් අපි කුඩාකල ඇසු විශිෂඨ ගී නිර්මාණ වල මුල් කෘති වල පවා අද you tube, Mp3 ඉතිරිව ඇත්තෙ 'සන්ෆ්ලවර්' නව නිර්මාණ පමණයි. මුල් කෘතිය ඇත්තේ radio ceylon පුස්තකාලයෙ පමණි.

      Delete
  10. තට්ට ගොයියා හරි මිනිහා... :)))

    ඉඳල ඉඳල ඇද්ද වැලක්.. සොරි.. වලියක්... මෙන්න යනවා නැගලා.. හ්ම්ම්.. හින්දි තනු වලට ගහපු සිංහල සින්දු නෙහ්? මටත් තියෙනවා නොස්ටල්ජික් සීන් ටිකක් ලියනවානම්.. ඒත්..

    කෝ සැපතා මේ සංසාරේ.. දුක කෙලවර උනොත් නිර්වාණෙන් තමයි.. :'(

    ReplyDelete
    Replies
    1. කමියත් ලියමු නොස්ටැල්ජියාව ඇවිස්සුණු එකේ...

      වැඩ අධිකයි තමා ඉතිං. නමුත් ලියන්න පෙළඹවීමක් ලැබුණම, පැයකින් විතර ලියල දාන්න පුළුවන්

      Delete
    2. චන්ද්‍රා මේ රෑ පාය ආවා , එක කොහොමඩ් , මගේ අම්මගෙයි තාත්ත ගෙයි ලව් සින්දුව. මමත් මාර කැමතියි ඒකට. ඔරිජිනල් එකත් ඒ විධිහමයි

      Delete
    3. අපි ඔරිජිනල් එක හොය හොයා අයියෝ මේක කොපියක්නේ කියලා දුක් වෙනවාද "චන්ද්‍රාමෙ රැපායා ආවා" රස විඳිනවද?
      අනෙක චන්ද්‍රාමෙ රෑ පායා ආවා ගීතයට ගායකයා හා පද රචකයා එක් කල සත දෙකක් ඇත්තේම නැද්ද?
      උන් දෙන්නා සියඹලා ගෙනාවෙම නැද්ද?

      Delete
    4. අජිත්, ලියමුකො "චන්ද්‍රා මෙ රෑ පායා ආවා" ගැනත් එහෙනං...

      තට්ටස්,
      ඔය වගේම ගීතයක් තමයි, අහිංසක ප්‍රයෝගය චිත්‍රපටියෙ "ඔ් රාත්‍රියේ මෙ යාමේ, සඳ රාජයා දිලෙන්නේ..." වචනයට වචනය පරිවර්තනයක්. මේ තියෙන්නෙ හිංදි එක

      Delete
    5. උඩ හිංදි එකේ වචන ඔ්වලැප් වෙනව. මේ කොපිය හොඳයි.

      Delete
    6. ඉතින් බාන්ස්, 'අහිංසක ප්‍රයෝගය' කියන්නෙ 'මිස් මේරි' ෆිල්ම් එක එහෙම්මම සිංහල හඬ කවලා පෙන්නපු එකක් නේ. ඒකෙ කරන්න කිබ්බෙ සිංහලෙන් දෙබස් කවන එකයි, සින්දු ටිකට පදවැල් දාන එකයි විතරයි.

      Delete
    7. ඔව් ඔව් ඉතිං. ඒක පේනවනේ ඔය ලිංක් වලින්...

      Delete
    8. //උන් දෙන්නා සියඹලා ගෙනාවෙම නැද්ද?//තට්ටස් මම සින්දුව හොඳයි කියල ලියල තියෙන්නේ , බැනල නැහැ. මම සිංහල වර්ෂන් එකට කැමතියි . සමහර විට ආම්මයි තාත්තයි කැමති නිසා වෙන්නත් පුළුවන්.

      Delete
    9. හින්දි එකටත් කැමතියි

      Delete
  11. අහුවෙන්න එපා මේව ISP ල ඩ්‍රැකිය එක්ක එකතුවෙලා කරන කුමන්ත්‍රණ. බොලාලගෙ ඩේට වලට කෙලවන්න. හැක්..

    ReplyDelete
  12. මේක මරු වැඩක්. සමහර ඒව ඔරිජිනල් එකට වැඩිය කොපිය හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත. (මං කිව්වෙ මරු වැඩේ ගැන) ඔරිජිනල් එකට ප්‍රති නිර්මාණ කරන එක බටහිර සංගීතයෙත් තියෙනව. ඒ ගැන පස්සෙ ලියමු. ඇත්ත. කොහොමත් බොහෝමයක් අවස්ථවල ඔරිජිනල් එකට වඩා කොපිය අහන්න පුළුවන් මට්ටමක් තියෙනව.

      Delete
    2. අනේ ප්ලෑං යන්න. උඹ දන්නවැයි මොකක්ද මරු වැඩේ කියල.

      Delete
    3. දන්න හොඳ ම මරු වැඩේ ඇවිල්ලා, "ක" යන්නට වැදුණු ටෝච් පාර තමයි.

      Delete
  13. ජනප්‍රිය ගීත බොහොමයකට මුල් රචකයාගේ පද මාලාවට අමතරව කොල්ලෝ හදාපු ලෝකල් ගීතයකුත් තියනවානේ. ඒ සමහර ඒවාත් (අසභ්‍ය ඒවා උනත්) මුල් ගීතයට වඩා නිර්මාණශීලීයි.

    දැන් මුළු බ්ලොග් ලෝකයම සංගීත යුද්ධයක පැටලිලා වගේ.
    ආයුධ හැටියට පාවිච්චි කරන්න පුළුවන් සංගීත භාණ්ඩ මොනවද කියලයි මම කල්පනා කරන්නේ!

    ReplyDelete
    Replies
    1. මම පැන්න අහකට ගිටරෙක ගත්ත දෑතට
      දුන්න ඔළුවට ගිටරෙකෙ කෑලි හැලෙන්න

      Delete
    2. http://padanguwa.blogspot.com/2015/12/blog-post_22.html

      Delete
    3. යකෝ ඒකෙ කොමෙන්ට් ටික කියෝල තව පොඩ්ඩෙං හිනාවෙලා මැරෙනව.

      එතකොට උඹටත් කිවුවහැකි මගේ යාලුවෙක් හිනාවෙලා මළා කියල.

      Delete
    4. මේක මරු ලිපියක් බං! උගෙ තාත්තානං එළම ජොකියෙක්! නැත්තං එස්‍රාජ් එකෙන් ගහයියෑ තව එකෙක්ගේ ඔළුවට!?

      Delete
    5. සෑම්,
      අර කිව්ව වගේ, ලෝකල් කොපිය මල් මසුරං. ‌රැට්ටගෙ මේක බැලුවද?

      කොපි සංගීතය ගැන මගේ සත දෙක නං, මොන එක හරි කමක් නෑ, රස විඳිමු කියන එක තමා. ආයුධ හැටියට වයලින් එක දුන්නක් කරගෙන, බෝ එකෙන් විදින්න තමයි අදහස. ඈත ඉඳං දෙන්ඩ පුළුවන්නෙ...

      ප්‍රසෝ,
      සජ්ජගෙ ලිපියෙ උඹමනෙ අර සිංදුව කමෙන්ට් කළේ. උඹ නං මැරෙන්ඩ එපා දැම්ම.

      තට්ටස්,
      සජ්ජා පට්ට බ්ලොග් රචකයෙක්. ඌ යි තාත්තයි කෙලින් කතා කරන, තමන්ගෙ මතය වෙනුවෙන් බය නැතුව පෙනී හිටින, හොඳ හදවතක් තියෙන මිනිස්සු.

      Delete
  14. Monawa unath sindu tika nam pankaduyi.Mee panima thamayi.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සරත් අයියා...

      Delete
  15. පෙම්බර මධූ මගේ ආපු කාලේ හිතාගෙන හිටියේ ස්වතන්න්‍ර නිර්මාණයක් කියලා, හුඟ කාලෙකට පස්සෙ තමයි දැනගත්තෙ ඒකටත් උර්දු ගීයක් තියනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඒක මම දන්නෙත් දැනුයි. ඒ වගේ සුන්දර ප්‍රතිනිර්මාණ වෙලා තියෙනව, හැත්තෑව - අසූව දශකයෙ.

      Delete
    2. පෙම්බර මධු ගීතය ගැන අහලා තියෙන කතාවක් මේ!

      වික්ටර් රත්නායක මහත්තයා කොපි තනුවලට ගීත ගායනා කරනේ නැති ප්‍රතිපත්තියේලු හිටියේ. ඒ වගේම මොකක්දෝ විරසකයක් නිසා කරුණාරත්න අබේසේකර මහත්තය ලියන ගීතත් නොකියාම්යි හිටියා කියන්නේ, ගීතය පටිගත කෙරෙන තුරුම ගීතය උර්දු කොපියක් බවත්- කරු අයියා ලියපු බවත් ගීතය ගැයූ වික්ටර් මහතා දැනගෙන ඉඳලා නෑ.

