Monday, October 4, 2021

බ්ලොග් අඩවියක් නිර්මාණය කරගන්නේ කෙසේද (ස්ක්‍රීන් ෂොට් සහිතයි)


මේ ලිපිය ලියන්නේ අපේ ආදරණීය තට්ටයා අයියා ගේ යෝජනාව අනුව...

තමන්ට ම කියා බ්ලොග් අඩවියක් හෝ විවිධ විෂයයන් සඳහා බ්ලොග් කිහිපයක් තිබීම වැදගත්. ඒ ගැන මම වෙන ම කියන්න යන්නේ නෑ. ඒක මේ ලිපියේ අරමුණ නෙවෙයි. කොහොම හරි, "මාත් බ්ලොග් එකක් අටවගන්න ඕනෙ" කියා අදහස් කරන කෙනෙක් නෙව මේක කියවනවා ඇත්තෙ. ඒ නිසා පියවරෙන් පියවර ඒ ගැන කියා දෙන්න (ඒ කියන්නෙ මං දන්න තරම කියා දෙන්න) පටං ගන්නව ඕං.

බ්ලොග් එකක් අටව ගන්න අනුග්‍රහය දක්වන සයිට් මහ ගොඩක් තියෙනව මං දන්න තරමින්. මෙයින් මම දන්න හැටියට පරණ ම එක වර්ඩ්ප්‍රෙස් (wordpress.com) වන අතර, වැඩිම ජනප්‍රියතාවක් ඇති එක ගූගල් විසින් හදා තියෙන බ්ලොගර් (blogger.com) ය.

මං කියවා තියෙන සුවිශේෂී වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට සහ බ්ලොගර් බ්ලොග් එකකට ලිංක් මෙතන උදාහරණ විදිහට පළ කරනවා.

ඔය අතරින් බ්ලොගර් මඟින් බ්ලොග් සයිට් එකක් හදා ගැනීම සහ පවත්වාගැනීම ගැන උපදෙස් මම දන්න විදිහට මෙතන තමුන්නාන්සෙලාට සඳහන් කොරන්ඩ කැමතියි...

මුලින් ම යන්ඩ, https://blogger.com සයිට් එකට. මම දන්න හැටියට එයිට කලිං තමුන්ට ගූගල් එකවුන්ට් එකක් හෙවත් ජීමේල් ගිණුමක් තිබීම අවශ්‍යයි. 


ඔය කියපු වෙබ් පිටුවට ගියාම දකින්න පුළුවන්, දකුණු පැත්තෙ ඉහළම කොනේ තියෙනව, "අස්සං කරල ඇතුල් වෙන්ඩ" හෙවත් "sign in" කියල එකක්. මැද තියෙනව "පබිලිස්, ඔයාගෙ පැෂන් ගෙඩි පාරෙ" කියල ගහල. එයිට පහළින් තියෙනව "ඔයාගෙ බ්ලොග් එක හදන්ඩ" කියල තැඹිලි පාට බටන් එකක්, තමන් කරන්ඩ යන දෙයින් යහපතක් ම වෙන්ඩ ය කියල අධිෂ්ඨාන කරගෙන, දෙයියන් බුදුන් සිහිකරගෙන ඒ බටන් එක එබීම තමයි කරන්ඩ තියෙන්නෙ. 

දෙයියනේ කියල ඒ බටන් එක එබුවාම, යනව "අස්සං කරල ඇතුල් වෙන්ඩ" සංවාද කොටුව හෙවත් සුද්ධ සිංහලෙන් කියනව නං, "sign in ඩයලොග් බොක්ස් එකට. එතන තමුංගෙ ජීමේල් ඇඩ්‍රස් එක ඇතුල් කරලා, ඊළඟට එන ඩයලොග් බොක්ස් එකට, ඒ ජීමේල් එකේ පාස්වර්ඩ් එක හෙවත් තරු කීපය ඇතුල් කරලා, නමෝ විත්තියෙන් ඔන්න බ්ලොගර් සයිට් එකට ඇතුල් වෙන්ඩ පුළුවං.

ඔන්න එතකොට විවෘත වෙනවා, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක. එතන ඩිෆෝල්ට් පෙන්නන්නෙ, රීඩිං ලිස්ට් හෙවත් අපි කියෝන, එහෙමත් නැත්තං, අපි ෆලෝ කරන බ්ලොග් ලැයිස්තුව. ඒ බ්ලොග්වල අලුත් පෝස්ට් ටික එතන පෙන්නනව. 


ඩෑෂ් බෝඩ් එකේ වම් පැත්තෙ ඉහළ හරියට වෙන්න තියෙනව, "බ්ලොගය තනන්න" එහෙමත් නැත්තං create blog  කියල එකක්. පිංතූරෙ මම රතු පාටට රවුං කරල තියෙන්නෙ ඒක.

ඒක ක්ලික් කළහම එනව සංවාද කොටුවක්, එතන ඇතුළත් කරන්න ඕනෙ, තමුංගෙ බ්ලොග් එකට දාන්න හිතාගෙන ඉන්න නම. ඒ නම තමයි හැම තැනදි ම තමුං‌ගෙ බ්ලොග් එක හඳුන්වන්න යෙදෙන්නෙ. ගොඩක් අය මහ අමුතු විකාර නං දානව. "කාමරයක් කුළියට දීමට තිබේ", "නිදි ගෙ පංචතන්තරේ", "හොක්කියාව", "විසිරි සිහින", "නයාගෙ ලටපට", "කොළොම්පුරේ", "කරාබුනැට්ට", "තට්ටයගෙ කෝළම", "යාංහෑල්ල" ඔය විදිහෙ විකාර නම් වලින් කීපයක්. 


ඔන්න ඉතිං නමක් දීලා, "ඊළඟ" හෙවත් next ක්ලික් කළහම එනව, තමුංගෙ බ්ලොග් එකට යූආර්එල් එකක් ඇතුල් කරන්න. මෙතනදි, අපට කැමති නමක් ඉංග්‍රීසියෙන් දෙන්න ඇහැකි අතර, ඒ නම වෙන කෙනෙක් දාගෙන නැත්තං අපට හිමි වෙනව. ඒ නමට පස්සෙං ".blogspot.com" කොටස එකතු වෙලා, අපේ බ්ලොග් එකේ යූආර්එල් එක හැදෙනව. ඒක තමයි පසු කාලෙකදි, අපේ බ්ලොග් එකේ ලිංක් එක කාට හරි දෙනවනං, හරි වෙන තැනක ලිංක් කරනවනං හරි යොදාගන්න ඕනෙ.


ස්ක්‍රීන් ෂොට් දැමීම සඳහා පියවරෙන් පියවර මේ බ්ලොග් එක තනමින් සිටිද්දී, මේ පියවරේදි බ්ලොගර් මුත්තා මට එරර් එකක් දුන්නා. "ෆීල්ඩ් එකට දුන් වැල්‍යූ එක වැරදියි" කියලා. මොන දේ කරල බැලුවත් හරි ගියෙ ම නෑ. නමුත් මේ ස්ටෙප් එක හරියට කරගත්තොත් මේ විදිහෙ තැනකට එනව.


බ්ලොග් එකක් හදපු ගමං ම ඔය මැද තියෙන පෝස්ට් ටික එන්නෙ නැති බව කරුණාවෙන් සළකන්ඩය. එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය. 

ඔතන මම රතු පාටින් මාක් කරල තියෙන ටූල් ටික මහ බැංකුවෙ ටූල් තරම්ම වටින අතර, වැදගත් ම වෙන්නෙ, "තීම්", "ලේයවුට්", "සෙටිංස්" සහ "නිව් පෝස්ට්" කියන අයිටම් ටිකය.

තීම් කියන ටූල් එකට ගියාම බ්ලොගර් මෙච්චර කාලෙයක් හදල තියෙන තීම් ටික අපට පෙන්නනවය. එයිං  තමුන්ට ලස්සනයි කියා හිතෙන තීම් එකක් දාගත්තම, ඒක කස්ටමයිස් කරලා, පසුබිම් පින්තූරය, අකුරු සයිස්, අකුරුවල පාට, එක එක කොලම්වල දිග ආදිය තමුන්ට හොඳ විදිහට හදා ගන්ඩ පුළුවං ය. මං නං වැඩිය ම කරන්නේ හැම කෙනෙකුටම බලන්න පහසු වෙන විදිහට, කුඩා ම මොනිටරේ ගාණට හැම එකක ම දිග පළල ‌හදා ගන්න එක සහ, හැම දෙනාටම අපහසුවකින් තොරව කියව ගන්න ඇහැක් වෙන විදිහට අකුරු සයිස් ටිකක් ලොකු කරලා, හයි කන්ට්‍රාස් නොකර තියන එක ය.



ඉතාම වැදගත් දේ වෙන්නෙ, අපි එතන කරන හැම වැදගත් ඇජස්මන්ට් එකක් ම, පහල දකුණු පැත්තෙ තියෙන පුංචි ඩිස්කට් එක ක්ලික් කරලා සේව් කරගන්න එක ය. 

තීම් එක කස්ටමයිස් කරන තැන ම, ලේයවුට් ද තියෙනවා ය. එතනිං කරන්න පුළුවන් වෙන්නේ දැනට තමුංගෙ බ්ලොග් පිටුවේ තියෙන ගැජට් හෙවත් අංගෝපාංග වෙනස් කරගන්න එක විතරය. අලුතින් ගැජට් එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඉහළ පිංතූරේ හෙවත්, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එකේ මුල තියෙන ලේයවුට් අයිකන් එක ක්ලික් කිරීමෙනි. ඔතනින් බ්ලොග් කියවන උදවියට වඩාත් ම වැදගත් වෙන්නේ, ෆලොවර්ස් ගැජට් එක ය. 

තමුන්ට ගැජට් එකක්  ඕනෙ තැනට ගිහිං, "ඇඩ් අ ගැජට්" කියන එක ක්ලික් කළහම එනව මේං මේ ලිස්ට් එක. ෆලොවර්ස් ගැජට් එක මං රතු පාටිං රවුං කරල තියෙනව.


අපි කාගෙ හරි බ්ලොග් එකකට ගියොත්, ආපහු සැරයක් එතනට ගිහිං කියවන්න තරම් දේ තියෙනවයි, වටියි, හොඳයි, කියල හිතෙනවනං, අපට ඒ බ්ලොග් එක ෆලෝ කරල එන්ඩ පුළුවං. එතකොට බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ පෙන්නනව ඒ බ්ලොග් එකේ අලුතිං ලිපියක් වැටුණු ගමං. 

අත්ථානං උපමං ඛත්වා කිව්වා වගේ, අපේ බ්ලොග් එක ගැනත්, ඒක කියවන්න එන උදවියට ඒ පහසුව ලබා දෙන්න තමයි, ෆලොවර්ස් ගැජට් එක එල්ලන්නෙ.

තව වැදගත් ගැජට් එකක් තමයි, බ්ලොග් රෝල කියා සිංහලෙන් හඳුන්වන, blog list ගැජට් එක. එතන, අපි ෆලෝ කරන බ්ලොග්වල ලැයිස්තුවක් පෙන්නනවා. එමඟින් අපට පුළුවන් අපි ෆලෝ කරන බ්ලොග්වලට අලුතින් ලිපි පළ වුණු වහාම දැනගන්න. ඒ වගේ ම තමන් ෆලෝකරන බ්ලොග් ගැන, තමන්ගෙ බ්ලොග් එක කියවන්න එන හැමෝම අතරේ නොමිලේ පබ්ලිසිටියක් ලබා දෙන්නත් මේක වැදගත්.


ලේයවුට් එකේ තියෙන ප්‍රයෝජනවත් ගැජට් ගැන හොඳ අවබෝධයක් ගන්න හොඳ ම විදිහ තමයි, පරණ බ්ලොග් එකකට ගිහිං නිරීක්ෂණය කරන එක.

නරි හාමිගෙ බලවත් ඉල්ලීම මත බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටිංස්වව පින්තූර මෙහි පහතින් පළ කරනවා. ඔයින් වැඩිහරියක් මම කරල බැලුවෙ නැති සහ දන්නැති දේවල් තියෙන්නෙ. එතනත් මට පේන විදිහට වැදගත්ම දේ තමයි යූසර් ප්‍රොෆයිල් එක. එතනින් තමන්ගෙ ප්‍රොෆයිල් නම සහ පින්තූරය ඇඩ් කරගන්න පුළුවන්, තව තව විස්තරත් එක්ක. ඒ ප්‍රොෆයිල් එක තමයි, වෙන බ්ලොග් එකකට ගිහින් කමෙන්ට් කරද්දි පෙන්නන්නෙ. සමහරු නම් සමහර වෙලාවට ඇනොනිමස් කමෙන්ට්ටුත් දානව.













හොඳයි... ඔය විදිහට බ්ලොග් එකක් හදාගත්තට පස්සේ තියෙන වැදගත් ම දේ තමයි, පෝස්ට් එකක් හෙවත් ලිපියක් ලියන එක. ඒක කරන්නෙ, අර බ්ලොග් ඩෑෂ් බෝඩ් එකේ වම් පැත්තෙ උඩ තියෙන new post කියන තැන ක්ලික් කිරීමෙන්.

ඒක ක්ලික් කළහම එනවා, පෝස්ට් එඩිටර් එක. ‌ඒකෙ ටයිටල් කියන තැන ලිපියෙ මාතෘකාව ලියලා, පහළ ‌හිස් ඉඩේ ලිපිය ලියනවා. ඒකෙ අකුරුවලට එක එක දේවල් කරන්න උවමනා ටූල්, ටූල් බාර් එකේ තියෙනවා.

ඉතාම වැදගත්, ලිපියට පින්තූරයක් ඇඩ් කරනවා නම්, කොපි පේස්ට් නොකර, ඉහළ තියෙන චූටි කඳු දෙකක් තියෙන ටූල් එක ක්ලික් කරලා පින්තූරය ඇඩ් කරන එක. ඒ ළඟ ම දකුණු පැත්තෙ තියෙනවා වීඩියෝ එකක් ඇඩ් කරන ටූල් එක, වම් පැත්තෙ ටූල් එකෙන් පුළුවන් ලිංක් එකක් ඇඩ් කරගන්න. ඒ ටූල් ටික මම පහළ පිංතූරෙ කහ පාටින් රවුම් කරලා තියෙනවා. 


වඩා සුදුසුයි, බ්ලොග් පෝස්ට් එකක් ලියලා, ඒක ප්‍රිවීව් කරලා බලලා, අවශ්‍ය සංශෝධන කරලා, පබිලිස් කරන එක. උවමනානම් පුළුවන් එකදිගට පෝස්ට් දෙක තුනක් ලියලා තියාගෙන, පස්සෙන් පහු එකින් එක පළ කරන්නත්. උවමනා නං, පබිලිස් කරන එක ෂෙඩූල් කරල තියන්නත් පුළුවන් පස්සෙ නියමිත දවසක නියමිත වෙලාවකට පබිලිස් වෙන්න. ඒ ෂෙඩූල් කිරීම කරන්න ටූල් එක තියෙනව, පෝස්ට් එඩිටරේ දකුණු පැත්තෙ.

ඉතාම වැදගත්, පෝස්ට් එඩිටරේ දකුණු පැත්තේ තියෙන "ලේබල්" කියන කොටස. තමන් විවිධ විෂයයන් ගැන ලියනව නං, තමන්ගෙ පෝස්ට් එකට දාන්න පුළුවන් ලේබල් එකක් හෝ කීපයක් මෙතන ටයිප් කරන්න පුළුවන්. පස්සෙ ඒ ලේබල්වලට ම ගැළපෙන තවත් ලිපි ලියනවානම්, ඒ ලිපිවලටත් ඒ ලේබල් ම තෝරලා ඇඩ් කරන්න පුළුවන්. එතකොට අපට එක ම ලේබලේ යටතෙ වර්ග කරන්න පුළුවන් ලිපි මාලාවක් ලැබෙනව. 

අර මං උඩිං කිව්ව ලේයවුට් එක යටතේ, ලේබල් ගැජට් එක බ්ලොග් පිටුවට දාල තිබ්බනං, කියවන කෙනා ට, තමං කැමති ලේබලයක් යටතේ තියෙන ඔක්කොම ලිපි එක දිගට කියවන්න පහසුව ලැබෙනව.

බ්ලොග් එකක් හදන හැටි සහ ලිපි ලියන හැටි ගැන ඔය. ලියනවා වගේ ම, කියවීමත් බ්ලොගර් කෙනෙකුගේ ජීවිතයේ අංගයක් නෙව. එහෙම කියවන්න ගිහිං, ඒ කියවන දේ ගැන තමන්ට කියන්න තියෙන දේ කමෙන්ට් හැටියට එතන ටයිප් කරලා එන්න පුළුවන්. පස්සෙ වෙලාවක ගිහිං, ඒ කමෙන්ට් එකට ලැබුණු පිළිතුරුත් කියවලා සංවාදයක් ඇති කරගන්න පුළුවන්. ඔය විදිහෙ කමෙන්ට් සංවාදවලට ඉතාම ප්‍රසිද්ධ, මදුමදාවියගෙ රසසරණිය, ගිහිං බලන්න...

ඔය විදිහට කමෙන්ට් කරද්දි තමන්ගෙ බ්ලොග් එක හඳුන්වාදීමත් වැදගත්. තමන් මුලින්ම නම් ඒ බ්ලොග් එකට කමෙන්ට් කරන්නෙ, "මම අහවලා, මගෙ බ්ලොග් එක මේකයි" කියලා හැඳින්වීමක් කරන එක හොඳයි. එතකොට ඒ බ්ලොග් එක කියවන්න එන අනික් උදවියත් දැනගන්නවා මේ විදිහෙ බ්ලොග් එකක් තියෙනව කියලා. ඒ විදිහට තමන්ගෙ පාඨක පිරිස වැඩිකරගන්න පුළුවන්. 

ඒ වගේ ම තමනුත් අනික් බ්ලොගර්ස්ලා ධෛර්යමත් කරන්න කමෙන්ට් කිරීම වැදගත්. මොකද, කියවන්න එන කට්ටිය අඩු වෙනවිට සහ තමන්ගෙ ලිවීම කවුරුවත් අගය කරන්නෑ වගේ දැනෙනකොට ලිවීම අධෛර්යවත් වෙන එක ස්වාභාවිකයි.

ඒ වගේම තමන්ගෙ ලිවීම ගැන ප්‍රසිද්ධ කරන්න පුළුවන් බ්ලොග් පෝස්ට් එකේ ලිංක් එක ෆේස් බුක් වැනි සමාජ මාධ්‍යවල පළ කිරීමෙන්...

ඔන්න එහෙනං, ආධුනික බ්ලොග් කරුවෙකුට මං දන්න දේ කියා දීම මෙතනින් අවසානයි. තව දුරටත් ටෙක්නිකල් ප්‍රශ්න ආවොත් කරුණාකර අර දොරකඩ ගහේ මූකලන් බස්සා හෝ බුරතීනෝ අමතා නිරාකරණය කරගන්නා ලෙස කාරුණිකව දන්වමින්, මගේ වචන සුවල්පය මින් අවසන් කරනවා.

138 comments:

  1. සීරියස් ලි ගුඩ්. මගේ බ්ලොග් එකත් හදා ගන්න ඕනේ මේ විධිහට

    ReplyDelete
    Replies
    1. ඈහ්... බොන්ඩ හදාගන්න හිතාගෙන හිටපු කෝපි එකත් ඉස්මොල්ලෙ ගියා ඒ කියමනට!

      Delete
    2. ඔන්න බලමුකො මේ තැන කොරන වැඩ...

      Delete
  2. නියමයි, ඩ්‍රැකියො, එළකිරි ඈ? හනේ ඉතිං අපටත් මුලදි මෙහෙම තල්ලුවක් ලැබුනා නං, අද මේ දුක විඳින්නෙ නෑනෙ?

    මේ ඔබතුමා සහ රජතුන් කට්ටුව කරන්න සමාජ සත්කාරයක්, ඈ? සහයට ඩැනී නිදිතුමත් ඉන්නවා. තව ඉන්නවා, ඇයි ෂයිඩ් එකෙන් ඉන්න හිටවන මාටිං තුමා, එතුමා වැට ගහන්න තාම නොගියෙ ඩෙල්ෆි දූපතට විතරයි. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. කෝර්ෆු යන්න ආසයි

      Delete
    2. ඉතිං බස්සො හෙළක් ගාවට ගිහිං පොඩ්ඩක් ඒ පැත්තට බර උනානං, තල්ලුවක් දෙනවනෙ ලෙසටම...

      හැබෑට කවුද ඔය රජ තුන්කට්ටුව කියන්නෙ?

      ප්‍රා, මං නං තාම ඉරණමඩු ගියෙත් නෑ.

      Delete
    3. බොට එහෙම කොරල මයෙ ලේ බොන්න බෑ. මට තටු තියනව.

      Delete
    4. යෝජිත හෙළ ගාව නානළිඳක් තිබුණනං ආයෙ අමුතුවෙන් අපි තල්ලු දාන්න ඔ්නෙත් නැත.

      Delete
  3. අනේ මහත්තයො තරහා නැතුව සෙටිංන්ස් පේජ් එකේ ෆුල් ස්ක්‍රීන් සොට් එකකුත් දාහං. මේ සමහරුන්ගෙ බ්ලොග් අපේ..සොරි, අනුන්ගෙ බ්ලොග්රෝල් අප්ඩේට් වෙන්නෙ නෑ. මට හැකයි සින්ඩිවලත් එහෙම වෙයි කියලා. ඒක මේ ඇති වෙලා තියෙන උනන්දුවට,ඇණයක් වේවි.

    ReplyDelete
    Replies
    1. හප්පේ ඇති යන්තං.🤗 දැන් මම නිදහස්. දැන් ටියුටොරියල් එක අංග සම්පූර්ණයි.😊

      දැන් මේක බ්ලොග් අලුති හදන අයට වගේම, හදලා අල වෙච්ච අයටත්, එක වගේම ප්‍රයෝජනයි.🙏🙏😂👌

      Delete
    2. නරිස්, බකුස්,

      ඔන්න දැම්මා. ඒ උනාට මං සෙටිංස් පැත්ත වැඩිපුර අතපත ගාලා නෑ.

      Delete
    3. ඒකෙ අතගාන්න දෙයක් නෑ, අත ගෑවොත් තමා අල වෙන්නෙ.😂🤣 දැකලා තියෙනවද, සමහරු සින්ඩි වල මුලු පෝස්ට් එකම( පලාතක්ම බදු අරගෙන) දානවා.🤣 ඒ ඕක අතගාලා, නොදන්න බටොන් ඔබල තමා.

      සීරියස්ලි, ඕනෙම නං ගූගල් හැලුප් ෆයිල් එක කියවන්න ඕනෙ. නිෂ්චිත දෙයක් නං ඔබේ-බටේ හරහා වුනත් ඉගෙන ගත්තෑකි.

      මොකටද? කම්මැලි බස්සෙකුට නං වැඩක්ම නෑ.

      Delete
    4. හූම්ම්...

      නමුත් දැනගෙන ඉන්න එක හොඳයි නේද, කාට හරි උපදෙසක්වත් දෙන්ඩ? ඒ නිසා බස්සො කම්මැළි නොබලා ඔ්ක ගැන හොයල දැනගන්ඩ. මං ඔ්නෙ උනහම අහගන්නං.

      Delete
    5. දන්නෙ, නොදන්නා බව.😂 නැත්නම් අර යසාගේට තිබ්බ ප්‍රොෆයිල් එක කෙලෝ ගනීවියෑ? බුරා අහනවා, මේ මට ඔහොම නොවී, ඇයි උඹට විතරක් ඔහොම අවුල් එන්නෙ කියලත්?🤣

      මේං දන්න ඩිංග. අපි ඔය සැටිං පේජ් එකේ වෙනසක් කරලා සේව් කලාම, ඒක සේව් වෙන්නෙ ගූගලයාගෙ සර්වර් එකේ. ආයි, වින්ඩෝස් බැකප් තියා, බ්ලොග් බැකප් ගත්තත්, ඒක වෙනස් වෙන්නෙ නෑ. බ්ලොග්/ප්‍රොෆයිල් ගැන අපට තියෙන
      සීමිත කන්ට්‍රෝල් එක තියෙන්නෙ ඔතනයි සහ Manage your Google Account පේජ් එකේ විතරයි. දීලා තියෙන්නෙ නං වෙනස් කරගන්න තමා, ඒත් අනා ගත්තොත් රිසාල්ට් එක එන්නෙ තැපෑලෙන්.🤔

      Delete
    6. //එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය//

      මෙන්න මේ නිසා, ඔතන "Manage Blog" සබ්-කැටගරිය යටතේ තියෙන බැකප් බටන් එකට කොටන එක නං වැදගත්. එතකොට blog-අද දිනය.xml කියලා ෆයිල් එකක් බාගත වෙනවා. හුඟක් පෝස්ට් තියේ නං 20Mb විතර වේවි. ඒක ප්‍රයෝජනවත් වේවි පස්සට. අමතක කරන්න හොඳ නැති දේ, අපි මේ පුම්ක ඉරාගෙන පෝස්ට් ලිව්වට, ඉන්නෙ ගූගලයාගෙ කුලී නිවසක කියන එක. ඕනෙ වෙලාවක පස්සට පයින් පාරක් වදින්න ඇහැකි, එලියට විසික්කා වෙන්න.😒

      Delete
    7. ආාාන්න ඒක වැදගත් උපදේසයක්. මේ ගන්නව...

      Delete
  4. හරිම ලස්සනට පහසුවෙන් කියවා දැනගන්න පුළුවන් විදිහට ලියල තියෙනවා. නියමයි .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අනුරුද්ධ. අපේ තට්ට අයියගෙ අදහසක් අනුව තමා ලිව්වෙ.

      Delete
  5. ආං, අර අවන් හලේත් අලුත් පෝස්ට් එකක් දාලා, මී පැණි වගේ.😊 පැරණි ශ්‍රී විභූතිය ලඟා වෙමින් පවතිනවා.🙏

    හප්පේ කියවන්න හරිහමන් පෝස්ට් එකක් නැතුව, වේලි, වේලි හිටි අපට අජීර්ණයක් හැදෙයිද?🤔

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ප්‍රවණතාවක් පෙන්න තියෙනව නොද? ඒක අල කරගන්නැතුව දිගටම වර්ධනය කරගන්න එක තියෙන්නෙ ඉතිං අපේ අතේ තමා.

      ඔය අවන්හල හොඳයි ෂෙල්ටන් මුතුනම ට ඉපදිලා මිය යන්ඩ. මට පේන්ඩ බෑ ඔ්ක ලියන හාදෙය. අර තට්ට ගෙඩියා. :D

      Delete
    2. අනේ, ඒම කියාන්ටෙපා බොස්. බල්ලෙකුට ගුලියක් දෙකක් දෙන්න ඉන්නෙ ඔච්චරමයි.🤔

      Delete
    3. ඔ්කා දෙයි ගුලි මේං කියල. හුඹස්මැටිවත් අනල ගුලි කරල දෙයි. එහෙම බඩ්ඩ.

      Delete
  6. අනේ ඩ්‍රැකී මලේ මම මේක මගේ වත් පොතේ ශෙයා කලා පොඩි පහේ අටුවාවක් එක්කම! අපි බලමු අලුත් වටයකින් හිතලා මේ වගේ දෙයක් අළුතින් කරණ්න පුළුවන්ද කියලා ඔය "කවි සමාජ", "කියෝන සමාජ" එතනිං ගියාප "පොත් සමාජ" වගේ එවාඅ එකතු කොර ගෙන! මේ පෝස්ට් එක තව ඉස්සරහට ගෙනියන්න අපෙන් මොනවද වෙන්න ඕන කියන්න! බොක්කෙන් දෙන්නම්! ආ! මගේ බ්ලොග් එකට දාන සමහර කොමෙන්ට් පේන්නේ නෑ නේ!? මොකක්ද දන්නේ නෑ අවුල!?

    ReplyDelete
    Replies
    1. අතුල සමරසේකර කමෙන්ට්වලට උත්තර දෙන්න පටන් අරන්

      Delete
    2. හා යං. හුටා මෙහෙම යන්න බෑ නෙ? වොෂ් එකක් දාලා බූල් සූට් එක මාරි කර ගෙනම එන්නම්.

      Delete
    3. මාත් පස්සෙං එඥ්ඥං සෙවණගල පැත්තෙ ගොහිංම 😏😏

      Delete
    4. හෑ සෙවණගල යනවද? එහෙනං, මේ අපිවත් අමතක කරන්න එපා ලොක්කා, ගුලි නං දෙකක් හොඳටෝම ඇති. ආ පූෂට ලෑස්ති වෙලා ඉන්ට කියන්න. මුගටි පැටියවත් මතක් කලා කියන්‍ට.

      ගුලි මතක් වෙන කොටත් නැට්ට කෙලින් වෙනවා,ලොක්කා.

      ඔව්,වොව්,වොව් බහූඌඌඌඋ...

      Delete
    5. පූෂාවා ඉෂ්ෂුවෙ ඔහෙයි නේ.. ඩොලර් කීයටැයි වික්කෙ.. පව් චිචි කොලුව 🙈🙈

      Delete
    6. තට්ටයියා,

      ඇත්ත. අපි බ්ලොග්වල තියෙන වාසි ගැන තව එකක් හදාගෙන, ඔය ගෲප්වලට දාමු. ඒකෙම, පට්ට බ්ලොග් කීපයක ලිංක් එහෙමත් දාමු උදාහරණ විදිහට.

      කමෙන්ට් පෙන්නන්නැති එක නං ගොඩක් තැන්වල තියෙනව පේනව. සමහරවිට බ්ලොගර්ගෙ අවුලක් ඇති. ක්‍රොම් එක අප්ඩේට් කළොත් සමහරවිට හරියයි කියලත් හිතෙනව.

      ප්‍රා,
      ඇත්ත. අඳුනගන්න ලැබීම සතුටක්.

      ඔය මහේෂය සෙවනගල පැත්තෙ යන්නෙ නං වෙන වැඩකට. කංස හේන් ගිණිතියන කොට වටේ පිටේ ඉන්න වඳුරො එහෙමත් ඉන්නෙ හඳේ විතර නෙ.

      Delete
  7. මෙව්වා තමා ඩ්‍රැකී ලොකුහාමුලාගේ යුතුකම් නෙවද. පොඩි බාල පරම්පරාව හරි ගන්න ලොකු හාමුලා කොරන වැඩේට මාත් හරි මනාප නොවැ.

    ReplyDelete
    Replies
    1. ආාා. හොඳා හොඳා. එකක් තියෙනව හැබැයි. අපි කාටවත් හාමු වෙච්ච උදවිය නෙවෙයි...

      Delete
  8. //බ්ලොග් එකක් හදපු ගමං ම ඔය මැද තියෙන පෝස්ට් ටික එන්නෙ නැති බව කරුණාවෙන් සළකන්ඩය. එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය//

    ටැක්නිකල් පෝස්ට් උනත්, ක්‍රියේටිවිටි තියේ නං "විනෝද සමයක්" කල හැකි බව ඉගෙන ගතිමි. හයියූ! මං හිතන් හිටියෙ, එහෙම එයි කියලනෙ? ඒ පෝස්ට් ටිකත් එක්ක පිංතූරෙ මාර ගති, ඈ?

    ReplyDelete
    Replies
    1. ඒවට පත්තරමල්ලිඅයියා වගේ උතුමන් ඕනෙ. එහෙම නැත්නම් උපසාන්ත සහනයක් දෙන වලි ඕනෙ

      Delete
    2. ටොමිස්,
      මට බෑනෙව ඔය සීරියස් ටෙක්නිකල් ලිපි ලියන්ඩ. ඒකට බස්ස වගේ උදවිය අල්ලගන්ඩ ඔ්නෙ.

      ප්‍රා,
      ඇත්ත. පත්තරෙයයි මෙන්ඩයි නයියයි ඒ කාලෙ කරපු දේවල්...

      Delete
    3. ඒ උනාට බිව්වෙ අඹ

      Delete
  9. අසරණ වෙලා වගේ තිබුණු Blobs පිටුවලට අලුතින් සාමාජිකයෝ ඇතුළත් කර ගැනීමට පහසුවන ආකාරයේ සටහනක් ඉදිරිපත් කිරීම අගෙයි. මේවගේ ගුරු හරු කම් වලින්වත් පිළිසරණක් වේවිද බලමු !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දයා මහත්තයා. මේක විතරක් මදි වෙයි. අපි බ්ලොග්වල තියෙන වාසිදායක දේ ගැන ලිපි මාලාවක් ලියමු හැම බ්‌ලොග් එකක ම... කවුරු හරි කියවලා ලියන්න පෙළඹෙයි කියල හිතමු.

      Delete
  10. මරේ මරු!
    එහෙම කිව්වට රජෝ මේ කපේදී මම නං ඔව්වා කරන්ඩ යන්නේ නෑ කොම්පීටාර් පකීර් කෙනෙක් නැතිව. මොකද හිටි ගමන් ඇඟිලි වෙව්ලලා වෙනත් කීස් එබිලා අලකලංචි ගොඩක් වෙලා තියෙන නිසා. හැබැයි ඩ්රැකී, දැන් මට ඇහැකි මේකත් බලලා 'මේන් මෙහෙම- මේන් මෙහෙම කරන්න' කියලා අකලංකට කියන්ඩ!

    බස්සා මහත්තයත් අපූරු post එකක් දාලා, මෙව්වාටම අදාලව!

    ඒකටත් ඉතිං නිවාඩුවේ තව තුන් හතර වතාවක් post එක කියවලා ඉන්ඩ ඕනි. කොහෙද... දැන් මේ ටිකේ අලුතෙන් ලියවෙන ගැම්ම වැඩියි නෙව. එව්වා කියවලා බොක්කෙන්ම උදව් කොරන්න ඕනිනේ...
    හෙනං දැනට බායි!

    ReplyDelete
    Replies
    1. බායි හෙනං...

      ඇත්ත. ඔය දේවල් කරලා බලනවනං, ආපහු එන පාරත් මතක තියාගෙන යන්න ඔ්නෙ. අලුතින් ලියවෙන ප්‍රමාණය ‌වැඩි වෙද්දි, අපට කියවන්න තියෙන වෙලාව මදි වෙන එක නං පොඩි අවුලක් තමයි. අපි මේ වෙලාවෙ ක්‍රියාත්මක නොවුනොත් ඔය පටං ගත්ත රැල්ල ඉක්මණටම හිඳිලා යයි.

      Delete
  11. ඒ සැනින්ම ගියා 'කොළඹ ගමයා' අඩවියට. වෙබ් බ්‍රවුසරය අලුත් කරන්න කියලා කියනවා. මොකක්ද අප්ප ඒ?

    ReplyDelete
    Replies
    1. සිරාගෙ කාමරේ හිටි "නැට්ට කොටා" ට වෙච්ච සැන්තෑසියම තමා වුනේ. මේ තිව්නා, මේ නෑ - වාෂ්ප වුනා.:)

      අල කොමසාරිස් එන්න කලියෙන්, කොමෙන්ට් ටිකක් කොටමුද?

      Delete
    2. කෑලි එල්ල ගන්නවා නිදි මහත්තයා (අද ඉඳන් මේ මහත්තයා සෙට් එකට මමත් මහත්තයා කියන්න ගන්නවා )

      Delete
    3. නිදි,
      මං ගියා කොළඹ ගමරාළගෙ පැත්තෙ. මොකුත් අවුලක් පෙන්නුවෙ නෑ මට නං. සමහරවිට නිදිගෙ ක්‍රෝම් එක අප්ඩේට් කරන්න ඔ්නෙ ද දන්නෑ?

      බකුස්,
      කොටල දෙන්ඩ බැරිද පාත්තියක් දෙකක්? අල ටිකක් හිටවගන්ඩ?

      නිදි,
      ඇත්ත. හොඳටම වැඩ මේ දවස්වල.

      Delete
    4. fb හා සමහර ජාලවලට මොකක්ද වෙලා තිබිලා කියලා අද news එකක් තිබ්බා. දැන් හරි.

      Delete
    5. ඒ කියල තිබුණෙ ෆේස්බුක් ලගෙ නෙට්වර්ක් එක. බ්ලොගර්ට ඒක අදාළ නෑ. කෝකටත් අපි බැකප් එකක් ගමු අපේ බ්ලොග් එකේ. ගූගලයා මොන නාඩගමක් නටයි ද දන්නෑ.

      Delete
  12. ආනේ.... හරිම වැදගත් පෝස්ට් එකක්. මේක කියෙව්වට පස්සෙ මාත් බ්ලොග් එකක් අටවගන්න ඕනෙ කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. පටන් ගනින් එකක් අපි දෙන්නම් ඇලදිවෙන් සපෝට් එක.මේ නම් ටිකෙන් එකක් දාගන්න.. නයාගේ අඩවිය, නයි පෙට්ටිය, හුබස් කට

      Delete
    2. ටොච් පාර
      අපට තමා පුෂ්, පුෂ්
      හුඹහේ වික්‍රමය
      නයි කයිද රෝස් පාං

      ඕං මයෙ ගානේ.:)

      Delete
    3. ඇයි අර උඩ තියෙන්නෙ, "නයාගෙ ලටපට" ඒක කොච්චර නං පරණ බ්ලොග් එකක්ද?

      Delete
    4. ගණ පිහිටුවලා නමක් දානවා නං රජෝ, හොඳම එක 'නයි පාටිය'!

      Delete
    5. නයි පටෝලත් හොඳයි

      Delete
    6. යකෝ බ්ලොග් ලියනවට වැඩිය නමක් දාගන්න එකනෙ අමාරු බලාගෙන ගියාම.

      ඒ ඩ්‍රැකියො කවුද බං ඒ ලටපටේ ලියන හුටපටේ.

      Delete
    7. හුටා, නයි පාට්ටිය එකේ ට් miss වෙලානේ!

      Delete
    8. "නයි පාටක" වගේ එකක් හොඳ නැද්ද?

      Delete
    9. බුරටිනොගේ නම වඩා හොඳයි... සාටකත් මතක් වෙනවනේ...

      Delete
    10. ප්‍රසන්න,
      මයෙ හිතේ ඒක ලියන්නෙ ‌ගොඩකවෙල කොන්ක්‍රීට් ඉංජංනංයර්ස් වෙන්ඩැති.

      "නයි පාඨක" තමයි හොඳම. කියවන නයා කියන තේරුමත් තියෙනවනෙ.

      Delete
    11. මගේ මනාපේ දුන්නා ඔන්න ඩ්කීරැගේ නමට.

      Delete
    12. මරනවා ‍තෝ....මතක නැද්ද අපි කෙමෙන්ට්කරුවන්ගේ සන්ගමය

      Delete
    13. නිදි,
      ආන්න ඒකයි ඒකෙ අවයවය...

      මෙන්ඩො,
      අමතක කරලමු පැරණි කතා
      එක්වෙමු බ්ලොග් ලොව දියුණ පතා

      Delete
  13. පෝස්ට් එකකුත් එක්කම හැදෙන ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. තියනවා. ඒකට තව කමෙන්ට් 29 ක් ඕනෙ.

      Delete
    2. පෝස්ට් එකකුත් එක්කම හැදෙන ක්‍රමයක් නැද්ද?

      හැක්...

      Delete
    3. ප්‍රා,
      හිතට එන දේ ලියන මැෂින් එකක් ගැන තිබුණා 3001 පොතේ.

      ටොමියා,
      ඇයි කමෙන්ට් 29ක්?

      සෙන්නො,
      කම්මැළිකම ‌කාටත් පොදු දෙයකි...

      Delete
    4. ඒ වෙනකොට කමෙන්ට් 21 තිබ්බෙ. ඉතිං ටාගට් එක 50 දැම්මා. මම ලෝකල් පරයා ඩෝග්, ලොකු අතු අල්ලන්න යන්නෙ නෑනෙ?🤣

      Delete
  14. බොහොමැ පිං මේ මහතැන්ට.. මාත් මේ කියන ජාතිායකක් අටොගන්ට ඕන. අපි වගේ ගංගොඩේ උංට ඔය සිදාදි ඈයොන්නෙ වැඩ යා දෙයිද මංදා

    ReplyDelete
    Replies
    1. පළ පළ යන්ඩ, අර උඩ තියෙන කාමරේ කුළියට දීල පැක්කකට වෙලා හිටු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඒ හදනකොට, අනේ මතක ඇතුව, අර අඟුරු කෝච්චිය වගේ දුං දාගෙන යන මවුසෙකුත් දාහං, ඈ?😂

      Delete
    4. උඩ තියෙන කාමරේ කීවේ අපට් අනුරාජපුරේ ගිය වෙලාවට නවතින්න ඇහැක් තැනක්ද

      Delete
    5. https://maanawa.blogspot.com
      මට බනිනෙක නවත්තල කට්ටිය මේ අහත් ගියා නං 😃😃

      Delete
    6. ඔය් බ්ලොග් එකට මම ගිහින් කොමෙන්ට් දාල තියනවා. පිළිතුරු ලැබෙන්නේ වත් අපේ බ්ලොග් පැත්තේ කරක් ගහන්නෙවත් නැටි බ්ලොග් එකක් හැබැයි

      Delete
    7. බකුස්,
      මොකද්ද දුං දාන මීයගෙ කතාව?

      අජිත්,
      මං කිව්වෙ ඔය අවන්හලේ කාමරයක් කුළියට දෙනව කියල තිබුණු හිංදා.

      මයියා,
      මං ගියා මානව බලන්න. කමෙන්ට් එකකුත් දැම්මා.

      අජිත් අයියා,
      ඇත්ත. එයා බ්ලොග් ලියන්නෙ අර එක පාරක් බස්ස කිව්ව වගේ, කමෙන්ට් වීව් බලාගෙන නෙමෙයි.

      Delete
    8. බස්සා ඔය කියන්නෙ, සමහර බ්ලොග් වල හයි කරන් ඉන්න ගැජට් එකක් ගැන. මවුසා හූවර් කරනකොට, පොයින්ටරේ යන්නෙ තරු දාගෙන, වල්ග තරුව වගේ. පස්සෙ බ්ලොග ලෙඩ දෙන්න ගන්නවා.

      Delete
    9. ආ... ඔව් ඔව්. අර අවන්හලේ තියෙනව එහෙම එකක්. මාත් ලෝක බෝල කැරකෙන්ඩ එහෙම දැම්ම පොඩි කාලෙ. දැන් ඔය මොකුත් නැතුව සිම්පල් ලේයවුට් එකක් දාගෙන ඉන්නව.

      Delete
  15. Drackey නියමයි මේ විස්තරේ. අලුතින් බ්ලොග් ලියන්න පටන් ගන්න කෙනෙකුට තියෙන්නේ ස්ටෙප් යි ස්ටෙප් ෆොලෝ කරන්න විතරයි. අපි වරද්ද වරද්ද බ්ලොග් හදද්දී මේවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ නෙව. දැන් මේ උපදෙස් බලලාවත් අලුතින් බ්ලොගර්ස් ලා එකතුවෙනවානම් කොච්චර දෙයක්ද

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි, මලී. අපට තැන් තැන්වලදි පොඩි පොඩි උපදෙස් දුන්න ජ්‍යෙෂ්ඨයො හිටියා. අජිත්, අනුරුද්ධ, තට්ටයා වගේ උදවියගෙ තල්ලුවෙන් දැන් දැන් බ්ලොග් ලිවීම ආපහු ප්‍රොමෝට් වේගෙන එන අතරෙ, මෙහෙම පෝස්ට් එකක් දාන්ඩ කියලා මාව තල්ලු කළෙත් තට්ටයා ම තමයි. අපි බලමු, ආපහු බ්ලොග් ලෝකය පුළුල් වේවා කියා...

      Delete
  16. මම මේකෙ ලින්ක් එක දෙන්නම්, අර බ්ලොග්‍ රෝලෙ අප්ඩේට් වෙන්නැති අයට. ඩ්‍රැකී නියම වැඩක්, ඈ? ස්තූතියි. මහන්සියට.😊

    ReplyDelete
    Replies
    1. ඈ...!
      ආාාා... ස්තූතියි බස්... වැඩි දෙයක් මාත් දන්නෑ. දන්න ටික ලිව්වෙ.

      Delete
  17. ආං අයිස්මෝල එකසිය ගාණට වැඩ. අලුත් පෝස්ට් එකක්, බලාපියෝ.

    https://icemola.blogspot.com

    ReplyDelete
    Replies
    1. බ්ලොග් රෝලෙ අප්ඩේට් නොවන එකට තාවකාලික විසඳුම:

      රෝලෙ ඒ එන්ට්‍රි එකේ ඇඩ්රස් එක පහත දාලා තියෙන එකට එඩිට් කිරීමයි.
      https://icemola.blogspot.com/feeds/posts/default

      Delete
    2. මං යනව තව ටිකකිං ඒ පැත්තෙ.

      අර උපදෙස කරල බලන්නං. නමියගෙ වීදිය පෙන්නන්නෑ මගෙ බ්ලොග් රෝලෙ.

      Delete
    3. ඕනම කෙනෙකුගෙ RSS Feed ඇඩ්රස් එක වෙන්නෙ, තමන්ගෙ බ්ලොග් එක අගට feeds/posts/default කොටස ඇමිනුවාමයි. ඒ අනුව නමියගෙ වීදියෙ RSS Feed ඇඩ්රස් එකේ:

      RSS Feed-Version 1 ඇඩ්රස් එක
      https://namiyageweediya.blogspot.com/feeds/posts/default

      සෙටිං පේජ් එකේ බ්ලොග් රෝල ගැජට් එකේ පහලට ගිහින්, නමියගෙ වීදිය බැලුවොත් පෙනේවි, අර කිව්ව අග කොටස නෑ කියලා. එතනම තියෙන පැන්සල වගේ "එඩිට්" අයිකන් එක ඔබලා, ඇඩ්‍රස් එක වෙනස් කලෑකි. මතක විදිහට දෙතැනක සේව් කරන්න තියනවා.ඊට පස්සෙ, ආයෙ ගිහින් හරියට ඇඩ්රස් එක වැටිලද කියලත් බලන එක හොඳයි. ඔය ටික මම කලා, දැන් ගිණි කසයා වගේ අප්ඩේට් වෙනවා.😊

      Delete
    4. හූම්... කරල බලමු.

      Delete
  18. ඩ්‍රැකීත් අපි පටන්ගනකම් හිටියනෙ මේක දාන්න. කොච්චර දුවෑවිද්දද bolgරය හදා ගන්ට. අලුත් මේක බලන අයට හොඳඉතින්.

    ReplyDelete
    Replies
    1. හහ්, යෙපිලට තමා පුෂ්, පුෂ්? හා, නැහ්ද?😂

      Delete
    2. නමියො,
      මං පටං ගන්න කාලෙ බිලොගර්ලා හොඳ හිතිං පොඩි පොඩි උපදෙස් දුන්නා කමෙන්ට් විදිහට. ඒවයිනුයි, අපේම ටෙස්ටිං වලිනුයි තමයි අපේ බ්ලොග් හදාගත්තෙ. පොඩ්ඩක් බය නැතුව ඒක්ස්පෙරිමන්ට් කරල බලන්න වෙලාව තියෙනවනං ඇත්තටම ඔය උපදෙස් ඔ්නෙ නෑ.

      බස්සො,
      පුෂ් මී පුල් යූ.

      Delete
    3. හරි ඩ්‍රැකී නිකන් කිව්වෙ. මේ එක නෙමේ චිත්‍රපටියක review එකක් දාන්නකො.. හාද

      Delete
  19. ඩ්‍රැකී, බස්සා, මහේෂ්, නිදි, තට්ටය මහත්තය හොඳ update වෙන සින්ඩියකුත් දැන් කාලෙක ඉඳල නෑ නේ (දන්න විදිහට)

    ReplyDelete
    Replies
    1. මාතලන් ගේ අප්ඩේට් වෙනවා.

      Delete
    2. මෙන්න සම්පූර්ණ් සින්ඩි සෙට් එක:
      https://sinhalaviyunu.blogspot.com
      https://sithuvili.net
      http://ambagaha.blogspot.com
      https://atampahiya.blogspot.com
      https://kottu.org
      http://ratagiyaeththo.blogspot.com
      https://maathalangesindiya.blogspot.com/2016/03/blog-post.html

      මේ සින්ඩි වල ඒවාටම ආවේනික හොඳ/නරක තියනවා. ගිහිල්ලම බලාගන්ට. හොඳ/නරක කියන එක සාපේක්ෂ වචන. කියවන්නා සහ ලියන්නාගෙ බලපොරොත්තු එකිනෙකට වෙනස් නිසා.🤔

      update වෙන එක සාධක කීපයක් බලපානවත් ඇති. ඔබගෙ RSS Feed වර්ෂන් එකෙත් බලපෑමක් ඇති. ගූගල් මකුලුවො(Google Crawlers) කොච්චර ඉක්මණට ඔබව සොයා ගන්නවද කියන එකත් බලපානවත් ඇති. ටක්කෙටම කියන්න නං දන්නෙ නෑ. හොයන්න කම්මැලියි.🦉🦉

      සින්ඩියෙ ඔබව අප්ඩේට් වුනාමයි කියමුකො. ඒත් කියවන්නො එයිද? ඒක කොලුවො, වෙනමම ගේම් එකක්. ක්ලික් බේට්(ඇම) කියන ඇහැ ඇදිලා යන පොටෝ කෑල්ලක් දාගන්ට ඕනෙ. ඊළඟට ලිපියෙ මුල් පරිචේදය තමා බොහෝවිට සින්ඩියට යන්නෙ. එක්කට කියන්නෙ "කොක්ක"(The Hook) කියලයි. කියවන්නොන්ට "ඇම" දාලා "බාගන්නෙ" ඒකෙන්. ඔය දෙකට වංචාවල් කලෑකි. ඒත්, කියවන එකාව රඳව ගන්න, ආයෙ ගෙන්න ගන්න නම් හොඳ පෝස්ට්, කියවන්න පහසු ෆෝමැට් එක, ඔබගේ සුහද ප්‍රතිචාරය තමයි අන්තිමට උදව් වෙන්නෙ.👌🤔

      ඔබගේ පාඨක බේස් එක ගොඩ නඟාගන්න යම් කාළයක් යනවා. හා, දැන් ඔය ඔක්කොම තියරි දන්න බකුස් හොඳ පාඨක බේස් එකක් ගොඩදාගත්තද? තමුසෙට පික්සුද ඕයි?😮😂🤣🤡

      Delete
    3. අර ඉන්ගිරිස් කියමන තමයි වඩාත් ගැළපෙන්නෙ මට හිතෙන විදිහට, මං කියන්නේ දන්නා සිංහලෙන්.

      අශ්වයෙක් දිය තිබෙන තැනකට දක්කාගෙන යාම එක මිනිසෙකුට වුව කළ හැකිය. එහෙත් ඌට දිය පෙවීම මිනිසුන් 50 කට වුව කළ නොහැකිය.

      Delete
    4. හ්ම්..ඒකෙ දිග කතාවක් තියනව, නිදි.🤔

      JR ඕකෙම ෂෝට් වර්ශන් එක මෙහෙම කිව්ව"තම තමන් ගේ ආරක්ෂාව තමුන් සලසා ගත යුතුය"

      Delete
    5. // update වෙන එක සාධක කීපයක් බලපානවත් ඇති..... ටක්කෙටම කියන්න නං දන්නෙ නෑ //
      // ඔබගේ පාඨක බේස් එක ගොඩ නඟාගන්න යම් කාළයක් යනවා //

      Google SEO algorithms මම හිතන්නෙ Google එකේ එවුන්වත් දැන් හරියට දන්නෙ නැතුව ඇති. මොකද ඒක AI එකක් උඩ බේස් වෙලා තියෙන නිසා. Google එකෙන් නං කියනවා අරහෙම කලොත් මෙහෙම කලොත් වැඩි පොයින්ට්ස් හම්බෙනවා කියලා. ඒත් මම හිතන්නෙ ඔය කියන දේවල් ගොඩක්ම බලපාන්නෙ ඉංගිරිසියෙන් ලියද්දියි. සිංහල වගේ වැඩිය භාවිත නොවෙන භාෂාවකට SEO කරන එක අමාරුයි.

      // කියවන එකාව රඳව ගන්න, ආයෙ ගෙන්න ගන්න නම් හොඳ පෝස්ට්, කියවන්න පහසු ෆෝමැට් එක, ඔබගේ සුහද ප්‍රතිචාරය තමයි අන්තිමට උදව් වෙන්නෙ //

      මුස්ලිම් කඩේ බිස්නස් වගේ. එකපාරක් ගිය එකා ආය ආයෙමත් එතෙනටයි යන්නෙ. සර්විස් එක හොඳ නිසා.

      Delete
    6. ස්තූතියි බුරා. දැන් කියන්න තිබ්බ දේ සම්පූර්ණයි. නිදිගෙ අස්ප කමෙන්ට් එක දැක්කාම මට යාළුවෙක් මතක් වුනා.

      එයාට අවුලක් ආවම, වටේ ඉන්න හැමෝගෙන්ම උපදෙස් ගන්නවා. හොඳට අහන් ඉන්න නිසා, හැමෝම හොඳට උපදෙසුත් දෙනවා. උන්දෑ ඒ ඔක්කොම අහන් ඉඳලා, අන්තිමට ඌට ඕන එක කරනවා. 🤣

      Delete
    7. අෆොයි. ඔයාල කියන එක හරි.. මන් කිව්වෙ පිටරට bolg සින්ඩිකෙට්‍ර්ස්ල ඔවුන්ගේ ඒවාට ඇවිත් මාසෙන් මාසෙට වගේ side ලිපි දාදා ඇවිත් මුළු බ්ලොගයාම update කරනවා. එහෙම උනානම් අපේ ඒවත් හොඳයි නේද කියල අදහසක් ගෙනාවේ. වැඩ පටන් ගත්ත නිසා bolog post දාන එක මන් පහු කරනවා. අනිත් අයගෙ කියවල ඒවාට comment කරන වැඩේ දැනට කොරනවා

      Delete
    8. හෑ, පිටරට bolg සින්ඩිකෙට්‍ර්ස්ල? එහෙම එව්වත් තියේද? ඇත්තමයි. දැකලම නෑ.
      හැකි වෙලාවක, ලින්ක් එකක් දැම්මොත්, පොඩි අදහසක් ගත්තෑකි.🤔

      Delete
    9. ළඟදිම අර පරණ යෝධයා, ලාංකීය සිතුවිලි ආපහු නැගිටිනව කියල ආරංචියක් යනවා.

      සින්ඩි ගැන ලොකු දෙයක් මං දන්නෑ. මං දාගත්තු සින්ඩිවල ලිංක් මේ සයිට් එකේ දකුණු පැත්තෙ යට තියෙනව. එයිනුත් වැඩිහරිය දැන් අප්ඩේට් වෙන්නෑ කියල පේනව.

      අර බස්ස කිව්ව වගේ, කියවන කෙනාට ආපහු ඇවිත් කියවන්න හිතෙන විදිහෙ පෝස්ට් ලිවීමත්, කවද හරි, කවුරු හරි ගූගල් සර්ච් කරනකොට පෙන්නන්න පුළුවන් පෝස්ට් ලිවීමත් වැදගත්. අනික් කාරණේ, කමෙන්ට් රිප්ලයි කිරීම. ඒක රසවත් සහ මිත්‍රශීලී වීමත්, සංවාද ගොඩනඟන කමෙන්ට් වීමත් වැදගත්. ඔය නිදි ගෙ, තට්ටයගෙ සහ බස්සගෙ වගේ බ්ලොග්වලට කෙනෙක් නිතර නිතර යන්නෙ පෝස්ට් කියවන්නත් වඩා, කමෙන්ට් කියවලා සංවාද ඇති රකගන්න. හරියට අපි පොඩි කාලෙ රෑට ඉස්තෝප්පුවට ගමේ උදවිය රැස්වෙලා ඇතිකරගන්න සංවාද වගේ...

      Delete
    10. නමියා,
      පෝස්ට් දාන එකත් කමෙන්ට් කරන එකත්, බාලන්ස් එකේ යන එක හොඳයි. කමෙන්ට් කරන්න ඇවිත් තමන් ලියන එක නතර වුනොත් ආපහු නැගිට්ටවලා ගන්න අමාරුයි...

      Delete
    11. //බ්ලොග්වලට කෙනෙක් නිතර නිතර යන්නෙ පෝස්ට් කියවන්නත් වඩා, කමෙන්ට් කියවලා සංවාද ඇති රකගන්න. හරියට අපි පොඩි කාලෙ රෑට ඉස්තෝප්පුවට ගමේ උදවිය රැස්වෙලා ඇතිකරගන්න සංවාද වගේ...//

      අඩේ ඇත්ත නෙව අප්පා? අපි ඇත්තටම ඒක නෙව කරන්නෙ? ප්‍රාජේගෙ තියරිය - කමෙන්ට් කරන්න, පෝස්ට් එක කියවන්නම අවශ්‍ය නෑ කියන එකත් මේකටම ගැලපෙනවා.👌🤔😊

      Delete
    12. ඔව්. සැරයක් කෙන්ජි කිව්වා, "ගෙදර දොරේ කටයුතු ඔක්කොම ඉවර කරලා, කම්පියුටරේ දාගන්නෙ, සමාන අදහස් තියෙන බොලා එක්ක ටික වෙලාවක් ගත කරන්ඩ" කියලා.

      Delete
  20. බොලා මේ RSS Feed අරවට මේවට ගේම දීල වැඩේ වන කල්ල හිටං දැං කියනවා අරෙම හදන්ඩ මේම හදන්ඩ කියල.
    අපි නොදන්න පුට්බෝල්!


    God job Dracky. Very helpful
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකිය රුමේනියන් කස්ටියව දම්මල තමා ගේම දුන්නෙ. උන්දලා දන්නෙ නෑ, මං බලාගෙන හිටියෙ දොරකොඩ කොස් ගහේ, හිටං. හහ්, අපි නොදන්න ජිල්බෝල්!🤣😂

      Delete
    2. හැට්ටර්,
      ඉංග්‍රීසියෙන් දාපු ටික විතරයි තේරුණේ.

      බස්සො,
      ඔව් මං ඔය කොස්ගහ කපා බිම හෙලීමට පර්මිට් ඉල්ලල තියෙන්නෙ.

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හූම්ම්... "බස්සන්ටත් අකුරු වරදී"

      Delete
  22. //ටෙක්නිකල් ප්‍රශ්න ආවොත් ...........බුරතීනෝ අමතා...//

    බුහ්-මහ සැනකෙලිය - සැඟවුනු අමුත්තා(බුරතීනෝ) සෙවීමේ තරඟය.

    තරඟ කොන්දේසි - ඔබ බුරතීනෝ මහතා සොයාගෙන, දෙකේ-දෙකේ ලීයකින් පොඩි තට්ටුවක් දමන්න. තරඟකරුවන්, වැටේ-ලී ලබා ගැනීමට ප්‍රාජේ මහතා හමුවන්න. ජයග්‍රාහක/ග්‍රාහිකාවට වටිනා තෑගි ( හංගපු මස් කට්ටක්- අනුග්‍රහය - ටොමියා මහතා, සෙවනගල ඔරිජිනල් ගුලියක්- මහේෂ් රත්නායක මහතා, පූෂා මාක් බැස්ටි දෙකක් -හැට්ටරේ ටැට්ටර් මහතා, කෑලි හයේ ටෝච් එකක් -Praසන්ன මහතා)

    ReplyDelete
    Replies
    1. තෑග්ගකට මගේ ගානේ දිරච්ච ලණුවකුත් දෙන්නද?

      Delete
    2. නරකම නෑ.😂

      මං මේ කම්පනා කොලේ. තට්ටුව දැම්මොත්, එයා ලිස්සනව, ආයෙ නැට්ටවත් අල්ලන්න බැරි වෙන්නම. අපි කියමු දෙකේ-දෙකේ පොල්ලෙන් පතබාල, ඇදන් එන්න කියලා, එහෙම හොඳද?🤔

      Delete
    3. ටොම්,
      ඔය බුරා වංගියක් බක මහ උලෙලක් හෙවත් අවුරුදු උස්සවේක සැඟවුණු අමුත්තට ඉඳලා. (අතුරු ප්‍රශ්නයක් - අමුත්තා විසන්ධි කරන්ඩ දන්නවද?) සංවිධායක මණ්ඩලේ මුට කියල නෑ අවුරුදු උස්සවේ ඉවරයි කියල. මූ තාම ඉන්නෙ හැංගිච්ච ගමං.

      නිදි,
      ලණුවක් කූරියර් කරල එවන්ඩ. කූරියර් එක එද්දි ලණුව කොහොමත් දිරල තියෙයි.

      ටොම්,
      පොල්ලෙන් දෑත බදල ඔලුවටම දෙන්ඩ තියෙන්නෙ. නැත්තං ශුවර් නෑ.

      ප්‍රා,
      අර කවුබෝයි අයිය ඇහුව වගේ, "මොකෝ හුහ් ගාන්නෙ?"

      බකස්,
      තාම ඔ්ක හරි ගියෙ නෑද්ද? ඔය අර නාන ළිඳේ පෝස්ට එකෙන් පස්සෙ නේද ඔහොම උනේ. නානළිඳ මතක් කරගෙන වියරු වැටිලා බ්ලොගර් ප්‍රොෆයිල් එකට මොකක් හරි කොරගත්ත නේ?

      Delete
    4. ම්හු...බුරා දුන්න නෙව ලැයිස්තුවක්.
      https://frozenlazyowl.blogspot.com/2021/10/blog-post_3.html?showComment=1633350265438#c7070544514700755309

      මේ ඒකෙ අන්තිම එක. සෆාරි-iOS. ඒකෙ යස අගේට වැඩ කරනවා.:)

      Delete
  23. මාත් මේ බලාගෙන හිටියේ පෝස්ට් එක එනකල්. තට්ට මාමා තමා මටත් කීවෙ.

    බොහොම ස්තුති ඕං🧡💞

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... එහෙනං හදල බලල අපටත් කියන්ඩ.

      අනික, බොගෙ වයසෙ හැටියට තට්ටයට මාම කීම බොහොම වැරදියි. තට්ටයට සීය කියල මට මාම කියහං...

      Delete
    2. එහෙම කරාට කාරි නැද්ද

      Delete
    3. මම නෙ කියන්නෙ. එක පාරක් තට්ටය අයියට සීය කියල බලහංකො. ගුටි කෑවොත් බෝ නෙ. මම යැ?

      Delete
  24. අපිට ඔවා බෑ...බෑ...අපි ඔවාට නෑ...නෑ...
    දැන් දුන්නොත් දැන් ගහනවා...(කෙමෙන්ට්)
    බෑන්ඩ් එක ගල් වුන අපි කෙමෙන්ට් කරුවෝ වෙමු

    ReplyDelete
    Replies
    1. ආපහු වරෙං බං. බොලා නැතුව පාලුයි.

      Delete
  25. ඩ්‍රැකීයෝ widget එකේ size වැඩි කරන හැටිත් කට්ටියට කිව්වනම්. ඇත්තටම ගොඩක් අයගේ පොඩි ඉඩක bolg පේන්නෙ desktop වල නේද ඩ්‍රැකී උතුමෝ.....

    ReplyDelete
    Replies
    1. "උතුමෝ" මෙහෙ නැත. :D

      විජට් සයිස් හදන්න තියෙන්නෙත් මයෙ හිතේ, තීම් එක කස්ටමයිස් කරන තැන ම තමයි. ඒකෙ "විද්" (width) හදන තැන තියෙනව ඔය හැම එකක ම පළල වෙනස් කරන්ඩ.
      අනික, පීසී තීම් එකයි, මොබයිල් තීම් එකයි දෙක ම වෙන වෙන ම හදන්ඩ පුළුවන්.

      Delete
  26. අලුතෙන් එන අයට ලොකු උදව්වක්. මේ හැමෝටමත් ආරාධනා කරනවා මේ අඩවියටත් එක්වන්න කියල. තෙරුවන් සරණයි හැමදෙනාටම!

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි