Thursday, October 5, 2023

අලියා ගිණි ගැනීම - (ගජ බින්න? ඒ මොනවද?)

අපෙ බාප්පා කන්තලේ වැඩ කරන කාලේ... 

මේ වෙන කොට මගේ ආදරබර පාඨක (නයි පාඨක ද ඇතුළත් ව) කැලට අමතකත් වෙලා ඇති අපේ අන්දිරිස් කිත්තා, සුවාතා, විලියොං ආතා සහ බාප්පගේ හපංකම්. ඒ ගැන පටුනක් පල්ලෙහයින් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ මේ කතාවත් කියවලා ඉම්මු.

ඔන්න ඉතිං අපේ බාප්පා කන්තලේ ගස් කපන වාඩියේ වැඩ කරන කාලේ, එක වංගියක් සරුවට වැවුණු අක්කර දෙතුන් සීයක බටකොල ගාලක් කපන්න සෙට් වුණා.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරෙ, බාප්පා බට කොල පඳුරකට ගහපු පොරෝ පාරක් වැදුණා, අලියෙකුගෙ පුංචි කකුලට. බටකොල ගාලෙ සනීපට සිනීඳුවට බටකොල කකා හිටපු අලිය අංදුංකුංදුං වෙලා මේ මෙකද වුණේ කියල බලද්දි දැක්කෙ බාප්පව. "අද දෙන්නං තොගෙ පුංචි කකුල කල්ක චූර්ණ වෙලා යන්ඩ" කියලා හිතාගෙන අලියා බාප්පගෙ පස්සෙං එලෝගෙන ආවා.

බාප්පත් හෙණ දීර වීර එඩිතර මිනිහා. උන්දැ කළේ මොකද, අලියට ආ වේගෙන් ම දුවන්න සැලැස්සුවා. ඒ කොහොම ද, උන්දැ ඉස්සර වෙලා දිව්වා. අලියා උන්දැගෙ පස්සෙන් දිව්වා.

අලියා දැන් හොඬවැලත් උස්සගෙන වලිගෙත් උස්සගෙන දුවගෙන එනව පස්සෙන්. බාප්පා මෙහෙම මෙහෙම දුවනව...

ඔහොම යද්දි බාප්ප වැටෙන්ඩ ම ගියා. අත්දෙක බිම තියලා වාරුවක් ගත්තා. එහෙම වාරු ගන්නකොට, බිම තිබුණු ගල් කෑලි දෙකක් අතට අහුවුණා. 

බාප්පා දුවන ගමං ම හැරිලා අලියට ගැහුවා ගලකිං. 

හොඬවැල උස්සගෙන හති දාගෙන දුවගෙන එන අලියගෙ කටට තමයි අර ගල වැටුණෙ. අලියා ගුඩුස් ගාල ඒක ගිල්ලා.

බාප්ප ආපහු අනික් ගලෙනුත් ගැහුවා. 

ඒකත් වැටුණෙ අලියගෙ කටට. අලියා ඒකත් ගුඩුස් ගාල ගිල්ල විතරයි, අලියගෙ බුරියෙන් ගිණි දල්ලක් මතු වුණා. අලියා දුවන වේගෙට හුළං වැදිලා අර ගිණි දල්ල ටිකෙන් ටික ලොකු වෙලා මහ ගිණි ජාලාවක් වුණා.

ආන්න එතකොටයි අලියා නතර වුණේ.


ඉතිං එදා ගස් කපන වාඩියෙ රෑ කෑමට රෝස්ට් කරපු අලි මස් තිබුණා.

කොහොම ද ගිණි ගත්තෙ ඇහුවා? රවි අයියගෙ මාමණ්ඩි කියනව වගේ ආාාන්න ඒක තමයි මේකෙ තියෙන අවයවය.

අලිය කාල හිටියෙ බඩ පිරෙන්ඩ බටකොළ. ගල් දෙක බඩට වැටුණ ගමං, ඒ ගල් දෙක එකට වැදිලා, ගිණි පුපුරක් හට ගත්තා. ඒ ගිණි පුපුරෙන් බඩේ තිබුණු බට කොළ ටික, බට කැලේ ගිණි ගත්තා වගේ ගිණි ගත්තා.