      Delete
  16. මරු ලිපිය කවුන්ට් , මිනී පෙට්ටියක් ඇතුලට වෙලා මනෝ පාරක් ගහගෙන අහන්න ඕනේ සින්දු ටිකක්. ටිකක් රෑ වෙලා දෙකක් හලාගෙන එන්නන් ආයෙත්

    ReplyDelete
    Replies
    1. මිමිමි... මගෙත් හැඟීම එම ම යි. අනූ ගණංවල මම පුරුදු වෙලා හිටියා, වෝක්මන් එකකින් සිංදුවක් දාගෙන නිදාගන්න. ගොඩක් වෙලාවට ඇහුවෙ ස්පයිස් ගර්ල්ස් බෑන්ඩ් එකේ "වීවා ෆොරෙවර්"...

      ඉතිං... දාගත්ත දෙක - තුන වුණා ද?

      Delete
  17. ඔව්වා මොනවද
    සඳරේඛා හිනැහේවී මේ රෑයාමේ.. හදලා තියෙන්නේ මොසාට් ගේ තනුවකට.

    ක්ලැරන්ස් තනුවක් සම්පූර්ණයෙන් කොපි කලේ ඔයා දාපු ගීතයයි, කඳුකරයේ සීතලේ ගීතයයි තුල විතරයි නේද?

    වික්ටර් රත්නායකගේ මැරුණ පුතා රූපවාහිනී සාකච්චාවකදි කිව්වා ගිගිරි ගීත රාවේ ගීතය ස්පාඤ්ඤ තනුවකට හදපු එකක් කියලා.

    කොපි ගීත අතරින් වස බී (was not me)
    “අද අපි ඉන්නේ විනෝදෙන්“ ගීත දෙකට මම ගොඩක් කැමතියි.
    ඔය ගීත දෙකම ඉංග්‍රීසි වුනාට ඇහෙන්නේ සිංහල වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් මම මීට මොහොතකට පෙර මගේ පෝස්ටුවේ පිළිතුරක් ලෙස ලියපු දේම තමයි කියන්න තියෙන්නේ!
      සමනළයා විඳින්න! දළඹුවා පිළිබඳ තමා තුල ඇති දැනීම සමනළයා විඳීමට බාධාවක් කර නොගන්න!

      Delete
    2. මේ කමෙන්ට් එකෙන් මගෙ ලිපිය තව තවත් පෝෂණය වෙනව.

      මේ තියෙන්නෙ ජේ. එස්. බැක් ගෙ එයා බයි ජී ස්ට්‍රිං
      සන්තුෂ්, භාතිය සහ යමුණා ඒ අනුසාරයෙන් "වසන්තයේ" ගීතය නිර්මාණය කළේ.

      ක්ලැරන්ස් ‌ගෙ කොපි නම් මං දන්නෙත් ඒ දෙක විතරයි. සුරඟන වෙස් වළා ගීතයෙ ලීඩ් ගිටාර් පාට් එක සහ මෙලඩිය හේවිසිවලින් ගත්ත ආභාෂය...

      "වසබී" නම් අර වගේ ම තමයි. "අපි අද ඉන්නේ විනෝදයෙන්" නම්, අන්ඩර්නීත් ද මැංගෝ ට්‍රී නෙව. අර චූන්පාන් බීට් එකක් වුණු, "දඟකාරයි මං පොඩි කාලේ" ත් ඉට්ස් අ ස්මෝල් වර්ල්ඩ් ඇෆ්ටරෝල් ‌ගීතයෙ කොපිය.

      ක්‍රිස්ටෝෆර් පෝල් ගෙ "පෙම් ලෝකෙ පුරා"ත්, එල්විස් ප්‍රෙස්ලිගෙ ලී හදවතත් (වුඩ්න් හාට්) දෙකම මං හිතන්නෙ ස්පා‍ඤ්ඤ ගීතයක කොපි.

      Delete
    3. තට්ටස්,
      මගෙ අදහසත්, උදේට ලස්සන මල් පිපෙන්නෙ ඇස පිනවන්න සහ සුවඳ විඳින්න. ඒක මුස්සැන්ද ශාකයේ පොෂ් අනුවර්තනයක්ද යන්න පිළිබඳ දැනීම රසවින්දනයට බාධාවක් විය යුතු නෑ. ඇෆ්ටරෝල්, අපි ඇහැරල ඉන්නෙ උපරිම පැය 525,600 ක් විතර. (අවුරුදු අසූවක් ඉන්නවනං) ඒ ටිකේ මේ ලෝකෙ තියෙන දේවල් විඳලා යන්ඩ යමු.

      Delete
  18. දැන් රස්සාව කරන්නෙ කොලොම්පුරෙ නෙවෙයිද ?
    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. නෑ සරත් අයියා... නුවරඑළියෙ ඉන්නෙ. එන්ඩ වෙලාවක. හම්බෙලා කතා කරන්නත් ආසයි.

      Delete
  19. ආසාවෙන් රසවින්දා. හැමෝම හොද රැල්ලකයි යන්නෙ. තව රචකයින් වෙනස් කෝණවලින් ගීත ගැන ලියයි කියල හිතනවා. ඉඳලා හිටලා කොමෙන්ට් දැම්මත් ලිපි අත නෑර කියවනවා. තට්ටයා මහත්තයත්, ඔබත් ලිපි මාලාවක් ලියන්න යන බව පේනවා. යූ ටියුබ් දිගු හින්ද වෙනස හදුනාගන්න පහසු වෙනවා.හැමෝටම ජය.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනුරුද්ධ මහත්තයා... මං කළේ අර, "එව - බලව" කිව්ව වගේ, වෙනස / සමානකම් දකින්න ඉඩ සළසන එකයි. තව කොටසකට දෙකකට දික් වෙයි වගේ මේ ලියමන.

      Delete
  20. සින්දු ටික නං පස්සේ අහන්නම්. Job එකටත් කෙළවෙන වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔව් නේ? සිංදු අහනවනං ඔය ලිපි ඔක්කොම කියවමු

      Delete
  21. මලක් නම් එය මලක් වුව මැන කිව්ව වගේ. පෙර නිර්මාණයකින් යම් ආභාෂයක්, පෙළඹවීමක් ලැබුනට ගත්තට කමක් නෑ හා එය එහෙමමයි. ලෝකයේ ශුද්ධ හො ස්වායත්ත කියල දේවල් හොයන්න බෑ. ඒත් දැන් යන මේ cover පිස්සුවේ විදිහට නම් නෙමේ ඒක වෙන්ට ඕන. සමහර පැරණි ගීත එහෙම්පිටින්ම විනාස, නැතිභංගස්ථාන කරලා. ඒවා ප්‍රතිනිර්මාණ නෙමෙයි නැතිභංගස්ථාන කිරීම්

    ReplyDelete
    Replies
    1. එහෙම්පිටිම්ම විනාස කරල, නැතිබංගස්තාන කරන නිර්මාණ නම් මටත් අවුල්. නමුත් ඔය හැම එකක ම එයට ආවේණික රසයක් ඇති?

      Delete
  22. පැරණි හින්දි සිනමාවේ අතිශයින් වර්ණවත් ගීත
    http://deepthidonkor.blogspot.com/2021/10/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ ස්තූතියි!

      Delete
  23. ආවෙමි
    කියෙව්වෙමි
    කමෙන්ට්ද බැලූවෙමි
    නොදන්නා මඟුල් වලට හොට නොදා
    දන්න ක්‍රමවේදයට ලිස්සා යමි

    ReplyDelete
    Replies
    1. ඇෆ්ඝන් ජලේබි ගැන තිබුණු පෝස්ට් එක අනුව, ඔයිට වඩා දෙයක් නං බලාපොරොත්තු වුණු බව කණගාටුවෙන් දන්වමි.

      Delete
  24. ලිපිය මරු . මාගරිටා ගැන ලියන කොට මේක අමතක වුනේ කොහොමද. https://www.youtube.com/watch?v=uaGvmF0Kin4 සුදු පාට මිදුම් ගලාල . මටනම් එක වගේ - ජෝතිපාලගේ ඔරිජිනල් එකක් හරිද

    ReplyDelete
  25. හරි වැඩේනෙ ඩ්රැකී වෙලා තියෙන්නේ. Notify me උඩ ක්ලික් කරන්න බැරි වෙලා. ඒ නිසා මේ ලිපියේ කමෙන්ට්ස් ගොඩක් මඟ හැරිලා.

    ReplyDelete
  26. මේ කොපිය ගැන මොකද කියන්නේ චීන වර්ෂන් :)
    https://www.youtube.com/watch?v=kZeUBF0HVyw

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි