Monday, May 16, 2016

පිටස්තරයෙකුගේ වාර්තාවක්...

"...ප්‍රධාන මෙහෙයුම් අංශය,

මා අද වාර්තාවෙන් මගේ සමීක්ෂණයට ලක්වන ග්‍රහලෝකයේ ජීවීන් ගැන වාර්තා කරමි.

මේ ග්‍රහලෝකයේ ජීවීන් වර්ග  දහස් ගණනක් වාසය කළද, ඔවුන් සියල්ල එක් ප්‍රධාන වර්ග දෙකකට බෙදීමට අදහස් කරමි. ඒ ආහාර නමැති මූලික සාධකය මුල්කරගෙන ය. ඒ අනුව, ආහාර නිපදවන්නන් සහ ආහාර නිපදවීමේ හැකියාව නොමැති ජීවීන් ලෙස මොවුන් වර්ග දෙකකට බෙදේ.

ආහාර නිපදවන්නන්...

මොවුහු සූර්යයාගේ ආ‍ලෝක ශක්තිය උපයෝගී කරගනිමින්, තම ශරීරයේ අග කොටස් වලදී ආහාර නිපදවති.

එම ආහාර තම ශරීරයේ විවිධ කොටස් වල ගබඩා කරන අතර, සිය වර්ගයා බෝ කිරීමට නිපදවන කොටස් වලද මෙම ආහාර තැන්පත් කරති.

මොවුහු ඉතාම වැඩි වශයෙන් මෙන්ම, අනෙක් ජීවී වර්ගයා සමඟ සැසඳීමේදී, සංචරණය නොකරති. උපන් තැනට සීමා වෙති. එහෙත් තම අනාගත පරපුර ඉපදීමට පෙර විවිධ ස්ථාන කරා පතුරුවා හැරීමට විවිධ උපක්‍රම යොදාගනිති.

දියුණු ක්‍රමවේදයක් මඟින් තම වර්ගයා අතර හැඟීම් සන්නිවේදනය කරති.

මෙම ග්‍රහලෝකය මත අනෙකුත් ජීවීන් හට පැවතීමට සිදුසු පාරිසරික හා දේශගුණික තත්ත්වයන් පවත්වාගැනීමට සක්‍රිය ව දායක වෙති.

අවසාන කරුණ සහ ආහාර නිපදවීමේ හැකියාව නිසාම, මෙම වර්ගය මෙම ග්‍රහලෝකය මත සිටින උසස්ම ජීවී වර්ගය ලෙස හැඳන්විය හැක.

ආහාර නිපදවීමේ හැකියාව නැත්තන්...

මොවුන් ආහාර නිපදවීමේ හැකියාව නොමැති නිසාම අනෙක් ජීවීන් මත යැපෙති. ආහාර නිපදවන්නන් ගේ ශරීර කොටස් මෙන්ම, අනෙක් ජීවීන්ගේ ශරීර කොටස්ද ආහාරයට ගැනීම මොවුන්ගේ පැවැත්මට ඉවහල් වේ.

සංචරණ හැකියාව ඇත.

ආහාර යන සාධකය සහ වෙනත් සාධක ද මත ඉහතින් කී ආහාර නිපදවන ජීවී වර්ගයා ගේ පරපුර බෝ කිරීමට දායක වෙති.

සන්නිවේදනයට ශබ්දය නම් වායු තරංගය භාවිතා කරති.

මොවුන් අතරින් ඉතා වේගයෙන් බෝවී ඇති, මුළු ග්‍රහලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් එහි සහ අනෙකුත් ජීවීන් ගේ පැවැත්මට බලපෑම් එල්ල කරමින්, සියල්ල වෙනස් කිරීමේ හැකියාව ඇති එක් ජීවී වර්ගයක් වෙති. ඔවුන්,

දෙපයින් මෙන්ම, ඔවුන් විසින් නිපදවන ලද යාන්ත්‍රික සිරුරු වලින් සංචරණය කරති.

අනෙකුත් සියළුම ජීවී වර්ගයන් බෝකරති, පාලනය කරති, ඔවුන්ගේ සිරුරු වල ව්‍යුහය පවා සිය අභිමතයට වෙනස් කරති.

එහි අතුරුඵලයක් ලෙස තම වර්ගයාට අහිතකර ජීවීන් පවා  අනතුරුදායක ලෙස විකෘති කරති.

ඔවුන්ගේ ආහාරයට ලක් නොවන ජීවී වර්ගයක් මෙම ග්‍රහලෝකයෙහි නැත.

‍මොවුන්, ආහාර නිපදවීමේ හැකියාව නැති ජීවීන් ආහාරයට ගන්නේ ඔවුන් ඝාතනය කිරීමෙන් පසුව හෙවත් ඔවුන්ගේ මළසිරුරු කොටස් වශයෙනි.

එහෙත් මොවුන් අතින් භයානකම වධයට ලක්වන්නේ ආහාර නිපදවන්නන් ය. ඔවුන් ගේ ශරීර කොටස් කපා හෝ කඩා ගන්නේ මරණයට පත් කිරීමෙන් තොරවය. මෙම ජීවීන්ගේ ග්‍රහණයට ලක් නොවන කොටසක් නැත. ආහාර නිපදවන කොටස්, ආහාර බඩා කරන කොටස් පමණක් නොව, නව පරපුරක් බිහිකිරීමට සකස් වී ඇති කොටස් පවා මොවුහු ආහාරයට ගනිති. සමහර විට මොවුන් ගේ වර්ගයා බෝකරන බීජ වර්ග යන්තම් සක්‍රිය වීමට ඉඩහැර, ඇතිවන ළපටි ජීවීන් ආහාරයට ගනිති. මෙම බොහෝ ශරීර කොටස් නටන ජලයෙහි තම්බන අතර, සමහර විට බැදීම සහ පිළීස්සීම කරති. බහුතරයක් අවස්ථාවන්හිදී මෙම ජීවී කොටස් මියයන්නේ මෙසේ සකස් කරන අවස්ථාවේ දීය. සමහර විට ජීවය සහිත කොටස් සිහින්ව ලියා, ජීවය තිබියදීම ආහාරයට ගන්නා අවස්ථා ද ඇත.

මොවුන්, අනෙක් ජීවී විශේෂයන් බහුතරයක් කෘතිමව බෝ කර සිය ආහාරයට ගනිති.

ආහාරය සඳහා පමණක් නොව වෙනත් බොහෝ උවමනාවන් සඳහා මොවුහු ජීවී විශේෂ බෝකරති.

මොවුන් මුළු ග්‍රහලෝකයම කොටස් වලට බෙදාගෙන එම බිම් කොටස් වල වෙසෙන අනෙකුත් ජීවී ‍වර්ග පාලනය කරති. ඔවුන්ට අවශ්‍ය නැති තැන් වල සිටින ජීවීන් ඉවත් කරන අතර, අවශ්‍ය අවශ්‍ය ස්ථානයන්හි ජීවීන් රෝපණය කරති.


https://s-media-cache-ak0.pinimg.com/736x/da/62/17/da621715efec807827eb9a98b340e058.jpg

ඔවුන් බෙදා වෙන්කරගෙන ඇති භූමි කොටස් වල අයිතිය වෙනුවෙන් ඔවුන් සිය ජීවී වර්ගය්ම සාමාජිකයන් සමඟද ඇණ කොටාගැනීම ද විශේෂත්වයකි..."

-------------------------

http://1.bp.blogspot.com/__6X6hqq7nro/S9CYK5K7VfI
/AAAAAAAAEaI/67gu9e7KMIQ/s1600/earth-day.gif


"ඔයා මොකද මේ දවල් තිස්සෙ ඇහැරගෙන කරන්නෙ?" ඩ්‍රැකියානිගේ හඬ නැගුනේ මා පිටුපසිනි.

"මං හැදුව රේඩියෝ රිසීවර් එකක්. බලන්නකො මේ අහුවෙච්ච එක..." මම නැවත පටිගත වූ දෙය ප්‍රතිවාදනය කළෙමි.

ඇගේ මුව ඇපල්ගෙඩියක හැඩයට විවර වීමට වැඩි වේලාවක් ගතවූයේ නැත.

"මේ කියන්නෙ... මේ කියන්නෙ... "





















ප/ලි

මා මෙතෙක් සේවය කළ සේවාස්ථානයට සමුදීම තව ඇත්තේ එක් දිනකි. 18 වන දා සිට සේවයේ ශ්‍රේණිගත උසස්වීමක් සඳහා ආරම්භ වන දෙසතියක පුහුණුවකට යාමට සිදු‍වී තිබේ. මා මීළඟට අනුයුක්ත කෙරෙන්නේ කුමන ආයතනයකටදැයි තවම නොදනිමි. එතැනට ගොස් නැවතත් ජාලගත වීමට පහසුකම් සකසා ගැනීමට තවත් ටික කලක් ගතවනු ඇත.

පසුගිය සති කීපයේ මා හට සුහද බ්ලොග් කරුවන් හමුවීමට, ඔවුන් හා සංවාද ගොඩනගා ගැනීමට තිබූ ඉඩකඩ අඩු විය. ඒ මා කාරණා කීපයක් උදෙසා කාර්ය බහුල වීම නිසා ය. (මා බ්ලොග් ලොවට එන්නේ කාර්යාලීය ජාලයෙනි.)

එසේම, ඉදිරි සති කීපයේදී බ්ලොග් ලෝකය විසිට් කිරීමට මට හිමිවනුයේ ඉතාම අල්ප අවකාශයකි.

ටිකදිනකින් මා නැවත එනතුරු, මගේ සහෘදයන්, මගේ පරමාදර්ශයන් සහ මගේ සගයන් වන ඔබ සැමට කෙටිකාලීනව සමුදෙමි. ඔබ ඇසුරින් මා පෝෂණය වූ අතර, භාව විශෝධනයටද ඔබ සමඟ කළ සංවාදය ඉවහල් විය... ඒ සියල්ලට ඔබට මාගේ ප්‍රණාමය !

https://media0.giphy.com/media/l0NwC1UnHzAHfC50c/200.gif


http://sd.keepcalm-o-matic.co.uk/i/
keep-calm-and-i-ll-see-you-later.png

Thursday, May 5, 2016

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

http://static.fjcdn.com/pictures/King_8b19de_327898.jpg

ඕං දවසක්දා රාජ භෝජන වළඳලා එහෙම, විටක් හප හපා හිටපු කැකිල්ලෙ සජ්ජුරුවන්ට මරු අයිඩියා එකක් පහළ උනා. සජවරුන්ට මරු මරු අයිඩියා පහළ වෙනව තමා ඉතිං කාලෙං කාලෙට.

"රටේ ඉන්න හොඳම කම්මැළිය තෝරල ඌට සම්මානෙයක් දෙන්ඩ ඕනෙ" ඒක තමා කැකිල්ලෙ රජ්ජුරුවන්ට ආපු අදහස. ඉතිං පහුවදා ම රාජසභාවෙදි ආ‍ඥාවක් නිකුත් කළා.

ඒ අණට අනුව රාජපුරුෂයො, පස්ස කැඩිච්ච කඩි වගේ, ටාගට් කවර් කරන්ඩ බැරිවෙච්ච පොලිස් රාළහාමිල වගේ රට පුරා ඇවිදින්ඩ ගත්ත.

ඔහොම ගොඩකවෙල පැත්තට ගියපු රාජපුරුෂයො දෙන්නෙක් දැක්ක දවසක් පාර ට කිට්ටුව තිබ්බ වෙරළු ගහක් යට දෙන්නෙක් ඉඳගෙන ඉන්නව, වෙරළු ගහට පිට දීල. එකෙක්ගෙ කම්මුලේ ගහෙං වැටිච්ච වෙරළු ගෙඩියකුත් රැඳිල තිබුණ. ඌ දිව දික්කරල ඒක කටට දාගන්ඩ මාර ගේමක් දෙනව. ඒත් දිව දිග මදි.

මුං දෙන්න දැකපු රාජපුරුෂයො දෙන්න, අර බෝම්බ තුන හොයාගත්ත කොස්සො දෙන්න වගේ එතෙන්ට දුවගෙන ගියා.

(ඔහෙල දන්නවද බෝම්බ තුනේ උපකතාව?

ඕං මෙහෙමයි. 

දවසක් බෝම්බ තුනකට පොලිස් කොස්තාපල්ල දෙන්නෙක් කොස්තාපල්ල දෙන්නෙක්ට බෝම්බ තුනක් හම්බුණා කාණුවක තිබිල. උං මාර ආසාවෙං ඔන්න ඒකත් අරං යනව පොලිසියට.

යද්දි එක කොස්සෙක් ඉදළගෙං අනික් කොස්සගෙං අහනව,

"ඒ බං පත්තරෙය, මාර වැඩේ. දැං මේ බෝම්බෙයක් පිපිරුවොත් එහෙම අපි මොකද කරන්නෙ?"

"වෙන මොනව කරන්ඩද මෙන්ඩො?" අරූ කියනවලු... "අපි ඕඅයිසීට කියමු දෙකයි තිබ්බෙ කියල...")

ඉතිං අර වෙරළු කම්මැලියො දෙන්න ගාවට ගියපු රාජපුරුෂයො දෙන්නගෙං එකෙක් අහනව,

"ඒයි! බොලා‍ දෙන්න මොකද කරන්නෙ?"

"ඒකට උත්තරදෙන්ඩ නං බැරියැ..." අර කම්මුලේවෙරළු ගෙඩියක් තියෙන බුවා කිව්ව ඇස් අරින්නෙවත් නැතුව. "ඊට කලිං මෙන්න මේ වෙරළු ගෙඩිය මගෙ කටෙං තියනවකො උන්නැහැ..."

රාජපුරුෂයට මළපැනල, "තෝ වගේ කම්මැලියෙක්...!" කියල අරූට පයිං එකකුත් ඇන්න.

ඒ පයිං පාරෙ සද්දෙට අනික කියනව,

"හොඳ වැඩේ. ඕකට තව දෙකතුනක් අයින්ඩයි තියෙන්නෙ, ඔය කම්මැළීකම යන්ඩ. උන්නැහැට කියන්ඩ, පෙරේද බල්ලෙක් ඇවිත් මයෙ මූණ ලෙවකනව. ඉවසන්ඩම බැරි තැන, මං මූට කිව්ව මේ බල්ල එළවපං කියල. කොහෙද? මූ ගාණකටවත් ගත්තෙ නෑනෙ. පස්සෙ බල්ල මගෙ ඇඟට හුජ්ජත් කරල පස්ස ගාත් දෙකෙං බිම පහුරු ගාල පසුත් විසික්කරල ගියා යන්ඩ."

මේ නං රියල් බුලට් දෙකක් කියල දැනගත්ත රාජපුරුෂයො දෙන්න, මුං දෙන්නවත් කුදලගෙන සජ්ජුරුවො ගාවට අරං ගියා.

යනකොට රට වටෙම්ම අල්ලගත්ත කම්මැළීයො සීයක් විතර රජමාළිගාවෙ මිදුලෙ...

"මට ඕනෙ ලොකුම කම්මැළිය." කැකිල්ලෙ රජ්ජුරුවො කිව්ව. මේ මිනිස්සු අතරිං ලොකුම කම්මැළියව මට තෝරල දෙනවල"

ඇමතිවරු කල්පනා කරන්ඩ ගත්ත කොහොමද බොලේ කම්මැලිකම ටෙස් කරන්නෙ කියල. එ් අතරෙ රාජපුරුෂයො ටික වෙරළු කම්මැලියො දෙන්නව රජාට පෙන්නල කියනව,

"මුං දෙන්න තමා රජතුමෝ අපි දැකපු ලොකුම කම්මැලියො දෙන්න. මුං හදිසියකට අතක්කත් උස්සන්ඩ කම්මැලියි." කියල

"මට දෙන්නෙක්ගෙං වැඩක් නෑ. මුං දෙන්නගෙං ලොකුම එකා හොයල දෙනවලා..."

"රජා තමයි බොලේ බැලින්නං ලොකුම කම්මැලිය" එක රාජපුරුසයෙක් තව එකෙක්ගෙ කණට කොඳුරල කිව්ව. "දැං අපිද මූට හොයල දෙන්ඩ ඕනෙ ලොකුම එකා?"

"දෙමුද ලොක්කට මූණ බලන කණ්නාඩියක්?" තව එකා, එක රාජපුරුසයගෙ කණට ආපහු කෙඳිරුවා.

ඔය අතරෙ රජවාසල කවටය දුන්න හොඳ අයිඩියා එකක්...

ඒ අනුව ටක් ගාල රජ වාසල මිදු‍ල‍ෙ පිදුරු වලිං ඇටෙව්ව පැල්පතක්. ඒකෙ පැදුරු දෙකක් දාල, අර වෙරළු කම්මැලියො දෙන්න නිදිකෙරෙව්ව. "අපි මේ කොහෙද එක්කරං යන්නෙ, මොකද මේ අපිට කරන්ඩ යන්නෙ..." වගේ මෝඩ ප්‍රශ්න අහන්නැතුව අරුං දෙන්නත් පැදුරෙ දාපු ගමං ගොරෝ ගොරෝ නිදාගන්ඩ ගත්ත.

රාජපුරුසයො සෙට් එකක් වතුර බාල්දි, වැලිබාල්දි, විල්බැරැක්ක, යුද්ධටැංකි, බුලත් හෙප්පු වලිං සන්නද්ධ කරල ස්ටෑන්ඩ්බයි තියල, අර පැල්පතට ගිණි තිබ්බ.

ගින්න ඇවිලීගෙන එද්දි එක කම්මැලියෙක් ඇහැක් යාන්තමිං ඇරල බලල, අනිකට කියනව,

"මචං ටිකක් රස්නෙයි වගේ බං. කොහෙං හරි එළියකුත් වැටෙනව. පොඩ්ඩක් බලහංකො මොකද වෙන්නෙ කියල..."

"අනේ පළයං බං යන්ඩ." අනික කියනව. "ඔහෙ ඕනෙ එකක් වෙච්චදෙං මං නං ඇහැක් ඇරල බලන්නෑ" කියල ඌ අනික් පැත්ත හැරිල හොඳට බුදියෑව.

ආං ඌ තමයි ලොකුම කම්මැලිය කියල තෝරගත්ත කැකිල්ලෙ රජ්ජුරුවො, ඌට ගෙයක්, හැම ආවතේවයක්ම කරන්ඩ සේවකයො. සනීපෙට බුදියගන්ඩ ඇඳක්හෙපන්ඩ මහන්සි නොවී ලේසියෙං ගිළින්ඩ පුළුවං කෑම... ආදිය මැරෙනකං සප්ලයි කරන්ඩ රාජාඥාවක් පැනෙව්ව.

මේ කතාව රට පුරා ප්‍රසිද්ධ උනාට පස්සෙ රටේ කම්මැලියො සූ ගාල වැඩිවෙන්ඩ ගත්ත...

http://www.generalcomics.com/funny-directory/10/1007-funny-cartoon.jpg

---------------------------------------------

මෙතෙක් කතාව සහ පාඨකයන්ගෙං කරන විශේෂ ඉල්ලීම...

ගොඩ දවසකින් හරිහමං විදිහට බ්ලොග් අවකාශයට එන්න බැරි වුනා. අපේ කන්තෝරුවෙ ප්‍රොක්සි සර්වර් එක මැරිලලු. ඉතිං,

අනේ ඉන්ටනෙට් නෑ...
ඉන්ටනෙට් නෑ...
ඊ්මේල් නෑ...
‍බ්ලොග් නෑ...
අපිත් නෑ...

බැරිම තැන පරණ ඩොංගල් එක හොයල අරං, මකුළුදැල් කඩල, අන්ලොක් කරල, සිම් එකක් දාගෙන රිලෝඩ් එකකුත් දාගත්ත. කොම්පියුටරේට ගහල සයිට් දෙක තුනකට යනකොට ‍ඩේට ඉවරලු. හවස කම්පියුටරේ ෂට්ඩවුන් කරනකොට, මෙන්න බොලේ මැසේජ් එකක් එනව, වින්ඩෝස් අප්ඩේට් කරගත්තලු, ප්ලග් එක ඕෆ් කරන්ඩ එපාලු. (මේ යකා, මගෙ ඩේට ටිකෙං උගෙ ජනේලේ අප්ඩේට් කොරගෙන.)

කොහොම හරි ඕං, අද තමයි හරිහමං විදිහට බ්ලොග් අවකාශයට ගොඩවදින්ඩ ලැබුණෙ. ඉතිං මට හිතුණා මේ අල්ලපනල්ලෙ "ඓතිහාසික පුද්ගලයන් ගේ අභිලේඛන" කියල කැටගරියක් පටං අරං, අපි කියවල තියෙන ඉතිහාසගත පුද්ගලයන්, අපට කියවගන්න පුළුවන් වෙන්න ලියවලා තියෙන දේවල් ගැන මහා හරබර, භූගර්භ සාරගර්භ, පොඩි ළමයින්ගෙ දැනුම දියුණු වෙන, වැඩිහිටියන්ගෙ දැනුම මුවහත් වෙන ලිපි පෙලක් ලියන්න. හිතුව විතරක් නෙමෙයි, ඉන්ටනෙට් නැතුව ලකා ගහං හිටපු ටිකේ පළවෙනි ලිපිය ලියලත් ඉවර කළා.

අපි දෙබළකට නැග්ගොත් ඒකෙත් ගිරවෙක් ය කියල කතාවක් තියෙනවනෙ. මීට බොහොම කාලෙකට කලිං එක්තරා සයිට් එකක් තිබුණ, (මට මතක හැටියට රාජකීය ආසියාතික සංගමේ සයිට් එක) ඒකෙ සෙල් ලිපි වල නම්බර් එක දුන්නම, සෙල්ලිපියෙ ස්පර්ෂ පිටපතේ බොහොම පොඩි පින්තූරයක් පෙන්නව. මං උන්නෙ ඒ පින්තූරත් එක්කම බොහොම පොහොසත් ලිපි ටිකක් ලියන්න. දෙබළෙ උන්න ගිරව තමයි, ඒ පේජ් එක දැන් වැඩ කරන්නෑ.

ඉතිං මේ ලිපිය කියවන හුදී ජනයාගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ, මට පුළුවන්නං Inscriptions of Ceylon පොත් ටික හොයල දෙන්න සතියකට මං මොනවත්ම හාණියක් නොකර තිබුණ වගේම හොඳට පොත් ටික ආපහු භාර දෙන්න පොරොන්දු වෙනව. දෙන්න බෑම කියල හිතෙනවනං ...(අර
පුස්තකම් ඩීවීඩී රත්නම් - පරහස්ත ගතෝ ගතම්
කියල සෘෂි භාෂිතයක් තියෙන්නෙ)
එහෙම හිතෙනවනං, මං ලබාදෙන ප්ලේට් නම්බර් ටිකට අනුව, ප්ලේට් ටික ස්කෑන් කරල එවන්න පුළුවන්නං ඒකත් මට ඇති.

කවුරුන් හෝ පිං කරන නෝනා කෙනෙක් මහත්තැං කෙනෙක් ඉන්නවනං මට මේල් එකක් දාන්ඩය.
drackey@gmail.com මගෙ මේල් ඇඩ්‍රස් එක.

වැඩිපුර බලපු ලිපි