රජ තෙමේ වේතාලයාගේ ප්‍රශ්නය විසඳී:- "යමෙක් බොහෝ දුක් විඳ මෘතසංජීවන මන්ත්‍රය ලැබගෙණ අවුත් ඇය ඉපිදවූයේ ද, ඔහුගේ භාර්‍ය්‍යාභාවයට ඒ කාන්තාව සුදුසු නොවේ. හෙතෙමේ ඇගේ පියතනතුරට සුදුසු ය. යමෙක් ඇගේ ඇට ගංගානදියෙහි ප්‍රක්‍ෂෙප (දැමීම) කරන්ට ගියේ ද, හෙතෙමේ ද පුත්‍රයන්ට අයත් කටයුත්තක් කළ හෙයින්, ඇගේ හිමියා නො වෙයි. මළහුගේ ඇට ගංගානදියෙහි හෙලීමත් මතකදන් ආදිය දීමත් මළහුගේ දරුවන්ට අයත් වැඩක් හෙයිනි. යමෙක් ඇය දැවූ සොහොන අසල ම සිට තපස්කම් කෙළේ ද, හෙතෙමේ ආලය කරන්නෙකුගේ ක්‍රියාවක් කළ හෙයින් ඇගේ හිමියා වීමට සුදුසු යි."
වේතාලයා පෙර මෙන් ම අතුරුදන් වි ය. රජ ද ඔහු ගෙණෙනු පිණිස නැවතත් ඇට්ටේරියාගස වෙත ගියේ ය. මහාත්මයෝ, පණ ගිය නමුදු, හෙන සියදහස් ගණන් හිස හෙතුදු, පටන් ගත් කටයුත්ත නො නිමවා නො නවතිත් ම ය.
4 තරඞ්ගය
1
රජතෙමේ පෙර මෙන් ම මිනිය කර තබා ගෙණ නිශ්ශබ්ද ව ආයේ ය. "රජතුමනි, මේ අඳුරෙහි ගමනාගමනය කරමින් බෙහෙවින් පීඩිත වන්නෙහි ය. මම තොපට කථාවක් කියමි. එය සාවධාන ව අසනු"යි වේතාලයා තවත් කථාවක් කියන්ට පටන් ගත්තේ ය.
ගිරා - සැළලිහිණි වාදය
පෙර පැළලුප්නුවර වික්‍රමකෙශරි නම් රජකේ වි ය. ඒ රජතුමන්ගේ දිව්‍යඥාන ඇති සියලු ශාස්ත්‍ර දන්නා ගිරවෙක් සිටියේ ය. ඒ ගිරවා ද දෙවිකෙනෙකුන්ගේ ශාපයෙන් ගිරාබවට පැමිණියෙකි. ඒ රජුගේ පුත්කුමරා ගිරවාගේ උපදෙශයෙන් මගධරජුගේ දූකුමරිය විවාහ කර ගත්තේ ය. ඒ රජකුමරියට ද ඉතා නැණවත් සැළලිහිණියක් වූවා ය. කුමරියගේ පාණිග්‍රහණමඞ්ගලයෙන් පසු ඒ සැළලිහිණියා හා ගිරවාත් එක ම මැඳිරියෙහි ලන ලදහ.
එක් දිනෙක්හි ගිරාතෙමේ සැළලිහිණිය අමතා "සොඳුර, අපි එක ම මැඳිරියෙහි වසමු. එක බඳුනෙහි වළඳමු. එක ම තැන නිදමු. මම පුරුෂයෙක්මි. පින්වතිය ස්ත්‍රියකි. පුරුෂයෙකුට භාර්‍ය්‍යාවක ද, ස්ත්‍රියකට ස්වාමියෙකු ද වුව මනා ය. නැත් නම් වල් වැද තපස් රැක්ක යුතුය. දැන් අපට එය කළ නො හැක්ක. දැන් ගිහිගෙයි විසීම අප විසින් කට යුතු ය. එහෙයින් පින්වතිය මගේ භාර්‍ය්‍යාව වුව මැනැවැ"යි කී ය.
"පුරුෂයෝ දුෂ්ටයෝ ය. කෙළෙහි ගුණ නො දන්නෝ ය. එහෙයින් මම කිසි ම පුරුෂයෙකුට භාර්‍ය්‍යා නො වන්නෙමි"යි සැළලිහිණිය ගිරවාගේ යොජනාව ප්‍රතික්‍ෂෙප කළා ය.
"පුරුෂයෝ දුෂ්ට නො වෙති. දුෂ්ටයෝ ස්ත්‍රීහු ම ය. ස්ත්‍රීන්ගේ හෘදය ඉතා ක්‍රෑර ය"යි ගිරවා සැළලිහිණියගේ වචනයන්ට විරුද්‍ධ වි ය.
මෙයින් ඒ ගිරාසැළලිහිණි දෙදෙනා අතර විවාදයක් උපන. විවාදයෙහි විනිශ්චය ලබාගැණීම සඳහා රජකුමරාට එය සැළ කළහ. රජකුමරා "කවර හෙයින් පුරුෂයෝ අකෘතඥයෝ ද? ඇති සැටි කියව"යි සැළලිහිණියට නියම කෙළේ ය. සැළලිහිණිය ස්වපක්‍ෂසමර්‍ත්‍ථනය (තමන්ගේ පක්‍ෂය ඔප්පු කිරීම) පිණිස පුරුෂදොෂප්‍රකාශක මේ කථාව කීවාය.
රත්නාවතීකථාව
"කුමාරයන් වහන්ස, කාමන්‍දකී නම් නගරයෙහි මහාධන ඇති වෙළෙන්දෙක් විසී ය. ඔහුගේ පුතා ධනදත්ත නමි. පියා පරලොව සැපත් කල්හි ධනදත්තයා ද්‍යුත (සූදු) ක්‍රීඩාදියෙහි යෙදී ධනය වනසන්නට පටන් ගත. ධූර්‍තයෝ ද ඔහු හා එක් ව නොබෝ දිනකින් ම ඔහුගේ වස්තුව පැහැර ගත්හ. ධනදත්තතෙමේ දිළිඳු ව එ නුවර විසීමට ලජ්ජිත වූයේ අනික් නගරයකට ගොස් අහරටිකක් ඉල්ලා ගණු සඳහා එක්තරා වෙළෙඳෙකුගේ ගෙට ගියේ ය. වෙළෙඳතෙමේ ඔහු පිළිබඳ තොරතුරු විචාරා කුලවත්බව දැන ඔහු තමන් වෙත ම නවත්වා ගත්තේ ය. හෙතෙම ඔහුගේ දක්‍ෂභාවය දැක ඔහු කෙරෙහි අතිශයින් ප්‍රසන්ன වී ය. රත්නවතී නම් සිය දුව ද මහත් ධන සහිත ව ඔහුට විවාහ කොට දුන්නේ ය.
කළ විවාහ ඇති ධනදත්ත තෙමේ මයිලනුවන් ලඟ ම විසී ය. කල් යත් යත් අභිනවසුඛයෙන් මත් ව පෙර තමන් දිළිඳු වූ අයුරු විස්‍මෘත (අමතක) කෙළේ ය. නැවත ද සූදු කෙළීමෙහි ආශා ඇති ව සියදෙසට යනු කැමති වී ය. එහෙයින් ඒ ශඨ(කපටි)තෙමේ කෙසේ නමුත් රත්නවතියගේ මවුපියන්ගෙන් අවසර ගෙණ එක් මැහැල්ලක හා රත්නවතිය ද සමග සියදෙස් යනු පිණිස පිටත් වී ය. පිළීවෙලින් මහවනයකට පැමිණ දුර දී ම ඒ වනයෙහි සොරබිය ඇතැයි කියා රත්නවතියගේ සියලු ආභරණ මුදවා පොදියක් බැඳ තමන් අතට ගත්තේ ය. මෙසේ ඇගේ අබරණ අයත් කරගත් ඒ දුෂ්ටයා ඒ ගුණවත් බිරින්ද හා මැහැල්ල ද මරණු පිණිස එක්තරා වළෙක්හි හෙලා පලාගියේ ය. යුව රජතුමනි, බලනු මැනව, සූදුආදියෙහි ඇලුනු අකෘතඥයන්ගේ හෘදය කඩුවක් මෙන් කර්‍කශ පරිදි!
මැහැල්ල එහි ම මළා ය. රත්නවතිය තවත් කල් ජීවත් වීමට පින් ඉතිරි ව තිබුනු හෙයින් ඉතා වෙහෙස විඳ ගොඩට අවුත් බොහෝ දුක් විඳ සියපියාගේ ගෙට ම ගියා ය. මවුපියන් "කවරහෙයින් තී මෙසේ තනි ව වෙහෙසුනු සිරුරු ඇති ව පැමිණියෙහි දැ?"යි විචාළ කල්හි "මාර්‍ගයෙහි දී සොරුන් විසින් අපේ බඬු පැහැර ගන්නාලදි. මගේ ස්වාමිපුරුෂයා බැඳ ගෙණ යන ලදි. මැහැල්ල වළෙක්හි වැටී මළා ය. මම යම්තම් දෛව බලයෙන් ජීවත් වෙමින් ඒ වළෙහි ම සිටියෙමි. ඒ අතර කිසියම් කරුණාවත් මගියෙකු විසින් වළෙන් ගොඩගන්නා ලදිමි"යි ඒ පතිව්‍රතාතොමෝ අඬමින් කීවා ය. මවුපියන් විසින් ඕ තොමෝ සනසන ලද්දී එහි ම සියහිමියා ගැණ ශොක කරමින් සිටියා.
සියදෙසට ගිය ධනදත්තයා නො බෝ කලකින් ම දිළිඳු වී ය. නැවත ද මයිලනුවන් වෙත ගොස් වස්තුව ගෙණ එන්නට අදහස් කෙළේ ය. ඔවුන් දුව ගැණ ඇසුවොත්, දුව තමන්ගේ ගෙයි සිටින බව හා මග සොරබිය ඇති හෙයින් කැටි ව නො ආ බවත් කියන්නට සිතා ගත්තේ ය. මෙසේ නිශ්චය කර ගෙණ මග ගෙවා ඔහු නැඳි මයිලන්ගේ ගෙට ගියේ ය. රත්නවතිය දුර දී ම ඔහු දැක ඇඳින ඉදිරියට ගොස් පාමුල වැටී වැඳ, ඔහු විසින් වනයෙහි දී කළ සියල්ල සඟවා මවුපියන්ට අනික් ලෙසක් කී බව දැන්වූවා ය. ස්වාමියා දුෂ්ට වූවත් පතිව්‍රතාවන්ගේ සිත අන් තැනක නො ඇලේ ම ය. දෙවයිනි, ස්ත්‍රීන්ගේ ගුණවත්කමක මහත බලනු මැනව!
ඉත්බිති ඒ කාලකණ්ණියා නො බිය ව මයිලනුවන් වෙත ගොස් වැඳ සිටියේ ය. හෙතෙමේ ද බෑනා දැක පිණා ගියේ මහොත්සව කරවී ය. ධනදත්තයා නැවත ද පෙර මෙන් සැපතට පැමිණියේ නොබෝ දිනකින් ම සියදෙස යනු කැමැත්තෙන් නිදි ගෙණ සිටි බිරින්ද මරා ඇගේ සියලු ධනය පැහැර ගෙණ පලාගියේ ය.
"යුවරජතුමනි, මෙසේ බෙහෙවින් පුරුෂයෝ ලාමකයෝ ය. කෙළෙහි ගුණ නොදන්නෝ ය"යි සැළලිහිණිතොමෝ තමාගේ කථාව අවසන් කළා ය.
සැළලිහිණියගේ කථාව අසා යුවරජ සිනාසුනේ ය. "දැන් තෝ තාගේ මතය සමතර්‍ථනය කිරීමට කරුණු කියව"යි ගිරවාට විධාන කෙළේ ය.
ධර්මිෂ්ඨ හොරෙක්!
"දෙවයන් වහන්ස, සැළලිහිණියගේ කථාව නො පිළිගත හැක්ක. එයින් ස්ත්‍රීන්ගේ ගුණධර්‍මයට වඩා දුර්‍වලකම ප්‍රකාශ වන්නේ ය. රත්නවතියගේ දුර්‍වලකම නිසා ම ඕතොමෝ වැනසුනී ය. ධනදත්තයා දඬුවම් ලැබීමට සුදුසු අපරාධකාරයෙකි. එබඳු ඔහු රැකගත් රත්නවතිය නිර්දෝෂ ය යි ද, ගුණවත් ය යි ද කිසි ම නීතිඥයෙක් නො කියයි. සීයාගේ මුහුණ වැන්නැයි කොටියාගේ මුහුණ බදා ගත් මෝඩයාට වූදෙය ම , තමාහිමියා ය යි තමාගේ මරුවා ගෙට ගත් රත්නවතියට ද වී ය. දෙවයන් වහන්ස, එයින් පුරුෂයන්ගේ දොෂ ප්‍රකාශ නො වේ. කලාතුරකින් පුරුෂනාමය දරණ රකුසන් පාපක්‍රියාවක් කළ පමණින් සියලු පුරුෂයෝ දුෂ්ට නො වෙති. පුරුෂයන් දුෂ්ටය යි කියන්නා ම දුෂ්ටයෙකි. දෙවයන් වහන්ස, ස්ත්‍රීහු ක්‍රෑරයෝ ය, සැහැසියෝ ය. දුෂ්ටචරිත ඇත්තෝ ය. ලාමකයෝ ය. ඔබවහන්සේ මගේ මේ කථාව ද අසනු මැනවැ"යි කියා ගිරවා කථාවක් ඇරඹී.
එක්තරා නගරයෙක්හි මහත් ධන ඇති ධර්‍මදත්ත නම් වෙළෙන්දෙකුට ඉතා මනහරරූසිරින් යුත් දුවක් සිටියා. ඕතොමෝ තමන්ට සමාන වූ ධනය හා කුලය ද ඇති, නෙත් නැමැති ඇටිකුකුළන්ට පුන්සඳමඬලක් වැනි තරුණ වෙළෙන්දෙකුට දෙන ලදු. කිසියම් කලෙක්හි ඇගේ ස්වාමියා සියරට ගිය කල්හි සියපියගෙහි සිටි ඕතොමෝ මනහරරූ ඇති කිසියම් පුරුෂයෙකු දුටුවා ය. දුටුමතින් ම ඔහු කෙරෙහි ආලය කළා ය. ඔහු සියගෙට ගෙන්වා ආහාර පාන දීමෙන් සංග්‍රහ ද කළා ය.
මඳ කලෙකින් ඇගේ ස්වාමියා සියරට සිට ආයේ නැඳි මයිලන්ගේ ප්‍රීති වර්‍ධනය කෙළේ ය. උත්සවාවසානයෙහි හිමියාට ද මත්තෙන් නින්දට ගිය දුෂ්ටභාර්‍ය්‍යාව නිදි ගත් බව බොරුවට අඟවමින් සිට, ස්වාමියා මාර්‍ගක්ලාන්තියෙන් (ගමන් වෙහෙසින්) නිදි ගත් කල්හි, සොර සැමියා සිහි කොට ඔහු වෙත යනු පිණිස සැරසුනී ය.
එකෙණෙහි එක් සොරෙක් ගෙය බිඳ ඔවුන්ගේ ඕවරකයට (කාමරයට) වන්නේ ය. සොරසැමියා වෙත යන්නට සැරසුනු කුලටාව (වෙසඟන) සොරු ගෙට වන්බව නො දැන ගෙයින් නිකුත් වූවා ය. සොරතෙමේ "යම් රත්නාභරණන් උදෙසා මම මෙහි පැමිණියෙම් නම්, එ අබරණ පැලඳ මෝතොමෝ යන්නී ය. වේවා! මෝතොමෝ කොයි යන්නී දැ?යි පළමු කොට සෙවිය යුතු ය. පසු ව අබරණ පැහැර ගණිමි"යි නිශ්‍චය කොට ගෙණ ඈ අනු ව ම ගියේ ය. තරුණිය ද නිකුත් ව තමන් බඳු පවිටු වූ තවත් කතක ලවා සුවඳ බුලත් ආදිය ගෙන්වා ගෙණ උයනට වැද සඞ්‍කෙතස්ථානයට (නියම කරගත් තැනට) ගියා ය. ගොස් වටපිට බැලුවා ය. ඇගේ සිතට ප්‍රිය දර්‍ශනයෙක් එහි නො වී ය. ඇගේ සොරසැමියා කරවැල් ලාගෙණ මැරී ගසක එල්ලෙමින් සිටිනු දුටුවා ය. මරණය කෙසේ වූවක් දැ යි ඕතොමෝ නො දත්තී "අයියෝ! මම නැසුනෙමි!"යි පපුවට දෑතින් පහර දී ගණීමින් වැලපුනා ය. වැලප අවසන්හි මළකඳ ගසින් බා සුවඳවිලෙවුන් තවරා මල් හා අබරණ පලඳවා සැරසුවා ය. ඉක්බිති ඒ දුෂ්ටස්ත්‍රිය මළකඳෙහි මුඛය චුම්බනය කරන්ට පටන් ගත්තා. එවිට ම යක්‍ෂයෙකු විසින් අරක් ගන්නා ලද ඒ මළකඳ භයානක ශබ්දයක් කොට මුඛය විවෘත කොට ඇගේ නැහැය කඩා ගත්තේ ය. ඕතොමෝ එයින් ව්‍යාකූල (කලබල) වූවා එතැනින් ඉවත් ව 'ඔහු ජීවත් වෙතැ'යි සැකයෙන් නැවත අවුත් මළ සිරුර පිරික්සා බැලුවා ය. නිසල කෙසෙල්කඳක් මෙන් ශීතල වූ මළකඳ දැක බිය පත් ව අඬමින් යෙහෙළියත් සමග සියගෙට ම ගියා ය.
සැඟවී සිටි සොරා ද ඒ සියල්ල දැක අබරණ පැහැර ගැන්ම මතක නැති කොට "අහෝ! මේ පවිටුගැහැණිය විසින් කෙළේ කුමක් ද? ස්ත්‍රීන්ගේ අදහස් කෙසේ නම් මෙතරම් බිහිසුණු ද? දැන් මෝතොමෝ තවත් කුමක් නම් නො කරන්නී දැ?"යි සිතා නැවත ද ඇය පසුපස්සෙන් ගියේ ය.
ඒ පවිටු ගැහැණිය ගෙට වන් කෙණෙහි මහහඬින් කෑ ගාන්නට වන්නී ය. "අයියෝ! මා මරණවෝ! ඉක්මනින් වරෝ! මා ගලවපියෝ! මේ දුෂ්ටයා, ස්වාමියෙකු මෙන් සිටින හතුරා, නිරපරාධ වූ මගේ නැහැය කඩා කෑවෝ!"
ඇගේ විලාප හඬ අසා ගෙවැසි සියල්ලෝ නින්දෙන් නැඟිට එහි දිව ආහ. ඇගේ පියතෙමේ නැහැය සුන් ඈ දැක කිපී බෑනා බැඳවී ය. තරුණ තෙමේ 'කුමක් කටයුතුදැ'යි නිශ්චයක් නැති ව ගොළුවෙකු මෙන් සිටියේ ය. ඔහු උදාසන්හි රජු වෙත ගොස් නඩුව සැළ කළහ. රජතෙමේ කරුණු විමසී ය. තරුණයා කිසිවක් නො දත්තේ තමාගේ නිරපරාධභාවය ම කියා සිටියේ ය. එහෙත් ඔහුට විරුද්ධ සාක්‍ෂ්‍ය අධික වූ හෙයින්, රජතෙමේ, එකල්හි පැවති නීතිය පරිදි, ඔහු මරාදමන්ට නියම කෙළේ ය.
එවිට සොරතෙමේ ඉදිරියට ගොස් "දෙවයන්වහන්සැ"යි රජු අමතා තරුණයාගේ නිර්දොෂභාවය කියන්ට වන: "දෙවයිනි, මම සොරෙක්මි. එහෙත් මම අපරාධ නුරුස්නෙමි. මේ නගරයෙහි පාපිෂ්ඨයන්ට මිස ධර්මිෂ්ඨයන්ට මගෙන් කිසි ම හානියක් නැත. මේ ගැහැණි පවිටු ය යි කලක පටන් මම දැන සිටියෙමි. එහෙයින් ඇයගේ අබරණ පැහැර ගන්ට ඇගේ ගෙය බිඳ ඇතුල් වුණෙමි"යි සියල්ල විස්තර කොට "දෙවයන් වහන්ස, මැගේ නැහැය තවමත් ඒ මළමිනියෙහි මුඛය තුළ ඇතැ"යි සොරා කථාව අවසන් කෙළේ ය. සභාවෙහි සිටි සියල්ලෝ පුදුමයට පත් වූහ. රජතුමා මිනිසුන් යවා සොරා කී ස්ථානයත් මළකඳත් පරීක්‍ෂා කරවී ය. සොරා විසින් කී සියල්ල සත්‍ය ය යි ඔප්පු වී ය. රජතෙමේ තරුණ වෙළෙඳා් නිදහස් කොට ඒ දුෂ්ටස්ත්‍රියගේ දෙ කන් සිඳුවා සියදෙසින් පිට කරවා ඇගේ පියසතු ධනය තරුණ වෙළෙඳාට දෙවී ය. සොරාට පුරාධ්‍යක්‍ෂ (නගරාධිපති) පදවිය දුන්නේ ය.
"යුවරජ්ජුරුවන් වහන්ස, ගැහැණු මෙසේ ස්‍වභාවයෙන් ම ක්‍රෑරයහ. දුෂ්ටයහ. ලාමකයහ"යි ගිරවා කථාව අවසන් කෙළේ ය.
එ කෙණෙහි ම ගිරවා ශාපයෙන් මිදී දෙවියෙක් වී දෙව්ලොවට ගියේ ය. ශාරිකාව ද දෙවඟනක් වී ඔහු අනු ව ගියා ය.
"මෙසේ ඒ සභාවෙහි මේ විවාදය නිර්ණීත (තීන්දු) නො වී ය. යුෂ්මතා මේ ප්‍රශ්නය විසඳීමෙහි සමතර්‍ථ ය. එහෙයින්, රජතුමනි, මට කියනු මැනැව: ස්ත්‍රීහු පුරුෂයන්ට වඩා පාපිෂ්ඨ ද? නො හොත් පුරුෂයෝ ස්ත්‍රීන්ට වඩා පාපිෂ්ඨ ද? ඉදින් දැන දැන නො කීයෙහි නම්, නුඹේ හිස සුණු විසුණු වන්නේ ය"යි වේතාලයා ප්‍රශ්න ඇසී ය.
ගෑණූන්ව මුරුංගා අත්තේ තියන්න පුලුවන් නම් ඕනෑ ගිරවෙක්ට දෙවියෙක් වෙන්න පුලුවන් බ්‍රෝ - Mayya - https://maiyyagelokaya.blogspot.com/
ReplyDeleteඒ උනාට මෙතන නං වෙලා තියෙන්නෙ ගෑණුංගෙ නුගුණ කියලා, පහත් කොට සැළකීමෙන්, ගෑණිවත් පස්සෙන් එල්ලගෙන දිවියලෝකෙ යාමක්...
Deleteඔක්කොම කතා අදම ඉවර කරගන්න බෑ. මේක බත් කාල කන්න තියාගත්තා, ඈ?
ReplyDeleteබත්කාලා ඈ...
Delete(මුන්දැ තාම කාල ඉවර නැද්ද?)
🦴🦴🦴🦴
Deleteමේ කනවා කොටස් වශයෙන්.මේ දැන් සැළලිහිණි කතාව කම්මුතු කරලා, "ධර්මිෂ්ඨ හොරා" පට්ටාං ගත්තා.😁
Deleteඑතකොට රත්නවතී මග ඇරිය ද?
Deleteගැහැණිය මුසා කිව් බව කඳුලක්ද දරා
ReplyDeleteහැකිවිය හොයා ගැනුමට අද නිසා හොරා
කියවිය තුටින් මේ සැළලිහිනියද ගිරා
සතුටුය ඩ්‍රැකී මේ ලියමන් තිබෙන තුරා...
ස්තූතිය මෙයට.
ජයවේවා !!!
නිදියයි දුමියි ගළපති රස පද පේලී
Deleteඋත්තර ගළපන්ට ඔ්නෑ ලෙස හෑලී
කවි පද ගොතන්නට බැරි අප වැනි කෑලී
කම්මුතු වී නටයි කී බොඩ් එක වේලී
වේතාලයෝ නැතත් අදටත් මෙවන් ගැහැණු පිරිමි සිටින බව පුවත්පත් කියවන විට තේරෙනවා.
ReplyDeleteමනුෂ්‍ය ස්වභාවය...
Deleteඒ කාලෙත් එහෙනම් මේ වගේම තමයි තිබිල තියෙන්නෙ.හොරාට නගරාදිපති තනතුර දුන්න.දැනුත් පට්ට හොරෙක් දැක්ක ගමන් ගෙනල්ල තනතුරක් දෙනවනෙ.
ReplyDeleteචෞර රාජ්‍යය කියල පොතක් තිබුණා, සරත් අයියා කියවල තියෙනව ද?
Deleteඅපොය් ඔව්.මුද්‍රනයෙන් පිට වුනු ගමන්ම උනු උනුවෙම කියෙව්වා.
Deleteසූදුවෙහි ඇති දක්‍ෂතාවය ගැන ප්‍රසන්ன උනාම ඔහොම කෙලවෙනව තමා.
ReplyDeleteඒක ලස්සනට කියනව, ගිරවා...
Deleteමගේ වෘත්තීය ජීවිතයේ බොහෝ ඉන්දීයන් සමඟ වැඩකරලා තියෙනවා.
ReplyDelete1996 දී Y2K ප්‍රොජෙක්ට් එහකට ටීම් එකක් තෝරාගන්න් කර සෙෂන්ස් වලදී හමුවෙනවා ෆ්‍රෙෂ් පාස් අවුට් සිය ගානක පිරිසක්, ඔවුන්ගේ ලංකාව ගැන අදහස සීතාට හිරිහැර කර රට හැටියට.
වරක් මට හමු වුනා නායක් වරුන් දෙදෙනෙක්, ඉන් කෙනෙක් ක්ෂේත්‍රයේ ඉහලට ගිය මැදිවයසේ මහත්මියක්. බොහෝම ලෙන්ගතුව එයාව හඳුන්වා දීමෙන් පසුව ඇය කීවේ ලංකාව හැර ගිය ඔවුන් ලංකාව පාලනය කර නායක් රජ පරපුරේ උදවිය බව. ඔවුන්ගේ අදහස ලංකාව පාලනය කරන්නේ බොරු කාරයින් බව.
ඉන්දියාවේ දකුණු පෙදෙසේ කර්නාටක, කේරළ හා තමිල්නාඩුවේ කස්සප රජු ගැන තියෙන්නේ සීගිරියට වඩා වෙනස් වෙනම පික්චර් එකක්. ඔවුන් රජුව හඳුන්වන්නේ කෂ්‍යප් හැටියට.
එළාර අපිට කෙසේ වෙතත් ඔවුනට වීරයෙක්, ඒත් තවමත් කෙලෝරක් නැතිව එළාරලා මතුවෙමින්.
මේ වෙතාල කතා කියද්දි අද අපේ රටේ රජ/සමාජ ක්‍රමය පෙරදාක රිපීට් එකක් දෝ කියලා හිතෙනවා.
ඇත්ත. දිවයිනෙන් පිටතට ගිහින් ආපහු බැලුවොත් අපටත් අපේ ඉතිහාසයෙ තියෙන හිල් සහ සිදුරු පෙනේවි.
Deleteශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් ම පැවතෙන ටික දෙනෙක් ගැන මාත් යමක් කියෙව්වා ටික දවසකට කලින්.
එළාර කියන්නෙ, දකුණු ඉන්දියාවෙන් ආව කෙනෙක් නෙවෙයි, බටහරි ඉන්දීය කෙනෙක් කියල දවසක් කියවන්න ලැබුණා. එයා ගෙ නම ඒ ලාරා ලු. ඒ පරපුරෙන් පැවතෙන කෙනෙක් උන්නා, බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ, බී ලාරා කියලා.
වේතාල කතාවල පරමාර්ථය විදිහට මට පේන්නෙ, රාජනීතිය ගැන ගැඹුරට හැදීරීමක් වගෙයි. නියමාකාරයෙන් නීතිය පසිඳලන්නේ කෙසේද යන්න කේස් බයි කේස් ඉදිරිපත් කිරීමක්...
ඒක මම ලිව්වේ වේතලයෝ . විහිළුවට ලිව්වේ. මේ පාර යාපනේ ගිය වෙලාවේ. මූ වගේ එකෙක්. //එළාර කියන්නෙ, දකුණු ඉන්දියාවෙන් ආව කෙනෙක් නෙවෙයි, බටහරි ඉන්දීය කෙනෙක් කියල දවසක් කියවන්න ලැබුණා. එයා ගෙ නම ඒ ලාරා ලු. ඒ පරපුරෙන් පැවතෙන කෙනෙක් උන්නා, බටහිර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ, බී ලාරා කියලා.//😀
Delete//Then the small city was developed to a lager pre-Christian era metropolis by king Panduka-Abaya.
DeleteThe Chola dynasty from India later invaded this part of the country. The Chola king E-Lara (not to be mistaken with cricketer B Lara) ruled the country from 295 to 161 BC. Elara was known for his just and fair rule, and for his patronage of Buddhism. //
ආන්න ඒකයි...
Delete[Inner monologue: "වේතාලයා"... ඒ ගමන තවත් කාඩ් එකක්... දැක්කෙ නෑ වගේ යන්ඩ ඕනෙ...]
👌👌
ReplyDeleteස්ස්ස්තූතියි
Deleteඒ කාලේ මේ කාලේ කියලා වෙනසක් නැති හැඩයි නේ බලන් යනකොට.
ReplyDeleteකොයි කාලෙත් කපටි මිනිස්සුත්, මෝඩ මිනිස්සුත් ඉන්නව.
Deleteමේක ඔයාගේ බිරින්දෑට පෙන්නලා අහන්න සැල ලිහිනියද ගිරවාඩ් අහරි කියල. ලබන සතියේ ලියන්න මොකද වුනේ කියල 😁. ඒක නෙමේ ඇට්ටේරියාගස වැදගත් මොකද?
ReplyDelete"ගිරවාඩ් අහරි" කිව්වෙ, පලස්තීන කාරයෙක් ද?
Deleteඇට්ටේරිය මල් පිපෙන්නෙ රෑ මැද. ඒ මල් මාර සුවඳයි. ඒ නිසා මං හිතන්නෙ හොල්මං අවතාරවලට ඇට්ටේරිය ගස් සම්බන්ධ කරල කතා හැදිලා ඇති. අනික, මිනිහෙක්ට එල්ලිලා මැරෙන්න තරම් ලොකු ඇට්ටේරිය ගහක් මම දැකල නෑ. නිකං ඔය ගොඩ කදුරු වගේ පොඩි ගස් නෙ...
ගැහැනු පිරිමි ගැන බොහො මත තිබෙයි ලියා
ReplyDeleteඑහෙම ලියන්නට හේතුත් ඇත සපයා
හොයමු එහෙම වෙන්නේ මන්දැයිද කියා
පුමිතිරි දෙගොල්ලෙම හොඳ අය නැත්ද කියා
ගැහැණු හොඳයි කිව්වත් වැරදියි
Deleteපිරිමි හොඳයි කිව්වත් වැරදියි
එබැවින් නිදි අයියේ අපි පවසමු
උං ඔක්කොම එකයි කියා
බොහෝ කරුණු කාරණා මහත් මත භේදයට තුඩු දුන් ඒවා වගෙයි. මේවා කෙතරම් විස්තර කළත් අවසාන තීරණයක් ගැනීම කෙසේවත් කළ නොහැකියි.
ReplyDeleteඒක ඇත්ත. ගොඩක් දුරට ඒක හරි උත්තරය වගේත් පේනව
Deleteබර වැඩි බන් නිදහසේ කියවන්න..
ReplyDeleteඇත්ත. අපි හැමෝම අපේ වැඩ පහසු කරගන්න යොදාගන්න තාක්ෂණ ක්‍රම නිසා ම කාර්යබහුලයි මෙන්ඩා...
Deleteඉස්ට්‍රෝබෙරි හිටවිල්ල නවත්තල මේවට උත්තර දෙනව
ReplyDeleteබෑ...!
Delete