Monday, February 17, 2020

ලන්ඩන් පාළම කඩා වැටේ, වයසක හබර්ඩ් අම්මා සහ හම්ටි ඩම්ටි - ළමා කවිවල අඳුරු ඉතිහාසය

මීට කලින් ළමා කවි කීපයක් ගැන මම කතා කළා. ‌මේ ඒවට සබැඳි...

හේ ඩිඩ්ල් ඩිඩ්ල්
බා බා බ්ලැක් ෂීප්, අන්ධ මීයො තුන්දෙනා, ජැක් සහ ජිල් 

අද අපි මුලින්ම කතා කරන්නෙ ලන්ඩන් පාළම කඩාවැටීම ‌හෙවත්,  London Bridge is Falling Down ගැනයි.

මෙන්න කවිය,

London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.

Set a man to watch all night,
Watch all night, watch all night,
Set a man to watch all night,
My fair lady.

Suppose the man should fall asleep,
Fall asleep, fall asleep,
Suppose the man should fall asleep?
My fair lady.

ලන්ඩන් පාළම කඩා වැටීම වැළැක්වීමට
ඩක්ට් ‌‌ටේප් අලවා ඇති ආකාරය

https://blogger.googleusercontent.com/img/proxy/AVvXsEiqWLY5UvCasZXMve2la-G6e2wazhYADLMAGpeT6YN-4AxkgattSinNNxTu4rnvWE2KTQo9HHYFYlshPGD-GsfZt1ifg_ZQe81srIMje10cCuoWUYIK1uC35_Rt-AhXdqtSmaNceqV2EZh6IzW844qhtmRDcDlmEWFDZwEtX30sBRw-_bcxiyGCGyueXNso=

ලන්ඩන් පාළම කඩා වැටේ
කඩා වැටේ - කඩා වැටේ
ලන්ඩන් පාළම කඩා වැටේ
මගේ සුදු නෝනේ

මිනිහෙක් යොදවමු රෑ මුරකරන්න
රෑ මුරකරන්න - රෑ මුරකරන්න
මිනිහෙක් යොදවමු රෑ මුරකරන්න
මගේ සුදු නෝනේ

ඒ මනුස්සයා නිදා වැටේද,
නිදා වැටේද, - නිදා වැටේද,
ඒ මනුස්සයා නිදා වැටේද,
මගේ සුදු නෝනේ?

මේ කවිය ගැන අදහස් දෙකක් තියෙනව. එකක් තමයි, ලන්ඩන් පාළම කඩා වැටීම වළක්වන්න, මනුෂ්‍යයෙක් බිලිදුන්න බව. පාළම හදද්දි ඒකෙ පාදමට (දරුවෙක් කියලත් ගොඩක් තැන්වල මම දැක්කා.) මනුෂ්‍යයෙක් පණපිටින් ඇතුළත් කරලා වටේට බිත්ති බැඳලා තියෙනව කියලා අදහස් කරනවා. ඒ මනුස්සයා හෝ දරුවා, හුස්ම ගැනීමට වාතය, වතුර, කෑම නැතිකමින් බොහොම හෙමින් මරණයට පත්වෙනවා. ඊට පස්සෙ එයා‌ගෙ ආත්මය පාළම එක්ක බැඳිලා, පාළම ආරක්ෂා කරගෙන පවතිනවා කියල විශ්වාස කරනවා.

ඒ අදහස තමයි අර කවියෙ දෙවෙනි තුන්වෙනි කොටස් වල තියෙන්නෙ...
https://s4.scoopwhoop.com/anj/Nursery_Rhymes/537927700.jpg

අනික් අදහස තමයි, 1014 දි ‌නෝවේ හි ‌දෙවන ඔලාෆ් රජු එංගලන්තය ආක්‍රමණය කරලා ලන්ඩන් නගරය විනාශ කිරීම මේ කවියෙන් කියවෙනව කියන එක. ‌මේ කවිය ‌ලෝකෙ ‌ගොඩක් ප්‍රදේශවල ව්‍යාප්ත ‌‌වෙලා තියෙනව. ඒ, නෝමන්වරු තමන් ගිය ගිය හැම තැනකටම ‌මේ කවිය අරගෙන ගිය නිසා කියල සළකනව. නමුත් හැම කෙනෙක්ම මේ අදහස පිළිිගන්නෙ නෑ. මොකද, එහෙම ආක්‍රමණයක් ඇත්තටම වුණා ද කියන එක ගැනත් මතභේද තියෙනව.

ඔලාෆ් ටයිම්ඇන්ඩ්හැෆ් රජු ‌
ගෝල් ‌දේශය ආක්‍රමණය කළ අවස්ථාව
https://www.bookdepository.com/Asterix-
Asterix-Normans-Rene-Goscinny/9780752866239

ඔය කවිය දැන් වෙනවිට ගොඩක් වෙනස් වෙලා මම වැඩියෙම අහල තියෙන්නෙ මේ විදියට.


London Bridge is falling down
Falling down, falling down
London Bridge is falling down
My fair lady

Build it up with iron bars
Iron bars, iron bars
Build it up with iron bars
My fair lady

Iron bars will bend and break
Bend and break, bend and break
Iron bars will bend and break
My fair lady

Build it up with god and silver
Gold and silver, gold and silver
Build it up with gold and silver
My fair lady

London Bridge is falling down
Falling down, falling down
London Bridge is falling down
M-y-y f-a-i-r l-a-d-y

මීළඟට අපි කියවන්න යන්නෙ වයසක හබර්ඩ් අම්මා ගැන. 

Old Mother Hubbard
Went to the cupboard
To get her poor doggie a bone,
When she got there
The cupboard was bare
So the poor little doggie had none

වයසක හබර්ඩ් අම්මා
කබඩ් එක ගාවට ගියා
ඇගෙ දුප්පත් බව්වට මස් කට්ටක් ‌දෙන්න
එයා ගිහිං බැලුවම
කබර්ඩ් එක හිස්
ඉතිං දුප්පත් ‌පොඩි බල්ලට ‌මොකුත් ලැබු‌ණෙ නෑ.

https://s3.scoopwhoop.com/anj/Nursery_Rhymes/59760068.jpg

සුප්‍රකට අටවන ‌හෙන්රි රජු ‌‌‌ගෙ පළමුවෙනි බිරිඳ ‌මෙන්ම රැජිණ වුණේ ඇරගොන් හි කැතරින් ‌දේවිය. ඇයට පිරිමි දරුවෙක් ලැබීමට ‌නොහැකි වුණු නිසා, (පිරිමි උරුමක්කාරයෙක්) ‌හෙන්රි රජුට විකල්ප තුනක් අතරින් එකක් ‌තෝරගන්න සිද්ධ වුණා. තමන්ගෙ දියණිය වුණු ‌මේරි ටියුඩර් විවාහ කරදීලා මුණුපුරෙක් බලාපොරොත්තු වීම (අටවන ‌හෙන්රි රජුගෙ මරණයට ‌පෙර ‌මේරි කුමරිය දරුවෙකු ලබන වයසට පත්වෙන්නෙ නෑ. ඒ නිසා ඒක හරි යන්නෙ නෑ.), රජුගෙ අනියම් බිරිඳ වුණු ‌මේරි ‌බෝලින් ‌ගෙ පුතා ‌හෙන්රි ෆිට්ස්‌රෝයි කුලවද්දා ගැනීම (ඒකට පාප් වහන්සේගෙ අනුමැතිය අවශ්‍ය වුණා), එහෙමත් නැත්නම් කැතරින් රැජිණ පහ කරලා, දරුවෙකු ලැබිය හැකි ‌වෙනත් තරුණ කාන්තාවක් විවාහ කරගැනීම: තමයි ඒ විකල්ප තුන. එයින් රජුට වඩාත්ම ආකර්ෂණීය වුනේ තුන්වෙනි විකල්පය.