මෙතෙක් ලියපු ඇත්ත කතාවලට පටුණ...

1. බාප්පගෙ මිරිස් වගාව

2. ඉඩෝරෙට වෙළේ ළිඳක්

3. අලිමාලය

4. සුවාරිස් මුත්තගෙ දඩයම්

5. ඉර හඳ පල්ලා බොරු නෙමේ

6. අන්දිරිස් කිත්තගෙ මුහුදු වික්‍රම

7. වට්ටක්කා සහ පතෝල

8. ලබ්බෙ කානිවල් එක

9. කන්තලේ මහ වන මැද

10 බාප්පගෙ සත්ත්ව පාලනය හෙවත් හුංගා සහ එළුවා

11 බාප්පයි පුතයි

12. විලියොං ආතගෙ කාලෙ ගජබින්නයක්

13. ඩොක්ටර් වන් ෂොට් සහ ඉලෙක්ට්‍රොනික්ස්

14. බාප්පගෙ හේනෙ විත්ති

15. අනද කිත්තගෙ බිලී බෑම

16. ලබ්බෙ මගුල

17. කෙටි කලබල ගජබින්න. 

18. අනද කිත්තා කටුවාලමුල්ලට ආ හැටි 

19. අන්දිරිස් අප්පු සහ ගොරක යකා

20. විකුම්ගෙ වික්‍රම

21. නුවරඑළියෙ වග

22. අරුම ගමන

23. කළුවර

24. කකුල් තුනේ බීරි මුවා

විශේෂ ස්තූතිය - රොමයියගෙ කයිය පොත මට දුන්න ප්‍රා ජේ ට...

66 comments:

  1. ඒ උනාට මට නං හිතෙන්නෙ මේ කතාව බොරුවක් කියලාමයි....

    මේ ඒක නෙමේ..... ඔය කියන මුත්තෑ මුනපුරෙක් ඉන්නවා නේද වනජීවී එකේ.. එවුන්දෑ නේද අර ලඟදි දවසක ගහක බැඳපු අලියෙකුට ගිනිබිඳලා තිබුනෙ....

    ReplyDelete
    Replies
    1. "බොරු" කියන්නෙ මොනවද ඩෑන්? මං දන්නැති වචන කීපයෙන් එකක් ඔය. තව එකක් තමා "බය".

      වනජීවියෙ අර කොටියා හිටපු ගහ කැපුවෙත් ඔය කියන මුණුපුරා ම තමා.

      Delete
  2. මොනා උනත් උගේම ගින්දරෙං ඌව රෝස් කරගෙන කාපු එක කැත වැඩේ ආ...

    ReplyDelete
    Replies
    1. ඒක අලියගෙ ගින්දර නෙමෙයි. ගල් දෙක විසික් කළේ බාප්පනෙ. බාප්පගෙ ගින්දර.

      Delete
  3. තවුසෙගෙ පොට්ට බාප්ප ගහපු පොරෝ පාරකිං ඔය පඳුරු අස්සෙ හිටිය னයෙකුත් බේරිලා තිබුනෙ අනුනවයෙං.

    ReplyDelete
    Replies
    1. පොට්ට? පොට්ට විතරක් නෙමෙයි යකො...! ඒ අපේ වඳ බාප්ප. පුතෙකුයි දුවෙකුයිත් ඉන්නව.

      Delete
  4. අනේ ඒ බාබක්‍යු එක.😜

    ReplyDelete
    Replies
    1. වසරේ දැවැන්ත ම බාබක්‍යු එක!

      Delete
  5. ශිහ් , අලි මස් කාල නැහැනේ. ඔය බප්පව් අහඹ වෙන්න විධිහක් නැත්ද ? මින්නේරිය පැත්තේ අලියෙක් වත් එලා ගන්ට

    ReplyDelete
    Replies
    1. අලි මස් සොසේජස් වත් කාල නැද්ද? අලි කන් සැන්ඩ්විච් වත්?

      Delete
    2. https://en.m.wikipedia.org/wiki/Pig%27s_ear_(food)
      https://www.allrecipes.com/recipe/20989/elephant-ears/

      Delete
    3. කවුද දන්නෙ අලි කන් සැන්ඩ්විච් ගැන කතාව?

      Delete
    4. අනේ කියහංකො බං!?

      Delete
    5. එහෙම එකකුත් තියෙනව ද ?

      Delete
    6. මං බලං උන්නෙ කවුරු හරි ආරාදනා කරන ගමං, මේ කතාවත් කියන්ඩ කට කහනව...

      ඔන්න ඉන්ටනැෂනල් හෝටලයක් තිබුණලු, (කොළඹ පිටකොටුවෙ කෝවිල හරියෙ) ඒකෙ ඉස්සරහ ම ගහල තියෙනව දැන්වීමක්, "ඔබට අවශ්‍ය ඔ්නෑ ම කෑම ජාතියක් අපි සපයන්නෙමු. ලබා දීමට අපොහොසත් වෙතොත් රුපියල් පන්දහසක් ඔබට අපි ලබා දෙමු" කියල. ‌

      ඉතිං ඔය හෝටලේට ගොඩ වුණු අපේ රවි අයියා (ඔව්... අර මෑතක දි අණ්ඩ කම්ප්‍රෙෂර් වෙලා ඉන්නෙ. ආං එයා.) හිතාගත්තලු ඔය දෙනවයි කියන පන්දාහ ගන්ඩ.

      ඉතිං හෝටලේ ඇතුලට ගිහිං මේසෙයක් ළඟ වාඩිවෙලා, වේටර් ට කිව්වලු, "ළමයා, මට අලි කන් සැන්ඩ්විච් එකක් ගේන්ඩ" කියලා.

      වේටර් ඔලුව කහ කහ කුස්සියට ගියාලු. ටිකකිං කෝකියා එලියට ඇවිත් රවි අයියට රුපියල් පන්දාහක් දික් කළා ලු. "අනේ ෂර්, මාත්තියාගේ ඔ්ඩර් එක අපට දෙන්ඩ තමා ඇටියක් නෑ. ෂොරි වෙන්ඩ" කියලා.

      රවි අයියත් පන්දාහ අරං සාක්කුවෙ දාගන්න ගමං කිව්වලු, "ඒ්කනෙ ඔ්යි. කරන්ඩ බැරි දේවල් බෝඩ්වල දාන් නැතුව පාඩුවෙ ඉන්නවා" කියලා.

      එතකොට කෝකිලයා කියනවලු, "නේ නේ ෂර්. අප්පි කරන්ඩ බැරි වෙඩ බෝට්ටෙකේ දාලා නේ. අද අර අලි කන් සයිස් ලොකු පාන් ඉවර වෙලා. මං බේකරියටත් තමයි කතා කෙරුවා. ආයෙ හෙට්ටඋදේ තමා පාන් හම්බෙන්නේ... ෂ්ර හෙහෙ උදේ තමා එන්ඩ. මම සැන්ඩ්විච් ඔක්කොම හදලා තියන්නාං" කියලා.

      Delete
    7. පිටකොටුව පැත්තෙ ගිය වෙලාවක යන්ඩ මේ හෝටලේට. ලොකේෂන් ඕනෙ ද?

      Delete
  6. ඔය බාප්පා වාඩිවෙන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තෙද, විරුද්ධ පක්ෂය පැත්තෙද?

    ReplyDelete
    Replies
    1. ඔය දෙපැත්ත ම එකයි. ඔක්කො ම යාළුවො මල්ලී...

      Delete
  7. අලියාගේ සෙන්ටරේ තියෙන පස්වෙනි පුංචි කකුලට කොටලා බාප්පා ඔහොම බේරුනා මදැයි...

    ReplyDelete
    Replies
    1. ආන්න. අසංග ට තමයි තේරුණේ.

      Delete
  8. බොලං අර මැංචෝසන් සාමි කැලේනේ උඹ ලියන ඒවත් එක්ක බැලුවම. ඇර ඇර...

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට එහෙම අරින්ඩත් බෑ බ්‍රදර්... හික්!

      Delete
  9. කෙප්ප බින්න පරපුරකින් පැවත එන
    කටේ නොගෑවී 'ඇත්තම ඇද බාන'
    නුවරෙළියට සින්න වෙන පාටක් පෙනෙන
    අලකොමා දිනේවා! තව ලියපන්න

    ReplyDelete
    Replies
    1. නුවරෙලියත් ලංකාවෙම කොටසක් ය
      ඒ බව තේරුණෙන් මට මෙහෙ ඇති වීය
      පුදුමාකාර ටෙන්ෂනයක දුව යාය
      යන්‌නේ කවදාද මේ රට අත හැර ය

      Delete
    2. යන්ඩෙපා අයියා යන්ඩෙපා මේ රට හැරදා

      Delete
    3. අයියා ගියත් னයියා අමතක වේ ද?

      Delete
    4. යන තැනක මාවත් අරං පල.

      -කැලි හයේ ටෝච් එක -

      Delete
    5. කෑලි කීයක් රන් කරනවලු ද, ටෝච් එකෙන්?

      Delete
  10. https://www.livescience.com/62105-smoking-breathing-elephant-explained.html

    ReplyDelete
    Replies
    1. ඒ පොල් මුඩු කාලා, ගල් දෙකක් ගිලපු අලියෙක්.

      Delete
  11. https://www.pinterest.com/pin/403142604140733049/

    ReplyDelete
    Replies
    1. ගිනි කන්දක් අලියෙක් වෙලා?

      Delete
  12. https://www.dragon-mania-legends.wiki/wiki/Elephant_Dragon

    ReplyDelete
    Replies
    1. ඒකගෙ බිත්තරෙත් දල තියෙනව.

      Delete
  13. එල ද බ්‍රා..බප්පායි..අලියයි..
    අද පොඩිම මෙන්ඩට කියන්න ඔනේ...

    ReplyDelete
    Replies
    1. අඩෝ ඩෝ ඩෝ ඩෝ ... ! දැන් පොඩි ම මෙන්ඩත් මට ආදරේ වෙනව...

      Delete
  14. පරන කතා ටිකත් බලලා එන්න...

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං... මතක ඇතුව උඩුකුරුඤ්ඤං කතාවත් පොඩි ම මෙන්ඩට කියා දීහං.

      Delete
  15. යකෝ මෙහෙම බොරු ඇදබාන්න ගියාම ෆේස්බුක් එකට විතරක් නෙමේ බ්ලොගර් එකටත් කෙලිනවා මහ අලියා..

    ReplyDelete
    Replies
    1. අඩෙහ්...! පොර තිත තියයි ද, බ්ලොග් එකටත්?

      Delete
  16. ආහ්. තවත් කතාවක්.
    ජයවේවා

    ReplyDelete
  17. නිර්මානශීලීත්වය!
    මැංචෝසන් චරික කියවලා තියෙනවා! ඒ වගේම අපේ පාසැල් පොත් වල තිබුනා අර ගහක රෑ එළිවෙන තුරි ඉන්න කොට තමන් ගාවට හෙමීට ආව පොගහලින් වෑවරයක් බීපු කතාවක්!
    බලන කොට පිඹුරු තඩියෙක් ගෝනෙක්ව ගිලලා!
    උගේ අං තට්ටුව පිඹුරාගේ හම ඉරාගෙන ඇවිත්.
    පොල්ගසකින් වැටුනු පො ගෙඩියක් අං තට්ටුවේ ඇමිනිලා ඒක පැල වෙලා මහ ගහක් වෙලා. දැං පිඹුරා යන යන තැන යනවා - පොල් ගහත්!
    සැබෑ නිර්මාණ!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය පිඹුරු කතාව, ඔරිජිනල් ටෙක්ස්ට් එකෙන් ම මම පළ කළා, උඩ තියෙන පටුනෙ 22 වෙනියට තියෙන්නෙ ඒක.

      මේක නං මගෙ නිර්මාණශීලිත්වය නෙමෙයි. කතාව හදපු කෙනාගෙ. මං කරන්නෙ තුන පහ ටිකක් දාලා මෙතන ආපහු පළ කිරීම විතරයි.

      Delete
  18. යකෝ මේක මරුම මරු අලුත් කතාවක් නෙ..........
    දාලා තියෙන අනිත් ඒවයෙනුත් ගොඩක් ඒවා කියවලා නෑ වගේ....
    ඒ ටිකත් කියවලම එන්නං.........

    ReplyDelete
    Replies
    1. ආාාන්න ඒකට තමයි පහළින් පටුනක් දැම්මෙ...

      https://www.youtube.com/watch?v=8RuQZtqz0lo

      Delete
  19. බාප්පා ඉතා දක්ස ලෙස අලියා මෙල්ල කර... අනුබව කර තිබෙනව. ජයින් ජයම වාවා !

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියහං. උබ නේද රොමා, කරෝලිස් අයියට දුන්න ලියුම ලියල දුන්නෙ?

      Delete
    2. මෞන අඩව්වකටද ඩැකී... තා මේ මාව අල්ලන්න හදන්නෙ හිටං

      Delete
    3. උබ කියෝල ම නැද්ද, රොමාගෙ වාසනාව පොත?

      Delete
    4. කරෝලිස් අයියෙ
      සැප සනීප කහමද?
      මා නග් සපෙන් සිටිමු
      අයියාටත් සැප වවා!

      Delete
    5. නෑ නෑ... මෙහෙම...

      කරලිස අයා වෙත ලයමි,
      තරාලිස් අයේ, සෙප සනීප කහමද? මම සැපෙන් සිටිමි. අයාත් සෙපෙන් සිටිනෙමු ද? මැගිලින් අක්කාටත් සැප වවා!
      මේ වග - රමා.

      Delete
    6. වංගියක් මම බ්ලොග් එකේ රොමාගෙ වාසනාවෙ, රොමයි කරෝලිස් අයියයි රොටි කාපු හැටි මතකයෙන් ලිව්වා. ඒ පෝස්ට් එක තමයි වැඩියම බලල තියෙන පෝස්ට් එක. මං ගැන දුක හිතිලා, පාඨකයෙක් මට පොත තෑගි කලා.🙏🫠

      Delete
    7. මේ තියෙන්නෙ...
      https://frozenlazyowl.blogspot.com/2014/02/blog-post_26.html

      Delete
  20. මේ අර ජර්මනියෙදි යකා වැහිච්ච අලියද. හපොයි!

    ReplyDelete
  21. අඩේ අර "රොමයියගෙ කයිය" ස්කෑන් කරල අපටත් රසවිඳින්න දෙන්න බැයිද?

    -පොත් ගාණ නොව, ෂිපින් ගාණ දැක්කාම "හික්" ගෑවෙන අවාසනාවන්ත බස්සෙක්-

    ReplyDelete
    Replies
    1. හරි...! දෙඤ්ඤං! පිටු ගාණත් අඩුයි.

      Delete
    2. උඹට ඒ පිනම ඇති නිවන් දකින්න.🙏👌

      Delete
    3. දැම්ම නිවන් දකින්ඩ බෑ. දෙව් මිනිස් සැප කෙළවර...

      Delete
    4. මූව නිවං යවන්න බෑ අලිය වගේම පත්තුකරල තමයි යවන්නෝන.
      ඉඳගෙන.

      Delete
    5. පත්තු කරගෙන යන්නෙ ටෝච් එක...

      Delete
  22. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete
    Replies
    1. අඩ්ඩ්ඩෙහ්...! වේලෙන්ඩ කලිං පත්තරේ දාල නෙ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි