Showing posts with label ප්‍රේමය. Show all posts
Showing posts with label ප්‍රේමය. Show all posts

Sunday, July 27, 2025

ජීවිතය සුන්දරයි

පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරමින් බකුසුහාමි උපාසක මහතා, සිලිලාරේ පෝස්ට් එකක ලිංක් එක සටහන් කරලා තිබුණා. තාත්තලා ගැන කම්පනයක් ඇති කරවන ලිපියක් ඒ. 

ඒ ලිපිය කියවනවිට අපේ තාත්තාත්, මම දැකලා තිබෙණ තවත් තාත්තලා ගණනාවකුත් ගැන දිග කල්පනා රැසක් ඔලුවට ආවත්, එතැන ලියන්නට තිබෙණ හොඳ ම කමෙන්ටුව, තවත් පෝස්ටුවක් ම වෙන එක වඩා හොඳයි කියලා හිතුවා.

මේ මම දැකපු තවත් මාර ම තාත්තෙක්.

ගුයිදෝ... 1930 ගණංවල ඉතාලියේ වෙසෙන යුදෙව්වෙක්. සැහැල්ලු ජීවිතයක් ගත කරන තරුණයෙක් වන ඔහු ගේ සිත ඇදී යනවා, ඩෝරා නම් තරුණ ගුරුවරියක් වෙත. 


ඩෝරා ට විවා ගිවිසගත් තවත් අයෙක් සිටිනවා. නමුත් ඇය කැමති වන්නේත් ගුයිඩෝට. ඔහු ඇය දිනාගන්නේ සුරංගනා කතාවක බඳු වික්‍රමයක් කරමින්...


ඔවුන්ට පුතෙකු ලැබෙනවා. ඔහුගේ නම ජොෂුවා. ඔවුන්ගේ ජීවිත මැදට ෆැසිස්ට් වාදීන්ගේ බලපෑම එන්නේ ඒ අතර...

ගුයිඩෝ සහ ඔහුගේ පුතා ෆැසිස්ට් වද කඳවුරකට රැගෙන යනවා. ඩෝරා යුදෙවු ජාතිකයෙකු නොවන නමුත්, ඇයත් කැමැත්තෙන් ඔවුන් සමග යනවා. කුඩා දරුවෙකුගේ මනසට ෆැසිස්ට් වාදය - යුදෙවු - වධ දීම්, යුද්ධ ආදිය අනවශ්‍ය ලෙස ඇතුල් නොකිරීමට තැත් කරන ගුයිඩෝ, පුතාට කියන්නේ මේ සෙල්ලමක් විදිහටයි. හැංගිමුත්තං වැනි දිගුකාලීන සෙල්ලමක්. ඔවුන් හොඳින් සෙල්ලම අවසන් කළහොත් තෑග්ග විදිහට ඇත්ත යුද්ධ ටැංකියක් ලැබෙනු ඇති. 

කඳවුරේ දී ඩෝරා කාන්තා කොටසට යැවෙන නිසා, ඔවුන්ට එකිනෙකා දකින්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් තමන් හොඳින් සිටින බව වත් ඇයට දැනගන්නට සැළැස්වීමට ගුයිඩෝ විවිධ උපක්‍රම භාවිත කරනවා.


අවසානයේ, යුද්ධය නිමාවෙමින් තිබිය දී, ගුයිඩෝ මරා දැමෙනවා. ඔහු මරා දමන්නට කැටුව යන විට, ඔහුගේ පුතා දකිනවා. නමුත් තම අවසාන මොහොත් කීපයත් ඔහු පුතාට සෙල්ලමේ ම කොටසක් බව ඒත්තු ගන්වන්න සමත් වෙනවා.

තාත්තලා සහ ඔවුන්ගේ කැපකිරීම් ගැන මතකයේ පිහි පාරක් විදිහට ඇනී තිබෙන මේ චිත්‍රපටිය La vita è bella හෙවත් ඉංග්‍රීසියෙන් Life is Beautiful. 1997 දී තිරගත වුණු මෙය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය වුණු ගුයිඩෝ හැටියට රඟ පෑවේ රොබෙර්තෝ බෙනිඥි. 1999 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂාවකට අයත් චිත්‍රපටිය, හොඳ ම සංගීතය සහ හොඳ ම නළුවාට හිමි සම්මාන දිනාගත්තා. 1999 ඇකඩමි සම්මාමාන උළෙලේ දී ත්  ඉහත කී සම්මාන තුන ම ඔවුහු දිනාගත්තා. කෑන්ස් සම්මාන දෙකක් ද ඇතුළුව ලොවපුරා සිනමා සම්මාන මහත් රාශියක් දිනාගත් මේ චිත්‍රපටිය, මේතාක් නිමැවුණු හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ තිබෙනවා.

මෙන්න එය බාගත කිරීමට ටොරන්ට් සබැඳිය...

Tuesday, September 13, 2022

මා ලේඛකයෙකු කළ කුමාරසිංහ මහතා

සුනිල් කුමාරසිංහ අතුකෝරල සහෘදයාණන් මාහට මුණ ගැසුණේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේදී ය. 

ඔහු සමඟ කතා බහ කරද්දී මා දුටු ඉතා නිහතමානී සහ සරල මනුස්සකම සාමාන්‍යයෙන් රජයේ සේවකයෙකු තුළ දකින්නට නොමැති තරම් විය. පැය ගණනක් වුව ද එකදිගට වෙහෙසක් නොමැතිව ශාස්ත්‍රීය දේ පිළිබඳ කතා කරන්නට ඔහු සතුව මහා දැනුම් සම්භාරයක් විය. මානව විද්‍යා, පුරාවිද්‍යා, ඉතිහාස මෙන්ම සාහිත්‍යය පැත්තෙන් ද ඔහු සතුව මහා දැනුම් උල්පතක් විය. ඔහු පොත් ගණනාවක කතු වරයා වන අතර, ඔහුගේ ශාස්ත්‍රීය ලිපි මාසයකට දෙකක් තුනක් වත්, දිවයින බදාදා අතිිිරේකයේ පළ වේ.

කුමාරසිංහ මහතා වන්නිලැත්තන්ගේ රුකුල් පොජ්ජට මං‌ගච්ඡා ගත් පින්තූර පොජ්ජකි

කුමාරසිංහ මහතා සමග මාගේ ඇසුර තවත් දැඩි වූයේ මගේ පියාගේ අභාවයත් සමඟිනි. මාගේ පියා සමග මා බෙදා හදාගත් සාහිත්‍ය, දේශපාලන සහ සාමාජීය කතිකාව නොනැවත ගෙනයාමෙන් ඔහු නොදැනුවත්වම පියාගේ අභාවයෙන් මා තුළ ඇතිවූ රික්තකය පිරවූයේ ය.

වයසින් ඔහු හා මා අතර තරමක පරතරයක් පැවතිය ද, මාගේ ජීවිතයේ ඉදිරි කඩඉම්වලදී කුමාරසිංහ මහතා යහළුවෙකු මෙන් මා සමග සිටියේය. පියාගේ දානමය කටයුතු, ගෙට ගෙවදීම, මාගේ විවාහය, ආදී මාගේ ජීවිතයේ සියලු කඩඉම්වලදී ඔහු මා සමග සමීපව කටයුතු කළේ ය. 

උපේක්ෂාව, මානව දයාව මෙන් ම, සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් නොපැකිළව පෙනී සිටීම යන ගුණාංග සම්බන්ධව ඔහු මා හට ජීවන ආදර්ශයක් විය. බුදුන් උපන්නේ ලංකාවේ ය යන ප්‍රපංචය සමාජගත වූ අලුත, මාත් යහළුවන් පිරසකුත් හිරිවඩුන්න බෝධිය බලන්නට ගිය බව ඔහු වෙත කී විට, ඔහු තනිව ම එහි ගොස් කරුණු රැස් කළේ ය. එහි ඇති ඇත්ත නැත්ත ගැන ගැඹුරින් සොයා බැලූ හෙතෙම, හිරිවඩුන්න පන්සලේ හාමුදුරුවන් මෙන් ම ග වැසියන් සමග ද සාකච්ඡා කර, ඉහත කී මතවාදයේ සවිඥානික මගඩියක් මිස සත්‍යයක් නැති බව හෙළි කර ගත්තේ ය.

වන්නිලැත්තෙක් සමඟ...

මා සිය පවුලේ හිතවතෙකු කරගත් කුමාරසිංහ මහතා, අප කැටිව සුහද චාරිකාවන් ද කිහිපයක් ගිය බව මතක ය. තමන් පදිංචිව සිටි ප්‍රදේශයට කිට්ටු වාරණ පුරාණ විහාරය, අලවල, ඇතා උඩ කන්ද ආදී ප්‍රදේශයන්හි පුරවත,  සහ පුරාවිද්‍යාත්මක උරුමයන් පිළිබඳ දැක්වූ නොමඳ ඇල්ම හා කුතුහලය ඔහුට විශේෂත්වයක් විය. 

දිවයිනේ ප්‍රකට ලේඛකයින් රැසක් සමග සමීප සබඳතා පැවැත්වූ ඔහු සිය ලේඛන කාර්යයේ දී ඒ සබඳතා බුහුටිව යොදවා ගත්තේ ය.

සේනාරත්න වීරසිංහ සහ සුනිල් ගුණවර්ධන (ලේඛකයෙක් සහ කවියෙක් සමඟ)

මා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවය කරන කාලයේ කුමාරසිංහ මහතාගේ තවත් එක් සුවිශේෂී මිතුරෙකු වූ රන්ජිත් ප්‍රේමරත්න මහතා තම පෞද්ගලික ධනයෙන් සහ උත්සාහයෙන් "රන්බිම" නමින් පුවත්පතක් පටන් ගත්තේ ය. ඊට උපකාර කරනු වස් මෙන් ම, තම මිතුරන්ට හැකියාවන් එළිදක්වන්නට මඟක් වශයෙන් ද කුමාරසිංහ මහතා කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙකුට ම "මොනවා හරි ලියන්නැ"යි ආරාධනා කළේ ය. ඒ ආරාධනය ලැබුවන්ගෙන් කෙනෙකු මම ද වීමි. ඒ අනුව මා මුලින්ම ලීවේ "තිසා වැවේ ඉවුරේ සක්වල චක්‍රය" ය.

මා එය ලියා කුමාරසිංහ මහතා හරහා රන්බිම ට යැවූ පසු, ඔහු මා සමග අපූරු කතාවක් කීවේ ය.

ආධුනිකයෙක් පුවත්පතකට ලිපියක් යැවූ පසු, එය ඊළඟ කළාපයේ පළ කෙරෙන්නේ නැත. අපගේ ඉවසීම පරීක්ෂා කරන්නට මෙන් එය පළ වීම තරමක් කාලයකට පසු කරන පුරුද්දක් ඒ ක්ෂේත්‍රයේ ඇත. ඔහු ඒ පිළිබඳව මා හට පහදා දී, මා හට ද එවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වුවහොත්, ඇතිවන්නට ඉඩ ඇති කළකිරීම වැළැක්වීම සඳහා ඒ ගැන පැයක් පමණ මා සමග කතා කළේ ය.

කෙසේ නමුත්, සක්වල චක්‍රය ඊ ළඟ කළාපයේ ම පළ වූ අතර, කල් යාමේ දී මම රන්බිම පත්තරයේ නිරන්තර ලියන්නෙක් බවට පත් වීමි. ඒ ලිවීමේ පරිචය ම මා හට බ්ලොග් පිටුවක් ආරම්භ කිරීමට ද පසුව ඉවහල් වූ අතර, මා මුල්කාලයේ බ්ලොග් පිටුවේ පළකළ ලිපි අතරින් බහුතරය, රන්බිම පත්තරයේ පළ වූ ලිපි ම විය. මා සහ ඔහුගේ තවත් මිතුරෙකු වූ දයානන්ද රත්නායකයන් අනුව කුමාරසිංහ මහතා ද බ්ලොග් පිටුවක් ආරම්භ කළේ ය. ඒ සරු බීජ යි.

රන්බිම පුවත්පතේ, "කවි - පැන - පිළිතුරු" තීරුවක් ආරම්භ වූ අවස්ථාවේ ඔහු ඒ සඳහා විකට කවි පැන කීපයක් සකස් කර යැව්වේ ය. ඒවා, ඔහු  හිටිවන කියද්දී, ටයිප් කර ගත්තේ මා ය. ඉන් මට දැනටමතක ඇත්තේ එකකි...

උදයට කෑවෙ මැද බෙරි වුණ ආප්ප ද?

ජූජක බමුණ ‌උඹෙ මාම ද බාප්ප ද?

තවත් කාලයක් යද්දී, කුමාරසිංහ මහතා මා අමතා කීවේ, මාධ්‍යවේදී හැඳුනුම්පත ගැනීම වැදගත් වන බව ය. ඔහු සතුව එවැන්නක් තිබූ අතර, ඕනෑම තැනකට ප්‍රවේශ වීමට ඒ හැඳුනුම්පත ඉවහල් විය. ඔහුගේ උත්සාහය අනුව, රන්ජිත් ප්‍රේමරත්න මහතා මා වෙත රන්බිම පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හැඳුනුම්පතක් ලබා දුන් අතර, හදිසියේ පුවත්පත නැවතුණු නිසා මිස, මා හට මාධ්‍යවේදී හැඳුනුම්පත ද ලබා ගන්නට හැකි වන්නට තිබුණි.

කුමාරසිංහ මහතා ඉතා කරුණාවන්ත සහ මානව දයාවෙන් හෙබි කාන්තාවකගේ දයාබර සැමියා වූ අතර, ඉතා දක්ෂ සහ නිහතමානී දියණියකගේ පියා ද වෙයි. මා ඔහුගේ නිවස වන "මෙත්සහනි"යට ගොඩවැදුණු සෑම අවස්ථාවක ම ඔහුගේ මව ද, බිරිඳ ද, දියණිය ද අප වෙත ලබා දුන්නේ තමන්ගේ නිවසේ දී පවා නොලැබෙන, ගෘහීය හැඟීමකි.

කුමාරසිංහවරු...

මා රාජ්‍ය සේවයේ උසස්වීම් ලබා කාර්යබහුල වීමත් සමග, කුමාරසිංහ මහතාගේ කිට්ටු ඇසුරින් මෑත් වූ නමුත්, ඔහු හා සබඳතාව තබා ගත්තෙමි. ඒ අතර, කොවිඩ් රෝගය වැළඳීම, බිරිඳ අසනීප වීම, මව මියයාම යන අභාග්‍ය සම්පන්න අවස්ථාවන්හි දී කුමාරසිංහ මහතා සමඟ සිටීමට මා හට නොහැකි වීම ගැන අදටත් ඇත්තේ පසුතැවීමකි.

අවසානයේ එතුමාගේ පිය බිරිඳගේ අකල් වියෝව ආරංචි වූ පසු මා හට හැකියාව තිබුණේ ඔහුට දුරකථනයෙන් ඇමතීමට පමණකි. මනුෂ්‍යයෙකුහට පවුල යනු කෙතරම් ශක්තියක් ද යන්න මා හට පසක් කළේ ඔහු සමග කතා කරමින් ගත කළ ඒ විනාඩි කිහිපයයි. කොවිඩ් රෝගයෙන් ඔත්පළව සිටි ඔහු ඉතා දුර්වල ලෙස කතා කළ අතර, අවශ්‍ය ම අවස්ථාවේ කිසිවක් ඔහු වෙනුවෙන් නොකළ මා කතා කළේ පසුතැවීමකින් පෙළෙමිනි.

මේ නොබෝ දිනක මා හට තැපෑලෙන් ලැබුණු තෑග්ගකින් මෙම ලිපිය ලිවීමට මා හට සිත් පහළ විය. ඒ, කුමාරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ තක්ෂිලා රණවීර මහත්මිය ලියූ කවි එකතු කර පළ කෙරුණු පොතකි. ඒ පොත මෙන් ම, ඒ පොත බහා එවූ ලිපි කවරය ද, මාගේ පොත් එකතුවේ වැදගත් තැනක් හිමි කරගන්නේ ය.

අන්තිමේ දී... තමන්ගේ ප්‍රිය භාර්යාව වෙනුවෙන් ජීවන සහකරුවාහට කළ හැකි දේ වලින් කුමක් නම්, මීට වඩා උසස් වේ ද?


මේ පොත ගන්නට ඇත්තේ කොහේ දැයි මා දන්නේ නැත. නමුත් හැකිනම් අනිවාර්යයෙන් මිලදී ගෙන කියවා බලන ලෙස ඔබට ආරාධනා කරමි. එහි අඩංගු කවි එතරම් ම උසස් වන අතර, අපගේ හදවතේ යම් තැනක නිදන් ව ඇති භාවයන් ට ආමන්ත්‍රණය කරන නිර්මාණ වේ.

Wednesday, February 16, 2022

යථාර්ථය


රස්සාව සරසවිය

අතර සිරවුණු සිතට

දහස් වරකට වඩා,

දැණුනා ජීවිතේ රළුකම


ජීවිතේ මහ දුකක්

සිතෙන හැම විටකදි ම

සිතේ රැඳි හැම දුකම

ඔහේ කීමට ඇවැසි

මිතුරෙක් උනා නුඹ


නමක් නැති මිතුරුකම

 යහපතක් නොවන බව

දැනුණ හැම මොහොතෙදි ම

මැකුවා නුඹේ නොම්මරය,

රවා දුරකථනයට


දින ගණන් ගෙවී ගොස්

සිව්වසක් ගෙවුණු තැන

දුන්නා නුඹ ලොකු නමක්

අපේ මිත්‍රත්වයට


වසර ගණනක් ගියත්

දැනුණු විටකදී දුකක්

රවටගෙන මගේ හිත,

කියනවා අඩ අඬා

දරුවා මට ඇති කියා


එදා වාගෙම අදත්, 

අසා ඔබ මගේ දුක,

හදනවා මගේ හිත

එතෙන ලෙස ගසට වැල 


-ලිව්වේ, මාතෘකාව දැම්මේ සහ පින්තූර තේරුවේ 

ඩ්‍රැකියානි විසිනි...



Sunday, November 26, 2017

තව එක්තරා ඇත්ත කතාවක්...

2000 දි විතර එක හාදයෙක් ඉපදුනා අපේ ගමේ ගෙදරක. උප්පැන්නට එයාට දාපු නම බ්‍රවුන්. එයා සහෝදරයො, සහෝදරියො හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක්. ඒ කට්ටියගෙන් දුර්වලම විදිහට හැදුනෙ එයා තමයි. මොකද, එයා කන්නෙ බොන්නෙ තෝරල බේරල. ඉතිං එයා හදාගන්න ගෙනිච්ච කීප දෙනා එයාව ආපහු ගෙදර ගෙනත් ඇරලුවා. ඔය අතරෙ තමයි එයා අපේ අම්මට හදාගන්න ලැබුණෙ. අම්ම එයා උපන්දා ඉඳන්ම ඉල්ල ඉල්ල හිටියෙ හදාගන්න.

එයා කොච්චර ළෙංගතුයිද කියතොත්, අපේ ගෙදර පදිංචියට ඇවිත් මාස ගාණක් යනකම්ම එයා සැරින් සැරේ තමං උපන්න ගෙදරට ගිහිං ඒ අය දැක බලාගෙන ආපහු ආව.

අපේ ගෙදරදි එයාට කවුරුත් කිව්වෙ චූටි කුකූ... මොකද මේ හාදය පොඩියි සයිස් එකෙන්. ඒ වගේම සෑහෙන වයසක් යනකම්ම එයාගෙ තිබුණු හුරතල්කමයි සෙල්ලක්කාරකමයි නැති උනේ නෑ.

මම ඒ කාලෙ කිසිම සත්ත්ව කරුණාවක් නැති මනුස්සයෙක්. ඇත්තට කියතොත්, අපේ ගෙදර හිටිය බල්ලො එකෙක්වත්, මං ඉන්න තැනකට එන්නෑ. මොකද, කොයි වෙලේ වදියිද දන්නෑ පාර. මං හයියෙං වචනයක් කිව්වොත්, ඒ වචනෙ තියෙන ටෝන් එකට බල්ල විසික් වෙනව ගෙයිං එළියට. ඒ වගේම මං මහ අමානුෂික විදිහට සත්තුන්ට අතට අහුවෙච්ච එකෙං ගැහුව.

ඒත් පුදුමෙ කියන්නෙ මේ හාදය, කුකූ... උන්දැ බොහෝම ටික කාලෙකිං මට පුදුම විදිහෙ කැමැත්තක් දක්වන්න ගත්ත. මං වැඩ ඇරිල ගෙදර එනකං බලං ඉන්න මේ යාළුව, ඊට පස්සෙ ඇදුං ලෙහන්නෙත් නැතුව ඇවිත් මං ඔළුව අතගානකං මගෙ පස්සෙං... ටික කාලෙකිම්ම මෙයා මගෙ දරුවෙක් ගාණට මට ෆිට් උනා. මුන්දැ දැං මං යන පස්සෙම්මයි. කාලෙයක් තිබුණ, මගෙ කම්පියුටරේ ගාව නිතරම ප්ලාස්ටික් පුටුවක් තියල තිබුණ මෙයාට ඇවිත් වැතිරිල ඉන්ඩ.

දවසක් මහරෑක මෙයා දරුණු වේදනාවකිං කෑගහන සද්දෙ ඇහිල අපි ඔක්කොම දුවගෙන ආව සාලෙට. මෙයා ඉන්නව මේං ටීපෝ එක ගාව බිම වැටිල... අම්මගෙ මහන මැෂිම උඩ ඉඳං ටීපෝ එකට පැනල, ඒකෙ රෙද්දත් එක්කම ලිස්සල බිම වැටිල, කකුලක් කැඩිල. හම්මෝ... කුකූව විඳපු වේදනාව මට උගෙ ඇස් දෙකන් පෙනුන. ඒ කකුල මං අල්ලල බලද්දි මෙයා මගෙ අත ගාවට කට ළං කළා. ඒත් කිසිම වෙලාවක හපා කෑවෙ නෑ. අපි එවෙලෙම දහයිය ලුණු වතුරෙං තම්බල (කුකුල්ලුන්ට අඬු කැඩුණම කරන අත් බේතක්), කකුලට උණ පතුරු දෙකකුත් තියල පත්තුවක් බැන්ද. දවස් ගාණක් යනකං ත්‍රී වීල් එකෙන් පැන පැන ගියපු කුකුව පස්සෙ හොඳටම හොඳඋනා.

මම ඩ්‍රැකියානිට ආදරෙයි කියපු දවසෙ හරි ඒ ආසන්න දවසක, මං එයා එක්ක මහ රෑ දහයට විතර කතා කරද්දි - අපේ ගෙදරට ඩයලොග් සිග්නල් තිබුණෙ නෑ ඒ දවස් වල මං අලුතෙං ගේ හැදුවෙ අපේ ගේ ගාවම ටිකක් උතුරු පැත්තට වෙන්න. ඒ ගේ ඇතුලට යන්තං සිග්නල් තිබුණ. ඉතිං මං ගෙදර දොර ඇරගෙන එළියට ඇවිත්, “ඇහෙනවද?“ “දැං ඇහෙනවද?“ කිය කියා ඇවිත්, අලුත් ගෙදර (බිත්තියි වහලෙයි විතරයි තිබුණෙ) සාලෙටම ආව. ඇවිත් බ්ලොක් ගල් ගොඩක් උඩිං වාඩි උනා. ටිකකිං බැලින්නං කුකුවත් මං ගාව. කොල්ල මාව හොයාගෙන ඇවිත්.

ඒ දවස්වල මුන්දැට තිබ්බ ප්‍රියතම සෙල්ලම තමයි පොල්ලෙල්ල දඩයම. ඌට පේන්ඩ අපි පොල්ලෙල්ලක් විසික් කරන්ඩ ඕනෙ. ඒක දැක්ක ගමං කුකුව දුවගෙන ගිහිං ඒක අහුල ගන්නව. අහුලගත්ත ගමං ආපහු රවුම කැරකිල දුවගෙන එන මෙයා, අපේ කකුල් ගාවිං දුවනව, ඒ දුවන ගමං ගොරවනව. එතකොට අපි පොල්ලෙල්ල උදුරන්ඩ හදන්ඩ ඕනෙ. ඔය විදිහට මිදුල වටේ වට විස්සක් විතර දුවපුවහම බල්ලට වගේ හති.

ඒ වගේම මට ඩ්‍රැකි කියල නම දාපු මහතුව කියන්ඩ පුරුදු වෙලා හිටපු කතාවක් තමයි, “ළමයින්ට හාල්මැස්සො - බල්ලට බිත්තර“... මොකද, මං කලිනුත් කිව්ව වගේ මෙයා තොරල බේරල තමයි කෑවෙ. ඉතිං අපි ඔක්කොගෙම එකඟතාවයෙන්, අපි නොකෑවත් මෙයාට මොනව හරි රසවත් දෙයක් හදල දෙනව. සමහර දවස් වල අම්ම මෙයාට බත් ගුලි කර කර කවනවත් එක්ක.

අපේ තාත්ත මියගිය දවස් වල, මළගෙදර ගත්තෙ මං අලුතෙං හදපු ගෙදර. ඒ ගෙදර කිරි උතුරවල පදිංචි වෙලා තිබුනෙත් නෑ එතකොට. ඒ දවස් ටිකේ කොච්චර ගේමක් මං තනියම ඇද්දද කිව්වොත්, කුකූව දිහා බලන්ඩවත් පුළුවන් උනේ තාත්ත භූමදාන කරල ඇවිත් ගෙදර අස් පස් කරල ඉවර වෙලා එදා රෑ. කුකුව අපේ මහගෙදර පුටුවක ගැටගහල උන්නෙ. මාව දැක්ක ගමං එයා කකුලක් උස්සගත්ත කොරගහනව වගේ. මං එවෙලෙම ඌ අරං ගියා අලුත් ගෙදරට. එවෙලෙ ඉඳං මං ආපහු මහගෙදරට ඇවිත් නිදාගන්නකම්ම කුකුව මගෙ පස්සෙං. නිදාගන්නකම්ම කිව්වට, එයා නිදාගත්තෙත් මගෙ ඇඳේ මගෙ පාමුලමයි.

කොලුවයි - බව්වයි
මං වැඩ ඇරිල එනතුරු, අලුත් ගෙදර සාලෙ තිබ්බ මේසෙ උඩට වෙලා
බලං හිටපු කුකුවගෙ කරට අත දාගෙන ගහපු සෙල්ෆියක්

තාත්තගෙ මරණෙං මාස දෙකකට විතර පස්සෙ මං ගෙදර එක කාමරේකට ජනෙල් පියන් දාගෙන, අනික් කාමර වල ජනෙල් වලට ඉටිරෙදි ගහල,  කාමරේයි, ගෙදර ඉස්සරහයි, පස්සෙයි දොර පියං දාගෙන, බඩුත් ඇදගෙන අලුත් ගෙදර පදිංචියට ආව. නැකතට කිරි ඉතිරෙව්ව එක විතරයි කළේ. අපි බඩු අදිද්දි මාත් එක්ක ගෙදරට ආව කුකුව ආපහු මහගෙදරට ගියෙ නෑ. ඒ කියන්නෙ අවුරුදු දෙකක් විතර යනකං, අර ඉස්ඉස්සෙල්ලම මළගෙයක් තිබුණු ගෙදර පදිංචි වෙලා උන්නෙ මායි කුකුවයි විතරයි. රෑ දහයට විතර අපි දෙන්නම ජනෙල් පියන් තිබුණු එකම කාමරේ දොර ජනෙල් වහගෙන නිදාගන්නව. කලාතුරකිං දවසක මහරෑට කුකුව මාව ඇහැරවනව, “මීක් මීක්“ ගාල. එතකොට මං දොර ඇරල දෙන්ඩ ඕනෙ. ටුක් ගාල එළියට දුවන කුකුව, විනාඩි පහක් යන්ඩ කලිං ආපහු දුවගෙන එනව.

ඩ්‍රැකියානි කැන්දං ආවට පස්සෙ කුකුවට තිබ්බ එක වරප්‍රසාදයක් අහිමි උනා. ඒ තමයි මගෙ ඇඳේ නිදාගන්න එක. ටික දවසකිං ඕනෙම පුටුවකට පැනල නිදාගන්න එකත්, විශේෂ ප්ලාස්ටික් පුටු දෙකකට - එකක් ඉස්සරහ වැරැන්ඩා එකේ. අනික කුස්සියෙ - සීමා කරන්ඩ උනා. (ගෑණු ළමයිගෙ පිළිවෙල...) ඒත් කුකුව කළබල කළේ නැතුව ඒවට අනුගත උනා. එයාට අපේ ඇඳ ගාව බිම නිදාගන්ඩ තිබුණනං එයා ඒකෙං සෑහීමකට පත් උනා. ඒ වගේම එයා ඩ්‍රැකියානිට විශේෂ අකමැත්තක් දැක්කුවෙත් නෑ. මං ගෙදර නැත්තං එයා ඩ්‍රැකියානි පස්සෙං...

දවසක් අපි පාන්දර නැගිටල කුස්සියෙ දොර අරිද්දි කුකුව එනව එළියෙ ළිඳ ගාව ඉඳං වැනි වැනි. “වෙරිද බං?“ කියල ඇහුවම යාන්තං කෙඳිරි ගාල කුක්ක දොර ගාව වැටුණ. බලන කොට බෙල්ල ගාව තුවාලයක්. මට දැණුන, ලොකු බල්ලෙක් මෙයාගෙ බෙල්ලෙං අල්ලල වනල කියල. ඒ තුවාලෙත් තියාගෙනම මෙයා ගෙදර ඇවිත්. ගොඩක් ලේ ගිහිල්ල තියෙනව. සාමාන්‍යයෙන් වෙනදට මෙයා අපි  දන්නැතුව දොරෙං එළියට ගිහිං තිබුණොත්, අපි දොර වහලනං, මෙයා දොර ගාවට ඇවිත් එකක් දෙකක් බුරනව. එදා එහෙම බුරාගන්ඩවත් පණ නැතුව, අපි කොයි වෙලේ හරි දොර අරිනකං ළිඳ ගාවට වෙලා ඉඳල.

මං එවෙලෙම එයාගෙ තුවාය ගෙනත් ඒකෙං ඔතල, සුදු කිරි එකක් හදල හැන්දෙං පෙව්ව. එදා සතියෙ දවසක්ද මට මතක නෑ, එහෙම උනානං වැඩට යන් නැතුව මං කුකුව බලු දොස්තර ගාවට අරං ගියා. දොස්තර මහත්තෙය ඉන්ජෙක්ෂන් එකක් ගහල, කිව්ව, “මෙයාගෙං ලේ ගොඩක් ගිහිං තියෙනව. එයිටත් වැඩිය ඔලුව තදට වැදිල කම්පණයෙන් ඉන්නෙ. මෙච්චර වෙලා හිටිය එකේ, බයවෙන්ඩ දෙයක් නෑ. හොඳ වෙයි“ කියල.

නරකම දේ උනේ පුතා ඉපදුනාට පස්සෙ. බව්වට කුස්සියෙං මෙහා එන්ඩ තහනම් උනා. ළදරුවෙක් බව්වෙක් එක්ක හදන්ඩ හොඳ නැතිය, විෂබීජ ය කියන පදනමිං. කුකුවා ඒකත් බාර ගත්ත. මටත් පියපදවියෙ රාජකාරිත් එක්ක බව්ව හුරතල් කරන්න වෙලාව මදි උනා. ඒකටත් කුකුව එච්චර සැලුන්නෑ කියල පෙනුන.

ඊටත් පස්සෙ තමයි එයාගෙ ඇහේ සුද ආවෙ. දැං කුකුව අපිව අඳුනගන්නෙ ඉවෙං විතරයි. ඒත් එයා පාරෙ එහෙම යනව. ඈත වාහනයක් එන සද්දෙයක් ඇහුනත් හොඳටම අයිං වෙනව. තමුංගෙ බලප්‍රදේශය මාක් කරන්නෙ ගෙදර හතර කොණේ විතරයි. ඉතිං හැමදාම උදේ ඩ්‍රැකියානි මැසිවිලි කිය කියා ඒ හතර කොණ හෝදනව. මොකද, පුතා පොඩියි. එයා බිම තියෙන දේවලුත් ඇරං කටේ දාගන්නව. ෂුවර් නෑ මොනව කරයිද කියල.

වෙනද වගේම අපි වැඩ ඇරිල එනකොට කුකුව ඉස්සරහ වැරැන්ඩා එකේ තියෙන එයාගෙ ප්ලාස්ටික් පුටුවෙං බැහැල ඇවිත් මීක් මීක් ගානව. මාත් අදරෙං “කුකූ...“ කියල කතා කරනව. එතකොටම පුතා ඇවිත් අපේ ඇඟේ එල්ලෙනව. එතනිං බලු හුරතලේ ඉවර වෙනව. කුකුව ආපහු පුටුව ගාවට ගිහිං බිම වැතිරෙනව.

දැං දවස් දෙකක විතර ඉඳං අම්ම වාර්තා කරන්න ගත්ත, දවල්ට කුකුව එලියට ගියාම ගොඩක් වෙලා යනකං එන්නැහැලු. අම්ම හොයන්න යනකොට එක පාරක් - වලක වැටිල ඉඳල අසල්වැසි මල්ලි කෙනෙක් ගොඩට අරං. එතනිං වෙළ පැත්තට ගියා කියල කිව්වලු. ඒ ආරංචියට අම්ම වෙළට ගියාම, වෙලේ වැටිල, වැතිරිල හිටියලු. අම්ම වඩාගෙන ඇවිත් නෑව්වලු. තව සැරයක් තව කොහෙද වැතිරිල ඉද්දි අම්ම හොයාගෙන ගෙදර ගෙනත්. අද අම්ම මාසික ක්ලිනික් එකට ගියා රාගම රෝහලේ. අපිට කුකුව ගැන හොයන්න වෙලාව තිබ්බෙ නෑ. පුතාටත් සනීප නෑ - උගුර පැසවලා. මටත් එක්ක හදන කිරි කෝපි එකෙන් කුකුවගෙ පංගුව දවල් වෙනකම්ම කුකුවගෙ පීරිසියෙ. අම්ම ආපහු ගෙදර එක්කරං ආවට පස්සෙ, පුතාට දවල් කවන අතරෙ මං ගියා කුකුව යයි කියල හිතන හැම තැනකම කුකුව හොයන්න. ඒ කොහෙවත් කුකුව හිටියෙ නෑ.හොඳටම හෙම්බත් වෙලා මං ආපහු ගෙදර අාව විතරයි, වැස්සක් කඩංහැලුන. එතකොටයි කුකුව හොයන්න ගිහිං හිටිය අම්මත් ගෙදර ආවෙ...

සත්තු තමං වාසය කරන තැනිං ඈතට යනව මැරෙන්න කිට්ටු උනාම. කුකුවටත් දැං වයස අවුරුදු දාහතක්. ඒ කියන්නෙ ඒ විදිහෙ බව්වෙක්ගෙ පරමායුෂ. ඒ වගේම ඇහේ සුද ආවට පස්සෙ එයා හිටියෙ එච්චර ෆිට් එකකිං නෙවෙයි. කලාතුරකිං මාත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කළාට ගොඩක් වෙලාවට කළේ ඔහෙ වැතිරිලා ඉන්න එකයි.

ඒත් කුකුවට මැරෙන්න තරං ලෙඩක් තිබ්බෙ නෑ. කලිං දා රෑත් හොඳට කෑව. පහුගිය දවස් දෙකේ කුකුවගෙ හැසිරීමත් එක්ක හිතන්න පුළුවං, දැං එයා කොහෙ හරි අපිට හොයාගන්න බැරි තැනක වැතිරිලා, හිමිං හිමිං තමංගෙ මරණය එනකල් බලං ඉන්නව ඇති. අනේ... මේ වැස්ස ඒ අසරණයගෙ ඇඟට වැටෙනව ඇති. ඒකෙං බේරෙන්ඩ එයාට ඕනෙකමක්වත් ඇඟට හයියක්වත් නැතුව ඇති. හෙමිං හෙමිං එළඹෙන මරණය කොච්චර අමාරුයිද?

මගෙ තාත්තගෙ මළගෙදරිං පස්සෙ පාලු ගෙදරක තනිවෙච්ච මට තනියට හිටිය එකම යාළුව. මේ මොහොතෙ එයාගෙ මරණය බලාපොරොත්තුවෙං කොහෙ හරි තැනක වැටිල... කිසිම උදව්වක් නැතිව, කිසිම කරුණාවන්ත වචනයක් අහන්ඩ නැතුව, උදේ ඉඳං බඩගින්නෙ...

ඔයා ගොඩක් හොඳ කෙනෙක් චූටි කුකූ... ඔයා තමයි මගෙ ලොකු පුතා... යන තැනක ඔයාට හොඳක් වෙයි... පුළුවන්නං ආපහු එන්ඩ !!!

Friday, September 2, 2016

ඒක්තරා අැත්ත කතාවක්...

රෝෂන් ගේ දෑස්, බස් රථය තුළ හෝ පිටත කිසිම දෙයක් දුටුවේ නැත. දුටුවේ මානෙල්ගේ රුව පමණකි. ඈ උන්නේ ඔහුගේ දකුණැලයට ඇලවී දකුණු පස අසුනේ ය. සැඳෑ හිරු කිරණ බසයේ කවුළුවෙන් පෙරී විත් ඇගේ කළුවන් හිසකේ අගිස් රන්වන් පැහැ ගැන්වීය.

“රාස්සිගේ අව්ව වැටී දඹරන් වුණු ඔබෙ කෙහෙරැළි -
සුළං සමඟ පොරබැදුවා....” රෝෂන් මානෙල්ගේ කණට මිමිණීය.

ඇය සිනාසුනි. “ඔබට මතක නැති වුනාට - අදවාගේ මතකයි මට...”

“නෑ... මට කවදාවත් අමතක වෙන්නෙ නෑ...” රෝෂන් කීය.



එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ

රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි
රාස්සිගේ අව්ව වැටි දඹරන් වූ ඔබෙ කෙහෙරැළි
සුළං සමඟ පොරබැදුවා
ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට

එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ

ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර
ගොපළු කොලුගෙ බටනළාව සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුනාට අදවාගේ මතකයි මට

එක යායට මල්පීදුණු බිම්තීරේ
පාර දිගේ කණින් කණට කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ
එක යායට මල්පීදුණු බිම්තීරේ

රෝෂන් සිහින මැව්වේ, තමන් අත්දුටු සෑම සොඳුරු අත්දැකීමක්ම තම ප්‍රථම ප්‍රේමිය සමඟින් නැවතත් විඳින්නටය. ප්‍රේමය මුසු වූ විට ජීවිතය මොන තරම් සුන්දර ද...?

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා

නැගුණු සීත වා රැළී
නිවුඩු මිහිරි ගොපළු ගී
නැගුණු සීත වා රැළී
නිවුඩු මිහිරි ගොපළු ගී
ළිහිණි හඬින් මන්දාරම
ළිහිණි හඬින් මන්දාරම
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා

“අපි මේක නතර කරමු රෝෂන්...”

දුරකථනය හරහා ආ ඇගේ වදන් රෝෂන් කවදාවත් අ‍පේක්ෂා කළ දෙයක් නොවේ. 

ළයට තුරුළු පාළුවෙන්
මීදුමින් වෙළා ගොසින්
ළයට තුරුළු පාළුවෙන්
මීදුමින් වෙළා ගොසින්
හදෙහි අැඳී පින්තාරුව
හදෙහි අැඳී පින්තාරුව
බොඳවෙලා ගොසින්
බොඳවෙලා ගොසින්

ඈත එපිට හිම කන්දෙන්
කළු වළාව සමඟින් අා
අාදරයේ පිණිකැට පොදි
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා
සිරි සිරි ගා සැළුණා
පිණි කැට බිඳුනා



තම පවුලේ අය එරෙහි වුවහොත් නතර කරන්නට සිදු වන බව ඈ කිහිප විටක්ම කීවද, තම ආත්මවිශ්වාසය සහ සියල්ල හොඳින් සිදුවෙතැයි දැඩිව විශ්වාස කිරීම ‍නිසා රෝෂන් මෙවැන්නක් පිළිගැනීමට සූදානම් වූයේ නැත. තම පියාගේ විරෝධය පවා ඔහුගේ හදවතේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය ද පරදුවට තබමින් වෙනස් කරවාගත් රෝෂන් අවසානයේ ඉටා ගත්තේ තමන් හට තම සීමාවෙන් ඔබ්බට ගොස් හෝ කළ හැකි සියල්ල කර, අහිමිවන්නට යන ප්‍රේමය නැවත දිනා ගැනීමට ය.

එහෙත් අවසානයේ...

හිරු සඳු මැකිලා 
තරු කැට වැටිලා
ලොව ගනඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ් රැයේදි බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...

දියවැල් මැකිලා
ගඟුලැල් සිඳිලා
මල් මැළැවුනු යාමයේ
බිඟු වැළපුනු පාළුවේ
මේ පැයේදී බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...

හිරු සඳු මැකිලා 
තරු කැට වැටිලා
ලොව ගනඳුරු වී තිබූ
සිත අසරණ වී හැඬූ
ඒ් රැයේදි බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ...

මීවිත සිඳිලා
ගීපද මැකිලා
සිත ගොළුවුනු යාමයේ
ලොව සැතපෙන මේ පැයේ
ඒ් දිනේදී බැඳි අාදරේ බිඳිලා
බිඳිලා...
ළඳුනේ කිමදෝ
වෙන්වූයේ... 



“...මම පළවෙනි සම්බන්ධෙන් පස්සෙ අවුරුදු දහයක් ඒ වගේ දෙයක් ගැන හිතන් නැතුව ගත කළා. ඔයත් නැති උනොත්...”

“තව අවුරුදු දහයක්...?” රෝෂන් සිනාසෙමින් ඇසීය.

“තව අවුරුදු දහයක් නෙවෙයි රෝෂන්. මුළු ජීවිතේටම...”

දවසක්දා මානෙල් කිව් මේ කතාව රෝෂන් හට  නැවත නැවතත් සිහිපත් වෙද්දී දැනෙන වේදනාව වචන වලින් විස්තර කරන්නට හැකියාවක් තිබුණේ නැත. අහිමි වූ දේ නැවත ලබාගන්නට කළ හැකි සියල්ල කරන්නට රෝෂන් වෙහෙසුනේ එහෙයිනි. අවශ්‍ය හැම අවස්ථාවකම ළඟ සිටි වොලී, විකුම්, රංග සහ සම්පත් නොවන්නට රෝෂන් කෙළවර වන්නේ එක්කෝ උම්මත්තකාගාරයේ නැතිනම් රේල් පීල්ලක් මත කොටස් දෙකකට කැඩුනු මළ සිරුරක් වීමෙනි.

සියල්ල අසාර්ථක වූයේ ඒ වෑයමේදී රෝෂන් සතුව තිබූ සමාජ ප්‍රතිරූපය පවා දියාරු කර දමමිනි. අන්තිමේ හිත හදාගැනීමට, තුවාල සමඟින් නැගිටින්නට රෝෂන් හට උපකාරී වුනේ ඔහුගේ හොඳම යාළුවා වුන, රෝෂන් ගේ සතුට වෙනුවෙන් හෘදයාබාධයකට පවා මුහුණ දුන් ආදරණීය තාත්තා ගේ වචන පමණි.

තුවාල සමඟින් නැගී සිටියේ කලින් සිටි සංවේදී සැහැල්ලු තරුණයා නොවේ. ඔහුට තවදුරටත් සැහැල්ලු සිහින තිබුණේ නැත. සුන්දර දේ ඔහු දුටුවේ ඒවා පසුපස ඇති ගැඹුරු ආගාධයන්ද සමඟිනි.

මේ ලොව යම් කිසිවෙකු
මාහට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි

නන්නාඳුනනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි
දුක්ගීයක් ලියනු මැනවි

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙන යන සඳ
රෑහි හඬන රැව් ‍අතරින්

එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි
එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි


ගෙදරට යන පාරේ තිබූ පොකුණක පිපුණු මානෙල් මල් පවා දකින විට තද කරගත් ඉකියකින් උගුර හිරවන තත්ත්වයකට පත් ව සිටි රෝෂන්, ඒ සියලු මතකයන් තම ම‍නසේ කුඩා කළ සිටම එකතු කළ මිහිරි මතකයන් ගෙන් ලොකු කොටසක්ද සමඟින් නැවත විවර නොකරන්නට වසා දැම්මේය.

මුලු හදින් මම ඇයට පෙම් කොට

අනාගත පෙම් සිහින මැවුවෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා

අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
කොහොම ඉන්න ද ඉවසලා

මගේ අත ගෙන කනට ලංවී

අනේ සුදු මම ආදරේ යැයි
කින්නට සිතුනේ ඇයි ද සුදු
නොසිතුවෙ ද මට දුක් ලැබේ යැයි

නිදැල්ලේ තුරුලට වෙලා

රහස් එක එක කොඳුරලා
සිනා සුනු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්න ද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ

සුපුන් සඳ පායන වෙලාවක
කථා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා

සිතෙහි අදහස් සුන්වෙලා 
මා උපන්නේ දුක් විඳින්න ද
දුක් අඳුරු මැද තනිවෙලා




කන්තෝරුවට අලුතෙන් පත්වීමක් ලබා ආ, කුඩා ගැහැණු ළමයා රෝෂන් ගේ සිත් ගත්තේ නොදැනුවත්වම ය. ඇගේ වයස රෝෂන් ට වඩා අවුරුදු හයකින් අඩු වීම, ඈ උඩරට වීම, ඈ පිළිබඳ සියල්ලකම දකින්නට තිබූ පිිසිදු බව හා පිළිවෙල බව, ආදී නොයෙකුත් සාධක නිසා කුමුදුනී කෙරෙහි තමන් තුළ පිළිබඳ සිතක් පහළ වීම කෙසේවත් සිදු විය නොහැක්කක් බව රෝෂන් දැන සිටියේ ය.

එහෙත් දෛවය වැඩ කරන්නේ මේ කිසිවක් සළකා නොවේ.


සපු මල් සුවඳක් සේ..සීතල රෑ යාමේ..

හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ.
සපු මල් සුවඳක් සේ..



හැන්දෑ වළාකුලේ..අටවක හඳ මඩලේ.
මේ හැම තැන ඔබ සැඟවී සිටියා.
මා පමණයි දුටුවේ.
සපු මල් සුවඳක් සේ.



ලොව නිදි අඳුරු පැයේ..
සීපදයක් වැන්නේ...... 
සවනත සනහා මා ලඟ උන්නා 
රැය පමණයි දුටුවේ..... 



සපු මල් සුවඳක් සේ...යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා.
ඇයි මුළු ලොව දුටුවේ..



සපු මල් සුවඳක් සේ සීතල රෑ යාමේ.
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා.
කිසිවකු නෑ දුටුවේ
සපු මල් සුවඳක් සේ.


“ඒක හරියන්නෑ...!” කුමුදුනීගේ ඡායාරූපයක් පෙන්වූ විට තාත්තා  කීවේ එපමණකි.


Please come now I think I'm falling
I'm holding on to all I think is safe
It seems I found the road to nowhere
And I'm trying to escape
I yelled back when I heard thunder
But I'm down to one last breath
And with it let me say
Let me say

Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down

I'm looking down now that it's over
Reflecting on all of my mistakes
I thought I found the road to somewhere
Somewhere in His grace
I cried out heaven save me
But I'm down to one last breath
And with it let me say
Let me say


[x2]

Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down

Sad eyes follow me
But I still believe there's something left for me
So please come stay with me
'Cause I still believe there's something left for you and me
For you and me
For you and me

Hold me now
I'm six feet from the edge and I'm thinking


[x2]

Hold me now
I'm six feet from the edge and I'm thinking
maybe six feet
Ain't so far down

Please come now I think I'm falling
I'm holding on to all I think is safe


කලින් සිදුවීමේදී මෙන් තාත්තාගේ ප්‍රතිචාරය වෙනස් කිරීමට රෝෂන් සිතුවේ නැත. එක් හෘදයාබාධයක් හොඳටම ප්‍රමාණවත්ය, දෙමාපිය ආදරය කොන්දේසි විරහිත බව තහවුරු කරන්නට...

රෝෂන් කුමුදුනී අමතා සියල්ල පැහැදිලි කළේය. ඒ වන විට රෝෂන් වෙනත් කාර්යාලයකට මාරු වී ගොසිනි. එහෙත් දෛවය එතැනදීද මැදිහත් විය. කාර්යාල දෙකෙන් දෙදෙනෙක් කාර්යාලීය පුහුණුවක් සඳහා සතියක කාලයකට එක් තැනකට අනුයුක්ත කර තිබිණ. ඒ රෝෂන් සහ කුමුදුනී ය.

“මම ඔයාට ආදරෙයි...” රෝෂන් දුරකථන ඇමතුම පටන් ගත්තේ එයිනි. එතැන්සිට ඔහු තම පළමු අත්දැකීමද සමඟින් සියල්ල ඇයට පැහැදිලි කළේය. කුමුදුනී අහගෙන සිටියා පමණකි.

එතැන් සිට රෝෂන් සියල්ල කළේ ඇගේ සිතෙහි තමන් ඇතිකළ තුවාලය සුවපත් කිරීමට ය. එය කෙතරම් දරුනු වේදනාවක්ද යන්න ඔහු අත්දැක තිබුණි.

මතකයන් අමතක කෙරුවත් 
අමතක වෙන්නේ නෑ 
ඔබ එපා යැයි මට සිතුනත් 
එපා වෙන්නේ නෑ 
යළි ඒවි යැයි සිත කීවත් 
ඔබ යළි එන්නේ නෑ 
සිත පුරා ආදරේ කරන්නට මට දැන් කව්රුත් නෑ 

අඬ අඬා මම කල් ගෙව්වත් 
ඔබ ලැබෙන්නේ නෑ
නොලැබෙනා බව මම කිව්වත් 
සිත පිළිගන්නෙත් නෑ 
මම නොමැති ලොවකවදාවත් 
ඔබ තනි වෙන්නේ නෑ 
ඔබ නොමැති ලොව කවදාවත් 
මට සිතේ සතුටක් නෑ 

සිහිවෙනා හැම මොහොතකදී 
නොසිත ඉන්නත් බෑ
හුදකලාවේ ඉන්නට සිතුවත් 
එහෙම ඉන්නත් බෑ 
සිත සිතා ඔබ ගැන හැමදාමත් 
මට අඬන්නත් බැ 
ඔබ නැති පාළුව මට දැනුනත් 

වෙනස් වෙන්නත් බෑ


දෙදෙනා වෙන්ව සිටි අවුරුදු හතරක් පමණ කාලය තිස්සේ තමන් හිත හදාගත් බව රෝෂන් විශ්වාස කළේය. ඔහු අමතක කරන්නට නම් ඔහු සමඟ ඇති සියළු සබඳතා නතර කරන්නැයි යෙහෙළියන්ගේ උපදෙස පිළිගත් කුමුදුනී, රෝෂන් හට අවසන් වරට කතා කොට සමුදුන්නාය. එදිනම රෑ, ඇගේ අප්පච්චි අවසන් ගමන් ගියේ හදිසියේ ය. මළගෙයක් ව තිබූ තම ගෙදරට යාමට පැය ගණනක් ගත වන ගමන පුරාවට ඈ දුරකථනයෙන් කතා කරමින් යම් සැනසිල්ලක් අපේක්ෂා කළේ ද රෝෂන් වෙතිනි. ඒ වන විට ඔවුන් හොඳම යාළුවන් බවට පත්ව තිබිණ.

ඒ අවුරුද්දේ අවසානයේ, රෝෂන්ගේ පියා ද හදිසියේ මිය ගියේය. ඊටත් මාස ගණනකට පසුව ‍ඔහු කුමුදුනී‍ අමතුවේ ඒ පිළිබඳව සැළකීමට ඇති සෑම කරුණක්ම විමසීමෙන් පසුවය.

“තමුසෙ ඔය ගැන කොච්චර කල්පනා කළත් අන්තිමට ගන්නෙ එක තීරණයයි...” කුමුදුනීගේ ලොකු අක්කා කීවාය.



Staring at the moon so blue
Turning all my thoughts to you
I was without hopes or dreams
I tried to dull an inner scream but you
saw me through

Walking on a path of air
See your faces everywhere
As you melt this heart of stone
you take my hand to guide me home and now
I'm in love

You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life

Living in a world so cold
you are there to warm my soul
You came to mend a broken heart
You gave my life a brand new start and now
I'm in love

You took my heart away
when my whole world was gray
You gave me everything
and a little bit more
And when it's cold at night
and you sleep by my side
you become the meaning of my life

Holding your hand
I won't fear tomorrow
Here were we stand

we'll never be alone


සීත අරණේ සුපුල් නාමල සුව ගැල් වු ජීවිතේ

සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ

ලතාවක් සේ වෙලී සියොල පතමි රෑකවරණය ඔබෙන්

ලතාවක් සේ වෙලී සියොල පතමි රෑකවරණය ඔබෙන්
සදා දෝතින් මලක්සේ ඔබ වැල ගන්නෙමි හදවතින්
හදවතින්


ළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලයි

ළාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලයි
මහා කතරක ගෙවු තනි ම නිමා ක ඉම ඔබ නෙතයි

ඔබ නෙතයි



Here I am - this is me 

There's nowhere else on earth I'd rather be 
Here I am - it's just me and you 
And tonight we make our dreams come true 

It's a new world - it's a new start 
It's alive with the beating of young hearts 
It's a new day - it's a new plan 
I've been waiting for you 
Here I am 

Here we are - we've just begun 
And after all this time - our time has come 
Yeah here we are - still goin' strong 
Right here in the place where we belong 

Oh… It's a new world - it's a new start 
It's alive with the beating of young hearts 
It's a new day - it's a new plan 
I've been waiting for you 
Here I am 

Here I am - next to you 
And suddenly the world is all brand new 
Here I am - where I'm gonna stay 
Now there's nothin standin in our way 
Here I am - this is me




Candle light and soul forever, 

A dream of you and me together, 
Say you believe it, say you believe it, 
Free your mind of doubt and danger, 
Be for real don't be a stranger, 
We can achieve it, we can achieve it 
Come a little bit closer baby, get it on, get it on, 
'Cause tonight is the night when two become one 
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more 
(wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be 
Silly games that you were playing, empty 
Words we both were saying, 
Let's work it out boy, let's work it out boy, 
Any deal that we endeavour, 
Boys and girls feel good together 
Take it or leave it, 
Take it or leave it 
Are you as good as I remember baby, get it on, get it on, 
'Cause tonight is the night when two become one 
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be 
Be a little bit wiser baby, put it on, put it on, 
'Cause tonight is the night when two become one 
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
I need some love like I've never needed love before 
(wanna make love to ya baby)
I had a little love, now I'm back for more (wanna make love to ya baby)
Set your spirit free, it's the only way to be 
It's the only way to be



आने से उसके आये बहार, जाने से उसके जाये बहार
बड़ी मस्तानी है मेरी महबूबा
मेरी ज़िन्दगानी है मेरी महबूबा...

गुनगुनाए ऐसे जैसे बजते हों घुंघरू कहीं पे
आके पर्वतों से, जैसे गिरता हो झरना ज़मीं पे
झरनो की मौज है वो, मौजों की रवानी है मेरी महबूबा

इस घटा को मैं तो उसकी आँखों का काजल कहूँगा
इस हवा को मैं तो उसका लहराता आँचल कहूँगा
हूरों की मलिका है परियों की रानी है मेरी महबूबा

बीत जाते हैं दिन, कट जाती है आँखों में रातें
हम ना जाने क्या क्या करते रहते हैं आपस में बातें
मैं थोड़ा दीवाना, थोड़ी सी दीवानी है मेरी महबूबा

बन संवर के निकले आए सावन का जब जब महीना
हर कोई ये समझे होगी वो कोई चंचल हसीना
पूछो तो कौन है वो, रुत ये सुहानी है, मेरी महबूबा


සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි

සොඳුරු මිහිරි සුව පස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
හිරු සඳු තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳි
ආදරයෙන් පිරුණා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවින් ආවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි

සිහින ලොවින් ආවා මතකයි




At times life is wicked and I just can't see the light
A silver lining sometimes isn't enough
To make some wrongs seem right
Whatever life brings
I've been through everything
And now I'm on my knees again

But I know I must go on
Although I hurt I must be strong
Because inside I know that many feel this way

Children don't stop dancing
Believe you can fly
Away...away

At times life's unfair and you know it's plain to see
Hey God I know I'm just a dot in this world
Have you forgot about me?
Whatever life brings
I've been through everything
And now I'm on my knees again

But I know I must go on
Although I hurt I must be strong
Because inside I know that many feel this way

Children don't stop dancing
Believe you can fly
Away...away

Am I hiding in the shadows?
Forget the pain and forget the sorrows

Am I hiding in the shadows?
Forget the pain and forget the sorrows

But I know I must go on
Although I hurt I must be strong
Because inside I know that many feel this way

Children don't stop dancing
Believe you can fly
Away...away

Am I hiding in the shadows?
Are we hiding in the shadows? 


පිදුම -
ගී දාසයක අභියෝගයක් ඉදිරිපත් කර ඇති ඉයන් ට
කාලාන්තරේකට කලින් සත්‍ය පෙම් කතාවක් ලියන්ට කී සිරාට


මගෙ හොඳම යාළුවන් දෙන්නගෙන් ඒක්කෙනෙක් වන තාත්තට















.

.

.

.

.

.

.

.

.

ප/ලි

ඩ්‍රැකියාගේ පියා දාන්නට හිතාගෙන හිටි නම රෝෂන් ය. පස්සේ වාසගමත් එක්ක වයි රෝෂන් කියා යෙදුන විට, යාළුවන් ඒක වයිරෝ කියා කෙටි කරතැයි සිතී, ප්‍රභාත් මානවසිංහ දොස්තර මහතා සිහිවීම පිණිස ප්‍රභාත් යැයි යොදා තිබේ.

ඩ්‍රැකියානිගේ අප්පච්චි ඇයට දාන්නට හිටි නම කුමුදුනී ය. ඒත් එයා එනකොට වෙනත් නමක් උප්පැන්නට යොදා තිබුණි.

අනික් නම් ගම් සියල්ල මනඃකල්පිත නැත.

ඩ්‍රැකියා - ඩ්‍රැකියානි ඒෙතිහාසික ප්‍රේම වෘතාන්තය මීට වඩා බොහෝම සංකීර්ණ ඒකකි. පුළුවං වූ වෙලාවක ඒ් ගැන විස්තරාත්මකව ලියන්ඩ හිතුවෙමි...

කියවාපු හැමෝටම හදපත්ලෙම්ම නැගෙන ස්තූතිය පුදකරන අතර, ඔබගේ ඩේටා ටිකට කෙළවීම ගැන අවංක කණගාටුව පළකරමි ය...

වැඩිපුර බලපු ලිපි