අටවන ‌හෙන්රි රජු (‌මොනව අටවනවද දන්නෑ...)
https://upload.wikimedia.org/wikipedia/commons/thumb
/3/32/1491_Henry_VIII.jpg/485px-1491_Henry_VIII.jpg

කැතරින් රැජිණ පහ කිරීමට රජු ‌තෝරගත්තෙ ‌මෙහෙම තර්කයක්. කැතරින් රැජිණ, රජු ‌‌ගේ අයියා වුණු ‌වේල්ස් හි කුමාරයා ද වුණු නැසීගිය ආතර් කුමාරයා ගෙ භාර්යාව. ‌සොහොයුරාගෙ බිරිඳ විවාහ කරගැනීම ශූන්‍ය හා බලරහිතයි. ‌එම තර්කය හත්වෙනි ක්ලෙමන්ට් පාප්වහන්සේට ඉදිරිපත් කරලා අනුමැතිය ගන්න සිදුවුණා. ‌එහෙත් අනුමැතිය ලැබුණෙ නෑ. 

ඒ වැඩේ වගකීම පැවරුණේ එංගලන්තයේ හිටපු ප්‍රධාන ආගමික බලවතා වුණු කාඩිනල් වුල්සි ට. රජුගෙ ‌කෝපය ඔහුට එල්ල වුණා. ය‌ෝක් හි ආච්බි‌ෂොප්වරයා වී සිට, පාප්වහන්සේ ‌ගේ එංගලන්ත නියෝජිතයා බවට පත් ‌වෙලා, දහවන ලියෝ පාප් තුමා විසින් කාඩිනල් තත්ත්වයට උසස් ‌කෙරිලා, පසුව අටවන ‌හෙන්රි රජුගේ ප්‍රධාන උපදේශක ‌හෙවත් Lord Chancellor (‌මෙම තනතුර ‌දෙවැනි රජු ‌‌ලෙස ද හැඳින්වීමෙන්, එංගලන්තය තුල ‌කාඩිනල් වුල්සිය ‌කොයි තරම් බලයක් තිබුණා ද කියා හිතාගන්න පුළුවන්.) හිටපු ‌තෝමස් වුල්සි තුමා, ආපහු ලන්ඩන්හි සියලු කටයුතු අතහැරලා ආච්බිෂොප් ‌ලෙස ‌යෝක් බලා ගියා. එතන සැනසිල්ලෙ ඉන්න ලැබුණෙ නෑ, ආපහු ලන්ඩන්වලට කැඳවලා, රාජද්‍රොහී වීම ගැන ‌චෝදනා කරලා, හිරභාරයට ගනු ලැබුණා. හිරේ ඉඳිමින් එතුමා කළුරිය කළා.

කාඩිනල් වුල්සි
https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23
/Cardinal_Thomas_Wolsey.jpg/496px-Cardinal_Thomas_Wolsey.jpg

කවියෙන් කියන්නෙ, හබර්ඩ් අම්මා තමයි කාඩිනල් වුල්සි. අටවෙනි ‌හෙන්රි නම් දුප්පත් බල්ලා අපේක්ෂා කළ මස්කට්ට වුණේ කැතරින් රැජිණ ඉවත් කිරීමේ තීන්දුව. ඒක ලබාදෙන්න වුල්සි තුමාට බැරිවුණා...


කවුරුත් දන්න අඳුනන හම්ටි ඩම්ටි ‌ගෙ කතාව මී ළඟට...


Humpty Dumpty sat on a wall,
Humpty Dumpty had a great fall;
All the King's horses
And all the King's men,
Couldn't put Humpty together again.

හම්ටි ඩම්ටි තාප්පෙ උඩ උන්නා
හම්ටි ඩම්ටි බිමට වැටුණා
රජු‌‌ගෙ අස්සයො ඔක්කොමටයි
රජුගෙ මිනිස්සු ඔක්කොමටයි
හම්ටි ප්‍රකෘතිමත්කරන්න බැරි වුණා



මේ කවියටත් කතන්දර ‌දෙකක් තියෙනව.

1648 එංගලන්ත සිවිල් යුද්ධෙදි ‌ක්ලොචෙස්ටර් නගරය අල්ලගන්න ‌පාර්ලිමේන්තුවාදීන් ‌මෙහෙයවූ ෆෙයාෆැක්ස් සාමිවරයට ‌ලොකු සටනක් ‌දෙන්න සිද්ධවුණා. ඒ නගරය පවුරකින් වටවුණු, ‌දේවස්ථාන කුළුණු කීපයකින් සමන්විත එකක්. ඒ අතරින්, "ප්‍රාකාරය බද ශාන්ත මරියා ‌දේවස්ථානයේ" කුළුණ උඩ රඳවනු ලැබුණා, ‌ලොකු කාලතුවක්කුවක්. ඒක ක්‍රියාත්මක කළේ "එකැස් ජැක් ‌තොම්සන්" කියල ‌කෙනෙක්. ඔය කාල තුවක්කුවෙන් ආක්‍රමණිකයන්ට ‌ලොකු හාණියක් කරන්න පුළුවන් වුණා.

ක්ලොචෙස්ටර් හි
ප්‍රාකාරය බද ශාන්ත මරියා ‌දේවස්ථානයේ කුළුණ
http://myths.e2bn.org/library/1159095561/stmyatthwsmall.teach.jpg

ඉතින් ආක්‍රමණිකයෝ දිගින් දිගටම ‌දේවස්ථානයේ කුළුණ මුදුනට පහර ‌දෙන්න ගත්තා. ප්‍රතිඵලයක් විදිහට 1648 ජූලි 14 - 15 දවස් අතරෙ එකැස් ජැක් කාලතුවක්කුවත් එක්කම කුළුණෙන් පහලට වැටුණා. කැඩුණු කාලතුවක්කුව ආපහු ප්‍රකෘතිමත් කරන්න බැරි තරම් හාණි ‌වෙලා තිබුණා.

ඉතින් ක්ලොචෙස්ටර් නගරවැසියන් කියන්නෙ, හම්ටි ඩම්ටි කියන්නෙ ඔය ‌ලොකු කාලතුවක්කුවට කියලයි.

තවත් කතාවකින් කියවෙන්නෙ, ඔය සිවිල් යුද්ධයෙදි පාර්ලිමේන්තුවාදින් විසින් පරාජය ‌කෙරුණු පළමුවැනි චාර්ල්ස් රජු ම තමයි හම්ටි ඩම්ටි කියලා. රජු පරාජය වීීම "මහා වැටීමක්" (Great Fall). ඒ ‌වගේම නැතිවුණු බලය ආපහු ලබා ‌දෙන්න රජ්ජුරුවන්ගෙ අශ්වාරෝහක හමුදාවට බැරි වුණා. රජු ට මරණ දඬුවම ලැබුණා.

තවත් අදහසක් තමයි අර උඩ කියපු කාඩිනල් වුල්සි ‌‌ගෙ වැටීම ‌මේ කවියෙන් කියවෙනව කියන එක.

දෙවෙනි කතාව තමයි මම කැමතිම එක.

තුන්වෙනි රිචර්ඩ් රජු ‌බොස්වර්ත් යුද්ධයෙදි මියයාම ‌මෙම කවියෙන් නිරූපණය ‌වෙනව කියල කියනව. ලැන්කැස්ටර් සහ ‌යෝක් පරම්පරා ‌දෙක අතර සිවිල් යුද්ධය ‌බොස්වර්ත් යුද්ධය කියල කියනව. ‌‌මේ සටනින් යෝක් පරම්පරාවෙ අවසන් රජු වුණු තුන්වන රිචර්ඩ් රජු පරදවලා ටියුඩර් පරම්පරාවෙ පළමුවෙනි රජු හැටියට හත්වන ‌හෙන්රි රජ ‌වෙනව. 

මේ සටනෙදි රිචර්ඩ් රජුගෙ හමුදාව ‌හෙන්රිගෙ හමුදාවට වඩා වැඩියි. ශ්‍රීමත් විලියම් ස්ටැන්ලි සහ ‌තෝමස් ස්ටැන්ලි සාමි කියන වංශාධිපතීන් ‌මේ යුද්ධය තිබුණු තැනට‌ සේනාව අරං ආවට, වඩා වාසිදායක පැත්තට සහයෝගය ‌දෙන්න කල්බැලුවා.  රිචර්ඩ් රජු හමුදාව තුනට ‌බෙදලා එක ‌කොටසන් ‌නෝෆා්ක් හි ඩියුක් යටතේ ‌හෙන්රිට එරෙහිව ‌මෙහෙයවද්දි ‌හෙන්රිගෙ ‌සෙන්පතියා වුණු ඔක්ස්ෆර්ඩ් හි අර්ල්වරයා ඒ හමුදාවට මුහුණ ‌දුන්නා. එතනදි ‌නෝෆෝක්ගෙ හමුදාවෙන් ‌කොටසක් පසුබැස්සා. එතනදි රජු ‌තෝමස් සහ විලියම් ස්ටැන්ලිවරුන්ගෙ උපකාර ඉල්ලුවත් ඒ අය උදව් කළේ නෑ. රජු ‌හෙන්රි මරා දමලා යුද්ධය ඉවර කරන්න හිතාගෙන යුධපිටිය හරහා තමන්ගෙ හමුදාව ‌මෙහෙයවුවා. රජුගෙ නයිට්වරු රජුගෙන් ඈත් ‌වෙනවා දුටු ‌මෙතෙක් ස්වාධීනව කල් බලමින් හිටි ස්ටැන්ලිවරු (විලියම් සහ ‌තෝමස්) ‌හෙන්රිට උපකාර කරන්න මැදිහත් වුණා. ශ්‍රීමත් විලියම් ස්ටැන්ලි රිචඩ් රජු වටකරලා මරා දැම්මා.

තුන්වන රිචර්ඩ් රජු තමයි මට මතක හැටියට එයාගෙ පිටේ තිබුණුු කුදයක් ‌හේතුවෙන් හම්ටි ඩම්ටි කියල අපර නාමයක් පට බැඳුණු රජු.

මූලාශ්‍ර

Tuesday, February 11, 2020

යක්කුං‌ගෙ නිධානය - බුරුම ජනකතාවක්

ඉතිං ඔන්න කාලෙකින් බ්ලොග් එකට ආව. පහුගිය ටිකේ ඩ්‍රැකියානි විභාගයකට පාඩම් කළා. මම ඔය විභාගෙට පාඩම් කළේ 2017දි. ඒ දවස්වල මම හැම ඉරිදම පන්ති ගියා. හැමදාම රෑ 9 විතර ඉඳන් 12 විතර ‌වෙනකං පාඩම් කළා. ඒ කාලෙ අපේ පුංචිරාළට අවුරුදු ‌දෙකයි වයස. ඉතිං මට ඒ පාඩම් වැඩවලට පහසු ‌වෙන බබා බලාගෙන, ‌ගෙදර ‌දොරේ මා අතින් ‌වෙන්න තිබුණු ‌දේවලුත් සම්පූර්ණ කරගෙන, ඩ්‍රැකියානි මට මාර උපස්තම්භයක් වුණා. විභාගෙන් පස්සෙත් අපේ පත්වීම් අවුරුද්දක් හමාරක් පරක්කු වුණා. ඒ ගැන මම වැඩි විස්තර කවද හරි ලියාවි. ඒ කාලෙ විභාගෙ පාස් වුණු අපි ‌‌සෙට් එකම ‌ලොකු මහන්සියක් ගත්තා කටයුතු ටික ආපහු හරි මාර්ගෙට ගන්න. ඒකාලෙත් ඩ්‍රැකියානි මට මාර විදිහට සහයෝගය දුන්නා හිත නිරවුල්ව ඒ කටයුතු ටික කරගන්න. ඉතින් මමත් මට ඒ මට්ටමින්ම කරගන්න බැරි උනත්, මට ඇහැකි විදිහකට එයාට බැකප් එකක් දුන්නා ‌මේ පාර. ඒ නිසා බ්ලොග් එක ‌පොඩ්ඩක් පාලුවට ගියා.

ඉතිං අද මම කියන්න යන්නෙ බුරුම ජනකතාවක්. ගංජ කාරයෙකුයි, ‌බේබද්දෙකුයි, යක්කුයි ගැන.

https://www.vectorstock.com/royalty-free-vector/devil-tattoo-smoking-red-vector-27403285


බුරුමෙ එක්තරා හන්දියක තිබුණු අම්බලමක්, යක්කු රැස්වෙන තැනක් කියල ප්‍රසිද්ධ ‌වෙලා තිබුණා. කවුරුවත් ඒකෙ රෑ නවාතැන් ගත්තෙ නෑ යක්කුන්ට බයේ.

ඒ ගමේ හිටියා ගංජවලට ඇබ්බැහිවුණු මනුස්සයෙක්. එයා ගමෙන්ම ‌කොන් ‌වෙලා හිටියෙ, ඒ ඇබ්බැහිය නිසා. උන්දැට යාලුවෙකුට හිටියෙ තවත් ඒ වගේම රා‌ ‌බොන්ඩ ‌පෙරේත මනුස්සයෙක් විතරයි. ‌මේ ‌දෙන්නා උදේ ඉඳල ‌කොහෙ හරි කුළී වැඩක් කරලා කීයක් හරි ‌හොයාගෙන, හවස් අතේ තම තමන්ගෙ ඇබ්බැහිය සංසිඳුවාගෙන, කා‌ගෙ හරි අගු පිළක නිදා ගන්නව.

දවසක් ඔය ගංජ ‌ලෝලියට ‌කොහෙවත් කුළී වැඩක් හම්බුණේ නෑ. එයා හවස් ‌වෙනකොට ‌බොහොම අපේක්ෂා භංගත්වයට පත්වෙලා, කඩමණ්ඩියෙ ඉඳං, එතනට යන එන අය‌ෙගෙන් සල්ලි ඉල්ලන්න පටං ගත්තා.

ඔතනින් ගියපු ඉස්කෝලෙ මහත්තයෙක් ‌හොඳ ‌යෝජනාවක් කළා අර ගංජ බුවාට.

"තමුසෙ පුළුවන්නං අර අම්බලමෙ එක රැයක් ඉන්නව. මම තමුසෙට රුපියල් සීයක් ‌දෙනව" (ඔය කියන්නෙ අපේ සීයලගෙ කාලෙ)

කොල්ලා එක පයිං කැමති වුණා. "ඒකත් වැඩක්ද මහත්තෙයා. මම යන්නං දැන්ම. හැබැයි මට රුපියල් පහළොවක් ‌දෙන්ඩ දැං. ‌බනිස් ‌ගෙඩියක් කාලා, ‌ජොයින්ට් එකක් හදාගන්ඩ.."

ඉස්කෝලෙ මහත්තෙයා දුන්නා රුපියල් විස්සක්.

ඉතිං අර ‌කොල්ලා, එදා රෑ අම්බලමට ගියා පැදුරකුත් අරං. ගිහිං ඒකෙ ‌කොට බිත්තියක් උඩ ඉඳගත්තා. හීනියට ගංජ සුරුට්ටුවකුත් හදාගෙන පත්තු කරගත්තා. රෑ ‌දොළහට කිට්ටු ‌වෙද්දි අරූට නින්ද ගියෙම නෑ බයට. ඔන්න එතකොටම යක්කු එකා ‌දෙන්නා ‌‌සේන්දු ‌වෙන්න ගත්තා අම්බලමට. ආපු පළවෙනි යකා අරූ ‌දිහා ‌හොඳට බැලුවා.

"ආ.. ‌කොහොමද?" ගංජ කාරය ඇහුවා. "මං ටිකක් ‌වේලාසන ආව." කටේ ගිනි පුපුරකුත් තිබුණු නිසා ඉතිං යකා ඌ ගැන සැක කළේ නෑ.

පැය කාලක් විතර යද්දි යක්කු බර ගාණක් අම්බලමට ඇවිත්.

"මනුස්ස ගඳයි..." එකෙක් කිව්ව. "අපි ගණං කරල බලමු..."

"‌කෝ බලන්ඩ" ගංජ කාරය ඉස්සරහට ඇවිත්... "මං ගණං කරන්නං. ඔන්න මායි, එකයි, ‌දෙකයි, තුනයි..." එහෙම ගණං කරල, එකෙක් වැඩිපුර නෑ කියල ඔප්පු කළා.

ඉතිං ආපහු යක්කු ටික කතා බහ පටං ගත්තා.

"‌මේන්න ‌මෙතන නිධානෙයක් තියෙනව." එක යකෙක් අම්බලම ගාව ගහක් යටට අත දික්කරල ‌පෙන්නුව. ගංජ කාරය ‌හොඳට තැන මතක තියාගත්තා.

ඉතිං මුලු රෑම ආගිය කතා කතා කරපු යක්කු ටික පාන්දර ‌වෙද්දි යන්ඩ ගියා.

ගමේ උදවිය ආව ඉස්කෝලෙ මහත්තෙයත් ඉස්සර කරගෙන අර ගංජ කාරයට ‌මොකද වුණේ කියල බලන්න. සමහරු උදලු, ගල්කටුත් අරගෙන ආවෙ අරූ යකා ගහල, මැරිල නං වළලන්ඩ හිතාගෙන. ඒ ආව ‌කෙනෙක්ගෙන් උදැල්ලක් ඉල්ලගත්ත ගංජ කාරයා, ඒ අය ගියාට පස්සෙ අර නිධානෙ ‌ගොඩදාගෙන ‌යාළු බේබද්දත් එක්ක ‌ගෙයක් ‌දොරක් හදාගෙන ‌බොහොම ‌හොඳින් ගමේ වාසය කරන්ඩ පටං ගත්තා.

බේබද්දටත් කාලයක් යද්දි ආස හිතුණා නිධානයක් ‌හාරගන්ඩ. ගංජ කාරයා ‌කොච්චර එපා කිව්වත් අහන්නැතුව එයත් දවසක් ගියා අර අම්බලමට. ගිහිං ‌හොඳටම බීලා ‌කොට බිත්තිය උඩ ඇල වුණා. ‌උන්දැට නින්ද ගියා. යක්කු ටික ඇවිත් කලින් දවසෙ වගේම "මනුස්ස ගඳයි " කියලා ‌හොයන්න ගත්තා. එතකොට දැක්කා බුදියගෙන ඉන්න ‌බේබද්දව. කලින් දවසෙ නිධානෙ ගන්ඩත් ඇත්තෙ මූ ම තමයි කියල හිතපු යක්කු ටික, උන්දැගෙ නහය දහ අට රියන් ‌දික් වෙන්න ඇදලා, ගියා.

පහුවදා උදේ යාළුව ‌හොයාගෙන ගංජ කාරයා අම්බලමට යනකොටත් උන්දැ නිදි.

ඉතිං ‌බොහොම අමාරුවෙන් එයාව ‌ගෙදර එක්කරගෙන ගියපු ගංජ කාරයා හිතාගත්තා, අර දිග නහය ‌කොට කරන්ඩ විදිහකුත් යක්කුන්ගෙන්ම තමයි අහගන්න ‌වෙන්නෙ කියල.

ඉතිං තවත් පාරක් ගංජ කාරයා ගියා අම්බලමට. එදත් යක්කු ටික රැස් ‌වෙලා මිනිස් ගඳට ‌හොයන්න ගත්තා. ඇහැරලා හිටපු ගංජ කාරයා යක්කු ටික රවට්ටගෙන තමනුත් යකෙක් විදිහට රඟපෑවා.

"එදා උඹලා ටික අරූ වටකරගත්තනෙ. මට ළඟටවත් යන්ඩ බැරිවුණා." ගංජ කාරයා කිව්වා. "මම උන්නෙ අරූගෙ නහය දහඅට රියන් ‌නෙවෙයි, අසූ රියන්වත් ‌වෙන්න අදින්න." ඉතිං යක්කු උන්දැ ගැන සැක කළේ නෑ.

"හැබෑට ‌කොහොමද ඔය නහය ‌කොට කරන්නෙ?" ගංජ කාරයා ‌ෂේප් එකේ ඇහුවා.

"සිම්පල්නෙ මල්ලි" එක යකෙක් කිව්වා. "අමාවක දවසක රෑ, කලුවර ‌මෝල්ගහක් ඔය නහයට කිට්ටු කළාම, එක පාරකට අඩිය ගානෙ ‌කොට ‌වෙනව."

ගංජ කාරය ‌හොඳට මතක තියාගත්ත ‌වෙදකම.

එදත් පාන්දර ‌වෙනකං කතා බහ කර කර හිටපු යක්කු ටික කුකුළ අඬලද්දි යන්ඩ ගියා. ගංජ කාරයා ‌ගෙදර ගිහිං අර කියපු ‌වෙදකම කරලා යාලුව ‌බේරගත්තා.

මේ කතාවෙ ආදර්ශය ‌මොකද්ද? කියවපු උදවිය පහළිං කමෙන්ට් කරගෙන යන්ඩ...

වැඩිපුර බලපු ලිපි