ඔන්න දවසක් රෑ දොළහට විතර මං පාළු පාරක බයිසිකලේක යනකොට පාර අයිනේ මිනී පෙට්ටියක් තියෙනවා දැක්කා.
මේ මහ රෑ කවුද යකෝ මිනී පෙට්ටි පාර අයිනේ දාලා යන්නෙ කියලා මං බයිසිකලේ නවත්තලා බැහැලා ළඟට ගියා.
මං ළං වෙනකොට පෙට්ටිය ඇතුළෙන් ටක්... ටක්... ටක්... ගාලා සද්දයක් එනවා.
සමහරු නං ඔය වෙලාවට බය වෙනවා. නමුත් මං දන්නෙ නෑනෙ ඒ වචනෙ තේරුම. ඉතිං මොකෙක්ද කියලා බලන්න එපැයි. හිමීට පෙට්ටියේ පියන ඇරලා බැලුවා.
යකෝ! ඒක ඇතුළේ ඉන්නවා සුදු රැවුල බිම ගෑවෙන, ඇස් දෙකත් ගිලිලා ගිය සීයෙක්!
මං (සීතලේට) ගැහි ගැහී ඇහුවා,
“සීයේ... ඔයා මැරිලද?”
“ඔව් පුතේ... මං මැරිලා තමයි. ඒත් තාම හදිසි මරණ පරීක්ෂකතුමා මගේ මරණ සහතිකේ දුන්නෙ නෑනේ!”
මටත් පුදුමයි. මැරිච්ච මනුස්සයෙක් මරණ සහතිකයක් නැතුව මිනී පෙට්ටියක ඉන්නවා කිව්වම!
“ඉතිං සීයේ, ඔය නිලධාරියාට හොල්මන් කරන්ඩ එපැයි!”
සීයා දිග හුස්මක් හෙළුවා.
“අනේ පුතේ... මං මුල් අවුරුදු කීපයේ හොල්මන් කළා තමයි. රෑට ජනේලවලට තට්ටු කළා. හීනෙන් පෙනී හිටියා. මහ රෑට කන ළඟින් හූ කිව්වා. නරි රංචුවක් ගෙන්නල හූ කියෙව්වා. බකමූණොත් මගෙ උදව්වට ඇවිත් හූ කිව්වා. ඒත් ඔය මනුස්සයා මගේ මරණ සහතිකේ දුන්නෙ නෑ!”
“ඉතිං සීයේ?”
"එක පාරක් නරි සෙට් එක ස්ට්රයික් කළා. “ඇයි බං?” කියලා මං ඇහුවම, උන් කියනව, “අපි රෑ තිස්සේ හූ කියනවා. උදේට ගෙදර ගියාම කුකුළෝ අපිට හිනා වෙනවා. මේ රස්සාවට කිසිම ගරුත්වයක් නෑ!” කියලා."
මං හූමිටි තිබ්බා විතරයි. සීය ටිකකින් ආයෙ ම කියනව...
"තව දවසක් බස්සෙක් මට ලියුමක් දුන්නා..."
"ඈ...? ලියුමක් දුන්න? ඌ කොහොම ද ලිව්වෙ"
"ඇයි බං. උං හූ කිව්වෙ කොහොම ද එහෙනං? මං වැඩේ පටං ගත්තෙ ම නරින්ටයි බස්සන්ටයි සිංහල උගන්නලා."
"හෑ...!"
සීය ඔලුව උඩට පහලට හෙලෙව්වා.
"එතකොට මොකද්ද ඒ ලියුමෙ තිබුණෙ?"
"තිබුණෙ...?" සීය කිව්වා. "ඒක උගෙ අස්වීමේ ලියුම. අවුරුදු ගාණක් හූ කියලත් සංවිධානගත අරමුණ කරා යන්ඩ බැරි වීම ගැන ඌට මානසික ආතතියලු."
මං ටිකක් වෙලා කල්පනා කළා... "ඉතිං සීයෙ ඌට ලියන්ඩ පුළුවන්නං, ඌට කියල ඔය මරණ සහතිකේ ලියාගන්ඩ තිබුණනෙ..."
"ඇත්ත නේන්නං!" සීය ඔලුවෙ අත ගහගත්ත. "දැං පරක්කු වැඩියි නෙ පුතේ."
"ඇයි ඒ?"
සීයා මූණත් එල්ලගෙන කියනවා,
“අන්තිමේ පුතේ, හොල්මන් කරලා කරලා... මගේ හොල්මන් ආත්මෙත් මැරිලා ගියා!”
මේ වගේ පරණ කතා ලැයිස්තුවක් පහතින් ඇත
* * *
මට බ්ලොග් අතරට පහුගිය ටිකේ එන්ඩ බැරි වුනෙමි. තෂ්ඨාධිපති, අසංග, බකුස් ආදී කීප දෙනෙක් ම මගෙන් ඒ ගැන ඇහුවත් එක්ක ය.
මේ ජනවාරියේ ඉඳං ඔලුව ගිනි ගෙන ය. එක එක වැඩ ය. ඒ අතරෙ, මගෙ අවසානයක් නැති කතාව පොතකට ගහන්ඩ ලෑස්ති කරන්නෙමු ය. මගෙ කල්පනාව ඒක අර සුදු වැද්දා වගේ ක්ලැසික් ආකෘතියකට ගහන්ඩ ය. ඉතින් ඒකට පින්තූර ඇඳීමත්, මායි මගෙ පුතයි ම කරමින් සිටින්නෙමු. (අඩේ! ඒ වාක්යයේ උක්තාඛ්යාත සම්බන්ධය වරද්දන්ඩ බැරි වුණෙමු ය) මේ වෙනකොට පරිච්ඡේද ආරම්භයේ එන පොඩි විග්නට් 25කුත් ලොකු තනි පිටුවේ ඉලස්ට්රේෂන් 4 කුත් ඇඳ ඉවරය. ඉතිං ලබන අවුරුද්දේ ඒ පොත එලියට දැමීම බලාපොරොත්තු වෙන්ඩ ය කියමින්, මේ දවස්වල කිසිම බ්ලොග් එකකට එන්ඩ බැරි උනාට සමාව භාජනේකට දාගන්ඩ කියමින් මගේ වචන සුවල්පය අවසන් කරනවා ය.
කිංස්බරි සයිස් ගජබින්නයක් ගොතා ගන්ඩ බැරි උනෙමිය. එතෙක් මේ පුංචි ගජබින්නෙන් සැනහෙන්ඩ ය.
1. බාප්පගෙ මිරිස් වගාව
16. ලබ්බෙ මගුල
18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි
19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා
20. විකුම්ගෙ වික්රම
21. නුවරඑළියෙ වග
22. අරුම ගමන
23. කළුවර


මේ කතාව ලිව්වෙ චැට්ජීපීටී එක්ක. මේ ඒක කියවලා චැට් දීපු කමෙන්ට් එක...
ReplyDelete😂😂 මේක නම් සුපිරි ගජබින්නයක්!
මිනී පෙට්ටියකින් පටන් අරගෙන, නරි රංචුයි බස්සොයි දක්වා ගිහින්, අන්තිමේ හොල්මන් ආත්මෙත් මැරිලා යනකම්ම ඇදගෙන ගිය හැටි නම් මරු! 🤣
විශේෂයෙන්ම මේ හොල්මන් රස්සාවටත් ස්ට්රයික්, අස්වීමේ ලියුම් එන තැනට කතාව ගෙනියන එක... අම්මෝ! 😂
කතාව කියවද්දි බය වෙන්නද, හිනා වෙන්නද කියලා හිතාගන්න බැරි වෙනවා. පරණ ගජබින්නවල තිබුණු ඒ අමුතු විකාර රසය තාමත් ජීවමානයි කියලා හිතෙනවා.
තව මේ වගේ ගජබින්න ලියන්න ලැබේවා! ❤️👏
දැනට රෙජිස්ටරේ මාක් කරල යන්න ආවෙ. කස්ටිය ආවාම එන්නම් බජනෙට.👌💐🤣
ReplyDeleteමාත් ආයෙ එන්නං හිටං
Delete