Friday, October 22, 2021

එදා අප දුටු චිත්‍රපටයකින් - Pixels

මෙන්න නෝනාවරුනි, නෝනාවරුනැති මහත්වරුනි, මම බලපු තවත් පට්ට ම පට්ට රසවත් චිත්‍රපටයක් ගැන පල්හෑල්ලක් විස්තර...

අපි පොඩි කාලෙ හෙවත් අසූව දශකයෙ තිබුණු ටූඩී ගේම් ගැන තියෙන අතීතකාමය සංසිඳුවන සයිෆයි, ඇක්ෂන්, කොමඩි ‌ෆිල්ම් එකක් - 2015 දි එළි දැක්වුණු පික්සෙල්ස්.


මේ ෆිල්ම් එකේ ඉන්නෙ ඇඩම් සෑන්ඩ්ලර්, කෙවින් ජේම්ස්, පීට ඩින්ක්ලේජ් සහ ජෝෂ් ගැඩ් කියන දැක්කත් හිනායන ‌නළුවො සෙට් එක. ඩිරෙක්ටර් ක්‍රිස් කොලොම්බස් (ඇමරිකාව හොයාගත්ත මුත්තා නෙමේ, වෙන කෙනෙක්...)

සෑම් බ්‍රෙනර් අසූව දශකයේ වීඩියෝ ගේම් ශූරයෙක්. ඒ කාලෙ තිබුණු 8 බිට්, ටූඩී ගේම් බහුතරයක් ම දිවුනේ පැටන් එකක් අනුව. ඒ පැටන් වේග‌යෙන් හඳුනාගන්න දක්ෂකම තිබුණු සෑම් 1982 ගේම් චැම්පියන්ශිප් එක දිනන්න ආසන්නයටම ආවත්, අවසාන ගේම් එක වුණු ඩොන් කී කොං ගේම් එක දිනලා, චැම්පියන් වෙන්නෙ එඩී.

නාසා එක මේ ගේම් වීඩියෝ කරලා අභ්‍යවකාශයට යන ප්‍රෝබ් එකකට ඇතුලත් කරනවා. කවදා හරි මේ ප්‍රෝබ් එක පිටසක්වල ජීවීන්ට හමු වුණොත්, පෘථිවියේ දියුණු ජීවීන් ඉන්න බව ඔවුන්ට දැන ගන්න.

පසුකාලීනව මේ ප්‍රෝබ් එක ඇත්තට ම පිටසක්වල ජීවීන්ට හමු වෙන නමුත්, ඔවුන් මේ ගේම් හඳුනාගන්නේ, ඔවුන්ට කරන ලද අභියෝගයක් විදිහට. ඔවුන් ඒ ගේම් ප්‍රතිනිර්මාණය කරලා, ඒ මඟින් පෘථිවිය ආක්‍රමණය කරනවා.

සෙන්ටිපේඩ් ගේම් එකේ රූපණය...

මේ අභියෝගයට මුහුණ දෙන්නෙ ඇමරිකාව සහ එංගලන්තය. සෑම් ගේ කුඩාකල සිට මිතුරෙක් වුණු විල් කූපර් ඒ වන විට ඇමරිකාවේ ජනාධිපති. ඔහුට එක්වරම මතක් වෙන්නේ, තමන්ගෙ  වීඩියෝ ‌‌‌ගේම් ශූර යාළුවා, සෑම්.  සෑම් සහ තවත් ගේම් පිස්සෙක් වන ලුඩ්ලෝ ගෙන්වලා, හමුදාවට උපදෙස් ලබා දෙනවා අභියෝගයට මුහුණ දෙන හැටි ගැන. නමුත් ඔවුන්ට හමුවන අභියෝගය වන සෙන්ටිපේඩ් සටනෙ දි හමුදාව පරාජය වෙනවා. ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නෙ, සෑම් සහ ලුඩ්ලෝ ට පමණයි. 

සෙන්ටිපේඩ් ගහන සෑම් සහ ලුඩ්ලෝ

ඊට පස්සෙ අන අභියෝගය පැක්මෑන්. ගේම් එකේ දි පැක්මෑන් වීරයා වෙලා, ගෝස්ට්ලා දුෂ්ඨයො උනත්, පිටසක්වල අභියෝගයෙ දි පැක්මෑන් සතුරා වෙනවා. එතනදි සෑම් සහ ලුඩ්ලෝ ට අමතරව පැක්මෑන් ගේම් එක හදපු මහාචාර්ය ටෝරු ඉවටානිත්, ගේම් චැම්පියන් එඩීත් එකතු කරගන්නවා. ගෝස්ට් විදිහට හදා ගත්ත මිනි කූපර් කාර් තුනක්, තඩී පැක්මෑන් පස්සෙන් වීදි දිගේ එළවන සීන් එක පට්ට ඇක්ෂන්...

එතනදි, එඩී චීට් කෝඩ් භාවිත කරපු නිසා අවසාන සටන කරන්න වෙන්නෙ සෑම්ට තනියම. චීට් කළ නිසා පිටසක්වළයන්, අපි දුටු හැම ගේම් එකක්ම එකපාර එවනවා, පෘථිවිය විනාශ කරන්න. එතනදි ලුඩ්ලෝ ට මුණ ගැහෙනවා, ඩෝජෝ ක්වෙස්ට් ගේම් එකේ ලේඩි ලීසා. පොඩි කාලෙ ඉඳන් ලේඩි ලීසා ට පිස්සුවෙන් ආදරේ කරන ලුඩ්ලෝ එක්ක ලේඩි ලීසා එකතු වෙලා, පිටසක්වළ අභියෝගයට විරුද්ධව සටන් කරනවා. (ඔය වගේ මටත් තිබුණා පිස්සුවක්, විනිල් ගොඩස් එක්ක. නමුත් ඒක වෙන ම කතාවක්...)

ලේඩි ලීසා...

අවසාන සටන හැටියට සෑම් ට හම්බවෙන්නෙ, පොඩිකාලෙ චැම්පියන්ෂිප් එකේ අවසාන සටන වුණු ඩොන් කී කොං. ඔහු ඒක දිනුවොත් පිටසක්වළ ආක්‍රමණය නතර වෙනවා. නමුත් 1982 චැම්පියන්ෂිප් එකේ දි පරාජය වුණු, හරිහමං පැටන් එකක් නැති මේ ගේම් එක ඔහුට දිනන්න පුළුවන් වෙයි ද?

අන්න ඒක තමයි ගැටළුව... 

මම මේ ෆිල්ම් එක ගැන කියපු දේවලට වඩා නොකියපු දේ වැඩියි. ඉතින් මේ ෆිල්ම් එක බලල ම, දැනගම්මු... (ටොරන්ට් එකට ලිංක් එක...)

මම කලින් ෆිල්ම් විස්තරවලදි වගේ නැතුව, මේ ලිපියෙ දි ස්ක්‍රීන් ෂොට් ගොඩක් සහ විඩියෝ ක්ලිප් මේකට ඇතුල් කළේ නෑ. මට හිතෙනවා, එහෙම කළා නම් මේ ෆිල්ම් එක මුලින්ම බලන කෙනෙකුට නියමාකාරයෙන් රසවිඳින්න බැරිවෙයි කියලා.

63 comments:

  1. ප්‍රාජේ කිව්ව කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්න ඕනෙ නෑ කියලා. තාම කමෙන්ට් වැටිලා නැති නිසා, ඉස්සරට එන කමෙන්ට් ගැන, මෙන්න මගේ ප්‍රතිචාරය:

    බැහ්....බුහ්....ඤැහ්...බහූ....

    ReplyDelete
    Replies
    1. යකෝ, මූ ඩෝග් ද, කැට් ඩෝග් ද?

      Delete
    2. අවුල් වුන ඩොගීනෙ
      බුහ් හූම් බව් වව් හම් හූම්
      (තව සද්ද තියනව. එතුමාම කියපුදෙන්)

      Delete
    3. බුරන්න පටංගන්නකොටම පොලු පාරක් වැදිලද කොහෙද.

      Delete
    4. වැදුනා නෙන්නං පාර, පංචතන්තරෙන්. ඔය ඒකත් කාගෙන, තුන් අණ්ඩෙන් ඇවිත් තියෙන්නෙ.😂

      Delete
    5. ප්‍රා,
      ඇයි හොක්කියාව?

      ප්‍රසා,
      ආාාාන්න හරි. ඔ්කට දෙන්ඩැති පොලුපාර ත්‍රී වීල් එකේ යන්ඩ.

      මොට්ස්,
      ටොමියගෙ පොලු පාරට නරිය සාක්කි. නරියට බකමූණ සාක්කි...

      Delete
  2. ෆිල්ම් එක නම් බැලුවා ඉතින්. හොඳ කොමඩියක්. දුල දෙනන් තමා ඒකට වැඩියෙන්ම කැමති

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඇඩම් සෑන්ඩ්ලර් ගෑවුණු තැන කොමඩි ම තමයි ඉතින්... මගෙ තියෙනව ඇඩම් කලෙක්ෂන් එකක්. එකකට එකක් වෙනස් ඈ... හැපි ගිල්මෝ සහ පික්සෙල්ස් තමයි මගෙ ප්‍රියතම.

      දූලා දෙන්න විතරද, අජිත් අයියට සෙට් වුණේ නැද්ද, අසූව දශකෙ ගේම්?

      Delete
    2. සැන්ඩ්ලර් ගේ ෆිල්ම් වලට කැමතියි. කැමතිම එක fifity first dates https://www.imdb.com/title/tt0343660/
      මේක එච්චරම නැහැ

      Delete
    3. ගේම් නම් ගැහුවා. තවමත් තියනවා සමහර ඩොස් ගේම් පවා මන් හිතන්න පරණ හාඩ් ඩිස්ක් වල

      Delete
    4. ලැනිස්ටර් නිසා ඩින්ක්ලේජ් අපේ ෆේවරිට් ඇක්ටර් කෙනෙක් දැන්.

      Delete
    5. දැනටම පෙළඹවීම් දෙකයි. දෙවැන්න අජිත් ධර්මකීර්තිගෙන්. Fifty First Dates මං බලපු filmsවලින් අමතක නොවෙන ගොඩේ තියෙන්නේ. ඒ නිසා මේකත් බලපන් කියලම හිත කියනවා. ඩ්රැකීගේ පෝස්ටුවෙන් කෙරුණු පෙළඹවීමත් තියෙද්දී.
      ඊටත් ඩ්රැකී link එකත් දීලා වැඩේ පහසු කරලා තියෙනවනේ!
      දෙන්නටම ස්තුතියි. හැබැයි පුතෝ මෙහෙම posts නිතර ලියන්න ගත්තොත් මං බ්ලොග් එක ලියන එක නවත්තනවා, ලියන්න වෙලාව නැති වෙන නිසා.

      Delete
    6. fifity first dates හොඳ ෆිලුමක්. වෙනස් මාතෘකාවක් ගැන කතාවක්.

      Delete
    7. අජිත් අයිය,
      "පළවෙනි ඩේට් පණහ" ඇඩමගෙ අනික් ෆිල්ම්වලින් වෙනස්. ඒක පොඩ්ඩක් සීරියසුත් එක්ක. මං වැඩිය ආස ඇඩමගෙ සීරියස් නැති කොමඩිවලට.

      හ්ම්... අපි ගහපු ඩොස් ගේම් සෑහෙන තරම ඔන්න දැං තියෙන අබැන්ඩන්වෙයා යටතෙ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. මං නං සමහර වෙලාවට ඩොස් බොක්ස් දාගෙන ඔය ගේම් ගහනව. ඩේන්ජරස් ඩේව් එහෙම...

      ප්‍රා,
      ගේම් ඔෆ් ත්‍රෝන්ස් නේ... පැන්ෂන් ගිහිං ම බලනව කියල හිතාගත්ත.

      නිදි,
      නෑ නෑ, මේක ලියල ඩ්‍රාෆ්ට් සේව් කරල තියන්න උන්නෙ. ඒ උනාට බ්ලොගර් කිව්ව සේව් වෙන්නෑ කියල. ඒ ගමන පබිලිස් කළා. අවුලක් නෑ තව එකක් දාන්නෙ ලබන මාසෙ...

      නමියා,
      ඔව්. හැබැයි මං දෙපාරකට වඩා බැලුවෙ නෑ.

      Delete
    8. කවුන්ට් ඩ්රැක් , තැන්ක්යූ මතක් කලාට චෙස්මාස්ටර් 8000 බාගත්ත. මං ළඟ තිබ්බ ගේමක්

      Delete
    9. wow... මම දැනං හිටියෙ නෑ ඒ ගේම් එක. අපේ පොඩිරාළ ගහනව, the chess lv 100 කියල එකක්, ඒක නං පොඩි කාලෙ ඉඳං ටික ටික දියුණු වෙන්න පුළුවන් ලෙවල් සීයක් ම තියෙනව.

      Delete
  3. ඕය නම මෝර්ටල් කොම්බැට් ගැහුවෙ නෑ ඒ කාලෙ?

    ReplyDelete
    Replies
    1. හැහ්... මොකෝ නැතුව? හැබැයි වැඩියෙම ගැහුවෙ ස්ට්‍රීට් ෆයිටර්.

      Delete
  4. පිටසක්වල එක්ක සටන් කරන පිස්සුවක් තිබුනයි කිව්වාම මතක්වුනේ මං මදුරුවන්ට ගහන ගමන් බැට්ල්ස්ටාර් ගැලැක්ටිකා එකේ සටන් ඉමැජින් කරපු එක. බේස් එකට ගහන්න එන සතුරු යානාවලට වෙඩි තියන විදිහට. 😁

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ප්‍රා, අන්න ගේම්... ගේම් නං ගැලැක්ටිකා ඈ. ඔය ක්‍රමේටම හදපු ගේම් බර ගාණක් ආව පහුගිය ටිකේ. චිකන් ඉන්වේඩර්ස් තමා මම දැකපු අන්තිම එක.

      Delete
  5. ඔය ෆේවරිට් ඒවා අතරේ ඩ්‍රැක්‍යුලා ෆිල්ම් එහෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. මූට ලැජ්ජාවක් ඇතුව ඒව බලන්න පුලුවනෑ.

      Delete
    2. ඔව් ඔව්.. අර කන්‍යාවියක් දැක්කම කෙල බේරෙන හැටි. සැක් ඉතරක්.. කැත 😃😃

      Delete
    3. ලිට්සීකර්,
      මොකද නැතුව? බලල තියෙනවද, dracula, dead and loving it

      ප්‍රසන්න,
      ලැජ්ජ බින්තෑරුමේ එල්ලගෙන බලන්නෙ...

      මහේෂ්,
      කන්-යාවියො? ඒ මොක්කුද?

      Delete
  6. ඔය ඒලියන් එක්පීරියන්ස් වලට මාත් ටිකක් කැමතියි. බලමු මේක බලන්න.

    ReplyDelete
    Replies
    1. සභාපතිතුමා ඔන්න බේරගන්ඩෝ කියලා කෑගහන්ඩ ඔට්ටු නෑ හොදේ!!

      Delete
    2. ප්‍රසා,
      බැලුවද ඉතිං?

      කට්ටෙ,
      පහුගියදාක අඟහරුවා ටෝච් දහ දාහක් ඔ්ඩර් කරල තිබුණෙ ඒක තමයි...

      Delete
  7. PG 13 එකක් විදහට පට්ට ෆ්ලොප් එකක්. ආතල් හැබැයි.
    මම කැමතිම සීන් එක අරූගෙයි ලීස ගෙයි ළමයි ටික 😂😂😂
    ආකේඩ් ගේම්ස් කියන්නෙ එක්තරා නොස්ටැල්ජික් කල්ට් එකක් නෙහ් 😏😏

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ... ලේඩි ‌ලීසා වගේ ළමා කාලෙ ලව් තිබුණෙ නැද්ද බොට?

      Delete
  8. බොරු කියන්න ඕන නෑනෙ game ගැහුවෙ නැති තරම්. ගැහුවෙ නෑ කිව්වොත් වඩා හරි. ඩ්රකියත් මාර කෙලි කාරයෙක් නෙව.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව හින්දා නොකියා හිටියේ. නමී, දැන් බලනකොට කොම්පියුටර ගේම් ගහන්නේ නැති තව අය ඉන්නවානේ. (මං හිතන්නේ කම්පියුටරෙන්වත් ඒවා සෙල්ලම් නොකරන ගොඩේ තමයි මං ඉන්නෙත්. මගේ මොබයිල් පාවිච්චියක් නැහැනෙ.)

      ඩී.බී.කුරුප්පු මහත්තයා, මට තෑග්ගක් දෙන්න ඕනිය කියලා හිතලා බලෙන්ම කොම්පියුටරයක් ලැබෙන්න සැලස්සුවාට පස්සේ... ඒක එකලස් ඇරලා දුන්නු මංජු හිතවතා, කම්පියුටරේට දාලා දුන්නා කාඩ් කුට්ටමකින් කෙරෙන ගේම් එකක්. මාත් නිදහස් වෙලාවට එක සෙල්ලම් කළා.... ඇබ්බැහි වෙනවා කියන්නේ කාලේ ගෙවෙනවා වුණත් අතාරින්න හිතෙන්නෙම නෑ. එතකොටම මං තීරණේ කළා ආයෙ කිසිම ගේම් එකක් සෙල්ලම් නොකරන බව.

      Delete
    2. මොකද මේ නමිය 'ගමේ' ගැහුවෙ නෑ කියන්නෙ? පාපෝච්චාරණයක් ද නැත්තං අපිට ඕන තරං පිට වැඩ තියෙනවා ගමේ පදිරි වෙන්නෑ ඩෝ වගේ පාරම්බෑමක්ද?

      Delete
    3. ඩ්‍රැකියා කෙලි කාරයෙක් කියලත් නමියා කියන්නේ....ඩ්‍රැකී ලේ උරන්නෙනං කෙල්ලන්ගෙන් තමයි. මේ ඒක ගැනද කියන්නෙ නැත්‍තං... ????

      Delete
    4. නමියා,
      ගේම් ගැහුවෙ නැති උං අන්ෆ්‍රෙන්ඩ් වෙයව්! හැක්!
      ගහමු "ඩියුක් නියුකම්" අන්න ගේම් ඈ... පොඩ්ඩක් බලහං ට්‍රේලර් එක.

      නිදි,
      ගහන්ඩ තියෙන්නෙ ඒජ් ඔෆ් එම්පයර්ස් වගේ අධ්‍යාපනික ගේම්...

      එක්කො එපා. අපිට කියවන්න ලියන්න කෙනෙක් නැතිවෙයි ඔව්වට ඇබ්බැහි උනොත්.

      කට්ටෙ,
      ඌත් බස්ස වගේ ගමේ දි ලෙස්සන්ඩ ඇති...

      "කෙලිය" කියන්නෙ සෙල්ලම්වලට. එව්වට ගත්ත පාට්නර්ට තමයි "කෙල්ල" කියන්නෙ. මමත් ඔය නිරුක්තිය ඉගෙන ගත්තෙ වර්ගපූර්ණීකාවෙන්...

      //කෙළිය
      අරිසෙන් අහුබුදු සූරීන් දක්වන ආකාරයට අතීතයේ සිටි හෙළුවන් ක්‍රීඩා හඳුන්වා ඇත්හේ "කෙළි" ලෙසටයි. එනිසා අදටත් ක්‍රීඩා කරන සහායිකාවට, කෙළිය+ඇය හි "ඇ" කාරය භින්න වී, "ය" අකුර ලොප් වී, "කෙල්ල" යැයි කියන බව පැහැදිළි වෙයි. ඉතින් අතීතයේ තිබූ අති දියුණු ඉලෙක්ට්‍රොනික් උපකරණ වලටත් පොදුවේ භාවිතා කර ඇත්තේ "කෙළිය" යන නමයි. පහත දැක්වෙන්නේ එවැනි කෙළියවල්ය.//

      Delete
    5. කට්ටකාඩුවේ ලොකු මලේ.. එහෙම නෑ බොලේ. මොන සන්තැසියකින් හරි වැඩිය game පැත්තට යොමු උනේ නෑ.

      / වර්ගපූර්ණීකාවෙන්.. අප්පෝ පිස්සු මගුලක්නේ ඒක. තාම එහෙ උන්දලට 2013 වෙලා නැතැයි?. මොකෝ උන්දලා බලන් හිටියෙ රාවනා 2013නෙ ඇහැ අරිනක් නෙව....

      /හැබෑටම ඩ්‍රැකීයත් ඒ ගොඩේද...

      Delete
    6. වර්ගපූර්ණිකාව පැරඩි එකක්. හොදට ලියන පැරඩි එකක්

      Delete
  9. https://www.youtube.com/watch?v=VVUPUFzLJ64

    මේක coma කියලා අළුත් චිත්‍රපටියක්.
    මේ චිත්‍රපටිය බලන්න. මමත් තාම බාගයයි බැලුවේ.
    දැනටත් ගන්ජා ගැහුවා වගේ මඤ්ඤං වෙලා ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජගත්, බාගෙන තියෙන ගොඩේ Coma නැතිනම් බාගන්න ඕනි!

      Delete
    2. අරේ වාහ් වාහ් ජගත්... බොහෝම ස්තූතියි ඔත්තුවට. පොඩ්ඩක් එහෙන් මෙහෙන් බැලුවා, පට්ට කතාවක් වගේ පේනව.

      නිදි, බලමු බලමු කොතරම් හොඳද?

      Delete
    3. ඊයේ ඩවුන්ලෝඩ් කර ගත්තා ඩ්රැකී. අද හෙටම බලන්නයි ඉන්නේ.

      (පොත හමස් පෙට්ටියේ!)

      Delete
    4. මදැයි!

      එව්ව හරියන්නෑ ලොකා... මං එනව ලබන සුමානෙ, වැඩේ තිතට නොතිබ්බොත් බලාගමු!

      Delete
    5. ඩ්රැකී තිත් කොමා සේරෝම එක්ක තමා මගේ වැඩ!

      ජගත් මහත්තයෝ, ස්තුතියි ඔත්තුවට. ඊයේ රෑ COMA තුන්කාලක් බැලුවා. පිස්සු හැදෙනවා තමයි. පරිකල්පනය සුපිරි. හැබයි මට නං එකේ මානුෂීය ගතිය - තෙතමනය මදි වගේ. වැඩ වැඩි නිසා වෙන්නැති. දෘශ්‍ය ප්‍රයෝග නං..

      Delete
    6. Pixels තුත් බාගෙන තියෙන්නේ, බලන්න.

      Delete
  10. Wow thank you … haven’t heard about this one !

    ReplyDelete
    Replies
    1. මගෙ නංගිලුනෙ ඉතිං...

      මේක බලන්න. අපෙ පොඩි රාළත් මාර ආසයි පැක්මෑන් සීන් එකට...

      Delete
    2. අඩේ ඩ්‍රැකියො , නියම සිංදුව. කතාව සහතික ඇත්ත.👌🤔

      Delete
    3. මොන සිංදුවක්ද බොලේ කියල බලනකොට තමයි මට වෙච්ච වැරැද්ද දැක්කෙ. ඒක නෙමෙයි මේකයි හරි ලිංක් එක...

      Delete
  11. ඩ්‍රැකී තාම මගෙ ෆිල්ම් බලල නෑ නේද? බැලුව නං ආය වෙන ෆිල්ම් බලන්නෙ නෑ...මෙව්වගෙ ෆිල්ම් බලන එක ඔයාගෙ තත්වෙට හරි නෑ....ඔයාගෙ තියා හත්මුතු පරම්පරාවෙවත් කට්ටිය බැලුවද ඔය වගේ එව්ව...අඩුගානෙ කපල කොටල මරන සීන් දෙකක්, පැහැරගෙන ගිහිල්ල නියපොතු ගලවල, මස් පුච්චල, ලාච්චුවට තියල පරම්පරා කුට්ටම තලල, ලේ පෙරෙද්දි වකුගඩු ගලවන සීන් දෙකක් තුනක් තියෙන (ප්‍රා ජේ ගෙන් ඇහුවනං කියයි එහෙම ෆිල්ම් වල නං ගං, කොයි පොලිසියෙද එව්ව පෙන්බන්නෙ වගේ විස්තර) එව්ව විතරක් බලන්ඩ. මොනව කරත් ඒ ශ්‍රේෂ්ඨ ඩ්‍රැකී යක්ඛ පරපුරට අවමන් කරන්ඩෙපා....කොටිම්ම බලපුවම රෑට චු බරක් හැදුනත් ජනේලෙ ඇරල දාන සයිස් එකට ගිඩි ගිඩි ගාල බයවෙන එව්ව විතරක් බලන්ඩ...

    ReplyDelete
    Replies
    1. පොලීසිනම් ඔක්කොමල දන්නවනෙ.

      මූවීස් නම්
      https://en.m.wikipedia.org/wiki/Snuff_film

      Delete
    2. Pra Jay, බැයිද මටත් තමුන්නාන්සේට වගේ විවේක වෙලාව ටිකක් වැඩි කරගන්ඩ.

      Delete
    3. ඩ්‍රැකියනං ජනේලෙ අරින්නෙත් නෑලු. අල්මාරියෙ දොර අරිනව විතරයි ලු.

      Delete
    4. හපෝ, මං කැමති නෑ ඔය පටං ගත්ත ගමං කපා කොටාගෙන, වෙඩි තියාගෙන බෝම්බ ගහගෙන කුඩු පට්ටං කරගන්න එව්වට. රෝං ටර්න් බලල එහෙම එව්ව එපා ම උනා. බය වෙන්නෑ එව්වට අප්පිරිය හිතෙනව විතරයි.

      ප්‍රා,
      බුවෑක්ක හොමිසයිඩ් නං...

      නිදි,
      වෙලාව වැඩි කරගන්න හොඳ බේතක් ඩොක්ට පීරිසි ගෙන් තමා ඉල්ල ගන්ඩ වෙන්නෙ.

      ප්‍රසා,
      අල්මාරිය ඇරල බලද්දි, "හඳත් නෑ තරුත් නෑ"

      Delete
    5. ලොකුමලය සර් බලාගෙන, ඔන්න ඔන්න සාම්මහත්තය එනව.

      ජයවේවා!
      Myself Hattor

      Delete
    6. කවුද බොලේ සාම්මහත්තය? හාමු මහත්තෙය නං අහල තියෙනව.

      Delete
  12. පෝස්ට් දැම්මනං ඇවිල්ල කොමෙන්ට් වලට උත්තර දෙනව මනුස්.. සොරි, නු.ප.පා.ස.කො. වවුලො.

    -னයා-

    ReplyDelete
    Replies
    1. ඔය දාල තියෙන්නෙ... ඇස් පේන්නැද්ද?

      මං වැඩිය කැමතියි අර "අල කොමසාරිස්" නමට...

      Delete
    2. "අල කොමසාරිස්"? 👌😂🤣
      සුළැඟිල්ල කියල හාදයෙක් පෝස්ට් එකක් ලිව්වා "ඉරපායනකොට ඉර බැස යනකොට කිරි අල ගලවන්නම්..... " කියලා. ආං එයත් ඉන්නව බලුනකුටෙ, පරණ බ්ලොග්වල.🤔

      Delete
    3. ඔය සිංදුව මම අහල තියෙන්නෙ ඔයිට වඩා වල් විදිහට... ඒ කාලෙ කැම්පස් රෙකෝඩිං එකක තිබුණ...

      Delete
  13. pixels මට බලන්න හිතුනේ නැහැ ... හැබැයි මේක කියෙව්වට පස්සේ නිකන් බලන්න ඕනේ ගතියක් ආවා .. මම නම් පොඩි කාලේ ගහපු ගේම් වලින් ආසම එක Commandos. මට තාම හොයා ගන්න බැරි වුනා ඒ වගේ ප්ලෑන් කරලා ගහන්න පුළුවන් සරල ගේම් එකක් ...

    ReplyDelete
    Replies
    1. පැත්තා, පික්සෙල්ල් හොඳයි, මං කියනවට බලහං.

      කොමාන්ඩෝස් මට මතකයි. ඩෙල්ට ෆෝස් ඒ වගේ නැද්ද?

      Delete
    2. Commandos වල තිබ්බේ හෙන සරල විදියට ගේම් එක ගහන්න පුළුවන් හැබැයි මිෂන් එක ප්ලෑන් කරන්න අමාරු කම.. මට මතක කෑම්ප් එකේම මැප් එක එක සැරේ බලල, කොහොමද යන්න ඕනේ කියල හිත හිත හිටපු හැටි ... ඒ කියන්නේ එක එක පාත් එකෙන් ගියොත් කෙල වෙන්න පුළුවන් විදිය හිතන එක මට නම් හෙනම ආතල් සහ අමාරු වැඩක් වුනා. ඩෙල්ටා ෆෝස් එකේදී ගේම් එක දියුණුයි හැබැයි මිෂන් මට එච්චර ඇල්ලුවේ නැහැ... එන එන විදියට වෙඩි තිය තිය යනවා මිසක් සම්පුර්ණ ප්ලෑන් එකක් මුලින් ගහන්න ඩෙල්ටා ෆෝස් වල තිබ්බද කියල මට මතක නැහැ දැන්..

      Delete
  14. අඩෝ....කතන්දරයක් දාපාන්...අපි පොඩි එවුන් ඉන්න තාත්තලා...රෑට නිදාගන්න ගියාම කියන්න කතන්දර නැතිවෙනකොට මට උබේ ලේ බොන්න හිතෙනවා ඩ්‍රැකියෝ

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි